Friday, March 28, 2014

සඳ කිඳුරා මිය ගියෝ , ගමට වරෙන් නංගියේ





මේ දුර බස්වල සති පතා ගමන් කිරීම හරිම මෙව්වා දායකයි මෙයාලා . මෙව්වා කියන්නේ හද කකියන මෙව්වා සහ හද කුල්මත් කරන මෙව්වා සහ තවත් එව්වා මෙව්වා වෙනවා මෙයාලා මේ බස්වල .   J R ජයවර්ධන මහත්මයාගේ පුරයේ හිටියට මොකෝ එතනින් රත්නපුරේ බස් වලට නැග්ගොත් හිටගෙන තමා එන්න වෙන්නේ . හිටගෙන එන එකත් නරකම නෑ . හැබැයි පොඩි ඇලට් එකක් දාන්න වෙන්නේ නැති නිසා වෙලාව කලාව නොබලා ඔන්නොහෙ හතරැස් කොටුවේ පිට පැත්තට ගිහින් බස් එකක සීට් එකකට සමපාත උනා .

දැන් ඉතින් ඔන්න ඩ්‍රයිවර් අයියා ඈ.......................................................න් පීප් පීප් ඈ...................න් ගාලා බස් එක දක්කාගෙන එනවා . හනේ හපොයි , එදා මම හිතන්නේ ඩ්‍රයිවර් අයියයි කොන්දයියයි වැරදි පැත්තෙන් මෙව්වා කරලද කොහෙද . මෙව්වා කිව්වේ නැගිටලද කොහෙද . විජේරාමේට එනකන්ම බස් එකෙන් භාගයක් හිස් . කියන්නේ මම හිටපු ඩබල් සීට් එකෙනුත් භාගයක් හිස් . ( මොනා කොරන්නද හනේ අපි දැන් සිංගල් වෙච්චිකොට) .

ඉතින් ඇයි යකෝ හැමදාම මෙහෙම වෙන්නේ නැත්තේ ? . හැමදාම මෙහෙම වෙනවනම් අපි ආතල් එකේ එතනින්ම නැගලා එනවනේ හතරැස් කොටුවේ හතර අතේ යන්නේ නැතුව . එහෙම හිත හිත උන් දෙන්නගේ අම්මලා තාත්තලා මතක් කර කර ඉන්නකොට ෂෝ.....................................................................යි දැරිවියක් නැග්ගා බස් එකට . ෂෝයි කියන්නේ මෙයාලා හරිම ෂෝයි . හරියට රයිගම් ෂෝයි වගේ . මමතුමා ඉතින් ඒ ඩිංගට කල්පනා කළා මෙහෙම .



" දසදහසක් සක්වල කම්පා කරවලා , කෙල ලක්ෂයක් සතුන් නිවන් දක්වලා දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සැප ලබන්න ඕන නම් පොඩි පොඩි පුණ්‍ය කර්ම උනත් සිද්ද කරන්න ඕන . මේ දැරිවිට සීට් එකේ තැම්පත් වෙන්න ඉඩ දීලා මම මහා පුණ්‍ය කර්මයක් කරන්න ඕන "

ඉතින් හනේ මෙයාලා මම තුමා සීට් එකේ අයිනටම අයිනටම අයි..........................................................නටම හෙත්තුවෙලා ඒ දැරිවිට ඉඩ දුන්නා . තව පොඩ්ඩෙන් මම අයින් වෙච්චි පාරට බස් එකේ ශටර් එක ගලවගෙන බිමට වැටෙනවා . එහෙනම් ඉතින් එහෙමම නිවන් සැප ලැබේවා තමා .

ඔන්න දැන් බස් එක එනවා මැණික් පුරේ බලා 120ට 120සේ . චුට්ටි දුරක් එනකොට මෙයාලා හද කකියන මෙව්වා එකක් උනා . අර දැරිවිගේ දුර කතන මෙව්වා එක රින්ග් මෙව්වා උනා . ඒ රින්ග් එකට ගියපු සිංදුව මොකද්ද දන්නවද ? . හා බබාලා කියන්න බලන්න මොකද්ද කියලා . කිව්වොත් සිංදුවගෙන් ගුණසිරි බුල්ටෝ එකක් ඉල්ලලා දෙනවා .



ඒ සිංදුව අහලා වයලින් හදවත කීං කීං ගෑවා මෙයාලා . මෙන්න ඒ සිංදුව ඔක්කොම

සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කලා

ගමේ නාඩ ගම් පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා

වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ
ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

ශික් ඒ දැරිවි ළඟ හිටපු මෙව්වා එකත් මෙව්වා වෙලා ගියා ඒ සිංදුව අහලා . හැම අවුරුද්දකම උසස්පෙළ සමත්වෙලා කැම්පස් වලටම කොච්චර සඳ කිඳුරියෝ එනවා ඇත්ද ඇන්ඩ් සඳ කිඳුරෝ කී දෙනෙක් දුක් වෙනවා ඇත්ද නේද මෙයාලා . මම ඉතින් හිත හිත ආවා යකෝ වෙලාවට තමා කොළඹට ආවේ . නැත්නම් මටත් මැරෙන්න තමා වෙන්නේ කියලා . හැක හැක හැක

අර දරිවිත් අවිස්සාවේල්ල හරියේදී බැහැලා යන්න ගියා . ඉතින් හැමදාම පුරුදු පාළුව තනිකම බසයට ඇවිදින් හදවත අවදි කරා . ගෙදර ආපු වෙලේ ඉඳලම කරේ මේ සිංදුව අහන එකම තමා . ඔයාලා දන්නවද සඳ කිඳුරු ජාතකය . ගොඩක් අය දන්නවා ඇති මම හිතන්නේ . දන්නේ නැති අයට පොඩි සමරියක් දෙන්නම් ඕන නම් .

අපේ බෝසතානන් වහන්සේ අතීත භවයක සඳ කිඳුරෙක් වෙලා ඉපදිලා හිටියා . ඉතින් එතුමාගේ ආත්මගත පාදපරිචාරිකාව උනේ යශෝධරා දෙවියනේ . මේ ආත්මයෙත් එහෙමම තමා . සඳ කිඳුරන් නර්තනයට ඉතාම දක්ෂයිලු . ඉතින් දවසක් මේ දෙන්නා වනාන්තරේ ඉන්නකොට සඳ කිඳුරි සහ සඳ කිඳුරා නර්තනයේ යෙදෙනවා වස් දණ්ඩක් පිඹ පිඹ .



මේ වෙලාවේ එතනට එනවා බරණැස් නුවර කින්ග් බ්‍රහ්ම දත්ත . උන්නැහේ ටිකක් විපරම් කරලා බලනවා කවුද මේ නලා පිඹ පිඹ නටන්නේ කියලා . උන්නැහේ දකිනවා කිඳුරු යුවල . ඉතින් උන්නැහේට මේ කින්දුරියට ආසා හිතිලා කිඳුරා මරලා කිඳුරිව අයිති කරගන්න ප්ලෑන් කළා . එහෙම හිතලා කිඳුරී එහෙට මෙහෙට වෙනකං ඉඳලා ඩිෂුන්න්න්න්න්න් ගලා කිඳුරට ඊ තලයක් විදිනවා . ටික වෙලාවක් යනකොට කිඳුරී දකිනවා කිඳුරා වැටිලා ඉන්නවා .

දැන් ඉතින් එතනට එනවා කින්ග් උන්නැහෙත් . කිඳුරී අඩනවා අහසට පොලවට දෙස් දෙවොල් තිය තිය . හනේ මගේ තුදූට කවුද මෙව්වා කලේ කියලා . රජතුමා කියනවා එන්න මාත් එක්ක යන්න . දැන් කිඳුරට පන එන්නෙත් නෑ කියලා .

කිඳුරී කින්ග් උන්නැහේට බැන බැන අඩනවා . මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ඔෆිස් චෙයා එක මෙව්වා වෙනවා . එතුමා බලනවා ඇයිද මේ චෙයා එක මෙව්වා උනේ කියලා . ඉතින් ඔන්න දැක්කා මේ සීන් එක . පස්සේ දේවේන්ද්‍රයන් එතනට සුරුස් ගාලා ඇවිල්ලා පැන් කෙන්ඩියෙන් වතුර ඉහලා කිඳුරට නැවත පන ලබා දෙනවා . කිඳුරියි කිඳුරයි සඳගිරි කියන පර්වතයට වෙලා සතුටින් ජීවත් වෙනවා .

බලන්න බලන්න පින්වතුනී . මෙන්න නියම ස්ත්‍රී රත්න . සැමියාට කරදර උනාම ඒ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න ඉදිරිපත් වෙන ස්ත්‍රී රත්න . දැන් කොහෙද මෙහෙම උන්දලා . දැන් ඉන්න උන් ඇඩුවට දෙදෙව්ලොවට අධිපති තියා නගරාධිපතිවත් එයිද මම අහන්නේ . හඃ හඃ හඃ හඃ



අපි දැන් යමු අනේ බයිලා ගැහිල්ල පැත්තක තියලා ගීතය පැත්තට .

සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කලා

මේ ගීතයේ පදවැල් වලට අනුව මගේ විවරණය වෙන්නේ මෙහෙමයි .

බලමු අපි මුල්ම පද දෙක අරගෙන . ඒ පද දෙකෙන් පේන්නේ අයියා කෙනෙක් නංගිට කියන පණිවුඩයක් පිළිබඳව . අයියා නංගිට කියනවා " නංගියේ උඹට හදවතින්ම ආදරේ කරපු උඹේ ආදරවන්තයා , උඹේ තියෙන මුස්පේන්තු කම නිසාම මකබෑවෙලා යන්න ගියා . ගිය පසළොස්වක පෝය දවසේ තමයි අවසන් කටයුතු කලේ " කියලා .

ගමේ නාඩ ගම් පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා

ගමේ නාඩගම් පොළ කියලා මෙතන අදහස් වෙන්නේ මම දකින විදියට නාට්‍ය රඟ දැක්වීමක් නෙවෙයි . ගම්වල පරණ මිනිස්සු කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනාම මුන් දෙන්නා නාඩගම් නටනවා කියලානේ . මෙතනත් වෙන්නේ එහෙම සීන් එකක් . පළවෙනි වර්ස් එකෙන් අයියා කියනවා මෙන්න මෙහම .

" නංගියේ උඹට මතකද ඉස්සර උඹේ ආදර වන්තයා එක්ක උඹ ගත කලේ සඳකිඳුරු ජාතකයේ කිඳුරියි කිඳුරයි ගතකලා වගේ සෙනෙහසෙන් බැඳුණු ජීවිතයක් . උඹ කොලොම්තොටට යන්න ගියේ , එදා ඒ ආදරවන්තයා එක්ක උඹ දොඩමලු වෙච්ච පෙම් කවි විකුණලා සල්ලි හොයන්න නේද ? . ඒත් උඹ පෙම් කවි කියලා විකිණුවේ ඒ කවිවල ගැබ් වෙලා තිබුණ උඹේ ආත්මය නේද ? . "

" කණකෙකිණිය ගමට ඇවිත් ඇඩුව නුඹ ගැන කියා " කියන පදයෙන් මුක්ත වෙන්නේ ඇත්තටම කණ කෙකිණියක් ඇවිල්ලා කෑගහපු දෙයක් වෙන්න බෑ . මෙතන රචකයා විසින් උපමා කිරීමක් යොදාගෙන තියෙනවා . කොළඹ ඉන්න පෙම්වතිය තමාගේ ආත්මය විකුණලා සල්ලි හම්බ කරලා ජීවත් වෙනවා කියලා ගමේ ඉන්න අහිංසක පෙම්වතා දැනගන්නවා . ඉතින් එයාට ඒ ගැන දුක හිතෙනවා . මේ දුක නිසා පෙම්වතාගේ ජීවිතය කඩා වැටෙනවා . ඉතින් එදා ඉඳලා පෙම්වතා ජීවත් වෙන්නේ සිතෙන් මියගිය නමුත් ගතින් ජීවත් වෙන පුද්ගලයෙක් විදියට . ඉතින් ඒ ජීවිතය ගැන බලලා ඒ පෙම්වතාගේ පවුලේ අය හැමදාම ඉන්නේ කඳුළු සලමින් . කෙකින්නගේ හැඬුමට සමාන කරන්නේ මේ පවුලේ අයගේ වේදනාව කියලා තමයි මම දකින්නේ .

වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ
ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

" නංගියේ , උඹට මතකද උඹේ පෙම්වතා ජීවත් උනේ කොහොමද කියලා ? . වෙල්දෙණි ඕවිටි වල සීපද කිය කිය ගතකල ඒ සුන්දර කාලය උඹට මතකද ? . උඹ කොළඹට ගියාමත් උඹේ පෙම්වතා දුක වේදනාව ඉවසාගන්න බැරිව කලේ වේදනාබර සීපද කියන එකම තමයි . තනිකම වේදනාව ඉවසාගන්න බැරිව අද වෙනකොට උඹේ පෙම්වතා මරු තුරුලට සැපත් උනා . උඹ උඹේ ප්‍රේමවන්තයාට ඇත්තටම ආදරේ කලානම් අද මම මේ කියන දෙයින් උඹෙත් පපුව පැලිලා පරලොව ගියත් මම පුදුම වෙන්නේ නෑ  "

" කණ කෙකිණිය හඬන්නේ නෑ ඇහේ කඳුළු නැති නිසා " කියන පදයෙන් නැවතත් අර උපමාව ගෙනහැර දක්වනවා . පෙම්වතාගේ පවුලේ අය පෙම්වතා ජීවත්ව ඉන්න කාලේ ඔහුගේ ශෝකාකූල ක්‍රියාකලාපය නිසා අඩලා අඩලා කොච්චර කඳුළු වැගිරෙව්වද කියනවනම් , ඔහු මියගිය වෙලාවේ එයාලට අඬන්න තරම් කඳුළු ඇස්වල තිබුනේ නෑ කියලා කියන්න තමයි ඔය කණකෙකිණිය දෙවෙනි වතාවටත් උපමා කරගෙන තියෙන්නේ .

අරුමැසි ප්‍රේමයට මුවාවෙන දුක ශෝකය හා සමුගැනීම මේ ගීතයේ මනාව අඩංගු කරන්න රත්නශ්‍රී විජේසිංහ මහතාගේ ගේය පද රචනය උපරිමම අන්දමට සිදු වෙලා තියෙනවා .



ඒ වගේම ගීතයේ සංගීත රචනය ගුණදාස කපුගේ ශූරීන්ගේ . එතුමාගේ වෙනත් සංගීත රචනා එක්ක ගත්තම මේ තනුව වෙනස්ම ආකාරයේ තනුවක් . සංගීත භාණ්ඩ උනත් මේ ගීතයට බහවිතා කරලා තියෙන්නේ අඩු ප්‍රමාණයක් කියලා ගීතය අහනකොට ඔයාලට තේරුම් යාවි . ඒ වගේම සරල සංගීත භාණ්ඩ කීපයක් තමයි භාවිතා කරලා තියෙන්නේ . සමහරවිට මේ ගීතයේ තියෙන ශෝකී රසය වැඩි කරන්න එහෙම කරා වෙන්නත් පුළුවන් .



ගීතය ගායනය කරන ජානක වික්‍රමසිංහයන්ගේ වෙනත් ගීතවල ඔහුගේ කටහඬට වඩා වෙනස් ගැඹුරු කටහඬක් මේ ගීතයේ අඩංගු වෙනවා .



හැබැයි අවසාන වශයෙන් කිඳුරියන්ට මෙන්න මෙහෙම දෙයකුත් කියන්න තියෙනවා . ගමේ ඉඳලා කොළඹට ආවම කිඳුරෙක් හොයාගන්නේ නැතුව ඉන්නම බැරිනම් ආත්මය පාවා නොදී ගමේ කිඳුරට වඩා හොඳ කිඳුරෙක් හොයා ගත්තට පවු වෙන එකක් නෑ . මොකද එතකොට ගමේ කිඳුරා හිත හදාගනීවී කිඳුරිට හොඳ කාලයක් යාවි කියලා .

ඔන්න එහෙනම් ගීතය අහන්න .
හැමෝටම අනංගයාගේ සරණයි !




Friday, March 21, 2014

සීයා අපේ සීයා , නෑ නෑ මගේ සීයා !





අද කැම්පස් එකේ ඉඳලා ගෙදර එනකොට පාරේ හිටියා සීයා කෙනෙක් පොඩි ළමයෙක් වඩාගෙන . බස් එකේ ඉතින් එන ගමන් වෙන කරන්න දේකුත් නැති නිසා මම ශීට් එකේ ඇන්දට ඔලුව තියාගෙන මගේ පොඩි කාලේ ගැන මතක් කළා . හැමදාම වගේ මම ලිව්ව පෝස්ට් වල අපේ ආච්චි අම්මා ගැන ලියලා තිබුණා අවස්ථානුකූලව . අද සීයා ගැන ලියන්න හිතුවා . මොකද මගේ පොස්ට් කියවන අයටත් සීයා කවුද කියලා දැනගන්න ඕනා ඇති අර සීයයි මුනුබුරයි කතා නිසා . ඇත්තටම ඒ මගේ සීයා නෙවේ . ඒ කතාවල සීයා මනඃකල්පිත සීයෙක් . මේ ඇත්ත සීයා ඔන්න හොඳේ ....

අපේ ආච්චි අම්මා දෙවුන්දර කියලා කස්ටිය දන්නවා ඇති . සීයා මාතර කෙනෙක් . මාතර කොටුවේගොඩ කියන ගමේ . සීයාගේ තාත්තා ටිකක් සල්ලි තිබ්බ වෙළඳාම් කරපු කෙනෙක් . සීයාගේ අම්ම කවුද කියලා මට මීටර් නෑ . මොකද සීයලා පොඩි කාලේ සීයලාගේ අම්මා මැරිලද කොහෙද . ඉතින් ඒ ගැන මට ආච්චිවත් කියලා නෑ . සීයා ඉගෙනගෙන තියෙනවා කියවන්න ලියන්න තව දෙමළ සහ ඉංගිරිසිත් දන්නවා . හැබැයි සීයත් සීයාගේ තාත්තාගේ අඩිපාරේ යමින් වෙළඳාමට බැහැලා වෙළඳාම් කරා .

වෙළඳාම් කර කර ඉන්නකොට තමා ඉතින් අපේ ආච්චිව සැට් වෙලා දෙන්න මැරි කරලා තියෙන්නේ . ආච්චි ඉස්සර කියනවා දෙන්නගේ වෙඩින් එකට ග්‍රැමෆෝන් සිංදු දැම්මා කියලා . තව වෙඩින් ෆොටෝත් තියෙනවා . ඒක ඉතින් ඒ කාලේ ලොකු දෙයක්ලු ගමේ . පස්සේ දෙන්නම මාරි කලාට පස්සේ සීයාගේ ගෙදර ගිහින් හොඳට ජීවත් උනාලු . සීයා වෙළඳාම් කරාට මොකද එයා වැඩිය ලාභ හොයන්න වෙළඳාම් කරලා නෑ . සාධාරන වෙළඳාමක්ලු කරේ . ඉතින් වැඩිය ලාභයක් තිබිලත් නෑ .

ඉතින් ආච්චියි සීයයි කතාවෙලා තියෙනවා වෙන පළාතක වෙළඳාම් කරන්න යන්න . පස්සේ ඉතින් දෙන්නට ළමයිත් ඉන්න නිසා ආච්චි මහ ගෙදර නැවතුනාලු . සීයා රත්නපුරේ ඇවිත් පොඩි කඩයක් හදාගෙන ඒ කඩේම නැවතිලා ඉඳගෙන වෙළඳාම් කරා . පස්සේ ඒ කඩේ අතැරලා වෙනත් කඩයක් හදාගෙන වෙළඳාම් කරා . ඔය කඩේ ඉන්නකොට දවසක් සීයාව මීයෙක් කාලා තියෙනවා . ඉතින් එයාගේ මුළු ඇඟම මී විසට සුදු පාට උනාලු . මමත් සීයා දකිනකොට ඇඟම සුදු පාටයි .



ඉතින් සීයා එහෙමම රත්නපුරේ තිබ්බ නැදුන් ගස් තිබ්බ කැලයක ඉඩමක් සුද්ද කරලා සීයාගේ යාලු තවත් සීයලා දෙන්නෙකුත් එක්ක ගෙවල් තුනක් හදාගෙන පදිංචිවෙලා . පස්සේ කාලෙකදී තමයි ආච්චියි අපේ අම්මයි මාමයි පුංචිඅම්මයි රත්නපුරේට එක්ක ඇවිත් තියෙන්නේ .

ඒ කැලේ ඉඩම් පස්සේ කාලෙකදී සීයලාටම ආණ්ඩුවෙන් ලබාදීලා තියෙනවා . ඉතින් දැන් අපිත් ඉන්නේ මේ ඒ ඉඩමේ තමයි . සීයලා ගමේ මුල් පදිංචිකරුවන් උනත් , කලින් මේ ගම නැදුන් කැලයක් උනත් දැන් නම් මේ ගමේ නැදුන් ගහක්වත් පරණ සීයලාවත් දකින්න හම්බෙන්නේ නෑ .

 ඉතින් ඔහොම ඔහොම සීයලා ආච්චිලා මෙහෙ ජීවත් උනා . පස්සේ ඉතින් මම තුමා මේ ගෙදරට සැපත් උනා . මම කලින් පොස්ට් එකකත් කිව්වා අම්මයි තාත්තයි පුංචිඅම්මයි වැඩට ගියාම මාව බලාගත්තේ ආච්චියි සීයයි කියලා . ඇත්තටම ඒ දෙන්නා මාර විදියට මහන්සි වෙලා මාව බලාගත්තා . බස් එකේ එන ගමන් ඒවා මතක් කර කර එනකොට මාරම ෆීලින්ග් එකක් ආවේ මෙයාලා . හරිම සෑඩ් .



අපේ ගෙදර ඉස්සර ටැප් තිබ්බේ නෑ . වතුර මෝටරුත් නෑ . ඉතින් ළිඳෙන් ඇදගෙන තමයි නාන්නේ ,බොන්නේ , හෝදන්නේ ඔක්කොම . මාව බේසමේ වාඩි කරවලා නාවන කාලේ මට මතකයි අම්මයි තාත්තයි දෙන්න බේසම දෙපැත්තේ ඉන්නවා බලාගෙන . මම ජබු ජබු ගගා දිය කෙලිනවා . ටික වෙලාවක් යනකොට ඉතින් දිය කෙලලා වතුර හැලිලා බේසමේ වතුර අඩුඋනාම සීයා තමයි ළිඳෙන් වතුර ඇදලා බේසමට දාන්නේ .

" මෙන්න පුතාට ජෝ නාන්න " කියලා සීයා බේසම පුරවනවා . තාත්තා මට සෙල්ලම් කරන්න බේසමට මැණික් ගල් දානවා එතකොට . සීයා කරන්නේ තිරිවාන ගල් අහුලලා ඒවා දානවා බේසමට . හඃ හඃ හඃ . මම දන්න මැණිකක් නෑ ඉතින් . මම කරන්නේ ඔක්කොම උඩ දාන එක . අම්මයි තාත්තයි නැති වෙලාවට සීයා මාව වඩාගෙන ඉන්නකන් ආච්චිඅම්මා මට බත් කවනවා . ඊට පස්සේ සීයා මාව නිදි කරවනවා , නැත්නම් මාවත් ළඟින් තියාගෙන ටීවී බලනවා .



ඉස්කෝලේ යනකාලේ මම ගියේ අපේ පුංචි අම්මා උගන්නපු ඉස්කෝලෙට . ඉතින් එයා එක්කම තමා මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නේ . එක වසරේ ඉඳලා පහ වසර වෙනකන්ම එහෙමයි ගියේ . ඉතින් මම දවල්ට ගෙදර ආවම පොත් බෑග් එකත් එක්ක , මරලා දාලා වගේ ඇඳට වැටෙනවා . සීයා තමයි සපත්තු ගලවලා මේස් ගලවලා ඇඳුම් මාරු කරවලා මුණ හෝදන්න එක්ක යන්නේ . දිගටම ඔය ජොබ් එක කලේ සීයා .

සීයට සමෘද්ධි තිබුණා . අම්මලනම් ඒකට බඩු ගේනවට කැමැත්තක් තිබ්බේ නෑ . සීයට ගෙදරට වෙලා ඉන්න කියනවා . ඒත් සීයා මාසෙකට පාරක් ගිහින් මොනවාහරි අරන් එනවා . ඒකාලේ වෙනකොට සීයට වෙළදම් කරන්න බැරි නිසා කඩේ විකුණලා සීයා ගෙදර හිටියේ . සමහර විට සීයට හිතෙන්න ඇති සීයා අම්මලට බරක් වෙනවා කියලා . ඒත් අම්මලනම් සීයට ආච්චිට හොඳට සැලකුවා .

මම කියන්න ගියේ ඉතින් සීයා මෙහෙම බඩු අරන් එනකොට මට ලොසින්ජර් අරන් එනවා . සමූපකාරෙ තිබුණා මම තුන වසරේ විතර ඉන්න කාලේ , මනුස්සයෙක්ගේ හැඩයට හදපු කහපාට අන්නාසි රහ තියෙන ලොසින්ජර් . සීයා හැම මාසෙම මට ඒවා අරන් එනවා . මමත් ඉතින් ඒවා කන්න බලාගෙන ඉන්නවා .



සීයාට හරිම වේගවත් ඇවිදීමක් තිබුණා . ඒ ඇවිදීම ආරෙට යන එකක් කියලා අපේ ගෙදර අය කියනවා . මොකද අපේ මාමා , ඒ කිව්වේ සීයාගේ පුතා , එයාටත් එහෙමම අවිදීමක් තිබුන නිසා . සීයාගේ තාත්තත් එහෙමලු .

 සීයට ගමේ අය කිව්වේ මුදලාලි කියලා . මොකද වෙළඳාම් නොකලත් ගමට ආපු පළවෙනි මුදලාලි සීයා නිසා ගමේ ය එහෙම කිව්වා . සීයා හැමදාම හවසට බුදුහාමුදුරුවන්ට පූජා කරන්න මල් කඩනවා . ආච්චි අම්මා තමයි මල් අහුරලා පූජා කරන්නේ . අපේ ගෙදර සේපාලිකා ගහක් තිබුණා . උදේට හැමදාම සේපාලිකා මල් අහුලන්නෙත් සීයා . හැබැයි සීයා පෝයට සිල් ගන්නේ නෑ . ඉතින් හැමදාම පෝය ලං වෙනකොට ආච්චියි සීයයි වලි . ආච්චි කියනවා සීයට , ඔයත් එන්න සිල් ගන්න යන්න කියල . සීයා බෑ කියලා පස්සේ ඉතින් කෑගහලා තමා නවතින්නේ . හඃ හඃ හඃ හඃ .

ගෙදරට ඕන දර හොයලා දුන්නෙත් සීයා . රෑට මිදුලේ පත්තු කරන පහනත් පත්තු කරේ සීයා . මට ඉස්කෝලෙට ගෙනියන්න ඕන ඒවත් හොයලා දුන්නේ සීයා . දන්නේ නැද්ද පොඩි කාලේ මිස්ලා කියනවනේ අර කොළ මේ කොළ අර පාට මේ පාට මැටි ක්ලේ එව්වා මෙව්වා ගේන්න කියලා . ඉතින් සීයා තමයි ඒවා හොයලා දුන්නේ . හැබැයි මම 4වසරට එනකං විතරයි සීයා අපිත් එක්ක හිටියේ . 2000 දෙසැම්බර් 25 වෙනිදා රෑ සීයා අපිව දාලා යන්න ගියා .

සීයා අතින් දවසක් එයාගේ සමෘද්ධි කාඩ් එක නැති උනා . ඉතින් ආයෙත් කාඩ් එකක් දෙන්නේ නැති නිසා සීයා විස්සෝපෙන් හිටියේ . අම්මලා නම් කිව්වා " ඕක මොන එහෙකටද තාත්තා ඔන්නොහෙ නිකා ඉන්න " කියලා .  ඒත් සීයා අප්සැට් හිටපු නිසා දවසක් අපි ගියා සමෘද්ධි බැංකුවට . ආයේ කාඩ් එකක් හම්බුනේ නෑ . ඉතින් ඊට පස්සේ සීයා ගෙදරම තමා හිටියේ . සමූපකාරෙටවත් යන්න ගෙදරින් එලියට ගියේ නෑ .

සීයට බඩේ අමාරුවක් හැදිලා අසනීප උනාම ගෙදර අය එකතුවෙලා සීයාව හොස්පිටල් එක්ක ගිහින් ෆුල් චෙකප් එකක් දැම්මා . සීයට ලෙඩක් මුකුත් තිබ්බේ නෑ . ඒත් එදා බෙහෙත් දෙන ඩොක්ට නෑ කියලා දෙසැම්බර් 26 වෙනිදා එන්න කියලා දිනය දීලා තිබුණා .



ඔන්න දෙසැම්බර් 25 වෙනිදා . ඒ කියන්නේ නත්තල් දවස උදා උනා . සීයා එදා සීයාගේ අර මම කිව්ව යාලු සීයලා දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක හවස 6 ඉඳලා රෑ 8 විතර වෙනකං දේශපාලනය ගැන කතා කර කර හිටියා . සතියේ දේශපාලන විවරණය වගේ දෙන්නා එකතුවෙලා ඉඳලා හිටලා මෙහෙම කතා කරනවා . ඉතින් ඊට පස්සේ යාලු සීයා යන්න ගියා . යන්න ගියා කිව්වට මහ ලොකු දුරක නෙවේ අල්ලපු ගෙදර හිටියේ ඒ සීයා .

අපේ සීයා මොකද කරේ , රෑ 8 නිවුස් බලලා කෑම කන්න කුස්සියට ගියා . සීයා හැමදාම කන්නේ කුස්සියේ බංකුවක ඉඳගෙන . එදා අපේ ගෙදර උයලා තිබ්බේ බල මාළු හොදි එක්ක මඤ්ඤෝක්කා තම්බලා . මේ ජාති දෙකට ලා පොල් ගාලා දාගෙන බත් කන්න සීයා හරිම කැමතියි . අපේ ගෙදර හැමෝම කැමතියි . අපේ අම්මා සීයට බත් එක බෙදලා දෙනකොට සීයට හොඳ හිනාවක් ආවලු මේ කෑම එක දැකලා . මොකද ඉතින් කැමතිම කෑම ටිකනේ . ඉතින් අම්මා , සීයා වාඩිවෙන බංකුව ගාව බිම හිරමනේ තියාගෙන පොල් ගගා ඉන්නකන්, සීයා ගාපු පොල් ටිකක් දාගෙන බත් කකා හිටියා . එවෙලේ මම සාලේ ටීවී එක ඉස්සරහා බත් කනවා . මමත් කැමතිම කෑම සෙට් එකක් නිසා මමත් කාගෙන කාගෙන යනවා දැන් හිටු කියලා . ආච්චි අම්මා බුදු කාමරේ පිරිත් කියනවා .

එක පාරටම අම්මා කෑ ගැහුවා " නංගි නංගි " කියලා . අම්මා ඒ කතා කලේ පුංචි අම්මට .  අපි හිතුවේ ගෝනුස්සෙක් ඇවිත් වෙන්නැති කියලා . එතකොට තාත්තත් ගෙදර නෑ . ආයෙත් අම්මා කෑගහනකොට අපි ගියා කුස්සියට . කුස්සියට යන වෙලේ මම නිකමට වෙලාව බැලුවා . රෑ 8 30යි .

කුස්සියට ගියාම දැක්කේ , සීයා බත් එකත් එක්කම බංකුව උඩින් බිමට වැටිලා තිබුණා . අපිට සීයා උස්සගන්න බෑ . තාත්තත් ගෙදර නෑ . අම්මලා කෑගහන සද්දෙට අල්ලපු ගෙදරක කැරම් ගගහා හිටපු අයියලා ටිකක් ආවා . එයාලා සීයා උස්සගෙන ඇවිත් තිබ්බෙත් මගේ ඇඳ උඩ . මොකද ළඟම තිබ්බේ මගේ ඇඳ නිසා . මමත් ඇඳ උඩට පැනලා සීයා ගාවට වෙලා හිටියා වෙන්නේ මොනවද බලාගෙන .

ආච්චි අම්මා පිරිත් පැන් බෝතලයක් අරගෙන ඇවිත් සීයාට ටිකක් සීයට පොවන්න හැදුවට බොන්න බෑ වගේ . ඇස් ඇරිලා තිබුනට එවෙලේ සීයා කතා කලේ නෑ . ඉක්මනටම සීයාගේ බෙල්ල නිල් පාටට හැරුනා . මටනම් කිසි දෙයක තේරුමක් තිබ්බේ නෑ . මොකද එතකොට මම 4 වසරේ  බබා . ගෙවල් ළඟ ඉන්න නර්ස් අක්ක කෙනෙක් ඇවිත් නාඩි අල්ලලා බලලා කිව්වා දැන්ම ඉස්පිරිතාලේ එක්ක යන්න කියලා .

ඉතින් අර අයියලයි අපේ අම්මයි පුංචිඅම්මයි ළඟ ගෙදරක වැන් එකකින් සීයව ඉස්පිරිතාලේ අරන් ගියා . පස්සේ කාලෙකදී තමා දන ගන්න ලැබුනේ වෑන් එකේ යන වෙලාවේ සීයාගේ කකුල් එකපාරටම ඉස්සිලා කඩාගෙන වැටුනා කියලා . එවෙලේ තමා සීයාගේ අන්තිම හුස්ම වැටිලා තියෙන්නේ . ඒත් අම්මලා දන්නේ නෑ සීයා ඉස්පිරිතාලෙට එකකේ ගියේ මගදී පන ගිහින්මයි කියලා . අර අයියලා අම්මලාව හරවලා ආයෙත් ගෙදර එවලා සීයාගේ බෙහෙත් ගන්න ලියලා දීපු රිපෝට් ටික ගේන්න කියලා . ඒ ආවම තමා කෝල් කරලා කිව්වේ සීයා මැරිලා කියලා .



අම්මලා කෑ ගහලා අඬන්න ගත්තා . මට ඇඳ උඩම නින්ද ගිහින් හිටියේ . සද්දෙට මටත් ඇහැරුනා . අම්මා මම ගාවට ඇවිත් කිව්වා සීයා අපිව දාලා ගිහින් කියලා . පස්සේ ඉතින් සීයාගේ අවසන් කටයුතු හොඳට කරා . අවුරුදු ගානක් තිස්සේ තාමත් සීය වෙනුවෙන් අපි දාන දෙනවා අරවා මේවා පිං කරනවා .

අපේ අම්මා , සීයාව ආදාහන කරන වෙලාවේ මාව බඳාගෙන ඇඩුවෙ සීයා අන්තිම මොහොතේ මතක් කලේ මාව කියලා . පස්සේ ඒගැන හැමෝම කතා උනා .

සීයා අන්තිමටම වැටෙන්න කලින් අම්මගන් අහලා තියෙන්නේ පුතා කෑවද ? කියලා . ඒ කිව්වේ මේ මම කෑවද කියලා . ඒ අහලා එහෙමම බත් එක බිමට වැටිලා සීයත් වැටිලා . ආයේ මුකුත් කතා කරන්න උනේ නෑ . ආච්චි අම්මත් සීයත් දෙන්නම අවසන් මොහොතේ මතක් කලේ මාව කියන දේ මතක් වෙනකොටත් හරිම සෑඩ් ......

ආච්චි අම්මා එකතැන් උනාම එයාට බෙහෙත් හේත් කරලා උපස්ථාන කරන්න අවස්ථාව ලැබුනට මොකද සීයාට එහෙම කියලා සලකන්න අපිට ලැබුණේ නෑ . අදටත් අම්මලා තාත්තලා කියන්නේ එහෙමමයි . " අපි සීයාට කරා තව මදි " කියලා  . සීයා අපිට කරදර කරන්න ඉන්නේ නතුවම යන්න ගියා කියලා ගමේ අයත් කතා උනා . සීයා නැති උනේ හෘදය වස්තුව පුපුරා යාමෙන් කියලා තමයි කිව්වේ . ඒ කියන්නේ හදිස්සි මරණයක් ඒක . මිනිස්සු ඒ මරණය වාසනාවන්තයි කිව්වේ ඒ නිසා වෙන්නැති .

ගෙදර මරණයක් කියලා මට ලැබිච්ච පළවෙනි අත්දැකීම ඒක . එදා දුක කියන්නේ මොකද්ද කියලා හරියට හිතට දැනුනේ නැති උනාට , යතාවාරි වහාපූරා පරි පූරෙන්ති සාගරන් කියනකොට මගෙත් ඇහෙන් කඳුළු කැටයක් දෙකක් නොවැටුනෙම නෑ . කොහොමහරි සීයට අපි අද ඉන්න විදිය දකින්න නොලැබීම ගැන නම් හරිම සෑඩ් මෙයාලා . සීයට හෙන ආසාවක් තිබ්බා මම ශිෂ්‍යත්වේ පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලෙකට යනවා දකින්න . ඒවත් ඉතින් බලන්න උනේ නෑ .



ඒත් මට හිතෙන්නෙම් මම යන යන තැන ආච්චියි සීයයි මගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා . සමහර වෙලාවල් වල මම මරු කටට ගිහින් බේරිච්ච වෙලාවල් වල එහෙමම හිතෙනවා . මේ දේවල් ඔක්කොම බස් එකේ මතක් කර කර එනකොට ඇස් තෙත් නූනෙමත් නෑ . හැබැයි ආච්චිලා සීයලා නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් .

මෙන්න මේ ගීතයේ තේරුමත් එහෙමයි . අද අපි කන පොල්,  කොස් , දෙල් , අඹ ගස් හිටෙව්වේ සීයා . හැබැයි ඒ සමහර ගස්වල ගෙඩිවල රහ බලන්න සීයට පුළුවන් උනේ නෑ . ඒත් මට දැන් තේරෙනවා සීයා ඒ දේවල් කලේ කාටද කියලා . මෙන්න ඒ ගීතය .


මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්න හැකිදේ නොම තේරෙයි මට

පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි///

ගායනය - විශාරද රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර
පද රචනය - ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
සංගීතය - රෝහණ වීරසිංහ




ජීවිතේ කියන්නේ මාරම දෙයක් .

ජීවිතේ අපිට මුණගැහෙන සමහර අයගේ අඩුව අපිට දැනෙනකොට එයාලා අපෙන් ගොඩක් ඈතට ගිහින් .


Sunday, March 16, 2014

පාලඟ පතිනි මල් නෙලුමෙන් උපන් අංකෙළිය





පත්තිනි දේවිය ගැන කලින් දාපු පොස්ට් එක එතනින් නැවැත්තුවේ පොස්ට් එක දිග වැඩි වෙලා බෝරින් වෙයි කියලා හිතලා . අද කියන්න යන්නෙත් පත්තිනි දේවිය ගැන කතාවක් තමයි . ඒ තමයි ඉස්සර කාලේ ඉඳලා පැවතගෙන ආව පත්තිනි පූජාවක් විදියට කරනු ලබන අංකෙළිය . ඊට කලින් හම්බුනා පත්තිනි දේවියගේ උපත ගැන කියවෙන තවත් කතාවක් . අංකෙළිය ගැන කියන්න කලින් පත්තිනි උපත ගැන කියවෙන අනිත් කතාව කියලා ඉන්නම් නේද ....

පත්තිනි දේවිය එහෙමත් නැත්නම් කන්නගී ඉන්දියාවේ ඉපදුනේ ගණිකා නිවාසයක ගණිකාවකගේ බඩේ ගණිකාදියණියක් විදියට . මම කලින් පොස්ට් එකේ කිව්වා වගේම ඉන්දියාවේ අභිසරු ලියන් තමාට ගැහැණු දරුවෙක් ලැබුනම හදාගන්නවා . පුතෙක් ලැබුනොත් එක්කෝ කොහෙට හරි විසි කරලා දානවා . නැත්නම් මරලා දානවා . ඔහොම මොකක් හරි තමා කරන්නේ . මොකද එයාලා පිරිමි ළමයි හදන්න මහන්සි වෙන්න කැමති නෑ . එයාලට ඕන ගැහැණු ළමයි හදලා තමන්ගේ රැකියාව ඉදිරියට කරගෙන යන්න .



නිසි වයසට ආවම මේ අම්මලා කරන්නේ තමන්ගේ නොයිඳුල් දියණියන්ව කෝවිල්වල බමුනන්ට දෙනවා , දේව දාසියන් විදියට මෙව්වා කරලා එව්වා කරලා උයියා කරලා දෙවියන්ට කැප කරන්ට . හයියෝහ් මේ වැඩේ දෙවියන්ට ගැලපෙන්නේම නැති වැඩක් . ඒත් එහෙම තමා උනේ . පස්සේ ඉතින් ඔන්න මේ දේව දාසියන්ව ලිංගික වහලුන් විදියට විකුනලා බ්‍රාහ්මණයින් සල්ලි හොයාගන්නවා .

ඉතින් කන්නගීටත් වෙන්න නියමවෙලා තිබ්බේ මේ ඉරණමම තමා . ඒත් ඉතින් කන්නගීට මොලේ තිබ්බා . කන්නගී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළා , එයා විවාහ වෙලා ස්වාමියාට විතරයි තමාගේ ජීවිතය පාවා දෙන්නේ කියලා . ඉතින් මෙයා ගණිකා වෘත්තියට පෙළඹුනේ නෑ . කොටින්ම කියනවනම් මෙයාව පාවා ගන්න රන් රිදී මුතු මැණික් අරවා මේවා ඔක්කොම අරගෙන කට්ටිය ආව . ඒත් මෙයා කැමති උනේ නෑ . හම්මේ දැන් ඉන්න සමහර කෙල්ලොනම් තඹ කම්බියක් පෙන්නුවානම් ඇති දිලිසෙන්න . හඃ හඃ හඃ . ඒකට මෙන්න අපේ පත්තිනේ දේවිය . ඔන්න ආදරුසේට ගනිල්ලා කෙල්ලනේ . :p :p :p



පත්තිනි දේවිය එහෙමත් නැත්න්ම කන්නගී ගැන පුවත් හිමාලය දක්වාම පතිරගියා . එයාගේ රූසපුව ගැන මිනිස්සු ගීත ගායනා කළා . මේ ගීතයක් දවසක් ඇහුනා වයලීනෝ ඍෂි තුමා වගේ හිමාලයේ භාවනා කරන  කෝවලාන් කියන ඍෂි දම් පුරන කුමාරයාට . එයා ඉතින් සමවැදී උන් දැහැනෙන් නැගිටලා කන්නගී හොයාගෙන හොයාගෙන හොයාආආආආආආගෙන ගියා .

ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙනවා . විවාහවෙලා ඉතින් අර කලින් කතාව තමා . මාධවී ආවා දෙන්නා මැද්දට . පස්සේ ජීවිතේ වෙනස් උනා . කෝවලාන් දුගී උනා . දෙන්නම මධුරා පුරයට ගියා . පස්සේ එව්වා මෙව්වා අරවා ඒවා ඔක්කොම වෙලා පඬි රජු කෝවලාන්ව මරලා පත්තිනි දේවිය පියයුර කඩලා පොලවේ ගහලා පඬිරට ගිනිතියලා දේවත්වයටත් පත් උනා .

මේ කතාවේ මුල ටිකක් වෙනස් නිසා තමයි මම ලියන්න හිතුවේ . ආයෙත් කියන්නේ අන්න නියම ගෑණු කියලා තමයි . :p :p :p



දැන් එන්නම් අංකෙළිය පැත්තට . අංකෙළිය අතීතයේ ඉඳලාම පැවතගෙන එක ජන ක්‍රීඩාවක් . ඒත් මේක පවත්වන්නේ පත්තිනි දේවිය වෙනුවෙ එතුමියට පූජාවක් විදියට . ගමක ගොයම් කපලා පස්සේ ගමම එකතුවෙලා සිංහල අවුරුද්ද සමරන කාලේ ආවම තමා මේ ක්‍රීඩාව කරන්නේ . මටත් තාම මේක සියැසින් දකින්න උනේ නම් නෑ . හැබැයි අපේ සීයා කෙනෙක් හිටියා ගමේ . එයානම් ඔය කෙලියටයි පොර පොල් කෙලියටයි හෙන දස්සයෙක් . මම එයාගෙන් ඇහුවා ක්‍රීඩාව ගැන . ඒත් ඒ මුකුත් මට හරියට මතක නෑ . ඒ නිසා ක්‍රීඩාව කරන හැටිනම් කියන්න දන්නේ නෑ .



හැබැයි ක්‍රීඩාවේ ආරම්භය ගැනනම් කියන්න දන්නවා . ඔන්න මෙන්න මෙහෙමයි ඔය ක්‍රීඩාව පටන්ගත්තෙ .
දවසක් පත්තිනි දේවියයි පාලඟ කුමාරයයි යනවා මල් කඩන්න . මල් කඩන්න කියන්නේ කොහේ හරි මුල්ලකට වෙලා එස් එම් එස් කරන්න නෙවෙයි . ගස්වල පිපිලා තියෙන පුෂ්ප නටුවෙන් වෙන් කරලා කූඩයකට බහාලා රැගෙන එන්න .

යන්නේ කස්ටියක් පිරිවරාගෙන . ඉතින් ඔහොම ඔහොම යනකොට යනකොට අයියෝ මාර කේස් එක තමා මෙයාලා . මාර කේස් කියන්නේ මල පනින කේස් එකක් . ගස් එකකවත් මල් පිපිලා නෑ .

ඔය මල් සෙවීම මෙන්න මෙහෙම කියනවා කවියෙන් .

ගොසින් බැසපුවයි දුනුකේ විලටා 
විමසා බැලුවයි ඒ විල වටටා
නැත හිමි සපුමල් මේ විල වටටා
මෙතැන නොවෙයි හිමි තව යන් එපිටා

ගොසින් බැසපුවයි නාමල් විලටා 
විමසා බැලුවයි ඒ විල වටටා
නැත හිමි සපුමල් ඒ විල වටටා
මෙතන නොවෙයි හිමි තවයන් එපිටා 

පරසතුමල් වල සුවඳ අතීතේ ..................... කිය කිය . ඔන්න කස්ටිය හොයාගෙන හොයාගෙන යනකොට එක ගහක තිබ්බා පිපිලා සපුමල් පොකුරක් . හම්මේ කස්ටියටම හරිම මෙව්වා . මෙව්වා කිව්වේ හරිම හැපී . ඉතින් ඔන්න දැන් පත්තිනි දේවිය ගාව තියෙනවා එක කෙක්කක් . පාලඟ කුමාරයා ගාව තියෙනවා තව කෙක්කක් . ඉතින් දෙන්නා තරඟෙට මල් කිනිත්ත නෙලාගන්න තරංග වදිනවා . දෙන්නගේ පිරිවර දෙන්නට චියර් කර කර ප්‍රීති ඝෝෂා කරනවා . පත්තිනි දේවියට ඕන උනා කොහොමහරි මල් කිනිත්ත එතුමිය විහින්ම නෙලා ගන්න . පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද . දේවාත්මය ලැබුවත් ගෑණු ගැනුනේ . ඔන්න දැන් දෙන්නම කෙක්ක වන වන මල පොකුරට පොරේ . ඔහොම කරනකොට කරනකොට කරනකොට අයියෝ මාර වැඩේ තමා උනේ .



දෙන්නගේ කෙකි දෙක ඒකට පැටලුනානේ . දැන් මල් කඩන්න තියා කෙකි දෙක හොලවන්නවත් බෑ . කොකු දෙකෙන් පැටලිලා . ඉතින් දැන් මල් කෙසේ වෙතත් කෙක්ක ඕනනේ . මොකෝ කෙක්ක තියලා යන්න පත්තිනි දේවියයි පාලඟ කුමාරයයි කෙකි කොම්පැනියක වැඩ කරනවා කියලය .

අන්තිමට දෙන්නගේ පිරිස දෙපත්තට බෙදිලා මේ කෙක්ක බේරා ගන්න මෙහෙයුමට එකතු වෙනවා . හෝයියා හෝයියා කියා කියා දෙගොල්ලෝ කෙකි දෙක අදිනවා . ඔහොම ඔහොම අදිනකොට අදිනකොට අදිනකොට පාලඟ කුමාරයාගේ පැත්තෙන් කෙක්ක කඩාගෙන ගිහින් පාලඟ කුමාරයාට ජයග්‍රහණය හිමිවෙනවා .

ඔන්න ඔහොමයි අංකෙළිය ආරම්භ උනා කියලා කියන්නේ . මාරයි නේද මෙයාලා . පස්සේ ඉතින් එක එක ඒවා පටල පටල දෙපැත්තට ඇද ඇද ෆන් එක ගන්න ඇති . පස්සේ තවත් ඒ ෆන් එක විකාශනය වෙලා අංකෙළිය ක්‍රීඩාව දක්වාම මේක විකාශනය වෙන්න ඇති .

ඉතින් ගමක කුඹුරු අස්වද්දලා පොළවත් එක්ක හැප්පිලා නැහිලා නැහිලා ඉන්න මිනිස්සු ගොයම් කපලා සිංහල අවුරුද්දත් සමරලා හිතේ සතුට වගේම පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න මේ ක්‍රීඩාව කරලා තියෙනවා . මම ෆලෝ කරන සයිඩ් එක , ඒ කිව්වේ යක්කු දෙවිවරු එක්ක මේ ක්‍රීඩාවට හොඳ සම්භන්දයක් තියෙනවා . ඒ තමයි පත්තිනි දේවිය මේ ක්‍රීඩාවට අරක්ගෙන ඉන්න කියලා තියෙන්නේ පාලි කියන යක්ෂනියට .



පාලි යකින්නට මේක කැප උනේ මෙහෙමයි . ඔන්න ඉතින් අර එදා පාලඟ කුමාරයා හොයාගෙන පඬි රජතුමාගේ මාලිගාවට පත්තිනි දේවිය ගියා මතකයි නේද ඔයාලට . ඉතින් ඒ යන ගමනේ පත්තිනි දේවියට පොඩ්ඩක් මහන්සි වෙලා එතුමිය වෙල්ලිය කියන අම්මබලම්ට මඩ වෙලාවකට ගොඩවෙනවා . එතකොට පත්තිනි දෙවෝය මරාගෙන කන්න හිතාගෙන මේ පාලි කියන යකින්න පත්තිනි දේවිය වෙතට කඩා පනිනවා . ඉතින් පත්තිනි දේවිය යකින්නවා මෙව්වා කරලා දමනය කරලා කියනවා අපේ ක්‍රීඩාවක් තියෙනවා අංකෙළිය කියල .  ඒ ක්‍රීඩාවට අරක්ගන්න . ඒකෙන් ලැබෙන කෙලි පුද ලබාගන්න . මිනිස්සු මරන්න එපා කියලා . පස්සේ ඉතින් පාලි යකින්න ඒකට කැමති වෙලා අංකෙළියට නිලවශයෙන් සාදර සම අනුග්‍රහය දක්වන යකින්න විදියට පත් වෙනවා .

ඔන්න ඔහොමයි පාලි යකින්න අංකෙළියට සම්ප්‍රාප්ත වෙන්නේ .
මෙන්න මේ කවියෙන් ඒ කතාව මනාව පැහැදිලි වෙනවා .

මාගේ ඔසරිය නුඹ අරගන්නේ 
මගේ රුවට රුව නුඹ අරගන්නේ 
අංකෙළි පූජා නුඹ අරගන්නේ 
ඇහළ මහට සැණකෙළි අරගන්නේ 

ඔන්න ඔහොමයි උනේ ආ .......

එදා ඉඳලා ඉතින් අංකෙළිය දෙවියන් වෙනුවෙන් පැවැත්වෙනවා . හැබැයි විශේෂ දෙයක් තියෙනවා . මේ අංකෙළිය කරන්නේ දේව පූජාවක් විදියට . පත්තිනි දේවිය හා පාලි යකින්න කාන්තාවන් උනාට මොකද සම්ප්‍රදායානුකූලව ගැහැණු අයට මේ පූජාවට නැත්න්ම අංකෙළි පූජාවට සහභාගී වෙන්න සපුරා තහනම් . ඒ ඇයි කියලා මම දන්නේ නෑ . සමහරවිට දෙවියන් එක්කම එන කිලි සංකල්පය නිසා වෙන්නැති .

ඔන්න ඕකයි පත්තිනි දේවිය හා අංකෙළිය අතර තියෙන සම්භන්ධය .
මට හම්බුනා පත්තිනි දේවියට කියන තව නම් ටිකක් . මෙන්න බලන්නකෝ ඒ නම් ටික .



අම්මා දේවිය 
කන්නකී 
කන්නක බිසෝ
පද්මිනී
තපස් පුත්‍රී
මල්පත්තිනි
අඹ පත්තිනි
සිද්ද පත්තිනි
මහා පත්තිනි
පාලඟ පත්තිනි
ගිනි පත්තිනි
හෙට්ටි පත්තිනි
වඳුරු පත්තිනි
නාග පත්තිනි
සමන් පත්තිනි
උරමාල පත්තිනි
මොළ පත්තිනි
අයිරාවන පත්තිනි
අඹ දේවිය
ජානකී
සිරි පත්තිනි 
වීර පත්තිනි
මා පත්තිනි
ඔරුපාලි පත්තිනි
දේව පත්තිනි
සළඹ පත්තිනි
නුග පත්තිනි
අඹරෑ ජෝති පත්තිනි
දෙවොල් පත්තිනි
කරමාල පත්තිනි 
අයිරාගිනි පත්තිනි
දේවාල පත්තිනි
මදුරමාල පත්තිනි
හළඹ කුමාරි කිරි අම්මා 
හඳුන් කුමාරි කිරි අම්මා 

ඔන්න නම් ටික . මාර නම් ටිකක් නේද ?

තව තියෙනවා කිරිඅම්මා දානය ගැන කියන්න . ටික දවසකින් ආයේ කියන්නම් ඒ ගැන . එහෙනම් හැමෝටම පත්තිනි දෙවියන්ගේ පිහිටයි ආරස්සාවයි ......!



දළුමුර කඩුවක් අතකින් අරගෙන 
පිරිවර දෙවියන් සමගින් මනමෙන
සිහිකර නරලොව සත හට සෙත දෙන
සුරපුර වන පත්තිනි සඳ වඩිමින

පුදා මෙරග සරසන මල් මාලා 
සදා සුවඳ කිරි කැවිලිද ආලා 
නාඩා අවට බබළන රැස් මාලා
සදා දිනිඳු ලෙස තෙද බල පාලා 


තෙද වරම් පස්වාන් දහසකට බුදුවන්ඩ සිද්ද පත්තිනි දේව මාතවුනි.තවද මෙලොව සත්වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි යන නමින් ප්‍රසිද්ද වන ඔබ දිව්යාන්ගනාවුන් වහන්සේ දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනි ජාලාවෙන් පිනි බින්දුවෙන් සිනා රැල්ලෙන් මවිත අඹෙන් මෙසේ සත් වාරයක් ලොව පහල වූ සත් පත්ත්තිනි දිව්යාන්ගනාවුන් වහන්ස.සුර ලොවින් අසුර ලොවට වරම් ලබා අසුර ලොවින් නාග ලොවට වරම් ලබා නාග මානවිකාවන් දසදහසක් පිරිවරා පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි දිව්‍ය මන්දිරාමානව නවගමුව හිමි දේවාලයට අධිගෘහිතව වැඩ වසන සිද්ද පත්තිනි දිව්යානගනාවුන් වහන්ස.ඔබ වහන්සේගේ දිව්‍යනුභව සිඳලමියි සිතා සක්‍ර දිව්‍ය රාජයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදන් ගා එවූ මල කොස් කණුව පොරකවුලා දළු ඇද තුන් දුමාව පලගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් පරංගි සමයක් කාරයන්ගේ යුද්දය තුන් මාසයක් කල්තියා දැනගෙන නවගමුව දේවාලයෙන් රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට ඇලිකිඹුලෙක් පිටෙහි වැඩමවා මැදගොඩ ඇල්ලෙහි කෙලිපුද ගන්න වරම් දුන්නා සත්‍යවාදී සැබෑවිනම් තවද ඔබ වහන්සේ අන්දුන්ගිරි පර්වතේ තපස් රකිනවා දැක සක්‍ර දිව්‍ය රාජයා මහලු වෙස්ගෙන අන්දුන්ගිරි පර්වතයට වැඩ නැගෙනියනි මට දානයක් දෙන්නයි කියූ තැනේදී කුමන දානයක්දයි අසු තැනේදී අන්දුන්ගිර පයින් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් තනා දෙන්නයි කිව තැනේදී අන්දුන්ගිර පාගා මඩකර සුවඳ ඇල් වි ඉස පැලකොට ගොයම් කපා වී කොටා පොලා දියෙන් ගිනි මොලවා සත් පැයෙන් දානය දී හමාර කර මතු බුදු වන්ඩ ප්‍රර්ථනා කර සක්‍ර දිවය රාජයාගේ ආනුභාවයෙන් පඬිපුර අඹ ගෙඩියෙහි පිළිසිඳ පඬි රජුගේ තුන් නෙතින් නළලෙහි නෙත මැකෙන්ඩ වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් තවද ස්වාමී පාලඟ මැරූ පඩිරජුගේ මාලිගාවට වැඩම කරවා තමා රක්ශාකල පතිදම් ශිලයෙන් වම තනය ඉරා ගලවා මාලිගාවෙහි පොලවේ ගසා පඬි රට ගිනිගන්නට සාප කල හෙයින් පඬිරට එක පෑමුක්කාලෙන් ගිනිගෙන අළු දුලි වන්නට වරම් දුන්නා සත්‍ය වාදී සැබෑවිනම් නම් සියලු ආතුරයින් ආරක්ෂා කර දෙන්නට දැන වදාරා නවගමුව දිව්‍ය මන්දිරයෙහි චිරාත් කාලයක් වැඩවසමින් ලංකාද්වීපය දිව නෙතින් බලා වදාරන්නට සමා වෙනවයි ඔබ කිර්ති පස්වාන් දහසකට ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා......!



Saturday, March 15, 2014

සඳකඩ පහණක ගණිකාවක් කැටයම් කරපු එකා අහුවුනොත්






කාලෙකට කලින් සිංදුවා අන්තිම පේළියේ මේ සිංදුව ගැන දැම්මා. මේ දවස්වල සිංදුවා එක්ක සින්දුවගේ පොට් එකේම නැවතිලා ඉන්න සිංදුවාගේ දුරින් නෑදෑයෝ වෙන බුලට් එකක් ඉන්නවා. මේකම දාන්න හිතුනේ ඌ නිසා . දවසක් ඔන්න සිංදුවායි සින්දුවගේ යාළුවයි චැටක් දාගෙන ඉන්නකොට එක පාරටම මූ

"සිංදුවා උඹ දන්නවද මේ සින්දුවේ තේරුම" කියලා අහපිනේ ? 

ඔහොම ඔහොම සිංදු ගොඩක තේරුම් අහනවා.... එව්වයි ඒවාට දුන්නු උත්තරයි පස්සේ කියන්නම්කො. ඌ වෙලාවට දන්නේ නෑ සිංදුවා කව්ද කින්ද මන්ද කියලා. හොහ් හොහ් හොහ් හොහ්. කෝම හරි ඔහොම අහගෙන අහගෙන ගිහින් මූ දැන් දානවා සඳකඩ පහණ සිංදුව.
දාලා කියනවා 

" මට ලොවෙත් සුවර් උඹ මේකේ නම් තේරුම කියන්නේ නෑ. අඩුම ගානේ උඹ හිතන්නෙවත් නෑ කියලා. "

 එහෙම කියපු ගමන් සිංදුවට මීටර් වුනා ගොනා මොන පොල් පැලේ කන්නද එන්නේ කියලා...නොදන්නා එකා වගේ ඔන්න සිංදුව අහලා පද ගලප ගලප ඉන්නකොට මෙන්න මූ හිනා වෙවී කියපි 

"ඕක නෙවෙයි බන් තේරුම" කියලා.

හාහ්... මට සවුත්තු හිනාව දාලා, හෙන ආඩම්බරෙන්.. ප්ලේ කර කර තිබුණු සිංදුව මුලට දාලා, සාඩම්බර ඉදිරිපත් කිරීමක් විදියට මෙන්න මූ සඳකඩ පහණ සිංදුවේ රියල් තේරුම කියනවා ඈ..මේ බොරු තේරුම බුකිය පුරා හැමතැනම තිබුනා පහුගිය කාලේ. ඔන්න ඒකෙ කොප්පක් ගැහුවා සිංදුවා.

මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ටකැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි

සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා. ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා. යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී.නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා

එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා. ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු

මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,


හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා. දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන් ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා



හද්ද කෙප්පයක් වුනත් පට්ට ක්‍රියේටිව් විදියට ගලපලා තියෙනවා. මතකනේ ඔහොම වයලත් එකක් කලේ. මෙන්න මේ තේරුම සිංදුවාට දැන් අර ගොයියා කිව්වම නොදන්නා එකා වගේ හිටිය මූඩ් එක ගිහින් ඔන්න සින්දුවාත් සීරියස් විදියට දැන් හදනවා මුට තේරුම කියලා දෙන්න. 

"මචං දැන් ඔහොම තේරුමක් තියෙනවා කියලා හිතමුකෝ.. උඹේ ඔය චිත්‍ර පටිය හරි, අඩුම ගානේ ඔය චිත්‍ර පටියේ සිංදුව යන කොටසවත් දැකලා තියෙනවද ? "

"නෑ බං"

"එහෙනම් අහගනින්කෝ."

මේක සිව් කුළුඳුල් ගීතයක්. සුනිල් එදිරිසිංහයන්ගේ කුළුඳුල් සිංදුව. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය. වික්ටර් රත්නායකයන්ගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණය. වොලී නානායක්කරයන්ගේ පළමු ගීත රචනය.

මේ ගීතය වික්ටර් රත්නායකයන් කලුපලුවාවේ ගෙදර සිටියදී නිර්මාණය කරපු සිංදුවක්ලු. ඒ දවස් වල සුනිල් නිතර ඒ සිංදුව ප්‍රැක්ටිස් කරන්න එහෙ ගියාලු.

මේක මුලින්ම රෙකෝඩ් කරන්න සරසවි චිත්‍රාගාරයට සුනිල්ව බයිසිකලේ ඉස්සරහ තියාගෙන පැදගෙන ගියේ සුනිල්ගේ තවත් සහෝදරයෙක් වුනු නිමල් එදිරිසිංහයන්ලු . මේ සින්දුව කියනකම් සුනිල් රාගධාරී සංගීතය හදාරලා තිබුනෙත් නෑලු. රෑ එකොළහට වගේ පටන් ගත්තු ගායනය පාන්දර දෙක පමණ වෙනකම් වාර කීපයකම ආධුනිකයෙකු වූ සුනිල් කියනවලු.

ඔය සින්දුව ගැයුවාට පස්සේ වික්ටර් කිව්වලු

" මල්ලී ඔයාට බොහෝම දුර යන්න පුළුවන් කෙනෙක් ඔයා සංගීතය හැදෑරුවොත් තවත් හොදයි " කියල. එතකොට ඒක අහගෙන හිටපු සුනිල්ගේ අයියා සතිස්චන්ද්‍රයන් කිව්වලු

" හැබැයි මලේ සංගීතය ඉගනගත්තේ නැත්නම් මගේ පික්චර් වල මිට පස්සේ සිංදු නෑ " කියල.

පස්සේ සංගීතය සුනිල් පී.වී.නන්දසිරි ගුරුතුමාගෙන් ඉගෙනගත්තලු .



මේ සිංදුව මාතර ආච්චි චිත්‍රපටියට නිර්මාණය වුවක්. මෙහි අදහස මෙහෙමයි.

පික්චාර් එකේ හරියට ඒකෙ කොල්ලට වැඩිදුර අධ්‍යාපනයට රට යන්න සිද්ද වෙනවා. දැන් පොරගේ ගෑලු ළමයට පවුලේ අය බල කරවල වෙන කෙනෙක්ව බදින්න වෙනවා. දැන් අර කොල්ලා ආයේ රට ඉඳලා ආවම පොරගේ අදහස් තමා සිංදුවෙන් ටාගට් වෙන්නේ. 

සඳකඩ පහනක කැටයම් දේදුන්නක පාටින් වර්ණ ගැන්විලා හැඩ වෙනවා වගේ ඔපවත් ප්‍රේමයක් ගැන හීන මැවූ පෙම්වතෙක්. කැලතුණු දියක මතු වුනු පෙණ බුබුලක් වගේ, ඒ ප්‍රේමය බිඳී විසිරෙන හැටි බලා ඉන්නව.
යුගයෙන් යුගය නොනැසෙන සදාතනික දහනක යුග ජීවිතයේ පදනම හැදෙන හැටි ඔහු සිහින මවනවා.


එත් නොසිතූ ලෙස ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනව.මී මැස්සෝ තමන්ගේ වදය බඳින්න පැණි ගේන්න මොන තරම් දුක් විඳිනවද. දහසක් මල් වලට කොඳුරමින් තුඩින් ගෙනා ඒ පැණි බින්දු ගව්වක් ඉහළ තැනක බැඳුනු වදයක තැන්පත් කරනවා.

ඒ මතු බලාපොරොත්තු ඇතිව.එත් අහස ගුගුරා වහින අකල් වැස්සෙන් ඒ පැණි වල තත්ත්වය බාල වෙනවා.
මේ පරාජිත ප්‍රේමවන්තයාගේ ජීවිතයේ බිඳුණු සිහිනය වගේ.තමන් හැරදා වෙනකකු හා බැඳුනු පෙම්වතිය තම සිහිනය බොඳ කල හැටි. හදවත නම් විලේ උපන් කැකුළු මලක් අකාලයේම මිය පරලොව ගිහින්.
ඒ වෙනුවෙන් උපන් කඳුලක් මුසු මුනේ මහා සාගරයට. මහා සයුරට මුහුවුණු කඳුල වෙන් කරලා අඳුන ගන්න බැහැ. ඒවගේම තමයි ඒකට වටිනා කමකුත් නැහැ.බිඳුණු ප්‍රේමයේ අයිතිකාරියට නම් කොහෙත්ම වටිනාකමක් නෑ.එත් මේ පරාජිත ප්‍රේමවන්තයා ඇය වෙනුවෙන් වෙන් වුණු හදවත, එක්ටැම් මැදුරක සිර කරගෙන බලා ඉන්නව කවද හරි ඇය නැවත එතැයි කියන බලාපොරොත්තුවෙන්.

මේ තේරුමට සිංදුවාට උදව් කලේ බුකියේ ඉන්න සිංහල සුභාවිත ගීතය කියලා කෙනෙක්. සිංදුවා ඔය ටික කිව්වට කොහෙද අර ගොයියා නෙවෙයි විස්වාස කොරන්නේ.

"ඉතින් බන් ෆිල්ම් එකේ ගණිකාවක් ගැන කියවෙන්නේවත් නැතුව එහෙම සිංදුවක් දානවද ඉතින් ෆිල්ම් එකට ? "

"සමහර වෙලාවට ෆිල්ම් එක කරපු එවුනුත් ඕකේ තේරුම දන්නේ නැතුව ඉන්න ඇති බං "

එතනින් එහාට මේ සිංදුව ගැන මේ ගොයියා එක්ක කතා කරලා වැඩක් නෑ කියලා සිංදුවා ඉටාගත්තා..
අපරාදේ පස්ට සිංදුවක් වැරදි අර්ථයකින් හම්පට්ට ගැහෙනවා.

මේක අන්තිම පේලියේ දැම්මට පස්සේ ඒකෙ ඉන්න අයත් එක එක කොමෙන්ට්ස් දැම්මා. ඔන්න මම එව්වා ටිකත් මේකට ඇඩ් කොරනවා.

ට්‍රෝජා:
හුඟදෙනෙක් ප්‍රිය කරන බොහොම අපූරු ගීයක්.. මගෙත් කැමතිම ගීත අතරින් එකක්. නමුත් ගීතය ඉතා විශිෂ්ට ගේය පද රචනයක ලක්ෂණ දරන්නෙ නැහැ කියලයි මගෙ පුද්ගලික මතය. “සඳකඩ පහනක කැටයම් ඔපලා..පාවෙන දේදුනු ලැඟුම් ගනී“ අදහස පුද්ගලික වැඩියි යැයි හිතෙනවා.. අර්ථය තියෙන්නෙ රචකයාගේ මනසේ. නමුත් ගීතය තුලින් එළියට එන්නෙ හුදෙක් වචන සමූහයක් පමණයි. කෙසේ වුවත් සුනිල් එදිරිසිංහයන්ගේ භාවත්මක හඬ පෞරුෂයත් වික්ටර් රත්නායකයන්ගේ විශිෂ්ට සත්සර මුසුවත් සමග ඒකාත්මික ව ශ්‍රාවක සිත වෙනත් තලයකට රැගෙන යන සුවිශේෂී ගීතයක්. ඔබේ විචාරයත් ඉතා විශිෂ්ටයි!! අපූරුයි!!

ජෙමා:
කනට වැටිච්ච පළවෙනි වතාවෙන්ම පෙම් බැන්ද ගීත වලින් එකක් මල්ලි.. කොච්චර පෙම් බැන්දද කිව්වොත් අර අම්මගෙයි දුවගෙයි විචාරෙ මීට කලින් මම බුකියෙ හරි කොහෙදි හරි දැක්කම මට පොඩ්ඩක් දුක සහ කේන්තිය වගේ හැගීමක් ආව. මොකද මට මේකෙ තියෙන වචන ලෙස්බියන් ලවකට මිස වෙන කාන්තාවන් අතර පෙමකට දක්වන් ටිකක් අමාරුයි වගේ නිසා. ඒත් කෙනෙකුට ඕනෙම මතයක් ගොඩ නැගීමේ හැකියාව ගැන තර්ක නොකරමි.. . මල්ලි එක තැනක වෙනසක් තියෙනව නේද? "රුවන් විමානෙට පියඹා එනතුරු" නෙමෙයි. "රුවන් විමානෙන් පියඹා එනතුරු" වෙන්න ඕනෙ.. ඒ දෙකේ තේරුමේ වෙනසක් තියෙනවා... . මට මේ ගීතය අහනකොට රිද්මයත් එක්කම ආදරය, රාගය, බලාපොරොත්තුව වගේම යටි පෙලින් දිවෙන කේන්තිය හා වෛරය යන හැගීමුත් එනවා. මම චිත්‍රපටිය බලල නම් නැහැ හැබැයි..... මට තැන් කිහිපයක මල්ලිගේ විචාරයට වෙනස් විචාරයක් තිබේ..

මල්ලි මම පල්ලෙහා ගහපු කොමෙන්ට් එක ගැහුවට පස්සෙ තමා ඔයාගේ කොමෙන්ට් එක දැක්කෙ. මම වෙනස් විචාරයක් තියෙනවා කියලා මගෙ කොමෙන්ටුවෙ ගැහුවෙ මල්ලි පෙන්නපු පේලි දෙක නිසා.. අනිත් ඒවට මම බොහෝ දුරට එකගයි. "සදකඩ පහනක කැටයම්" කියන උපමාව ගත්තාම වෙන තේරුමක් තියෙනවා නේද? "සදකඩ පහන" කියන්නෙ නිර්මාණයක් කියන එක හරි වගේම "සදකඩ පහනේ කැටයම්" කියන්නෙ ලස්සන වඩා අර්ථයක් හා ගැඹුරක් තියෙන දෙයක්.. ඒකෙන් ආදරයේ සුන්දර බව සහ ගැඹුරු බව අර්ථවත් වෙනවා කියන එකයි මට දැනුනෙ. ඊලගට "ඔපලා" කියල වචනෙන් ඒ ගැඹුරට ආලෝකය ලබා දීම පෙන්නනවා. හැබැයි ඒක ඔප දමන්න එන්නෙ "පාවෙන දේදුනු" . එතන ටිකක් වේගය කියන එක එනවා නේද "පාවෙන" කියන වචනය එක්ක. මේ ගලා යාම ගීතය පුරාම මට යන්තමින් හෝ දැනෙනවා... (අනිත් එක තමා මල්ලි මේ ගීතයේ අන්තිමට ගැයෙන සිටී බලා කියන පේලියත් එක්ක ඇර අනෙකුත් හැම තැනම තියෙන්නෙ ටිකක් ප්‍රබල හඩක් සෝකය එතරම් නොදැනෙන හඩක්..) හැමදාම කියන්නා වගේ මේක මගේ අදහස. මට වඩා ඇත්තටම කවිය හා ගේය පද ගැන අවබෝධයක් මල්ලිට තියෙනවා.

ට්‍රොජා:
මට හිතෙන්නෙ අයියෙ මේ ගීතයේ තියෙන විග්‍රහ කිරීමට අපහසු නොපැහැදිලි ස්වභාවය තමයි ගීතයේ වඩිනාකම වැඩි කරල තියෙන්නෙ. මේක අහන කෙනාගෙ මනසේ විවිධාකර රූප මවන්න ගීතය සමත්වෙනවා. මම දැකල තියෙනවා සමහර අය, සඳකඩපහන ප්‍රේමයේ ස්ථීර බවටත් පාවෙන දේදුන්න එහි අස්ථීර බවටත් උපමාකරනව. තවත් අය පාවෙන දේදුන්න උපමා කරන්නෙ ප්‍රේමයේ සුන්දර ස්වභාවයට. මට නම් හිතෙනේනෙ සපත්තුවට ගැලපෙන්න කකුල කපනවා මිසක් නිවැරදි තේරුමක් දිය නොහැකියි කියලයි. ‘පායන‘ දේදුනු ගැන නොකියා ‘පාවෙන‘ දේදුනු ගැන කියන නිසයි මම කිව්වෙ අදහස පුද්ගලික වැඩියි කියල. ගීතයේ අන්තරා කොටසේනම් අර්ථවත් බවක් දැකිය හැකියි. (අන්තිමට කියල තියෙන දේටනම් මම එකඟ වෙන්නෙ නෑ. අපි කාටත් වඩා පුළුල් දැක්මක් අයියට තියෙනවා.)


ලැම්බා :
මේ තැනට අදාළ නැති වුනත් මේක දැකපු තැන ම කියන්න හිතුන...ඇත්තටම නිවරැදි වදන 'සඳකඩ පහන' නොව 'සඳකඩ පහණ' යි...එහි අරුත ඔබට කියාදෙන්නට ඕන නැති බව මම දන්නවා...


පිස්සු පූසා:
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවේ මටනම් තේරෙන්නේ මේකෙන් කියවෙන්න ඔවුන් දෙන්නගේ ප්‍රේමය පටන ගැනීම කියලයි සඳකඩ පහණේ කැටයම් තවත් ඔපවත් කිරීමට , පාවෙමින් තිබුණු දේදුනු ඒ මත නතර වෙනවා ( සුන්දර යුවතියකගේ ජීවිතය තවත් ලස්සන කරමින් වෙනතක යමින් සිටි තරුණය ඇයට ආදරය දී ඇය සමග නතර වෙනවා ) ඉතිරි පද දෙකෙන් කියනවා ඔවුන් දෙන්න තහනම් ගහේ ගෙඩි කමෙන් පසු , ඒ රසයෙන් මුසපත් වී ඔවුන්ගේ ආදරය ස්ථිර ලෙස හදවතේ සනිටුහන් කර ගැනීම

මෙන්න මේ ජෙමියා දාපු කොමෙන්ට් එක ලොවෙත් පට්ට 

ජෙමි:

මේ වනාහී, සිවු කුළුඳුල් කලාකරුවන් පිරිසක් අතින් හෙළ කලා කෙත අස්වද්දා නෙලා ගත් සාරවත් ඵලයක් සේ හඳුන්වා දිය හැකි ගීතයකි. “සඳකඩ පහණ”ක් සේ ස්ථිර සාර වූ සිය ප්‍රේමය අබියස සිය පෙම්වතියගේ ප්‍රේමයෙහි ඇති අස්ථිර බව පෙම්වතා දකින්නේ “පාවෙන දේදුන්න”ක් මෙනි. එහෙත් මනරම් දේදුන්නක් බඳු වූ ඇයගේ ප්‍රේමය /ආදරය මගින් සඳකඩ පහණ “ඔපලූවා” මිස ඇය එය සිඳ බිඳ නොදැම්මාය. ඔවුන් දෙහදෙහි ඇති වූ හැඟීම් සමුදාය මේ යැයි වෙන්කොට දැක්විය නොහැකිය. එය, ආදරය,මෛත්‍රිය, කරුණාව, රාගය ආදී වූ හැඟුමන් සම්මිශ්‍රණයකි. එයින් නැගී එන්නේ “කැළැතුණු රසය”කි. 

“යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී....” සදාකාලික වූ සිය ප්‍රේමය හමුවේ සිය ජීවිතය ද ස්ථිරසාර වූ මට්ටමක පවතින බව පෙම්වතා පවසන්නේ එළෙසිනි. එනම් ඔවුන්ගේ යුග දිවියට මේ වන විටත් ඔහු පදනම් සකසා අවසන්ය. නමුත් ඉතා ශෝචනීය ලෙස ඔහුට පෙම්වතිය අහිමිව යන්නේ සිය සන්තානයේ ගැඹුරෙහි ඈ වෙනුවෙන් උපන් ආදරය මිලිනව යද්දීය. ඔහුගෙන් වෙන්කොට ගත් පෙම්වතිය රැගෙන යන්නේ ඔහුට නොපෙනෙන තරම් වූ දුර ඈතකටයි. “සියුමැළි කැකුළක් මැළ වෙද්දී....” යන පදයෙන් ගම්‍ය වන කරුණු දෙකකි. එනම් සියුමැලි කැකුළ යනු දුකට පත් පෙම්වතාගේ නොකැලැල් ආදරයයි, නැතහොත් පෙම්වතාගෙන් දුරස් කර රැගෙන යන පෙම්වතිය විය හැකිය. ඒ මන්ද යත් සියුමැලි කැකුළ මැළ වෙන බැවිනි. එනම් පෙම්වතිය ඉවත ඇදී යන්නේ අකමැත්තෙනි. 

පද්‍යයෙහි දෙවන කොටසින් අපූරු උපමාවක් යොදා ගනිමින් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සිඳී ගිය අයුරු දක්වා ඇත්තේ මෙලෙසිනි. “දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු ගවුවක් ඉහළට ගොනු කොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දු අහසක් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුවුණු වැහි බින්දු.....” සහස් මල් මතින් බිඟුන් රොන් උරා ගනු ලබන්නේ දහසක් පෙති මත රහසක් කොඳුරමිනි. එලෙස උරා ගත් මල් රොන්, කිසිවෙකුට අත පෙවිය නොහැකි මානයේ “ගවුවක් ඉහළින්” ඉදි කරන්නා වූ මී වදයෙහි තැන්පත් කොට, “දෙතොල් පොපියවන” තරම් රසවත් වූ මී පැණි නිපදවති. නමුත්, අකලට වට වරුසාවකට ඒ රසය හීන කිරීමට ගත වන්නේ සුළු මොහොතකි. එලෙසින්ම බි‍ෙඳන් බිඳ වෙහෙසී ගොඩ නගා ගත් සිය ආදරය ද, අතිශයින්ම රසවත් ප්‍රනීත බවින් පිරී ගොස් තිබූ නමුදු, අකල් වැස්සකින් සේදී ගිය මී වදයක් සේ, දෙවැන්නෙකුගේ ආගමන නිසා සිඳී බිඳී ගිය බැවු පෙම්වතා පවසයි. 

මොන තරම් සංයමයකින් යුතුව කෙතරම් උචිත අයුරින් යොදා ගෙන ඇති උපමාවක්ද? දෙවැන්නා විසින් සිය පෙම්වතිය රැගෙන යනු ලබන්නේ ප්‍රේමයේ “නටඹුන්” අතරිනි; එක් අතෙකින් නශ්ට වූ පෙම්වතාගේ ප්‍රේමයයි, අනෙක් අතින් ප්‍රේමය සිඳී ගිය පෙම්වතියගේ හදවතයි. නැතහොත්, ප්‍රේමය බිඳී ගිය තරුණියගේ හදවතින් දෙවැන්නාට යලිදු ආදරයක් නොලැබෙන බවට ඉඟියකි. ඔවුන් දෙදෙනා නික්ම යනු පෙම්වතා බලා හිඳින්නේ නටඹුන් නගරයක සිටයි: නටඹුන් වූ හදවතකිනි. පෙම්වතිය වනාහී පෙම්වතාගේ හදවත නම් විලෙහි සුපිපුණු කුසුමකි. ඔහු ඇයට යන්නට ඉඩ හරින්නේ කිසිදු අන්දමකින් ඇයට පීඩාවක් නොකරමිනි: 

“හද විල ඉපැදුණු කැකුළක් නොකලට නටුවෙන් ගලවා දුරක යවා’’ ඔවුන්ගේ සිත් සතන් හි බිහි වූ සෙනෙහසේ කැකුළ, පූදින්නටත් පෙරාතුව අකාලයේ නටුවෙන් ගලවා වෙන්කර ඇත. ඔහු ඇයට යන්නට හරින්නේ හිතකින් නොවේ. ඇය නික්ම ගිය කල ඔහුගේ වේදනාව පිටාර ගලයි. වේදනාව දරා ගත නොහී, ඔහු හඞා වැටෙන්නේ කාටත් හොර රහසේය. එය කවියා දක්වන්නේ “මිහිලිය තෙත් කොට කඳුළක් ගිළිහුණු” බැවු පවසමිනි. ඔහු හෙළූ කඳුළ මුසු වන්නේ සත් සමුදුරටයි. සමුදුරට මුසු වූ ලුණු රස වැකි කඳුලක් යළිදු සොයනු කෙසේද? එළෙසම කිසිවෙකුට ඔහුගේ වේදනාව ද දැකිය නොහැකිය. 

අනෙක් අතට සත් සමුදුරට උපමා කරනුයේ ප්‍රේමයෙන් පැරදුණු, මෙදියත වසන සුවහසක් පෙම්වතුන් දෝ හැ‍ගෙයි. එනම් ඔහු ඔවුන් අතුරෙන් එක් අයෙකු පමණි. එලෙස අදහස් කිහිපයක් ඉස්මතු වන අයුරින් පද ගලපා ලීමට පද රචකයා විසින් යොදා ගෙන ඇති උපමා රූපක කෙතරම් අපූර්ව ද? එය ගීත රචකයාගේ නෛපුන්‍යතාව විදහා දක්වන දෙවන තවත් අවස්ථාවක් වේ. සිය පෙම්වතිය අහිමිව ගියද ඔහු තවමත් ඈ කෙරෙහි බැඳී ඇත: ඔහු තව දුරටත් බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටින්නේ සිය පෙම්වතියගේ ආගමනයයි. 
“ඔබට උරුම වූ රිදුණු තැලුණු හද එක්ටැම් මැදුරක කවුළු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා....” ඔහුගේ හදවතෙහි උරුමක්කාරිය ඇය පමණි. වෙනත් අයෙකුට එහි පිවිසිය නොදී ඔහු සිය හදවත එක්ටැම් ගෙයක සිරකොට බලා හිඳින්නේ, පෙම්වතිය සිය “රුවන් විමානයෙන්” පියඹා යළිදු තමා වෙත පැමිණෙතැයි බලාපොරොත්තුවේ ආලෝක පුංජයක් දල්වා ලමිනි.




සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා



ගොඩක් වෙලාවට මෙතනින් ඉවර උනාම කට්ටියම අත්පුඩි තලනවනේ.ඊළගට සුනිල් එදිරිසිංහයන් හිනාවෙලා කියනවා

" ඔය දැන් අත්පුඩි ගහන්නේ තව කෑල්ලක් ඉතුරුයිනේ " කියල.

එහෙම කියල ආයේ ගයනවා මේ ටික

"සිටී බලා...."


Friday, March 14, 2014

පාලු අම්බරයේ දේදුන්නක් ඇදිලා !





දුටුවේ නුඹේ නිකැළැල් සිසි වන උවන
පියමං කරන විට හිමිදිරි උදෑසන
ඉවතට ගන්න සිතුනේ නෑ මදෙනයන
ගිලිහී ගියේ නෑ මොහොතක නෙත ගැටුන

පියවර කීපයක් ඉදිරියෙ ඔබ යනවා
උවනත දකින්නට රිසියෙන් මා යනවා
පියවර තුනක් හතරක් දෙදෙනම යනවා
මොහොතක් මවෙත හැරෙමින් මදහස දෙනවා

හදවත බැඳුණු අපමණ සෝ තැවුල් මැද
ගෙවමින් දිවිය මග වැරදුනු ඇතෙකු ලෙද
ගතකල අඳුරු කාලය අද නිමා වෙද
කියලා සිතන්නට මා තව ප්‍රමාදද

පාළුව ගියත් වළා සපිරි අම්බරය
අප ඉන්නේ දේදුන්නක් එන තුරුය
හෙටත් නෙත ගැටී එකිනෙක සිනහ වෙය
ටික දිනකින් ඒ සිනහව දුර යාය





Wednesday, March 12, 2014

ගෝවින්ද කොතැන සැඟවුනිද මට නොතේරේ !






රසුදැල් සැඟවුන පලුපත් යහනක 
හැඟුමන් දනවන රහගිනි සුසුමක
ලැබුනත් උණුසුම වෙනයම් එ කතෙක  
ඔබ වන් නැත වෙන ලඳුනුත් ගෝපික

බැඳී බැමි සිඳබිඳ ගියමුත් වෙනතක 
හදවත තවමත් සසැලෙයි කඳුලෙක 
රස සිරි වින්දත් රජ මාලිගයක 
ගොවිඳුන් හට නැත සතුටක් ගෝපික 

( සිංදුව අහල යන්න . සිංදුව කිව්වේ ගීතය , නැතුව සිංදුවා නෙවෙයි :p )





Tuesday, March 11, 2014

කලියුග කාලෙට උපන්න ලබු ( පොඩි උන් පරිස්සමෙන් ඔන්න )



කවුරුවත් කලියුගය කියලා එකක් අහලා තියෙයිද මෙයා ? එහෙනම් අබුද්ධස්ස කාලේ කියලා ? අහ්හ් ක්ලික් වුනා නෙහ්... යා යා අර ලබු තිත්ත වෙන කාලේ... දැන් ඔය ඒ කාලනේ ලබු තිත්ත වෙන්නේ... කලින් ලබු එහෙනම් පස්ට රහද දන්නේ නෑ... නෙහ් ? චඃ ලබ්බක්නේ ඉතින්, ට්‍රැක් පනිනවා පටාන් ගත්ත ගමන්.




කෝමහරි මේ කාගේ කාගේත් ලබු තිත්ත වෙන කාලෙට කියනවා කලියුගය කියලා ඔන්න. මේ කලි යුගය ගැන කියවෙන්නේ හින්දු ආගමේ. ඔය ඉන්දියාවේ නැති සෙද්දක් නෑනේ. මේකත් ඉන්දියාවෙන් තැපැල් ආපු ටිකක් හරිය. අර සෞරග්‍රහ මණ්ඩලය කියන අයිටම් එක ගැන ලියවුනු පොත් තියෙනවාලු ඉන්දියා වල ප්‍රධාන වශයෙන් 18ක්. මේ අර ජ්‍යෝතිෂය සීන් එක්ක බැඳුනු පොත්.

හෙහ් ඉන්දියාව කිව්වම මතක් වුනේ... අපේ කැම්පස් එකේ ඔන්න ලෙක්ස් ඉවර වෙලා පැයක් වගේ ටියුට් එක ඈ. ටියුටර් ඇවිල්ල ලාත්තන අක්කි බබෙක්.... කාගේ ටියුට් එකට හිටියේ නැතත් මේ අක්කි බබාගේ ටියුට් එකට කොල්ලෝ ඔක්කොම ගොඩාක් උනන්දුවෙන් සහභාගී වුනා. කවදාවත් පොතක නෝට් නොදාන අපි, මේකෙත් කිසිම නෝට් එකක් දාන්නේ නෑ. හෙහ් හෙහ්  කොරන්නේ නෝට් එක දාගන්නේ නැතුව ඉතින් අක්කි බබා බෝඩ් එකේ එව්වා ලියනවා බලාගෙන ඉන්නවා. මොන වැඩේ තිබුනත් අක්කි බබා බෝඩ් එකට හැරුණු ගමන් එක කොල්ලෙක් බෝඩ් එක තියෙන පැත්තෙන් ඇස් එලියට ගන්නේ නෑ. මොකද ඒක තමයි අපිට ඉන්දියාව බලාගන්න තිබුණු එකම චාන්ස් එක. මීට වඩා නම් කියන්න බෑ හප්පා. දන්නෝ දනිති අක්කි බබා බෝඩ් එකට හැරුනම ඉන්දියාවේ හැඩේ පේන්නේ කොහෙද කොහොමද කියලා. ඉන්දියාවත් ඇද කුද ඇරියම ඉතින් V වගේ ශේප් එකනේ නෙහ්. හැක හැක හැක. ( ටියුබ් ලයිට් වලට ඉස්ටාටර් දමනු නොලැබේ. පොටෝ එකක් පමණක් දමනු ලැබේ.... )



හානේ චෝයි බලු කුක්කා නෙහ්... ? ඉතින් ඕක නෙවෙයි ටොපික් එක අර කලියුගයනේ. ඉතින් අර කිව්ව පොත් 18න් පස්ට පොතක් කියලා කියන්නේ සූර්ය සිද්ධාන්තය කියන එකලු. මේකේ තමයි තියෙන්නේ මෙහෙම. පොතට අනුව එර්ත් එකට ආයු කාලයක් තියෙනවලු. ඒක යුග වලට බෙදෙනවලු. එක යුගයක් ගත්තම පස්ට කාලයක් ඈ. ඒ කාලේ ආයේ තව යුග හතරකට බෙදෙනවලු. ඒවා තමයි

1. කෘත
2. තෙත්‍රා
3. ද්වාපාර
4. කලි

කෘත යුග වල මිනිස්සු හැඟීම් වලින් අඩුලු. ඒ නිසා ඒ පොරවල්  බෝ වීම කරන්නේ අඩුවෙන්. ඒ වගේම උන් ඉන්නෙත් පොඩ්ඩයිලු හැබැයි ඉන්න පොඩ්ඩ ආයුෂ අවුරුදු 50,000ක් වගේලු. පික්සු හැදෙනවා. උන්ට ඉන්දියාම කීයක් බලන්න තියෙන චාන්ස්ද නෙහ්.

කෝමහරි ඔන්න එන්නේ තෙත්‍රා.මේකේ උන්ගේ හැඟීම් කලින් උන්ට වඩා වැඩි නිසා බෝ වීම වැඩිලු. හෙහ් හෙහ් හෙහ්. හැබැයි ආයුෂ අඩුලු. ඒ කිව්වේ අවුරුදු 10 000ක් වගේලු.
ඊට පස්සේ එන්නේ ද්වාපාර යුගය. මේකේ සොරකම් මැරකම් අල්ලස් සීන් වැඩිලු. චාටර් ගති ගුණ වැඩි වැඩියෙන් ඉස්මතු වෙනවලු. හැබැයි මුන්ගේ මීටර් එක වැඩිලු. ඒ නිසා හොඳට ලෝකේ දියුණු වෙනවලු. හැබැයි අවුල මේ හැම යුගයක් අවසානයේදීම වෙනවලු විනාසයක්. ඒකෙන් ගොඩක් එව්වා විනාස වෙලා යනවලු. කෝමහරි මේ කාලේ උන් ජීවත් වෙන්නේ අවුරුදු 1000ක් වගේලු. සෙල්ලම් නෑ නෙහ්.  ඒ කාලේ නිකන් ඊජිප්තු කාලේ වගේ වෙන්ට ඇති.

ඔන්න අවසාන එක ඇවිල්ල තමා කලි යුගය. මේ කාලේ මිනිස්සු පට්ට මීටර්ලු. හැබැයි අධ්‍යාත්මිකව අම්බානෙක පිරිහිලාලු. මේ කාලේ අන්ධ භක්තිය වැඩිලු. පොඩ්ඩක් හරි අධ්‍යාත්මය හොඳ පොරවල් සමාජෙන් ඈත් වෙලා ඉන්නවලු. හොඳ භෞතික දියුණුවක් තියෙනවලු මේ කාලේ, හැබැයි ඒකෙන්ම විනාසේත් වෙනවලු. න්‍යෂ්ටික වගේ වෙන්ට.

දැන් කලියුගය ටොපික ඔහොම්මම හෝල්ඩ් කොරලා යමු අපි රයිගමයයි ගම්පොලයයි දිහාවට. සිංදුවා ඔය කතාව අහලා තිබුනට දැන් පොස්ට් එක ලියන්න ඔය කතාව මතක් කොලා කොලා මතක් වෙන්නෙම හතරරියන් සහ දෙරියන් එකම ගමේ යාළුවෝය කියන එකමයි. බැරිම තැන ලැජ්ජ බිල්ලට තියලා පැතුවා විදෙස් ආධාර... නවලා නවලා නාවලා ඔන්න අන්තිම පේලියේ ට්‍රෝජා කතාව කිව්වා. මම වගේ මැන්ටල් වෙච්ච උන්ට ඒ කතාවත් යන්තම් කියලා දාන්නම් එහෙනම් ඈ.

ඔය රයි ඇන්ඩ් ගම් පට්ට කට්ට කෛරාටික වෙත්ත පිත්තල තුත්තිරි පොරවල් දෙකක්. රයිගම දවසක් ගම්මිරිස් කොළ ගෝනියක් අරගෙන යනවා ඔන්න පොළට, ගම්පොළයා එනවා කිතුල් ඇටද කොහෙද ගෝනියක් අරගෙන පොළට යන්න. දෙන්නම ඔන්න රෑ අම්බලමක සෙට් වෙනවා. දෙන්න විස්තර අහලා අරක මේක කතා වෙනකොට ගම්පොලේ අහනවා රයිගමයගෙන් මොනවද ගෝනියේ ? අරු කියපි බුලත් කියලා.
රයිගමයා ගම්පොලගෙන් ඇහුවම ඌ කියපි පුවක් කියලා. පස්සේ උදේ වෙනකොට රයිගමයා ගම්පොලයාගේ ගෝනියට විදලා යනවා විකුනන්න. අරුත් මුගේ බුලත් ගෝනිය හොඳයි කියලා විකුනන්න හිතාගෙන යනවා. සෝ දෙන්නම රැවටිලා දෙන්නටම. ඕක තමයි ඉතින් කතාව කෙටියෙන්.

දැන් කලියුගයයි, ගම්පොලයයි රයිගමයයි ඔක්කොම ඉන්න සිංදුවක් මතාක් කොරන්න බලන්න........
මතකෙයි ? නහී ? මතක ඉල්ලෙයි ? එහෙනම් ඔන්න මේකයි සිංදුව. සිංදුව ලිව්වේ රෝහණ බැද්දගේ. මතකනේ අර රා බීලා වෙරි වුනු මීයා ගැන ලිව්වේ.





කලියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉඳගත්තේ
එකෙක් රයිගම පැත්තේ
අනිකා ගම්පොල පැත්තේ


කොහොමද ඒ පැත්තේ තොරතුරු
හරි ගිරිස්මේ ඒ පැත්තේ ?
එහෙට තදින් වැස්ස වහිනවා


අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
මොකක්ද කිව්වේ
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා
ඒ කිව්වේ
මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
නෑ නෑ
එහෙනම් ?
පොඩි එවුන්ට යන්න කියනවා
කොහොම උනත් පහුවෙන කොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සුද ?
උන් ඔක්කොම හරහට යනවා.


කොහොමද ඒ පැත්තේ තොරතුරු ?
එහෙට වැස්ස, ඒ පැත්තේ ?
එහෙ ගිණි රස්නෙට පායනවා

අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිව්වා ?
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිව්වේ 
සැඩ පහරින් බයක් නැතිව ඔරුව පදිනවා.
නෑ.. නෑ.
පුරුදු නිසා ඔරුවෙන් යනවා
ඈ බලාගෙනයි
පාරුව පෙරළුනොතින් කරදර වෙනවා
පෙරළුනොතින් පෙරළුන පිට හොදයි කියනවා.

සංගීතය හා පද රචනය : රෝහණ බැද්දගේ
ගායනය : රෝහණ බැද්දගේ සමග බන්දුල විජේවීර




( දන්නේ නැති උන්ට ) දකුණේ : රෝහණ බැද්දගේ & වමේ: බන්දුල විජේවීර


මතන් හරි කළා ශිල්පියෙකුට පිහිටනවලුනේ තුන්කල් දැකීමේ හැකියාව කියලා එකක්. මොනවා වුනත් මේකත් ඒ වගේ දැකලා ලියපු සිංදුවක්ද මන්ද. එහෙනම් අනන් මනං ටෝක්ස් නැතුව කෙලින්ම එහෙනම් සිංදුවට යමුකෝ.

දැන් මෙතන කලියුගයේ ඉපදුනු නුවනක්කාරයෝ කියන උන් දෙන්නා ඔන්න මීට් වෙනවා. මෙතන නුවනක්කාරයෝ කියන්නේ උපහාසයකට. නිකන් කින්ඩියට තමා ඒ යෙදිල්ල දාලා තියෙන්නේ. සිරාවටම ඔය කියන කලියුගයේ ඔය කියන තරම් නුවනක්කාරයෝ ඉන්නවනම් ඕක කලියුගය වෙන්නේ නෑ නොවැ. දැන් මේ කලියුගයේ නුවනක්කාරයෝ දෙන්න මීට් වෙලා වාඩි වෙන්නේ කොහෙද ?
මාර ගහක් යට. මාර ගහ එලොවටත් නැති මෙලොවටත් නැති කිසිම වැඩකට නැති ගහක්. එතනත් කින්ඩිය. නුවනක්කාරයෝ කියන උන් දෙන්නා වාඩි වෙන්නෙම තෙරුමක්ම නැති ගහක් යට.
දැන් ඒ දෙන්නා ගැන අදහසක් දෙනවා මේ පද වලින්
එකෙක් රයිගම පැත්තේ - අනිකා ගම්පොල පැත්තේ

දැන් මේ නුවනක්කාරයෝ වාඩි වෙලා කතා බහ කරන නුවණක්කාර කතාව මොකක්ද ?
හරි ග්‍රීස්මේ ... එහෙටනම් තදට වහිනවා..
අයියෝ සල්ලි. එතනත් කින්ඩිය. මහලොකු නුවනක්කාරයෝ කතා කරන්නේ ඒ ඒ පැත්තේ කාලගුනේ ගැන.

ඊට පස්සේ ඔන්න එනවා කකුළුවෝ සීන් එකට. මේ කලියුග කාලේදී මොකද වෙන්නේ ලොකු මිනිස්සු, දැනුම් තේරුම් තියෙනවා කියන බුද්ධිමත් කියන මිනිස්සු වැරදි කරන ගමන් ඊට පහල අයට කියනවා එහෙම කරන්න එපා කියලා. හරියට උදේ හවා බොන මිනිහා අමද්‍යප සංගමේ සභාපති වගේ. රටේ ලොක්කෝ තොග පිටින් ගහන ගමන් පොඩි පහේ උන්ට දඬුවම් දෙනවා වගේ, කුඩු කන්ටේනර් ගෙන්වන ගමන් පස්සා පැත්තේ ගහගෙන කුඩු ගේන එකාව හිරේ දානවා වගේ. ඇති නෙහ්.
අන්තිමට වෙන්නේ මොකක්ද ඔය පොඩි කකුළුවත් හරහටම යන එක. ජෝක් වගේ පෙනුනට සිරා කතාව.

ඔය තැන් දෙකේදීම දාන හිනාව බලන්න. නුවනක්කාරයෝ හිනාවෙන්නේ කොක් හඬලා. ඒක නුවනක්කාරයන්ගේ හිනාවක් නෙවෙයි නොවැ. අනේ සාදු, අනේ ඔන්න කැත නැතුව එතනත් කින්ඩිය.

ඊළඟට වෙන්නේ මොකක්ද මිනිස්සු ඔරු පදිනවා ඇයි...ඒ පුරුද්ද නිසා. සැඩ පහවරල් මැද්දෙන් අභියෝග වලට මූණ දීලා ජීවත් වෙන මිනිස්සු නෑ. ඔක්කොම පුරුද්දට ඔහේ යනවා. වැරදිලාවත් පෙරලුනොත්.
කම්මැලි මෝඩ තකතීරු මිනිස්සු හිතන්නේ මොකක්ද පෙරලුනු පිට හොඳයි කියලා. ඊට එරෙහිව පියවරක් ගන්නේ නෑ. මෝඩ චැනල්, මෝඩ සිංදු, මෝඩ කතා, ගොට්ට අල්ල අල්ල අමු අමුවේ කියන පච, අමු අමුවේ රැස්වීම් වල කියන බොරු , බොරු කියලා දැන දැනම ඔහේ ඉන්නවා. පෙරලුනු පිට හොඳයි කියනවා. මිසක් ඊට වඩා වෙනස්ව නිවැරදි දේ කරන්න යොමු වෙන්නේ නෑ.

හාස්‍යය අස්සේ හැමතැනම තියෙන්නේ උපහාසයදෝ මන්ද. කොහොමවුනත් තේරුම ඔන්න ඕකයි. ඒ දවස්වලම බැද්දගේයන්ට මෙව්වා පේන්න ඇති සුවර් සොට්. සමාජයේ වැටීමත් සමග නුවණැත්තෝ වෙන්නේ මේ හෙන්චයියලා. ඒ වගේ යුග කලින් තිබුනානේ. අන්දරේලා, මහදැන මුත්තලා කතා වලින් කියවෙන්නේ ඒ කාලේ සමස්ත සමාජයේ තියෙන මෝඩකම නේද.

සිරාවටම සිංදුවේ කියන එව්වා එක්ක අද ගලපන්න කොච්චර ටිකක් තියෙයිද නෙහ් ? ඒ කාලේ මහදැනමුත්තා වගේ මර්වින් පේන්නේ එහෙම නැද්ද. ඔව් ඔව් ඉතින් මහදන මුත්තා ගිරාමසේවකලා ගස් බැන්දේ නෑ නොවැ.
එනි වේ ඒ හැම අතින්ම ගත්තම හිතෙන්නෙම අපි ඉන්නේ කලි යුගයේ කියලා නෙහ් ?


සිරාවටම කිව්වොත් ඇත්ත ඒකයි. ඇත්තටම අපි දැන් ඉන්නේ කලි යුගයේ මුල් අවධියේලු. 


Sunday, March 9, 2014

බොරලැස්ගමුව





ඔන්න දරුවනේ සියල්ලන්ගෙන්ම අවසරාආආආආයි .

ඔන්න අපේ සුදුමහත්වරු ලංකාව පාලනය කරන කාලයේ නොයෙක් නොයෙක් විෂයන් වලට අයත් සුදු කස්ටිය ආවලු ලංකාවට . ඉතින් මේ එක්ක දන්ත වෛද්‍ය වරයෙකුත් ආවලු . මෙයා එයාගේ පස්චාත් උපාධිය ( PhD ) වෙනුවෙන් ලංකාවේ අයගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව අධ්‍යනයක් කරාලු .

ගිලීමලේ දත සුදු කට්ටිය , දෙමට පොතු කකා කට හම ගිය රංචාගොඩ කස්ටිය ගැන එහෙම මේ දත් උන්නැහේ ඉතාආආආආම හොඳට අධ්‍යනය කරා . ඊට අමතරව ඔය කෘමිනාශක නිසා දත් දුර්වර්ණ වීම ගැනත් පර්යේෂණ කරා .

ටික කාලයක් යනකොට මේ දොස්තර මහත්තයට තේරුනා තමාගේ මේ වැඩ රාජකාරි වලට හෙල්ප් ගන්න ලංකාවේ කෙනෙකුත් හිටියනම් හොඳයි කියලා , ට්‍රාංස්ලේටර් කෙනෙක් විදියට වගේ . මෙයා සති අන්තයේ පත්තරයක ඇඩ් එකක් දාලා ඔන්න කෙනෙක්ව ගත්තා සේවයට .



මේ සේවයට ගත්ත එක්කෙනාගේ නම අප්පුහාමි . සාමාන්යෙන් ඉංගිරිස් ටිකක් ගොඩ දාගන්න පුළුවන් මිනිහට . ඉතින් මේ වෙන්න PhD දත් දොස්තර කාරයා තාමගේ පර්යේෂණ වලට නාවින්න මහරගම වගේ පැතිවල ඇවිදිනවා . මෙහෙම මෙහෙම ඇවිදලා එක ප්‍රදේශයකට එනවා . මේ ප්‍රදේශයේ අර දත් දොස්තර උන්නැහේ නැවතිලා ඉඳගෙනම පර්යේෂණ කරනවා .

ගොඩක් කාන්තාවන්ගේ දත් ගැන මේ දොස්තර පර්යේෂණ කරලා බලනවා . මොකද ඉතින් ඔය පැත්තේ සමහර සමහර  අය අහුවෙච්ච එක කටේ දාගන්න නිසා . මේ සඳහා අවශ්‍ය කාන්තාවන් තමා නැවතිලා ඉන්න තැනට එක්ක ඇවිත් තමාගේ අවශ්‍ය ටූල්ස් ඒ කාන්තාවන්ගේ ගේ කටටම දාලා නිරීක්ෂණය කරමින් තමයි පර්යේෂණය කරන්නේ .

සමහර වෙලාවට කටට දාන ටූල් මාරු උනාම ඒ කාන්තාවන් ආයෙ ආයේ මේ පර්යේෂණ වලට එන්න කැමැත්ත ප්‍රකාශ කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා . සමහර අයනම් නවත්තන්න එපා තව දාන්න තව දාන්න කිය කිය තමයි ඇවිත් තියෙන්නේ ( ටූල් වල රහ වැඩිවෙලා වෙන්නැති )



ඉතින් මේ පර්යේෂණයේදී අර අප්පුහාමි කියන මනුස්සයා දොස්තරට ඉතාම හොඳින් සේවය කරනවා . ඒ නිසාම අර දොස්තරට සමහර සිංහල වචනත් අප්පු හාමිට සමහර ඉංග්‍රීසි වචනත් කියන්න ලියන්න ඉගෙනගන්න පුළුවන් වෙනවා . දවසක් අප්පුහාමි අහනවා දොස්තරගෙන්,

" ඉතින් සෑර් මේ ගමේ අයගේ දත් හොඳද " කියලා .

ඉතින් දත් දොස්තරයා කියනවා ,

" ඔහෝ....... අප්පු හාමි දේ හෑව් වෙරි ක්ලියර් දත් ඇඳී , ඇන්ඩ් දෙයර් ටීත් ආ බොර ලස් ටීත් " කියලා .

ඉතින් මේ දත් දොස්තරයා තවත් කාලයක් ලංකාවේ ඇවිද ඇවිද මේ පර්යේෂණ කරනවා . අන්තිමට පොඩි කටක් තියෙන එක්කෙනෙක්ගේ කටට මෙයාගේ ටූල් එකක් දාන්න ගිහිල්ලා පොඩි අකරතැබ්බයක් වෙලා අනිත්මට ටූල් එක ඒ කටේ දාගත්ත එක්කෙනාටම හැපිලා ටූල් එක කැඩිලා මාර ජර මරයක් වෙනවා . පස්සේ කොහොමහරි මේ දොස්තරයා චාටර් වෙන්න කලින් රට පනිනවා .

හැබැයි කරපු පර්යේෂණවල ප්‍රතිපල වලින් PhD එක ගොඩ දාගන්නවා . පර්යේෂණ කෙරුණා මදි . ඒත් දත් දොස්තරයා කැම්පස් එකේ හිටපු ලේඩි ප්රෝෆෙසරිගේ කටටත් ටූල් එකක් දාලා ඩිග්‍රිය ගොඩ දාගත්තා .

අනේ අර අප්පුහාමි කියන මනුස්සයා , යන්තම් ඉතින් දොස්තරගෙන් ඔය දතක් සුද්ද කරන්න , දත් ගැලනාම අලුතෙන් හිටවන්න වගේ පොඩි පොඩි දේවල් ඉගෙනගත්තා . ඒවා කරලා අප්පුහාමි යන්තම් යන්තම් කීයක් හරි හොයාගෙන ජීවත් උනා .

අප්පුහාමි පදිංචි උනේ අර අන්තිමටම කිව්ව ප්‍රදේශයේ . ඉතින් මෙයා ඒ ගමේ ඉන්නේ දත් වල බොර නැති අය නිසා මැදට පොඩි ඉංගිරිස් කෑල්ලකුත් දාලා ඒ ගමට බොර ලස් ගම කියල මොඩන් නමකුත් දානවා .

එහෙම දාපු නම

බොර ලස් ගම => බොර ලස් ගමුව => බොරලැස්ගමුව

කියලා විකාශනය උනා කියලා වයලීනෝ මහතාගේ පර්යේෂණ ග්‍රන්තයක සඳහන් වෙනවා . අප්පුහාමි තාමත් ජීවත් වෙනවා මේ බොරලැස්ගමුව කියන ගමේ මිනිසුන්ගේ දත් අමාරු වලට බෙහෙත් කර කර .

තවත් ගමක් ලබන සතියේ කමු !

( මේ දිනවල පොස්ට් කියවීම නොහැකිවන බැවින් ඒ සඳහා මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි )

Saturday, March 8, 2014

ආදරෙයි මම තවත් !





හිරුට පෙම් බැන්දමුත්
සඳුට පෙම් බැන්දමුත්
පුංචි තරු කැටයටත්
ආදරෙයි මම තවත්

නිදි කුමරි වැළඳගත්
නොමැති හැම මොහොතකත්
වෙහෙසමින් අතැඟිලිත්
සොයමි කෙටි පණිවුඩත්

අපට අප නොමැතිමුත් 
හිස්බවක් නැහැ තවත්
නිමාවක් නොමැතිමුත්
ආදරෙයි මම තවත්





Friday, March 7, 2014

සයන්ස් කල සියලු සත් වහා නැසෙනා සුලුත්





ඇරඹු දා සිට දින
දක්වාම අවසානය

නොයෙක් දේ අසමින
එහිද සාරය ගෙන

පුස්තකාලෙට යන
පොත් ගොඩට යටඋන

ලැබ් එකේ කල'රින
පිරික්සුම් ගොනු වන

වහා ගිනි ගැනුමෙන
වහා පිපිරීමෙන

වහා විෂ වීමෙන
වහා තැවරීමෙන

අසාද්මික වීමත්
දිවිය නැති වීමත්

අතර යම් උවදුරුත්
පිරුණු තව ජීවිතත්

සමග කල් ගෙවනමුත්
ලොවට පෙම් වඩනමුත්

ජීවයක් සොයන මුත්
එපමණට නොලබතත්

දුකක් නෑ සිත තවත්
ගෙවමි මේ ලෙස පවත්

සයන්ස් කල සියලු සත්
වහා නැසෙනා සුලුත්



Sunday, March 2, 2014

සරල අනුවර්තී චලිතය




ආවර්තය වැඩිවිට 
ආතල්ය ටිකකට 

ආවර්තය අඩු විට 
ආතල්ය ටිකකට

විස්ථාපනය වැඩිවිට 
ආතල්ය සැමටම 

උමතු ඇස රවටන
සරල අනුවර්තී චලිතය


                                    

Saturday, March 1, 2014

කඩුවෙල



Posted Image

හොඳ හොඳ බැණුම් අහගන්න නිසා ලියන්නේ නැතුව ඉන්නම බෑ . මේ දවස් ටිකේ අසනීප තත්වෙන් පසුවෙච්ච නිසා ගෙදර අය බනින්නෙත් නෑ . නැත්නම් පාන්දර නැගිටින්නත් කලින් ඉඳලා අම්ම බනින්නේ තේ එක නිවෙනවා කියලා .හැක හැක හැක . බැනුමක් ඇහුවේ නැත්නම් නිකන් එදාට පරිප්පු නැති හෝටලේ වගේ මගෙ ජීවිතේ . :P :P :P 


ඔන්න පින්වතුනි ගැටහැත්ත අවිස්සාවෙල්ල හංවැල්ල ඔහොම ඔහොම ගිහින් කලුඅක්කගේ පත ගල් ගෙඩියත් පහුකරගෙන යනකොට අනේ හම්බෙනවා ස්වීට් නගරයක් . අතීතයේ මේක නගරයක් නෙවේ . මුළුමහත් සක්වලටම හාල් සපයපු කුඹුරක් තමයි මෙතන තිබුනේ . මම මේ කියන කතාව සිද්ද උනේ විජයාවතරණයටත් පෙර කියලා මතක තියාගන්න ඕන ළමයිනේ .හරිය ?

ඔන්න පින්වතුනි මේ මහාආආආආආආආආආආආආ කුඹුර තියෙන කිට්ටුව ඉඳලා ඒ කාලේ 177 බස් එකේ නැගලා ඈ......................න් ගාල යනකොට අතරමැද පොඩි ගමක් තිබුණා . මේ ගමේ හිටියා වෙනත් ප්‍රදේශයක ඉඳලා ඇවිත් නැවතිලා ඉන්න පට්ට පල් හොරු දෙන්නෙක් . අයියයි මල්ලියි . ගමේ අයටනම් වැඩිය අමුත්තක් තිබුනේ නෑ . මොකද හරිම සීදේවි පාටට . හෙන මොඩ් එකට කිට මරලා හිටියේ මුන් දෙන්නා . ඒ උනාට මේ දෙන්නා රෑට රෑට අමුඩ කොටේ ගහගෙන ඇඟේ පොල් තෙල් ගාගෙන ගිහින් ගම කාලා වතුර බොන ජාතියේ පල් හොරු දෙන්නෙක් . 


Posted Image

ළඟින් ගියත් ඇති මුන් එකෙක් ගාවින් . අඩු ගානේ කෙස් ගහක් හරි ගලවනවා . දෙන්නා එක්ක ප්ලෑන් කරලා ගෙවල් බිඳින්න මංකොල්ල කන්න මිනී මරන්න ස්ත්‍රීමෙව්වා ළමාමෙව්වා කරන්න වගේ පිංඅතේ වැඩ වැඩ ඔක්කොම කරා . අනේ පවු මේවට අහු වෙච්ච අහිංසක මිනිස්සු . 

අයියා දවසක් ඔන්න මල්ලිට කියනවා මේ පොඩි එකෝ . මෙහෙම පොඩි පොඩි ඒවා කරලා හරියන්නේ නෑ . ජීවිත කාලෙටම හරියන්න උඹයි මමයි මොනවා හරි හොයාගෙන මේ පවුකාර රස්සාව අතාරිමු කියල . පොඩි එකත් ඔන්න එකට කැමති උනා . 

මුන් ඉන්න තැන ඉඳලා ආයෙත් කඩුවෙල පැත්තට එනකොට අතරමග තියෙනවා පන්සලක් . මේක පෞරාණික පන්සලක් . මේ පන්සලේ තියෙනවා නිධානයක් . මේ නිධානය කලින් තිබුනේ පන්සල් වත්තේ ගලක හංගලා . පස්සේ මේ මුන් දෙන්නා කරන මංකොල්ලකෑම් නිසා ඒ ප්‍රදේශය භීතියෙන් අලලිලා ගිහින් නිධානය ගත්තා . අරගෙන නිධන් පෙට්ටිය විවෘත කරන්නේ නැතුව . විශේෂ ස්ථානයක් තිබුණා . මිනිස්සු ඉතින් අනේ සාධු කියලා වැඳලා යනවා . 

Posted Image

ඔන්න මුන් දෙන්නා දවසක් රෑ හොඳට ප්ලෑන් කරලා පන්සලට පැනලා නිධන් පෙට්ට්ටිය උස්සගෙන යනවා . දෙන්නා යන්නේ ඔය මම කලින් කිව්ව කුඹුර තියෙන පැත්තට . ගිහින් කුඹුරේ මේ නිධන් පෙට්ටිය තියලා අයියා මල්ලිට කියනවා 

මම දැන් මේක උස්සන් ආවනේ බං . උඹ දැන් මේක කඩහන් කියලා . 

ඔන්න හොර මල්ලි කරන වැඩේ අතේ තිබ්බ කඩුව අරගෙන ( උගේ කඩුව නෙවේ , යකඩ කඩුවක් ) අහස දිහා බලාගෙන කෑගහනවා . 

" දෙයි හාමුදුරුවනේ . මම කුරා කූඹියෙක්ටවත් වරදක් කරේ නෑ . මේ අයියා තමයි මේ ඔක්කොම කරේ , අයියාගේ ඒ අනුභාවයෙන් මේ නිධන් පෙට්ටියේ ඇණ යතුරු පිපිරෙවා කියලා " අයියට මල පැන්නා . ඇයි සද්දේ ඇහිලා මිනිස්සු ආවොත් . කෑ ගහන්න එපා බූරුවෝ . කඩපන් ඕක එක කඩු පහරින් " කියලා අයියා විධාන කළා . මල්ලි කඩුවෙන් කඩුවෙන් නිධන් පෙට්ටියට ගහනවා . 

ඔන්න එළියක් විහිදුවාගෙන පෙට්ටිය කැඩෙනවා . ඒ නිධාන පෙට්ටියේ තිබ්බේ Yamaha Tyros - 3 ඕගන් එකකුයි ඒ ඕගන් එකට හරියන පවර්පැක් එකකුයි . අයියයි මල්ලියි එදාම මේවත් අරගෙන නැවතිලා හිටපු ගෙදර කුලී දෙන්නෙත් නැතිව ගෙදර එනවා . නිධන් පෙට්ටිය හැබැයි කුඹුරේ තිබ්බේ .


Posted Image


පහුවෙනිදා ඔන්න මිනිස්සු නිධානෙ නෑ කියලා ගම පුරාම හොරු හොයනකොට කුඹුරේ තියෙන නිධන් පෙට්ටිය දකිනවා . දැන් ඉතින් මොනවා කරන්නද කියලා නිධන් පෙට්ටිය අරන් ගිහින් පන්සලේ තැම්පත් කරනවා .

හොරුන් විසින් නිදන් පෙට්ටිය කඩපු කුඹුර 

කඩපු කුඹුර => කඩපු වෙල => කැඩු වෙල => කඩුවෙල 

කියලා පරිණාමය වෙලා අද තියෙන කඩුවෙල කියන නම බවට පත් වෙනවා . 

මේ කුඹුර කාලයාගෙන් අවෑමෙන් පුරන් වෙලා ගොඩවෙලා යනවා . ඉතින් ඒ මත පස්සේ ආපු නර දෙටුවන් ඉතාම ලක්ෂනට නගරයක් හදනවා . ඔන්න ඔහොමයි අද තියෙන කඩුවෙලට අඩිතාලම වැටුනේ .

අර පල් හොර අයියයි මල්ලියි ටයිරෝස් ඕගන් එකෙන් සිංදු කියලා හම්බ කරලා ජීවත් වෙනවා . :P :P