Wednesday, July 9, 2014

සොඬින් නෙලුම් මල ගෙනියන ඇතින්නිය කවුද ?





කාලෙකට පස්සේ තමා මේ කතාවක් කොටන්න කියලා බ්ලොග් පැත්තට ආවේ . මොනවා තිබ්බත් ඉතින් බුකිය නම් අතාරින්නෙ නෑ . මොන හේතුවක් නිසාද මන්දා බුකියට අපි මාර විදියට බැඳිලා . මමනම් හිතන්නේ බුකියට අපි වැඩිපුර කැමති , යාළුවො ඔක්කොම වගේ ඒකෙ ඉන්න නිසා වෙන්න ඕන . කොහොමහරි ඉතින් වයලීනෝට මාසෙකට නිවාඩුවක් හම්බුනා . ඒ ටිකේ ඉතින් පුළුවන් පුළුවන් හැටියට ලියන්න තමා කල්පනා කොරේ . :p :p :p :p

මගේ බ්ලොග් එකත් දැන් වල් වැදිලා විනාස වෙලා ගිහින් . ඒකත් ලියන්න ඕන .  :)  :)  :)

අද කියන්න යන කතාව මට ලියන්න ඕන කියලා හිතුනේ දැනට අවුරුද්දකට විතර කලින් . දැන් අවුරුදු තුනහතරක ඉඳලා සිංහල අවුරුද්දට හිසතෙල් ගාන දවසට වයලීනෝ මහතා සමන් දේවාලේ යනවා . යන්නේ ඉතින් අලුත් අවුරුද්දේ දෙවියෝ දැකලා වැඳලා පුදලා අවුරුද්දට දේවාලෙට එන කෑලි ටිකත් බලලා එන්න එක්ක .  ඒ කෙසේ වෙතත් ජීවිතේ  ගොඩක් විශේෂ දේවල් වලදී මුල් තැන දුන්නේ සමන් දේවාලේ නිසා වයලීනොගේ හදවතේ ගැඹුරුම තැනක සමන් දේවාලේ මෙව්වා වෙලා තියෙනවා මෙයාලා . මතක් වෙනකොටත් මේ දැන් ගිහින් එන්න හිතෙනවා .





ඉතින් 2013 සිංහල අලුත් අවුරුද්දේ ගෙදරදී නැකතට හිසතෙල් ගාලා නාලා එහෙම කාරිය සමන් දේවාලේ යන්න පිටත් උනා . වෙලාවට ටවුන් එකට එනකොට දේවාලේ පැත්තට යන බස් එකක් සෙට් උනා . ඔන්න දේවාලෙට ගියා . යනකොට දේවාලේ තේවාව කරලා ඉවරයි . මොනවා කරන්නද කියලා හිත හිත බුදුන් වැඳලා දේවාලෙට අඩිය තියනකොට දැක්කා පට්ටම සීන් එකක් .




කෙල්ලෙක් ඇවිත් හිට්යා මෙයාලා හම්මේ ............ පට්ටම ඇඳුමක් ඇඳලා හිටියේ . ඒ සායත් නොඇඳ ආවනම් තව අවුලක් නෑ . ඉනේ ඉඳලා සාය දිග තිබ්බේ ඕනනම් අඩියක් විතර . එච්චරවත් නැද්ද කොහෙද . දේවාලේ තේවාව කරන අය හරිම කලකිරීමෙන් ඒ ගැන කතා උනා . මොකද දේවාලේ ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා දේවාලයට දෙවියෙකු මෙන් පැමිණෙන්න කියලා . ඒ කියන්නේ ඔලිම්පස් වල ඉන්න මෙන්න මේ දෙවි නෝනලා වගේ නෙවේ .



සුදු ඇඳුමක් හොඳට ඇඟ වැහෙන්න ඇඳලා එන්න කියලා තමා කියලා තියෙන්නේ . දෙවියෝ ඉස්සරහා හිතකින්වත් තුන්වෙනි සිල්පදේ  කඩන්න හිත දුන්නේ නැති නිසා වයලීනෝ තුමා එක පාරින්ම අහක බලාගත්තා කියලා හිතාගන්න ඔන්න හොඳේ .

එහෙම ඒවත් වෙලා ඉතින් හෙමින් හෙමින් ගිහින් මහදේවාලෙට අඩිය තිබ්බා . වැඩි සෙනගක් හිටියේ නෑ . කපුමහත්තයා යාතිකා කරනවා . යාතිකාවට ඉඳලා අර දේවාලවල තියන ඩොට් එකක් කපුමහත්තයා නළලේ තියාගෙන පත්තිනි දේවාලෙයි සූනියම් දේවාලෙයි වැඳලා ආයෙත් සමන් දේවාලේ ඉස්සරහා ගල් පඩිපෙළින් පහලට බහිනකොට වෙනදා දේවාලේ දැක්ක නැති අලුත් යාළුවෙක් පහත මළුවේ ඉන්නවා දැක්කා .

ඒ වෙන කවුරුවත් නෙවේ පොඩි ඇතින්න පැටියෙක් . රිදී පාටට දිලිසෙන අලුත් දම්වැල් පොටවල් කීපයක් කරේ තිබුන නිසා ඒ ඇතින්න පැටියාගේ අමුතු හුරතල් පෙනුමක් තිබුනා . ඔන්න ඒක දැක්ක ගමන් වයලීනොට කොයිල් උනා . ඉක්මනට පහලට ඇවිත් ඒ ඇතින්න පැටියට කිට්ටු කළා . වැඩිය උසත් නෑ . මටත් වඩා මිටියි . නළල පොඩ්ඩක් අතගාල ටිකක් වෙලා එයා දිහා බලන් ඉඳලා මමත් ගෙදර එන්න ආවා . දැන් ඇවිත් දේවාලේ ඉස්සරහා බස් හෝල්ට් ඒකෙ ඉන්නවා ඉන්නවා බස් එන්නේ නෑ . වෙන කරන්න දේකුත් නැති නිසා පයින්ම ගෙදර එන්න කියල හිතාගෙන හෙමින් හෙමින් පාරදිගේ ඇවිදගෙන ආවා . ඒ එනකොට හිතට ආවේ නොදැනුවත්වම අර දේවාලේදී දැක්ක ඇතින්න පැටියා .

අහිංසක තාලෙකට දෙපැත්තට වැනි වැනි හෙන්ඩුවේ සිහින් තුඩට බයේ හීළා වෙලා උන්නට ඌත් කැමති ඇති තමන්ගේ අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්න . මම දන්නෙම නැතුව ඇවිදගෙන ආව තාලේ ගැලපුනේ අන්තිමට මෙන්න මේ ගීතයට .

සොඩින් නෙලුම් මල ගෙනියන
බතික්‌ රන් පටින් දිදුලන
ඇතින්නියේ.....
යදම් අමතකද පා බැඳි විලංගුවේ....

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ.....
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි....

වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ..........
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි..


දළදා පෙරහැරේ ගමන් හෙවිසියට ගැලපෙන තාලෙකින් මේ ගීතය හෙමින් මුමුණ මුමුණ පාරේ එනකොට කිසි මහන්සියකුත් නෑ . ඔහොම එනකොට සිංදුවගේ ගෙවල් වලට කිට්ටු උනා . ඒ කිට්ටුව තියෙනවා වලව්වක් .





ඉස්සර සමන් දේවාලේ හිටපු ඇතින්නක් මේ වලව්වේ හිටියා . ඌනම් දැනට මාස ගානකට කලින් මැරුණා . ඒ වලව්ව කිට්ටුවට එනකොට හිතුනා මේ ගීතයේ තේරුම මොකක් වෙන්න පුලුවන්ද කියලා . එවෙලේ හිතට ආව අදහස් එක්ක ගලපලා මේ ගීතයට තේරුමක් හදාගෙන එහෙමම ගෙදර ගියා .

පස්සේ දවසක සිංදුව අයියලාගේ ගෙදර ආව වෙලාවක මම මේ තේරුම කිව්වා මිනිහා මොකද කියන්නේ බලන්න . මු ගත කටටම බැනගෙන බැනගෙන ගියා , හොඳට තියෙන සිංදුව කන්න එපා යකෝ කියලා . ඒ උනාට මට හිතෙන්නේ මේ මම කියන තේරුමත් මේ ගීතයත් එක්ක ගලපන්න පුළුවන් .

මේ ගීතයෙන් මම අදහස් කරන්නේ අතුල සමිතා දෙපල වෙන් වීම පිළිබඳව අනාවැකියක් කිව්වා කියලා . දෙන්නගේ වෙන්වීම පටන්ගැනීම වෙන කාලේ මේ ගීතය නිර්මාණය උනා කියලා තමා මම හිතන්නේ .


සොඩින් නෙලුම් මල ගෙනියන
බතික්‌ රන් පටින් දිදුලන
ඇතින්නියේ.....
යදම් අමතකද පා බැඳි විලංගුවේ

මෙතන සොඬින් නෙලුම් මල ගෙනියන කියලා කියන්නේ සංගීතය නමැති නෙලුම් මල සොඬින් දරාගෙන ඉන්නවා කියන එක . බතික් රන්පටින් දිදුලන කියලා අදහස් කරන්නේ තමන්ගේ ගීතවලට ජනතාවගෙන් ලැබුන ජනතා ප්‍රසාදය නම් බතික් රන්පටින් දිදුලන කියන එක . ඇත්තටම සමිතා සංගීත ක්ෂේත්‍රයේ එක් ආකාරයක ඇතින්නියක් . මොකද එතුමිය සංගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කරලා තියෙනවා . ඒ වගේම ටෙලි නාට්‍ය වල රඟපාලා තියෙනවා . ඉතින් මේ ගීතයෙන් මේ කියන ඇතින්න සමිතා වෙන්න ඕන . ඇය දරා සිටින සංගීතය නමැති නෙලුම් මල සහ ශ්‍රාවක ජනතා ප්‍රසාදය නම් බතික් රන් පට ගැන තමා මුලින් කියනේ . දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි කියලා කියන පදයෙන් අදහස් කරන්නේ අතුල සමිතා දෙදෙනාගේ දරුවාට තියෙන ආදරය නිසාවත් තම පවුල රැකගෙන එකට ජීවත් වන්න පාරක් නොකපා අතුල සමිතා දෙන්නා වෙන් වෙන්නම පාර කපාගෙන තමන්ගේ දරුවාට තියෙන ආදරය ගාල් කළා කියන එක වෙන්න ඕන .

උතුම් හිසින් ඇන ඇන
කොයි ලෙසිනේ කිරි බොන්දැයි
ඇතින්නියේ දරු සෙනෙහස
ගාල් කලේ මන්දැයි
ඇතින්නියේ.....
ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි....

උතුම් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්දැයි කියලා කියන්නේ සමිතා අතුල වෙන් උනොත් මේ දෙන්නගේ දරුවාට දෙමාපිය සෙනෙහස කොහොම සම්පූර්ණව ලැබෙයිද කියලා කරන ප්‍රශ්නාර්ථය වෙන්න පුළුවන් . මවකගේ කිරිවලින් දරුවාට ආදරය සෙනෙහස ලබාදෙනවා කියන එක ඉතින් අමුතුවෙන් කියන්න කාරණයක් නෙවෙයිනේ බොලං . නේද ?? . ඉතින් අන්තිමට ආයෙත් ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි කියල අහන්නේ , ඇයි දරුවට තියෙන ආදරේ අඩු කරේ කියලා . මොකද දෙන්නට දරුවා ගැන හිතලවත් වෙන් වෙන්නේ නැතුව ඉන්න තිබුණා .

වටින් මහ සෙනග ඇවිදින්
සාදු කියා වැන්දයි
නෙලුම් මලට නොවේ නුඹට
නුඹ අම්මා හින්දයි
ඇතින්නියේ..........
නෙලුම් මලට නොවේ නුඹට නුඹ අම්මා හින්දයි..

වටින් මහසෙනග ඇවිදින් සාදු කියා වැන්දයි කියලා කියන්නේ සමිතට එයාගේ ශ්‍රාවක ජනතාව ගරු කරා කියන එක . නෙලුම් මලට නොවේ නුඹට , නුඹේ අම්මා හින්දයි කියලා කියන්නේ සමිතට එහෙම ගරු කලේ සංගීත හැකියාව වගේම ඇයගේ අම්මා නිසා කියලා . ඒ කියන්නේ ඉතින් දන්නවනේ . සමිතා කියන්නේ මුදුන්කොටුව පවුලේ සංගීත ආභාෂය ලබමින් හැදුන කෙනෙක්නෙ මෙයාලා . ඉතින් මුදුන්කොටුව මහත්මියගේ දුව නිසාත් මිනිස්සු සමිතට ගරු කළා කියන එක තමා මේ කියන්නේ . එහෙම වෙලත් දරු සෙනෙහස ගාල් කරමින් ඇයි මේ පවුල තව දුරටත් එකට තියාගන්නේ නැතුව වෙන් කරන්න හදන්නේ කියලා තමා මේ කියන්නේ . 

මම හිතන විදියට මේ ගීතයේ පද තව ටිකක් වෙනස් කරලා අතුල සමිතා එක්කම කිව්වනම් හොඳයි . කියන්නකෝ බලන්න ඔයාලගේ අදහස් මොනාද කියලා මේ ගැන .

ඔන්න ගීතය අහන්න එහෙනම් ......

31 comments :

  1. මොනා කියන්නද මටත් මංඤං දැන්නං සින්දුව ගැන...

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ එහෙනම් ඉතින් ලිව්වා මට කොච්චර මංඤ0ද කියල හිතා ගන්න පුළුවන්නේ .

      Delete
  2. සිංදුව අපූරුයි..

    අතුල කියන නිසා මට ඇතින්නිය ලෙස සිතේ මැවෙන්නේ සමිතාව...
    ඇයි ගලපන්න බැරිද ඒ ජෝඩුව මේ පද පේලියට??

    “ඇතින්නියේ දරු සෙනෙහස ගාල් කළේ මන්දැයි...“

    පලි- දරුවන්ගේ හිමිකාරයෝ ගැන ගැටළු තියෙනව නොවැ.. ;)

    ReplyDelete
    Replies
    1. //අතුල කියන නිසා මට ඇතින්නිය ලෙස සිතේ මැවෙන්නේ සමිතාව...//

      හෙහ් ...හෙහ් . හෙහ් .... කොළුවො, මටත් ඔහොම හිතිල තියෙනව.

      Delete
    2. හඃ හඃ හඃ
      මමත් පටන් ගත්තේ ඔතනින් තමා . හඃ හඃ හඃ හඃ
      ඒත් ඉතින් පස්සේ වෙන වෙන ඒවා මතක් වෙලා කතාව වෙනස් උනා . හඃ හඃ හඃ හඃ
      එල එල
      බොහොම ස්තූති මෙයා ........ :)

      Delete
  3. මට මතක විදියට මේ සිංදුව ඊට වඩා පරණයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් . දැනට අවුරුදු........................................... 15කට විතර කලින් ඇහුවා වගේ මතකයි . ටීවී එකේ යනවා ඕකට පට්ට වීඩියෝ එකක් . කොහෙද හෙව්වා හෙව්වා හම්බුනේ නෑ .
      එල එල බොහොම ස්තූති ....... g-)

      Delete
  4. හිටපං ලබන අවුරුද්දේ මාත් එනවා හිස තෙල් ගාන දවසට .. :-da

    සමහරක් ගේ හැදියාව අන්තිමයි වයලෝ ... :-gr

    හෙහ් ... සිංදුවේ තේරුම එහෙමත් ගත් තැකි නේ වයලෝ ... :))

    හා එතකොට සිංදුවා දේවාල පාරේ....එතකොට උයා... :-SS

    වටපිටාව සමීප නිසා කතාවත් සමීපයි කියවද්දී.... :)

    ReplyDelete
    Replies
    1. වලයා කිව්ව විදියේ එකක් ම ඇදන් එන්න හොදේ

      Delete
    2. ඉස්සරනම් දේවාලේ ප්‍රධාන ගේට්ටුව ගාවදි ඔහොම උන්ගේ අහවල් එක වහගන්න සුදු රෙද්දක් දුන්නා . ඒත් දැන් එක කෙරෙන්නේ නෑ . මොකද ඕකුන් කරන්නේ රෙද්ද ආපහු ගෙනත් දෙන්නේ නැතුව පත්තිනි දේවාලේ පතති තියෙන පඩිපෙළින් බැහැලා දේවාලේ පිටිපස්සෙන් යනවා රෙද්දත් අරගෙන . මට මතකයි දේවාලේ ඉන්න කාන්තා හමුදා අක්කලා දේවාලේ වටේ ඇවිද ඇවිද රෙදි දුන්න අයව හොයනවා . හඃ හඃ හඃ

      වැඩක් නෑ . අන්තිමට වැඩේ පාඩු නිසා අතාරලා දැම්මා කියලා තමා ආරංචි . අවුල තියෙන්නේ ට්‍රිප් යන අය මේ වගේ තැන වලට එන්නේ දෙවියෝ වෙනුවෙන් නෙවෙයිනේ . දේවාලේ බලන්න ඇන්ඩ් ෆන් එකක් ගන්න .
      කියලා වැඩක් නෑ මෙයා ඒ ගැන .

      මම ඉන්නේ මෙයා පොත්ගුල්විහාර මාවතේ පළවෙනි හෝල්ට් කීපය අතරේ ........

      බොහොම ස්තූති මෙයා g-)

      Delete
  5. ඈ බං වයලො ... උඹට මාර හැකියාවක් නේ තියෙන්නෙ. :-O d( :-vi

    බැරිද තව ගීත විචාර ටිකක් එහෙම ලියන්න. c-) c-)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      බොහොම ස්තූති මෙයා .තව එකක් මේ ලියන ගමන් ඉන්නේ . හඃ හඃ හඃ ඉන්නකෝ ඉක්මනටම දාන්නම් . :p :p

      Delete
  6. වයලිනෝ ට එදා රෑ මතක් වුණේ අර කොට සාය ඇදපු ඇතින්නිය නේද?

    ReplyDelete
    Replies
    1. නෑ මට හිතුනේ හනේ ඒ සාය තව ටිකක් කොට උනානම් කියලා . හඃ හඃ හඃ හඃ

      Delete
  7. කාලෙකට පස්සේ ඇවිත්....අපි නොහිතපු පැත්තකට අරන් ගියානේ. වයලීනුවෝ උඹ මාරයිනේ.

    රත්න ශ්‍රී විජේසිංහ...පදවැල්
    රෝහණ වීරසිංහ....සංගීතය

    මම අහලා තියෙනවා මේ සින්දුව කපුගේටත් ගයන්න යෝජනා වෙලා තියෙනවා. නමුත් මොන හේතුවකින් හරි ඒක අතුල අධිකාරිට ගියා. අතුල සාධාරණයක් කරා හරියටම. අතුල ගීතය ගායනා කරපු නිසාද දන්නේ නැහැ කුහක විචාරකයෝ මේ ගීතය සංවාදයකට ගත්තේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා . කාලෙකට පස්සේ තමා බ්ලොග් පැත්තේ එන්න උනේ .
      හපෝ ...... කපුගේ මේ ගීතය කිව්වනම් මෙහෙම කියන එකක් නෑ තමයි . අතුල අධිකාරිගේ කටහඬට මේ ගීතය හොඳට ගැලපෙනවා.

      බොහොම ස්තූති මෙයා .,,,,,,,!!!

      Delete
  8. අඩෝ තොට අරුන් දෙන්න නඩු දායි..............

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් ගොසිප් සයිට් වල උන්ට නඩු පිට නඩු වැටෙන්න ඕන . :p :p :p

      Delete
  9. කොයිල් වුනා ..... දැන් සමිතව පේන්නෙම ඇතින්නියක් වගේ

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් . සන් සුන් වෙන්න සන් :p :p :p :p

      Delete
  10. පොඩි පැටියා ගැන නම් දුකයි.. නමුත් පින්වන්තයි කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. :) :)
      වෙන්න පුළුවන්

      Delete
  11. වයලා තවත් ගීතයක් අනුභව කල වගයි.
    මං ඒත් බැලුවා මොකද කාලෙකින් සද්දයක් නැත්තෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි ඉහි ඉහි
      වැඩ වැඩ මෙයා . වැඩ කෙසේ වෙතත් ලියන්න මූඩ් තිබ්බේ නෑ .
      g-)

      Delete
  12. අඩේ මරු බං.. උඹට හිතෙන හැටි නම් මරු..

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      බොහොම ස්තූති මෙයා :)

      Delete
  13. "උතුම් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි" කියන එක වැරදියි නේද? ඕක "පුතුන් හිසින් ඇන ඇන" වෙන්ට ඕනෙ මට ඇහෙන විදියට නම්..

    අපි ඒ කාලෙ එකතු වෙලා ගීත සමූලඝාතනයට ලක් කරන වෙලාවක එක ගෑනි ළමයෙක්ගේ සින්දු පොතක ඔයිට අන්ත එකක් තිබ්බා, "බුදුන් හිසින් ඇන ඇන කොයි ලෙසිනේ කිරි බොන්නැයි.."

    අපි වගේ කාටවත් මඩ නොගහන අහිංසක උන් ඉන්න තැනක නොවී :-SS ඉතින් වෙන තැනක උනා නම් කෙල්ලගේ තත්ත්වය සෑහෙන්න බේද ජනකයි... :D

    ReplyDelete
    Replies
    1. හුටා
      එහෙමද ? . මටත් ෂුවර් එකක් තිබ්බේ නෑ . අහනකොට තේරෙන්නෙත් නෑ . නෙට් එකෙන් ලිරික්ස් බලලා දැම්මේ . එල එල .
      ටැංකියු මෙයා :) g-) g-)

      Delete
  14. ඕකේ කොතෙන්ටද ඇමති තුමා සෙට් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔය උඩ ජෙමයියා දාපු කමෙන්ට් එකේ මුල පේලියට වෙන්න ඕන :-da :-da :-da :-da
      =)) =)) =)) =)) =)) =))

      Delete
  15. මට දැනෙන විදියට නම් සමිතා කියන පුද්ගල නාමය අයින් කරලා ගත්තොත් උඹ මේකෙ ලියලා තියෙන්නේ මේ ගීතයේ ඇත්ත තේරුම කියලයි...

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.