අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

දුටුවේ නුඹේ නිකැළැල් සිසි වන උවන පියමං කරන විට හිමිදිරි උදෑසන ඉවතට ගන්න සිතුනේ නෑ මදෙනයන ගිලිහී ගියේ නෑ මොහොතක නෙත ගැටුන පියවර ක...

පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා !




දුටුවේ නුඹේ නිකැළැල් සිසි වන උවන
පියමං කරන විට හිමිදිරි උදෑසන
ඉවතට ගන්න සිතුනේ නෑ මදෙනයන
ගිලිහී ගියේ නෑ මොහොතක නෙත ගැටුන

පියවර කීපයක් ඉදිරියෙ ඔබ යනවා
උවනත දකින්නට රිසියෙන් මා යනවා
පියවර තුනක් හතරක් දෙදෙනම යනවා
මොහොතක් මවෙත හැරෙමින් මදහස දෙනවා

හදවත බැඳුණු අපමණ සෝ තැවුල් මැද
ගෙවමින් දිවිය මග වැරදුනු ඇතෙකු ලෙද
ගතකල අඳුරු කාලය අද නිමා වෙද
කියලා සිතන්නට මා තව ප්‍රමාදද

පාළුව ගියත් වළා සපිරි අම්බරය
අප ඉන්නේ දේදුන්නක් එන තුරුය
හෙටත් නෙත ගැටී එකිනෙක සිනහ වෙය
ටික දිනකින් ඒ සිනහව දුර යාය





13 comments:

  1. දේදුන්නක් පායන්නේ ඉඳහිටය
    වැස්සක තෙමෙන්නට ඉඩකඩ ඇති විටය
    දුර යන්නට නොදීම නුවණට හුරුය
    පමාවේ ඵලය නම් පසුතැවිල්ලය

    ReplyDelete
    Replies
    1. සාසා ඇවිත් සූසූ කියමින් මොනවා
      තේරුම් නොගෙන කවියක් කොටලා දිව්වා
      බලපන් සාසෝ ආයෙත් කියවා කිව්වා
      තොරාපන් ඊයේ මගදී දුටුවා


      y-) y-) y-) y-) y-) y-)

      Delete
    2. මට පෙනෙනා ලෙසට මහරජ ඉබ්බාය..

      //සිනහව දුර යාය// කියන එක වැරදියට තේරුම් ගත්තෙ. ඔයා හරියට ලියල නෑ නේ :p

      Delete
    3. ඔයා සතියෙන් සතිය ලයින් දාන කට්ටිටය මාරු කරන හින්දා මම හිතුවා මේකත් "දුර යාය" කියල :p

      Delete
    4. හඃ හඃ හඃ කියන තරම් මමනම් චපල නෑ .

      Delete
  2. :( :((

    ඒකත් එහෙමද... ඒ හිනාව දුර යන්ට කලිං අල්ල ගත්ත නං... හිනා වෙලා ඉන්ට බැරිවෙයිද.....?

    ReplyDelete
    Replies
    1. දැලක් දාන්ට ඕන :p :p :p

      Delete
  3. හදවත සෝ තැවුල් සංකා දුක ගේන
    නිදහස සතුට සැනසුම සුන්කර දාන..
    බිඳ නොම දමමි යෞව්වනයෙකු ගේ හීන
    අද හෙට නුදුරු දින දැල්වේවා පාන

    ReplyDelete
    Replies
    1. එල එල . ටැංකුයි මෙයා .......!

      Delete
  4. පියවර දෙක තුනක් ඉස්සරහින් ඇවිදින්
    උඹ මට පාන මුකුලුව දැක හිත සතුටින්
    කට කන්දෙකේ ගෑවෙන්නට සිනහවෙමින්
    මම බැලුවත් උඹ හිනහුනේ කාට ඉතින්

    ReplyDelete
    Replies
    1. පාර අයිනේ හිටපු ගොලුබෙල්ලෙක් එක්ක හිනා උනේ මෙයා . :p :p :p

      Delete
  5. මං නම් කවි රීප්ලයි දන්නේ නැහැ... දැන් ඔයා කවද්ද බඳින්නේ? :-O

    ReplyDelete
  6. සාස බෝඩිමට එන්න කලින් හොඳට හිටපු කොල්ල

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.