Sunday, March 9, 2014

බොරලැස්ගමුව





ඔන්න දරුවනේ සියල්ලන්ගෙන්ම අවසරාආආආආයි .

ඔන්න අපේ සුදුමහත්වරු ලංකාව පාලනය කරන කාලයේ නොයෙක් නොයෙක් විෂයන් වලට අයත් සුදු කස්ටිය ආවලු ලංකාවට . ඉතින් මේ එක්ක දන්ත වෛද්‍ය වරයෙකුත් ආවලු . මෙයා එයාගේ පස්චාත් උපාධිය ( PhD ) වෙනුවෙන් ලංකාවේ අයගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව අධ්‍යනයක් කරාලු .

ගිලීමලේ දත සුදු කට්ටිය , දෙමට පොතු කකා කට හම ගිය රංචාගොඩ කස්ටිය ගැන එහෙම මේ දත් උන්නැහේ ඉතාආආආආම හොඳට අධ්‍යනය කරා . ඊට අමතරව ඔය කෘමිනාශක නිසා දත් දුර්වර්ණ වීම ගැනත් පර්යේෂණ කරා .

ටික කාලයක් යනකොට මේ දොස්තර මහත්තයට තේරුනා තමාගේ මේ වැඩ රාජකාරි වලට හෙල්ප් ගන්න ලංකාවේ කෙනෙකුත් හිටියනම් හොඳයි කියලා , ට්‍රාංස්ලේටර් කෙනෙක් විදියට වගේ . මෙයා සති අන්තයේ පත්තරයක ඇඩ් එකක් දාලා ඔන්න කෙනෙක්ව ගත්තා සේවයට .



මේ සේවයට ගත්ත එක්කෙනාගේ නම අප්පුහාමි . සාමාන්යෙන් ඉංගිරිස් ටිකක් ගොඩ දාගන්න පුළුවන් මිනිහට . ඉතින් මේ වෙන්න PhD දත් දොස්තර කාරයා තාමගේ පර්යේෂණ වලට නාවින්න මහරගම වගේ පැතිවල ඇවිදිනවා . මෙහෙම මෙහෙම ඇවිදලා එක ප්‍රදේශයකට එනවා . මේ ප්‍රදේශයේ අර දත් දොස්තර උන්නැහේ නැවතිලා ඉඳගෙනම පර්යේෂණ කරනවා .

ගොඩක් කාන්තාවන්ගේ දත් ගැන මේ දොස්තර පර්යේෂණ කරලා බලනවා . මොකද ඉතින් ඔය පැත්තේ සමහර සමහර  අය අහුවෙච්ච එක කටේ දාගන්න නිසා . මේ සඳහා අවශ්‍ය කාන්තාවන් තමා නැවතිලා ඉන්න තැනට එක්ක ඇවිත් තමාගේ අවශ්‍ය ටූල්ස් ඒ කාන්තාවන්ගේ ගේ කටටම දාලා නිරීක්ෂණය කරමින් තමයි පර්යේෂණය කරන්නේ .

සමහර වෙලාවට කටට දාන ටූල් මාරු උනාම ඒ කාන්තාවන් ආයෙ ආයේ මේ පර්යේෂණ වලට එන්න කැමැත්ත ප්‍රකාශ කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා . සමහර අයනම් නවත්තන්න එපා තව දාන්න තව දාන්න කිය කිය තමයි ඇවිත් තියෙන්නේ ( ටූල් වල රහ වැඩිවෙලා වෙන්නැති )



ඉතින් මේ පර්යේෂණයේදී අර අප්පුහාමි කියන මනුස්සයා දොස්තරට ඉතාම හොඳින් සේවය කරනවා . ඒ නිසාම අර දොස්තරට සමහර සිංහල වචනත් අප්පු හාමිට සමහර ඉංග්‍රීසි වචනත් කියන්න ලියන්න ඉගෙනගන්න පුළුවන් වෙනවා . දවසක් අප්පුහාමි අහනවා දොස්තරගෙන්,

" ඉතින් සෑර් මේ ගමේ අයගේ දත් හොඳද " කියලා .

ඉතින් දත් දොස්තරයා කියනවා ,

" ඔහෝ....... අප්පු හාමි දේ හෑව් වෙරි ක්ලියර් දත් ඇඳී , ඇන්ඩ් දෙයර් ටීත් ආ බොර ලස් ටීත් " කියලා .

ඉතින් මේ දත් දොස්තරයා තවත් කාලයක් ලංකාවේ ඇවිද ඇවිද මේ පර්යේෂණ කරනවා . අන්තිමට පොඩි කටක් තියෙන එක්කෙනෙක්ගේ කටට මෙයාගේ ටූල් එකක් දාන්න ගිහිල්ලා පොඩි අකරතැබ්බයක් වෙලා අනිත්මට ටූල් එක ඒ කටේ දාගත්ත එක්කෙනාටම හැපිලා ටූල් එක කැඩිලා මාර ජර මරයක් වෙනවා . පස්සේ කොහොමහරි මේ දොස්තරයා චාටර් වෙන්න කලින් රට පනිනවා .

හැබැයි කරපු පර්යේෂණවල ප්‍රතිපල වලින් PhD එක ගොඩ දාගන්නවා . පර්යේෂණ කෙරුණා මදි . ඒත් දත් දොස්තරයා කැම්පස් එකේ හිටපු ලේඩි ප්රෝෆෙසරිගේ කටටත් ටූල් එකක් දාලා ඩිග්‍රිය ගොඩ දාගත්තා .

අනේ අර අප්පුහාමි කියන මනුස්සයා , යන්තම් ඉතින් දොස්තරගෙන් ඔය දතක් සුද්ද කරන්න , දත් ගැලනාම අලුතෙන් හිටවන්න වගේ පොඩි පොඩි දේවල් ඉගෙනගත්තා . ඒවා කරලා අප්පුහාමි යන්තම් යන්තම් කීයක් හරි හොයාගෙන ජීවත් උනා .

අප්පුහාමි පදිංචි උනේ අර අන්තිමටම කිව්ව ප්‍රදේශයේ . ඉතින් මෙයා ඒ ගමේ ඉන්නේ දත් වල බොර නැති අය නිසා මැදට පොඩි ඉංගිරිස් කෑල්ලකුත් දාලා ඒ ගමට බොර ලස් ගම කියල මොඩන් නමකුත් දානවා .

එහෙම දාපු නම

බොර ලස් ගම => බොර ලස් ගමුව => බොරලැස්ගමුව

කියලා විකාශනය උනා කියලා වයලීනෝ මහතාගේ පර්යේෂණ ග්‍රන්තයක සඳහන් වෙනවා . අප්පුහාමි තාමත් ජීවත් වෙනවා මේ බොරලැස්ගමුව කියන ගමේ මිනිසුන්ගේ දත් අමාරු වලට බෙහෙත් කර කර .

තවත් ගමක් ලබන සතියේ කමු !

( මේ දිනවල පොස්ට් කියවීම නොහැකිවන බැවින් ඒ සඳහා මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි )

13 comments :

  1. මල්ලි වැඩේ කැතයි නේද? කොහුවල හන්දියේ පොටෝවක් නොවැ දාල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම දැකලා නෑ . නෙට් එකෙන් ඔය ලේබල් කරලා තිබ්බ බොරලස්ගමුව ෆොටෝ එකක් දැම්මේ . තොලි තොලි මෙයා .....

      Delete
  2. ඒකත් ඉවරායී................... දැං ඉතිං උඹෙ ටූල් එක පරෙස්සං කොරගනින්. අන්නඅරෙහෙ අප්පුහාමිය උඹව හොයනවා උඹෙ ටූල් එක ගලෝල උගෙටූල් එක උඹෙ කටට දානවයි කිය කියා............ =D>

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ දායි දායි g-)

      Delete
  3. බොරලැස්ගමුව කියන්නේ අපි ඉස්සර ඇවිදින තැන්. විජේරාමේ කැම්පස් එක ගාවින් එගොඩවත්ත පාරෙන් බොරලැස්ගමුවට යනවා නිතරම. ඉස්සර නම් හරි නිසකළංකයි. වැව අයින හරි සනීපයි. දැන් හරි කලබල ඇති.

    ReplyDelete
    Replies
    1. අවුල් වෙන්න පෙර වෙන්නැති ..... ???

      Delete
  4. බොරලැස්ගමුවේ ඉතින් අපිත් ඕන හැටිය රවුම් ගහලා තියේ..

    ReplyDelete
  5. PhD කියන්නේ දර්ශනපති උපාධිය නේද?

    මම අහලා තියෙන්නේ අප්පු හාමිගේ බෙහෙත් දෙන ප්ලේස් එකේ නම තමා "බොර ලස් ගම්ස්" (ගම් කියන්නේ විදුරුමහටනේ) තමයි පස්සේ ඔහොම උනාය කියන්නේ...

    ReplyDelete
  6. ඔය කාල තියෙන්නේ යස අපුරුවට... නියමයි දරුවෝ... :)) w-) :C

    ReplyDelete
  7. හා නියමෙටම ඔය කොරල තියෙන්නෙ... මේ ඇත්තටම ඒ ගමේ නම හැදුණ හැටි නම් සෑහෙන්න වටිනව...
    අර ගම කන කතාව හිංදයි මේම ඇහුවෙ තරහ ගන්ට කාරි නෑ... අවුල් ලෙහන එක ඔබේ වගකීම

    අවන්හල

    ReplyDelete
  8. ආයේ මක්කයි ගම කාලම තියෙන්නේ යසට .... මරු =D>

    ReplyDelete
  9. ගම කෑව එහෙනං ඈ.. කමු කමු. :D

    ReplyDelete
  10. දැන් තවත් ගෑනු දරුවෙක් ඔය කර්මාන්තෙට යොමු වෙලා ඉන්නවා නේ? උන්දැ මොනවද දාන්නේ නෑ ඔබන ටුල් එක?

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.