Monday, July 28, 2014

ස්නේහයේ නගරයයි සිත මගේ...ඔබෙත් එහෙමද ?





ඕනෑම දෙයකට ගරු කරන හැටියටලු ඒකෙන් ගරුබුහුමන් ලබන්න පුළුවන් වෙන්නේ. සින්දුවගේ ආච්චි එදා ඉඳලා කියන කතාවක් ඕක. සිංදුවා නම් තාමත් විස්වාස කරන දෙයක් ඒක.
හොඳ ඉගැනීමක් ලබන්න පොත් පත් වලට හොඳට සලකන්න ගරු කරන්න ඕනි, හොඳට වයලීන් ගහන්න අපේ වයලා වගේ වයලේට හොඳට සලකන්න ගරු කරන්න ඕනා. පර්ස් එකේ සල්ලි ගුලි කරලා දානවනම් ඒ කියන්නේ සල්ලි වලට සලකන්නේ නෑ. එතකොට පර්ස් එකේ සල්ලි ගැවසෙනවා අඩුයිලු :D :D හැබැයි පර්ස් එකේ නම් සල්ලි ගුලි කරලා නෙවෙයි හතරට පහට නවලා හැන්ඟුවත් කොහෙන්හරි ඇදිලා ඇදිලා ඇදී........ලා ඇවිත් ගිහින් මාසේ අන්තිමට ලං වෙනකොට දුකේ බෑ හයියෝ...

ඉතින් කෝමහරි හොඳට ගරු සරු ලබන්නනම් මතක තියාගන්න ඕනිම දෙයකට පුද්ගලයෙකුට ගරු කරන්න. ඕක ගත්තම ආදරේ පැත්තට..... එතනට ඒක ගොඩාක් වැදගත් දෙයක් වෙනවා නෙහ්. දැන් දැන් නම් හොඳ හොඳ ගරු සරු හම්බ වෙනවා ආදරේට කියලා වැඩක් නෑ . හැබැයි සිංදුවාගේ ඉස්සර කාලේනම් මීට වඩා ගොඩක් ආදරේ කියන එක මීට වඩා උතුම් දෙයක් විදියට සැලකුවා. දැන් බොහෝ වෙලාවට වෙන්නේ ආදරේ මැද්දෙන් පනින රාගය මුල් තැන ගන්න එක.
රාගයක් නැති ආදරයක් තියෙනවද ?

"ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි" කියයි සුනිල් ආරියරත්නයන් නම්

එත් දැන් අවුල තියෙන්නේ
එතුමාම ආයේ ලියනවා නොවැ

"ගොවිඳුනි මේ සිරි යහනේ විරහී වැලහින්නකි මා
රති කෙළි රමණී සිහි කර පැරණී" කියලා.

රාගයෙන් තොර නම් ප්‍රේමය නම් අලේටද රති කෙලි ගැන මතක් කරලා අඬන්නේ මේ රාධා ළමයා. එක්කෝ ඒ බැන්දට පස්සේ වෙන්නැති නෙහ්. ඔව්වා මම දන්නේ නෑ අප්පා. ඔය පොසිෂන් ගැන ටෝක්ස් දෙන වයලගෙන්ම අහලා බලන්න.

බැන්දට පස්සේ දැන් දැන් නම් නිව්ස් දැක්කම තේරෙනවා දෙන්න දෙමහල්ලෝ හොඳට උන්දැලට ගරු කරගන්නවා කියලා.අම්මා කියන කෙනා ළමයි ටිකත් අරන් ඩැඩාට පාඩම් උගන්වන්න ගඟේ පනින එව්වා, ඩැඩාට ෆේස්බුක් එකේ අලුත් කෑල්ලක් සෙට් වෙලා අම්මටයි දරුවටයි ගිනි තියෙන එව්වා.... ගොඩනැගිලි පාරවල් හැදුනට වැඩක් නෑ හප්පා ඒවා පාවිච්චි කරන්න ඉතුරු වෙන්නේ තිරිසන්නු ටිකක් වගේ.
හැබැයි පුතේ බැන්දට පස්සේ කොහොමද ගරු කිරීම කියලා බලන්න අහන්න ඕනි සින්දුව මෙන්න මේක. බොලේ මේකත් ලියන්නේ සුනිල් ගොයියමයි.




තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ

පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : රෝහණ වීරසිංහ
ගායනය : පණ්ඩිත් අමරදේව

මේ සින්දුව ගොඩක් රේඩියෝ චැනල් වල දැන් දැන් යනවා හැමදාම උදේට. ඒකනම් හොඳ දෙයක් නෙහ්.

මේක පැහැදිලියිනෙ තාත්තා කෙනෙක් එයාගේ බිරිඳ ගැන දකින විදිහ තමයි කියවෙන්නේ.
මා බත සරි කරන... තාත්තා තමයි බත සරි කරන්නේ තාත්තා තමයි මහන්සි වෙලා ගෙදරට අවශ්‍ය සියලු දෑ සපයන කෙනා..ඒ ඔක්කොම හම්බකිරීම් කැප කිරීම් කරන්නේ දරුවන් වෙනුවෙන් නොවැ. එතකොට තාත්තා මේ ටික කොරනකම් අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. තාත්තට නොදෙවෙනි ඊට වඩා අමාරුම වැඩේද මන්ද කරන්නේ අම්මා. මෙතැනදී තාත්තා ඒ ගැන ලොකු ගෞරවයකින් කතා කරන්නේ. මම කිව්වේ ගරු කලොත් ගරු බුහුමන් ලබන්න පුළුවන්.

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්...දැන් හෙන පොසිෂන්ස් තියෙන නෝනලා මාත්තයලා ඇවිත් පවුල් සංස්ථාව තියාගන්න හැටි තවුසන් ටෝක්ස් දෙන අතරේ එක්කෙනෙක් කිව්වා අම්මලා දරුවෝ ලැබුනම මහත්තයට තියෙන ආදරේ අඩු කරනවා ඒ නිසා මහත්තයා පිට යනවා කියලා.  පව්... පිට යන්නේ උගේ තියෙන නොසන්ඩාලකමනේ නැද්ද...නැත්නම් තමන්ගේ ළමයට ආදරේ කරනවට මොන තාත්තාද අකමැති වෙන්නේ ?
මෙතනදීත් කියන්නේ මට පෙර උරුම ආලය දැන් හම්බවෙන්නේ දරු කැලට...ඒක ඕනි තාත්තා කෙනෙක් මූනදෙන අත්දැකීමක්. 
 රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්.. නිමක් නැතුව රෑ දහවල් දෙකේම වෙහෙසෙනවා...ඕක කියන්න දෙයක් නෑ නොවැ පොඩි කාලේ ඉඳලා දරුවෙක් ඉන්න ගෙදරක හිටියනම් තමයි තේරෙන්නේ ළමයි ලොකු කිරිල්ල කොයිතරම් අමාරුද කියලා.
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්
තමන්ගේ ළමයි වෙනුවෙන් වෙහෙසෙන තමන්ගේ බිරිඳ , තමන්ට කලින් ලැබුණු ආදරෙත් දැන් දරුවන්ට දෙන බිරිඳ දැකලා ඇතිවෙන්නේ තාත්තට තව බිරිඳ ගැන සෙනෙහස වැඩිවීමක් ඒක පෙම් කරන කාලෙටත් වඩා සෙනෙහස වැඩිවීමක්. නැතුව පිට යන්න අදහසක් නෙවෙයි.

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැඟෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ 

ඇගේ සුවඳ දැන් බැතිබර හැඟුම් දනවන්නේ... ඇය කෙරේ එතරම් ගෞරවයක් දැන් ඔහුට තියෙන්නේ.
දරුවන්ට විතරද ඇගේ ආදරේ... නෑ නොවැ මේ කියන්නේ මගෙ හිස සිඹින සඳ කියලා දරුවන් ගැන විතරක් නෙවෙයි ඈ ඔහු ගැනත් සොයා බලනවා... ඒක බිරිඳකට එහා ගිය අම්මා කෙනෙක් වගේ ගෞරවනීය හැඟීමක් ගෙන එන්නක්.සින්දුවේ ආත්මය තියෙන්නේ මෙතනද කොහෙද.

ඔන්න ඔය වගේ හිත සුවපත් වෙන සිංදු කියන නිසා තමයි ලහිරු පුතා ඇල්බට් පෙරේරට මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් අමර - දේව කියලා නම දැම්මේ. ඒ නිසා තමයි මිනිස්සු දෙවියෙක්ට සමානව ඔහුට සලකන්නේ. ඒ නිසා ගොන් පාට් නොදා "ජූජාච පූජනීයානං" පිදිය යුත්තන් පුදපන් පුතා. මොකද ඒක මංගල කාරණාවක්.

ට්‍රැක් පොඩ්ඩක් පැන්නට අපි කතා කර කර හිටියේ ගරු සරු කරන්න ඕනා ඕක ලබන්නනම් කියලනේ. ඊළඟට අපි කිව්වේ දැන් දැන් ප්‍රේමය කියන කාරණයේදී ඕක අඩු වෙලා කියන එකනේ. ඒ නිසානේ කෙල්ල තරහවුණු ගමන් කෙල්ලගේ උපන් ඇඳුමින් ඉන්න ෆොටෝස් කොල්ලා වෙබ් සයිට් වලට දාන්නේ...එහෙම නැත්නම් කෙල්ලව උස්සන් ගිහින් එව්වා මෙව්වා කොරන්නේ. මට මතකයි අපේ ඉස්කෝලේ ලෙක්චර් එකකට ආපු බුලට් එකක් කිව්වා ආදරේ අවසාන ඵලය රාගය කියලා. උගේ ආච්චිගේ රෙද්ද. ප්‍රේමය කියන දේ ඊට වඩා පුළුල් විදියට බලන්න ඕන උතුම් විදියට සලකන්න ඕනා දෙයක්. මොකද ඒක වෙනුවෙන් මිනිස්සු දහසක් කැප කිරීම්, ඉවසීම්, වෙහෙස මහන්සි වීම් තියෙන උදාර එකක්. මේ ටීම් උන්නැහෙත් කියන්නේ.. බලන්න සින්දුව අහලා ඊට පස්සේ අන්තිමට පැහැදිලිත් කරනවා.





කොහෙන් හරි අර උඩ කිව්වා වගේ තමන්ගේ බිරිඳ දිහා උතුම් විදියට ගෞරව විදියට බලන්නනම් දෙන්නම
ගෞරවනීය මෙව්වා එකක් පටාන් ගන්න ඕනිනේ නැද්ද... මම කිව්වේ මේ ආදරයක්...
එහෙම එකක් පටන් ගන්නවා අමරසිරි පීරිස් එක්ක මැණික් ජයසේකරයන්.




ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න
ආසයි මටත් කොයි ඉසව්වේද
ඒ මෙත් පුරේ

යෞවනයේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල්වනේ
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතුදිනේ
සෙනෙහසේ සිහිළඹීන්
දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ

ගායනය : මැණික් ජයසේකර සමග අමරසිරි පීරිස්
පද රචනය : හේමසිරි ගුණතුංග
සංගීතය : රෝහණ වීරසිංහ

ඔන්න දවසක් හේමසිරි මහත්තයා කොළඹ ඉඳලා වැලිගමට යන්න බස් එකකට නැග්ගලු. දැන් ඒ බස් එකේ සීට් එකක ඉන්නලු තව ගෑලු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. දෙන්න ඔන්න මුලදී හැසිරුනේ දෙන්නම නොදන්න විදියටලු. ඊට පස්සේ කෝමහරි මොකක්හරි කතාවක් දෙන්න අතරේ යන්න ඇති කොන්දොස්තර උන්නැහේ ආවම කොල්ලා දැන් දෙන්නටම ටිකට් ගත්තලු. දැන් එතන ඉඳලා අර කෙල්ලයි කොල්ලයි එක කතාවයිලු. හම්මේ අපිට අහුවෙන්නේ නෑනේ මෙහෙම කෙල්ලෝ. කොමහරි දෙන්නා ගාල්ල හරියේදී බැස්සලු බස් එකෙන්. බැහැලා දෙන්නා එක්ක අත් අල්ලගෙන යනවලු.
ඕක දැකලා ආදරේ මේ තරම් ලාබද කියලා හිතුනලු ගුණතුන්ගයන්ට.ඒ අයිඩියා පිට තමයි ඔන්න මේ සින්දුව ලියවෙන්නේ.


කොහොමද මේකේ කොල්ලා කැමැත්ත අහන්නේ....
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
මගේ සිත ස්නේහය කියන නගරය. ඒක නගරයක් හංදියක් නෙවෙයි. ඒ තරම් ඒ ස්නේහේ විශාලයි. ඒකෙ රාගය කියලා මාවතක්වත් නෑ. ඒ තරම් උතුම් විදියට සලකන්නේ ප්‍රේමය යන්නට.
වන්දනාවේ ගිහින් ඉන්න
ආසයි මටත් කොයි ඉසව්වේද
ඒ මෙත් පුරේ
ඉතින් ප්‍රේමවන්තියට එතන පේන්නේ මෙත් පුරයක් ඒ කියන්නේ කරුණාවෙන්, මෛත්‍රීයෙන් පිරුණු  පුරයක් විදියට. එතන ඈ යන්නේ වන්දනාවේ. ඒ වචන වලින් පෙන්වන්නේ ප්‍රේමය කියන දෙය මෙතැනදී කොතරම් උතුම් දෙයක් ලෙස සලකනවද කියන කාරණේ.

යෞවනයේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල්වනේ
මෙතනින් ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය කියනවට වඩා ඇය කෙරේ අපිටත් එන්නේ පහන් හැඟීමක් නෙහ්.
හද යන්න සල් වනයක් නම් ඒකෙ රන් මල ඇය. ඇයත් එහෙමයි
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ
ඇස් කියන පහන් දල්වලා... ඇස් වලින් ඔහු දෙස බලලා, පූජාසනේ සිට රන් සිනා පාන්නේ ඔහුට. පැත්තක හිටපු ඇන්ටි කෙනෙක් කිව්වලු මුන් දෙන්නගේ සමයං කියලා. :D :D :D සිත කියන සුවඳ හමන සඳුන් දුම් වලින් ඔහුගේ සිත කියන පූජාසනයේ සුවඳ ගන්වමින් ඇය ඉන්නේ.
 
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතුදිනේ
අදද හෙටට අවුරුද්දකට නෙවෙයි මේ ආත්මය මතුදාක මිලින වෙලා යනකම්ම...ඇයව රැකබලාගන්න, ඇයට ආදරේ කරන්න, ඇය සමග දිවි ගෙවන්න ඔහු එන්නේ..
සෙනෙහසේ සිහිළඹීන්
දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ
එවන් ආදරේ පුජනීයයි නේන්නම්. සෙනෙහසේ  සිහිළඹීන් දොවන සේ යදිමි මා...
සිහිළඹ කියන්නේ සිහිල් + අඹ(දිය)  ඒ කිව්වේ සිහිල් දිය යන්න, සෙනෙහස කියන සිහිල් දියෙන් මාව නහවන්න කියලා මේ ගෑනු ළමයා කියනවා. අර ඇන්ටි හිටියනම් සුවර් ආයෙ කියනවා....මුන්ගේ කෝලන් කියලා.


ඉතින් ඔන්න ඔහොමයි පොඩි එකෝ මල් කඩන්න ඕනා. එතකොටයි පස්සේ තාත්තා වුනත් මා බත සරි කරන කියන්න පුළුවන්. එහෙනම් සිංදුවා ගියාවේ ! (ට්‍රොජට ටැංකු වෙන්න ඕනා අමාරු වචන වල තේරුම් හොයන්න සප් එක දුන්නට)



24 comments :

  1. මේක සීරියස් නැති ජෝක්ස් නැති මහ දෙකටම නැති කුප්ප කතාවක්.. ඔව් ඉදගෙන...
    හිහැක්

    ReplyDelete
    Replies
    1. කොහෙද කුප්ප හිතකින් නොවැ බලලා තියෙන්නේ :D බොහොම ස්තුතියි මහේෂ්

      Delete
  2. ජෝක් එකක් අස්සෙ සීරියස් ඇවිත් අවසාන හරියෙදි මඥ්ඤං වෙලා ගියා............

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් නිසා මටත් කොයිල් බන් ටැංකු ඈ

      Delete
  3. ඇයි බං වයසක අන්කල්ලා ඇන්ටිලා බස් වල යන කොල්ලො කෙල්ලො දිහා කන්න වගේ හැරි හැරි බලන්නෙ....?


    නෑ මේ මං නිකං ඇහුවෙ... හි හි

    මම ඔතනින් වැඩිපුර ආස ටී එම්ගෙ සින්දුවට... මට මතක හැටියට මං ලවු කරන්න පටං ගත්ත කාලෙ ඉඳල ඔය සින්දුවට හෙන ආසයි...

    ReplyDelete
    Replies
    1. ඊරිසියාව බන් ඊරිසියාව හා නැත්නම් එයාල ඔව්ව මොකුත් නොකරපු අයද.. නෑනේ :D
      මමත් ලව් ලෙටර් වල පට්ට ගහපු සින්දුවක් තමයි :D
      බොහොත් ශුකුඩියා ආ !

      Delete
  4. මේක මහා පට්ට සංකීරණ මාර්තෘකාවක්... හරිම විවාදාත්මකයි....මම දකින විදිහට නම් ප්‍රේමය කියන එකට තනි අර්ථ කතනයක් දෙන්න අමාරුයි. සුහුබුල් ප්‍රේමය කියන්නේ හුදු රාගය මුල්කොට ගත්ත ආකර්ෂණයක්...... (ඔය කාලේදී තමයි සුවීටි කෙල්ල තැඹිලි ගෙඩිය වාගේ පෙනෙන්නෙත් ලවු එක කඩුනහම පොටෝ ටික ෆේස් බුක් එකේ දාන්නෙත්) කල් යද්දී ප්‍රේමය මුහුකුරා යද්දී ඒ ආකර්ෂණයට ගෞරවයක් එකතු වෙනවා. ඒ තමුන්ගේ වෙලාවේ රාගයට අමතරව ඕකට අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින කියන ෆීලින් එක එනවා. ඒ ගෞරවය පෙරටු කොට ගත ප්‍රේමය තමයි සදාකාලික පරිනත ප්‍රේමයක් වෙන්නේ. හැබැයි අර රාගය තමයි ප්‍රේමයේ තියෙන අග්‍ර පලය කියන එකත් එක්තරා විදිහකට හරි. එත් රාගයම විතරක් මුලික කොටගත්ත අවලම් ප්‍රේමය හින්ද තමයි අර ළමයි මරල හරි තමුන්ගේ ආශාව ඉස්ත කරගන්න පෙළඹෙන්නේ. මොනවා උනත් රාගය කියන එක ප්‍රේමය පරිනත කරන්න උදවු වෙන ටුල් එකක්... මොනවා උනත් තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා. ප්‍රේමය සරල අර්ථ කතනයක් දෙන්න පුළුවන් දෙයක් නෙමේ... ජීවිතේ තියෙන සංකීර්ණම සිතිවිලි එකතුව ප්‍රේමය කියන්න පුළුවන්....ඒ සිතිවිලි ගොන්නේ ද්වේශය, ආලය, රාගය, ඉරිසියාව,සැනසීම, දුක, විරහව, සතුට, වගේ දේවල් කැටි වෙලා තියෙනවා වගේම මේවයේ පොඩි වෙනසකින් ජීවිතයක් සනසවන්නත් නැති කරන්නත් පුළුවන් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් කතා කරයි කිව්වලු.
      //ප්‍රේමය සරල අර්ථ කතනයක් දෙන්න පුළුවන් දෙයක් නෙමේ... ජීවිතේ තියෙන සංකීර්ණම සිතිවිලි එකතුව ප්‍රේමය කියන්න පුළුවන්....ඒ සිතිවිලි ගොන්නේ ද්වේශය, ආලය, රාගය, ඉරිසියාව,සැනසීම, දුක, විරහව, සතුට, වගේ දේවල් කැටි වෙලා තියෙනවා වගේම මේවයේ පොඩි වෙනසකින් ජීවිතයක් සනසවන්නත් නැති කරන්නත් පුළුවන් කියලයි මට හිතෙන්නේ.//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++
      ඔන්න ඔය කෑල්ල ටොපේ ටොප් බනිසෝ.
      බොහොම ස්තුතියි ඈ

      Delete
    2. සිංදුවෝ.......මම පෝස්ට් එක කියවලා ලියන්න යමක් හිතාගත්තා. නමුත් ඒ හැම දෙයක්ම අඩුවක් නැතුව බනිසා ලියලා. මට කියන්න තිබුනේ ඔය ටිකම තමයි. බනිසාගේ කමෙන්ට් එක අගය කරනවා. ඕක තමයි ප්‍රැක්ටිකල් තත්වය.

      /////හැබැයි අර රාගය තමයි ප්‍රේමයේ තියෙන අග්‍ර පලය කියන එකත් එක්තරා විදිහකට හරි. එත් රාගයම විතරක් මුලික කොටගත්ත අවලම් ප්‍රේමය හින්ද තමයි අර ළමයි මරල හරි තමුන්ගේ ආශාව ඉස්ත කරගන්න පෙළඹෙන්නේ. මොනවා උනත් රාගය කියන එක ප්‍රේමය පරිනත කරන්න උදවු වෙන ටුල් එකක්...////////

      ඔය සෙක්ස් එහෙම නැත්නම් ලිංගික තෘප්තිය නැති තැන ප්‍රේමයට පලායන්න ගොඩාක් දොරටු විවෘත වෙනවා. ඒක ඇත්ත. අපි සමාජයේ එවැනි තැන් දැකලා තියෙනවා. ගෑණුන්ටත් ඒක එහෙමම තමයි. එවැනි අය මට හමුවී තිබෙනවා. ප්‍රේමය, විවාහ ජීවිතය වගේ දේවල් 1+1=2 වගේ සමීකරණ නෙමේ.

      Delete
    3. බොහොම ස්තුතියි අරූ..දෙන්නම බෙරේ බැඳගත්ත සංගමේ උදවියනේ ඒ නිසා තමයි...හෙහ් හෙහ් හෙහ් හෙහ් :D :D

      Delete
  5. සිංදුවා කාලෙකින් ඇවිත් තියෙන්නෙ. :-pi

    ReplyDelete
    Replies
    1. ලෙඩ වෙලා බස්සට වගේ වැඩ ගොඩ ගැහිලා ඉඳලා ආවේ... නිවන ලැබෙන්නේ මේ මාසෙන් පස්සසේ :D
      බොහොම ස්තුතියි බස්සි

      Delete
  6. //ස්නේහයේ නගරයයි සිත මගේ
    මාවතක් හෝ නොවූ රාගයේ
    වන්දනාවේ ගිහින් ඉන්න
    ආසයි මටත් කොයි ඉසව්වේද
    ඒ මෙත් පුරේ//

    පට්ටයි සින්දුවෝ....ඔය තේරුම් කරලා තියන ටික කියෝලා ඒ ටික ඔලුවේ තියන් සිංදුව අයෙත් ඇහුවා ...මරු ...තැන්කිව් ඈ .. :-h

    සින්දුවාගේ ආච්චිගේ කතාවට එකඟයි ලු අපිත්...

    ඒ ඇත්තමයි ...මාත් බස්සෙකේදී එහෙම හදිස්සියට සල්ලි ගුලි කරලා සාක්කුවට ඔබනවා ...මීට පස්සේ කරන්නේ නෑ නෑ මයි. =D>

    අපි දැක්කලු එක්කෙනෙක්ව සමන් දේවාලේදී :-da

    ReplyDelete
    Replies
    1. :D සල්ලි ලැබෙන එක අඩුවෙයි ගරු නොකලොත් ඈ :D
      ඒකනේ මම කලින් කමෙන්ට් එකත් දැක්කා. චඃ මම දැක්කනම් අනිවා ඩෙෆා හොයාගෙනම ළඟටම එනවනේ..
      අපි එදා අයියගේ බබාට වෙච්ච භාරයක් ඔප්පු කරන්න ගියේ.
      කමක් නෑ මේ පුංචි රටේ කොතනක දී හෝ යලි කවදාහෝ සෙට් වෙන්න බැරියෑ :D
      බොහොම ස්තුතියි :D

      Delete
  7. // සින්දුවගේ ආච්චි එදා ඉඳලා කියන කතාවක් ඕක // හඃ හඃ හඃ ආතල් කතාව මරු එකාට කියලා තියෙන්නේ .

    // හැබැයි සිංදුවාගේ ඉස්සර කාලේනම් මීට වඩා ගොඩක් ආදරේ කියන එක මීට වඩා උතුම් දෙයක් විදියට සැලකුවා. දැන් බොහෝ වෙලාවට වෙන්නේ ආදරේ මැද්දෙන් පනින රාගය මුල් තැන ගන්න එක // :p :p :p

    // රාගයක් නැති ආදරයක් තියෙනවද ? //
    රාගයක් නැති තැන ආදරයක් තියෙන්න පුළුවන් . ඒත් ආදරයේ අවසානය රාගය කියලා කියන්න එක විදියකට පුළුවන් , තව විදියකට බෑ . මොකද ඔතන රාගය කියන දේට දෙන අර්ථය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් . ආදරය ගොඩක්ම පවිත්‍ර නම් දෙන්නෙක් අතරේ ඇතිවෙන ලිංගික ආකර්ෂණය රාගය කියලා හඳුන්වන්න බෑ . දෙන්නගේ ආදරය පළුදුයිනම් ඒ සමහර තැන් අතරේ රාගය තියෙන්න පුළුවන් . කොල්ලා කෙල්ලගේ කෙල්ල කොල්ලගේ කැමති වෙලා තියෙන්නේ ඒ ඒ දේවල් වෙනුවෙන් නම් සමහරවිට ඒ හැගීම රාගය කියලා කියන්න පුළුවන් . ඕක එක එක්කෙනාගේ තාරදී වලට රෙස්පොන්ස් කරන්නේ එක එක විදියට .

    මේ දෙපිරිස අතරේ තියෙන වෙනස අනුව සමහර අය කියනවා ආදරයේ අවසාන ඵලය රාගය කියලා . තව කස්ටියක් කියනවා නෑ ආදරය ඊටවඩා පිරිසිදු දෙයක් කියලා . ඔය මොක කරත් අන්තිමට වෙන්නේ එකම දේ . ජීව විද්‍යාවට අනුව ජීවී විශේෂයක් වැදගත්ම ක්‍රියාවලිය තමන්ගේ විශේෂයේ අකණ්ඩ පැවැත්ම තහවුරු කරන්න ප්‍රජනනය කිරීම . වෙනස තියෙන්නේ චේතනාවෙ විතරයි . මං දන්නේ නෑ . මේ දවස්වල මටත් පයිත්තියන් වගේ වෙලා ඉන්නේ . කමෙන්ට් එකත් පයිත්තියන්ද මන්දා . :p :p :p

    ආදරය ආදරය කිව්වට මේ වචන වෙනස් වෙන්න ඕන කියලයි මටනම් හිතෙන්නේ .
    කවුද කිව්වේ කියලා මට මතක නෑ . දවසක් අපේ ස්කූල් වෑන් එකේ එනකොට රේඩියෝ එකේ ඇහුනා

    " ඔබට මේ ලෝකයේම සිටින කාන්තාවන් සියල්ලටම ආදරය කල හැකිය , නමුත් ප්‍රේම කල හැක්කේ එක කාන්තාවකට පමණි " කියලා . ඒ නිසා ආදරය සහ ප්‍රේමය කියන දෙක දෙකක් විදියට සලකලා තවත් දුරට හිතන්න වෙනවා .

    ප්‍රේම කල හැක්කේ එක කාන්තාවකට පමණි කියන කතාවනම් හරි නේද බං ? :p :p :p

    ReplyDelete
    Replies
    1. //මේ දවස්වල මටත් පයිත්තියන් වගේ වෙලා ඉන්නේ . කමෙන්ට් එකත් පයිත්තියන්ද මන්දා //
      මේක අහන්නත් දෙයක්ද ඉතින් :D

      මොකක්ද බන් ඒ අප්‍රබන්සේ ? උඹ අදහස් කරපු එක තේරුනා :D ඒක මටනම් තේරිලා තියෙන්නේ. උඹටයි තේරෙයි වගේ ළඟදීම :-bd :-bd :-bd :-bd :-bd :-bd

      Delete
    2. 11 සිංහල සාහිත්‍ය පොතේ ඇති කෑරගල වෙහෙර වැනුම කියල . ඒකෙ ඇති ඔය සිහිළඹ කතාව .
      දොරින් දොරම සිහිළඹ වැහෙන කඳුරුය ද මොකද්ද මන්දා කවියක ඕක තිබ්බ :p

      ඔව් ඔව් තේරෙයි තේරෙයි . මම මේ කරති කැඩෙන්න බිබී ඉන්නේ වතුර :p :p :p

      Delete
    3. වතුර බීලා බලපන්කො හෙහ් හෙහ් හෙහ්

      Delete
  8. මේකා හැමදේම කවලන් කරලා ලියලා අපිවත් මඤ්ඤං කරනවා.. කෝම වුනත් එල..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් කෝමහරි කමක් නෑ කොඤඤන් කොඤඤන් හරි තෙරුනානම් එච්චරයි :D
      බොහොම ස්තුතියි දිනේෂ් :D

      Delete
  9. සොඳුරු අතීතය සින්දුවට මං පට්ට ආසයි ඈ... :-pi

    ReplyDelete
    Replies
    1. මගෙත් කැමතිම එකක් තමයි :D
      බොහොම ස්තුතියි ආ !

      Delete
  10. කොමෙන්ට් ඔක්කොම කියවන්ට වෙලාව මදි.. ඒත් කොමෙන්ටුවක් දාන්ට ම ඕන මේ පට්ට පෝස්ටුවට :)

    රාගයෙන් තොර ප්‍රේමය ගැන කතාවට මම නම් එකඟ නෑ.. ඔතන ප්‍රපංච වන්නෙ ස්ත්‍රී පුරුෂ ආලය නිසා.. එහ‍ි රාගය ත් තිබිය යුතු යි..

    ප්‍රේමය කියන්නෙ අඩුතරමෙ රාගය සහ සහකම්පනය යන දෙකෙ හි එකතුවක් මම හිතන විදිහට නම්. සහකම්පනය නැති තැන තිබෙන්නෙ භෞතිකයට පමණක් සීමා වූ බැඳීමක්. රාගය නැති තැන තිබෙන්නේ මාතෘමය වූ ප්‍රේමයක්.. ස්ත්‍රියක සහ පුරුෂයකු අතර ඇති වන එවැන්නක් කෙතරම් දුලබ වුවත් එය ලෝක යාත්‍රාවේ ප්‍රගමනයට දායක වන්නෙ නැති නිසා එහි වටිනාකම අඩු යි..(මා කතා කරන්නේ සැබෑ මාතෘමය ප්‍රේමය නොව ස්ත්‍රී පුරුෂයන් අතර ඇති වන එ වැනි ප්‍රේමයක් ගැන යි. ඒවා ද ඇතැම් විට ඇති වන බව මා දැක තිබෙනව)

    රාගය පමණක් ඇති තැන:

    නුඹ වයස මටම ගැලපෙයි නම්
    මව් පියන් සිතට සතුටුයි නම්
    මට සිත දි සනසලා විල කලඹලා
    රැයම සනසලා...

    සහකම්පනය ඉස්මතු වන අවස්ථාවක්:

    ළසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
    මගේ සිත ද වැළපේ
    සිනා තෙපුල් මැද ඔබ සැනැසෙන සඳ
    මගේ සිත ද සැනසේ...
    ..................................................................................

    මෙ තැන එක සින්දුවක් මිසිං මචං....

    දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්....
    තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා
    සොඳුරියෙ... නුඹයි ඒ අම්මා..

    අහස මෙන් ලත් චෝදනා... පොළව මෙන් දුක් උහුලනා...
    මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා...
    සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...

    සිතට සැනසුම් කල්පනා... ගෙනෙන පාදා වාසනා...
    තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ...
    සොඳුරියේ නුඹෙ රුව අඹාගමි මහද මන්දීරේ...

    ජයවේවා!!!

    ලැම්බාගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. //රාගය නැති තැන තිබෙන්නේ මාතෘමය වූ ප්‍රේමයක්//
      අම්මා ගහයි බැට් එකෙන් මේ වගේ අයිඩියා එකක් ඇවිල්ලම නෑනේ බන් මට. සින්දුවෙන්ම පහදපු එක තමයි පස්ටම :D
      හෙහ් හෙහ් සෝමතිලක ජයමහගේ මහත්තයගේ අලුත් ඇල්බම් එකේ සින්දුව :D
      මට ඕක මතක් වුනේ නෑනේ. පට්ට පට්ට
      පොස්ටුවට වඩා වටින්නේ කොමෙන්ටු ටික. බොහෝම ස්තුතියි ලැම්බා :D

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.