Thursday, February 20, 2014

රුවක් ඇදෙනවා GAY ලු ඇත්තද ? ( පොඩි උන්ට පමණයි )






විභාග නැති ජීවිතේ නිකන් බස් අජිත් අයියගේ සුදු අරලියා මල සිංදුව වගේ තමයි... මෙලෝ රහක් නෑ. අඩුම ගානේ මාස දෙක තුනකට සැරයක් හරි කොල්ලෝ සෙට් එකම සෙට් වෙලා රෑ තිස්සේ නිදි මරාගෙන පාඩම් කරලා කොච්චර ගතියක් ගත්තද. ඒ ත්‍රිල් එකත් නිකන් ෂර්ලොක් හෝම්ස් අබිං ගැහුවා වගේ තමයි. නැතුව බෑ මටනම්. දැන් මේක කියවන ලඳක් හරි ඒ වගේ හිතන සරමක් හරි හිටියොත් සුවර් සොට් හිතන්නේ අපි කොල්ලෝ කැමති විභාග ලියන්න කියලා. හැක හැක හැක අනෙහ් මගෙ මුඛය.ඔය කෙල්ලෝ කවදද බං කියන එකක් ඒ විදියට තේරුම් ගත්තේ...අපිනේ දන්නේ විභාගේ ලියලා රෙපිට් වෙන එකයි විභාගෙට ලියන්න කලින් පාඩම් කරන්න සෙට් වෙලා කොරන කෙරිලි ටිකෙයි ආතල් එක. හම්මේ මතක් වෙනකොටත් කට කනේ.

කවුරු වුනත් මේ ජොබ කියන එක හොයාගත්ත එකා මහා ගල් ඉබ්බෙක්, ප්ලාස්ටික් ගෙම්බෙක්, ග්‍රීස් කණුවක්.චඃ උදේම යනවා -  වැඩ කරනවා - හවස එනවා - නිදියනවා ආයේ උදේට යනවා. බෝඩිමත් දැන් එපා කරපු තැනක් වෙලා. ලොවෙත් කටු කාලා, ඉගනගෙන අන්තිමට මෙහෙම එක රවුමකට දුවන ලයිෆ් එකේ රහක් මටනම් නෑ ඔයිලා. මීට වඩා පස්ට ජොබ කරන්නේ එදා කුලියට වැඩ කරන මනුස්සයා. අපේ අම්මනම් ඒ මාමාට එක එක දවසට එක එක වැඩ කියන්නේ. ඒ හින්ද වෙන්න ඕනා ඒ ජොබ මෑන්ට එපා වෙන්නේ නෑ. පුරස්නේ ඉතින් පඩිය.

ඉතින් කොහොමහරි ඔහොම එකම එකම දින චර්යාවේ ආතල්ම තැන බස් එක. ට්‍රැෆික් වලදී එපා වුනත් මොකද ආතල්ම මිනිස්සුයි සිද්දියි වෙන්නේ බස් එකේ වෙන්න ඕනා. එලේවල් කරන දවස්වල බස් එකේ දැකපුවා සිංදුවා කලින් කිව්වා මතක ඇතිනේ . ආපෝ ඒක වැදගත් මහත්තයෙක් කියවලා වැටුණු ලෙඩක්. ඔන්න කිව්වා මේ අපේ කන්තෝරුවේ වගේ සූකිරි කොමල බිත්තරෙන් උපන්න ලඳුන් හා උන්ට දෙවෙනි නොවන සරම් ඉන්නවනම්......චී මේක උන්ට මහා චාටර් බොගක් හොඳේ...

පඳුර තලාගෙන තලාගෙන තලගොයා එලියට එනකොට දැන් දන්නවනේ මේ කියන්න යන්නත් බස් එකේ සීන් එකක් කියලා. මෙහෙමයි වෙන්නේ හරිය... ඔන්න සිංදුවා ජීවිතේට නැගිටලා පුරුදු නැති උදේ දැන් නැගිටලා කන්තෝරුවට යනවා ඈ... මගින්  බස් එකට නගින බෝනික්කෝ, ඇවිදින තොරන්, බියුටි සැලූන්, බ්ලූ ෆිල්ම්ස්, ඔක්කොම පැත්තකින් තියමුකෝ ඈ... උන් නෙවෙයි ඔන්න මෙදා පොටේ සෙට් වෙන්නේ ඉස්කෝලේ යන මල්ලිලා සෙට් එකක්.. සුපුරුදු පරිදි සිංදුවා ඉස්කෝලේ කාලේ ඉඳලම බස් එකේ පිටි පස්සේ වාඩිවෙලා තියෙන පුරුද්දට කිට මැරුවත් තාමත් වාඩිවෙන්නේ එතනම තමයි. තාමත් අපි වගේ උන් ඉස්කෝලේ යනවා කියන්නේ අර ඉස්කෝලේ මල්ලිලා සෙට් එකත් ඔන්න සෙට් වුනේ පිටිපස්සෙම සීට් එකට.

උන් නරකම නෑ බස් එකට නගිනකොටම සුපුරුදු පරිදි පුහුණු කරපු ඇස් වලට නෝට් වෙන ටික දෙයියනේ කියලා මුන්ටත් නෝට්. ටික වෙලාවක් කතාව අරගෙන ගියේ උන්....ගෑලු ළමයෙක්ගේ පස්සා පැත්ත ගැන. හප්පටසිරි උන්ටත් අපිට වගේම සෞඛ්‍ය පාඩම ඉගන ගන්න තිබුණු උනන්දුව මොනවට පේනවා උන්ගේ කතා ඇහුණම. කෝමහරි ඒ ගෑලු ළමයා ටිකකින් එපා වෙලා ලව් හුටපට ඇවිත්, මීට් සීන් එකකුත් ඇවිත්, මැච් එකත් ඇවිත් අන්තිමට ඔන්න සිංදුවට සැරටම ක්ලික් වුනු ගේ සීන් අහ්හ් නෑ නෑ සිංදු සීන් එකකට ආවා හරිය. ඒක වුනේ බස් එකේ රේඩියෝ එකට පින්සිද්ද වෙන්න. සිංදුව අහගෙන ඉන්න ගමන් එකෙක් කියනවා අනිකට

"උඹ දන්නවද ඕක ගේ සිංදුවක්, ෆේස්බුක් එකේ තිබුනේ"

"සිරාවමට ?"

"අහවල් පේජ් එකේ තිබුනේ. ඌ තව සිංදු දෙක තුනකුත් දාලා තිබුනා"

"ඕකේ මෙන්න මෙතනින් තමයිලු ගේ වෙන්නේ..."

කියලා කිව්ව ඒ මල්ලි කියපු කොටසයි අහ අහ සින්දුවයි ඇහිලා සිංදුවා උඩ ගිහින් බස් එකේ මුදුනේ වැදිලා ආයේ සීට් එකේලු ඈ...  කන්තෝරුවට ගිය ගමන් කොලේ සිංදුව බාලා පෝන් එකට දාගෙන සිංදුව අහලා මෙහෙම තේරුමක් සිරා තියෙයිද හිතපු එකලු ඔන්න. මොකෝ ඉතින් ඩේටා වලට මගේ පඩියෙන් කැපෙනවා කියලයෑ.. හොහ් හොහ් හොහ්.. කන්තෝරුවේ එකෙක් සිංදුවා කව්ද හොයාගත්තොත් ජොබත් කපෝති.

හැටහුටාමාර පාරක් අහලා හැටහුටාමාර පාරක් තේරුම කල්පොනා කොලත් සිංදුවා ගොයියටනම් පුතේ ඒකෙ ගේ කියලා කියන්න පුළුවන් චුට්ටං කෑල්ලක්වත් හොයාගන්න බැරිවුනා. මෙහෙමයි ඉතින් අර වයලා වගේ ගේ පොරක් ඉන්නවනම් ඉතින්, ඒ ගේ මයින්ඩ් එකෙන් බැලුවොත් මේ සිංදුව විතරක් නෙවෙයි ක්ලැරන්ස්ගෙ, අමරසිරිගේ, සුනිල්ගේ, එඩ්වඩ්ගේ පවා සිංදු ගේ කොරවන්න පුළුවන් ඉතින්. (අර අරුවත් ගේ කොරන්න පුළුවන් (අරු-ගේ අඩවිය නිසා) ). හනේ ඉතින් පව් හප්පා මේ අහිංසක මිනිස්සු දෙන්නෙක් තමයි මේ ගේ කොරලා තියෙන්නේ. වෙන කවුරුවත් නෙවෙයි ගුණදාස කපුගේ උන්නැහෙයි, කරුණාරත්න දිවුල්ගනේ උන්නැහෙයි. සිංදුව මෙන්න මේක...





K
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා

D
හද පොදි බැඳි දුක දියකර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා

K
සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ

D
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ


D
නැගුනු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළුලා එනවා

K
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා


පද රචනය : මහින්ද දිසානායක 
තනු රචනය : ගුණදාස කපුගේ


 


අර මල්ලිලා සෙට් එක නිසාම ඔන්න සිංදුවා සිංදුවට ක්ලික් වුනු තේරුම දානවා ඔන්න. බුකියේම නැතුව උඹලත් කවදාහරි බොගවල් පැත්තේ ආවොත් අර සාක්සරතාවයද මොනවද කියන එක වැඩි කොරගන්න පුළුවන් වෙනවා ටක්කෙටම. රුවක් ඇදෙනවා කව්දෝ එනවා කිව්වම එතනින් කියවෙනවා ඔන්න හරියට එන්නේ කව්ද කියලා පෙන්නේ නෑ කියලා. ඒ ඇයි කියලා කියන්නේ දෙවෙනි පදෙන්.

සිංදුවා කැමතිම කොටසක් ඒ... නොපෙනෙන්නේ ඇඳිරිය නිසා. ඇඳිරිය කියන්නේ අඳුරට. දැන් මෙතන තියෙන ලස්සනම සීන් එක තමයි මේ ඇවිල්ලා අර අපි හිතන අඳුර නෙවෙයි මීවිත අඳුර. දැන් ඔන්න ගල්බාගයක් වේවා රෙඩ් ලේබල් වේවා ග්‍රීන් ඇපල් වේවා....... වේවා වේවා මොකක්හරි එක බිබී ඉන්නවා අයියා කෙනෙක්. දැන් පොරට ටිකක් වැදිලා නිසා මොකුත් පැහැදිලිව පේන්නේ නෑ. ඒක කියන්න සුපිරියටම යොදාගෙන තියෙන්නේ මීවිත ඇඳිරිය දෑස වසනවා කියලා.
දැන් එහෙම කිව්වම ඒ එන කෙනා උත්තරේ දෙනවා. මිනිහත් දුකට බොන්න ආපු පොරක්. හිතේ තියෙන දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා. මෙතනින් ඔබේ ලොවට කියන්නේ ගේ නෙවෙයි බං. අර අවන්හලේ දැන් ඉන්න පොර වගේ වෙරි වෙන එක ගැන කියන්නේ.
මෙතන මුලින්ම මහින්ද ලියල තිබුනේ "මීවිතෙන් ගිනිකණ වැටුණු ඇස - කාගේ රුවදෝ ඇදෙන්නේ" කියලලු. පස්සේ තනුව දානකොට කපුගේ මේක ඔය සින්දුවේ විදියට වෙනස් කලාලු.




බොන උන් දන්නවා බොනකොට වෙන දේවල්. ඕක මොකෝ එකපාරටම ගුඩුස් ගාලා බොන්නද නෑනේ. සමහර එව්වා වදින්නේ තැපෑලේ. ගුඩුස් ගාලා බිව්වා වගේ නෙවෙයි තැපෑලේ වැදිලා කබරයා යන්න ගියාම. ඒ නිසා ඕක හෙමින් හෙමින් පොඩ්ඩ පොඩ්ඩ බොන ගමන් ළඟ එකා එක්ක අනිවා කතාවට වැටෙනවමයි. ඒ වගේ මෙතනත් දැන් මේ අයියා අහනවා 'මොකද මල්ලි මෙච්චර තරුණ වයසේදීම බොන්න පටන් අරන් කියලා ' කියලා. ( අයියා සුවර් සොට් බැඳපු පොරක් වෙන්න ඇති, ඒකනේ ඌ බොන්නේ ඇවිත් ).  එතකොට මල්ලි දෙන උත්තරේ නුරා විරහ ගිණි, මෙතනදි නුරා කියන්නේ ආදරේ කියන අරුත වෙන්න ඕනි. මල්ලි බූටක් කාලා ( බූටබල් කොල්ලෙක් ) බූට් එක දිවරගන්න තමයි බොන්නේ.




බොන්න බොන්න ලව් සික් එක නිවෙනවා නෙවෙයි වැඩි වෙනවා. නැගුනු නුරා ගිණි, ඒ තිබුණු විරහ ගින්න මී පොද වැටිලා හතර වටින් දළු ලා එනවා. සමහරවිට මෑන් ට කෙල්ලව මැවිලා පේනවා ඇති. ඒ ගෑණු දැරිවි එක්ක කතා කොරපුවා කරපුවා ගියපුවා අරවා මේවා බිව්වට පස්සේ තව තව වැඩි වෙලා එනවා. ඒකයි ගින්න දළු ලනව කියන්නේ. සෝ මේ අයියා බලනවා මූ තාම පොඩි එකා බීලා විනාස වෙන්න හදන්නේ නිකන් චීත්ත කෑල්ලක් නිසා.. ( මූ දැන්ම නෙවෙයි බැන්දට පස්සේ තමයි බොන්න ඕනා හඃ හඃ හඃ ) ඒ නිසා අයියා පොර මල්ලි කොල්ලට කියනවා බොන්නේ නැතුව වරෙන් යමු ගෙදර කියලා. (දැන් මෙහෙම කියන අයියලා නම් නෑ තමයි ඒ නිසා එහෙම කලාතුරකින්වත් ඉන්න උන්ව ගේ කොරන්න එපා මචං) චඃ බන් මේ සිංදුව මටනම් සුපිරියටම මැවිලාම පේනවා. මාරම සිරා සිංදුව, මේකට මොන කෙන්ගෙඩියකට ගේ එව්වා ගෑව්වද මන්ද.
මේකේ ලස්සනම,  වචන සින්දුවේ යෙදිලා තියෙන විදිය තමයි සිංදුවාටනම්.  එහෙනම් නමස්තේ වේවා. හෙට වැඩට යන්න බස් එක අල්ලන්න තියෙයි. ටොකෝ ටොකෝ.


40 comments :

  1. Replies
    1. බොහොම ස්තුතියි ඇනෝ

      Delete
  2. Replies
    1. කියලා වැඩක් නෑ අටමෝ

      Delete
  3. ඕන් අපි නම් මේ සින්දුව ගේ කියලා හිතුවෙත් නෑ. සින්දුව පොඩ්ඩක් වෙනස් කරලා කිව්ව එක විතරයි ඉක්කෝලේ යන කාලෙ කලේ.. මේන් මේම-

    රුවක් පෙනෙනවා
    කව්දෝ *නවා
    * ගඳ ටික ටික
    මෙහෙට දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. :-bd හඃ හඃ කොළඹ බාප්පා පිළිකන්නේ *නවා වෙන්න ඇති එහෙනම් ජෙමයියෝ හඃ හඃ හඃ

      Delete
  4. මෙහෙම ගියොත් ඔක්කොම සිංදු ගේ වෙයි බං...

    ඩුවට් එකක් වුන නිසා ගේ වගේ තමා..

    ඒත්;;; මල්ලි කෙල්ලෙක්ගෙන් බූට් එකක් කාල, බාර් එකේ සැට් වෙලා ඉද්දි, අයියා මල්ලිට ගෙදර වරෙන් කියල කියනව වෙන්න බැරිද??

    //අවන්හලේ මීවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා//

    ඔනෙම සිංදුවක් බලන කෝණය අනුව අර්ථය වෙනස් කරන්න පුලුවන් නේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. සෑම් හරි. බලන විදිය අනුව අපිට සිංදුවේ අර්ථය වෙනස් වෙන්න පුළුවන්. ඒත් වඩා වැදගත් නිවැරදිම දේ අවබෝධ කරගන්න එක නේද. මොකද මේ සිංදුව ලියවෙන කාලයේ ගේ කියන එක ලංකාවේ තියා පිටරටකවත් ඒ තරම් සමාජගත වෙලා තිබුනා කියලා මමනම් හිතන්නේ නෑ.
      බාර් එකේ සෙට් වෙලා ඉන්නකොට මල්ලිට ගෙදර වරෙන් කියන අදහස මැරෙන්නේ මම හිතන්නේ පලවෙනි වර්ස් එකේදිමයි.
      //සොඳුරු යොවුන්විය මල් මග මුල හිද
      කිම තොල මීවිත පොඟවන්නේ// මෙහෙම අහන්නේ ඇත්තටම ඒ කාලේ අයියා පහු කරලා නිසා ඇන්ඩ් මිනිහා දන්නා නිසා මේ කාලදීම බොන්න ගත්තම වෙන දේ. කියලයි ඔන්න මට හිතෙන්නේ. :D සෑම් කියන විදියට වුනත් ඉතින් අපිට සලකන්න පුළුවන්. හැබැයි මුළු සිංදුවම එක යෙදීමක් නිසා අනිත් පැත්ත හරවන එක ඒ තරම් හොඳ නෑ නෑ වගේ වගේ හෙහ් හෙහ් . බොහොම ස්තුතියි සෑම්.

      Delete
  5. ජොබ් එකට සුබ පැතුම්... දුක තමා මෙයා. එත් සල්ලි ගෙවනවානේ කියල වැඩ කොරන්න. c-)

    //දැන් මෙහෙම කියන අයියලා නම් නෑ තමයි ඒ නිසා එහෙම කලාතුරකින්වත් ඉන්න උන්ව ගේ කොරන්න එපා මචං// w-) :-f :-bb

    ReplyDelete
    Replies
    1. ටන්කු මෙයා. පිස්සුද හප්පා. යේ රටාවට තාම මම පුරුදු වෙමින් තමා තියෙනවා. මොකෝ බුඩිස්සි නටන්නේ අර කොටසට ? හෙහ් හෙහ් :D

      Delete
  6. මේක මම පට්ටම කැමති සිංදුවක් .
    මේකේ මියුසික් නිසා සිංදුවේ තේරුම වැහෙනවා .
    මම ඕකට කතාවක් ලියන්න කියලා සිංදුව අප්ලෝඩ් කරලා තිබ්බේ . අදම ලියනවා .
    සංවාදෙකට හොඳයි වගේ .

    එහෙනම් " ඇඩෝව් සිංදුවා . වර ඩො ගේමට "
    ( කාලෝ ඇන්ඩ් නලින් වගේ බැනගමු )

    ReplyDelete
    Replies
    1. තෝ මේක කෑවොත් තෝව මරලා අච්චාරු හදනවා වල් වලයා

      Delete
    2. අච්චාරු හදන්න මාත් ඉන්නවෝ........

      Delete
  7. මම හිතන්නේ මේ බ්ලොග් එකෙන් වෙන්න ඇති ඕක පටන් ගත්තේ. ඇත්තටම ලංකාවේ සමරිසි ආදරය ගැන ලියවුණ ගීත තියනවද? ගහක මල් පිපිලා ගීතය එහෙමයි කියලා සාමාන්‍ය පිළිගැනීමක් තියනවා නේද? ඒ වගේම මේ පිටුවේ අංක 4 ගීතය ලියලා තියෙන්නේ කතන්දරකාරයා. ඒක සමරිසි ප්‍රමයක් ගැනම නොවුණට, සමරිසි කතාවක් ඇතුලත් වෙනවා. පෙම්වතුන්, ජනප්‍රිය සිංදු තමන්ගේ පෙම් කතාවට අදාල කරගන්න උත්සාහ කරනවා වගේ, සමලිංගික අයත් හැකි විදිහට ගීත එයාලට ගලප ගන්න දරපු උත්සාහයක් විතරයි මේක, මට හිතෙන්නේ. සිංදුවාගේ අර්ථ දැක්වීමට එකඟයි. ඒත් සමරිසි අර්ථයත් මේකට දෙන්න බැරිම නෑ.

    ReplyDelete
    Replies
    1. වයලීනෝම ගහක මල් පිපිලා ගැන ලියලා තියනවා. ඇයි මේක පොඩි උන්ට පමණයි?

      Delete
    2. උඩ පොස්ට් එක මම කියෙව්වා තිසර. කකා ව දන්නවා හැබැයි එක ලිව්වා කියලා දන්නේ නෑනේ. හෙහ් හෙහ් පොඩි උන්ට කියලා දැම්මේ ලොකු උන්ට මේකේ ගේ එව්වා නෑ කියලා හිතාගන්න එහෙම අමාරුවක් නෑ කියලා හිතුනු නිසා හෙහ් හෙහ්. සෑම් කිව්වා වගේ තිසරත් කියන්නේ වෙන්න ඕනා. යේක හරි. අපිට එහෙම හිතන්න පුළුවන්. හැබැයි නිවැරදි නෑ කියලයි මම නම් කියන්නේ.
      අර වයලගේ පොස්ට් එකට උත්තරය ඒකෙම පහල කොමෙන්ට් එකක තියෙයි නොවැ. ආයේ ගීතය ලියපු කෙනා නෑ කිව්වට පස්සේ තව මක්කද... :D
      කලින් කිව්වා වගේ ඒ දවස් වල මම හිතන්නේ නෑ ඔය සමරිසි කියන එක ඒ තරම් මේ කාලේ වගේ ප්‍රසිද්ධ කාලයක් කියලා. නොතිබුනා නෙවෙයි ඒත් මේ තරම් සමාජගත වෙලා නම් තිබුනේ නෑනේ. මන්ද ඉතින් මමනම් තාම ඔහොම එක ගීත රචකයෙක්වත් ඒ කාලේ මේ ගීතය ලිව්වේ මේ කාරණේ නිසා කියලා ගේ සීන් ගැනනම් කියනවා මම දැකලම නෑ.
      හැබැයි ඉතින් අපේ විචාරය අපි කැමති විදියට දෙන්න පුළුවන් තමා. බොහොම ස්තුතියි තිසර :D

      Delete
  8. එක එක්කෙනාට හිතෙන හැටි වෙනස් කියනවනේ.. මට නම් හිතෙන්නේ නෑ මේක ගේ කියලා..

    ReplyDelete
    Replies
    1. එකනේ බං මමත් කියන්නේ. මටත් හිතෙන්නම නෑ :D

      Delete
  9. පුරුදු පුහුණු කරපු ඇස් වලට...... :D

    බලාගෙන, බෙල්ලේ පොට යයි

    ReplyDelete
    Replies
    1. :-bd :-bd පිස්සුද මචං පොට නොයන්න බලන්නයි පුරුදු පුහුණු වෙලා තියෙන්නේ. හම්මපා මෙහෙ බස් තමයි බන් බස්.

      Delete
  10. මේක ගේ වෙනවාට මගේ බලවත් විරෝදය

    ReplyDelete
    Replies
    1. කාමරේ කරලවත් බලමුකෝ එහෙනම් සාසෝ s-) :-bd :-bd හඃ හඃ හඃ

      Delete
  11. ඒ කොල්ලො ටිකට පිස්සු බන්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඒකනේ බන් කියන්නේ

      Delete
  12. ඒ සිංදුව ගේ කියන්නමත් බෑ නේද,අහන අයගේ අර්ථ දැක්වීම අනුව නේද

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් බං හැලපේ මමත් කිව්වේ.

      Delete
  13. ඈතින් කවුද එනවා පේනවා, ඒත් මදු විතෙන් මත් උනු දෑසට කවුද කියල හරියටම පේන්නේ නෑ. ඒත් මෙයාට මතක් වෙනවා අදරය කරපු ඇයව. ඇය හින්දා නේද අද මෙයා මේ හිරිමල් යවුවනයම මදුවිතෙන් නාවන්නේ. ඇයව මතක් වෙනවත් එක්කම අදරයෙන්, අනුරාගයෙන් හිත පිරිලා යනවා. මේ එන්නේ නම් එයාම තමයි කියලමයි මෙයාට හිතෙන්නේ. හිතේ තියන දුක මොහොතකට නැතිවෙලා ඇය එක්ක ගතකරපු සුන්දර අතීතයට මෙයා ගමන් කරන්වා. එයත් එක්ක තනියම ගත කරපු හැම නිමේශයක්ම මෙයාට මතක් වෙනවා. මෙවා අමතක කරන්න තමයි බොන්නේ, ඒත් මදුවිතේ මතත් එක්ක ඇය ගැන තියෙන අනුරාගීය හැගීම් තවතවත් ඇවිස්සේනවා. තනිවුනු හැම මොහොතකම ශරීරයේ සෑම අඟලක් පාසා වින්ද අනුරාගය මතක් වෙනවා. ඔන්න දැන් ඈතින් අපූ කෙනා ලගටම ඇවිත්. එයත් මදුවිත තොල ගානවා. ඒත් ඒ ඇය නෙමෙයි, ඔහුයි. නන්නාදුනන සුකුමාල තරුණයෙක්. ඇත්තම කිවොත් දැන්නම් මොකෙක් උනත් කමක් නෑ. ඒ තරමට මදු විතෙන් මත් වෙලා හිතේ තිබ්බ රාගය අවිස්සිලා තියෙන්නේ. මෙයා අර තරුණයට කියන්නේ මේ ටිකයි, මල්ලියේ වරෙන් මාත් එක්ක, ඔය මදුවිත ඔහොම්ම තිබුන දෙන්, මන් උබට දේන්නම් ඔයිට වඩා මදුවිතක්....

    ReplyDelete
  14. හි හි ,,ක්ලරන්ස්ගේ හඳ පානේ ගමන් යන්න සින්දුව අහන ගමන් :D

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හා හා එව්වත් ගේ සිංදු ලු ඔන්න :D

      Delete
    2. හත්වලාමයි , ඒකත් ඉවරද ? පට්ට සින්දුව . යකෝ අන්තිමට අපිට කෙල්ලෙක්ට කියන්න සින්දු හදාගන්න වෙනවා .

      Delete
    3. ඇයි බන් ඒකෙ තියෙනවලුනේ මගේ පාළුව මකාගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ කියලා කොටසක්

      Delete
    4. සිංදුවා අන්න ඒ ටික තමයි .. හි හි

      Delete
  15. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත ඇයත්...
    සමකෝණී ත්‍රිකෝණයක් නම් එහි පාද තුනත් එකිනේකට සමානයි. ඔබ මා සහ ඇය මා අතර නම් සමාන පාද යුගලයක් තිබිය හැක, නමුත් ඇය සහ ඔබ අතරත් තිබේන සමාන පද යුගලයක් ගැන නේද මේතනත් කියවෙන්නේ.

    ReplyDelete
  16. නොදැන සිටියාට මේ වගේ සින්දු ඔන තරම් තියෙනවා, ඒ වගේම් එවට තමන්ගේ විෂයපතයේ ඉදගෙන අර්තකථන කරන්න පුළුවන්. තම්න්ගේ විෂයපතය කීවම සමහරු අහවි මේක ඔබේ විෂයපතයද කියලා. ඔවු මන් ඔය කියන ගේ තමයි. එහෙම කිවාම කීප දෙනේකුට ඇරෙන්න අනික් අයට නම් මැජික් එකක් වගේ වෙලා ඇස් උඩ යනවා කියලා නම් දන්නවා වෙන මොනවා නැති උනත්.

    ReplyDelete
    Replies
    1. ඔය කියන එක එක විෂය පත වල ඉඳලා ඕනිම එකක් එහෙම අර්ථ දක්වන්න පුළුවන් තමයි බන් තොත්ත බබා. හැබැයි ඒක නිවැරදි නෑ. මෙතැනදී මගේ අදහස වෙන්,නේ ගීතයට අර්ථකතන දෙන්න පුළුවන් තමයි එහෙම කියලා වැරදි අර්ථයකින් ඒකට කවන එකෙන් සහ ඒක ප්‍රසිද්ධ කරවීමෙන් වෙන්නේ තනියම අර්ථයක් හිතාගන්න තරම් දැනුමක් හෝ පුහුණුවක් නැති එකා නොමග යෑමක් වෙන්න පුළුවන් කියන එක. දැන් මේවට මේ ගේ එව්වා ඔබලා ගත්තද මේ ගීත ලියවෙන කාලේ ගේ කියන වර්ඩ් එකවත් ඉපදිලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ.
      උඹ ගේ ද ලෙස් ද නැත්නම් වෙන මක්කද යන්න මේ කාටවත් අවශ්‍යයි කියලා මමනම් හිතන්නේ නෑ සනා. බොහොම ස්තුතියි :) :) :)

      Delete
  17. මම කැමතිම සිංදුවක්. මහින්ද දිසානායක මේ ගීතය කිසිලෙසකින්වත් සමරිසි පසුබිමක් ගැන කියන්න ලියපු දෙයක් නොවේ කියා මා හිතනවා. මධුවිත සහ අවන්හල හරිම සුන්දර තැනක්. ඒ මගේ පෞද්ගලික අදහස. මෙවැනි තැන්වල මේවගේ සොදුරු සාක්ච්ඡා ඇතිවෙනවා. මධුවිත ඔබව නොයෙකුත් මානයන් තුල රසවත් කරනවා. ඔබ වැඩිමහල් නම් අනිකාට උපදෙස් අවවාද දෙන්න නිතරම උනන්දුවෙනවා. එහෙම තමයි ඒ දේවල්.

    මෙවැන් ගී පදවැල්වලට හිතට ආ පලියට වැරදි අර්ථ කථන දීම ..ඒ ගීතයට මෙන්ම පද රචකයාටත් කරන හානියක් කියලා මම හිතන්නේ.
    තොපි මාවත් සමරිසි කරා නේද :D

    ReplyDelete
    Replies
    1. සධාරනයිනෙ .. බොලා මක්කටෙයි ගේ අඩවිය කියලා දාන් ඉන්නෙ ? වයසක අපි එන්නෙත් බයෙන් සැකෙන් :-D

      Delete
    2. කොලු පප්පෙක් බලාගෙන :D

      Delete
    3. හෙහ් හෙහ් ඔය අත්දැකීම් කතා කරලා තියෙන්නේ අරූගේ... බොහෝම ස්තුතියි අරූ... :D
      වෙනි අයියා බයෙන් සැකෙන් වුනත්, ගේ කියලා දැන දැන වුනත් , යන්න හරිම උනන්දුයි වගේ :-bd :-bd :-bd

      Delete
  18. මතකද එක සැරයක් අපි ස්කයිප් ගෘප් චැටකට සෙට් උනා..එදා අපේ උන් අහලා තිබුණු හැටියට ලංකාවෙන් බාගයක්ම සින්දු ගේ..කොටින්ම දේදුන්නක් ගැන ගෑවිලා තිබ්බත් ඒවා ගේ ගිත වෙනවා..හොකෑස්... එල එල සිංන්දුවෝ පෝස්ටුව

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.