අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

අද විශේෂ දවසක්  . ආරාධිත රඟපෑම වෙනුවෙන් මම අද අපේ බ්ලොග් එකට මේ විශේෂ දවසේ විශේෂ කෙනෙක් එක්කං ආවා . වෙන කවුරුවත් නෙවේ . මිස්ටර් සිංදුවග...

අවුරුද්දක් ගතඋනාලු - දැන් අපි ලොකු ළමයි




අද විශේෂ දවසක්  . ආරාධිත රඟපෑම වෙනුවෙන් මම අද අපේ බ්ලොග් එකට මේ විශේෂ දවසේ විශේෂ කෙනෙක් එක්කං ආවා . වෙන කවුරුවත් නෙවේ . මිස්ටර් සිංදුවගේ සාඩම්බර ( ද මන්දා ) හිමිකාරියව . අපේ මේ විශේෂ දවසේ කතාව ආරම්භ කරන්න මම වතී අක්කට කිව්වා මොකක් හරි හොඳ දෙයක් ලියලා දෙන්න කියලා . කිව්වේ අවුරුදු 7කට විතර කලින් . ඔන්න ලියලා දුන්නේ ඊයේ තමා .



බුහහාහැහාහ ...... දැන් බලනවා ඇති අර කොයිවෙලෙත් සිනහසී සිටින්නී ද කියලා . ඔව් ඔව් . ඒ සිටින්නී ඔය සිටින්නේ . දැන් මේක කියවනවානම් ෂුවර් එකටම සිනහ නෙවේ රවාගෙන ඇත්තේ මට බැන බැන  . ඉඳලා හිටලා දෙන්නා නට්ට පාගගත්තට , තව මෙන්න මේ වගේ පොස්ට් දැම්මට මොකෝ දැන් සීනියි තේකොලයි වගේ දෙයියනේ කියලා දෙන්නා ඉන්නවා . ඉතින් ඔය පොටෝ කෑල්ලේ තියෙන කවිවල රස කර කර විස්තර කරලා තියෙන උන්නැහේ ක්‍රිස්තුවර්ෂ බරගනන් වලින් කියනවනම් වරුස 2013 පෙබරවාරි 9 වෙනිදා

" ආයුබෝවන් කියලා තියෙයිනොව හෙඩිමෙම.කමක් නෑ ආයෙත් ආයුබෝවන් !   " 

කියන වැකිය සටහන් කරමින් හාහා හරිහාවා කියලා සිංදුවාගේ මියැසිය කියන නමින් මේ බ්ලොග් අඩවිය ආරම්භ කරනවා . හැබැයි ඒ කාලේ මම නම් නෑ . නෑ කිව්වේ ඉන්නවා . ඒ උනාට මේ බ්ලොග් එකේ නෑ . පළවෙනි පොස්ට් එකේ සිංදුඅයියා කියනවා නන්දා මාලිනියගේ " මට මවු පදවිය ලැබුණු දිනේ " කියන ගීතය ගැන . අන්තිම පේලියේ ලියලා පෝස්ට් දෙකතුනක් පබ්ලිෂ් කරාට පස්සේ තමයි සිංදුවාඅයියා මේ බ්ලොග් එක ආරම්භ කරන්නේ .දිග ගමනක් යන්න හිතාගෙන සිංදුඅයියා එදා පළවෙනි පියවර එහෙම තිබ්බා .

බ්ලොග් එකේ ඇපියරන්ස් එක හදන්න සිංදුඅයියා ගොඩක් ඒවා වෙනස් කර කර බැලුවා . මොකද කියවන අයට පහසු වෙන්නත් ඕන නිසා . ඒ ගැන විචාරන්න නම් මමත් ඒ කාලේ සහභාගී උනා . මොකද සතියට දවස් 7ක්ම මම සිංදු අයියගේ ගෙවල් පැත්තේත් කැරකෙන නිසා . කොහොම හරි දැන් තියෙන තත්වෙන් හදාගන්න සිංදුඅයියා එක එක සූත්තර දැම්මා . ඒවගේම මහන්සි උනා .

පළවෙනි කමෙන්ට්එක කෙටුවේ අපේ හොඳ ෆිට් එකක් වෙච්ච චතුර අයියා .

" නියම වැඩක් සිංදුවා.. දිගටම කරගෙන යන්න සුබ පැතුම් "

චතුර අයියගේ ඒ පැතුම අද ගොඩ ගිහින් කියලා හිතන්න පුළුවන් .

රා බී වෙරි වූ මීයා සේ , ඒ මියැසිය අද මා ගයනා විට , සිනිඳු සුදු මුතු තලාවේ , එපා මැණිකේ සිත පමණක් කිසිවෙකුටත් දෙන්න , ඩිඩින් ඩින්ඩි ඩින් වගේ සිංදුවා ලියපු ලිපි ගොඩක් බ්ලොග් කියවන අය අතරේ සිත් ගත්ත ලිපි උනා .

ඒ ලිපි වල හාස්‍ය රසය , සංගීත රසය , සමාජ විවරණය කිරීම් , පාසලේ අපේ අත්දැකීම් වගේ විවිධ දේවල් අන්තර්ගත වෙලා තිබුණා . මුලදී ලියපු ශෛලිය වෙනස් වෙලා කාලයක් යනකොට සිංදු අයියටම ආවේනික ශෛලියක් යටතේ ලිපි ලියවුනා .

ඔය අතරේ ඉතින් මමත් වෙනමම මගෙ බ්ලොග් එකක් කරගෙන ගියා . සබරගමුවේ ඉතිහාසය ගැන ලියන්නයි මම එක පටන් ගත්තේ . ඒත් ලිව්වේ සමන් දේවාලය ගැන . මේ අතරේ තමයි බ්ලොග් එක පටන් අරගෙන හරියටම මාස තුනක් ගත උනාට පස්සේ 2013 මැයි 9 වෙනිදා

" වෙනසක් වෙන්නයි හදන්නේ "

කියලා ලිපියක් පල කරමින් සිංදුවා අයියා මාව බ්ලොග් එකට එකතු කරගත්තේ . අපි දෙන්නගෙම ලිපි ලිවීම ගැන තිබ්බ යම්කිසි මතයක් නිසා තමයි කොහොම හරි අපි සන්ධානගත උනේ .

" හැමෝටම කියන්න පොඩි ආරංචියක් තියෙනවා. බ්ලොග් එකේ පොඩි වෙනසක් කරන්නයි හදන්නේ. මේකට පොස්ට් ලියන්න මම කවදත් පොස්ට් වල කියවන වයලීනෝත් මට එකතු වෙනවා. ඒ නිසා අද ඉඳන් කට්ටියට වයලගේයි මගෙයි දෙන්නගෙම පොස්ට් කියවන්න පුළුවන්. වයලත් මියැසියට එකතු වෙන නිසා මේක සිංදුවාගේ මියැසියම වෙන්නේ නෑනේ. ඒ නිසා අපි පොඩ්ඩක් නම වෙනස් කරනවා "

ඔන්න ඔහොමයි බ්ලොග් එකේ නමත් වෙනස් කරගෙන මමත් මේකට කඩා පාත් උනේ . මගෙ මේ බ්ලොග් එකේ පළවෙනි ලිපිය " සඳක් සදිසි ලඳක් රුවැති ලැසි ගමනින් එන " කියන ලිපිය . ඊට පස්සේ අපි දෙන්නම මාරුවෙන් මාරුවට ලිපි ලිය ලිය දැම්මා . ප්‍රාචීන විද්‍යාවන් ගැන මට තිබ්බ අමාරුව නිසා මම ලිව්ව ලිපිවලනම් වැඩිපුරකම තිබ්බේ ඒ සම්භන්ධ දේවල් . ඊට වඩා මට අලි ඇත්තු ගැන තිබ්බ ආසාව නිසා ඒ අය ගැනත් ලියඋනා .

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු , මහසෝනාගේ හෝරාව , අසම්මත ප්‍රේමයේ ගීතය , සිරි යහනේ යටලීයේ නාරිලතාවෝ , අතිශයින්ම 18+ , වශී ගුරුකම් , සුදු නෙළුම කෝ , පෙම් කපල් , පෙරදිනයක මා පෙම් කලේ කාටද , වගේ අපි දෙන්නගෙම ලිපි ගොඩක් දෙනෙක් කියවලා තිබුණා . එ වගේම අනිත් ලිපිවලටත් හොඳ ප්‍රතිචාර තිබුණා .

නරක ප්‍රතිචාරත් නොතිබුනේම නෑ . ඒවායින් මමනම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . මම හිතන්නේ සිංදුවත් එහෙම වෙන්න ඇති .

එක එක ලිපි ලියන අතරේ "ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය " කියලා ඇලපාත මුදලිතුමා ගැන ලිපි සීරියස් එකක් අපි පල කළා . ඒකටත් හොඳ ප්‍රතිචාර තිබුණා .

සිංදු අයියත් ප්‍රාචීන ඉගැන්වීමක් එක්ක " ලපය තිබුණු රහස් තැන කොතනද " කියලා ලිපියක් ලිව්වා .

මමත් හදිස්සියේම ආපු අයිඩියා එකකින් කාලයක් තිස්සේ හොයපු දේවල් එකතු කරලා සීයගෙයි මුනුබුරාගෙයි කතා කීපයක් ලිව්වා ( 1 )  ( 2 )  ( 3 )


මේ වගේ අපි දෙන්නම අපිට පුළුවන්, වෙලාව තියෙන හැම වෙලාවකම කියවන අයට කියවන්න අපිට පුළුවන් උපරිම විදියට ලිපි ලිව්වා . ඒවගේම කියවන්න පුළුවන් හැම වෙලේම අපේ සහෘදයින්ගේ හා අනෙක් අයගේ බ්ලොග් ලිපි කියෙව්වා . අපි ඒවායින් ගොඩක් දේවල් ඉගෙනගත්තා . ඒ දේවල් සමහර අයට කියලත් දුන්නා .

බ්ලොග් එක අපේ ජීවිත වෙනත් පැත්තකට යොමුකලා කිව්වොත් හරි . මොකද අපි දෙන්නම බ්ලොග් එක නිසාම ගොඩක් දේවල් හොයන්න පෙළඹුනා . අපි ඇලපාත මුදලිතුමා හා ගජමන් නෝනා ගැන හොයන්න ගිහිල්ලා ඒ එක්කම දහදුරා වැඩ ගැනත් හොයාගත්තා . ඉතින් ඒ වගේ ගොඩක් හොඳ දේවල් මේ බ්ලොග් එක නිසා අපේ ජීවිත වලට එක් උනා . අපේ හැඟීම් උනත් සමහර වෙලාවට බ්ලොග් එක හරහා ගලාගෙන ගියා . මේ තියෙන්නේ ඒවා තමා ((( 1 )))   ((( 2 ))) . තව වැදගත් දෙයක් කියන්න ඕන . අපිට හොඳ යාළුවො පිරිසකුත් එකතු උනා . නම් ගම් කියන්නේ නෑ එක්කෙනෙක්වත් අමතක උනොත් කියලා .

සමහර අයනම් අපි දෙන්නව නහය විදලා කරත්තේ බැඳලා දක්කන්න හැදුවා . අසරණකම කියල උදවු අරගෙන  අපිටම කෙලවපු අයත් ඉන්නවා . නිදි මරාගෙන ඒ අයගේ බ්ලොග් වල අවුල් හැදුවා . සමහර අය බ්ලොග් එක මෙතන හොඳයි කියලා එතන හොඳ නෑ කිව්වා . හැබැයි ඒ කීප දෙනයි .

හැමෝම පෞද්ගලිකව හරි මැසේජ් එකක් දාලා අපිට සහයෝගය දුන්නා . මේ වෙලාවේ මම මතක් කරන්න ඕන ආගිය කතා බ්ලොග් එකෙ හසිත අයියා . හසිත අයියා මාව fb බ්ලොග් කියවන්නන්ගේ ග්රූප් ගොඩකට add කරා. ඒවායින් අපිට අපේ සහෘදයින් අතරට තවත් යන්න ලැබුනා . සමහර ග්රූප් වලින් නම් අපිව ටික කලකින්ම බ්ලොක් උනා . ඒවත් මතක් කරන්න ඕන . ඔය මදැයි කිව්වා

අපේ බ්ලොග් එක සින්ඩිකේටර් කීපයකම අඩංගු වෙනවා . ඒවායින් මාතලන්ගේ සිංඩියට ඇතුලත් කරන්න එතුමාම ඉදිරිපත් උනා . අනෙත් සින්ඩි කරගෙන යන අයත් මේ වෙලාවේ මතක් කරන්න ඕන . ඒ වගේම එයාලට ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා .

වර්තමානය ගැන කියනවනම් දැන් සිංදු අයියා ප්‍රථම උපාධිය සාර්ථකව නිම කරලා රැකියාවක නිරත වෙන ගමන් වැඩිදුර ඉගෙනගන්න බලාපොරොත්තුවෙන් ඒ සඳහා කටයුතු කරනවා . මම තව සති කීපෙකින් විජේරාමේ තියෙන ලොකු ඉස්කෝලෙට ඉගෙන ගන්න  යනවා . ඉතින් අපි දෙන්නටම බ්ලොග් කියවන්න තියෙන කාලය කොහොම වෙයිද කියලා කියන්න අමාරුයි . පුළුවන් හැම වෙලාවේම අපි එනවා ඔයාලගේ බ්ලොග් කියවන්න . ඒ වගේම කියවන්න ආස අයට කියවන්න අපි වෙලාව ලැබෙන විදියට ලිපි ලියලා බ්ලොග් එක කරගෙන යනවා .

මේ ගත උන අවුරුද්දට

අපිත් එක්ක රැඳුනු ඔබ සියලුදෙනාටම හදපිරි ස්තූතිය පුද කරනවා .

ඉදිරියටත් අපිත් එක්ක රැඳේවී කියලා බලාපොරොත්තු වෙනවා . අපේ බ්ලොග් එකේ පළවෙනි උපන්දිනය දවසේ වසරක සමාලෝචනයේ ආරම්භය සනිටුහන් කරන්න අපේ බ්ලොග් එකට එකතු උන වතී අක්කටත් ස්තූති කියන්න ඕන . ඉක්මනට කිව්ව ගමන් සං සං ගාලා කවි ටික හදලා දුන්නට . ( හනේ මගෙ කට )

මම හිතන්නේ දැන් කතාව අවසන් කරන්න වෙලාව හොඳයි . මොකද නැත්නම් වතී වතාට කියලා මාව නෙරපා හරින්න පුළුවන් බ්ලොග් එකෙන්  .
එදා ඒ පළවෙනි ලිපියේ සිංදු අයියා කියනවා " සඳ හිරු තරු පවතිනකම් අපි මැරෙන්නේ නැති නිසා හෑලි කියවන්න තව කල් තියෙයි. " කියලා . අනිවාර්යෙන්ම අපි සඳ හිරු තියෙනකන්ම බ්ලොග් හෑලි කියවයි ලියයි .


______________________________________________________________________________
පස්සේ සිංදුවා හොරෙන් එඩිට් කොරන ලද කොටස...

වාට්.... :-O වතී ??? d( d( d(  [ වයලෝ උඹට දෙන්නම් ජම්බු ]

[ ඔහෙප්පලයන් වතීත් සෙල්ලම් නෑනේ. මම හඳපානේ එක්ක පලයන් කිව්වනම් ඔන්න හෙටම ගේනවා. :X ;-) කොහෙද දෑඟිලි එක් කොරලයි යන්න කල්පොනාව. :-? බ්ලොග් එකේ ඇඩ් දාලා තමයි ඕවට සම්තින් එක සෙට් කරගන්න වෙන්නේ. :8 :8 ]

d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-) d-)

හෙහ් හෙහ් හෙහ් අවුරුද්දක් වෙනවා කියලා ඔන්න මතක් කලේ සරාසිහින උන්දෑ... :D නැත්නම් කොහෙද අපිට ඔව්වා මතක. ඉතින් අපේ මේ රස කතා කියවන හැමෝටම ගොඩක් ස්තුතියි ඒ වගේම බැනලා හරි කොමෙන්ට් එකක් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. :-h  මොකද හැම වෙලාවේම වැටෙන කොමෙන්ට් එකකින් අපිව දිරිගැන්වුනා. ඒ වගේම විශේෂ ස්තුතිය වයලට යන්න ඕනා. මූ නැත්නම් අද බ්ලොග් එක මේ තත්ත්වේ නෑ. ඇරත් දාන තරමක් පොස්ට් දාලා තියෙන්නේ වයලා. මම මේ දවස් ටිකේම එක එක වැඩ නිසා බ්ලොග් එක කට් කලත් වයලා දිගටම ඇදගෙන ගියා. උඹටත් පිං ඈ...

මේ ටික මම කිව්වේ උඩ කියපු ස්තුති වෙන්න ඕනා අයට අමතරව ඔන්න. ඒ වගේම මේ අවුරුද්දේ සුවර් සොට් බඩු පිට වයලගේ බ්ලොග් එක ගැන අර තියෙනවා කිව්ව හීනේ ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඔන්න එහෙම වෙන්න මමත් පුල් සප් එක දෙනවා. ඉතින් බ්ලොග් එක පැත්තේ එන හැමෝටම අද ගුණසිරි බුල්ටෝ එක එක ගානේ වයලා බෙදයි. මතක ඇතුව ඒක ඉල්ලන් යන්න ඈ...මම කියලා හදවලා ගෙන්නුවේ. සිංදුවා සිංදුවක් නැතුව ලියපු එකම පොස්ට් එක මේක වෙන්න ඕනා. එහෙනම් හැමෝටම උම්මා.... :-* :-* :-*  ජය වේවා !

[ වයලෝ මේ මම අර උඩ උඹට ස්තුතියි කියපුවා ඔක්කොම විහිලුවට කිව්වේ ඒ නිසා වැඩිය එව්වා හිතට ගන්න එපා ඈ.. :-as  ]

- සිංදුවා -

________________________________________________________________________

ඊට පස්සේ සිංදුවට හොරෙන් වයලා එඩිට්කල කොටස

d( d( d(   හඳපානේ ? මේ මතක ඇතුව ටෝච් එකක් ළඟ තියාගනින් . මේ දවස්වල හදෙත් විදුලිබලාගාර අක්‍රීය වෙලා කියලා මට හඳේ ඉන්න හාවා කිව්වා . හඳේ ලයිට් ගියොත් බැරිවෙලාවත් ඔය ඇල දොළ වල්වල වැටි වැටි එන්න වෙන්නේ  . හැක හැක හැක :p

මට මෙච්චරයි කියන්න තියෙන්නේ

" අයියේ ඔයා කෑවත් පුත්තලම් ලුණු
 කන්නට එපා කෙල්ලන් දෙන දිරපු ලණු "

:p :p :p :p :p :p :p

- වයලා -

ඕං එහෙනම් සිංදුවයි මමයි දෙන්නම එහෙනම් සරස්වතියට වැඳලා අපේ බ්ලොග් එකේ දෙවෙනි අවුරුද්ද අදින් ආරම්භ කරනවා .






44 comments:

  1. Replies
    1. :) එල එල ටැංකියු ආ .
      බ්ලොග් එකට ෆලෝ පාරක් දුන්නා ඔන්න දැන්ම g-) g-)

      Delete
  2. හඃ හඃ හඃ සිංදුවතී අක්කාට හැපි වෙල්කම් එකක් වේවා...
    වයලීනි අක්කවත් ගත්තනම් හරි නෙ මේ ගමන්ම

    මියැසියේ රස කතාවට හැපි බර්ත්ඩේ එකක් වේවා!!!

    දිගුකල් සයිබර් අවකාසය දිදුලනා යෙහෙන් වැජඹෙන්නට මෙවුවා සේරම ලැබේවා!!!

    සංසාර සාරෝඝ විණීත ණීසං
    සංණීත සාතං සුචිසාර ධීසං
    සංධීර කං සොණ්‌ණ තනු පළාසං
    සංළාප දේසිං පණමෙභිs සාසං

    සංසාභි ගං කේවල මෝහ නාසං
    සංනාහකං මාර රණෙ විසේසං
    සංසේවිතං දාසි මුදාර හාසං
    සංහාර ධම්මං පණමෙ සදාසං

    සංදාස ගං නා සිත පාප නාසං
    සංනාප ධංසි හත ඝෝර පාසං
    සංපාර ගාමිං සුචිසාර වාසං
    සංවාර සංඝං පණමෙ රසාසං

    ජය වේවා!
    w-) :-pi :-vi

    දෙන්නා තුන්දෙනා බිසී වෙන්න පටන් ගත්තට පස්සෙ මේ පැත්ත අමතක කළොත එහෙම බලාගමු ඈ!

    ReplyDelete
    Replies
    1. //වයලීනි අක්කවත් ගත්තනම් හරි නෙ මේ ගමන්ම// :-bd :-bd :-bd :-bd හිටගෙනද ?

      මමනම් ඕන කොයිවෙලේද එවෙලෙම අමතක කළා . මේවා සේරම උපාදාන . සසර බැඳ තබන බැමි. නීවරණ
      :p :p :p :p :p

      එල එල ටැංකුයි ටැංකුයි ......

      Delete
    2. ඉඳගෙන උනත් මටනම් ප්‍රස්නයක් නෑ

      හඃ හඃ හඃ සිංදුවත් ඔහොම කියල තමා හොරෙන් බැම්ම බැඳගෙන යන්නෙ

      Delete
    3. හඃ හඃ හඃ හ්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :p :p
      එතකොට නංගි සිංදුවා මේසන් බාස් කෙනෙක්ද ???

      Delete
    4. මේසන්ලා විතරද බැමි බඳින්නේ? "මේසන්" ලා බැමි බඳිනවා විතරද?

      Delete
    5. සින්දුවති ඇවිත් නෑ සාසෝ බලෙන් වැඩම්මවල. මේ වයලා. බොහොම ස්තුතියි ඈ

      Delete
  3. හේ හේ ටැංකු වයලෝ.. මුල්ම සුබ පැතුම ගොඩක් වැදගත් උනා එහෙනම් ;)

    ReplyDelete
    Replies
    1. :p :p :p මැසේජ් එක බලන්න කලින්ම මනුස්සය මෙතන නේද :p :p එල එල ටැංකුයි ආ g-)

      Delete
    2. බොහොම ස්තුතියි මචන්

      Delete
  4. සුබ පැතුම් මලයා :D

    ReplyDelete
    Replies
    1. එල එල ටැංකුයි ආ g-)

      Delete
    2. බොහොම ස්තුතියි හසිත

      Delete
  5. Replies
    1. :) බොහොම ටැංකුයි ආ g-)

      Delete
    2. බොහෝම ස්තුතියි බස්සි

      Delete
  6. මමත් මේකේ දැන් කාලෙක ඉදන් රසිකයෙක්.....අවුරුද්දක් ලිව්වට ගොඩක් ස්තූතියි...ඔහොම යං..සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. අනිවා .
      බොහොම ටැංකුයි g-)

      Delete
    2. බොහෝම ස්තුතියි මයියා

      Delete
  7. සුබ පැතුම්.... :)

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතී g-)

      Delete
    2. බොහෝම ස්තුතියි චන්දන

      Delete
  8. සුභ පැතුම් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොහොම ස්තූති g-) g-) g-)

      Delete
    2. බොහෝම ස්තුතියි දිනේෂ්

      Delete
  9. දෙන්නා තුනදෙනාටම සුබ පැතුම්. තව තව වැඩියෙන් ලියන්න... w-) w-) w-)

    බයිද වේ, ඔය ඔයාලගේ "ගුණසිරි බුල්ටෝ" දෙන කතාවට ආයේ රැවටෙන්නේ නැහැ. b-( c-) :-da

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති g-)
      අපි ගුණසිරි බුල්ටෝ දෙනවා කිව්වට දැන් ඒක නවත්තලා තියෙන්නේ .

      Delete
    2. පිස්සුද මෙයා මේ පාර සුවර් සොට් එවනවා. තුන් දෙනෙක් නෑ. දෙන්නයි ලියන්නේ. වයලගේ දවල් හීන

      Delete
    3. බොහෝම ස්තුතියි ඈ

      Delete
  10. ජය ශ්‍රී වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම එසේම වේවා g-)

      Delete
    2. බොහෝම ස්තුතියි සෑම්

      Delete
  11. සැරෙන් සැරේ ඇවිත්, එහෙන් මෙහෙන් කියවලා, ඉඳලා හිටලා කොමෙන්ට් කරලත් ගියා. දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති (y) (y) (y)

      Delete
    2. බොහෝම ස්තුතියි තිසර

      Delete
  12. දිගින් දිගටම ලියන්න ෆිට් එක ඩබල්වී ලැබේවා.!!!

    සිංදුවාගේ අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක වෙන්නත් , එතැනින් පසු වතීව සහේට ගන්නත් ලැබේවා යැයි පතමි!!

    සොඳුරු වයලීනුවාට තවත් රසවත් ලිපි ලියන්නටත්...විටින් විට අපිට වයලින් වාදන අසන්නට සලස්වන්නට ශක්තිය හා ධෛර්‍ය්ය පතමි. උඹලා අපිට හැම දාම රසවත් ගීත අහන්නට සලස්වන නිසා මෙන්න අද මම ආස කරන ගීයක්

    http://www.youtube.com/watch?v=JAsQdE6XOLo

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති g-)

      ඊළඟ වැඩ දෙකත් එසේම වේවා !!!

      ආයෙත් ටැංකු ආ :p g-) g-) g-)

      Delete
    2. බොහෝම ස්තුතියි අරූ.. සින්දුවටත් ස්තුතියි ආ...

      Delete
  13. ප්‍රමාද වෙලා උනත් ඔන්න මමත් සුබපතනවා උඹල දෙන්නගෙ හවුල් ව්‍යාපාරෙට.

    මම ඉතිං මුලින්ම ආවෙ සබරගමුවෙ විස්තර කියවන්නනේ. මමත් පහුවෙලා තමා මේ පැත්තට ගෑටුවෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඩීඩී මේ සිරාවටම DDT කියන්නේ මොකටයි ? දෙන්නම් ඩෙල්ටා ටොෆී වගේ එකක්ද ? හෙහ් හෙහ්

      Delete
  14. සුබ පැතුම් දැන්වත් උඹලා ලොකු ළමයි වෙච්චි එකට... ටික දවසක් මුල්ලකට වෙලා හැංගිලා හිටියෙත් ඒ නිසා වෙන්ටැ...

    ReplyDelete
    Replies
    1. ජෙමාගේ පැත්තේ උන් දැන් ලොකු ළමයි වෙන්නේ අවුරුද්දෙන්ද ? හඃ හඃ හඃ
      බොහෝම ස්තුතියි ජෙමයියේ !

      Delete
  15. චිරාත් කාලයක් ජයශ්‍රී.......

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.