Friday, May 30, 2014

හතර රියන් සහ දෙරියන් !






හතර රියන් සහ දෙරියන් එකම ගමේ යහළුවෝය
මේ දෙන්නා කලෙක පටන් බොහොම එකමුතුයි
දවසක්දා මේ දෙන්නා දෙමංසලේ මුණගැහිලා
හවුලෙ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා

අපි දෙන්නා හවුල් වෙලා සම පමණට මුදල් යොදා
හොඳ කිරි එළදෙනක ගනිමු දෙරියන් කිව්වා
ඒ අදහස බොහොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි
හතර රියන් එක වරටම සතුට පළ කළා

හවුලෙ ගත්ත මේ එළදෙන අප අතරේ බෙදිය යුතුය
ඒත් කොහොමදැයි බෙදන්නෙ පැනයක් නැගුණා
අපොයි ඒක සුළු දෙයක්නෙ ඔබ මොකටද පසුතැවෙන්නෙ
දෙරියන් වූ බෙදන අයුරු මෙසේ පැවසුවා

වැඩිම වටිනකම තියෙන්නෙ කොයි දේකත් ඉදිරි පැත්තෙ
ඒක නිසා ඉදිරි පැත්ත හතර රියන්ටයි
වටිනකමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති
ඔබට හොඳම කොටස දීම මගේ යුතුකමයි

දෙරියන්ගේ කපටි බහට හතර රියන් රැවටුණේය
එදා පටන් කිරි එළදෙන හවුලෙ වැඩෙනවා
එළදෙන බැඳ තබන කඹය කරපට සහ තණ පුනක්කු
හතර රියන්ගෙන් සැපයේ ගිවිසුම එහෙමයි

එළවළු කොරටුවට වෙලට හේනට පැන්නොත් එළදෙන
වගා පාළුවට දඩයත් හතර රියන්ගෙන්
දෙරියන් වියදමක් නැතුව කිරි ටික නොමිළයේ ලබයි
පොහොරට ගොම ටික ලැබුණා පැටවත් ලැබුණා


ඔන්න මහත්වරුනී මේ කියන්න යන්නේ බොහොම පුරසිද්ද කතාවක් . හතර රියන් සහ දෙරියන්

හතරරියන් සහ දෙරියන්
එකම ගමේ යහළුවෝය
කලක පටන් මේ දෙන්නා
බොහොම එකමුතුයි.......

මේ හතර රියන් පොඩ්ඩක් උසින් වැඩි උනාට දෙරියන්ට වඩා ඉතාම බාලයි . දෙරියන් පොඩ්ඩක් කොට උනාට හතර රියන්ට වඩා ඉතාම වයසයි . දෙන්න ඉතින් එල ෆිට් එක . මොන ගොබ්බ වැඩේ කරත් ඉතින් හතරරියන් සහ දෙරියන් එකට එකතුවෙලා ප්ලෑන් එකක් දාලා කරනවා . වෙලාවකට හතර රියන් දෙරියන්ට හෙන ලොකු ටෝල්ක් දෙනවා . දෙරියන් ඉතින් අනේ ඒවා ඉවසාගෙන ඉඳලා වෙලාව ආවම ඊට වඩා ලොකූ සීන් දෙනවා .
එත් ඉතින් දෙන්නා බොහොම ෆිට් එකේ ඉන්නවා . දවසක් ඔන්න මේ දෙන්නට ආරංචියක් එනවා කොහේදෝ මන්දා දිහාවක වැම්පයර්ස්ලා නොමිලේ ලේ බොනවා කියලා . හතරරියන් කිව්වා දෙරියන්ට යමු එහෙනම් ලේ පොවන්න කියලා .

දවසක් දා මේ දෙන්නා
ඉස්ටැන්ඩේ මුණගැහිලා
හවුලෙ ගමන අරඹන්නට
බසයට නැංගා......

ඔන්න දැන් වැම්පයර්ස්ලා ලේ බොන I B C කියන ඉස්තානෙට මේ දෙන්නා ගමන් කරනවා . හතර රියන්ට නම් ලේ පොවන්නම අයිඩියා . එත් දෙරියන් බයයි . දෙරියන් අනේ හුනේ ගාලා ශේප් උනා . හතර රියන් ලේ පොවන්න ඉදිරිපත් උනා .

හා දැන් හයියෙන් සාධු කියන්න පිවතුනී......

ඔන්න ලාස්සනට ඇඳගත්ත වැම්පයරි කෙනෙක් ඇවිත් යොදුන් දෙකයි අඩි හතරයි අඟල් පහයි දිග විෂ දලයෙන් හතර රියන්ගේ නිර්මල පිවිතුරු හස්ථය හිල් කළා . අනේ ......... රක්තවර්නයෙන් හෙබි හතර රියන්ගේ රුධිරය රැවුල වවා ගත්ත දුෂ්ට නීච වැම්පයර් කෙනෙක්ගේ අතේ තියෙන පැකට් එකකට එකතු වෙනවා . ඔහොම වේදනාව ඉවසාගෙන ඉන්න හතර රියන් දිහා දෙරියන් බලාගෙන ඉන්නවා . දෙරියන්ට හිනා . නීච දෙරියන් , ඇඳේ වේදනාවෙන් වැතිරිලා ඉන්න හතර රියන්ව ෆොටෝ ගත කර කර හිනාවෙනවා . බලන්න පින්වතුනී කොච්චර නින්දිත ක්‍රියාවක්ද ඒක .

හතර රියන්ට මල දෙරියන් එක්ක . දුෂ්ට දෙරියන් ....................................!

විෂ දලය ගලොපු ගමන් හතර රියන් නැගිටිනවා . අයියෝ යෝ යෝ . හතර රියන්ට ටික වෙලාවක් යනකොට මන්දාකිනියම කැරකෙනවා කැරකෙනවා වගේ . මල ජූලියයි . හතර රියන් පොඩ්ඩක් කොයිල් වෙනකොටම එතන හිටපු කට්ටිය එකතුවෙලා සිරි යහනාවේ හතරරියන්ව සතපවනවා . වෙලාවට වැඩිහිටියෝ හිටියේ නැත්නම් සිරියහනේ සැතපිලා හතර රියන්ට මෙලහට හැදෙන ලෙඩේට සිංහල අකුරු තුනයි තියෙන්නේ .
හතරරියන් විරිත්තගෙන හිටියට දෙරියන්ට දැන් සුපිරියටම බයයි . මොකද දෙරියන් එදා ගම රට බලා නොයා හතරරියන්ව තනියම තමයි ගෙදර යවන්න ඕන .
ඔන්න කොහොමහරි හතර රියන් ඉතින් දෙරියන් වෙනුවෙන් දෙරියන්ගේ බය තුනී කරන්න නැගී සිටිනවා ...

නැවතත් සාධු කියන්න පින්වතුනී.................

දැන් තමයි හොඳම හරිය
දෙරියන් හතරරියන්ව ගම රට බලා එන බසයකට නග්ගවනවා . කොච්චර උනත් දෙරියන් හොඳ එකා . මග දිගට මැසේජ් කර කර හතරරියන්ගෙන්, " මල්ලි සල්ලි තියෙනවද ? කලන්තේද ? කලන්තේ වගේනම් මග බැහැපන් මම එන්නම් ඉන්න තැනට , එක්සෑම් එක අවුලක් නෑ " ඔයවගේ කතා කෝටියයි .

ඒත් කඩුවෙල පහු උන ගමන් හතරරියන්ට ඉන්න බෑ .මොන කලන්තද . සිද්ධ පතිනිදෙවි වැඳ පුදා ගන්න ඕන .මොන හිතකින් දේවාලේ පහුකරලා යන්නද . කාලෙකින් ඒ පැත්තේ ආවේ . දෙරියන්ට කිව්වොත් කේස් . එත් අවුලක් නෑ දෙරියන්ට ඕවා මීටර් වෙන්නේ නෑ . අනේ ඔන්න ඕන එකක් කියලා හතරරියන් , නවගමුවේ හෝල්ට් එකෙන් බස් එකෙන් බහිනවා . ගිහින් දේවාලේ වැඳ පුදාගෙන ආයෙත් නගින්නේ ඇඹිලිපිටිය කොළඹ බස් එකකට .

බස් එක තේ බොන්න නැවැත්තුව වෙලාවේ දෙරියන් මැසේජ් එකක් දානවා .

"මල්ලි උඹ දැන් කොහෙද ? "

එතකොට හතරරියන් කියනවා

"අයියා , තාම ඇඹිලිපිටියට ආවේ නෑ තාම අවිස්සාවේල්ල පහු උනා විතරයි කියලා "

කඩුවෙලින් නැග්ගේ කොළඹ බලංගොඩ බස් එකක . එත් දැන් හතරරියන් කතා කරන්නේ ඇඹිලිපිටියක් ගැන . අනේ පින්වතුනී දෙරියන්ගේ ඉස්ටාටරේ පත්තු උනේ නෑ .

නැවතත් සාධු කියන්න පින්වතුනී ......................

ඔන්න ඔහොමයි පින්වතුනී මේ හතරරියන්, දෙරියන්ව අර කාටද මන්දා අන්දවලා නවගමුවෙන් බැහැලා පිනක් දහමක් කරගත්තේ . ( ඉඳලා හමාරයි )
මෙහෙම ටික දවසක් යනකොට

අපි දෙන්නා හවුල් වෙලා
සම පමණට පොස්ට් යොදා
හොඳ කිරි එළ බ්ලොගක් කරමු
දෙරියන් කීවා .

හතරරියන්ටත් ලියන්නම හිත නිසා හා කියනවා .

ඒ අදහස බොහොම අගෙයි
මගෙන් පෝස්ට් අඩක් ලැබෙයි
හතරරියන් එක වරටම
සතුට පල කලා

ඕන්න ඔහොම හතර රියන් ඒකෙත් දැන් ලියාගෙන ලියාගෙන යනවා . දෙරියන් කැලේ .

හැමදාම කියනවා වගේ දෙරියන් හතරරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට හොඳ හෙල්ප් එකක් දුන්නා . මොකද දෙරියන් කපටියා . දෙරියන් හැදුවේ හතරරියන් ඉස්පිරිතාලෙට යවලා හතරරියන්ට ලැබෙන කාර් පාස් එකෙන් වැට් නැතුව කාර් අරන් වටේම ඉන්න කෙල්ලෝ එක්ක කාර් පදින්න . අනේ දෙරියනෝ හතරරියන් අහුවෙයි ඕවට .

දෙරියන් හොඳවැඩ කලාට ( වටපිට බලමින් ) ඕකා මහා පැණි මුට්ටිය . ඕන එකෙක් කතාවෙන් අල්ලගන්න දන්නවා . ඕකා ඉගෙනගන්න කැම්පස් එකේ ලේක්චර්ස්ලගේ තරුණ ගෑණු ළමයින්ටත් ඕකා පැණි හලලා උයියා කරනවා . ඉස්කෝලේ යනකාලෙත් ඕකා කලේම පැණි මුට්ටි පාස් කර කර හිටපු එක .
ඕකා නිසා ඉස්පිරිතාලේ දෙකේ වාට්ටුව හරිම කොයිල් වෙනවා . ඇයි ඉතින් ළමයින්ගේ වාසගමට එකම සර් නේම් එක දෙනකොට .
නැවතත් සාධු කියන්න පින්වතුනී ......................

හතරරියන් ඔය ඔක්කොම දැනගෙන මුකුත් දන්නේ නෑ වගේ ඉන්නවා . ඒක නිසා දෙරියන් හිතාගෙන ඉන්නේ හරි පොර කියලා . පුහ් අපි නොදන්න හෝටන්තැන්න .



දෙරියන් ඉතිං රස්සාවට කොරන්නේ පරිගනිකාව ගහන එකලු කියන්නේ . අනේ මන්දා . ගහන ගැහිල්ලේ හැටියට පරිගනිකාව ඉතුරු උනොත් ඇති . රස්සාවකුත් කරගත්ත එකේ දැන් පරස්තාවකුත් කරගන්න හිත හිත දෙරියන් වේලෙනවා කියලා තමා වයලීනොගේ විද්‍යාත්මක ඇසට පේන්නේ .

ඒ නිසා ලැබුවාවූ මේ අලුත් අවුරුද්දේ හා නෑ නෑ ලැබුවාවූ මේ සුභ උපන්දිනයේ ඒකත් කරගන්න ලැබේවා කියල කියලා ඔන්න මම ප්‍රාර්ථනා කොරනවා .


හැපී බර්ත්ඩේ අයියා !!!!
( මැයි 30 )