Tuesday, August 19, 2014

කළු නෝටි කෙල්ල අනර්ඝ ගීතයේ සැඟවුණු අර්ථය


හිතවතුනි හිතවතියනි අද දින ඔබ මේ එක්වන්නේ සිංදුවා කරටි කඩාගෙන විග්‍රහ කෙරෙන තේරුම් ගැනීමට අපහසු  අගනා වටිනාම උසස් ලොවෙත් නැති පස්ට ගීතයක අර්ථය ඔබේ මොළයට (එකක් ඇත්නම් පමණක්) ඉන්සර්ට් කිරීමටයි.....



මෙව්වා කියන්නේ නැතුව හිටියේ සිංදුවා කියල වැඩක් නැති නිසා ඒත් මේ ඊයේ පෙරේදා සිංදුවා බස් එකේ එනකොට සිස්සත්තේ ලියන්න යන්න ඉන්න පොඩි උන් ටිකක් පෝලිමට වාඩිවෙලා... ඔන්න බස් ටීවී එකේ යනවා සිංදුවක්. උදේ පාන්දරම අර ළමයි ටික විභාගෙට කලින් විසුවල් එකත් බල බලා මේ සින්දුව අහනවා. හැම පොඩි එකාගෙම ඇස් දෙක සින්දුවේ ! පට්ට සින්දුව ! ( හරි හරි ඒ සින්දුව ගැන තමයි අද කියන්නේ )

ඕකට කලින් මොකක්ද සින්දු කතාවක් ගිහින් සිංදුවා කන්තෝරුවේ ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවා
"මල්ලි වික්ටර් රත්නායක දන්නවද ?" 
"නැහැ" 
එතකොට තව තව අයගේ නම් කියාගෙන යනකොට යන්තම් "අමරදේව" කියල කෙනෙක් දන්නවා. දන්න අය කියන්න කිවම මූ කියනවා මෙන්න ඉරාජ් කියලා. 

ඒකත් හරි කියමුකෝ ඊට පස්සේ බුකියේ ඉන්න කොට බොලේ මරු එකක් දැක්කනේ. මේ තියෙන්නේ ඒක




කොහොමද පාර ඈ ! කොල්ලා අයියේ කියලා බොක්කෙන්ම කියලා. ඉරාජ්ගේ සිංදුවා අහලා තියෙන සින්දු වලින් සින්දු කියලා හිතෙන දෙකක් තියෙයි.  

1. දඬු වැටට කොට ඇද්ද 
2. මෙත් බෝසත් විත් 

ඒ සින්දුවගේ චාටර් කෝනෙන්නේ. අපි දැන් මේ මල්ලි බබාගේ කෝනෙන් දෙකක් දාගෙන බැලුවම, මේ සින්දු දෙක ඇරෙන්න සිංදුවා අහලා තියෙන අනිත් සින්දු ඔක්කොම ඉතාමත් ඉහල ගණයේ ඉතාමත් අගනා අරුත්බර පලබර සින්දු. ඒ නිසා සිංදුවා හිතුවා මේ ගීත අතරින් ඉතාම අරුත්බර නවතම ගීතයක් වුනු අර පොඩි ළමයි ටික බස් එකේ එන ගමන් බල බල ආපු ඒ සින්දුවේ සැගවුණු අර්ථය සොයා යන්න.






කළු නෝටි කෙල්ල
sweety මැණික මගේ
මං ඔන්න අවා
උම්මා උම්මා ඕනේ

නුඹ නැති දීපේ රස නෑ නෝනේ
තුරුලට පැනපන් මාගේ
පපුවම මගේ ගින්දර වගේ
මං හරි handsome නෝනේ
රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මාගෙ පණමයි හිතුනා

මල්මද හාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ
ඉදපන් පහසේ

කෝ-කිස් අවුරුදු
මේ මිස් අපෙ no මුදු
එනවද මගෙ ලගට වස්තු
හදහන් බලලා හදමු පෝරු
ඉකිබිච් මහත පිට්ටු
සාරි ඇදන් දාලා වළලු
Shirty  මැනික නටනවා බන්
අත අල්ලලා දුන්නා තොත්තු

අඟුරු වලට ලගම පාට කළු ලු
ඊට වඩා මගේ මැණීක සුදු ලු
මටම කැපෙන hot-ම පාට තලේළු
කියන්නේ මං විරිදු

බලන්න කොච්චර අරුත්බර ගීතයක්ද, ඒ වගේම පදමට ගැලපෙන බීටය. ෂඃ ! කොහොමත් ඉරාජ් අයියා එළ බීට් නේ හදන්නේ. බලන්නකෝ එයාම කියනවා හැම සින්දුවකම වගේ එයා එල බීට් එකක් හැදුවා කියලා.
දැන් අපි යමු මේ ගීතයට ...
කළු නෝටි කෙල්ල sweety මැණික මගේ.. 
ඔව් මෙහෙ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි නවත්තපු දවසට කෙල්ලෝ ටික ඔක්කොම කලුයි තමයි, ඒ වගේම දැන් හරිම එයාලාගේ මොලේ එන්න එන්නම මොට්ට වෙලා නිසා නෝටි තමයි, ඒත් බලන්න මගේ මැණික යන්නට sweety කියලා තවත් විශේෂණයක් ඉදිරිපත් කරලා. ඒ කියන්නේ පෙම්වතිය, එහෙම නැත්නම් සීනි බෝලේ කියන්න යොදාගත්ත පදයක්. බලන්න සීනි බෝලේ යන්න එතනට කොච්චර ගැලපෙනවද කියලා. අපිට ඒ වචන වලින් මවනවා අගනා රුවැති ළඳකගේ චිත්‍ර රූපයක් !  පට්ට සෙස්සි කළු හොට් ඇඳුම් බාගෙට ඇඳගෙන ඉන්න, ඇඳගෙන ඉන්න ඇඳුමේත් පටිය යන්තමින් ගැලවෙන්න ඔන්න මෙන්න තියෙන, තඩි පස්සක් උලුප්පලා තියෙන එළකිරි කෑල්ලක්. වැරදිලාවත් එහෙම එකක් මැවෙන්නේ නැත්නම් බය වෙන්න ඕනි නෑ විෂුවල් එකේ එහෙම එක්කෙනක් දෙන්නක් ඉන්නවම තමයි.

දැන් ඈ මේ තරුණයා ආපු ගමන් උම්මා උම්මා දෙනවා. බලන්න සින්දුවේ හරය මෙතනින් මොනවට පෙන්නුම් කරනවා. මෙවන් කෙල්ලෝ තමයි අපිට ඕනි. 
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
හිතල බලන්න මේ වගේ අරුත් සුන් ගීතයක් අපිට තේරෙනවද නෑනේ. කිකිළියක් ගැන සින්දු අල කන්නද ? කොත්තු කන්නද ? ඇරත් ගෝමරියේලු. චඃ කොයිතරම් කැතද ඒ ඇමතීම.

නුඹ නැති දීපේ රස නෑ නෝනේ
තුරුලට පැනපන් මාගේ
පපුවම මගේ ගින්දර වගේ
මං හරි handsome නෝනේ
රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මාගෙ පණමයි හිතුනා

බලන්න මේකේ තියෙන පදයට පදයක් ගැලපීම. උඩ පදය අන්තිම පදය වෙනකම් සම්බන්ධයි. බලන්න මේ තරුණයාගේ පපුව ගිණි අරගෙන... අර හාමුදුරුවෝ වගේ ගිණි තියාගෙන දුකට. කෙල්ලට කියනවා පපුවට පැනපන් කියලා. ඒ කිව්වේ කෙල්ල එනවා වතුර බාල්දියක් අරගෙන ඒ පපුවේ ගින්දර නිවන්න.
බලන්න ඒ පද වලින් අපිට මවන චිත්‍ර රූපය. නුඹ නැති දීපේ රස නෑ නෝනේ ! ඇත්ත නේන්නම් දැන් උඩම කියනවා ස්වීට් කියලා. ඉතින් ඕක හැමදාම උලා කනකොට රස ඇති. ඇය නැති වුනාම රස නෑ.

කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිදට වූයේ
පුලුස්සාගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ

මේ පද පෙලින් අපිට අර උඩ වගේ අර්ථයක් දෙන්න පුලුවන්ද ? බෑනේ. පැන් කියන්නේ වතුර. වතුරේ රහක් තියෙයිද ? ඇරත් නැවුම් කියලා රහක් තියෙයිද ? නෑනේ. රොටිය කර වුනාට ලිපට බනිනවා. මේ වගේ අරුත් සුන් ගීත ලියනවනේ මිනිස්සු. ලුණු මිරිස රහ නැත්තේ සුවර් විට කාලා වෙන්න ඇති. ඇරත් රොටී කනවද.....අඩුම ගානේ කොත්තු හරි පිස්සා හරි කාපන්. නැද්ද ? 

අර මල්ලි කියනවා වගේ ඉරාජ් අයියා අපේ පිනට පහළවුණු පහන් කණුවක්. දැන් ඒ කණුවෙන් වටේටම එලිය ලැබෙනවා කියලා පේනවා අපිට. 

"මං හරි handsome නෝනේ" මෙන්න මේ පදය සින්දුවාටත් තේරෙන්නේ නෑ ඔයිලා. හරබර වැඩියි. මම හිතන්නේ මේකේ දෙන්නේ මමත්වය ගැන අදහසක් වෙන්න ඕනි.
රොමියො ජුලියට් වාගේ අපි දෙන්නා
වෙලාවට ඉතිහාසේ උන් දෙන්නා සෙට් වෙලා නෑ. වහ බීලා මැරිලා. ඉතින් මෙතනින් අදහස් කරන්නෙත් අපිට ඒ දෙන්නා වගේ මේ තරුණයා ( දැන්නම් තරුනයද කියලත් සැකයි ) හා සෙස්සි ගෑලු ළමයත් ලබන මාසේ විතර පත්තරේ හෙඩිමට එනවා කියලා.
හැබැයි
මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මාගෙ පණමයි හිතුනා
දැන් මේ කොල්ලට අර ගින්දර අතරින් පේනවා, අර පපුවේ ගිණි දලු අතරින් පේනවා ඒ දුම වැදිලා කළු වෙලා ඉන්න කෙල්ලව. ඒ ගින්දරත් ආදරේ වගේ. ඒ නිසා තමයි ආදර දල්ලෙන් කළු වුනු කෙල්ල කියන එක මේ ලස්සනට ගලපලා තියෙන්නේ. ගිණි තියාගෙන පණ යන්න හදන වෙලාවට කෙල්ලගේ පණ හරි ගන්න හිතෙනවා කියන එක තමයි අන්තිමට කියන්නේ. 

මල්මද හාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ
ඉදපන් පහසේ

හදිසියේ හරි අර ගින්නෙන් තරුණයා මැරුනොත් තනිවෙන්න එපා වෙන කෙනෙක් එක්ක රහසින් ඉන්න කියලයි මේ කියන්නේ. කොයි තරම් උදාර අදහසක්ද ! කොයි තරම් උදාර ආදර්ශයක්ද !

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි

බලන්න මේක.කෙල්ල ගිය මේ තරුණයා ඒක කියන්න ගහන රවුම. හැබැයි මේ තරම් රවුමක් වටයක් ගහන්නේ නෑ අපේ සින්දුවේ. පේලි දෙකයි.
ලෝකෙට රහසේ
ඉදපන් පහසේ
අන්න.....ආන්න දැක්කද ප්‍රතිභාව ! 

අඟුරු වලට ලගම පාට කළු ලු
ඊට වඩා මගේ මැණීක සුදු ලු
මටම කැපෙන hot-ම පාට තලේළු
කියන්නේ මං විරිදු

දැන් බලන්න අඟුරු කළු නෑනේ, අළු පාටයිනේ, ඒ නිසා කියන්නේ ළඟම පාට කළු. (අඟුරු කළුද අළුද දකින්න ලිපක් දැකලා තියෙන්න එපෑ )  ඒත් මේක ගෑලු ළමයට  ගලපලා  තියෙන විදිය බලන්න. ළඟම පාට. නොකියා කියනවා ව්‍යන්ගාර්ථය කෙල්ල  කළු තලෙළු පාටයි කියලා.
ඒත් ආයේ කල්පනා කරනවා මේක කෙලින්ම කිව්වොත් තමයි රසය තව වැඩි වෙන්නේ. ඒ නිසා කෙලින්ම කියනවා පපුවේ ගිණි අරන් ඉන්න ඒක එක වචනෙකින් hot, ඒ කිව්වේ රත් වෙලා ඉන්න මට ගැලපෙන පාට තලෙළු කියලා.
"කියන්නේ මං විරිදු" 
බලන්න පුරාන විරිඳු සාහිත්‍යය සංස්කෘතිය මේකට ගාවන ආකාරය. 
කොයිතරම් රසවත් අර්ථවත් ගීතයක්ද අපි අතර මේ සැඟවිලා තියෙන්නේ.
පද පේලි එකට එකක් බැඳිලා අපිට ලොකු හැංගිලා තියෙන අර්ථයක් මතු කරනවා. විසිස්ටයි ! අනගිභවනීයි ! උත්ක්රුස්ටයි !

බුකියේ තියෙනවා පැණියා කියලා පිටුවක්. දවසක් ඒකෙ ගියා හිට් වෙන සිංදුවක් හදාගන්න විදියක්. මම ඒකෙ කොපියක් දාන්නම් මෙතන..(සිංදුවා මේක ගත්තේ පැණියගෙන් වුනාට තතු දන්න ඇත්තෝ කිව්වේ මේක ලියලා තියෙන්නේ "දමිත් කේතක" කියලා.)

හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු..

අවශ්‍ය දෑ :
ලොල්ලෙක් වගේ සින්දු කියන මූසල හාල් පාරුවෙක්...
නාගරික සංස්කෘතියට අනුගත වීමට දරන ලද අසාර්ථක උත්සාහයක් නිසා අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටින කෙල්ලෙක්...
මළ ගෙවල් වලට අඳෝනාවල් ලිවීමට සුදුසු ගීත රචකයෙක්...
ගායක ලොල්ලා බෝයි ප්‍රෙන්ඩ්ගේ චරිතයට රඟ නොපායි නම්, ඒ සඳහා අනුකාරක සංස්කෘතික වාදී ඔටුවෙක්...
කෙල්ලගෙ තාත්තගේ හෝ බඳින්න ඉන්න ධනවත් එකාගෙ පාට් එකට ගන්න දැක්කම මරාගෙන කන්න හිතෙන මුඩුම මූණක් තියෙන ගල් බමුණෙක්...


සාදා ගන්නා ආකාරය:
මුලින්ම ගීත රචකයා කියන එකා ලවා මූසල ප්‍රේම අඬෝ ඇඬියාවක් ලියා ගන්න.. මේ සඳහ අවශ්‍ය පොදු වචන වට්ටෝරුව පහත දැක්වේ...
" ඔයා , මම, සිත, ඔබ, ළඟ, නෙතු, කඳුළු, පාරවා, ගියා, රෑ, වෙරළේ, තනි වූ මොහොතේ, දුරින්, බලන්න, ඇයි?, මොකද, ඉන්න, දෙනවද, බැරිද, පුලුවන්ද, හැරදා, ගියා " වගේ පොදු වචන වට්ටෝරුවකි... වැඩිය හිතන්නෙ නැතුව ඒකෙන් වචන ටිකක් ගත්තාම හරිය..
ඉහත වට්ටෝරුවෙන් වචන යොදාගෙන, ඒවාට තවත් සරල වචන එකතු කර " ඔයා ගිය දා ඉඳන් මට රෙවෙන්නෙ නෑ.. දුරින් ඉන්න බෑ හත් ඉලව්වෙ... කහනවා..... මගෙ පපුව දනවා.. ඇසුත් අඬනවා... ඉස හැරුණු අතේ යනවා... ඔයා දන්නෙ නෑ මගේ පුකත් ගිනි අරන්... හද වැළපෙන හඬ ඔයාට ඇහෙනවද මගේ උම්මියේ.... ඔයා වගේ වේසියෙක්ට මම වගේ පොන්නයෙක් හද පිදූ එදා මතකද?... ඇහෙන මානෙක ඉන්නව නම් ඉන්න තැනකින් ඇවිත් මාව බේරගනින් බං.... ඔයා ගියදා ඉඳන් මගේ හතර කේන්දරේ පාලුයි... හුජ්ජ යන්නෙ නෑ මට නම්.....කකුල් රිදෙනවා... බඩ පපුව දැවිල්ලයි ඔයා සිහිවෙලා.... ඇයි මට මෙහෙම කලේ මගේ අම්මෝ, ඉන්න බැරියෝ... යන්නෙ නෑ කිව්වට උඹ ගියා නේද පරට්ටියේ.. ?" වගේ කාළකණ්ණි තේරුම් තියෙන සින්දු පඩංගු ටිකක් ලියවා ගත්තාම ටොප්ය...


මියුසික් වීඩියෝව හැදීමට පෙර මීට කළින් හිට් වෙච්ච වීඩියෝ කිහිපයක් බලා සිටීම මැනවි.... ගායක ලොල්ලා මූදු වෙරළක හෝ කඳු ගැටයක මුදුනේ ඉඳන් අත් දෙක පඹයෙක් වගේ දෙපැත්තට දික් කර කර අර ලියා දුන් පොන්න අඳෝනාව තොල් මැතිරිය යුතු අතර කැමරාව උගේ වටේ පියාඹන කෝඳුරුවෙකු සේ වරෙක ලං කරමින්, වරෙක ඈත් කරමින්, වරෙක ඌට උඩින් සහ වරෙක යටින් ඌව පෙන්නිය යුතුය... මූදු වෙරළක නම් වෙරළේ රළ ගෙඩි බිඳී, පෙණ වලින් ගායක ලොල්ලා නෑවී යන අයුරු හෝ ගායක ලොල්ලා අත් දෙපැත්තට විහිදාගෙන පිහාඹින්න හදන අයුරු පෙන්නිය යුතුය...


දැන් ඔන්න ඉතින් කථාව... කෙල්ල හැමවිටම එක්කෝ ඉස්කෝලෙ කෙල්ලකි.. නැත්තන් ටියුෂන් යනවාය... ටියුෂන් යනවා නම් ඉඳගත්තොත් ජංගිය එලියේ සයිස් කොට සාය කෑල්ලක් ඇන්දවිය යුතුය... ඉස්කෝලෙ යනවා නම් ඇඟට තෙල් ගාලා අන්දවන්න ඕන හිර යුනිපෝම් ගවුමක් ඇන්දවිය යුතුය... ඉන්නෙ බස් හෝල්ට් එකකය.. මුස්පේන්තු නලු බට්ටා ඔතනට යාලුවෝ සමග එන්නේය... ඌ කෙල්ලට ලයින් දානවා.. ඊට පස්සෙ දෙන්නා එකට ගල් බංකු උඩ, මූදු වෙරළවල, වැටකෙයියා පඳුරු යට ඉන්නවා පෙන්නන්න ඕනය.. අතරින් පතර කෙල්ලගේ කඳුළක් කම්මුල දිගේ රූටා ඇවිත් කොල්ලගේ අතට වැටෙන සීන් දෙකක් විතර තිබ්බොත් මරුය... එතනින් කෝච්චිය යනවාය... මූදේ රැළි ගහනවාය... රට කජු ඔතපු කොළ හුළඟට පාවෙනවාය...
ගෙදර ගියාම " ටීප්.. ටීප්.. ටීප්" ගාලා එස්.එම්.එස් එනවාය... කොල්ලා මර හිඟන්නෙක් විය යුතුය.. ..ඒත් ඌට පුක කසා ගන්න නියපොත්ත නැතත්, තියෙන්නේ ඉස්තරම්ම සැම්සුන්ග් ෆෝන් එකකි... ඌ ගොම්මන් වෙලාවට මඩුවට ගාල් කල හරකෙක් වගේ ගෙයි ඉස්තෝප්පු කණ්ඩිය උඩ ඉඳගෙන ඉන ඕනෑය.... කෙල්ල ගල් ෂෝටක් ගහගෙන ඇඳේ හාන්සි වී හෝ බඩ යටකරගෙන දිගා වී කොල්ලාට මල් කඩනවාය... ඒකිගේ වටේ නෝට් පොත් දෙකක් විතර හරි, ලැප්ටොප් එකක් හරි, ටැබ්ලට් එකක් හරි තියෙන්න ඕනෑය.. ඩිරෙක්ටර් බයියාට ඒවා නැත්නම් කාගෙන් හරි ඉල්ලගෙන හෝ තියෙන්නම ඕනෑය...


කෙල්ල පට්ට සල්ලි කාරියෙකි... කෙල්ල තනියෙන් හිනා වෙනවාය.. කොට්ටෙ තුරුල් කරගෙන ඔලුව දෙපැත්තට වන වන හිස්ටීරියාව හැදිලා වගේ හිනා වෙනවාය... නිකන් ඉන්න වෙලාවට ඒකි බෝනික්කෝ හෝ පුලුන් වලස්සු හුරතල් කර, කර උන්ගේ නහයෙන් අල්ලා හොලවනවාය... ඒකි නාන සීන් එකකුත් ගන්න පුලුවන් නම් වඩා යහපත්ය... ඒකි නාන බේසමක බැහැගෙන, සබන් පෙණ වලින් විලි වහගෙන, කකුල් දෙක විතරක් පෙන්නාගෙන, අල්ලට සබන් බෝළ පුම්බන සීන් එකක් තියෙනවා නම් මරුය... ඒකෙ ගැලපීමක් ඇතත් නැතත් වැඩේ නැගලා යනු ඇත...


ඔහොම ඉන්න කොට මුන් දෙන්නාව එක්කෝ කෙල්ලව බඳින්න ඉන්න සල්ලි කාර කොල්ලාට අහුවිය යුතුය... නැත්නම් කෙල්ලගේ අයියාට හෝ තාත්තාට මාට්ටු විය යුතුය.. ඒ මොක වුනත් මාට්ටු වෙන්නේ මෙළෝ බලු කපුටෙක් නැති හද්දා පාලු පාරක මුන් දෙන්නා තොඳොල් වෙවී ඇවිදගෙන යන වෙලාවටය... කෙල්ලගේ සල්ලිකාර වෙන්ට හස්බන්ඩ්, අයියා හෝ තාත්තා ලක්සරි කාර් එකක ඔතනින් යන්නේය... මුන්ව දැකලා, කණ්නාඩියෙන් බලලා, "කරාස්" ගාලා හෑන් බ්‍රේක් ඇදලා, දොර ඇරගෙන ඇවිත් කෙල්ලගේ අතින් ඇදලා "චටාස්" ගාලා ඒකිට කම්මුල් පාරක් ගැසිය යුතුය.. කම්මුල් පාර හොඳට සද්දෙ හිටින්න ගහන්න ඕනෑය... "චටාස්" සද්දෙ දෝංකාර දෙන්න ඇසිය යුතුය... කොටින්ම කිව්වොත් මේ වගේ වීඩියෝ බලන කරුමක්කාරයන්ට ඉන්න තැන්වලම චූ යන සයිස් කම්මුල් පාරක් විය යුතුය...


ඊට පස්සෙ කෙල්ල ගෙදර කාමරේට කොටු කර තබයි... කෙල්ල පැටවු මැරිච්ච නාකි වැළහින්නක් සේ අඬයි... කොල්ලා ගහෙන් වැටිච්ච රිලවෙක් වගේ විරවගෙන ඉඳියි... කොල්ලාගේ යාලුවෝ කොල්ලාව සනසන්න ඌට ක්‍රීම් සෝඩා අරන් දෙයි... ( ඕන නම් ක්‍රීම් සෝඩා එකට මොකක් හරි සමාගමක නමක් දා ගන්න පුලුහන්ය... ) ...


අන්තිමට වීඩියෝ එක ඉවර විය යුත්තේ එක්කෝ කෙල්ල ඇක්සිඩන්ට් වෙලාය.. නැත්තන් කොල්ලා කෝච්චියට, ගඟට, මූදට හෝ වැවට පැනලාය... කොල්ලා දවසක්දා පාරේ ඔහේ ඇවිදගෙන එනකොට කෙල්ල හරියටම එතනදිම කොල්ලා දිහා බලාගෙන, උගේ නම කියාගෙන පාර පනින්න ගිහින් වාහනේකට අහුවෙයි... ඊට පස්සෙ ඉතිරි ටික කරන්න අතේ සල්ලි තියෙනවා නම් හොස්පිටල් එකකට කෙල්ලව ට්‍රොලියක දාගෙන ගෙනියන හැටිත්, ඊට පස්සෙ දොස්තරලා ඒකිව ඔපරේෂන් කරන හැටිත්, කොල්ලා දණින් වැටී ඔලුවේ අත් දෙක බදාගෙන අඬන හැටිත්, කෙල්ලගේ ECG එක බිංදුවට වැටෙන හැටිත්, අන්තිමට කොල්ලා මල් පොකුරක් අරගෙන ගිහින් කෙල්ලගෙ සොහොන උඩින් තියන හැටිත් පෙන්නිය යුතුය... එතකොට මාර රොමෑන්ටික්ය... අයියලා අක්කලාගේ ජංගි තෙත් වෙන්නේ ඒ වගේ රොමෑන්ස් එකක් පෙන්නන කොටය... මාර ලව්ය... බොක්කෙන්ය... ටොප්ය... ඒ වෙලාවට සින්දුවේ උච්චතම අවස්ථාවයි... කැමරාව පිස්සු හැදිච්ච බඹරෙක් වගේ ගායක ලොල්ලා වටේ කැරකෙයි... ගායක ලොල්ලාද උගේ ලොලු කටේ හඬේ උපරිම පොන්න ගතියෙන් අඳෝනාව උච්ඡ ස්වරයට ගෙනා යුතුය....


එහෙමත් නැත්නම් මෙහෙම සීන් එකක් ගත හැක... කෙල්ල කසාද බැඳලා හයි ෆයි කාර් එකකින් හනි මූන් යයි... අර බෝයි ප්‍රෙන්ඩ් බූරු ගහලා පැරදිච්ච නාකි බයියෙක් වගේ පාර අයිනෙ දණිස්ස උඩ හොම්බ තියාගෙන ඉඳියි... ඌව දකින කෙල්ල ජනේලෙන් ඌට අඬ ගහන්න අත උස්සා "එක්කො මොකටද අද රෑට මුගෙන් ෂොට් එක වදින එක, දැන් මේ කොහෙවත් ඉන්න එකෙක් මත්තෙ නැහෙන්නේ" කියන්නා සේ නිහඬව යයි... කාර් එක ඈතට යයි... අරූ අත ගගා උම්බෑ ගායි...


දැන් වීඩියෝ එක සාදා ඉවරය... දැන් ඉඩමක් උගස් තියා හෝ මේ රටේ කරුමෙට බිහිවෙච්ච පඩත්තල රූපවාහිනි චැනල් එකකට පගාවක් දී, ඔක්කාරෙට එනකල් ඔය සින්දුව " හද රැඳි ගූ, වස මුසු ගූ, හිතක් පිරිමදින අතක්, තාරුණයයේ අහවල් එක" වගේ ගොබ්බ වැඩසටහන් වල මාසෙකට එකොළොස් දාස් වාරයක් විතර දාන්න කිව්වාම ගොඩේ ගොඩය...


ඊට පස්සේ මේ රටේ සැබෑ සාමාජීය ප්‍රශ්ණ හමුවේ නැගී නොසිට, සැලෝලයිඩ් වල අතරමං වෙච්ච, මල් මල් ලව් හීන ලෝකයක් පතන, පෞර්ෂයක් නැති මූසල හැත්තක් බෝ කරන යහපත් ව්‍යායාමයට ඔබටත් දායක විය හැක... මතක ඇතුව සින්දුව රිංග් ටෝන් හැටියටත් විකුණ ගන්න..


අර උඩ සින්දුව අහපු පාර සිංදුවාගේ වෙරි හිඳුනා බන්. අනේ අර මල්ලිට, ඒ වගේම මේ වගේ තව හිතන පොඩි එවුන්ට, ලොකු එවුන්ට මොලේ තියෙන දිහාවකින් වැඩ කර නුවණ පහල වේවා ! 




80 comments :

  1. හුකැස්...
    පට්ට ඈ...
    මේ වගේ දැනුමැත්තෝ ඉන්න කං අපි වග් උංට මොලේ පාවච්චි කොරන්න ඕනම නැති වෙයි... =D>
    හිහික්...

    :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොහොම ස්තුතියි කිව්වා. :)

      Delete
    2. https://www.youtube.com/watch?v=K1nCp3_3uxw

      ඉර๟๽ට අප๤ ໤຀ 1 original tamil song 1

      Signore Signore - Kannathil Muttamittal

      Delete
  2. ඉරාජ්, අමරදේව තෝරගන්නවට වැඩිය ලස්සන සිංදු තෝරගන්නවා. ඒක ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඉරාජ් මාකටින් දන්නවා.
      බොහොම ස්තුතියි දේසක !

      Delete
  3. ලයිව් ගයන්න බැරි එකා ගායකයෙක් නෙවෙයි
    ලයිව් වයන්න බැරි එකා වාදකයෙක් නෙවෙයි
    ලයිව් ගහන්න බැරි සින්දුව සින්දුවක් නෙවෙයි
    වංචාවක් පමණයි...................................

    ReplyDelete
    Replies
    1. //ලයිව් ගහන්න බැරි සින්දුව සින්දුවක් නෙවෙයි// එහෙම්මමත් කියන්න බෑ නේද ජීවන, හැබැයි අදහස් කරන්න හදපු දේ තේරුණා. බොහොම ස්තුතියි :)

      Delete
    2. //ලයිව් ගහන්න බැරි සින්දුව සින්දුවක් නෙවෙයි//
      මේ මතය එළිදුටුවේ ෆ්‍රෙඩී මර්කරිගේ බොහිමියන් රැප්සොඩි ගීතය සමගයි. රොක් දර්ශකවල ඉහලටම ගොස් ඇති ජනප්‍රියත්වයට පත්වූ මෙම නිර්මාණයහි රැප්සොඩිය (@2.)ලයිව් ෂෝ වල රේකොඩින් වලින් ප්‍රසංග ගත කිරීමත් සමගම සංගීත විචාරකයන් මතු කල අදහස ඉහතින් දැක්වෙයි. ලින්කුවේ වීඩියෝව 2.06 හිදී වේදිකාව අදුරේ ගිල්වා (Stage Blackout) රෙකොඩින් යොදවන ආකාරය පෙන්නුම් කරයි.
      බලන්න https://www.youtube.com/watch?v=N0dbGGvsjf8

      Delete
    3. අද කාලේ සින්දු ලයිව් ගහන්නේ නැති එකට යම් තරමක සාධාරණ හේතුවක් තියෙනවා . හැබැයි මේක සමහර ගායක ගායිකාවන් කීප දෙනෙක්ට විතරයි අදාළ වෙන්නේ . ඒත් ඒකෙ යම් තරමක සාධාරණත්වයක් මම දකිනවා . එහෙම කියන්නේ මම ක්ෂේත්‍රයේ ප්‍රවීණ අය ආශ්‍රය කරපු කෙනෙක් විදියට .

      ඉස්සර කාලේ ගීත ගායනා කෙරුනේ ගුවන් විදුලියේ . ඒ නිසා ගායකයගේ හෝ ගායිකාවගේ මූණ පෙනුනේ නෑ රසිකයින්ට . ඒ නිසා එයාලා තමාගේ භාව ප්‍රකාශනයෙන් ගීතයට දක්වන සහය එතනදී අදාළ උනේ නෑ . එත් අද කාලේ ප්‍රසංග වලයි ටීවී වලයි මේ ගීත ගායනා වෙනකොට එයාලට මේ ගීතවල රස භාව ප්‍රකාශනය මුහුනෙනුත් දෙන්න සිද්ද වෙලා තියෙනවා . මම දන්නේ නෑ ඔබ ගීත ගායනය ගැන හදාරලා තියෙනවද නැත්ද කියලා . මම දන්න තරමින් ගායනාවක් කරනකොට අදාළ ස්වර වලට ගමන් කරනකොට ගායකයාගේ ඇගෙන් ඉතාම බරපතල විදියට ඒ ස්වරය කරා ගමන් කරන්න ආතතියක් ඇති කරනවා . සමහර වෙලාවල් වලදී මේ ආතතිය නිසාම ස්වර පරාසයන් වෙනස් වෙලා ගායනය අසාර්ථක වෙනවා . ඒ නිසා ගායනා කරනකොට සාමාන්‍යයෙන් ගායකයින් මුහුණේ ඉරියවු වලින් මේ ආතතිය පෙන්නනවා . නැත්නම් අත වනලා මේ ආතතිය ඒ විදියට පිට කරලා ස්වරය හරියට ගායනා කරනවා . අපි වයලීන් වාදනය කරනකොටත් එහෙමම තමයි . වාදනය ඉදිරිපත් කරනවා කියලා එලියට හොඳට ලස්සනට පෙනුනට ඒ වෙලාවට ඒ ඒ සංගීත කන්ඩ එක්ක ඇගෙන් එන ආතතිය සමහර වෙලාවට දරාගන්න අමාරුයි . එහෙම උනාම තමයි අපිත් එහෙට මෙහෙට වැනිලා ආතතිය පිට කරලා වාදනය හරියට කරන්නේ .

      ගායකයින් ගායිකාවන් එහෙම ගායනා කරනකොට ගායක ගායිකාවන්ගේ මුහුණු සමහර වෙලාවට විකෘති වෙනවා . මේ විකෘති වීම නිසා එයාලා විශ්වාස කරනවා රසිකයින් තමන්ට තියෙන ප්‍රිය මනාප බව ඒ නිසා අඩුවෙයි කියලා . ඒ නිසා එයාලා පෙලඹෙනවා පටිගත කල ගීත වාදන වලට කට හොලවන්න . මේකේ යම් තරමක සාධාරණත්වයක් තියෙනවා . තමාගේම මුල් ගායනයට පස්සෙත් තමාම කට හොලවන එක වැරදියි කියලා මම නම් හිතන්නේ නෑ . මොකද කලින් , හරි විදියට ගීතය ගායනා කරෙත් ඒ ගයකයා හෝ ගායිකාවම නිසා . මේකත් එක එක අය තම තම නැණ පමණින් දකින නිසා කැමති විදියට හිතන්න පුළුවන් .

      වාදකයින් උනත් එහෙමම තමයි . මොකද කිසිම වාදක මණ්ඩලයක නුපුහුණු ශිල්පියෙක් වාඩි කරවලා ගීත වාදනය කරන්නේ නෑ . මම වයලීන් ගහන නිසා කියන්නේ අපේ දක්ෂම වාදකයා ඩී ඩී ගුණසේන මහත්මයා . එතුමාගේ ප්‍රවීනත්වය හැකියාව පිළිබඳව ආයේ කතා දෙකක් නෑ . ඒත් එතුමත් කලින් පටිගත කල ගීත වාදන වලට වයලීනය නිකන් වාදනය කරන්න ඉන්නවා මම සමහර තැන් වලදී දැකලා තියෙනවා . එහෙම කරාම එතුමා ලංකාවේ දක්ෂතමයා කියන තැනින් අයින් කරන්න පුලුවන්ද ? .ඔබ මේ කියන කතාව එක එක්කෙනාට අනුව සාපේක්ෂයි .

      Delete
    4. මචන් මම එකග වෙනවා ප්‍රාසාංගික බව රැකගැනීම සඳහා පටිගත කල වාදන වලට කට හොලවන ප්‍රසංග සම්බන්ධව.
      නමුත් මොන ආකාරයටවත් සජීවීව ගායනා කල නොහැකි ගීත සම්බන්ධවයි ඉහතින් කාරුණි දක්වා තිබෙන්නේ.
      තාකෂනිකව කටහඬ වෙනස් කර කොටස් වශයෙන් පටිගත කල ගීතයක් නැවත සජීවීව ගායනය කරන්නේ කොහොමද. සදහටම කට සෙලවීම පමණයි කල හැක්කේ. ගායකයාට නැවත ගායනය කල නොහැකි ගීතය රසිකයකු ගායනය කරන්නේ කෙසේද.
      ඉහත ලින්කුවේ දක්වා ඇති ගීතයහි සමහර කොටස් (රැප්සොඩිය) තාක්ෂණිකව කට හඬ වෙනස් කරන ලද්දක්.
      ලොව හොඳම සජීව ප්‍රාසාංගික ගායකයා ලෙස සංගීත සඟරා මගින් හඳුන්වන ෆ්‍රෙඩී මර්කරි පවා විවේචනයට ලක් වුයේ නැවත ගායනය කල නොහැකි කොටස් කිහිපයක් ඇතුලත් බොහිමියන් රැපසෝඩි නංවූ මහා නිර්මාණය නිසාය. මෙම නිර්මාණය තුල පවතින එකල ඩේස්ටෝෂන් ගිටාර් වාදන දෙක ලොව හොඳම එකල වාදන 10 අතරට ගියත් මෙම නිර්මාණය ලොව හොඳම රොක් ගීත 10 අතරට ගියත් කටහඬ වෙනස් කල කොටස් ගීතයේ වටිනාකම පහත හෙලීමට හේතු විය.

      Delete
    5. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔය " මහා " නිර්මාණ කියන වචනෙන් ඔයා අදහස් කරේ මොකද්ද කියලා ?

      Delete
    6. මෙම ගීතයෙහි එකල ඩේස්ටෝෂන් ගිටාර් වාදන දෙක ලොව හොඳම එකල වාදන 10 අතරට යාම සහ ලොව හොඳම රොක් ගීත 10 අතරට නිර්මාණය පත් වීම තුල GRAND LEGEND තත්වයට පත්වීම.

      Delete
  4. කියවන්න එද්දි හිතුවෙ වයලිනෝගෙ අස්පට් විචාරයක් කියල. බලද්දි සිංදුවා ක්‍රියේෂන් එකක්නෙ. මේක මරු හලෝ.
    :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් බොහොම ස්තුතියි බස්සි ! :)

      Delete
  5. මේකයි සීන් එක එක එක්කෙනාගේ රසවින්දන පරාසයන් වෙනස්. කෙනෙක් අමරදේවට කැමති වෙනකොට තව කෙනෙක් ඉරාජ්ට කැමති වෙනවා. අපේ රටේ සංගීතයේ අමරදේවත් ඉරාජ් වගේ අයත් පවතින්නේ ඒකයි. ඉරාජ්ට කැමති අය ඉරාජ්ට හොඳයි කියනකොට අමරදේවට කැමති අය අමරදේව හොඳයි කියනවා. අමරදේව සෙට් එකට ඉරාජ් සිංදුත් ඉරාජ් සෙට් එකට අමරදේව සිංදුත් දිරවන්නැතිව යනවා. ඒ නිසා මම නම් ඔය ඕනෙම වර්ගෙක සිංදුවක් රසවිඳින්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
    Replies
    1. සිරා. ජීවිතේ සිම්පල්. නිකං වලිගේ පාගන් කෑ ගහනවට වඩා :D තමං කැමති සින්දු අහලා හිටාල්ලා. ඉවරනේ. පේස්ට්‍ර් කන්න ආසා එකාට පේස්ට්‍ර් කන්න එපා කියනව වගේ වැඩක් මේක. මාත් ඕනි එකක් අහනවා. එව්ව තියෙන්නෙ අහන්න. මිසක් අදහන්න නෙවේ :D

      Delete
    2. me comment eka dapu eka Iraj da koheda, ara uda image ekak tiyenne " insert brain here kiyala, eka daganin profile pic ekata

      Delete
    3. මහින්දයා රටම කද්දී කටවහගෙන ඉන්න පිම්පියෝනේ උබලා ඉතින්

      Delete
    4. අැනෝ අැවිත් අැණ වෙන්නේ මොකටද? ඔන්න අපි රියල් ම අාවා.
      මේකයි මචංලා සීන් ඒක.
      රස වින්දනයට තේරුමෙන් වැඩක් නැතුව අැති බං. අපිත් ඔව්වා අහනවා තමයි. ඒත් බං, තේරුමක් නැති දේක තේරුමක් නෑ කියලා පිලිගන්න ඔච්චර පසුබට වෙන්නෙ අැයි. අවංකවම අර
      1. දඬු වැටට කොට ඇද්ද
      2. මෙත් බෝසත් විත්
      සිංදු දෙක අැරුනාම ඒ මනුස්සයා කරපු කිසිම සිංදුවක කිසිම තේරුමක් නෑ නේ බං.

      Delete
    5. ඇනෝ කියන්න හදන්නේ එක එක කැටගරි එහෙම නැත්නම් සෝන්ග්ස් ස්ටයිල්...ඒ කිව්වේ විවිධ සංගීත ප්‍රබේද වලට එක එක අය කැමතියි කියල වෙන්ට. එහෙම නම් තියෙනවා තමයි. රාගධාරී සංගීතයට හැමෝම කැමති වෙන්න ඕනි කිව්වොත් ඒක මේ වගේම විහිළුවක්. ඉරාජ්ලගේ වගේ හිපොප්, තව සොෆ්ට් රොක්, හාඩ් රොක්, කන්ට්‍රි, රෙන්ගේ ...... අනන් මනං ඔක්කොම තියෙන්න ඕනි. නිර්මාණ වෙන්නත් ඕනා.
      මට මතුකරන්න ඕනි ඒ පොයින්ට් එක නෙවෙයි බන්. මම හිතපු දේ කියලා තියෙයි මේ ගයාන්. හිතල බලන්න අර කොල්ලෙක් හිතාගෙන ඉන්න හැටි.. මම හිතන්නේ ඌ දන්නේ නෑ මීට වඩා සින්දු තියෙනවා කියලා. උගේ වැරැද්දමත් නෙවෙයි, මේ හැම වර්ගෙම ගීත එක හා සමානව ප්‍රචාරය වෙන්නයි තියෙන්නේ. දැන් අපේ කරුමෙට ඒක වෙන්නේ නැති වුනාට. මිනිහා හිතාගෙන ඉන්නේ අද කාලේ ඉන්න අයට ගොඩක් දේවල් ඒ සින්දු වල ඉගන ගන්න තියෙයි කියලා.
      නිකමට හිතලා බලහන්කො ඒ කොල්ලගේ ට්වීට් එකේ තියෙන බරපතලකම.
      ඇනොලා සෙට් එක ගයාන් බොහොම ස්තුතියි !

      Delete
    6. අනේ ස්තූති එපා සිංදුවා!! අපි කොහොමත් හරි දේ හරි කියලා පිළිගන්න එපැයි. නේද?? :)
      ශබ්ද රසය අතින් සහ රිද්මය අතින් මේ දැං කාලෙ සිංදු හොඳට "ඇඟට දැනෙන" බව ඇත්ත ("හදවතට" දැනෙන්නෙ නෑ. රිද්මය වේගවත් වැඩි නිසා සහ අර්ථය මුලුමනින්ම වගේ හරසුන් නිසා. :(
      ඒ වුණත් වේග රිද්ම නිසා ඇඟටනම් වදිනවා. :-rap :-da ඒකනෙ අපිත් එව්වා අහන්නේ).

      ඒ වුණත් ඉඳලා හිටලා හරි, අර්ථවත් හරවත් සිංදු අහන්න ඕනෙ. අරුත්බර උසස් රසවින්දනයට හුරු වෙන්න ඕනෙ.
      රාගධාරි සංගීතය විතරක්ම නෙවෙයි, රංවල මහත්තයගෙ සරල ජනගී ශෛලිය තුළ පවා හොඳ තේරුමක් ඇති, රටට සමාජයට පණිවිඩයක් දෙන සින්දු තමයි තිබුණෙ. g-)

      තේරුමක් ඇති ඒවා ඉතින් වේග රිද්ම නොවෙන නිසා (භෞතික විද්‍යාවෙන් බැලුවත්) හදවතට දැනෙනවා. නිස්කලංක විවේකී හදවතක් ගැහෙන වේගය ඒ රිද්මයට සමීපයි. :-pi

      ඒත් ඉතිං ඒවා දැනෙන්න කෝ විවේකී නිස්කලංක හදවත් දැං කාලෙ එවුන්ට??? ඕකයි මූලිකම ප්‍රශනෙ. ;-)

      අර ට්වීට් කරල තියෙන මල්ලි (ද අයියද මොකාද එකා) ගැන නම් ඉතින් d( අනේ මංදා ඈ!! :-?

      නිස්කලංක නෙවෙයි, අඩුතරමෙ චංචල හදවතක් වත් නැතුව ඇති. :-vi ඒ සිංදු වල සංඛ්‍යාත මොලේ ක්‍රියාකාරිත්වයට සමීප වෙලා මොලෙටම වැදිල ඇති. :-gr ඒකනෙ එව්ව හොඳ තේරුමක් තියෙන සිංදු c-) විදිහට පේන්නෙ එයාට.

      අහෝ සිංහල =D> !!!!!

      Delete
    7. වරෙන් යන්න අපිත් එක්ක
      කන්න බොන්න හිනාවෙන්න
      බයිලා නැත්තම් හිප්හොප් කියන්නම්
      ඔළුවෙන් හිටගෙනම...

      සතයක් වත් නැතිව නොමිලේ,
      හොදට හිනාවෙන්න...
      සල්ලි කියා තම මල්ලි මරාගෙන..
      රණ්ඩු කරාගෙන ජීවත් වුන අය
      ගැන ඇහුවා - දැන ගන්තා - කල කිරුණා..

      බඩට ගැහුවෙ කවුද - ඔරවන්නේ මොකද..
      චණ්ඩි කියාගෙන - ගැන්සි හදාගෙන - සද්ද දමාගෙන
      දත්නැතිව බත් කාපු අය දැකල දුක හිතුනා..
      පරක්කු නෑ තවම - හිත හදාගන්න බැරිද..
      වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
      බකන් නිලන් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක.....

      ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න..
      සාක්කු වල මොනරු ගේන්න..
      "YES" පහයි "NO" තුනකුයි ඇති
      කෙල්ලෙක් දා ගන්න..

      ජීවත් වෙන්න..
      ජීවය මෙන්න..
      මෙන්න මෙන්න ජී..වත් වෙන්න
      ජී..වය මෙන්න....

      කදුළු පුරවාගෙන‍ - දවසම අඩන්නේ මොකටද
      බොක්කෙන්ම ලව් කරලා - බැනල බෙර ගහල
      ලොවට පෙන්නාපු කෙල්ලො
      හලපු පොරවල් දැක්කා..
      තැන් තැන්වල පච වෙනවා..

      වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
      ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු
      සුදු ඇදුම ඇදගෙන - අසරණයට දඩුවම් කෙරුවා
      පරක්කු නෑ තවම - අපිට වෙනස් වෙන්න බැරිද
      වරක් කිව්වා හොද සැපක් ඕනෙ නම්
      බකන් නිලන් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක.../

      ජීවත් වෙන්න -
      මෙන්න මගෙ අත ගන්න
      විදින්න ආදරේ ලබන්න..
      ආදරේ කරන්න..
      ඉතින්, වරක් කිව්ව හොද සැපක් අරන්
      හෙට මැරිල ගියත් මොකද..

      වරෙන් යන්න අපිත් එක්ක
      බැරිනම් ගෙදරට වෙල ඉන්න
      බැනුම් අහල මදි වගෙ නම්
      ගෑනුන්ගෙන් ගුටි කන්න..
      (කව්ද කිව්වෙ)
      ඩෙනිම් ඇදන් ජෙල් ගා ගන්න
      සාක්කු වල මොනරු ගේන්න
      "YES" පහයි "NO" තුනකුයි ඇති
      කෙල්ලෙක් දා ගන්න

      ජී...වත් වෙන්න ජීවය මෙන්න මෙන්න..
      ජී...වත් වෙන්න ජීවය මෙන්න මෙන්න..

      ගායනය, පද රචනය හා සංගීතය - ඩැඩී(DADDY)

      Delete
    8. පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහලද්වීපේ
      මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ
      මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා ‍එක්ක අනේ ඇය් කෝපේ
      ඇන්නෑ ඊර්ෂ්‍යා
      මුන්ගේ මෝඩකම් පේනා

      සංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමැයි
      දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
      නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන්
      ඉලගෙයිරංගේ මාගෙන් තේරේ

      නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
      ගායනය -විජේරත්න වරකාගොඩ

      Delete
  6. මරේ මරු.කියන්න ඕන දේ කන පැලෙන්නම කියලා තියනවා. සුපිරි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විමුක්ති :)

      Delete
  7. මාත් එකක් ලිව්වා
    http://harithanimnaya.blogspot.com/2014/05/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි මේක දැක්කේ දැන්නේ ! පස්ට පස්ට !

      Delete
    2. මේක නම් සිරාවටම පට්ට මචං

      Delete
  8. හොහ් හොහ් හොහ්....පස්ට ඈ.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොල්ලා !

      Delete
  9. මේවා කියලා වැඩක් නෑ මලයෝ. වැල යන පැත්තට මැස්ස ගහනවා මිසක්.

    ReplyDelete
    Replies
    1. මේ යන හැටියට තව ඉස්සරහට වැලකුත් නෑ මැස්සකුත් නැති වෙනවා සුදීක අයියේ ! බොහොම ස්තුතියි !

      Delete
  10. අපි නොදන්න ලයිව් එකේ පැරඩි රියල් උනා අන්තිමට. ඒ වගේ මේවත් සිරා අරගෙන් ගෙම්බො තව පිම්බෙයිද කියන එකයි භය!

    ReplyDelete
    Replies
    1. ගෙම්බගෙම වෝල් එකේ නේන්නම් මේක දාලා තිබුනෙත්. :D කියලා වැඩක් නෑ. ඒ කාලේ විහිලුවට කියපුවා...පිස්සු හැදෙනවා නෙහ් ! බොහොම ස්තුතියි :)

      Delete
  11. මේකේ දාලා තියෙන කමෙන්ට් වලට මට දැන් දෙතුන් පාරක්ම පුරුද්දට වගේ රිප්ලයි බට්න් එක ක්ලික් උනා . හඃ හඃ හඃ ආතල් ඔයි කියලා වැඩක් නෑ . පැණියගේ සින්දු හදන හැටිනම් කියවන්න බෑ ආයෙත් , ඕක ඉස්සෙල්ලම කියවලා හිනාවෙලා බඩ පපුව පැලෙන්න ආවා .
    වෙලාවට මේ සින්දුව තාම අපේ අකලංකයට ක්ලික් වෙලා නෑ .

    ReplyDelete
    Replies
    1. ඌ නම් බේරෙයි උඹ ඉන්න නිසා...උගේ වයසේ එදා බස් එකේ ගියා වගේ අනිත් උන් තමයි බන් පව්. මමත් හැමවෙලාවෙම කියවලා හිනා වෙන එක පැනියගේ සින්දු හැදිල්ල ඕයි. :D :D

      Delete
  12. සිංදුවකට මහා තේරුමක් තියෙන්නම ඕනද?

    මිනිස්සුන්ගෙ රස වින්දන පරාස වෙනස් මගේ පරාසයට වෙන කෙනෙක්ගෙ පරාසයක සංගීතයක් ගැලපුනේ නෑ කියල ඒක නරක වෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. "මහා" කියලා අදහස් කරන්නේ මොකක්ද නිශ් ? සිංදුවකට තේරුමක් තියෙන්න ඕනි කියලා මම විස්වාස කරනවා.
      තේරුමක් නැති සිංදුවකට වඩා හොඳයි ඔකෙස්ට්‍රා එකක්වත් කරන එක.
      රස වින්දන පරාසය මනින්න ගන්න මිනුම් දඩු මත ඒක ඩිපෙන්ඩ් වෙනවා. අර්ථය කියන මිනුම් දණ්ඩ අයින් කලොත් ඒක නරක වෙන්න බෑ.

      Delete
    2. මහා තේරුම්ක් කිව්වෙ ඔය දැන් මේ පෝස්ට් එකේ ගලපල පෙන්නල දීල තියෙන්නෙ අන්න එහෙම එකක්.

      සංගීතයට අර්තයෙන් ඇති පලේ මොකක්ද? අර්තය වැදගත් නම් ඉතින් සිංදු අහන්න ඕනද? ඔය අර්තවත් ලියවිලි තියෙන්නෙ ඕන තරම් කියවන්න දේශන තියෙන්නෙ අහන්න.

      සිංදුවක මූලික වෙන්න ඕන පද පෙලද තාලයද?

      Delete
    3. //සංගීතයට අර්තයෙන් ඇති පලේ මොකක්ද? අර්තය වැදගත් නම් ඉතින් සිංදු අහන්න ඕනද? ඔය අර්තවත් ලියවිලි තියෙන්නෙ ඕන තරම් කියවන්න දේශන තියෙන්නෙ අහන්න.//
      ඉතින් එහෙනම් සිංදුවට පද නොදාම කියන්න පුළුවන් නේද ?
      නිකන් වචන සෙට් එකක්වත් නොදා, තාලයම පෙන්වලා නිකන් ඉන්න පුළුවන් නෙහ් !

      ගීතය සහ සංගීතය කියන්නේ දෙකක් . සංගීතයට වාච්‍යර්තයක් නෑ . සංගීතයේ තියෙන්නේ ධ්වනිතාර්ථයක් විතරයි . ඒ ධ්වනිතාර්තයෙන් තමයි සංගීතය නිසා මිනිස්සුන්ගේ සිත්වල දුක සතුට විරහව වගේ හැගීම් ඇතිවෙන්නේ . ඒත් ගීතය කියන්නේ වචනත් එක්ක යන දෙයක් . ගේය පද රචනාවට සංගීතය එකතු වෙලා ඒක ගීතයක් වෙනවා . මේ ගේය පද රචනාවට තේරුමක් නැත්නම් සංගීතය මගින් ඇතිවෙන ධ්වනිතාර්ථය ඉස්මතු වෙන්නේ නෑ . එහෙම ධ්වනිතාර්ථය විතරක් ඉස්මතු කරන්න ඕනනම් කැමති කැමති වචන දාලා ගීත නිර්මාණය කරන්න පුළුවන් . ඒත් ඒවා අහන කෙනාගේ ඔලුවට යන්නේ තේරුමක් නැති අර්ථයක් .

      ඔය වැඩි හරියක් බූට් සින්දු හිට් වෙන්නේ ඇයි කියලා නිශ් දන්නවද ? නිශ් හිතනවද ඒවාට කට්ටිය කැමති නාද රටාව එහෙම නැතනම් තාලය විතරක්ම නිසා කියලා ? සිංදුවකට ඔය දෙකම ඉතාම වැදගත්. එතැනදී මූලික වෙන්නේ මේකයි කියලා කියන්න බෑ කියලයි මම හිතන්නේ.

      Delete
    4. නිශ් සංගීතය කියන්නේ මොකක්ද? ලංකාවේ මිනිස්සුන්ට සරල ගීතයෙන් එහාට සංගීතය රස විඳීමේ තියෙන හැකියාව කොච්චරක් දුරකට තියෙනවාද? මේ විදියට ගියාම අපි එතැනින් තව ඉස්සරහට යයිද? නැතිනම් තවත් අගාධයකට යයිද? 

      Delete
    5. සිංදුවා.

      // ඉතින් එහෙනම් සිංදුවට පද නොදාම කියන්න පුළුවන් නේද ?
      නිකන් වචන සෙට් එකක්වත් නොදා, තාලයම පෙන්වලා නිකන් ඉන්න පුළුවන් නෙහ් ! ///


      මේ වගේ හරයක් නැති තර්ක වලට උත්තර දෙන්න කොටන යුනිකෝඩ් අපරාදේ.
      ඒත් ඉතින් පද පෙලක් නැති සිංදු තියෙනවද? පදපෙලක් නැති සංගීතය නම් තියෙනව නැත්තෙ නෑ. තාලයම පෙන්නන අවස්තා ඕන තරම් ඔය තියෙන්නෙ ප්‍රබුද්ධ ඔබ මන් හිතනව අඩුමගානෙ එක සිම්පනියක් වත් අහල ඇති කියලා.

      මම කියපු දේ ඔබත් එහෙම්ම පිලිගෙන තියෙනව නේ ඉතින්.
      ඔතනදි අපි වෙනස් වෙන්නෙ එක දේකින් නේ මම කියනව අර්තයක් අවශ්‍ය නෑ කියල ඔබ කියනව ඕන කියල. හැබැයි මතක තියා ගන්න ඔබ ඔය මේ ලිපියෙම උදාහරනයට ගතිපු ප්‍රබුද්ධ ගායකයන්ගෙත් සමහර ගීත තියෙනව මෙලෝ අර්තයක් නැති.

      බූට් සිංදු වලත් ඔබ් හොඳින් බලන්න හිට් වෙලා තියෙන්නෙ නාද රටා නිස විතරමයි. මූලික වෙන්නෙ නාද රටාව ඊට පස්සෙ තමා ඕන කෙනෙක් තෙරුම සොයන්න යන්නෙ.

      කොහොම උනත් ආයේ මම පැහැදිලිව කියනව අපේ රස වින්දන පරසය පුලුල් වුන තරමට අපිට ඔය හැමදේම රස විදින්න පුලුවන්. ඒක ඉරාජ්ද අමරදෙව මාස්ටර්ද නෙවේ මට නම් වැදගත්. ඒ නාදරටාව පමනයි

      Delete
    6. නිශ් සංගීතය කියන්නේ මොකක්ද?
      ලංකාවේ මිනිස්සුන්ට සරල ගීතයෙන් එහාට සංගීතය රස විඳීමේ තියෙන හැකියාව කොච්චරක් දුරකට තියෙනවාද? මේ විදියට ගියාම අපි එතැනින් තව ඉස්සරහට යයිද? නැතිනම් තවත් අගාධයකට යයිද?


      ඇයි අපි ඉස්සරහට යන්න ඕනි ඔය ශාස්ත්‍රීය සංගීතය පැත්තට විතරද බන්?
      අනික ඇයි ලංකාවෙ මිනිස්සු විතරක් විශේෂ කරල ?
      අපි අහන අපි කැමති දේ ද අනිත් හැමෝම අහන්න ඕනි?

      ඒක පුද්ගල කැමැත්ත. මම කැමති නෑ කියල නිර්ධය ලෙස විවේචනය කරන එක වැරදියි. අන්ත දෙකක් සංසන්දනය කරන එක වැරදියි.

      Delete
    7. නිශ් ඔය හිතන පුද්ගල වන්දනාවක් මම කරන්නෙ නෑ. මම කියන්නේ නෑ නොවැ නිශ් ඔය කියන ප්‍රබුද්ධ ගායකයන් හැම කෙනාගෙම ගීත අර්ථවත් කියලා. අනික හැමෝගෙම ගීත ඔක්කොම මම අහලා තියෙයි කියලත් මම හිතන්නේ නෑ.
      නිශ් කියන විදියට "රස වින්දන පරාසය පුළුල් අය" රසවිඳින්නේ නාද රටාව නිසා තමයි මම කිව්වේ පද එහෙනම් අවශ්‍යම නෑ කියන එක. මොකද ඒ අය රසවිඳින්නේ නාද රටාව පමණක් නිසා. එහෙම අයට වෙනම ඇත්තටම සංගීතයක් තියෙනවා. සිම්ෆනි ලංකාවේ මිනිස්සු අතලොස්සක ප්‍රමාණයක් අහනවා. එයාලගෙනුත් තව අතලොස්සක ප්‍රමාණයක් ඒකෙ අර්ථය වටහා ගන්නවා.නමුත් බහුතරය රසවිදින්නේ එය නෙවෙයි.

      කවුරුවත් නාද රටාවක් හදලා ඒකට තමන්ට හිතෙන කිසිම ගැලපීමක් නැති වචන සෙට් එකක් දාලා ඒකට මෙන්න ගීත කියනවනම්...පව් කියලා හිතෙනවා ඉතින්.

      ගීතයක රසවින්දය පුළුල් විය යුත්තේ ඔබ කියන නාද මාලාව අංශයෙන් පමණක් නෙවෙයි. නාද මාලාව සමග රසිකයාට දෙන අදහසත් වැදගත්. ඒ අදහස දෙන්නේ පද මාලාවෙන්. සමහරවිට නාද මාලාවට වඩා පද මාලාවට පුද්ගල බලපෑමක් හෝ සමාජමය බලපෑමක් කිරීමේ හැකියාව වැඩියි. ඒ නිසා ඒ පද මාලාව අර්ථවත් විදියට පාවිච්චි කරන්න ඕනි.

      බූට් කාපු එකෙක් නාද මාලාව නිසා මේක බූට් සිංදුවක් කියලා දැනගෙන ඊට පස්සේ ඒකෙ කියවෙන දේ ඇහුවනම් අද බූට් සින්දු හිට් වෙන්නේ නෑ මෙච්චර. මොකද හිට් වෙලා තියෙන සින්දු ගොඩක එහෙම බූට් නාදමාලාවක් නෑ.

      Delete
  13. උඹට දෙයියන්ගෙම පිහිටයි.

    මසුරං කත‍ා ටික. සුපිරි.

    ගොං සිංදු කියන හරක්ගේ පේජ් වලට දැම්මනම් මරේ මරු කත‍ාව..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොහොම ස්තුතියි ඇනෝ !

      Delete
  14. "හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු.."

    ලිව්වේ දමිත් කේතක.. හැකි නම් එය සඳහන් කරන්න... පැණියා පේජ් එකේ නම නොදා දැම්මා නම් එය නිර්මාණ මංකොල්ලයක් ලෙස දැකිය හැකියි!

    ReplyDelete
    Replies
    1. එළකිරි හැදුවා ! මම දන්න අඳුරන කෙනෙකුත් දැන් කිව්වා ඒක. ටැංකු ඇනෝ

      Delete
  15. මේ මාත්තුරුකාවෙන්ම මාත් මොන මොනා හරි ලිව්වා මතකයි ආදි කාලේ.. දැන් හිට් වෙනවා නම් රෙන්න බර හරි මාකට් කරාම මදෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . මම අන්තිම පේලියේ ලියන්න ආපු මුල කාලේ පෝස්ට් එකක් තිබුණා . මොකක් හරි ට්‍රිප් එකක් යන ගමන් සින්දු කිව්ව කතාවක් වගේ මට මතක .

      Delete
    2. හඃ හඃ හඃ සිරා සිරා. ඒ හින්දා තමයි සින්දු විතරක් නෙවෙයි නාට්‍ය, වැඩසටහන් හැම එකක්ම ගුණාත්මකබව කියෙන එකෙන් මිදිලා..බොහොම ස්තුතියි ජෙමයියේ !

      Delete
  16. එක එක්කෙනාගේ රසවිංදනය වෙනස් නේ.. අද තියෙන්නේ ඉතින් නටන්න පුළුවන් ඕනම සිංදුවක් හොදයි කියන රසවිංදනය..

    මරු බං විඩියෝ කේස් එක.. සිරාවට දැන් බලන හුඟක් ඒවා ඔහොම තමයි.. ඔය විඩීයෝ වගයක් ගැන මාත් පෝස්ට් එකක් ලියන්න හදලා පස්සේ ඒක අත ඇරලා දැම්මා..

    ReplyDelete
    Replies
    1. අපරාදෙනේ ලියන්නයි තිබුනේ. ආයේ ගට්ස් අරන් ලියලා දාන්න. ඔය රසවින්දනය වෙනස් කොරන්න ඕනා කෝමහරි.

      Delete
  17. නියම පොස්ට් එකක්. අපේ පරම්පරාවෙත් හොද බුද්ධි මට්ටමක් තියෙන අය ඉන්නව එහෙනම්. නමුත් ගොඩක් ඉන්නෙ ශබ්ද රසයට විතරක් කමති අය. රසයෙ වෙනස නෙමෙයි බුද්ධි මට්ටමෙ වෙනස ඕකට කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න word එක. "රසයෙ වෙනස නෙමෙයි බුද්ධි මට්ටමෙ වෙනස" :-f

      Delete
    2. හෙහ් හෙහ් අර සන්නස්ගල කිව්වේ "ප්‍රේමවතී මනම්පේරේ තරුණිය" සින්දුව කිව්වට පස්සේ කට්ටිය කියනවාලු වන් මෝර් කියලා. සබ්ද රසය සබ්ද රසය !

      Delete
  18. ලඟදි පොර කාන්තා ඉස්කෝලෙක ඔය උම්මා දෙන්න ගිහිං නාගෙන තිබ්බ නේ ලෙසටම

    ReplyDelete
    Replies
    1. ඔව් බන් අර බේබි නාමල් එක්කනේ ! :D යන්තම් කෙල්ලෙක් ඉස්කෝලේ බේරගන්න ඉඳලා !

      Delete
  19. මම හිතන්නේ පාන් පුච්චනවා වගේ ස්කේල් එකට සින්දු ලියන්න ගියාම...
    අර සින්දු ලියන ක්රමේ නම් මරේ මරු

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඒක මරු උපමාව. අනිවා සුපිරි අයිඩියා එකක් !

      Delete
  20. https://www.youtube.com/watch?v=K1nCp3_3uxw

    ඉරාජ්ට අපු බිට් 1 original tamil song 1

    Signore Signore - Kannathil Muttamittal

    ReplyDelete
    Replies
    1. එහෙමද ! කොපි කලත් මොකෝ හරිහමන් තෙරුමක්වත් තියෙයිනම්

      Delete
  21. ගුටි කන්න වෙයිද දන්නේ නෑ මේ කමෙන්ට් එක කොටලා . මිස්ටර් සිංදුවාට මතකද පොඩි කාලේ බුද්ධාගම පොත්වල තියෙනවා අපි ඉගෙන ගත්තා ක්ෂුද්‍රයින්ට වේදය ඉගෙනගන්නවත් අහන්නවත් දුන්නේ නෑ කියලා . හිතෙන්නේ නැද්ද ඇයි එහෙම කරන්න ඇත්තේ කියලා . පොඩ්ඩක් විතර එක පැත්තකින් විතරක් සාධාරණ හේතුවක් . මට මේ උඩ තිබ්බ කමෙන්ට් එකක් දැකලා හිතුනේ එහෙම :p :p

    ReplyDelete
  22. සිංදුවා බෝලාගේ පැත්තේ කළුගල් නැත්තන් කොන්ක්‍රීට් බිත්තියකවත් නැතෙයි කට උලා ගන්න :(

    ReplyDelete
  23. උඹ තවම ලියනවා නේද බන්. ;) මමත් විබාගේ ඉවරවෙලා ආයිමත් පටන් ගන්න කියල හදන්නේ. බලන්න කස්ටිය එයිද කියන එක තමා පුරස්නේ. :-SS

    ReplyDelete
    Replies
    1. @සිංදුවා මෙන්න දවසේ විහිලුව // මමත් විබාගේ ඉවරවෙලා ආයිමත් පටන් ගන්න කියල හදන්නේ //

      Delete
    2. අපහාස නඩු දානවා දැනගනු බොල :-vi

      Delete
    3. ඒක තමයි මම කියන්න හැදුවේ බන් වයලෝ. මේ කෙබර දෙසාබානවා :D :D

      Delete
  24. අඩෝ පට්ට බන්.................. ඔය මියුසික් විඩියෝවක් හදන කේස් එක මිට කලීනුත් බ්ලොගක දාල තිබ්බා. මතක හැටියට කවුරු හරි ඒකට උදාහරණයක් වසයෙන් අලුත් මියුසික් විඩියො එකක ලින්ක් එකකුත් දාල තිබ්බා. ඔය කියන විදියමයි. මාර ඇඩිල්ලක් අඩන්නේ. මේ ඊයෙ පෙරේදා චැනල් සී එකේ අක්කියෙක් ඒ විඩියෝ එකම විස්තර කලා. පට්ටයි =) මාර ලස්සනයි y-) මාරම ආදරණීයයි :-* මාරම දුකයි :(( විදියට. =D>

    ReplyDelete
  25. පට්ටේටම කියල තියේ .......

    ReplyDelete
  26. Deviyange Baare - Drill Team
    https://www.youtube.com/watch?v=-Yj1At289rw

    ReplyDelete
  27. එල ද බ්‍රා..මචං

    ReplyDelete
  28. https://www.facebook.com/pahan.rajapaksha.7/posts/667793909996040

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.