Friday, March 7, 2014

සයන්ස් කල සියලු සත් වහා නැසෙනා සුලුත්





ඇරඹු දා සිට දින
දක්වාම අවසානය

නොයෙක් දේ අසමින
එහිද සාරය ගෙන

පුස්තකාලෙට යන
පොත් ගොඩට යටඋන

ලැබ් එකේ කල'රින
පිරික්සුම් ගොනු වන

වහා ගිනි ගැනුමෙන
වහා පිපිරීමෙන

වහා විෂ වීමෙන
වහා තැවරීමෙන

අසාද්මික වීමත්
දිවිය නැති වීමත්

අතර යම් උවදුරුත්
පිරුණු තව ජීවිතත්

සමග කල් ගෙවනමුත්
ලොවට පෙම් වඩනමුත්

ජීවයක් සොයන මුත්
එපමණට නොලබතත්

දුකක් නෑ සිත තවත්
ගෙවමි මේ ලෙස පවත්

සයන්ස් කල සියලු සත්
වහා නැසෙනා සුලුත්



13 comments :

  1. "සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය
    නොපමාව කොමර්ස් වලට මාරු වෙන්න "

    කියලා ඒ කාලෙ කොමස් කරපු කට්ටිය අපිටත් කිවුව ඉස්කෝලෙදි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් මටත් කිව්වා මියුසික් කරන්න ආට්ස් කරන්න කියලා . :p :p :p

      Delete
  2. පොත් ගුලට වැදහොත්
    පොත් ගුල්ලනුත් හිටියත්
    පිස්සුම කෙලුමෙනුත්
    සයන්ස් ගොඩ දා ගත් දනන් වෙත්

    පිපුරුම් විස යෙදුම්
    ලැබ් වල දුලබ නොවුවත්
    නිසි පිලිවෙත් රැකුම්
    මගින් අනතුරු වේය minimum

    රසායන පිරියෙසුම්
    ඇති කරවුවත් පිපිරුම්
    එවන් අවදානම්
    අතර අමුතුම ත්‍රිලක් ලැබුවෙම්

    විද්‍යා උපාධිය
    මන ඇස විවර කලෙහිය
    කළමනාකරණය
    කල පිනෙන් ජොබ්කට්ට ලැබුනිය

    ජොබක් සහ විදුඇස
    මගින් නොදුටිමි දිවියෙ අර්ථය
    කලාවට ආලය
    කරනුයෙන් රසවිඳිමි ලෝකය.

    ReplyDelete
  3. ඒකනේ අපි කොමර්ස් කලේ ඒ කාලෙම මේවා ගැන හිතලා..

    ReplyDelete
  4. හෙඛෙක් සියලු සයන්ස් කාරයෝ නැසෙන සුළුය ...... :D

    ReplyDelete
  5. අවුරුදු 4 නෙ බන්......... ඔන්නොහෙ ඉවසන් හිටහන්................... ඊට පස්සෙ ගොඩටන ඉතිං...............

    ReplyDelete
  6. නකෝ අපේ ආදරශ පාඨය මාරු කරල අර උඩ බන්න ඈයො...
    සියලුම සයන්ස් කාරයෝ නැසෙන සුලුය නොපමාව ආර්ට් කරන්න
    හැක් හැක්

    ReplyDelete
  7. ටයිටලේ තමයි මරු.. ඒක පාඨකයින් ඇද ගන්නා සුලුත්...

    අවුරුදු හතරක් කියන්නෙ මොකක්ද ? නොදැනිම ගෙවෙයි. පස්සෙ හිතෙයි ඒ කාලෙ ඉක්මණින් ගියා වාගෙ කියල.

    ReplyDelete
  8. එහෙම එකක් නැහැ. හරියට ඔලුව කෙලින් තියන් වැඩ කරපන්. අපේ ළමයාත් ඕවා තමයි කරන්නේ....දැන් ඔය මාස්ටර්ස් කරන්න යන්නේ.

    කට වහගෙන පාඩම් කටයුතු කරපන් =D>

    ReplyDelete
  9. මම ගණන් කලෙමී
    තවමත් ගණන් කරමී

    ReplyDelete
  10. මං කලෙත් සයන්ස් හලේ... :( කොල්ලා කවිකාරයෙක් වෙලා ;)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.