Tuesday, July 15, 2014

සඳලිගේ සහ දෙවිඳුගේ ආදර කතාව






" කෝ දෙන්නකෝ ඔයාගේ අත පොඩ්ඩක් "

" මොකටද අනේ කියන්නකෝ "

" ඔන්න අත දුන්නේ නැත්නම් මම තරහ වෙනවා ආයෙ කතා කරන්නෙම නෑ  "

" කියන්න , ඔයාට පුලුවන්ද දෙවිඳු මම නැතුව ඉන්න "

" මගේ පුංචි දෙවඟන දන්නවනේ මට ඔයා නැතුව ඉන්න බෑ කියලා , කෝ ඉතින් දෙන්නකෝ අත මෙහාට හොඳ ළමයා වගේ "

" ආ , ඔන්න දවසක් වගේ හයියෙන් අත මිරිකන්න බෑ හොඳද ? . මට එදා ගොඩක් රිදුනා "

" නෑ නෑ මැණික , අද මම අත ඉල්ලන්නේ වෙන වැඩකට කෝ දෙන්නකෝ පැහෙන්නේ නැතුව "

" හ්ම් ! . ඔන්න එහෙනම් අත , නරකයි ඔයා මොකටද කියන්නේත් නෑ  "

" හා දැන් ඇස් පියාගන්නකෝ "

" අනේ මට බෑ , ඔයා කියන්නකො දෙවිඳු මොකටද කියලා "

" මෝඩ කෙල්ල , දැන් කියන දෙයක් අහන්නෙම නෑ නේද ? මම තරහයි "

" හා හා ඔන්න ඇසුත් පියාගත්තා "

" එහෙනම ඔන්න මගේ පුංචි දෙවඟන මම කියනකන් ඇස් අරින්න බෑ හරිද ? "

" අනේ මාව මෙතන දාලා හැංගෙන්න නම් එපා . මට බයයි "

" හා දැන් ඇස් ඇරලා බලන්නකෝ "

" අනේ......... හරි ලස්සනයි දෙවිඳු , ඔයාට මේවා ගන්න කොහෙන්ද සල්ලි ? අනේ හරි ලස්සනයි "




" සඳලි , මේ මුද්ද මට දාන්නකෝ "

" ඇයි මේ කවදාවත් නැතුව ? "

" මම හිතුවා ඔයාට මොනවා හරි දෙන්න කියලා . හැමදාම ඔයා මට ඒවා මේවා අරන් එනවා . අපි කවදා හරි බඳින දවසට මම ඔයාට අරන් දෙන්නම්කො රත්තරන් මුද්දක් . දැන් මේ මුද්ද ඔයා මට දාන්න "

" මම මේ මුද්ද හැමදාම අතේ තියාගන්නවා "

" මමත් තියා ගන්නවා "

දෙවිඳු සඳලි දෙදෙනා අඳුරගත්තේ පාසැල් යන සමයේ . සඳලිගේ පියා ව්‍යාපාරිකයෙක් . ඒ නිසා සඳලි වැඩි දුර ඉගෙනගත්තේ නෑ . උසස්පෙළ ලියලා ගෙදර තමයි වැඩි කාලයක් ගතකලේ . හැබැයි මෙයාට ගෙදරින් එලියට යන්න එපා කියලා තහංචි දාන්න කවුරුවත් හිටියේ නෑ . මොකද සඳලිගේ අම්මා පොඩි කාලෙම එයාලව දාලා ජීවිතෙන් සමු ගත්තා .

සඳලිගේ තාත්තා බිස්නස් වැඩ ගැන බලනවා මිස සඳලි ගැන බලන්න යොමු කරේ අඩු කාලයක් . එදිනෙදා වියදමට සල්ලි දෙනවා ඇරෙන්න සඳලිගේ තාත්තා එයා ගැන හෙව්වේ බැලුවේ නෑ . ගෙදර වැඩ කරන්න හිටියා බිසෝ මැණිකා කියලා ගෑණු කෙනෙක් . සඳලිගේ ඔක්කොම වැඩ කරේ මේ බිසෝ මැණිකා .





" පුංචි බේබි අද කොහෙද ගියේ ? "

" බිසෝ අම්මා දන්නේ නෑනේ , අද මමයි දෙවිඳුයියි මුදු මාරු කරගත්ත "

" ඈ........ තරුණ වයසේ ළමයි ඔහොම කරනවද මම අහන්නේ , බඳින දවසට එතකොට බේබිලා දෙන්නා මුදු දාන්නේ නැද්ද ? "

" දානවා දානවා , එතකොට එයා මට රත්තරන් මුද්දක් අරන් දෙන්නම් කිව්වා . අද දැම්මේ වෙන මුදු දෙකක් "

" අනේ මං දන්නේ නෑ බේබි , බෙබිලගේ තාත්තා දෙවිඳු බේබිට කැමති වෙයිද දන්නේ නෑ . තාම ඉගෙන ගන්නවා නේද ? "

" ඔව් ඔව් ඩිග්‍රිය කරගන්න තව අවුරුද්දයි තියෙන්නේ . මම එතකොට තාත්තට ඕන එකක් කරගන්න කියලා එයා එක්ක යනවා "

" බේබි පැනලා යනවද ? "

" මං දන්නේ නෑ බිසෝ අම්මේ , තාත්තා අකමැති උනොත් එහෙම හරි මම දෙවිඳු ගාවට යනවා "

ඔන්න ඔහොමයි බිසෝමැණිකයි සඳලියි කිට්ටුවෙන් ආශ්‍රය කලේ . මොකද සඳලි පවුලේ එකම ළමයා නිසා එයාට තනි නොතනියට හැම දේටම හිටියේ මේ බිසෝමැණිකා . ඉස්කෝලේ යාළුවො උනත් සඳලිට ඉන්නේ කීප දෙනයි . එයාලට උනත් සඳලි තමන්ගේ දේවල් වැඩිය කියන්නේ නෑ . හොඳම යාළුවට අම්මට ආච්චි අම්මට මේ හැම දේටම කියලා සඳලිට හිටියේ බිසෝමැණිකා විතරයි . සඳලිගේ අම්මා මැරුණට පස්සේ සඳලිගේ තාත්තා සඳලිගේ අම්මාගේ පැත්තේ නෑයින්ට ගෙදරට එන්න දුන්නේ නෑ . මේ හැම දෙයක්ම නිසා සඳලි හිටියේ අමුතුම සමාජයක .

සඳලි දෙවිඳු දෙන්නා හමු උනේ උසස්පෙළ ලියන්න ක්ලාස් යනකොට . දෙවිඳු සල්ලි තියෙන පවුලක කෙනෙක් නෙවෙයි . සාමාන්‍ය පවුලක ළමයෙක් . දෙවිඳුගේ තාත්තා නෑ . ඉතින් පවුලේ ලොකු ලොකු වගකීම් හැමදේම වගේ දෙවිඳුගේ ඔලුවේ තිබුණා . දෙවිඳුට මල්ලි කෙනෙක් හිටියා . මල්ලිට අවුරුදු දෙකේදී විතර තමයි තාත්තා හවස වැඩ ඇරිලා බීලා එනකොට කොච්චිටයට යටවෙලා මැරුණේ .

ඊට පස්සේ අයියටයි මල්ලිටයි උගන්නන්න අම්මා ගොඩක් මහන්සි උනා . කුලී මැහුම් මහලා හම්බෙන සොච්චමෙන් තමයි ගෙදර වැඩ ඔක්කොම වගේ සමබර වෙලා ගියේ . පස්සේ දෙවිඳු සාමාන්‍යවෙලා සමත් උනාට පස්සේ මොකක් හරි රස්සාවකට යන්න හදනවා . ඒත් අම්මා කැමති වෙන්නේ නෑ . අම්මා කියනවා





" මගේ පුතාට තව ඉගෙන ගන්න පුළුවන් . මම කොහොමහරි වියදම් කරන්නම් ,  මෙගේ පුතා තව ඉගෙන ගන්න කියලා "

ඉතින් දෙවිඳු උසස්පෙළ කරන්න ඉගෙන ගන්නවා . දෙවිඳු තෝරගත්තේ උසස්පෙළට කොමස් කරන්න . මෙහෙම ටික දවසක් යනකොට තමයි දෙවිඳුට සඳලිව මුණගැහෙන්නේ . දෙවිඳුට සඳලි ගැන ආදරයක් හිතුනත් ගෙදර තිබුන අඩුපාඩුකම් එක්ක තවත් බැඳීමක් ඇතිකරගන්න තරමක මැලිකමක් ඇතිවෙනවා .

ඒත් පෙම්වන්ත හිත කොහොම හංගන්නද ? . සඳලියි දෙවිඳුයි ආදරවන්තයින් බවට පත්වෙනවා . ටිකෙන් ටික කාලයක් ගත වෙනකොට දෙවිඳු සඳලි දෙන්නම තම තමන්ගේ ජීවන ප්‍රවෘත්ති හුවමාරු කරගන්නවා . ඒත් සඳලිට දෙවිඳුගේ පවුලේ ප්‍රශ්න වලින් වැඩක් තිබුණේ නෑ . අම්මා තාත්තා දෙන්නාගෙන් අහිමිඋන ආදරයේ අඩුව පුරවා ගන්න සඳලි තව තවත් දෙවිඳුට කිට්ටු උනා .

" හෙලෝ දෙවිඳු ඇයි කතා නැත්තේ , අනේ කතා කරන්නකෝ මම කීපාරක් කෝල් කරාද , ඇයි ආන්සර් කරේ නැත්තේ . ඇයි අද ක්ලාස් ආවේ නැත්තේ ? "

" මට සනීප නෑ වගේ සඳ "

" වෙන්න බෑ වෙන්න බෑ , පෙරේදත් ඔයා හොඳට හිටියනේ . කියන්න ඇයි ආවේ නැත්තේ ? මම අද බලාගෙන හිටියා ක්ලාස් එක ගාවට වෙලා ඔයා එනකං . ඔයා ආවේ නැති නිසා මම ක්ලාස් එකට ගියේ නෑ , දැන් මේ ගෙදර යනගමන් . ඇයි කියන්නකෝ ආවේ නැත්තේ ? "

" අද මාසේ දෙවෙනි සතිය "

" ඉතින් ? "

" මම ගිය සතියේ කාඩ් එක ගත්තේ නෑ , මේ සතියේ ගන්න කියලා හිතාගෙන හිටියේ . අද අම්මට සල්ලි නෑ කිව්වා . මම ඉතින් ආවේ නෑ . ඔයාට මම එන්නේ නෑ කියලා කිව්වේ නැත්තේ මම එන්නේ නෑ කිව්වම ඔයත් ක්ලාස් යන්නේ නැති නිසා . ඇයි ක්ලාස් කට් කරේ ? ඔයාට යන්න තිබ්බේ . අපරාදේ "

" අනේ වස්තුවේ මට කිව්වනම් මම කාඩ් එක ගන්නවනේ . ඔන්න අනිත් දවසේ එහෙම ඔඅහොම කරන්නේ නෑ හරිද ? තරහයි මම . හැමදේම මට කියනවා කිව්වට කෝ ඉතින් ඔයා හොරා වගේ තනියම දුක් වින්දිනවනේ . මටත් කියන්න අනේ ඔයාගේ ප්‍රශ්න . මට පුළුවන් ඒවට උත්තරයක් හදලා දෙන්න "

ඉතින් ඊට පස්සේ සතියේ ඉඳලා හැමදාම වගේ දෙවිඳුටත් එක්ක සඳලි ක්ලාස් ෆීස් ගෙව්වා . සමහර මාස වලදී දෙවිඳු සඳලිට කලින් කාඩ් එක ගත්තත් සල්ලි නැති දවසට ඉක්මන් උනේ සඳලි . දෙන්නට දෙන්නා පුදුම ආදරේකින් කාලේ ගත කරපු නිසා මේ දේවල් දෙන්නටම ප්‍රශ්න උනේ නෑ . සඳලිට වඩා දෙවිඳුට ඉගෙන ගන්නත් පුළුවන් . සඳලි මේ බව දැනගෙන හිටපු නිසා දෙවිඳුට ඉගෙන ගන්න හැම අතින්ම උදවු කරා .



මේ අතරේ මේ දෙන්නගේ කූඩුවට දුෂ්ටයෙකුගේ බැල්මක් කඩාපාත් උනා . සඳලි ගියේ මිශ්‍ර පාසලකට . මේ පාසලේ හිටපු උසස්පෙළට මියුසික් කරන පිරිමී ළමයෙක් සඳලි ගැන වැඩි උනන්දුවක් තියෙන බවක් පෙන්නුවා . මේ බව සඳලි දැනගත්තත් ඒ ගැන දෙවිඳුට කිව්වේ නෑ .  මේ ගැන හිතලා දෙවිඳු අප්සට් වෙයි කියලා . දවසක් මේ පිරිමි ළමයා සඳලි ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න එනකොට ඉස්කෝලේ ගේට්ටුව ගාවින් සඳලිව කතාවට අල්ල ගන්නවා .

" සඳලි , මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන "

" ඔයාට මොනවද මමත් එක්ක කතා කරන්න තියෙන්නේ ? "

" මම ඔයාට ආදරෙයි , ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ? "

" හ්ම්හ් ඔයා ඉතින් කලින් අහන්න ඕන ප්‍රශ්නේ අන්තිමටනේ ඇහුවේ . මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා "

" ඒ එෆෙයා එක දිගටම තියෙන එකක්ද ? "

" හිතුවද මම ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලෝ මාරු කරනවා කියල ? .  මේ වදයක් වෙන්න එපා හරිද ? . මට දිනූශිත් කිව්වා මම ගැන විස්තර ඇහුවා කියලා . දිනූෂි කියනන් ඇතිනේ විස්තර . දැන් මගෙන් ඇහුවත් එච්චරම තමා "

" සොරි සොරි ..... මම ආයෙ කරදර කරන්නේ නෑ "

මේ පෙම්වතත් සඳලිට කාලයක් තිස්සේ හිතින් විතරක් පෙම් කරලා තමයි මෙහෙම කතා කරේ . ඒත් ඒ වෙනකොට දෙවිඳුයි සඳලියි එකිනෙකා ආධ්‍යාත්මික බැඳීමකින් බැඳිලා හිටියේ . ඒත් මේ  ආගන්තුක පෙම්වතාට සඳලිව අමතක කරන්න බැරි වෙනවා . තුන් දෙනාම උසස්පෙළ ලියලා ප්‍රතිඵලත් ආවා .

" දෙවිඳු ඔයාට කොහොමද ? මට B දෙකයි C එකයි "

" අනේ ඇයි එහෙම උනේ ? මට A තුනයි . ජපුරේ මැනේජ්මන්ට් ෆැකල්ටියට යන්න පුළුවන් වෙයි "

" මම දන්නවා රත්තරන් ඔයාට වරදින්නේ නෑ කියලා . මටනම් මේ හොඳටම ඇති "

" හා හා එහෙම බෑ , මට බෑ තනියම කැම්පස් යන්න ඔයත් එන්න ඕන කොහොම හරි "

" මටනම් ආයෙත් එක්සෑම් කරන්න බෑ රත්තරන් , ඔයා කැම්පස් යන්න , ඔයා කොහේ ගියත් මමත් හැමදාම ඉන්නවා ඔයත් එක්ක . ඔයාට මතකද අර ඉස්සර දවසක් මගේ පස්සෙන් ආවේ අපේ ඉස්කෝලේ ආර්ට් කරන කොල්ලෙක් , එයාටත් රිසල්ට් මදිවෙලාලු .  මට දිනූෂි කිව්වේ  "




" පවු නේද ? දුකයි නේද ?? හඃ හඃ හඃ හඃ "

" යනවා යන්න නපුරා "

" ඔයා ගැන හිතලා හිතලා වෙන්නැති එහෙනම් එක්සෑම් ඇනගන්න ඇත්තේ "

" අනේ මම දන්නේ නෑ , අපිට මොකද ? මම එයාට පැහැදිලිවම කිව්වා මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා "

" ඈ......? බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ? ඔයාට එහෙමත් එක්කෙනෙක් ඉන්නවද සඳලි ? "

" ඔව් ඔව් මට ඉන්නවා හරී....... අහිංසක වහු පැටියෙක් වගේ කොලු පැටියෙක් "

සඳලි ආයෙත් ඉගෙන ගන්න යොමු උනේ නෑ . දෙවිඳු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙනවා . ඒත් දෙන්නට දෙන්නා වෙන් වෙන තරමේ වචනයක්වත් දෙන්නා කියාගත්තේ නෑ . කුරුළු ජෝඩුවක් වගේ හැමදාම එකට හිටියා . ඉරිදා හවසට කොහේ හරි රවුමක් ඇවිදලා එන්න පුරුද්දක් තිබුනා දෙන්නටම . දවසක් දෙන්නම ගියා ගල්කිස්සේ වෙරල තීරයේ ඇවිදලා එන්න .



එදා තමයි දෙන්නා මුදු මාරු කරගත්තේ . බීච් එක අයිනේ තියෙන බංකුවක වාඩිවෙලා සඳලි , දෙවිඳුට තුරුල් වෙලා ඉන්නවා සඳලිගේ තාත්තගේ යාළුවෙක් දකිනවා . එවෙලේම මේ පණිවිඩය යනවා සඳලිගේ තාත්තගේ කණට . සඳලිගේ තාත්තා ව්‍යාපාරිකයෙක් , කොළඹ ජුවෙලරි ෂොප් කීපයක්ම තිබුණා මෙයාලට . සල්ලිවල අඩුපාඩුවක් නෑ වගේම මිනිස්සුත් හිටියා . ඉතින් සඳලිගේ තාත්තා තමන්ගේ ලඟම සේවකයින් දෙන්නෙකුට කියනවා සඳලි දැන් යාළුවෙලා ඉන්නේ කා එක්කද ඒ කොල්ලගේ පවුලේ විස්තර මොනවද කියලා බලන්න කියලා .

එදා රෑ සඳලිගේ තාත්තා ගෙදර ආවා

" සඳලි....!  සඳලි ...... !! මෙහාට එනවා "

" ලොකු මහත්තයා පුංචි බේබි නිදිද කොහෙද "

" කමක් නෑ ඇහැරවගෙන එක්ක එනවා , මට තියෙනවා එයා එක්ක කතාවක් "

බිසෝමැණිකා සඳලිව ඇහැරවාගෙන ආවා සඳලිගේ තාත්තා ගාවට

" හා දැන් බිසෝ මැණිකා යනවා . ඕන උනොත් මම කතා කරන්නම් "

" හොඳමයි ලොකු මහත්තයා "

" සඳලි ,  ඉඳගන්න ඔතනින් , මට තියෙනවා ඔයත් එක්ක කතාවක් . ඔයා කාත් එක්කද කොල්ලෙක් එක්ක රවුම් ගහනවා කියන්නේ ? .  ඔය වයසට පොඩ්ඩක් එන්ජෝයි කරාට කමක් නෑ . තැනින් තැන රස්තියාදුවේ යන්න බෑ හැබැයි "

" ඒ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් තාත්තේ "

" දැන් මොනවද එයා කරන්නේ ? "

" එයා කැම්පස් ඒකෙ ඉගෙන ගන්නවා තාත්තේ "

" හ්ම් , කොච්චර කල්ද යාළුවෙලා "

" අවුරුදු 5ක් විතර වෙනවා තාත්තේ "

" අම්මා තාත්තා කවුද ? මොනවද කරන්නේ ? "

" දෙවිඳුගේ තාත්තා මැරිලා තාත්තේ ,  අම්ම විතරයි ඉන්නේ "

" හා දෙවිඳුද කොල්ලගේ නම ? . හොඳයි මම විස්තර හොයලා බලලා අපිට ගැලපෙනවද නැද්ද කියලා බලලා තමයි මේවට ඉඩ දෙන්නේ . අපිට ගැලපෙන්නේ නැත්නම් ලැස්ති වෙනවා මම කියන කෙනෙක් කසාද බඳින්න "





සඳලි මේ වෙලාවේ දෙලොවක් අතර තනි වෙනවා . දෙවිඳු කොච්චර හොඳ උනත් ඉගෙන ගත්තත් තාත්තා හොයන වත්පොහොසත්කම් මොනවත් දෙවිඳුට තිබුණේ නෑ . තිබුණානම් තිබුණේ සඳලි වෙනුවෙන් පන උනත් දෙන්න බලාගෙන එන්න දෙවිඳුගේ ආදරේ විතරයි .

සදලිගේ තාත්තගේ සේවකයෝ දෙවිදුගැන විස්තර ඔක්කොම හොයලා බලලා සඳලිගේ තාත්තට වාර්තා කරා . සඳලිගේ තාත්තට හොඳටම තරහා ගියා . මොකද දෙවිඳු තමන්ගේ එකම බෑණා කරගන්න වටින්නේ නැති ආතක් පාතක් නැති  කෙනෙක් කියලා හිතාගත්ත නිසා .

ජුවෙලරි ෂොප් එකෙ ඉඳලා කෙන්තියෙන්ම ගෙදර එන්න පිටත් උනා . වැඩි දුරක් යන්න උනේ නෑ . බ්රේක් ගහන්න පරක්කු උන නිසා පාලනය කරගන්න බැරි වේගයෙන් වාහනේ හැප්පුනා කෙන්ටෙනර් එකක .

" හෙලෝ , මේ මිස්ටර් කාරියවසම්ගේ ගෙදරින්ද ? "

" ඔව් මම එයාගේ දුව කතා කරන්නේ "

" මේ කතා කරන්නේ කළුබෝවිල හොස්පිට්ල් එකෙන් , මිස්ටර් කාරියවසම්ට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා අපේ හොස්පිට්ල් එකට ඇඩ්මිට් කළා . පර්ස් එකේ තිබ්බ විසිටින්ග් කාඩ් එකකින් තමයි නම්බර් එක හොයාගත්තේ "

" බිසෝ අම්මේ .................... අනේ මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලාලු "

" මොකද්ද පුංචි නෝනා කිව්වේ ? "

" තාත්තා ඇක්සිඩන්ට් වෙලා කළුබෝවිල ඇඩ්මිට් කරලා "

" දැන් මොකද අපි කරන්නේ පුංචි බේබි "

" ඉන්න මම දෙවිඳුට කියන්නම් ,  බිසෝ අම්මා දොරවල් වහගෙන ගෙට වෙලා ඉන්න . මුර කාරයත් ඉන්නවනේ . මම දෙවිඳු එක්ක තාත්තාගැන බලලා එන්නම් "

එසැනින්ම සඳලි දෙවිඳුට කෝල් කරා





" හෙලෝ දෙවිඳු ,  අනේ මට කරදරයක් , අපේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා කළුබෝවිල නවත්තලා , ඔයාට පුළුවන් නම් පොඩ්ඩක් එන්නකෝ මාත් එක්ක හොස්පිට්ල් එකට ගිහින් එන්න යන්න "

" ඉන්න සඳ මම දැන් ඔයාලගේ ගෙවල් කිට්ටුව ඉන්නේ . මම ඔහාට එනකං යන්න එපා කොහෙවත් "

සඳලි දෙවිඳු එනකං ලැස්තිවෙලා බලාගෙන හිටියා . දෙවිඳු ගෙදරට ආවට පස්සේ සඳලියි දෙවිඳුයි දෙන්නම කළුබෝවිල යන්න පිටත් උනා .

" සඳ , දැන් තාත්තා අහයි මම කවුද කියලා . මොකද කියන්නේ ? . එදා බීච් එකේ හිටියේ මම කියලා තාත්තා දන්නවද ? "

"  එදා තාත්තා කිව්වේ ඔයා ගැන හොයා ගන්නම් කියල . මෙලහට දන්නවා ඇති "

දෙන්නා එක්කම කළුබෝවිලට ආවට පස්සේ තමයි දන ගන්නේ සඳලිගේ තාත්තා ඉන්නේ ICU එකේ කියලා . ඒක දැක්කට පස්සේ සඳලි දෙවිඳුගේ අතේ එල්ලිලා අඬන්න ගත්තා .

" අනේ දෙවිඳු මට දැන් තාත්ත නැතිවෙන්නද යන්නේ "

කියලා කිය  කිය .

එවෙලේ සඳලිගේ තාත්තා බලපු ඩොක්ටර් icu එකෙ ඉඳලා එලියට ආවා .

"  මේ අර ඇක්සිඩන්ට් වෙච්ච පේශ්නට්ගේ කවුරුවත්ද ? "

" ඔව් ඩොක්ට ඒ මම බඳින්න ඉන්න ගර්ල්ගේ තාත්තා "

" ආ එහෙනම් මේ මිස්ටර් කාරියවසම්ගේ දුව වෙන්නැති . තාත්තට එච්චර අමාරුවක් නෑ . මිස්ටර් පොඩ්ඩක් එන්නකෝ මගේ රූම් එකට "

" සඳ ඔයා මෙතනම ඉන්න . මම ඩොක්ටර් මීට් වෙලා එන්නම් "

" අනේ මගේ තාත්තට මොකද කියලා අහගෙන එන්න දෙවිඳු "

" හරි හරි බබා අඬන්නේ නැතුව ඉන්නකෝ "

සඳලි වෝඩ් එක ගාව තියෙන බංකුවේ වාඩිවෙලා ඉන්නවා . එතකොට ජුවෙලරි ෂොප් එකක මැනේජර් කෙනෙක් සහ තවත් සේවකයෝ කීප දෙනෙක් ආවා සඳලිගේ තාත්තා බලන්න .

" එස්කියුස්මි ඩොක්ටර් "

" ආ මිස්ටර් එන්න , ටේක් අ සීට් "

" තැන්ක්ස් ඩොක්ටර් ,  කොහොමද ඩොක්ට අපේ පෙශ්නට්ට ? "

" පෙෂන්ගේ තත්ත්වේ ටිකක් බරපතලයි . දකුණු කකුල හොඳටම ඩැමේජ් වෙලා තියෙන්නේ . ඒනිසා අපිට සිද්ද වෙනවා එයාගේ දනිසෙන් පහළ කකුල කපලා ඉවත් කරන්න . අපි උත්සාහ කළා කකුල නොකපා බේර ගන්න . ඒත් ඒකට පරක්කු වැඩියි . අපි තව පොඩ්ඩකින් පේෂන්ට්ව තියෙටර් එකට ගන්නවා "



" ok ඩොක්ටර් වෙන පිලියමක් නැත්නම් මොනවා කරන්නද . ජීවිතේ රැකුන එකම ඇති . තැනක් යූ ඩොක්ටර් "

" යූ ආ වෙල්කම් "

මේ වෙනකොට සඳලිගේ තාත්තා ඔපරේෂන් තියෙටර් එකට ගෙනියන්න ලැස්ති කරලා තිබුණේ . දෙවිඳු ඩොක්ටගේ රූම් එකෙන් එලියට එනකොටම සඳලිගේ තාත්තා ට්‍රොලියක තියාගෙන ඔපරේෂන් තියෙටර් එකට අරගෙන ගියා . සඳලි ඒ පස්සෙන් දුවන්න හැදුවත් දෙවිඳු සඳලිව අල්ලගත්තා .

" දෙයියන්ගේ පිහිටෙන් තාත්තගේ ජීවිතේට හානියක් නෑ කිව්වා බබා , ඔයා අඬන්නේ නැතුව ඉන්නකෝ . පොඩි ඔපරේෂන් එකකට ගත්තේ දැන් . තාත්තට ඉක්මනටම සනීප වෙයි "

" මට තාත්තගේ ආදරේ නොලැබුනත් මම තාත්තට ආදරේ කළා දෙවිඳු . තාත්තා මහන්සිවෙලා හැමදේම හම්බ කලේ මම වෙනුවෙන් "

සඳලි පස්සේ දැනගනවා තාත්තාගේ කකුලක් කැපුවා කියලා . දෙවිඳු මේ වෙලාවේ සඳලි එක්කම හිටියා . සඳලිගේ තාත්තා ගාව නැවතිලා හිටියෙත් දෙවිඳු . සඳලිගේ තාත්තාගේ ටිකට් කපලා ගෙදර එක්ක ආවට පස්සේ තමයි සඳලිගේ තාත්තා දෙවිඳු එක්ක කතා කලේ .

" මේ ළමයද දෙවිඳු කියන්නේ ? "

" ඔව් අංකල් "

" මට සඳලි විස්තර කියලා තිබුණේ . එත් මම හිතුවේ නෑ ඔය ළමය මෙච්චර හොඳ ළමයෙක් කියලා . එදා මම ඔය ළමයා ගැන වැරදියට හිතාගෙන කේන්තියෙන් ගෙදර එනකොට තමයි වාහනේ ඇක්සිඩන්ට් උනේ . එත් මට දැන් තේරෙනවා ඔය ළමයා අපේ දුවට ගැලපෙනවා කියලා . සල්ලි වලින් මිනිස්සු මනින්න බෑ . මම සඳලිට ඔක්කොම දේපල ලියලා තියෙන්නේ ඔයාලා බැඳලා ඒවා බලාගෙන වැඩි දියුණු කරලා හොඳින් ජීවත් වෙන්න . තව ටික කාලෙකින් මම මැරිලා යයි "

" එහෙම කියන්නෙපා අංකල් , අපි අංකල්ව හොඳට බලා ගන්නවා "




අන්තිමට සඳලි දෙවිඳු දෙන්නගේ ආදර කතාව මේ විදියට කෙලවර උනා . දෙවිඳු මේ වෙනකොට හිටියේ කැම්පස් එකේ ඩිග්‍රිය සම්පූර්ණ කරන්න තව අවුරුද්දක් විතර කාලයක් තියෙත්දී . දෙවිඳු සඳලි එක්ක ඉගෙනගන්න ගමන්ම සඳලිගේ තාත්තාගේ ව්‍යාපාරත් බලාගත්තා .

දෙවිඳුගේ අම්මටයි මල්ලිටයි , දෙවිඳුටයි ඉන්න සඳලිගේ තාත්තා එයාලගේ පාලුවට ගිහින් තිබ්බ එයාලගේ වෙන ගෙයක් ලියලා දුන්නා . දෙවිඳු ඩිග්‍රිය සම්පූර්ණ කරනකල් සඳලියි දෙවිඳුයි වෙනදා වගේම දුක සැප බෙදාගනිමින් ජීවත් උනා . දෙවිඳුගේ මල්ලිගේ අධ්‍යාපනයටත් වියදම් කලේ සඳලිගේ තාත්තගේ ව්‍යාපාර වලින් ලැබෙන සල්ලි . කොහොම කොහොම හරි දෙවිඳු සඳලි දෙන්නා දෙවිඳුගේ අධ්‍යාපන කටයුතු ඉවර උනාට පස්සේ විවාහ උනා . එදා ඒ විවාහ මංගල උත්සවයට ඇවිත් හිටියා ඉස්කෝලේ කාලේ සඳලිට ආදරේ කරපු අනෙක් පෙම්වතා . ඒ පෙම්වතා දැන් මියුසික් ග්රූප් එකක සිංදු කියනවා .

ඉතින් නොදැනුවත්වම ඒ පරණ පෙම්වතාත් සඳලිගේ වෙඩින් එකට සිංදු කියන්න ඇවිත් හිටියා . සඳලිටයි දෙවිඳුටයි ආශිර්වාද කරපු මේ පරණ පෙම්වතා ගායනා කලේ මේ ගීතය .


12 comments :

  1. ඔයා ලියලා තියන ස්ටයිල් එක අනුව මට හිතෙන්නේ ඇත්ත කතාවක් කියලා ... :-?

    අන්තිමේ දෙන්නා එකතු උනානේ අවුලක් නෑ w-)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ .... වෙනදනම් මම මොකක් හරි ඇත්ත සිද්දියක් අල්ලලා තමයි ලියන්නේ . මේකනම් පට්ට පල් බොරු . හැබැයි මමත් ටිකක් ඒ කතාවේ ජීවත් වෙලා ලිව්වේ . හනේ මන්දා හනේ.....

      එල එල
      ටන්කු...... g-)

      Delete
  2. අන්තිමේ සතුටුදායක අවසානයක්නේ.. ඒ හන්දා කමක නෑ..

    මේක සිරා කතාවක්ද බං??

    ReplyDelete
    Replies
    1. :) :) මම මේ ඉඳලා ඉඳලා ලිව්ව පළවෙනි කුළුඳුල් ප්‍රථම ෆස්ට් ලවු කතාව මෙයා .
      නෑ නෑ කිසිම සිරාවක් නෑ මේකේ :)

      එල එල ]ටන්කු ආඅ........

      Delete
  3. මේකට තව හොටු චුට්ටකුයි, ලුනු චුට්ටකුයි දැම්මා නම් තව ටිකක් නැගලා යනවා....

    ReplyDelete
    Replies
    1. :p :p :p

      එල එල

      කවද කාපු ටකරන්ද මෙයා . මේ හොටු කතාවක් ලිව්වමයි ... :p
      එල එල ටන්කු ආඅ g-)

      Delete
  4. යකෝ පොල්ලෙන් ගහන්නහෙ කතාව ඉවර කරලනෙ...
    ඒත් අපූරුයි...
    ඇත්තමයි මචෝ පටිට...
    අර සිංදුව ආව දවස් වල මං පට්ට ආසාවෙන් අහපු සිංදුවක්...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ආ ....
      මේ සිංදුව කියන ජයන්ත සෑර් උගන්නපු ඉස්කෝලේ තමයි ඉස්සර අපිට සංගීත තරග වලදී ෆයිට් එකක් තිබ්බේ . නියම දක්ෂ සෑර් කෙනෙක් ඒ .... එල එල

      Delete
  5. ඇත්ත කතාවක් වගේ නේද?

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.