Friday, August 15, 2014

සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද ?






මේක වයලීනොට සිරාවටම අත්දකින්න වෙච්ච පට්ටම පට්ට ස්ටෝරි එකක් . හැබැයි හැමෝටම මෙහෙම සිද්දි වෙලා ඇති . මම මේ ලියන දේ ලියන්නේ අදාළ කෙනාගේ හැගීම් පහත් කරලා සලකන්න නෙවෙයි . ඒ නිසා එහෙම දෙයක් නොදැනුවත්ව හරි වෙනවනම් මම ඒක ගැන බලවත් කණගාටුව පරකාස කරනවා .

ඉස්කෝලේ කාලේ කියන්නේ මචන්ස්ලා එව්වා මෙව්වා ඔක්කොම සපිරි මෙව්වා එකක් කියලා කියන්න පුළුවන් හොඳම කාලයක් . වයලීනෝ ගියේ මිශ්‍ර පාසලකට නෙව . ඒ නිසා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සම වයසේ සහෝදර සහෝදරියෝ ගොඩක් ආශ්‍රය කරන්න දැනගන්න ලැබුණා . අද උදේ මට fb එකේ හම්බුනා අපේ ඉස්කෝලේ හිටපු සිංදුවගේ වයසේ අක්කා කෙනෙක් . මම එයාට සං....... ගාල රික්වෙස්ට් එකක් දැම්මා , ඒ අක්කා සිං........ ගාලා අක්සෙප්ට් කළා . එවෙලේ මම කල්පනා කරා යකෝ මෙච්චර යාළුවො ඉන්න මට වැඩිපුර ඉන්නේ මොක්කුද කියලා . හුටා ! බලනකොට වැඩිපුරම ඉන්නේ අයියලා අක්කලා .

අවුලක් නෑ . හැමෝම එක වගේ ෆිට් එකේ ඉන්නවා මරාගෙන ඇනකොටාගෙන . මට වැඩිපුරම ඔය අයියලා අක්කලා ෆිට් වෙන්න හේතුව උනේ මියුසික් . වයලීන් එක නිසා ඉස්කෝලෙම අය මාව දන්නවා ඒ කාලේ . ඒත් වැඩිපුරම මියුසික් වලින් හෙල්ප් කරන්න ලැබුණේ මට වඩා වයසින් වැඩි අයට . ඒ කියන්නේ මම 10 වසරේ ඉන්නකොට 12 13 පංතිවල අය ඒ අයගේ සයන්ස් ඩේ ආර්ට් ඩේ එව්වා මෙව්වා කරනකොට මටත් ඒවට යන්න උනා වයලීන් ප්ලේ කරන්න .





අකමැත්තෙන් ඒ කාලේ ගියේ මොකද හවස නැවතිලා ප්‍රැක්ටිස් කරන්න මම කම්මැලි නිසා . ඒත් ඒ දෙයින් මට ලැබුන දේවල් ගොඩයි . මේ අක්කලා අයියලා යාළුවො සෙට් එක තමා ලැබුණ වටිනම දේවල් වලින් එකක් වෙන්නේ . මට වඩා වැඩිමල් සෙට් එකත් එක්ක උඹ යකෝ ගාගෙන එකට කාලා බීලා ( වතුර ) ඉන්න අපේ පංතිවල ගොඩක් අයට ලැබුණේ නෑ . ඒ අතින් මියුසික් නිසා මට ඒ අත්දැකීම් ලැබුණා . මේ ලියන්නේ එහෙම වෙච්ච හොඳ දේවල් අතරේ වෙච්ච පදිරි වැඩක් ගැන .

පාසල් ප්‍රේමය හරිම සුන්දරයි , විෂයාතික්‍රාන්තයි , මෙව්වා සහගතයි මෙයාලා . ඒ කාලේ තිබ්බ බොළඳ වැඩ ගැන දැන් මතක් කරනකොට ඊට වඩා මෙව්වා එකක් හිතට දැනෙනවා . මේ අතරේ ද්වී පාර්ශවික ප්‍රේමයන් වගේම ඒක පාර්ශවික ප්‍රේමයන් පවා ඇති උනා . ඒකාලේ වයලීනි සෙට් වෙන්න කලින් ඒක පාර්ශවික මෙව්වා එකක් වයලීනොටත් තිබ්බද කොහෙද . මේ ලඟදි උන්දා හම්බුනා ටවුන් එකේදී . හනේ බඩ කට පිරුනා දැක්කම ඉතින් . ඒ කාලෙම ඒක දිය පිට ඇඳි හිලක් වගේ යටපත් වෙලා ගියා වයලීනි ලං උනාට පස්සේ .

වයලීනි සෙට් වෙන්න ඔන්න මෙන්න තියෙන කාලේ වෙච්ච වෙන වැඩක් මේක . හැබැයි මේකේ ප්‍රේම කරේ වයලීනෝ නෙවෙයි . මේක වයලීනොට ලැබිච්ච ඒක පර්ශවිකද මොකද්ද මන්දා එකක් . ඒ කාලෙනම් මට මතක් වෙනකොටත් මල . දැන් නම් හරිම ස්වීට් මෙමරි එකක් ඒක .





අපේ ඉස්කෝලෙට ආවා උසස්පෙළ කරන්න වෙන හද්ද ඩොටේ ඉස්කෝලෙක ළමයි ටිකක් . මේ අතරේ ගෑණු ළමයි ටිකකුත් හිටියා . වයලීනෝ එතකොට 11 වසරේ . ඉතින් දිග කලිසම් ඇඳලා ඉන්නකොට වයලීනෝ අයියා කෙනෙක්ද මල්ලි කෙනෙක්ද කියලා හොයන්නත් බෑ . ඒවගේම ඒ කාලේ මියුසික් රූම් එකෙත් අයියා තමා වයලීනෝ . ඒ නිසා මේ අලුතෙන් ආපු අක්කලට අයියලට වයලීනෝ සහ තවත් කීප දෙනෙක් විසින් රැග් කළා පින්වතුනී . සාදු කියන්න පින්වතුනී ....

රග කියලා දුන්නේ ඉතින් හැමෝටම පේලියට ඇවිත් සිංදු කියන්න කිව්ව එක තමයි . වෙන මොකවත් නෙවෙයි . ටික දවසක් යනකොට හැමෝම හොඳට ෆිට් උනා . මම මල්ලි කෙනෙක් කියලත් හැමෝම දැනගත්තා . ඒත් ඉතින් අවුලක් නෑ . හොඳ කස්ටියක් හිටියේ . මේ අතරේ හිටියා එක අක්කා කෙනෙක් . එයා මාත් එක්ක ටිකක් වැඩිපුර ෆිට් වගේ ගතියක් මට තේරුණා .

මේ අක්කගේ යාලු වෙනත් අක්කා කෙනෙක් වයලීනිගේ ඉස්කෝලේ හිටියා . ඔය වෙනත් අක්කා තමයි අන්තිමට වයලීනොට ලවු කරේ . ඉතින් ඔන්න කතාව අහන්නකො . අපේ ඉස්කෝලේ මාත් එක්ක දැන් හොඳට ෆිට් වෙච්ච අක්කා මියුසික් වැඩ වලට ගියාම මාත් එක්ක හොඳට කතා කරනවා මුරුක්කු චොක්ලට් ටොපි ගේනවා , අනං මනං ලයින් ගොඩක් තිබුණා . පස්සේ දවසක් මේ අක්කා මට කිව්වා අර මට ලවු කරන අක්කා ගැන . ඉස්සෙල්ලම කිව්වේ





" මල්ලි දන්නේ නෑනේ මගේ යාලුවෙක් ඉන්නවා මල්ලිට වශී වෙලා " කියලා .

ඔය කාලේ මම වශී වෙලා හිටියේ වයලීනිට නිසා මට ඕවා ගානක් තිබ්බේ නෑ . ඒ කනෙන් අහල මේ කනෙන් කතාව පිට කරලා දැම්මා . පස්සේ ටික කාලයක් යනකොට අර මට ලවු කරපු අක්කා එයාලගේ ස්කූල් බස් එකේ යනගමන් ටටා කියාගෙන යනවා මට . අපේ ඉස්කෝලේ ඉන්න අක්කා අතේ හැමදාම මට ගුඩ් මොනින්ග් එකකුත් එවනවා . ඒත් මට විශේෂයක් දැනුනේ නෑ , මොකද අක්කලා අයියලා මාත් එක්ක ගොඩක් ෆිට් නිසා මේවා සාමාන්‍ය දේවල් ඉස්කෝලෙත් . පස්සේ මට සාමාන්‍යපෙළ කිට්ටුවෙනකොට තමයි වැඩේ පත්තු උනේ .

මට එතකොට එකොළහ වසරේ මධ්‍ය වාර පරීක්ෂණය . මම එක්සෑම් ඉවරවෙලා යන්න යනකොට අපේ ඉස්කෝලේ ඉන්න අර මාත් එක්ක ෆිට් අක්කා මම ගාවට දුවගෙන ආවා . ඈවිත් මට පොතක් දුන්නා .

" මල්ලි ඔය පොත අස්සේ ලියුමක් තියෙනවා අර ____අක්‌කා ඔයාට දෙන්න කියලා දීපු . ඒක කියවලා උත්තරයක් දෙන්න කිව්වා " කියලා කිව්වා .

හම්මට උඩු මම ඩිම් උනා . වයලීනිවත් සෙට් වෙලා තිබ්බේ නැති කාලේ මෙහෙම දෙයක් උනාම එකපාරටම වයර් වෙලා ගියා මට . මම ඒත් පොත ගත්තා . අරගෙන එවේලේම ලියුම අරන් සාක්කුවට දාගෙන පොත දුන්නා .

" හරි අක්කේ මම කියවලා බලන්නම් " කියලා මම ශේප් උනා .

දැන් මාර අවුල . සිංදුවගේ මල්ලිත් පාඩම් කරන නිසා එහෙ යන්නත් බෑ වගේ . ගෙදර ගිහින් මේක කියෝනකොට අම්මට මාට්ටු උනොත් එතන තව ප්‍රශ්නයක් . කමක් නෑ කියලා මම අපේ ගෙදරම අරගෙන ගියා . ගිහින් ශේප් එකේ මේ ලියුම කියෝලා බැලුවා .

ඒ අක්කට බෝයි එකෙකුත් ඉන්නවලු . ඌව එපාවෙලාලු . ඒත් මාව දැක්කම ආදරේ හිතෙනවලු . ඉතින් මම එයාට ආදරේද කියලා අහනවා . අවුරුද්දනේ වැඩිමල් ඒක ප්‍රශ්නයක් නෑනේ කියලත් කියනවා . එයා ආදරේ කරාට ඉතින් මම පලිද පිංවතුනි ?

මට ඕකට කියන්න හොඳ ඒවා මතක් උනා ඒවෙලාවේ . ඒත් පස්සේ කේන්තිය නිවිලා ගියා . මම ලියුමට කොච්චර බය උනාද කියනවනම් ඒක ලිපට දාලා අලුවෙලා යනකම්ම බලාගෙන හිටියා . හඃ හඃ හඃ . දැන් නම් මතක් වෙනකොට හරි හිනා . ඉතින් මමත් උත්තරයක් දෙන්න එපාය .

මම කරේ මෙහෙම දෙයක් . එයාගේ හිත රිද්දන්නත් බෑ . පවුනේ . එයාගේ ෆෝන් නම්බර් එක ලියුමේ ලියලා තිබ්බා . මම ඒකට මෙහෙම මැසේජ් එකක් දැම්මා .

" අක්කා මට ආදරේනම් අක්කලාගේ ඉස්කෝලේ ඉන්නවා මේ පන්තියේ මේ නම තියෙන ගෑණු ළමයෙක් . මට එයා ගැන විස්තර හොයලා දෙන්න . මම ආදරේ එයාට " කියලා .

සමහරවිට ඒ අක්කා ඩිසපොයින්ට් වෙන්නත් ඇති . ඒත් මොනවා කරන්නද . මෙව්වා හරිම ප්‍රශ්න වෙන වැඩනේ . ඉතින් ටික දවසක් ගියාම ඒ අක්කා මට පණිවිඩයක් එවලා තිබුණා මම තරහා නෑ මල්ලි . ඒ නංගි ගැන විස්තර හොයලා දෙන්නම් කියලා . පස්සේ මේ අක්කා වයලීනි ගැන හැම දේම හොයලා මට කියලා එව්වා .





වයලීනි දන්නේ නෑ ඒ කාලේ මට මෙහෙම ඔත්තු සපයන අක්කෙක් හිටියා කියලා . වයලීනියි මමයි කොහොමහරි යාලු උනා . ඊට පස්සෙත් ඒ අක්කා මට වයලීනි ගැන විස්තර එව්වා . දැන් ඉතින් වැඩේ ගොඩ ගියාට පස්සේ එක එක්කෙනාගෙන් වයලීනි ගැන හොයලා වයලීනි හෑල්ලු කරන්න හොඳ නැති නිසා මම ඒ අක්කට ජොබ් එක නවත්තන්න කිව්වා . එදා තමයි අර කලින් දවසේ එයා එව්ව ලියුම ගැන මම එයාට වැඩිපුර දෙයක් කිව්වේ .

" අක්කා වගේ තවත් අක්කලා ගොඩක් ඉන්නවා මට . ඔයත් ඒ එක්කෙනෙක් විතරයි . අක්කා සහෝදරකම වැරදියට හිතුවට මට කරන්න දෙයක් නෑ " කියලා කිව්වා .

ඒ අක්කා ඊට පස්සේ දැක්කෙවත් sms කරෙවත් මුකුත් නෑ . දැනට අවුරුද්දකට විතර කලින් සමන් දේවාලේ ඇවිත් ඉන්නවා දැක්කා . හනෙහ් මම කතා කරන්න ගියේ නෑ . ඒත් ඒ අක්කා දැකලා ඇවිත් කතා කරා . මමත් ඉතින් එව්වා මෙව්වා ටිකක් කියලා ශේප් උනා . හිහිහිහිහිහිහි..................................

අද කියන්න යන ගීතයත් ඔයවගේ ඒකපාර්ශවික මෙව්වා එකක් ගැන ලියවෙච්ච එකක්






අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං..............

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං.................

සිති සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං......................

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්.
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද ...................
අන්සතු ළඳකි මෙමං

ඔන්න ගෑණු ළමයෙක් ඉන්නවා ටිකක් සල්ලි අතින් ඉහල පවුලක . මේ ළමයා කැමති සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න . ඒවගේම ආදරේ කරන්න ආදරේ විඳින්න . ඉතින් ඒ වෙනුවෙන් එයා තෝරාගන්න කැමතිවෙන්නේ අහිංසක ලස්සන කොල්ලෙක් . ඒත් එයාට ගෙදර තියෙන පවුල් පසුබිම අනුව කසාද බඳින්න වෙන්නේ සල්ලි තියෙන පවුලක සල්ලිම ජීවිතය කරගත්ත තමාට වඩා ගොඩක් වයසින් වැඩි නාකි මනුස්සයෙක් . කාමාග්නියෙන් ගිනිගෙන දැවෙන සල්ලිකාර මනමාලයා මේ කෙල්ලව ඉඳුල් කරන්නේ ආදරේ බලාපොරොත්තුවෙන්වත් ආදරේ කරන්නවත් නෙවෙයි . තමන්ගේ ආසාවල් සපුරා ගන්න විතරයි .

කෙල්ල මෙතනදී අසරණයි . මේ දේවල් වලට විරුද්ධ වෙන්න කෙල්ලට හයියක් නෑ . ඒ නිසා කෙල්ල ඔක්කොම ඉවසාගෙන ඉන්නවා . දවසක් කෙල්ල යනවා ගෙදර ඩ්‍රයිවර් එක්ක ටවුන් එකේ තියෙන සැලෝන් එකට ගිහින් එන්න . මේ යන අතරේදි අවස්ථාවක කෙල්ලගේ ඇස් යාවෙන්නේ තමන්ගේ හිතේ හිටපු සිහින කුමරාගේ රූපයට සමාන රූපයක් තියෙන කොල්ලෙක්ව . කොල්ලත් මේ කෙල්ල බැඳලා ඉන්න කෙල්ලෙක් කියලාවත් දන්නේ නැති නිසා වෙන්නැති කෙල්ල දිහාම බලාගෙන ඉන්නවා . දෙන්නගේ ඇස් යාවෙලා ඒ ඇස් අතරින් හදවත් දෙකත් යා වෙනවා .

කොල්ලා මේ වෙලාවේ ඉක්මන් වෙනවා . කොල්ලා ඉක්මනටම කෙල්ලට තමන්ගේ ෆෝන් නම්බර් එක දෙනවා කතා කරන්න කියලා . කෙල්ලත් ගෙදර ඇවිත් වෙලාව බලලා කොල්ලට කතා කරනවා . ටික ටික මේ දෙන්නා එකිනෙකා ආදරේ කරන්න ගත්තම කෙල්ල කොල්ලට කිව්වා තමා බැඳලා ඉන්න කෙල්ලෙක් කියලා . ඒත් එතකොට කොල්ලට කෙල්ලව අමතක කරන්න අමාරුයි . ඉතින් කොල්ලා කියනවා කමක් නෑ අපි පැනලා යමු කියලා . ඒත් තමාගේ ස්වාමියාට සල්ලි බලය වගේම මැර බලය තියෙන නිසා කෙල්ල බය උනා කොල්ලට කරදරයක් වෙයි කියලා . ඉතින් දෙන්නා හිතින් බැඳුනට ගතින් බැඳෙන්නේ නෑ . කෙල්ල කියනවා කොල්ලට අපි ආයෙත් හම්බෙන්නේ නැතුව ඉමු මේවා ගෙදරට මාට්ටු උනොත් ඔයාට කරදරයක් කරයි කියලා .

දවසක් කෙල්ල යනවා ස්වාමියා එක්ක පාටියකට . ඒ පාටියට අහම්බෙන්ම අර කොල්ලත් ඇවිත් ඉන්නවා . දෙන්නා දැක්කම හිතේ තරමක සතුටක් ඇති උනත් ඒක තාවකාලිකයි කියලා කෙල්ල දන්නවා . කොල්ලත් ඉතින් දන්නවා මේක තාවකාලිකයි කියලා . ඒ අවස්ථාවේ හදවතේ ඇතිවෙන සිතුවිලි දාමයක් තමයි මේ ගීතයේ පුරාවටම විහිදී යන්නේ . තේරුම් ගන්න ලොකු අමාරුවක් ඇති කියලා මමනම් හිතන්නේ නෑ මේ ගීතයේ වචන . මොකද මේකේ කෙලින්ම කියන්න ඕන දේවල් කියලා තියෙනවා වටින් ගොඩින් කියන්නේ නැතිව . ඒත් පොඩියට විස්තරයක් දෙන්නම් ගීතය ගැන .

ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය .

( පද රචනය සහ සංගීතය කවුද කියලා හොයා ගන්න ලැබුණේ නෑ . දන්න කෙනෙක් කමෙන්ට් කරන්න මෙයාලා )

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං..............

ඔබ හමු වීමට පෙර මා හට විවාහ වන්නට සිදු වූයේ මාගේ දෛවයේ සරදම් විඳීමට විය යුතුය . එහෙයින් ඔබගේ සෙනෙහස මා කෙලෙසද විඳගන්නේ පෙම්වත ? . මා අන්සතු ලඳකි .

ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

ඔබව මගේම කරගෙන ඔබගේ තුරුලේ දැවටෙමින් ඔබගේ ආදරයේ උණුසුම විඳින්නට මට වරම් ලැබී නැත . එහෙයින් මා හට ඇත්තේ ඔබ දකීමෙන් මසිතට ලැබෙන සතුට පමණි . එහෙත් සදහටම ඔබ මගේ කරගැනීමට හැකියාවක් නැත . මා අන්සතු ලඳකි .

සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

ඔබ මට හමු වූ දිනයේ සිට ඔබ ගැන සිතමි . ඔබ මගේම කරගැනීමට නොහැකි වීම ගැන ලතවෙමි . ඔබ මට සුළු මොහොතකට හරි සතුටක් ගෙනාවත් ඔබ මගේම කරගැනීමට නොහකි වීම නිසා මගේ සිතේ ඇති වන්නේ දුකකි . ඒ කෙසේ වෙතත් සදහටම ඔබ මගේ කරගැනීමට හැකියාවක් නැත . මා අන්සතු ලඳකි .

සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වන තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්.
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමං

මේ ලෝකය කුරිරුය . එහෙයින් අප සිතන පතන සියල්ලම අපට උවමනා ආකාරයෙන්ම සිදුව වන්නේ නැත . ආයෙත් හම්බෙන්නේ නෑ කියලා හිතාගෙන හිටියත් වෙනදා වගේම අපි ආයෙත් දවසක මේ වගේම හමු වේවි . ඒ දවස උදාවෙන තුරු ඔබට දීර්ඝායු වේවා මගේ පෙම්වත .

මේ ගීතයේ සංගීතය ගැන වැඩි දුරට නැතත් දෙයක් කියන්න ඕන . මම මේ ගීතයේ තේරුම ලියන්න කලින් කිව්වනේ දෙන්නා මේ හමුවෙලා තියෙන්නේ පාටියකදී කියලා . ඉතින් මේ පාටියක් කියන අදහස මගේ හිතේ ඇති උනේ මේ ගීතයට යොදලා තියෙන සංගීතය නිසා . සංගීතය ගැන වැඩිපුර විස්තර කරනවට වඩා අද මම හිතුවා වෙනස් විදියේ දෙයක් කරන්න . අහන්න මෙන්න මේ ගීතය . මේ ගීතයේ තියෙන්නෙත් අතැඟිලි බැඳුනේ ගීතයේ සංගීත ශෛලියට බොහොම සමාන සංගීතයක් . ඒක අහලා කමෙන්ට් කරන්නකෝ බලන්න ඔයාලට මොනවගේ දෙයක්ද මේ ගීතයේ සංගීතය ගැන හිතෙන්නේ කියලා .







මේ කතාව ලියන්න හේතු භූත බහුබූත උනේ රෙහානි අක්කා ලියන ලා දම් අහස කියන බ්ලොග් එකේ තිබ්බ කතාවක් දැකලා වයලීනොට මතක් වෙච්ච අතීත සිද්දියක් . ඒවගේම අන්තිමට මම ලියලා තියෙන ගීතය ගැන යමක් ලින්න කියලා මගේ ගොඩක් ඉස්සර ඉඳලා ඉන්න යාලුවෙක් මට මතක් කළා . හරි මචං ලියන්නම් කියලා කිව්වට මොකද ලියන්න මෙලෝ අයිඩියා එකක් තිබ්බේ නෑ . අන්තිමට රෙහානි අක්කගේ පෝස්ට් එක දැක්කම මටත් මතක් උනා මේ ගීතය ඒ අත්දැකීමත් එක්ක කරකවලා ලියන්න පුළුවන් කියලා . කතාව ලිව්ව රෙහානි අක්කට ටැංකියි . මචං චානක උඹටත් ටැංකියු මචං සිංදුව මතක් කරාට  :) 

27 comments :

  1. අපරාදේ උඹට අක්කපාලයෙක් වෙන්ඩ තිබුනේ ටික දවසකට හරි

    ReplyDelete
    Replies
    1. අඩේ කාලෙකින් එක උනා

      ගොඩක් උන් කියනව මං දැන් බ්ලොග් වැඩේ අත ඇරල කියල
      එහෙම නැ බං ලියන්ඩ වෙලාවක් නැ
      ලැබුන වෙලාවට ගොඩවෙලා මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙච්චා ඔක්කකොම කියවනව
      ඉදල හිටල එකකට දෙකකට කමෙන්ට් කරන ඔන්න ඔහොමයි වෙන්නේ
      කමෙන්ට් නොකර තව එකක‍ට දුහන්නේ කමෙන්ට් දාන්න ගියහම කමෙන්ට් ටිකත් ඔක්කොම කියවන්න වෙන හන්දා

      එහෙම උනහම තව පෝස්ට් එකක් බලන්ඩ වෙලාව නැතුව යනව

      කමෙන්ට් දාන්ඩ ඕනමයි කියල හිතුන එකකට කමෙන්ට් දානව

      Delete
    2. කව්ද බං උඹෙන් මේවා ඇහුවේ... හැක්.. නිකං දෙන්න යනවා..

      Delete
    3. හාහ් හාහ් හාහ්
      අක්කපාලයෙක් උනාම විඳින්න වෙන වද ටික මම සියැසින්ම දැක්කා උදාහරණ සහිතව . ඒ නිසා හපොයි බැරියෝ :p :p
      ඇත්ත කතාව . වෙලාව හොයාගන්න එක හරිම අවුල් වැඩක් . එත් ඉතින් දැන් බ්ලොග් කොටන්න ඇබ්බැහි වෙලා . පෝස්ට් එකක් දැම්මේ නැත්නම් නිකන් අවුල් වගේ :p :p
      එල එල බොහොම ස්තූති .

      @දේශකයා :- හිතේ දුකට කියන්න ඇති . :p :p

      Delete
    4. @දේශක යා

      කවුද බං උඹෙන් මේව්වට උත්තර ඇහුවේ ...හැක්.. නිකං දෙන්න යනවා

      Delete
  2. හිහික්...
    අක්ක කේස් නං හුගක් මල්ලිලාට තියෙන ලෙඩක් තමා...
    හිහික්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.......
      ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ . පොඩ්ඩක් හොයලා බලන්න ඕන :) :)

      Delete
  3. අක්කා කේස් ගැන මං නං කී සැරයක් ලිව්වද?? මොකක්ද බං “ඩොටේ“ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ගොඩේ,වන්නියේ,කියන එකට අලුත් පරපුර නිර්මාණය කරගත්තු වචනයක්ලු :D

      Delete
    2. ඈ.............. එහෙමද ?
      මම දැක්කේ නෑනේ . කියවලා බලන්න ඕන
      එල එල
      :) :) g-)

      Delete
  4. අක්ලාට වඩා මටනම් සැටවෙන්නෙම නංගිලා..සමාරවිට ලාබාල පෙනුම නිසා වෙන්න ඇති. කොහොම උනත් කැමති නැති දෙන්නෙක් එක වහලක් යට බොරුවට බැදගෙන ඉන්න එක කිසි තේරුමක් නැති වැඩක්... විවාහ නොවී ටෙස් රන් කාලයක් දෙනවනම් හොදයි.. විවාහ වුනාම හරි අමාරුයි නේ ලිහාගන්න... වාහනයක් විකුනනවාටත් වඩා අමාරුයි....

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      ඇත්ත ඇත්ත . ටෙස්ට් පීරියඩ් එකක් දෙනවනම් බයක් නෑ . එත් ඉතින් නෛතිකව ඕක හම්බුනේ නැත්නම් කොහොමද බඩක් එක්ක ආවොත් මෙන්න ඔයාගේ බබා මාත් එක්කම භාර ගන්න කියලා :p :p :p

      Delete
  5. Replies
    1. අහ්හ් කවුද මේ පසිඳු සෙනෙවිරත්න ?? :p :p

      Delete
  6. හෙහ් හෙහ්, ඉදලා හිටලා සෙට් වෙන්නේ ඉතින් අක්කලමනේ බං.. මේ සිංදුව නම් ඇහුවේ අදමද මන්දා..

    ReplyDelete
    Replies
    1. වැඩිපුර රේඩියෝ වල උනත් මේවා ඇහෙන්නේ නෑ . ඇහුනත් ඉතින් ඒ වෙලාවට අපි රේඩියෝ ගාව නෑ .

      Delete
  7. අනේ මන්දා බන්. මේ වගේ ඒක පාර්සවික මෙව්වා ගැන කොල්ලෝ කියන සිංදු නැද්ද බන්. මොකද මට ගොඩක් වෙලාවට උණේම ඒක. අක්කලාගෙන්ම ඇහුව එකේ ප්‍රතිඵල. :((

    ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මෙව්ව එක එල ඈ. අදමයි ඇහුවෙ සිංදුව. :)

    ReplyDelete
    Replies
    1. මලක් වුණේ ඇයි නුඹ මට, වියපත් බඹරා.... :)

      Delete
    2. වැඩේ කියන්නේ බං අපි දන්නේ නැති උනාට උන් අක්කලා කියලා , උන් දන්නවා අපි මල්ලිලා කියලා . ඒකනේ සීන් එක . මමත් කාලයක් පෙර පෙර හිටියා අක්කා කෙනෙක් කියලා දන්නේ නැතුව අක්කා කෙනෙක්ට . සින්දුවගේ වයසේද කොහෙද :p :p :p කෙමෙස්ට්‍රි ක්ලාස් එකේ . අන්තිමට ඒලෙවල් ලියත්දී ඒකි මගේ ඉස්සරහා සීට් එකේ හිටියේ c-) c-)

      Delete
  8. කියවල පස්සෙ කොමෙන්ට් කරනව කියල කියවන්ට ගත්තෙ...ඒත් බලනකොට පිච්චිලා යන සිංදුවක්...මොන මූඩ් එකෙං හිටියත් ඇහුවට පස්සෙ මැරෙන්ට හිතෙන සින්දු වලින් එකක්...ඉතින් කොහොම සද්ද නැතුව යන්ටද...
    එළ මචං..ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මල හත්තිලව්වයි මහරජානනේ ....... :-O :-O :-O
      දන්නවනම් ලියන්නත් නෑ . හඃ හඃ හඃ හඃ :p :p
      එල එල ටන්කු ටන්කු g-)

      Delete
  9. Replies
    1. මොකද ඔයා හිනා වෙන්නේ ??
      5-p 5-p 5-p

      Delete
  10. අනේ පව් ඉතින් ඒ අක්කා නෙහ්.. =D>
    සිංදුව ගැන නං දැනගත්තෙ අදද කොහෙද..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනේ පවු තමා . 5-p 5-p 5-p
      එල එල . බොහොම ස්තූති :) :)

      Delete
  11. ෂික් උබනම් මාර දුශඨයෙක් නේ.උබටත් තිබුනේ අර හින්දි ෆිල්ම්වල කියනව වගෙ මට ලොකුම ලොකු හදවතක් තියෙනව කියල හතර පස් දෙනෙකුට ඔක ඇතුලෙ ඉන්න දෙන්නනේ.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      මේකයි අවුල උනේ වැඩිපුරම . එයාට මගේ හදවතේ ඉඩ දෙන්න එතකොටත් හදවෙඅතේ ඉඩ තිබ්බේ නෑ . හත් අට දෙනෙක්ම හිටියා :p :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.