Sunday, April 27, 2014

එන්න අපි ප්‍රාතිහාර්ය පාමු !





මගේ fb වෝල් එකට මේ ලඟදි හිස බූ ගාගත්ත කාගේද මන්දා එක්කෙනෙක්ගේ ෆොටෝ එකක් ටැග් කරලා තිබ්බා . මම ඉතින් සුපුරුදු පරිදි හොඳ සුද්ද සිංහලෙන් මුකුත් කියන්න යන්නේ නැතුව බොහොම විනීතව කිව්වා

" මල්ලි මේ , මේවගේ ෆෝටෝනම් මට ටැග් නොකර ඉන්නවනම් හොඳයි " කියලා . කිසි අවුලක් නෑ . මිනිහා ෆොටෝ එක රිමු කරලා තිබුණා . මචංලට කියන්න මචංලා ඔය වගේම ෆොටෝ එකක් තියෙන පෝස්ටර් එකක් අපේ කැම්පස් එක ඉස්සරහා තාප්පේ තියෙනවා . ඒක හරිම සෝක් . තාම වැස්සට පෙඟිලා ඉරිලා  ගිහින් නෑ .

උදේ පාන්දර ඉතින් නයි මල්ලත් එල්ලන් කැම්පස් එකට එනකොට ගේට්ටුව ගාව ඔන්න තියෙනවා පෝස්ටර් එක . ඒකෙ රැස් විහිදෙනවද මන්දා , කෙසේ වෙතත් ඒක දැක්කම මගේ රැස් විහිදෙනවා . මුල දවස්වල ඕක දැක්කම යක්ෂයා ආවේස උනාට මොකද දැන් නම් හැමදාම ඕක දිහා හිතලම බලනවා .  ඒ මොකද දන්නවද . උදේම ඇඟේ ලේ රත් උනාම එන්සයිම උත්ප්‍රේරිත ජෛව රසායනික ප්‍රතික්‍රියාවල සීග්‍රතාවය වැඩිවෙන නිසා . හඃ හඃ හඃ

ඒ පෝස්ටර් එකේ තියෙන්නේ ප්‍රාතිහාර්ය පාන්න සූදානම් කියලා . හොඳ හිනාවක් එක්කම ඒ මූණ පෝස්ටර් එකේ තියෙනවා .

අද ඉතින් කියන්න යන්නේ පොඩ්ඩක් බුදු දහමේ එන කරුණු ටිකක් .

මුලින්ම ආනන්තර්ය පාප කර්ම ගැන හිතලා බලමු . මව මැරීම , පියා මැරීම , රහතුන් මැරීම , බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම , සංඝ භේධය , කියන පාපකර්ම පහ . ඔතනින් මට මතක හැටියට දේවදත්ත හාමුදුරුවෝ සංඝ භේදය සහ බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම කියන දෙකම කරගත්තා . ඉතින් දේවදත්ත හාමුදුරුවෝ පොලව පලාගෙන අපායට ගියා කියලා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා .





බුදුන්වහන්සේ වැඩ ඉන්න කාලේ දවසක් රජගහ නුවර සිටුවරු කට්ටියක් රත් හඳුන් වලින් නිර්මාණය කරපු පාත්‍රයක් නගරයේ ඉතාම ඉහල තැනක එල්ලලා කියනවා , හැකි කෙනෙක් ඉහලට ගොස් මේ පාත්‍රය අරගත්තොත් ඒ කෙනාට එය හිමි වෙනවා කියලා . ඉතින් පිඩොල් භාරද්වාජ කියන රහතන්වහන්සේ අහසින් වැඩලා මේ පාත්‍රය පහලට ගේනවා . ඉතින් සිටුවරු උන්වහන්සේටම මේ පාත්‍රය පූජා කරනවා . මේ බව දැනගත්ත බුදුන් වහන්සේ රහතන් වහන්සේලාට , ලාභ සත්කාර ලබාගැනීමට ප්‍රාතිහාර්ය පෑම තහනම් කරා .

දහම්පාසල් යන කාලේ අභිධර්මයට ඉගෙන ගත්ත කරුණු කීපයක් මතක් උනා මෙතනම කියන්න ඕන කියලා . අභිධර්මය මූලිකවම කොටස් හතරකට බෙදලා තියෙනවා . ඒ චිත්ත චෛතසික රූප නිබ්භාන කියලා . මේවාට කියන්නේ සතර පරමාර්ථ ධර්ම කියලා . ඉතින් ඔය කොටස් හතර ගැන ඉගෙනගන්නකොට මෙන්න මෙහෙම කරුණු කීපයක් ඉගෙනගත්තා .

රහත් වීමෙන් පස්සේ රහත් උන කෙනා කියන්නේ නෑ කාටවත් තමා රහත් වෙලා කියලා .
රහත් උනාම ඒ කෙනාට අපිට වගේ ලොකු ලොකු හිනා පහළ වෙන්නේ නෑ . රහතන් වහන්සේලාට පහළවෙන හිනහ උපදවන සිතිවිල්ලට කියන්නේ හසිතුප්පාද සිත කියලා . උන්වහන්සේලා හිනාවෙන්නේ කටේ දත් ටික පේන්නේ නැතිවෙන්න පොඩි හිනාවකින් .

උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි . සුවපහසු උස් ආසන සහ මහා ආසන වල හිඳ ගැනීමෙන් වළකිමි . දැන් ඉතින් ඒ උනාට සමහර අය එරමිණියාගොතාගෙන මයික් එකට කට ලං කරන්නේ මාර ආසනවල හිඳගෙන .

තව මට මතක හැටියට පැවිද්දන් විසින් ගිහියන්ට ආහාර පිළිගැන්වීම අකැප කාරණයක් .

මේ ටික කියාගෙන යනකොට තව මට මතක් උනේ ධාතු පරිනිර්වාණය ගැනත් කියන්න ඕන කියලා .

ධාතු පරිනිර්වාණය කියන්නේ බුදුන්වහන්සේගේ ධාතූන් වහන්සේලා දල්වන ලද කපුරු මොහොතකින් සියල්ල නිමාවට පත්වන ආකාරයට සියල්ලම විනාශ වී අවසාන වී යාම .

ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ මුලින්ම බුදුන්වහන්සේගේ ධර්මය තම තම නැන පමණින් විචාරන්න යාමෙන් . මෙහෙම ගිහින් ලෝකයේ පිරිසිදු බුදු දහම නැතිවෙලා යනවා . ඊටපස්සේ ධාතු පරිනිර්වාණයත් සිද්ද වෙනවා . ධාතු පරිනිර්වාණය ගැන මෙන්න මෙහෙම අටුවා ග්‍රන්ථවල සඳහන් වෙනවා .

ඒ ගැන සඳහන් වෙන ලිපියක් මේ

බුදු පියානන්වහන්සේගේ ධාතු පරිනිර්වානය.
----------------------------------------------------
බුදු පියානන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව ධාතු පරිනිර්වානය සිදුවනුයේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 5000 කට පසු එලඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝදිනයකයි.
විශේෂම කාරණය තමයි, බුදු පියානන්වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු 5000 ක් සම්පූර්ණ වන වෙසක් පුන් පොහෝ දවසක ධාතු පරිනිර්වානය ආරම්භවන්නේ ශ්‍රී ලංකා ද්වීපය තුළිනුයි.එනම් මහියංගනය, මැදිරිගිරිය, දීඝවාපිය, කැළණිය, සෙරුවිල, ජේතවනය, අභයගිරිය,ථූපාරාමය, ආදී බොහෝ තැන්වල තැන්පත්ව ඇති බොහෝ ධාතූන් වහන්සේලා අහසට පැන නැග අහසින් අනුරපුරයේ ස්වර්ණමාලී (රුවන්මැලි මහා සෑය ) චෛත්‍ය රාජයානන් වහන්සේ තුළ නිදන්ව ඇති ද්‍රෝණයක් වූ සර්වඥ ධාතූන් වහන්සේලා සමග එකට එකතුවී චෛත්‍යරාජයානන් වහන්සේට ඉහළ අහසේ නොයෙක් ප්‍රාතිහාරයන් දක්වා අහසින් නාගදීපයේ චෛත්‍යරාජයානන් වහන්සේ වෙත වැඩම කරනවා. රුවන්මැලි මහාසෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා ඉන් මිදී අහසට වැඩම කරනවාත් සමගම මහ රහතන්වහන්සේලාගේ අදිෂ්ඨානයට අනුව දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් නිවී යනවා,මල් පරවී යනවා.

අහසින් නාගදීපයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ අසලට වැඩම කරන සර්වඥ ධාතූන් වහන්සේලා නාගදීප චෛත්‍යයට ඉහළ අහසේ ප්‍රාතිහාර්යයන් දක්වද්දී නාගදීප චෛත්‍යතුළ නිදන්ව පැවති බුදු පියානන්වහන්සේ වැඩසිටිමින් නාගයන්ට දහම්දෙසූ මැණික් පුටුව අහසට පැනනැගී ධාතූන් වහන්සේලා සියල්ල ඒ පුටුව මත තැන්පත්වී මැණික් පුටුවත් සමගම අහසින් දඹදිව බුද්ධගයාවේ වජ්‍රාසනය මතට වැඩමකරනවා.

දඹදිව බුද්ධගයාවේ වජ්‍රාසනයට ඉහළ අහසේදී තමයි ලෝකයේ සෑම තැනම විසිරී පවතින සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ලම එකට එකතුවී බුද්ධ ශරීරයක් මැවෙන්නේ. බුදු පියානන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වීම පිණිස වැඩසිටි වජ්‍රාසනය පොලොව පලාගෙන අහසට පැනනගිනවා.සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ලම වජ්‍රාසනය මත වැඩ හිඳිමින් ධාතූන් වහන්සේලා ද්‍රෝන 8ම එකට ඇමිණී ඒ තුලින් අංගසම්පූර්ණ බුදුරුවක් මවා ගනිමින් බුදු පියානන්වහන්සේ බුද්ධත්වයට පත්වී පළවෙනි සතියේදී දෙව් බඹුන්ගේ සැකය දුරුකිරීම පිළිබඳ සැකය දුරු කිරීම පිණිස යමහ මහ පෙළහර පෑ අයුරින්ම ධාතූන් වහන්සේලා තුළින් මැවෙන බුද්ධ ශරීරය තුළින් දස දහසක් සක්වළම ඒකාලෝක කරමින් සවනක් ඝන බුද්ධරශ්මි මාලාවන් විහිදුවමින් යමහමහ පෙළහර පානුලබයි.

ඒ සිදුවීම දකිනු ලබන දෙවියන් බ්‍රහ්මයන් අද අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ධාතු පරිනිර්වානය සිදුවන්නේය, යයි කියමින් දිව්‍ය මල්,දිව්‍ය සුගන්ධයන් අහසේ විසුරුවා හරින්නේය.

බුදු රජානන්වහන්සේ නමකට පමනක් කළ හැකි ඒ අසිරිමත් යමහ මහ පෙළහර සිදුවී අවසන්වනවාත් සමගම බුදු රුව අහසින් බැස වජ්‍රාසනය මත වැඩසිටී. ඒ සැනින් මහත්වූ ගිනි ජාලාවක් හට ගෙන සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සැදුම් ලත් බුද්ධ ශරීරය ආදාහනය වෙයි. මේ ආකාරයට ධාතු පරිනිර්වානය සිදුවන බවත්, ධාතු පරිනිර්වානයෙන් පසු අබ ඇටයකුදු තරම්වත් ධාතූන් වහන්සේනමක් ඉතිරි නොවන අතර සියළු ධාතූන් වහන්සේලා අහසේම දැවී පිළිස්සී කපුරු දැවී ගියාක් මෙන් දැලිවත් ඉතිරිනොවී අතුරුදහන්වන බවත් සුමංගල විලාසිනි නම් දීඝ නිකාය අටුවා ග්‍රන්ථය තුළත්, පූජාවලිය,සද්ධර්ම රතනාකරය ආදී ග්‍රන්ථ වලත් විස්තර වශයෙන් සඳහන්වේ.

ඉතින් මම කියන්න හැදුවේ අද ලංකාවේ වෙන දේවල් වල හැටියට ධාතු පරිනිර්වාණය වෙන්න තව මහා ලොකු කාලයක් නැතුව ඇති . 

අපේ ආච්චි ඉන්න කාලේ මට මතකයි ආච්චි බුදුන් වඳින්න ගියාම සමහර වෙලාවට බුද්ධ රූපේ දිහා බලාගෙන අඬනවා ආනන්ද හාමුදුරුවෝ ආරාධනාකලානම් අනේ අපිට අදත් බුදුහාමුදුරුවෝ දකින්න තිබුනා කියලා . 

බුදුහාමුදුරුවෝ අද වැඩ හිටියනම් මාස හයේ මාස තුනේ සෝවාන් රහත් කෝස් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නෑ ....

කේන්තියටමයි ලිව්වේ . 

සිංදුවත් අහලා යන්න 

පිහිටක් නැති සරණක් නැති 
සතුටක් ඇති මුහුණක් නැති 
මේ සසර දනව්වේ....
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

හබලක් නැති ඔරුවක් ඇති
මිනිසුන් වෙති වෙරළක් නැති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//

නිවනක් ඇති ගෙදරක් නැති
ගමනක් වෙති වෙහෙසක් ඇති
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ....//


32 comments :

  1. ඔව්...... අපි අසරණ වෙලානේ...... මේ සසර දනව්වේ.......

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා .... කියන්න වචන නෑ .....

      Delete
  2. සාධු සාධු සාධු..
    දැං නං ධාතු පරිණිර්වානය වෙලා වගේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තාම වෙලා නෑ කියලා තමා මම හිතන්නේ .....

      Delete
  3. කේන්ති ගන්න එපා බන් හැමදේම උපේක්ෂාවෙන් බලලා විඳගෙන උපහාසයෙන් ඒ ගැන කතා කරලා බැහැර කරන්න ටර්යි කරන්න . . එතකොට හිතට මාර සැහැල්ලුයි . .

    ReplyDelete
    Replies
    1. මමනම් ඕක ගැන ඉස්සෙල්ලම මේ කතා කරාමයි . ආයේ කතා කරන්නෙත් නෑ . වැඩක් නෑ අයියා . ලංකාවේ උන්ට අලුත් ස්ටයිල් එකකට කරනවානම් ඕන තුප්පහි වැඩකට සාධු කියාගෙන යනවා . ඔක්කොටම වඩා හපන් සමහර ශ්‍රද්ධාව උතුරන ගෑණු . ඔය ගෑණු තමා මිනිහා වරුන්ගේ සල්ලි හූරගෙන ගිහින් මුන්ට පුදලා වැඳලා සාදු කියලා එන්නේ . අර අසරණ දුප්පත් පන්සල් වලට දානේ වේලක් දුන්නනම් නරකද මම අහන්නේ . මේ එක එකාට කේක් කවන්නේ නැතුව .

      Delete
  4. කේන්ති ගන්න එෆා දරුව...මේ ආත්මෙන් වත් නිවන් ගියේ නැත්තම් ඔබට ඊලග ආත්මයෙත් ඔය විකාර බලන්ට වෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් මමනම් නිවන් කෙසේ වෙතත් තව ටික දවසකින් කාලක්‍රියා කරනවා මේ වෙන ඒවායේ හැටියට .

      Delete
  5. වෙසක් දවස්වලට අහන්න සලස්වන්න ඕන ගීතයක්. මේ වෙන දේවල් ගැන හිතනකොට රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ට මෙව්වා ගැන හිතෙන්න ඇති ඒ දවස්වල මෙහෙම ගීත ලියන්න. මේ ගීතයේ සංගීතය කපුගේමද?

    මොකක්ද වයලීනුවෝ උඹ දකින පෝස්ටරය?

    ReplyDelete
    Replies
    1. http://www.gossipsonline.com/wp-content/uploads/2014/04/pi.jpg

      Delete
  6. පිරිමින්ගේ කාම පිස්සුවෙන් ගැහැනිය ගලවාගැනීමේ ප්‍රාතිහාර්ය පාන්න කිසි කෙනෙක් මේ ලෝකේ නෑ. ඒකයි කනගාටුදායක තත්වය.

    ReplyDelete
    Replies
    1. ආවද මෙතනත් කක්කි කරන්න? කවද හැදෙයිද මන්ද!

      Delete
  7. අපි හිතනවට වැඩිය අසරණ වෙලා බං..

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා මතක් වෙනකොට ඇඩනවා .

      Delete
  8. පෝස්ටරය නාන සරගේද , අපි අසරණ වෙලා වගේ හිතට විටරක් නෙවෙයි මුළු ආත්මෙටම දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. http://www.gossipsonline.com/wp-content/uploads/2014/04/pi.jpg

      Delete
  9. පෙළහර පානකං නේ අපිත් ඉන්නේ.. ඕවා මෝඩ ආතල්..

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ්
      ඒක තමා මාත් මේ බලාගෙන ඉන්නේ

      Delete
  10. සමාජය තුල දරාගන්න බැරි තරමට අපි අසරණ වෙලා..

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ අපේම උන් හයක් හතරක් නොතේරෙන වැඩ කරන්න යන එක තමා ඉවසන්න බැරි වෙලා තියෙන්නේ

      Delete
  11. එයා නම් ළඟදීම ලොකු පෙළහරක් පායි වගේ. කරන රෙද්දක් සිවුර ගලවලා කරා නම් නම්බුයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්

      Delete
  12. අම්මප ඔවු.අපි අසරනවෙලාවගෙ නෙමෙයි වෙලා

    ReplyDelete
    Replies
    1. අසරණ වෙලා වෙලා හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  13. හම්මේ අර පත්තරේක ප්‍රාතිහාර්ය පාන එකද? මලපනිනව \ඇත්තමයි. බුදුහාමුදුරුවෝ උන්නානම් කියල හිතිල මහ අසරණකමක් දැනෙනව ඒව දකිද්දි.

    ReplyDelete
    Replies
    1. ඔව් . අද අපිට ආගම වෙනුවෙන් පිහිටක් ඉල්ලන්න කිසිම කෙනෙක් නෑ . ඉන්න උන් දන්නේ කියන්න විතරයි .

      Delete
  14. කොල්ලට කෙන්ති ගිහින් වගේ...... :(

    ReplyDelete
  15. කේන්ති යන්නේ නැද්ද අප්පා...

    ReplyDelete
    Replies
    1. ඊඊඊඊඊඊඊඊඊඊඊක තමා

      Delete
  16. නොදකිං එ් පෝස්ටරේ නං...බංකොලොත් පත්තරයක් විකුණගන්ට අර ගණගෙඩියෙක් කඩේ යනව...
    රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් තම රහත් බව ඔප්පු කරන්ට යන්නෙ නෑ...උන්වහන්සේ ඒ නිර්වාණ සුවය තමන් ම විඳිනව පමණ යි ලු...අනිත් එක බුදුහාමුදුරුවො රහතන් වහන්සේලා ට ඍද්ධි ප්‍රතිහාර්යය පෑම තහනම් කළා ඒ කාලෙ ම...
    බුදු දහම විනාශ වෙන්නෙ පියවරෙන් පියවර..මුලින් ම සැබෑ බුදු දෙසුම විනාශ වී යනව..ඉන්පසුව ඉතිරි වෙන්නෙ සම්මුති බුදු දහමක්..එ නම් බුදු දහමෙ සැබෑ අරමුණ වෙනුවට වත් පිළිවෙත් සහ අර කිව්ව වගේ තම තම නැණ පමණින් දෙසන දහමක්..දැන් එය පටන් අරන්..කැම්පස් වල හරි ම වසංගතයක් වෙලා...වයල ත් දකිනව ඇති...

    මහානායක හාමුදුරුවන් වහන්සෙලා මේවට නිහඬ ව ඉන්න ඒක හරි ම වැරැදි යි..හරි නම් තමාට නැති ගුණයක් අැතැ යැ පැවැසීම මහණ බවින් නෙරැපීමට හේතු වන විනය කෙළෙසීමක් වෙනව...අනේ මන්ද...ඇත්තට ම අපි හරි ම අසරණ යි...

    ලැම්බා ගේ සිතිවිලි විකසිත වන ෴ ම‍ඳෙව් විල ෴

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්
      මටත් පුදුම ඇයි නායක හාමුදුරුවෝ නිශ්ශබ්ධ වෙලා ඉන්නේ කියලා .
      මෙතන දැන් ඔය මොකාද එකා කරන්නේ බෝධිසත්ව සංකල්පය ආයෙත් මෙහෙ ඇති කරවලා මහායානය හිටවන්න . මහ රජාත් ඕකට වැන්දොත් තෙරවාදේ ඉවරයි තමා .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.