Saturday, March 1, 2014

කඩුවෙල



Posted Image

හොඳ හොඳ බැණුම් අහගන්න නිසා ලියන්නේ නැතුව ඉන්නම බෑ . මේ දවස් ටිකේ අසනීප තත්වෙන් පසුවෙච්ච නිසා ගෙදර අය බනින්නෙත් නෑ . නැත්නම් පාන්දර නැගිටින්නත් කලින් ඉඳලා අම්ම බනින්නේ තේ එක නිවෙනවා කියලා .හැක හැක හැක . බැනුමක් ඇහුවේ නැත්නම් නිකන් එදාට පරිප්පු නැති හෝටලේ වගේ මගෙ ජීවිතේ . :P :P :P 


ඔන්න පින්වතුනි ගැටහැත්ත අවිස්සාවෙල්ල හංවැල්ල ඔහොම ඔහොම ගිහින් කලුඅක්කගේ පත ගල් ගෙඩියත් පහුකරගෙන යනකොට අනේ හම්බෙනවා ස්වීට් නගරයක් . අතීතයේ මේක නගරයක් නෙවේ . මුළුමහත් සක්වලටම හාල් සපයපු කුඹුරක් තමයි මෙතන තිබුනේ . මම මේ කියන කතාව සිද්ද උනේ විජයාවතරණයටත් පෙර කියලා මතක තියාගන්න ඕන ළමයිනේ .හරිය ?

ඔන්න පින්වතුනි මේ මහාආආආආආආආආආආආආ කුඹුර තියෙන කිට්ටුව ඉඳලා ඒ කාලේ 177 බස් එකේ නැගලා ඈ......................න් ගාල යනකොට අතරමැද පොඩි ගමක් තිබුණා . මේ ගමේ හිටියා වෙනත් ප්‍රදේශයක ඉඳලා ඇවිත් නැවතිලා ඉන්න පට්ට පල් හොරු දෙන්නෙක් . අයියයි මල්ලියි . ගමේ අයටනම් වැඩිය අමුත්තක් තිබුනේ නෑ . මොකද හරිම සීදේවි පාටට . හෙන මොඩ් එකට කිට මරලා හිටියේ මුන් දෙන්නා . ඒ උනාට මේ දෙන්නා රෑට රෑට අමුඩ කොටේ ගහගෙන ඇඟේ පොල් තෙල් ගාගෙන ගිහින් ගම කාලා වතුර බොන ජාතියේ පල් හොරු දෙන්නෙක් . 


Posted Image

ළඟින් ගියත් ඇති මුන් එකෙක් ගාවින් . අඩු ගානේ කෙස් ගහක් හරි ගලවනවා . දෙන්නා එක්ක ප්ලෑන් කරලා ගෙවල් බිඳින්න මංකොල්ල කන්න මිනී මරන්න ස්ත්‍රීමෙව්වා ළමාමෙව්වා කරන්න වගේ පිංඅතේ වැඩ වැඩ ඔක්කොම කරා . අනේ පවු මේවට අහු වෙච්ච අහිංසක මිනිස්සු . 

අයියා දවසක් ඔන්න මල්ලිට කියනවා මේ පොඩි එකෝ . මෙහෙම පොඩි පොඩි ඒවා කරලා හරියන්නේ නෑ . ජීවිත කාලෙටම හරියන්න උඹයි මමයි මොනවා හරි හොයාගෙන මේ පවුකාර රස්සාව අතාරිමු කියල . පොඩි එකත් ඔන්න එකට කැමති උනා . 

මුන් ඉන්න තැන ඉඳලා ආයෙත් කඩුවෙල පැත්තට එනකොට අතරමග තියෙනවා පන්සලක් . මේක පෞරාණික පන්සලක් . මේ පන්සලේ තියෙනවා නිධානයක් . මේ නිධානය කලින් තිබුනේ පන්සල් වත්තේ ගලක හංගලා . පස්සේ මේ මුන් දෙන්නා කරන මංකොල්ලකෑම් නිසා ඒ ප්‍රදේශය භීතියෙන් අලලිලා ගිහින් නිධානය ගත්තා . අරගෙන නිධන් පෙට්ටිය විවෘත කරන්නේ නැතුව . විශේෂ ස්ථානයක් තිබුණා . මිනිස්සු ඉතින් අනේ සාධු කියලා වැඳලා යනවා . 

Posted Image

ඔන්න මුන් දෙන්නා දවසක් රෑ හොඳට ප්ලෑන් කරලා පන්සලට පැනලා නිධන් පෙට්ට්ටිය උස්සගෙන යනවා . දෙන්නා යන්නේ ඔය මම කලින් කිව්ව කුඹුර තියෙන පැත්තට . ගිහින් කුඹුරේ මේ නිධන් පෙට්ටිය තියලා අයියා මල්ලිට කියනවා 

මම දැන් මේක උස්සන් ආවනේ බං . උඹ දැන් මේක කඩහන් කියලා . 

ඔන්න හොර මල්ලි කරන වැඩේ අතේ තිබ්බ කඩුව අරගෙන ( උගේ කඩුව නෙවේ , යකඩ කඩුවක් ) අහස දිහා බලාගෙන කෑගහනවා . 

" දෙයි හාමුදුරුවනේ . මම කුරා කූඹියෙක්ටවත් වරදක් කරේ නෑ . මේ අයියා තමයි මේ ඔක්කොම කරේ , අයියාගේ ඒ අනුභාවයෙන් මේ නිධන් පෙට්ටියේ ඇණ යතුරු පිපිරෙවා කියලා " අයියට මල පැන්නා . ඇයි සද්දේ ඇහිලා මිනිස්සු ආවොත් . කෑ ගහන්න එපා බූරුවෝ . කඩපන් ඕක එක කඩු පහරින් " කියලා අයියා විධාන කළා . මල්ලි කඩුවෙන් කඩුවෙන් නිධන් පෙට්ටියට ගහනවා . 

ඔන්න එළියක් විහිදුවාගෙන පෙට්ටිය කැඩෙනවා . ඒ නිධාන පෙට්ටියේ තිබ්බේ Yamaha Tyros - 3 ඕගන් එකකුයි ඒ ඕගන් එකට හරියන පවර්පැක් එකකුයි . අයියයි මල්ලියි එදාම මේවත් අරගෙන නැවතිලා හිටපු ගෙදර කුලී දෙන්නෙත් නැතිව ගෙදර එනවා . නිධන් පෙට්ටිය හැබැයි කුඹුරේ තිබ්බේ .


Posted Image


පහුවෙනිදා ඔන්න මිනිස්සු නිධානෙ නෑ කියලා ගම පුරාම හොරු හොයනකොට කුඹුරේ තියෙන නිධන් පෙට්ටිය දකිනවා . දැන් ඉතින් මොනවා කරන්නද කියලා නිධන් පෙට්ටිය අරන් ගිහින් පන්සලේ තැම්පත් කරනවා .

හොරුන් විසින් නිදන් පෙට්ටිය කඩපු කුඹුර 

කඩපු කුඹුර => කඩපු වෙල => කැඩු වෙල => කඩුවෙල 

කියලා පරිණාමය වෙලා අද තියෙන කඩුවෙල කියන නම බවට පත් වෙනවා . 

මේ කුඹුර කාලයාගෙන් අවෑමෙන් පුරන් වෙලා ගොඩවෙලා යනවා . ඉතින් ඒ මත පස්සේ ආපු නර දෙටුවන් ඉතාම ලක්ෂනට නගරයක් හදනවා . ඔන්න ඔහොමයි අද තියෙන කඩුවෙලට අඩිතාලම වැටුනේ .

අර පල් හොර අයියයි මල්ලියි ටයිරෝස් ඕගන් එකෙන් සිංදු කියලා හම්බ කරලා ජීවත් වෙනවා . :P :P


20 comments :

  1. විනාසයි!
    ගම කෑමට නම් මම රිප්ලයි කරන්නෙම නෑ ඔන්න

    ReplyDelete
    Replies
    1. වැරදුනා රිප්ලයි නෙමේ කොමෙන්ට්

      Delete
    2. හා හා කමක් නෑ . වැරදීම යක්ෂ ගතියක් කියනවනේ

      Delete
  2. සික්. ගම කාලා නේන්නම්!

    ReplyDelete
    Replies
    1. කාලා විතරක් නෙවේ . කාලා බිව්වා :p

      Delete
  3. වයලීනුවෝ අම්මා අද තේ එකට මොනවා හරි දාලාද දුන්නේ? නැත්නම් සීනි මදි නිසා මදන මෝදකයක් කෑවාද? ඒ මොනවා වුනත් ඔය මගේ ඒරියා එක. ඔය නවගමුව පන්සල ගැනද උඹ කියන්නේ.

    සින්දුවා අළුත් කීබෝඩ් එකක් අරන් වගේ. ඒකද මේ කියන්නේ.

    බ්ලොග් ඇඩ් එක දැනුයි දැක්කේ. තෑන්ක්ස්.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මට කීබෝඩ් ගන්න තියා දිනපතා කෑම වේලත් ගන්නේ මේ දවස්වල රීම් එකෙන් අරූ :D. මුට දෙයියන්ගේ හාල් කැවිලා.

      Delete
    2. :o එහෙනම් කෑම බීම හදලා තියන්න . අපි එන්නම් වෙලාවක කාලා බීලා නාලා යන්න .

      Delete
  4. මෙන්නො ඔ ඔ ඔ ඔ ඔ ඔ හොරූඌඌ අල්ලපියො ඔ ඔ

    ReplyDelete
    Replies
    1. මෙමෙ බෙරිහන් නොදී 119 කතාකරන්න . :p :p

      Delete
  5. යකෝ දැන් ලොකු හොරාගේ නම සිංදුවා ..පොඩි හොරා ගේ නම මොකක්ද? ගම කාලා නේන්නම ...

    ReplyDelete
    Replies
    1. පොඩි හොරා සින්දුවගේ මල්ලි පොඩි සිංදුවා .

      Delete
    2. පොඩි සිංදුව කියන්නෙ සිංදුවගෙ පුතා නෙමෙයිද?

      Delete
    3. පිස්සුද . අපි පොඩි බබාලට , ළමයින්ට මඩගහන්නේ නෑ . ඒක හොඳ නැති වැඩක් මෙයා .

      Delete
  6. ගම කාලා වැඩේ නන්නත්තාරම කරලනේ ඉදගෙන..

    ReplyDelete
    Replies
    1. මම රටම කනවා දවසක :p :p

      Delete
  7. //මේ ගමේ හිටියා වෙනත් ප්‍රදේශයක ඉඳලා ඇවිත් නැවතිලා ඉන්න පට්ට පල් හොරු දෙන්නෙක් . අයියයි මල්ලියි . // මෙහෙමත් මඩ ගහන එක හොඳද මං අහන්නේ... මොක උනත්. =)) :-da :))

    ReplyDelete
    Replies
    1. මූනට ගහන මඩ එහෙමම මේකටත් දැම්මම මොකෝ අනේ

      Delete
  8. echcharada pettiye tibila tiyenne? Sik. Issuwatath paadui...........

    ReplyDelete
    Replies
    1. ඒ උනාට උඹ ඕවයේ ගැන දන්නවනම් ඔහොම කියන්නේ නෑ මල්ලි :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.