Thursday, February 27, 2014

අන්න බලන් සඳ කුන්ඩල කේශී



මෙන්න මෙහෙම සිංදුවක් අහලා තියෙයිද පුතා ? මේක කියන්නේ අමරසිරි පීරිස්.

විජ්ජුලතාවිය ලොව සැරසූ ලිය
මාලති මාලිය හදවත්ධාරිය
මිහිකත ධරණිය කුන්ඩල කේශීය.... 


සිංදුව කෙසේ වෙතත් පලවෙනි පාරම ඇහුනු ගමන් දෙයියනේ කියලා තේරුන වචනේ "කුණ්ඩල කේෂිය" කියන එකලු. ඔන්න ඔය වචනේ ඇහුනු ගමන් මතක් වුනේ තවත් සිංදුවකුයි, ඒ එක්කම ඉස්සර අම්මා අපිට ජාතක කතා කියලා දීපු හැටියි. ඉස්සර නිදාගන්න යනකොට හැමදාම අම්මා රෑට ජාතක කතාවක් හෝ බණ සීන් අදාළ වෙන කතාවක් කියනවා. අම්මාට බැරි දවසට තාත්තා කියලා දෙනවා. ඒ ඇවිල්ල ඔක්කම විද්‍යා ප්‍රබන්ධ කතා.

කෝමහරි මේ කුණ්ඩල කේසිය කතාව ජාතක පොතේ නෑ කියලා මම මේ ක්‍රේසි ප්‍රභාතයට කිව්වට , ඌ අහුවේම නෑ. ;) මුන් ප්‍රභාත්ලා ඔක්කම එකයි. මේ කතාව ළමයි තියෙන්නේ ජෙමා කිව්වා වගේ සද්ධර්ම රත්නාවලියේ .  මේකයි ඕකේ වෙන්නේ. මේක මතක හැටියට කියන්නේ ආ.. 




ඔන්න එකෝමත් එක රටෙක සිටු ලේඩි කෙනෙක් ඉන්නවා.ආයේ රූප සොබාව ඉස්තරම්ලු. ලපටි රූපේ ඈගේ... ලපටි රූපේ ඈගේ වගේ තමයි. කෝම මේ දැරිවිව පරිස්සම් කොරන්න දෙමාපියන් මොකද කොරන්නේ හැමකතාවේම තියෙනවා වගේ මහල් හතේ මාලිගාවේ උඩම මහලේ ළමයව ආරක්ෂාකාරීව තියෙන්න කටයුතු කොරනවා. දන්නවනේ ඔය කාලෙට සිත මනමාල කම් කරයි.... සිතුවිලි සීතලෙන් මිදෙයිනේ.... අඳුරේ නුහුර ... එක්කෝ ඇති. ඉතින් මේ ළමය ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ මාලිගාව ගාව පාරෙන් හොරෙක් මරන්න ගෙනියනවා. මරන්න ගෙනියන හොරාව දැක්ක ගමන් "නුපුරුදු ඔබ දුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුනා" වෙනවා මේ දැරිවිට. අන්තිමට මොකද වෙන්නේ ලව් සික් ගහලා මේ ළමයා කන්නේ බොන්නේ නැතුව ඉන්නවා. දෙමව්පියෝ කවන්නද පොවන්නද හදනවා හ්ම්ම් හ්ම්,  කෙල්ල නෙවෙයි කන්නේ. අන්තිමට සීන් එක ඇහුවම, අම්මලා පහදලා දෙන්න හදනවා කොහෙද කෙල්ල නෙවෙයි අහන්නේ.

පස්සේ ඉතින් අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ පාගා ගහන අය එමටයි, ඉතින් එහෙම පගා පොරකට කහවනු දාහක් ශේප් කරලා අර හොරාව හොරෙන් පන්වනවා. පන්නලා කෙල්ලව බන්දලාත් දෙනවා.
කෙල්ල හැඩකාරි දඟකාරි වැඩකාරි ඔක්කම රත්තරං බඩු එහෙම දාගෙන හොඳට ඇඳ පැළඳගෙන එහෙම හොරාට කන්න උයනවලු බෙදනවලු කවනවලු පොවනවලු එකම ලව් එකයිලු එතන.ඉතින් අනේ හොරෙක් වුනාට, පින වැඩ කලාට, කොහෙද මිනිහගේ ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙනවා. කෙල්ල කොච්චර හොඳට සැලකුවත් මිනිහට රත්තරං බඩු ගැන ආශාවක් ඇති වෙනවා. හොරත් හරිම හොරා තමයි මිනිහත් ප්ලෑනක් ගහලා ඔන්න නොකා නොබී ඉන්නවා. 

ඉතින් මේ ගෑනු දරුවා කන්න දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා දෙනවා මිනිහා කන්නේ නෑ. බඩුව වෙවී ඉන්නවා. අන්තිමට හේතුව ඇහුවම පොර කියනවා මිනිහාව මරන්න ගෙනියකොට ගල වසන දෙවියන්ට භාරයක් වුනාලු. ඒ නිසා මිනිහා මරණෙන් නිදහස් වෙලා මෙච්චර සැප සම්පත් ලැබුනලු ඒ නිසා භාරේ ඔප්පු කරන්න යන්න ඕනිලු අරකයි මේකයි කියලා. මේ දැරිවිත් මේ දවස්වල එල්ලිලා මැරෙන කෙල්ලෝ වගේ ගොන් කෙල්ල. ඉතින් අනේ එහෙනම් ඔප්පු කරමුකෝ කියලා ඔන්න කළමනා එහෙම ලක ලැස්ති කරගෙන දෙන්නා ගමන පිටත් වෙනවලු. මේ ගලට කිව්වේ සොරුන් හෙලන ගල කියලලු, ඒ කියන්නේ හොරාව මරන්නේ ගල උඩට ගෙනිහින් එතනින් පහලට තල්ලු කරනවා. ලොකාන්තේ වගේ තමයි සීන් එක. 

ඉතින් දැන් මේ ගෑනු ළමයයි හොරයි ගලට යන්න යන්නේ කැලෑවක් මැද්දෙන්ලු. මොකද වෙන්නේ ඔන්න ඔහොම යනකොට යනකොට තමයි මම මේ කියන සින්දුව එන්නේ.

සින්දුව ඇවිල්ල මහගම සේකරයන්ගේ කුණ්ඩල කේසි නාට්‍යයේ. මේ සින්දුව ඉස්සර අම්මා අපිට පාඩම් කෙරෙව්වා. ඒ දවස්වල අම්මා ඕකේ තේරුම කියා දෙනවා මට මතකයි. හොඳටම හයි ලයිට් කෑල්ල වුනේ
"අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනි ලිය වැල් පැටලී ගොසිනී" කොටස.
ඔය කොටස කියලා අම්මා කියනවා ඕකෙන් ඔය කියන්නේ ගස් කියන පෙම්බරයන්ව ආදරෙන් වැල් කියන ලඳුන් වෙලාගෙන ඉන්නවා කියලා. හෙහ් හෙහ්...

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා

චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

ඔතන රන් තැටියෙන් සීත ගඟුල් කියලා කියන්නේ සඳ රැස් වලට. සඳ රන් තැටියක් වගේ කියල කියන උපමා එහෙමනම් ටින් ගාලා මීටර් වෙනවනේ කට්ටියටම. ඉතින් ඒ රන්තැටියේ ඉඳලා එන සීත ගඟුල කියන්නේ හඳේ රැස් වලට. රෑ මහා කැලේ ගෑණු ළමයයි පිරිමි ළමයයි අපි ඈතට ඈතට පිය නගලා ඝන වනන්තරේ කියලා යනකොට, ඒ කැලේ සොබා අලංකාරේ කියන සීනී බෝලය පෙන්වලා දැන් මේ සොර දෙටුවා ගෑලු ළමයාව හෙමින් හෙමින් අරගෙන යනවා ගල මුදුනට.

මෙන්න මේ ටිකට තමයි මම නම් වැඩියෙන්ම කැමති. ඒ කිව්වේ සේකරයන් මේක දැකලා තියෙන විදිය කියලා වැඩක් නෑ. මාරම සුපිරි. චන්දන පල්ලව කියන්නේ සඳුන් ගස් වල දළු වලට, කෝකිල කූජන නම් දන්නවනේ, ඒ කියන්නේ කෝකිල කිව්වේ කොවුලා , කූජන කියන්නේ ඒ කෑගහන හඬට... මෙතන කොවුලා යන තේරුමද නැත්නම් කුරුල්ලන්ගේ සද්දේ කෝකිල කූජන කිව්වද කියලා ටක්කෙටම කියන්න අමාරුයි සිංදුවාට. ඔතන ගුල්ම කියන්නේ ගොමුව කියන්න.
දැන් මේ කැලේ කෝකිල කූජන... තව සඳුන් ගස් වල දළු ඔක්කොම සංගීතයක් වගේ වෙලා ආදර බස් කියනවා දේවිට. මේ වනය යහන් ගැබේදි වගේ දේවිගේ කන් පිනවන ආදර බස්  කියනවා. (ඒ කාලේ යහන් ගැබේ අද වගේ තවුසන් ප්‍රශ්න විසඳන්න නැතුව ඇති මෙයා, ඇරත් දෙන්න තාම බැඳපු අලුතනේ, ඒ නිසා යහන් ගැබේ වෙලා තියෙන්නෙ රසවත් මිහිරි කන් පිනවන ආදර බස් කීම් වෙන්ට) ඉතින් ඔහොම කියලා ඔන්න හොරා කියලා මේ දැරිවිගේ හිත අර පරිසරයට යොමු කරවනවා බටර් පොඩ්ඩ ගාලා.

ඔන්න දැන් හොරාගේ උත්සාහය මල් පල ගන්වමින් දේවියත් බහිනවා ට්‍රැක් එකට. ඔතන පසුරු කියන්නේ මුල් වල ග්‍රාහිකා කියන එව්වලු. තුරු කියන්නේ ගස් වලටනේ, ඉතින් දැන් මේ දේවියටත් මේ කැලේ දකින්නේ හරිම රොමෑන්ටික් විදියට. ගස් වල වැල් එතිලා ගිහින් තියෙනවා දැකලා දේවිය කියනවා
මේ ගස් කියන පෙම්බරයෝ ගැන බැඳුනු සෙනෙහෙ සිතින් මේ වැල් කියන ලියන්, ලඳුන් මේ ගස් වල පැටලිලා වෙලිලාලු ඉන්නේ.

ඒ විතරක් නෙවෙයිනේ දැන් ඔය මකරන්ද කියන්නේ රොන් වලට, මන්මද කියන්නේ අනංගයාට. මල් පිපිලා රොන් සුවඳින් සුවඳවත් වෙලා අනංගයා පවා රඟන මෙවන් මණ්ඩපයක් තියෙද්දී තවත් මොනවද බල බල පරක්කු වෙන්නේ වගේ කියලද මන්ද කියන්නේ. නොකියා නිකන් කියන්නේ පොඩි පහේ ආරාධනාවක් කියලයි තේරෙන්නේ සිංදුවාටනම්. ඔය මාරුතයේ හැපිලා කොටස තමයි අමාරු. ඒ මාරුතයේ හැපිලා එනවා කියන්නේ ඒ කුණ්ඩල කේශියි හොරයි නගින මේ ගල ගැන අදහසක් දෙන්නද නැත්නම් වෙන අර්ථයක් එතන තියෙනවද කියලා මීටර් වෙන්නේ නෑ.
මේ මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. මේ අනංගයා රඟන මණ්ඩපය කියලා අදහස් කරන්නේ........ අර ............ගෑලු ළමයගේ.............එක්කෝ ඕනි නෑ.

ඉතින් මේ සින්දුවේ වර්ෂන් දෙකක් තියෙයි. මුල්ම ගායනය බෙන් සිරිමාන්න සමග ට්‍රිලීශියා ගුණවර්ධන.



පසු ගායනය එඩ්වඩ් ජයකොඩි සමග සන්ධ්‍යා දීපානි



කොහොම හරි ඔන්න කතාවේ අන්තිමට දේවිය තේරුම් ගන්නවා හොරා බොරුව දාපු බව සහ හොරා දේවියව මරලා යන්න ආපු බව. ගලෙන් පහලට තල්ලු කරන්න කලින් දේවිය ඉල්ලනවා හොරාගෙන් හොරාට වන්දනා කරන්න ඉඩ දෙන්න කියලා. එහෙම කියලා හතර වටේම කැරකිලා වැඳ වැඳ යන ගමන් තුන් වෙනි වටයේදී හොරාගේ පිටි පස්සේ හිටන්, වඳින ගමන්, ඔන්න දේවිය හෝරාව තල්ලු කොරලා දානවලු අර ගලෙන් පල්ලට.

වෙලාව හොඳට ගියා දේවියගේ නම්.. ඒත් තාම අපේ කාලේ ඉන්න මේ වගේ කෙල්ලන්ගේ කාලේ නම් හොඳට වඩා නරකට ගියා කියලමයි හප්පා ඇහෙන්නේ. ඒ නිසා ඔය හැඳි මිටේ මොළවල් කාවහරි තෝරාගන්න කොට පොඩ්ඩක් නෙවෙයි ගොඩක් හිතලා බලන්න ඕනා. නිකන් බුකියේ දැක්ක ගමන් ලව් කොරන්න මල් කඩන්න යන්නේ නැතුව. (සිංදුවාගේ ඔවදන් ඔබ වෙත ගෙන ආවේ.... සිද්ධාලේප සාදර සම අනුග්‍රහයෙනි)

එහෙනම් පුතේ අද කතාව ඉවරයි. මදුරුවෝ නොකන්න හොඳට ශීට් එක පොරවගෙන පන්සිල් අරන් ඉතිපිසෝ කියලා හොඳට නිදාගන්න හොඳේ. සිංදුවා ගියා ටොකෝ ටොකෝ. ( ලැම්බටයි ට්‍රෝජටයි ටන්කු වෙන්න ඕනා තේරුම් හොයන්න උදව් කොලාට )



39 comments :

  1. supiri machan...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං :D

      Delete
  2. නියමයි වෙනදා වගේම විචාරය ... සඟීතයෙන් සින්දුවට දෙන සප් එක ලියන්නෙ අරූද බන් ඒ ටිකත් එකතු උනා නම් ... මේ ටිකත් සුපිරි ඈහ් ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒකනේ වෙනි අයියේ ඌ හිටියනම් හරි.ඌ මේ දවස්වල ජේෂ්ඨ උත්තමයෝ ගාව වැඩ. මියුසික් ගැන ලියන්න තරම් මට මොකුත් ක්ලික් වුනේ නෑනේ මේකට. බොහොම ස්තුතියි :D

      Delete
  3. මේ වගේ කතා තමයි අද තරුණ පරපුර අතර පතුරවන්න ඕනේ... තමන්ව මරන්න එන එකාගෙන් පවා මොළය පාවිච්චි කරලා බේරිලා යන හැටි. දැන් වෙන්නේ කෙල්ලම ගලෙන් පහලට පනින එකනේ....

    හැම ට්‍රිප් එකකදිම වගෙ මේ සිංදුව කිව්වත් මේකෙ තේරුම කතාවේ පසුබිම එක්ක ගලපලා හිතල බලලා නැහැ. වචන වල තේරුම ඉදිරිපත් කිරීමත් ගොඩක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිසර. නොගැලපීමක් හරි වෙනත් අදහසක් තිබුනොත් කියන්න අනිවා. එහෙම අදහස් එන එකනම් මාරම වැදගත් බොහොම ස්තුතියි :D

      Delete
  4. අඩේ..අදමයි වචන ටිකෝ තේරුම් දැනගත්තෙ/
    මේ බ්ලොග් එහෙම තහනම් වෙන හකක් නෑනෙ ළමයි ඉන්න කාලෙක සිංදුව මාමගෙ ගීත වි්‍චාර ටික කියල දීල බත් කවාගන්නවත් බැරියැ :D

    මම හිතං හිටියෙ අත් පසුරෙන් තුරු පෙම්බරයන් කිවුවම අර උඩු වියනක් බැඳලා වගේ තුරු මුදුන් පැටලලා කියලනෙ.සිකේ..අර චන්දන පල්ලව තේරුම නම් දැනගත්තෙම අදමයි.මම මහා..බොරු ටිකක්නෙ හිතාගෙන ඉඳල තියෙන්නෙ.විලි ලැජ්ජාවයි

    ReplyDelete
    Replies
    1. තු තු තු දැන් ඉතින් හෙට තහනම් වෙයිද දන්නේ නෑ. වයලට කියලා සෙත් කවියක් කියෝ ගන්න ඕනා හඃ හඃ හඃ හඃ සාසා එහෙනම් නොකියා කියන්නේ ඔය ළමයි ලපටි ගැනත් නෙහ්.. හොයි හොයි !
      හෙහ් හෙහ් ඔහොම තමයි මෙයා මමත් හිතාගෙන හිටපු ගොඩක් එව්වා වැරදුනා. දැන් ඒවත් වැරදිද කව්ද දන්නේ... වැරැද්ද දැක්කොත් කවුරුහරි හදයි නොවැ. බොහොම ස්තුතියි සාසෝ :D

      Delete
  5. මේ කාලේ විදියටනම් කෙල්ලව අල්ල ගන්න ඔනා ෆේස්බුක් එකෙන්ම තමයි,, :-) අනික හැමදාම පැනලාම තමයි නතර වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අල්ලලා බලහන්කො රාලේ බුකියෙන් කෙල්ලෝ. :D බොහොම ස්තුතියි

      Delete
  6. වැටෙද්දී හොරාට හිතෙන්න ඇති කලින් මරුනනම් එකක් කියල.

    ReplyDelete
    Replies
    1. සිරාවටම හඃ හඃ හඃ උට ගෑනිත් දීලා මාමණ්ඩි සෙත්තපෝච්චි වෙනකම් ඉන්න බැරි වුනානේ :D බොහොම ස්තුතියි මචං :D

      Delete
  7. හොරානං හෙන ගොනා නේ? ඔච්චර පස්ට කෑල්ලකුත් තියන් ඔච්චර සැපසම්පතුත් තියන් ගියා අර කෙල්ලගේ ඇගේ තිබ්බ බඩු ටිකට විදින්න. හොදම වැඩේ........................... ඔච්චර ඔය සිංදුව ඇහුවට කවුද දන්නෙ ඔහොම සීන් එකක් තියෙනව කියල. එල එල

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනේ මෝරා. ටන්කු ඔය කතාව හොයාගන්න උදව් කොලාට ඈ.. :D

      Delete
    2. //මේ කුණ්ඩල කේසිය කතාව ජාතක පොතේ නෑ කියලා මම මේ ක්‍රේසි ප්‍රභාතයට කිව්වට , ඌ අහුවේම නෑ.// =D>

      මටත් නිකමට වගේ මතකයක් තිබ්බ මේ කොටසෙ මක්ක හරි වැරැද්දක් තිබුණ කියල. දැනුයි කම්පනා උණේ. එල එල

      Delete
    3. කොහෙද උඹලට ඔව්ව මතක නෑනේ ඉතින් සෙද්ද :D

      Delete
  8. සින්දුවා මේක නියමයි කොල්ලෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියේ ! :D

      Delete
  9. මාත් ආසම පදමාලාවක් මේක.

    ReplyDelete
    Replies
    1. සේකරගේ මමත් ආසම එකක් මේ බස්සි. බොහොම ස්තුතියි :D

      Delete
  10. මම දන්න විදියට : (හරිද දන්නේ නෑ)

    කුණ්ඩල කේශී කියන්නේ කැරලි සහිත හිසකෙස් කියන එක.ඒ කාලේ කැරලි සහිත හිසකේ තියන කෙනෙක් තරුණ පහේ ගෑනු මනුස්සයෙකුට සමාජේ ලොකු ඉල්ලුමක් තිබුනලු...(එහෙම සීන් එකක් නෙවෙයි)...එහෙම තියන ගෑනු ළමයි හෙන ලස්සනයි පට්ට පොෂ් කියන අදහසක් තිබුනලු...

    මම හිතන්නේ කුණ්ඩල කේශී කියන නම ඉස්මතු කරලා තියෙන්නේ ඒ ගෑනු ළමයාගේ රූමත් කම අතිශයෝකිතියෙන් වර්ණනා කරන්න වෙන්න ඕනෑ...

    පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
    මාරුතයේ හැපිලා

    මේ කොටස ආශාවන් නිසා තරුණියගේ ශරීරයේ වෙන වෙනස් කම් ගැන ඉඟි කිරීමටත්

    මන්මද රංගන මණ්ඩපයේ මෙම
    මන්ද බලා හිඳිනේ
    තව පෙම්බර මා සාමිනේ

    තැටිය රත්වී ඇති නිසා ඉක්මනට රොටි පුච්චන ලෙස කෙරෙන ආරාධනාවක් ලෙස මෙම කොටසත් ගත හැකිය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මානවක. ලැම්බාත් ඔය ටික කිව්වා. අනංගයා කැලයකට සමාන කරන අවස්ථා නෑ වගේ නිසා ගොඩක් වෙලාවට මේකෙන් කියවෙන්නේ ඔය කිව්ව යටි අරුත වෙන්න පුළුවන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  11. ක්‍රේසි ප්‍රභාතයට නේ කිව්වේ? අහන්නත් දෙයක්ද එහෙනම් :D

    ReplyDelete
    Replies
    1. උෘ දැන් මේ පැත්ත පළාතකවත් නැති එකේ ඒ අහිංසකයට කින්ඩිය දාන්න එපා අලේ.............. උෘ පව්නේ.... :-bb

      Delete
    2. බුඩිස්ට ඔය තේරුනේ. :-bd :-bd එහෙම කොහොමද මෝරා ඕකට දැනගන්නම කියන්න ඕනා.

      Delete
    3. හිටපියව්කො, මං ඌට කියන එක කියනවමයි................. c-)

      Delete
  12. නියමයි බං.. දැං කාලේ මේවා ප්‍රමෝට් කරන්න ඕන. අපි බොරුවට අරකට මේකට බනිනවට වඩා. මගේ හදපිරි සතුට උඹේ විචාරය ගැන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දේසකතුමා :D

      Delete
  13. ට්‍රෝජන් බෝයිFebruary 28, 2014 at 6:54 PM

    තේරුම ගැන මෙලෝ හසරක් නොදන්න පුංචි කාලෙ පවා හරි අසාවෙන් අහන් හිටිය සිංදුවක් මේක..
    සරල සැහැල්ලු වහරකින් උඹ ගීයක තේරුම පහදන විදිය හරි අපූරූයි මචං.. කියවගෙන යන්න ආසයි..

    ReplyDelete
    Replies
    1. උඹත් දීපු අදහස් උදව් වල පිහිටෙන් තමයි මචං :D බොහොම ස්තුතියි ට්‍රෝජා :D

      Delete
  14. හඃ හඃ හඃ හඃ ප්‍රභාත්ලා ගැන තව කවර කතාද ඉතින් . හඃ හඃ හඃ හඃ හඃ හා..................................................
    එල එල . ඔය සිංදුව මට පට්ටෙට මතකයි . ඉස්කෝලේ ආර්ට් ඩේ එකකට මම ඔය සිංදුවට මියුසික් දුන්න පාර්ට් ඔක්කොම අවුට් නෝට් . කොච්චර ට්‍රයි කරත් on the pitch ප්ලේ කරන්න උනේ නෑ . හඃ හඃ හඃ හඃ . පට්ටම ආතල් එදා . සෑර්ල ඇස් ලොකු කරලා බලනවා . මම ඒත් අවුට් ප්ලේ ......

    කුණ්ඩල කේශී කිව්වම අහලා තිබ්බට මම කතාවනම් දැනගන්න හම්බුනේ මේ පොස්ට් එකෙන් තමා . එල එල

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹත් අවුට් ප්ලේයර් කෙනෙක් නෙහ්... ඒක හොඳයි :D

      Delete
  15. අති සාර්ථකයි දරුවා. උඹලා වගේ එවුන් හරි අඩුයි බන් මේ සමාජේ. උස්සලා පොලවේ ගහන්න හිතෙනවා සතුටට :D

    ReplyDelete
    Replies
    1. වරෙන්කො බලන්න පොලවේ ගහන්න :D බොහෝම ස්තුතියි අරූ :D

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.