අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ඔය පෙරහැරවල් එක එක කාලෙට, එක එක දිහා වල, එක එක ක්‍රම වලට, එක එක ඇත්තෝ සංවිධාන කරලා එක එක එක්කෝ ඇති... ඉතින් ඔය පෙරහැරවල් කරනවා කියන්නේ ව...

පෙරහැරක් විනිවිදව



ඔය පෙරහැරවල් එක එක කාලෙට, එක එක දිහා වල, එක එක ක්‍රම වලට, එක එක ඇත්තෝ සංවිධාන කරලා එක එක එක්කෝ ඇති... ඉතින් ඔය පෙරහැරවල් කරනවා කියන්නේ වැස්ස බලාපොරොත්තුවෙන්ලුනේ. ඇත්තද දන්නේ නෑ සිංදුවා අහලා තියෙන්නේ එහෙමයි. කොහොමවුනත් සිංදුවා දන්න එක දෙයක් තියෙයි සමන් දේවාලේ පෙරහැරනම් තියලා අවසානේ දිය කපන දවසෙ නම් කොච්චර පෑව්වත් වහිනවා සුවර් සොට්. ඒක දැන් අවුරුදු කීපයක් තිස්සේ සිංදුවා නෝට් කරගෙන ඉන්න එකක්. මේ ගිනි කාස්ටක අව්ව....ඒත් වැස්සක් යනවම තමයි එදාට.

ඔය දියකපන එක ගැන, එතකොට සමන් දේවලේ පෙරහැර ගැන, එතකොට සමන් දේවාලය ගැන, එතකොට ඔය තහනම් දේවල්, කියන්න එපා කියන දේවල්,  පොටෝ ගන්න එපා කියපුවයේ පොටෝ බලන්න, එතකොට තව සමන් දේවාලය හා බැඳුනු පුරාවෘත්ත, ජන කතා, රස කතා බලන්න කියවන්න දැනගන්න ඕනි නම්,
අපේ අයිතිහාසික චක්‍රවර්තී, හොරෙන් පොටෝ සූර තැන්පත්, මහා චාරයක් නැති වයලා ලියන හස්තිනාපුර බ්ලොග් එකට ගිහින් බලන්න.
අපේ එකේ ඔය සෙස්සි පොසිසන් ගැන ලිව්වට මූ ඔය සමන් දේවලේ ගැන පට්ට විදියට රිසර්ච් කරලා, අල්ලස් දීලා, රෑ වෙනකම් රස්තියාදුවෙලා, සින්දුවතිගෙන්, තව තව වතීලගෙන් විස්තර අහලා,
අනේ අර අහක ඉන්න, අහිංසක, කාටවත් කරදරයක් නැති, මලක් වගේ ඉන්න, සමනලයෙක් වගේ හැඩ සිංදුවා වත්  ඔව්වට අල්ලගෙන කට්ටක් කාලා ඕක ලියන්නේ (එහෙම කිව්වට සිංදුවා නම් එක දවසයි මූත් එක්ක කට්ට කෑවේ). ඒ නිසා වෙන කොහෙන්වත් මේ වගේ විස්තරයක් එන්නේ නෑ ඒකත් සුවර් සොට්.

කොහොමහරි දැන් මේ පෙරහැර ගැනනේ කියා කියා හිටියේ, ඉතින් ඔය පෙරහැරේ කස වලින් ගොරවන එක, එතකොට ගිණි බෝල වලින් අකුණු ගහන එක ඔහොම ඔහොම එක එක සීන් වලින් වැස්ස තමයි පෙන්වන්නේ කියලා සිංදුවාට කව්ද මන්ද කියලා තියෙයි. ඔය සමන් දේවාලේ ගහක් උඩට වෙලා පෙරහැර උඩ ඉඳන් බලනවා වගේ එකක් කියවන්න ඕනිනම් යන්න මේකට .

ඔය පෙරහැර බලන්න යන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි නොවැ. ඕකට "පේ"වෙලා එහෙම තමයි යන්න ඕනි. ඕකට පේ වෙන පේ විල්ල දන්න නිසා පෙරහැර දවස්වල දේවාලේ ඇතුලට යන්න කලින් පොලිසියේ මාමාලා අපේ උන්ට බැලුම් දෙනවා පුම්බලා යන්න කියලා. ඉතින් ඕනෑවට වඩා පේ වෙන උන් පස්සේ පාරෙන් ජිල්මාට් දාලා තමයි ඇතුලට යන්න වෙන්නේ.
ඒ දවස්වල පෙරහැර බලන්න යන්න වෙනම ඒකට ඇඳුම් ගත්ත උනුත් හිටියා. ඇයි ඉතින් මිනිස්සු එන්නේ ඌව බලන්නනේ, ඒ නිසා මිසක් ඌ පෙරහැර බලන්න එන ගෑලු ළමයි බලන්න එහෙම නෙවෙයි.
 අපි ඉතින් කට්ටියම පෙර තැනක සෙට් වෙලා, පේ වෙලා, හිරවෙන්න පුළුවන් බස් වල යන්න ආස එකෙක් දෙකෙක් හිටිය නිසා උන්ගේ කීමට බැරි මර ගාතේ බස් එකක එල්ලිලා... ( අපි එල්ලිලා ගියාට අරුන් ලස්සනට ඇතුලේ ඈ) යනවා ඉතින් දේවාලේ.
ගොඩක් අපේ උන් ඒ දවස්වල කැමති සෙනඟ වැඩි දවසට දේවාලේ යන්න තමයි.
එතකොට දේවාලේ පාරේ පුරාම මිනිස්සු පිරීලා....
අහ්හ් නෑ නෑ මිනිස්සු නෙවෙයි
එතකොට දේවාලේ පාරේ පුරාම ලාස්සන කෙල්ලෝ පිරීලා.......
ෂඃ ඒ කාලේ තමයි බන් කාලේ...

පෙරහැරේ අපි කරපු වැඩ ඉතින් මල්ලක් පුරවලා තියෙයි...සමහර එව්වා ඉතින්....එක්කෝ ඒකත් ඕනි නෑ. ඉතින් මේ පෙරහැර බලන්න අපි දිනේ දැනගත්තම කට්ටිය සෙට් වෙලා ආවට,
ගෑලු ළමෙක් පොඩි ඉඟි බිඟි පාරක් කරපු නැති දවසක කොරන්න දෙයක් නැති කමට පෙරහැර කියන එක කට්ටිය එක්ක වට වෙලා බැලුවට....
අපි හැමදාම බලල තියෙන්නේ පෙරහැරේ එක පැත්තක් විතරයි කියලා හිතිලා නැද්ද ?
නෑනේ  නෙහ් ? නෑ තමයි.
අපි මෙහා පැත්තේ ඉන්න ගමන් අනිත් පැත්තෙන් කොහොමද පේන්නේ කියලා බලන්න විදියක් නෑනේ ඉතින්.....
අද සිංදුවා දෙපැත්තම පෙන්වන්න තමයි යන්නේ මේ.....ඒ කිව්වේ ඉස්සරහා පැත්තයි...පස්සා පැත්තයි. වැඩිපුරම පස්සා පැත්ත තමයි. :-as




පෙරහැර කිව්ව ගමන් මතක් වෙන්නේ අමරදේවයන්ගේ මෙන්න මේ සිංදුව නෙහ් ? හැබැයි සිංදුවා කියන්නේ මේ සිංදුව ගැන නෙවෙයි අද. හැබැයි පෙරහරේ ඉස්සරහා පැත්ත තමයි මේකෙන් විස්තර වෙන්නේ.... :)



ඔය පෙරහැර පටන් ගන්න කාලේ ආවම ඔය නැටුම් නටන ඇත්තන්ට පණිවිඩ යවනවලු වේලාසනම සංවිධායන කරන අය. එයාලට දැනුම් දුන්නම ඒ ඒ ගුරුතුමන්ලා ඒ ඒ ගෝල බාලයෝ එක්කාසු කරගෙන නැටුම් පුරුදු කරලා....බෙර එහෙම ටියුන් කරලා අරගෙන.....ඒවාට අදින ඇඳුම් ආයිත්තම් එහෙම ලැස්ති කරගෙන එක යුද්ධයක් නටන්න ඕනි පෙරහැරේ නටන්න කලින්.

ගොඩක් ඒ නැටුම් නටන අය පාරම්පරිකව හැමදාම චාරිත්‍රයක් විදියට පෙරහැරට තමන්ගේ දායකත්වය සපයන උදවිය. ඒ නිසා ඇඳුම් මහන්න කොරන්න දෙයක් නෑ. හැබැයි මහන්න කොරන්න වුනත් එව්වට පුතේ වියදම් කරන්න වෙන්නේ තමන්ටම තමයි. මොකද පෙරහැරට එන්න කිව්වට ඇඳුම් ආයිත්තම් වලට මුදල් දෙන්නේ කරන්නේ නෑ කියලයි තතු දන්න කියන ඇත්තෝ කිව්වේ.

ඔය ගොඩක් ඇඳුම් වල අර දිලිසෙන මෙව්වා, පබළු, බුබුළු, අනන් මනං ගොඩායි නොවැ.... ඒ නිසා එව්වා  හෝදන එක කොරන්න බැරි වැඩක්....ඒ නිසා ගොඩාක් අය කරන්නේ ඇඳුමේ කිහිලි, බෙල්ලේ කර වගේ කොටස් විතරක් හෝදන එකලු.
බෝඩිමේ ඉන්න අපේ උන් අඳින ඇඳිල්ලට ඔව්වත් ඇඳිලිද කියලා හිතෙනවා නෙහ්... කොහොමද එකම වවුලා දවස් දෙකක් ඇඳලා..තුන්වෙනිදා කණපිටත් අඳින කොට...... ඒත් වැඩේ හතරවෙනි දවසේ හරි වවුලව සම්පුර්ණයෙන් හේදෙනවනේ.....



දුර ඈත කට්ටිය හිටන් එනවා දේවාලේ පෙරහැරට දායකත්වය සපයන්න...ඇවිත් නැවතිලා ඉන්න දෙන්නේ එයාලට ඒ ළඟම තියෙන ස්කොලේලු...ඉතින් කෙල්ලොයි කොල්ලොයි ගුරු උන්වහන්සේයි ඔක්කොම නවතින්නේ ඉස්කෝලේ.... කෑම බීම නම් දේවාලෙන් දෙනවලු... හැබැයි එව්වා අර ඉස්කෝලේ ළමයින්ට දෙන කිරි බත් පැකට් වගේ බඩ යන එකක් වුනත්...කාට කියන්නද ! යන බඩක් දවල් යවලා රෑ පෙරහැරට ඉන්න ඕනි. ඇරත් දේවාලයෙන් නිසා පිලී කෑම දෙන්නේ නෑ.




අපි මොකුත් නොදී, මොකුත් නොකර ඔහේ බලන්න යන්න පෙරහැරට ඒ කට්ටිය කරන කැප කිරීම වෙනුවෙන් අපි මොනවද කරන්නේ හිතුනම...නිකන් ලැජ්ජයි වගේ.
මම පොඩිම කාලේ ගමේ නැටුම් උගන්වන සුනිල් මාමා ගාවට ගියා මට මතකයි, පුවක් කොටයක් අල්ලගෙන කකුල් තියන්න පුරුදු වුනු හැටි, එව්වා ඔක්කොම කරන්න කලින් "තෙයියත් තෙයියත් තෙයියත් තාම්" කියපු හැටි... ඒ ඔක්කොමටම වඩා විශේෂයෙන් නැටුම් උදවිය ළඟ විතරක් තියෙන ගුරු භක්තිය කියන එක නැටුම් කරන්න ගිය ඕනිම කෙනෙක්ට මුලින්ම ක්ලික් වෙන එකක් කියලා මම හිතනවා. ඉතින් ඔය සුනිල් මාමා අපේ අම්මා කියන හැටියට සබරගමුවේ ඉන්න හොඳම තම්මැට්ටන් වාදකයලු. හැම පෙරහැරටම ඒ මාමත් නොවරදවා එනවා...පෙරහැර ඉවරවෙනකම් ඉඳලා අර වයලා කියලා තියෙන තේවාවල් වලට තම්මැට්ටන් බෙර වාදනය කරලා එළිවෙන ජාමේ ගෙදර යනවා...ආයේ පහුවදා එනවා....

කසුන් කියන්නේ අපිත් එක්ක ඉස්කෝලේ හිටපු අයියා කෙනෙක්...දැන් ඉන්නේ හමුදාවේ. වැඩ ඉවරවෙලා හවස කොළඹින් බස් එකේ නගිනවා....එනකොට පෙරහැර ලැස්ති වෙලා...කඩිමුඩියේ ඇඳගෙන මිනිහත් යනවා බෙරේ උස්සගෙන..ඒ ගහලා දේවාභරණ ගෙනියන පෙරහැරෙත් බෙර ගහනවා.එයත් පාරම්පරිකව කරගෙන එන නිසා කවදාවත් ඒවා වරද්දන්නෙ නෑ..එයාලගේ වැඩ ඔක්කොම ඉවරවෙනකොට රෑ 2යි...නාගෙන ආයේ නගිනවා කොළඹ බස් එකේ..පහුවදා රාජකාරියට ඉන්න ඕනා වෙලාවට.නිදාගන්නේ බස් එකේ.ඒ දවස්ටිකේ රෑට කන්න නෑ.

ඩිලාන් ඒ වගේම ඉස්කෝලේ හිටපු තව අයියා කෙනෙක්..ඌ බෙර පප්පෙක්. නැටුම් තරඟ වලට ගිහින් එනකොට ගැට බෙරේ අරගෙන ඌ ගහපු 6/8 බීට් එක මට තාම හොඳටම මතකයි. කෙනෙක් යම් දෙයක හොඳ දක්ෂයෙක් වුනාම තමයිලු අලුත් අලුත් දේවල් නිර්මාණය කරන්න පෙළඹෙන්නේ....ඒ දවස්වලම ඉඳලා ඩිලාන් කියන්නෙත් එහෙම අලුත් එව්වා කරපු කියපු කොල්ලෙක්.
මිනිහත් හවස බෙරෙත් අරන් ඇවිත් ඔන්න මුලින්ම යන කණ්ඩායමක් එක්ක බෙර ගගහා යනවා...මෙන්න බොලේ ටිකකින් ආයේ පස්සෙන් එන කණ්ඩායමක් එක්කත් මේ මනුස්සයා බෙර ගගහා එනවා.  පලවෙනි කණ්ඩායම පෙරහැර පාර දිගේ ගිහින් ඉවරත් වෙලා. ඒත් අනිත් පැත්තේ කට්ටිය තාම අඳිනවා...ඒ තරම් පෙරහැර දිගයි..ඒ නිසා ඩිලාන්ට පලවෙනි කට්ටිය එක්ක ගිහින්...ආයේ පහුවෙලා එන කට්ටියක් එක්ක එන්නත් වෙලාව තියෙයි.

මෙව්වා මේ අය මෙහෙම කැපවෙලා කරනවට එයාලට ලැබෙන්නේ ඉස්සර රුපියල් 300ක් වගේ මුදලක්...දැන් මම හිතන්නේ 500ක් වත් ලැබෙනවා ඇති. බත් එකක් කාලා ගෙදර යන්නවත් සල්ලි මදි. ඒත් කවදාවත් ඩිලාන්වත්, කසුන්වත්, සුනිල් මාමවත්, පෙරහැරේ යන අනිත් අයවත් ඒ දේ නැවැත්තුවේ නෑ.

සමහර දවස් වලට පෙරහැර යනකොට වැස්ස. මහා රෑ හද්ද නිදිමතේ ඉන්න ළමයි ඔක්කොම වැස්සේ තෙමෙනවා. ඒකත් අර දවස් ගානක් හෝදන්න බැරිවුණු ඇඳුම් එක්ක. ජීන්ස් එකක් තෙමුනම ඒක ආයෙත් තෙත පිටින් පහුවදා අඳින දුක දන්නේ ඒ පෙරහැරක නටන ඇත්තෝම තමයි. තමන්ගේ පණ වගේ රැකගෙන ආපු බෙරේ, තම්මැට්ටම, වෙස් කට්ටලේ...ඔක්කොම වැස්සේ තෙමෙනවා. ඒවාට මොනවහරි වුනොත් එයාලට ගෙවීමක් කියලා කවුරුවත් කරන්නේ නෑ..

පෙරහැර පටන් ගත්ත ගමන්...රදළ කඳන් සැපත් වෙලා හරි බරි වෙලා ඉන්නවා පුටු වල...ඉතින් නටහන්කෝ උන්ට පේන්න...ඊට පස්සේ ටීවී එකෙන්...ඉතින් නටපන් ආයේ ඒකටත් පේන්න...ඒ අස්සේ අලියෙක් මුත්‍රා පාරක් දීලා ගියොත්...කියලා වැඩක් නෑ. ගෙදර අය යාළුවො ඔක්කොම අය ඉන්නවා මග බලාගෙන ඉතින් නටන්න ඕනිනේ...

මුල්ම දවසේ බලන්න නටන ළමයින්ගේ කකුල්...සිලම්ඹු දාලා නටන ලස්සන...ආයේ අන්තිම දවසේ බලන්න....ගොඩක් කකුල් වල ප්ලාස්ටර් තියෙනවා පෙනෙයි... සිලම්බුයි කකුලයි අතරේ වැලි හිරවෙලා තුවාල වෙලා පහුවදා සිලම්බුව දැම්මම ඔක්කොම පෑරෙනවා...

ඉතින් ඔහොම අපි හිතනකොට ඊට කලින් සුනිල් ආරියරත්නයන්ට මේක හිතිලා ලියනවා මෙහෙම ගීතයක්...





පෙරහැර එනවා කස පුපුරනවා
හෙවිසි හඬ පතුරනවා
කස කරුවන්ගේ දහඩිය මුගුරින්
පාවඩ මග අතුරනවා

යදමින් බැඳී ඇතු අසීරු ගමනින්
හෙමිහිට පාද තබන්නේ
යන ගමනේ ඉම දැකගනු රිසියෙනි 
ඇත්ගොව්වන් ගාටන්නේ
ගුරුන්ගෙ අණටයි නිදිමත දරු කැල 
කල ගෙඩි අරගෙන එන්නේ
පන්තේරුව බොල් පින්නෙන් නැහැවී 
දෑතට දියවී යන්නේ

පාර දෙපැත්තේ පොඩි මිනිසුන් දෙස 
නිලමේවරු නොබලන්නේ
රජ සිටුමැතිවරු නරඹන තැන්වල 
නිලමේවරු නවතින්නේ
එතනදි වැයුමේ රිද්මය වැඩි වී 
හොඳ හොඳ නැටුම් පෙනෙන්නේ
එලි අඩු පන්දම් තෙල් නැති පන්දම් 
තෙල් ගල්වා දල්වන්නේ

හිතේ වේගයට හේවිසි හොරනෑ 
තම්මැට්ටම් අඬවන්නේ
මාලක්කම් මැද වෙස් නළුවන්නේ 
පීඩිත මූනු පෙනෙන්නේ
අඹු දරුවන්නේ කුස් පුරවන්නයි 
වන්නම් තාල ගයන්නේ
වේල දෙවේලට අත සරුවෙන්නයි 
කොහොඹ කලේ නටවන්නේ

පද : සුනිල් ආරියරත්න
ගායනය : නන්දා මාලිනි
සංගීතය : 


බෙරයෙන්, නැට්ටුවාගෙන් පටන් අරන් පෙරහැරට යන්න සිංදුවා හිටියේ..ඒකත් ඔන්න කණපිට හැරිලා යනවා පෙරහරේ ඉඳලා නැට්ටුවාට, බෙරයට. සින්දුවතීට ස්තුති වෙන්න ඕනි සිංදුවාට ඕනි කේලම් ටික දුන්නට.එහෙනම් ජයම වේවා !


17 comments:

  1. මම නං ආසා නෑ පෙරහැරට.. පොඩි උන් තලනවා.. ලොකු උන් සල්ලි ගරනවා. හාමුදුරෙුවෝ දායයෛා් මරවනවා.. නිකං ඉන්න අපි පොඩි උන් අරන් ගිහින් උන්ට පෙන්නවා..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතුවේ කට්ටිය එක්ක කතා කරනකල්. ඒ වුනාට ඒ නටන බෙර ගහන අයට ඒක වටිනා දෙයක් විදියට එයාලා සලකන්නේ...අනික පෙරහරේ පොඩි අයනේ නටන්නේ..ඒ කාලේ ඉතින් ඕවා හිතන්නේ නෑනේ... :D
      බොහොම ස්තුතියි දේසකතුමා !

      Delete
  2. හැබැයි සිංදුවා එකක් ලියල නෑ...
    කස ගහං එනකොට මිනිස්සු විසික් කරන කාසි වලට මක්කද වෙන්න කියල..
    මොකෝ ඔය ටික ඇන්නගොහින් දෙය්යො බැංකු ගිනුමක්අරින්නයැ

    ReplyDelete
    Replies
    1. ඔය කස ගහන අයට සල්ලි විසි කරන සිරිත අපේ සමන් දේවාලේ නෑ මෙයා . ඕක තියෙන්නේ නුවර දළදා පෙරහැරේ .

      Delete
    2. අපි සල්ලි වීසි කරන්නේ නෑනේ... ඔය පින් කැට දේවාලෙට අයිති ඉඩම් වල සල්ලි ඉතින් දෙයියන්ගේම එකවුන්ට් එකකට යනවලු.... පස්සේ දෙයියෝ දුක හිතිලා දේවාලේ එක එක අයට බෙදනවලු... ඕවා දෙයියොම තමයි බලාගන්න ඕනා. බොහොම ස්තුතියි :D

      Delete
  3. හෙමින් හෙමින් කියවන්ට ඕනෙ. ටිකක් බරසාර විස්තරයක්නේ...

    ReplyDelete
    Replies
    1. බස්සියෝ කොහොමත් ඔහොමනෙ :D

      Delete
  4. හඃ හඃ හඃ ඔය නටන්න එන අය නවතින ඉස්කෝලේ නෙව අපේ ඉස්කෝලේ උගන්නන්නේ . :p
    ඒ පැත්තේ අය ගොඩක් දේවාලේ නටන කොඩි අල්ලන වියන්අදින පාවාඩ දාන අය . මෙයාලට පෙරහර කාලෙට නිවාඩු දෙනවා ඉස්කෝලේ කොහොමත් .

    ඒ ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්න තියෙන උනන්දුව ඉතාම අඩුයි . හරිම අමාරුවෙන් තමා අපේ ඉස්කෝලේ උන්ට උගන්නන්නේ . ඒ ළමයින්ගේ අධ්‍යාපනේ ගැන , දවසක් මම ඒ ඉස්කෝලෙට ගියාම මිස් කෙනෙක් අපේ ඉස්කෝලේ එක්ක කියනවා , මුන් කොහේ ඉගෙන ගන්නද මිස් , පෙරහැර කාලෙට හම්බෙන ළමයිනේ කියලා .

    මට කොයිල් වගේ . මම පස්සේ ඉස්කෝලේගෙන් ඇහුව සීන් එක . ඒ පෙරහරට නටන්න එන අය ආවම ඉස්කෝලෙට නවතින්න , ගමේ ගෑණු උන්දලට වැඩ වැඩියිලු . එහෙමත් ඒ පැත්තේ මෙලොව එලිය දැක්ක ළමයි ඉන්නවලු . ඒ නිසා උන්ටත් හොඳට නටන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා . මොකක් උනත් මමනම් ඔය පෙරහැර සංස්කෘතියට පට්ටම ලයික් ආ .

    ඒ මිනිස්සු නටන්නේ දෙවියන් වෙනුවෙන් . අනික ඒ මිනිස්සුන්ට හම්බෙන පඩිය මදි කියලා කවදාවත් පිකට් තියන්නේවත් ඊළඟ වතාවේ නටන්න නෑවිත් ඉන්නෙවත් නෑ . ඔය කසුන් අයියා නටන නැටුමට කියන්නේ රථයේ නැටුම කියල නෙව
    . ඒ නැටුම නටන්න අනිවා ඒ පරපුරවල් වල අය එනවා පඩි දුන්නත් නැතත් .

    හුදී ජන පහන් සංවේගය වෙනුවන් ඔන්න ලින්ක් එක දැම්ම .

    https://www.youtube.com/watch?v=bmb4nLk7R_I

    ReplyDelete
    Replies
    1. අම්මා ගහයි මම දන්නේ නෑ නැටුම් පැටව් හැදෙන කතාවක්. මොනවා වුනත් කට්ටිය කොරන්නේ ලොකු සේවයක් :D
      ලින්ක් එක දාපු එක වටිනවා බන් ! ටන්කු ඈ

      Delete
  5. පුස්තකාලෙ තිබිල පෙරහැර පුරාණය කියල පොතක් කියෙව්ව මතකයි ඒකෙ තිබ්බ පෙරහැරවල් ගැන මුළු විස්තරේම.. කතෘ ගෙ නම තමයි මතක නැත්තෙ.. d(
    සුපිරියි ලිපිය

    ReplyDelete
    Replies
    1. ෂඃ එහෙම පොතක් හම්බවෙලා නෑනේ. කියපු එක හොඳයි දැන් ඊළඟ මාසෙට ලඟයිනේ :D
      බොහොම ස්තුතියි සංචාරක !

      Delete
  6. එකින් එක පෙරහැරවල් වලට ඒ පෙරහැරේ සමහරක් අංග වෙනස් වෙනවනේ.. කාලෙකින් පෙරහැරක් බැලුවෙත් නෑ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කතරගම පෙරහැරේ තියෙන දේවල් මෙහෙ නෑ මෙහෙ එව්වා දළඳා පෙරහැරේ නෑ නොව. වෙලාවක බලන්න.
      බොහොම ස්තුතියි

      Delete
  7. " දිය කපන දවසෙ නම් කොච්චර පෑව්වත් වහිනවා සුවර් සොට්. ඒක දැන් අවුරුදු කීපයක් තිස්සේ සිංදුවා නෝට් කරගෙන ඉන්න එකක්. මේ ගිනි කාස්ටක අව්ව....ඒත් වැස්සක් යනවම තමයි එදාට."

    හයියෝ සල්ලි... අපේ තරුන පරපුරනෙ මේ මේ නේහ්..ලබ්ධිය තියෙන තැන බුද්ධියට ඉඩ නෑ කියනවනෙ... අබසරනයි !!!

    ReplyDelete
    Replies
    1. ඒක මම හොඳට නෝට් කරගෙන බලපු එකක් ඇනෝ. ඒක විද්‍යාත්මකව පහදන්න මට ක්‍රමයක් වත්, ක්‍රමයක් දන්න එකෙක් සෙට් වුණේවත් නෑ. උඹ දන්නවනම් ඇනුම් පදේ කියන ගමන් ඕක පහදපන්. උඹ රත්නපුරේ ඉන්නවනම් හොඳට බලපන්. මම දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ ඕක බලපු දෙයක් !
      අබසරණයි !

      Delete
  8. පෙරහැරක අපි නො දකින පැත්ත...හොද පෝස්ට් එකක් සිංදුවො...
    ඔය වහින කතාව නං ඇත්ත...කවුරු කොහොම කිව්වත් මෙව්වගෙ ජීවත් වෙන අපි නෙ දන්නෙ වහින්නෙ කොහොමද කියල මෙහෙට...නුවර පෙරහැරත් යනකම් හැමදාම ටික ටික වැස්ස..දිය කපන දවසෙ රඹේට වැහැල පහුවදා ඉඳන් මෙන්න ෙපාෙළාන්නරුව වගෙ පායනව...අද ගෙදර ඉන්ට බැරි තරං රස්නෙ..
    ප.ලි. ලබ්ධිය නැති හැමෝට ම බුද්ධිය තියෙනව කියල හිතං ඉන්න එක නං විහිලුවකි. අබසරණ තමයි ඉතිං :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ! ඒක ඒ පැති වල ඉන්න අය හොඳට දන්නවා මචන්. නුවර පෙරහැර නිසා තමයි මේ ටික මතක් වුනේ. බොහොම ස්තුතියි :D
      හෙහ් හෙහ් මොකුත් නැතුවට වඩා ලබ්දිය වත් තිබුනානම් හිතෙයි :-bd

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.