Tuesday, March 11, 2014

කලියුග කාලෙට උපන්න ලබු ( පොඩි උන් පරිස්සමෙන් ඔන්න )



කවුරුවත් කලියුගය කියලා එකක් අහලා තියෙයිද මෙයා ? එහෙනම් අබුද්ධස්ස කාලේ කියලා ? අහ්හ් ක්ලික් වුනා නෙහ්... යා යා අර ලබු තිත්ත වෙන කාලේ... දැන් ඔය ඒ කාලනේ ලබු තිත්ත වෙන්නේ... කලින් ලබු එහෙනම් පස්ට රහද දන්නේ නෑ... නෙහ් ? චඃ ලබ්බක්නේ ඉතින්, ට්‍රැක් පනිනවා පටාන් ගත්ත ගමන්.




කෝමහරි මේ කාගේ කාගේත් ලබු තිත්ත වෙන කාලෙට කියනවා කලියුගය කියලා ඔන්න. මේ කලි යුගය ගැන කියවෙන්නේ හින්දු ආගමේ. ඔය ඉන්දියාවේ නැති සෙද්දක් නෑනේ. මේකත් ඉන්දියාවෙන් තැපැල් ආපු ටිකක් හරිය. අර සෞරග්‍රහ මණ්ඩලය කියන අයිටම් එක ගැන ලියවුනු පොත් තියෙනවාලු ඉන්දියා වල ප්‍රධාන වශයෙන් 18ක්. මේ අර ජ්‍යෝතිෂය සීන් එක්ක බැඳුනු පොත්.

හෙහ් ඉන්දියාව කිව්වම මතක් වුනේ... අපේ කැම්පස් එකේ ඔන්න ලෙක්ස් ඉවර වෙලා පැයක් වගේ ටියුට් එක ඈ. ටියුටර් ඇවිල්ල ලාත්තන අක්කි බබෙක්.... කාගේ ටියුට් එකට හිටියේ නැතත් මේ අක්කි බබාගේ ටියුට් එකට කොල්ලෝ ඔක්කොම ගොඩාක් උනන්දුවෙන් සහභාගී වුනා. කවදාවත් පොතක නෝට් නොදාන අපි, මේකෙත් කිසිම නෝට් එකක් දාන්නේ නෑ. හෙහ් හෙහ්  කොරන්නේ නෝට් එක දාගන්නේ නැතුව ඉතින් අක්කි බබා බෝඩ් එකේ එව්වා ලියනවා බලාගෙන ඉන්නවා. මොන වැඩේ තිබුනත් අක්කි බබා බෝඩ් එකට හැරුණු ගමන් එක කොල්ලෙක් බෝඩ් එක තියෙන පැත්තෙන් ඇස් එලියට ගන්නේ නෑ. මොකද ඒක තමයි අපිට ඉන්දියාව බලාගන්න තිබුණු එකම චාන්ස් එක. මීට වඩා නම් කියන්න බෑ හප්පා. දන්නෝ දනිති අක්කි බබා බෝඩ් එකට හැරුනම ඉන්දියාවේ හැඩේ පේන්නේ කොහෙද කොහොමද කියලා. ඉන්දියාවත් ඇද කුද ඇරියම ඉතින් V වගේ ශේප් එකනේ නෙහ්. හැක හැක හැක. ( ටියුබ් ලයිට් වලට ඉස්ටාටර් දමනු නොලැබේ. පොටෝ එකක් පමණක් දමනු ලැබේ.... )



හානේ චෝයි බලු කුක්කා නෙහ්... ? ඉතින් ඕක නෙවෙයි ටොපික් එක අර කලියුගයනේ. ඉතින් අර කිව්ව පොත් 18න් පස්ට පොතක් කියලා කියන්නේ සූර්ය සිද්ධාන්තය කියන එකලු. මේකේ තමයි තියෙන්නේ මෙහෙම. පොතට අනුව එර්ත් එකට ආයු කාලයක් තියෙනවලු. ඒක යුග වලට බෙදෙනවලු. එක යුගයක් ගත්තම පස්ට කාලයක් ඈ. ඒ කාලේ ආයේ තව යුග හතරකට බෙදෙනවලු. ඒවා තමයි

1. කෘත
2. තෙත්‍රා
3. ද්වාපාර
4. කලි

කෘත යුග වල මිනිස්සු හැඟීම් වලින් අඩුලු. ඒ නිසා ඒ පොරවල්  බෝ වීම කරන්නේ අඩුවෙන්. ඒ වගේම උන් ඉන්නෙත් පොඩ්ඩයිලු හැබැයි ඉන්න පොඩ්ඩ ආයුෂ අවුරුදු 50,000ක් වගේලු. පික්සු හැදෙනවා. උන්ට ඉන්දියාම කීයක් බලන්න තියෙන චාන්ස්ද නෙහ්.

කෝමහරි ඔන්න එන්නේ තෙත්‍රා.මේකේ උන්ගේ හැඟීම් කලින් උන්ට වඩා වැඩි නිසා බෝ වීම වැඩිලු. හෙහ් හෙහ් හෙහ්. හැබැයි ආයුෂ අඩුලු. ඒ කිව්වේ අවුරුදු 10 000ක් වගේලු.
ඊට පස්සේ එන්නේ ද්වාපාර යුගය. මේකේ සොරකම් මැරකම් අල්ලස් සීන් වැඩිලු. චාටර් ගති ගුණ වැඩි වැඩියෙන් ඉස්මතු වෙනවලු. හැබැයි මුන්ගේ මීටර් එක වැඩිලු. ඒ නිසා හොඳට ලෝකේ දියුණු වෙනවලු. හැබැයි අවුල මේ හැම යුගයක් අවසානයේදීම වෙනවලු විනාසයක්. ඒකෙන් ගොඩක් එව්වා විනාස වෙලා යනවලු. කෝමහරි මේ කාලේ උන් ජීවත් වෙන්නේ අවුරුදු 1000ක් වගේලු. සෙල්ලම් නෑ නෙහ්.  ඒ කාලේ නිකන් ඊජිප්තු කාලේ වගේ වෙන්ට ඇති.

ඔන්න අවසාන එක ඇවිල්ල තමා කලි යුගය. මේ කාලේ මිනිස්සු පට්ට මීටර්ලු. හැබැයි අධ්‍යාත්මිකව අම්බානෙක පිරිහිලාලු. මේ කාලේ අන්ධ භක්තිය වැඩිලු. පොඩ්ඩක් හරි අධ්‍යාත්මය හොඳ පොරවල් සමාජෙන් ඈත් වෙලා ඉන්නවලු. හොඳ භෞතික දියුණුවක් තියෙනවලු මේ කාලේ, හැබැයි ඒකෙන්ම විනාසේත් වෙනවලු. න්‍යෂ්ටික වගේ වෙන්ට.

දැන් කලියුගය ටොපික ඔහොම්මම හෝල්ඩ් කොරලා යමු අපි රයිගමයයි ගම්පොලයයි දිහාවට. සිංදුවා ඔය කතාව අහලා තිබුනට දැන් පොස්ට් එක ලියන්න ඔය කතාව මතක් කොලා කොලා මතක් වෙන්නෙම හතරරියන් සහ දෙරියන් එකම ගමේ යාළුවෝය කියන එකමයි. බැරිම තැන ලැජ්ජ බිල්ලට තියලා පැතුවා විදෙස් ආධාර... නවලා නවලා නාවලා ඔන්න අන්තිම පේලියේ ට්‍රෝජා කතාව කිව්වා. මම වගේ මැන්ටල් වෙච්ච උන්ට ඒ කතාවත් යන්තම් කියලා දාන්නම් එහෙනම් ඈ.

ඔය රයි ඇන්ඩ් ගම් පට්ට කට්ට කෛරාටික වෙත්ත පිත්තල තුත්තිරි පොරවල් දෙකක්. රයිගම දවසක් ගම්මිරිස් කොළ ගෝනියක් අරගෙන යනවා ඔන්න පොළට, ගම්පොළයා එනවා කිතුල් ඇටද කොහෙද ගෝනියක් අරගෙන පොළට යන්න. දෙන්නම ඔන්න රෑ අම්බලමක සෙට් වෙනවා. දෙන්න විස්තර අහලා අරක මේක කතා වෙනකොට ගම්පොලේ අහනවා රයිගමයගෙන් මොනවද ගෝනියේ ? අරු කියපි බුලත් කියලා.
රයිගමයා ගම්පොලගෙන් ඇහුවම ඌ කියපි පුවක් කියලා. පස්සේ උදේ වෙනකොට රයිගමයා ගම්පොලයාගේ ගෝනියට විදලා යනවා විකුනන්න. අරුත් මුගේ බුලත් ගෝනිය හොඳයි කියලා විකුනන්න හිතාගෙන යනවා. සෝ දෙන්නම රැවටිලා දෙන්නටම. ඕක තමයි ඉතින් කතාව කෙටියෙන්.

දැන් කලියුගයයි, ගම්පොලයයි රයිගමයයි ඔක්කොම ඉන්න සිංදුවක් මතාක් කොරන්න බලන්න........
මතකෙයි ? නහී ? මතක ඉල්ලෙයි ? එහෙනම් ඔන්න මේකයි සිංදුව. සිංදුව ලිව්වේ රෝහණ බැද්දගේ. මතකනේ අර රා බීලා වෙරි වුනු මීයා ගැන ලිව්වේ.





කලියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ
එකෙක් රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ


කොහොමද ඒ පැත්තේ තොරතුරු
හරි ගිරිස්මේ ඒ පැත්තේ ?
එහෙට තදින් වැස්ස වහිනවා


අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
මොකක්ද කිව්වේ
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
ඒ කිව්වේ
මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
නෑ නෑ
එහෙනම් ?
පොඩි එවුන්ට යන්න කියනවා
කොහොම උනත් පහුවෙන කොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද ?
උන් ඔක්කොම හරහට යනවා.


කොහොමද ඒ පැත්තේ තොරතුරු ?
එහෙට වැස්ස, ඒ පැත්තේ ?
එහෙ ගිණි රස්නෙට පායනවා

අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිව්වා ?
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිව්වේ 
සැඩ පහරින් බයක් නැතිව ඔරුව පදිනවා.
නෑ.. නෑ.
පුරුදු නිසා ඔරුවෙන් යනවා
ඈ බලාගෙනයි
පාරුව පෙරළුනොතින් කරදර වෙනවා
පෙරළුනොතින් පෙරළුන පිට හොදයි කියනවා.

සංගීතය හා පද රචනය : රෝහණ බැද්දගේ
ගායනය : රෝහණ බැද්දගේ සමග බන්දුල විජේවීර




( දන්නේ නැති උන්ට ) දකුණේ : රෝහණ බැද්දගේ & වමේ: බන්දුල විජේවීර


මතන් හරි කළා ශිල්පියෙකුට පිහිටනවලුනේ තුන්කල් දැකීමේ හැකියාව කියලා එකක්. මොනවා වුනත් මේකත් ඒ වගේ දැකලා ලියපු සිංදුවක්ද මන්ද. එහෙනම් අනන් මනං ටෝක්ස් නැතුව කෙලින්ම එහෙනම් සිංදුවට යමුකෝ.

දැන් මෙතන කලියුගයේ ඉපදුනු නුවනක්කාරයෝ කියන උන් දෙන්නා ඔන්න මීට් වෙනවා. මෙතන නුවනක්කාරයෝ කියන්නේ උපහාසයකට. නිකන් කින්ඩියට තමා ඒ යෙදිල්ල දාලා තියෙන්නේ. සිරාවටම ඔය කියන කලියුගයේ ඔය කියන තරම් නුවනක්කාරයෝ ඉන්නවනම් ඕක කලියුගය වෙන්නේ නෑ නොවැ. දැන් මේ කලියුගයේ නුවනක්කාරයෝ දෙන්න මීට් වෙලා වාඩි වෙන්නේ කොහෙද ?
මාර ගහක් යට. මාර ගහ එලොවටත් නැති මෙලොවටත් නැති කිසිම වැඩකට නැති ගහක්. එතනත් කින්ඩිය. නුවනක්කාරයෝ කියන උන් දෙන්නා වාඩි වෙන්නෙම තෙරුමක්ම නැති ගහක් යට.
දැන් ඒ දෙන්නා ගැන අදහසක් දෙනවා මේ පද වලින්
එකෙක් රයිගම පැත්තේ - අනිකා ගම්පොල පැත්තේ

දැන් මේ නුවනක්කාරයෝ වාඩි වෙලා කතා බහ කරන නුවණක්කාර කතාව මොකක්ද ?
හරි ග්‍රීස්මේ ... එහෙටනම් තදට වහිනවා..
අයියෝ සල්ලි. එතනත් කින්ඩිය. මහලොකු නුවනක්කාරයෝ කතා කරන්නේ ඒ ඒ පැත්තේ කාලගුනේ ගැන.

ඊට පස්සේ ඔන්න එනවා කකුළුවෝ සීන් එකට. මේ කලියුග කාලේදී මොකද වෙන්නේ ලොකු මිනිස්සු, දැනුම් තේරුම් තියෙනවා කියන බුද්ධිමත් කියන මිනිස්සු වැරදි කරන ගමන් ඊට පහල අයට කියනවා එහෙම කරන්න එපා කියලා. හරියට උදේ හවා බොන මිනිහා අමද්‍යප සංගමේ සභාපති වගේ. රටේ ලොක්කෝ තොග පිටින් ගහන ගමන් පොඩි පහේ උන්ට දඬුවම් දෙනවා වගේ, කුඩු කන්ටේනර් ගෙන්වන ගමන් පස්සා පැත්තේ ගහගෙන කුඩු ගේන එකාව හිරේ දානවා වගේ. ඇති නෙහ්.
අන්තිමට වෙන්නේ මොකක්ද ඔය පොඩි කකුළුවත් හරහටම යන එක. ජෝක් වගේ පෙනුනට සිරා කතාව.

ඔය තැන් දෙකේදීම දාන හිනාව බලන්න. නුවනක්කාරයෝ හිනාවෙන්නේ කොක් හඬලා. ඒක නුවනක්කාරයන්ගේ හිනාවක් නෙවෙයි නොවැ. අනේ සාදු, අනේ ඔන්න කැත නැතුව එතනත් කින්ඩිය.

ඊළඟට වෙන්නේ මොකක්ද මිනිස්සු ඔරු පදිනවා ඇයි...ඒ පුරුද්ද නිසා. සැඩ පහවරල් මැද්දෙන් අභියෝග වලට මූණ දීලා ජීවත් වෙන මිනිස්සු නෑ. ඔක්කොම පුරුද්දට ඔහේ යනවා. වැරදිලාවත් පෙරලුනොත්.
කම්මැලි මෝඩ තකතීරු මිනිස්සු හිතන්නේ මොකක්ද පෙරලුනු පිට හොඳයි කියලා. ඊට එරෙහිව පියවරක් ගන්නේ නෑ. මෝඩ චැනල්, මෝඩ සිංදු, මෝඩ කතා, ගොට්ට අල්ල අල්ල අමු අමුවේ කියන පච, අමු අමුවේ රැස්වීම් වල කියන බොරු , බොරු කියලා දැන දැනම ඔහේ ඉන්නවා. පෙරලුනු පිට හොඳයි කියනවා. මිසක් ඊට වඩා වෙනස්ව නිවැරදි දේ කරන්න යොමු වෙන්නේ නෑ.

හාස්‍යය අස්සේ හැමතැනම තියෙන්නේ උපහාසයදෝ මන්ද. කොහොමවුනත් තේරුම ඔන්න ඕකයි. ඒ දවස්වලම බැද්දගේයන්ට මෙව්වා පේන්න ඇති සුවර් සොට්. සමාජයේ වැටීමත් සමග නුවණැත්තෝ වෙන්නේ මේ හෙන්චයියලා. ඒ වගේ යුග කලින් තිබුනානේ. අන්දරේලා, මහදැන මුත්තලා කතා වලින් කියවෙන්නේ ඒ කාලේ සමස්ත සමාජයේ තියෙන මෝඩකම නේද.

සිරාවටම සිංදුවේ කියන එව්වා එක්ක අද ගලපන්න කොච්චර ටිකක් තියෙයිද නෙහ් ? ඒ කාලේ මහදැනමුත්තා වගේ මර්වින් පේන්නේ එහෙම නැද්ද. ඔව් ඔව් ඉතින් මහදන මුත්තා ගිරාමසේවකලා ගස් බැන්දේ නෑ නොවැ.
එනි වේ ඒ හැම අතින්ම ගත්තම හිතෙන්නෙම අපි ඉන්නේ කලි යුගයේ කියලා නෙහ් ?


සිරාවටම කිව්වොත් ඇත්ත ඒකයි. ඇත්තටම අපි දැන් ඉන්නේ කලි යුගයේ මුල් අවධියේලු. 


28 comments :

  1. ඉන්දියාව පිටිපස්සෙන් බලලා වැඩක් නැහැ. ඉස්සරහෙන් බලපන්. එතකොට තමයි කාශ්මීර් නැතිව නාග්පූර් පේන්නේ :=D>

    මේ බැද්දගේ මහත්මයා එක්ක සාකච්ඡාවක්.
    http://www.col3negoriginal.cc/watch.php?id=50772

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O වට් ද ෆ්රුට් ? කියනවානම් ඉතින් නොබලා ඉන්න එක හරි නෑ නොවැ :D හඃ හඃ හඃ නාග්පූර් නෙහ් හඃ හඃ හඃ
      හම්මා මේක මට අහුවුනේ නෑනේ. රොම්බ තෑන්ක්ස් අරූ !

      Delete
  2. Replies
    1. ටන්කු මෝරා පුතා :D

      Delete
  3. ඇත්තටම අපි දැන් ඉන්නේ කලි යුගයේ මුල් අවධියේලු. /////
    මේ ක නං ඇත්ත වෙන්න ඇති....මොකද අහන්න දකින්න තියෙන්නෙම මහ නසරාණි කතා නෙව...

    ReplyDelete
    Replies
    1. තාම පටාන් ගත්තා විතරයි තව සෙල්ලම් හොඳම එව්වා මග කියන්නේ ඔය :D

      Delete
  4. මලයා. මහදැනමුත්තා අස්සේ අන්දරේ ගැහුවේ ඇයි බන්. අන්දරේ කියන්නේ පට්ට මීටරයක් නෙව..

    ReplyDelete
    Replies
    1. අන්දරේ කපටියි මිසක් නුවණැති නෑනේ නෙහ් ජෙමයියේ ?

      Delete
    2. මලයා මේ කතාව කියවපු විචාර බුද්ධියෙන්ම අන්දරේගේ කතා ටිකත් ආයෙත් කියෙව්වානම්..

      Delete
  5. නියමයි :)

    බයිද වේ, ඔය රයිගමයයි ගම්පොලයයි වගේ දෙන්නෙක් අපිත් දන්නවා නෙව ;)

    ReplyDelete
    Replies
    1. අහ්හ් අර ඔය කියන්නේ අර අරුයි තිසරයයි ගැන නේද බුඩිස් ? නැත්නම් කකායි මාතලනුයි නෙවෙයිනේ ? :D

      Delete
    2. ඔයා දන්නවාද මන්ද මෙයාහ්... එකෙක් හොර කට්ටාඩියෙක්. අනිකා අර කඩුවෙල නිධාන් හාරල Yamaha Tyros - 3 එකක් සෙට් උන දෙපලගෙන් අයියා :)) :)) :))

      Delete
  6. මාත් ටිකක් දන්න ඔය වගේ එවුන් දෙන්නෙක් ඉන්නවා එකම 'ගහක් යට'. එකෙක් සිංදුවා, අනිකා වයලිනෝ... :D

    මේ දෙන්නගේ මුල් ගීත වල නම් උපහාසය එමටයි. "දොලොස් මහක් ගතවී", "පුල්ලි ගොනා", "මගෙ සුදු මමණ්ඩිට", "ඔය බෙන්ස් කාර්"... ඊට පස්සේ "සකිය සගව්වට", "රජා හෝ මංගලියා" වගේ නව ආරක් ඇති කරපු සිංදු කිව්වා.

    හැබැ‍යි බැද්දගේගෙ මේ සිහිනය නම් සැබෑවුණේ නෑ නේද? වැඩියම ප්‍රසිද්ධ නැති මම බොහෝම ආස කරන ගීතයක්...

    මහන්සියට කවි සීපද සින්දු කියනවා
    හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
    පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
    නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා

    අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ බඩු පට්ටලේ
    අනාගතේ වාහන වැඩ පොලක් හැදෙනවා
    අපේ රටේ යකඩ වානේ මහපොලොවෙන් ඉවත් වෙලා
    විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක්මවගේ හදවතේ
    අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
    ඒ උණු ලේ කඳුලු වෙලා හෙලූ කඳුලු එකතු වෙලා
    තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරු වෙලා
    විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
    අපෙ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
    අපේ පැටව් මේ කඳු පහුකරගෙන යනවා
    හා.. යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා

    ReplyDelete
    Replies
    1. තිසර.......බැද්දගේ සිහිනය හරිම අවිහිංසක හීනයක්. මේක අද පාන්දර දැක්කේ. හරි අසරණ කමක් හිතට දැණුනා තිසර. අව්‍යාජ ගැමියෙක්ගේ ප්‍රාර්ථනාවක් බැද්දගේගේ කටහඬින් ගීතයට මහා ශෝකී රාවයක් එකතු කරනවා. මට මෙහෙම හිතෙන්නේ මේ කිසි දෙයක් නොවුනු නිසා වෙන්න ඇති. අපි කොච්චර බපාපොරොත්තු තියාගෙන ඉන්නවාද රට ගැන, අපිට කවදා ඒවා ඉටු කරගන්න ලැබෙයිද? අපේ ඉදිර් පරම්පරාවන් මොන වගේ රටක ඉතුරු වෙයිද? අනේ මන්දා තිසර.........

      Delete
    2. අරු, උඹ ඔහොම කිව්ව නිසා මටත් මේ ගැන හිතුණ දේවල් ලියන්න හිතුණා.

      මේ සිංදුව පුරාවටම තියෙන්නේ සරල අහිංසක හීනයක්... මේක ගැයෙන්නේ අභිමානවත් තනුවකින් නෙමෙයි... බොහොම අහිංසක බලාපොරොත්තු සහගත බවක් තියෙන්නේ... පාවිච්චි කරලා තියන වචන සෙට් එක පට්ට ගැමියි. තෙල් හැදෙන හැටියි, යකඩ වානේ වලින් වැඩ කරන හැටියි කියලා තියන විදිහ බලපං... අනික මේ කරත්තකාරයා දන්නවා මේවා තමන්ගේ ජීවිත කාලේ සමහර විට සිද්ධ නොවෙයි කියලා... ඔහු සතුටු වෙන්නේ අපේ පැටව් මෙහෙම කරාවි කියන බලා පොරොත්තුවෙන්.... සැරෙන් සැරේට මතක් කරලා දෙනවා තාම අපි හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා කියන එකත්...

      සුනාමියෙන් පස්සේ, මහින්ද දිනුවට පස්සේ, යුද්ධෙ ඉවර වුණාට පස්සේ අපි කොච්චර බලාපොරොත්තු උණාද රටේ හොඳ වෙනසක් වෙයි කියලා... ඒත් දැන් පේන විදිහට අනාගත පරම්පරා කීපයක්ම 'යුධ අපරාධකාරයෝ' කියන ලේබලයෙන් ගැලවෙන්න බැරුව අසරණ වෙයි වගේ...

      Delete
    3. හම්මපා තිසරට උම්මා දෙකක් දෙන්න වටිනවා... මේ දවස්වල මම අහන්නේ රෝහණ බැද්දගේ ගෙ සිංදු හරිය... මමත් කීප පාරක්ම ආයේ ආයේ එකදිගට අහපු සිංදු වලින් එකක් මේක. කාලෙකට පස්සේ බැද්දගේගේ ඔරිජිනල් සිංදු ටිකක් හොයාගත්තා. මෙතන තියෙන්නේ ඒ පට්ට පරණ සිංදු ගොඩ

      බැද්දගේ ගෙ තව පට්ට සිංදු ගොඩක් තිබුනා. ඒ කියන්නේ අපි නිතර අහන එව්වා නෙවෙයි. ගොවියෙක්ගේ පුතෙක් විදියට කියන අස්වැන්න නෙලන කොට ණය පොත අරන් එන මුදලාලි.. ඔහොම සීන් එකක් තියෙන සිංදුවක්. අනික "බොලන් හාමිනේ" ඒ වගේ එව්වා. හම්මෝ සිංදු කීයක් කියලා කියන්නද. :D

      රටේ හොඳ වෙනසක් ? හෙහ් හෙහ් ඔව්ව මේ නාකි උන් දෙන්නා එක්ක දවල් හීන .... :D :D

      Delete
  7. සින්දුවයි කතාවයි දෙකම අගෙයි.

    ReplyDelete
  8. දැන් එතකොට අපිත් පට්ටම මීටර් එතකොට ඈ.....

    ReplyDelete
    Replies
    1. හික් හික් ආයෙත් අහලා.... උඹ කොහෙද මචං ගම්පොලද ? රයිගමද ? :D

      Delete
  9. මේක කලියුගේ මුල නෙමේ දැන් මැදද කොහෙද.
    මේ ලෝක කපටියො දෙන්න රත්නපුර පැත්තෙ නෙමේ කියල සුවර්ද?

    ReplyDelete
    Replies
    1. නෑලු නෑලු එකෙක් නම් නුගේගොඩ පැත්තේ කියලයි ආරංචිය :P :P :P

      Delete
  10. මේ තාම කලියුගේ තමා බං..

    ReplyDelete
  11. බැද්දගෙ ගෙ ගොඩක් සින්දු අහල තිබුනට සිහිනය අහල නැනෙ බොලෙ.ටැන්කිවු
    මම ආසම එක හෙලෙනා සින්දුව

    ReplyDelete
    Replies
    1. දමිත් කියන්නේ මේ මේ සිංදුව ගැන නේ :D ටන්කු දමිත්

      Delete
  12. අද පොඩි මෙව්වා එකක් හම්බෙලා මේ පැත්තේ ආවා . හඃ හඃ හඃ
    බලනවකො අපිට ඉන්න ඔක්කොම සාරි අඳින්නේ . :( :( :(

    කලි යුගය ගැන එක එක පොත්වල එක එක විදියට තියෙනවා . පොතේ හැටියට දැන් හරිනම් කලියුගයේ අන්තිම හතරෙන් එක ගෙවෙනවා කියලා කියනවා කස්ටියක් . හැබැයි වෙන්න පුළුවන් , මොකද දැන් බුද්දාගමත් නැතිවෙන්න මුල් අඩිතාලම් වැටිලා . මේ යුගයේ කෙලවර පායනවා කියන ඉරවල් හතක් කෙසේවෙතත් මේ එක ඉරත් එක්කත් දැන් ඉන්න බෑ .

    හැබැයි මම මේ සින්දුවනම් අහන්නේ නෑ . මේ දෙන්නගේ වෙන වෙනම කියන සිංදු සමහර ඒවා ඇහුවට මේක හරිම අවුල් මටනම් . දැන් ඉතින් ඕකට බන කියලා වැඩක් නෑ . නානත්ත කායා නානත්ත සෙන්සර්ස් කියලා හිත හදාගන්නවා හොඳයි .

    ReplyDelete
    Replies
    1. අනෙහ් තොට කියන බණේ මම :P සිරා සිරා... තොටනම් සාරිම ලැබෙන එකමයි හොඳ :D ටන්කු වයලෝ :D

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.