Tuesday, January 28, 2014

පොරොන්දම් බැලීම !






කාලෙක ඉඳලා ලියන්න ඕන කියලා හිතාගෙන හිටියට පොත් ටිකක් කියවන්න වෙලාවක් තිබ්බේ නෑ . දෙයියන්ගේ ලෙඩ හැදිලා තමයි මේ දවස් ටිකේ ගෙදරට කොටු උනේ . නැත්නම් වයලව ගෙදරට අල්ලලා තියාගන්න පොඩ්ඩක් අමාරු තත්වයක් තමා තිබ්බේ . මේ නිසා ලැබුන වේලාවෙන් උපරීම ප්‍රයෝජන අරගෙන ජෝතිෂ්‍ය පොත් ටිකක් කියවන්න වෙලාව ලැබුනා . පොඩිකාලේ ඉඳලා තිබ්බ අමාරුවක් තමයි මේ ජෝතිෂ්‍ය ඉගෙනගෙන ඒ මාර්ගෙන් වටේ ඉන්න පුද්ගලයන්ගේ ගුණදොස් ගැන මම විහින්ම රිපෝර්ට් කරගැනීම . දැන් ටිකක් දුරට ඒ හැකියාව තියෙනවා .

තවත් හැබැයි ඉගෙන ගන්න විශාල දැනුමක් ඉතුරුවෙලා තියෙනවා . එ අතරේ තමයි පොත් කීපයකම වැදගත් තැනක් දීලා තිබ්බ " පොරොන්දම් ගැලපීම " කියන මාතෘකාව .




ජෝතිෂ්‍ය ඉතාම ගැඹුරු ඉගැන්වීමක් . ටිකක් ඉගෙනගෙන එ ටිකෙන් දෙයක් ඇනලයිස් කරන එක මහ ජරා වැඩක් . ඒ වගේම එහෙම අය ගාවට යන අයත් මෝඩයි . පොරොන්දම් ගැන කියාදෙන්න කලින් දෙයක් කියන්න ඕන . පොරොන්දම් ඔලුවේ කරපින්නගන්න එපා . ආදරය කරලනම් විවාහ වෙන්නේ , එතනට පොරොන්දම් ගැලපීමත් එකතු කරගෙන ආදරේට භාදාවක් කරගන එපා . ආදරේ කරත්දී ගැලපෙන්නේ නැත්නම් කොහොමත් දෙන්නෙක්ට එකට ඉන්න බෑ .

ඒ ඔක්කොම හොඳට වෙලා හොඳින් ඉන්න දෙන්නෙක් අන්තිමට පොරොන්දම් බලන්න ගිහිල්ලා විවාහය නැති කරගන්නවා . නැත්නම් හිතේ කහටක් තියාගෙන විවාහ වෙනවා . අන්තිමට වෙන්නේ විවාහය ප්‍රශ්න ගොඩක් වෙනවා . මොකද දෙන්නගෙන් එක්කෙනෙක් හරි පොරොන්දම් අවුලක් තියෙනවනම් ඒක හිතේ කරපින්නාගෙන ජීවත් වෙන නිසා . මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක සම සිතින් ඉවසන්න දෙන්නටම හිත හයිය තියෙනවනම් විතරක් පොරොන්දම් ගලපන්න යොමු උනාට කමක් නෑ . නැත්නම් වයලීනොගේ උපදෙස වෙන්නේ ආදරය කරන දෙන්නෙක් විවාහය සඳහා නැකත් හදාගන්න විතරක් තමන්ගේ හඳහන් යොදාගන්නවානම් හොඳයි කියන එක තමයි . අනික පොරොන්දම් ගැලපුනේ නැති ඒත් දැන් විවාහ වෙලා ළමයිත් හාදාගෙන සතුටින් ජීවත් වෙන පවුල් මේ රටේ නැතුව නෙවෙයි . අපි ජීවත් වෙන්නේ හැමදේම කරන්නේ අන්තිමට ඒ දෙයින් සතුටක් ලබාගන්න . ඒ සතුට කාටවත් කරදරයක් වෙන්නේ නැති විදියකින් නම් කොහොම ලැබුනම මොකද ?





අපි බලමු " පොරොන්දම් " කියන වචනය ගැන . මට මතකයි පියසේන රතුවිතාන ශූරීන් ඉස්සර දවසක් ටීවී එකෙ මේ වචනය විග්‍රහ කළා . පෙර + උන් + අන්දම කියන වචන තුන එකට  එකතුවෙලා තමයි පොරොන්දම් කියන වචනය හැදිලා තියෙන්නේ . ඒ කියන්නේ පොරොන්දම් කියන්නේ දෙන්නෙක් පෙර ආත්මයේ ජීවත් වෙච්ච අන්දම ගළපන ශාස්ත්‍රයක් . විවාහ වෙන්න ඉන්න දෙන්නෙක් පෙර ආත්මයේ පතාගෙන ඇවිත් මේ ආත්මයේ ඔතාගෙන යන්නේ කොහොමද කියලා තමයි මේ පොරොන්දම් වලින් හොයලා බලන්නේ . සංඛ්‍යාවෙන් පොරොන්දම් 20ක් තියෙනවා . ඒවට වෙන වෙනම ජෝතීර්විද්‍යාණුකූලව නම් විස්සකුත් යොදලා තියෙනවා . ඔන්න බලන්නකෝ පොරොන්දම් 20 .

නැකැත් පොරොන්දම 
වෘක්‍ෂ පොරොන්දම 
ගණ පොරොන්දම 
ආයුෂ පොරොන්දම 
මහේන්ද්‍ර පොරොන්දම 
පක්‍ෂි පොරොන්දම 
ස්ත‍්‍රී දීර්ඝ පාරොන්දම 
භූත පොරොන්දම 
යෝනි පොරොන්දම 
ගෝත‍්‍ර පොරොන්දම 
රාශි පොරොන්දම 
වර්ණ පොරොන්දම 
රාශ්‍යාධිපති පොරොන්දම 
ලිංග පොරොන්දම 
වශ්‍ය පොරොන්දම 
නාඩි පොරොන්දම 
රජ්ජු පොරොන්දම 
දින පොරොන්දම 
වේධ පොරොන්දම 
ග‍්‍රහ පොරොන්දම 

අපි බලමු මේ එක එක පොරොන්දම ගැන . වැඩිය විස්තරයක් දාන්නේ නෑ . මොකද එහෙම කියන්න ගියොත් මේක ජෝතිෂ්‍ය පාඩමක් වෙලා මුල ඉඳලා හැම දෙයක්ම පැහැදිලි කරන්න වෙනවා . ඔයාලා හිතාගන්න පොරොන්දම් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා . මම ලියන්නෙත් එ අදහස දෙන්න ඕන නිසා තමයි .
නැකැත් පොරොන්දම 
==============
නැකත් පොරොන්දමෙන් කරන්නේ දෙන්නෙක් ඉපදුනු නැකත අනුව ගැලපෙනවද කියලා බලන එක . මේ ගැලපීමෙන් දෙන්නගේ ධනය බලය සැප හා සාමය කියන කාරනා මුදුන් පත් වෙනවා . අස්විද බෙරණ කැති රෙහෙන මා ........ කියලා නැකත් 27ක් තියෙනවා . මේ නැකත් 27න් ජන්ම, සම්පත්, විපත්, ක්‍ෂේම, ප‍්‍රත්‍යාරි, සාධක, වධ, මෛත‍්‍රී, පර මෛත‍්‍රී කියන නම් අනුව නැකත් ගණන් කරන ක්‍රමයක් තියෙනවා . මෙහෙම දෙන්නගේ නැකත් වෙන් කරලා දෙන්නගේ ගැලපුම කොහොමද කියලා බලනවා . කාන්තාව උපන් නැකතේ ඉඳලා පිරිමියා උපන් නැකත , 2,4,6,8,9,11,13,15,17,18,20,22,24,26,27, කියන ස්ථානයක පිහිටනවානම් ඒක ශුභයි කියලා තමයි පිළිගැනෙන්නේ . පුර පක්ෂයේ සඳු බලවත් වෙලානම් ඒකෙන් මේ නැකත් සීහුම් දෝෂය භංග වෙලා යනවා කියලා පිලිගන්නවා .

ගණ පොරොන්දම 
============
දෙදෙනෙක්ගේ රුධිරය , ධන සම්පත්තිය සහ ජීවන පැවැත්ම ගැලපෙනවද කියලා බලන පොරොන්දම තමයි ගණ පොරොන්දමෙන් කරන්නේ . ජෝතිශ්‍යයේ ගණ තුනක් සඳහන් වෙනවා . ඒ තමා දේව , රාක්ෂ ,  මනුෂ්‍ය කියන ගණ තුන . මෙයින් ගැලපෙනවාද බලන්නේ
1. දෙදෙනාම එකම ගණයේ නම් ශුභයි. සිතෙහි සතුට ඇතිවේ
2. ස්ත‍්‍රිය මනුෂ්‍ය - පුරුෂ දේව නම් ශුභයි. උතුම්ය.
3. ස්ත‍්‍රිය දේව - පුරුෂ මනුෂ්‍ය ගණ නම් මධ්‍යමයි.
4. දේව - රාක්‍ෂ ගණ දෙකේ නම් නොසීහේ අශුභයි.
5. මනුෂ්‍ය - රාක්‍ෂ ගණ දෙකේ නම් මාරක තරම් අගුණයි.
6. ස්ත‍්‍රිය රාක්‍ෂ සහ පුරුෂයා මනුෂ්‍ය ගණයේ නම් ඉතා ඉක්මණින් මරණය හෝ ධන හානිය ඇති වේ.
7. ස්ත‍්‍රිය මනුෂ්‍ය සහ පුරුෂයා රක්‍ෂ ගණයේ නම් ඉතාම අශූභයි.
මේ ගණ පොරොන්දමේ දෝෂය දෙන්නගේ උපන් ලග්නාධිපති දෙන්නගේ ගැලපීමෙන් ඒ කියන්නේ ඒ ග්‍රහයන් දෙදෙනාගේ මිත්‍රත්වයෙන් නැතිවෙලා භංග වෙලා යනවා කියලා පොත් පත්වල සඳහන් වෙනවා .

මහේන්ද්‍ර පොරොන්දම
===============
මහේන්ද්‍ර පොරොන්දමෙන් ආයුෂ සහ දරු සම්පත්තිය ගැන ගැලපීමට ලක් කරනවා . ස්ත්‍රියගේ උපන් නැකතේ ඉඳලා 4,10,13,22, කියන ස්ථාන වල පිහිටලා තියෙන නැකතක් පුර්ශයාගේ නැකතනම් ඒක ශුභයි කියලා එහෙමත් නැත්නම් මහේන්ද්‍ර පොරොන්දම ගැලපුනා කියලා ගණන් ගන්නවා .

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
==============
දෙන්නෙක් විවාහ වෙලා දෙන්නා එකට ජීවත් වෙනකොට දෙන්නට දෙන්නා තම තමන්ගේ ලිංගික ආශාවල් ගැන යම්කිසි අවබෝධයක් ලබාගන්න මේ පොරොන්දම ගැලපීම වඩාත් දායක වෙනවා . කාන්තාවගේ උපන් නැකතේ ඉඳලා 13කින් එහාට පිරිමියාගේ නැකත පිහිටලා තියෙනවනම් ඒක ශුභයි කියලා ගණන් ගන්නවා . පලවෙනි 9 අතරේනම් තියෙන්නේ දෙන්නා අතරේ ගොඩක් ආරවුල් ඇතිවෙනවා කියලා අනාවැකි කියන්නපුළුවන් .





යෝනි පොරොන්දම
==============
යෝනි පොරොන්දමෙන් දෙන්නගේ ලිංගික වෙනස සංකේතවත් කරනවා . එකම සත්වයෙක්ට අයිති පුර්ෂ යෝනිය පුර්ශයාටත් ස්ත්‍රී යෝනිය ස්ත්‍රියටත් පිහිටලා තියෙනවනම් ඒක හොඳ ගැලපීමක් වෙනවා .
- ඇත් යෝනියට සිංහ (හෝ මිනිස් හෝ කිඳුරු) යෝනිය ද,
අශ්ව යෝනියට ගොන්, මීගොන් යෝනිය ද
- ගොන්, මී ගොන්, එළු, මුව, බලූ යන යොනිවලට ව්‍යාඝ‍්‍ර යෝනිය ද
- වඳුරු යෝනියට එළු, බලූ යෝනි දෙක ද
- මුෂික යෝනියට බළල් සප_ යෝනි දෙක ද
- සප_ යෝනියට මුගටි එළු යෝනි දෙක ද
- බළල් යෝනියට බලූ, ව්‍යාඝ‍්‍ර යෝනි දෙක ද සතුරු වෙයි .

මුව යෝනියට ගව යෝනිය ද
- එළු යෝනියට අශ්ව යෝනිය ද
- බලූ යෝනියට මිනිස් යෝනිය ද මිත‍්‍ර වේ. ශුභ වේ.
මේ හැර අන් විදියකට යෝනි සිටිනවම් මධ්‍යමයි
- සියළු යෝනිවලටම වඳුරු යෝනිය මිත‍්‍ර වෙනවා කියලා පිළිගැනීමකුත් තියෙනවා .

රාශි පොරොන්දම
============
සමහර ඍෂිවරු කියන විදියට වැදගත්ම පොරොන්දමක් විදියට මේ රාශි පොරොන්දම ගන්නවා . දෙදෙනෙක්ගේ බාහිර සිතුම් පැතුම් රුචි අරුචිකම් ගැලපීම මෙයින් සිද්ද වෙනවා .
පහල මම දාලා තියෙනවා රාශි 12 වෙන් කරන්න යොදාගන්න විවිධ සාධක සහ ඒවට රාශි වෙන් වෙන හැටි .
ලග්න රාශි (පෞරුෂය)
චන්ද්‍ර රාශි (හදවත)
සූර්ය රාශි (ආත්ම විශ්වාසය)
සිකුරු රාශි (ආදරය)
භෞම (කුජ) රාශි (කාමය)

රාශි ස්වභාව
රාශි ප‍්‍රමාණ
රාශි උදාවන්
ශීර්ෂෝදය
පෘෂ්ඨෝදය
උභයෝදය

රාශි උදාවන්
============
මේෂ ශීර්ෂෝදය නිශා බල
වෘෂභ ශීර්ෂෝදය නිශා බල
මිථුන ශීර්ෂෝදය නිශා බල
කටක ශීර්ෂෝදය නිශා බල
සිංහ පෘෂ්ඨෝදය දිවා බල
කන්‍යා පෘෂ්ඨෝදය දිවා බල
තුලා පෘෂ්ඨෝදය දිවා බල
වෘශ්චික පෘෂ්ඨෝදය දිවා බල
ධනු ශීර්ෂෝදය නිශා බල
මකර ශීර්ෂෝදය නිශා බල
කුම්භ පෘෂ්ඨෝදය දිවා බල
මීන උභයෝදය නිශා/දිවා උභය බල

රාශි බැස යාම් ඒ ඒ රාශි ගතවීමට අදාළ කාලය
===============================

මේෂ 20 - 6 = පෑ 03 වි 20
වෘෂභ 24 - 6 = පෑ 04 වි 00
මිථුන 28 - 6 = පෑ 04 වි 40
කටක 32 - 6 = පෑ 05 වි 20
සිංහ 26 - 6 = පෑ 06 වි 00
කන්‍යා 40 - 6 = පෑ 06 වි 40
තුලා 20 - 6 = පෑ 03 වි 20
වෘශ්චික24 - 6 = පෑ 04 වි 00
ධනු 28 - 6 = පෑ 04 වි 40
මකර 32 - 6 = පෑ 05 වි 20
කුම්භ 26 - 6 = පෑ 06 වි 00
මීන 40 - 6 = පෑ 06 වි 40

රාශි සලකුණු අනුව
==============
ද්විපද (නර) රාශි
චතුෂ්පද රාශි
ජල රාශි
කීට රාශි





රාශි වර්ණ
==========
මේෂ ලේ පාට (තද රතු)
වෘෂභ සුදු පාට (සියළු වර්ණ එක් වූ පාට)
මිථුන ගිරා පාට (කොළ පාට)
කටක පළොල් පාට (මදක් කළු රතු)
සිංහ මදක් සුදු
කන්‍යා විසිතුරු පාට (සෑම පාටක්ම විවිධ මට්ටමින් ඇත)
තුලා කළු (කිසිදු වර්ණයක් නැතිකල එම වර්ණ වේ)
වෘශ්චික රන්වන් පාට
ධනු කහ පාට (වී දහයියා පාට)
මකර කඹුරු පාට (සුදු පැහැයට හුරු රතු පාට)
කුම්භ බඹරුවන් පාට (මුගටියාගේ ගුරු පැහැය)
මීන මත්ස්‍ය පාට (මාළුන්ගේ ඇති රිදී සහ නිල් මිශ‍්‍ර වූ පාට)

රාශි නිසර්ග ගති ලකුණු
======================

ස්ත‍්‍රී රාශි (මෘදු ස්වභාව ඇතිවුන්)
වෘෂභ
කටක
කන්‍යා
වෘශ්චික
මකර
මීන
පුරුෂ රාශි (තේජස් සහිතවුන්)
මේෂ
මිථුන
සිංහ
තුලා
ධනු
කුම්භ

ක‍්‍රෑර රාශි (ක‍්‍රෑර ගති ඇතිවුන්)
මේෂ
මිථුන
සිංහ
තුලා
ධනු
කුම්භ

සෞම්‍ය රාශි (සෞම්‍ය ගති ඇතිවුන්)
වෘෂභ
කටක
කන්‍යා
වෘශ්චික
මකර
මීන

චර රාශි (චංචල ස්වභාව ඇත්තන්)
මේෂ
කටක
තුලා
මකර

තිර රාශි (ස්ථිර ස්වභාව ඇත්තන්)
වෘෂභ
සිංහ
වෘශ්චික
කුම්භ

උභය රාශි (උභය ස්වභාව ඇත්තන්)
මිථුන
කන්‍යා
ධනු
මීන
මේ විදියට එක එක ක්‍රම වලට රාශි බෙදා වෙන් කරනවා . රාශි පොරොන්දම ගලපනකොට ඒ රාශි දෙකයි ඒ රාශි වලට අධිපති ග්‍රහයෝයි ගැලපෙන්න ඕන . නැත්නම් මිත්‍ර වෙන්න ඕන . නැත්නම් දෙන්නම එකම රාශියේ වෙන්න ඕන .
ස්ත්‍රී රාශියේ ඉඳලා පුර්ෂ රාශිය 7,9,10,11, කියන ගණනට වැටෙන රාශියක්නම් ඒකත් ශුභ වෙනවා .
3,4,5, ගණනට වැටෙනවානම් මධ්‍යම වෙනවා
2,6,8,12, ගණනට වැටෙනවානම් ඒ පොරොන්දම ගැලපෙන්නේ නෑ .





රාශ්‍යාධිපති පොරොන්දම
=================
මේ රාශ්‍යාධිපති පොරොන්දමෙන් දෙදෙනක්ගේ අභ්‍යන්තර රුචි අරුචිකම් ගැන කියවෙනවා . ඒ කියන්නේ මානසික ආශාවන් වගේ දේවල් .
රාශි අධිපති ග්‍රහයින් පහත පෙන්වන විදියට අපිට වෙන් කරන්න පුළුවන්
රාශ්‍යාධිපති ග‍්‍රහයින්
රවි
චන්ද්‍ර
බුධ
සිකුරු
කුජ
ගුරු
ශනි

රාශ්‍යාධිපති ග‍්‍රහ ස්වභාව
රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ භූත අධිපති
==============================
රවි - තේජෝ (ගිණ්දර)
චන්ද්‍ර - ආපෝ (ජලයට)
බුධ - පඨවි (පොලවට තද දෙයට)
සිකුරු - ආපෝ (ජලයට)
කුජ - තේජෝ (ගිණ්දර)
ගුරු - ආකාශ (ශූන්‍යත්වය)
ශනි - වායෝ (පැතිරීම)

රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ ධාතු අධිපති
==========================
රවි - ඇට
චන්ද්‍ර - ලේ
බුධ - සෙම
සිකුරු - ශුක‍්‍ර
කුජ - මිදුළු
ගුරු - මේධ
ශනි - ස්නායු

රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ තුන්දෙස් අධිපති
=================================
වාත - සඳු සිකුරු බුධ ශනි
පිත් - රවි කුජ බුධ
සෙම - සඳු සිකුරු බුධ ගුරු

රාශ්‍යාධිපති ග‍්‍රහයින්ගෙ මූල ද්‍රව්‍ය අධිපතිතා
==================================
රවි - තඹ
චන්ද්‍ර - මැණික්
බුධ - පිත්තල
සිකුරු - මුතු
කුජ - රත‍්‍රං
ගුරු - රිදී
ශනි - යකඩ

රාශ්‍යාධිපති ග‍්‍රහ නිසර්ග ගති
======================
සුභ ග‍්‍රහයින්
පාප ග‍්‍රහයින්

රාශ්‍යාධිපති ග‍්‍රහ ලිංග භේදය
=====================
ස්ත‍්‍රී ග‍්‍රහයින්
පුරුෂ ග‍්‍රහයින්
නපුංසක ග‍්‍රහයින්
මේ විදියට තමයි එ ග්‍රහයින් වෙන් කරලා දක්වන්නේ . දෙන්නගෙම ලග්නාධිපති මිත්‍ර ග්‍රහයොනම් සුභයි , චන්ද්‍ර රාශිය අධිපති ග්‍රහයො මිත්රනම් සුභයි , ඒ වගේම යම් රාශියකට දෙපැත්තේ පිහිටන 2,3,4,12,11,10, රාශි මිත්‍ර වෙනවා . 1,5,6,7,8,9, කියන ස්ථානවල ඉන්න රාශි සතුරු රාශි වෙනවා . රාශි පොරොන්දම ගැලපුනා නම් මේ පොරොන්දමෙන් එන දෝෂය තරමක් භංග වෙනවා කියලා පිලිගන්නවා .

වශ්‍ය පොරොන්දම
==============
විවාහවෙන දෙන්නගේ සමගියට හරසෙන හේතු ගැන හොයාගන්න මේ පොරොන්දම දායක වෙනවා . ඒ කරදර මගඇර ගන්න මේ පොරොන්දම ගැලපීම කරනවා .

මේෂ- සිංහ වෘශ්චික
වෘෂභ - කටක තුලා
මිතුන- කන්‍යා
කටක - වෘශ්චික ධනු
සිංහ - තුලා
කන්‍යා - මීන මිතුන
තුලා - මකර කන්‍යා
වෘශ්චික - කටක
ධනු - මීන
මකර - මේෂ කුම්භ
කුම්භ - මේෂ
මීන - මකර
කියන රාශි වශ්‍ය වෙනවා කියලා පොත්වල සඳහන් වෙනවා . එ වගේම
සිවුපා රාශි සිවුපා රාශි වලටත්
මනුෂ්‍ය රාශි මනුෂ්‍ය රාශි වලටත්
ජලචර රාශි ජලචර රාශි වලටත්
වනචර රාශි වනචර රාශි වලටත්
කීට රාශි කීට රාශි වලටත්
වශ්‍ය වෙනවා කියලා සඳහන් වෙනවා .
සිවුපා රාශි - මේෂ වෘෂභ ධනු මකර
මනුෂ්‍ය රාශි - මිතුන කන්‍යා තුලා ධනු කුම්භ
ජලචර රාශි - කටක මීන මකර
වනචර රාශි - සිංහ
කීට රාශි - වෘශ්චික

රජ්ජු පොරොන්දම
=============
විවාහ වෙන දෙන්නගේ ලිංගික සංසර්ගයෙන් අලුත් ජීවියෙක් ඇති කරන්න දෙන්නට තියෙන ශක්තිය මේ පොරොන්දමෙන් ගලපනවා .
පාද රජ්ජුව - අස්විද අසලිස  මා දේට මුල රේවතී
ඌරු රජ්ජුව - බෙරණ පුස පුවපල් අනුර පුවසල උත්රපුටුප
නාභි රජ්ජුව - කැති පුනාවස උත්‍රපල් විසා උත්රසල පුවපුටුප
බාහු රජ්ජුව - රෙහෙන අද හත සා සුවන සියාවස
මෙන්න මේ විදියටයි නැකත් 27 රජ්ජු වලට වෙන කරලා තියෙන්නේ . ස්ත්‍රී පුර්ෂ දෙන්නම එකම රජ්ජුවෙනම් ගැලපෙන්නේ නෑ . රජ්ජු දෙකකනම් ගැලපෙනවා . රාශි , රාශ්‍යාධිපති , මහේන්ද්‍ර කියන පොරොන්දම් තුන්බ ගලපෙනවානම් රජ්ජු පොරොන්දමේ තියෙන දෝෂය භංග වෙනවා කියලා කියනවා .

වේධ පොරොන්දම
=============
අස්විද - දෙට
බෙරණ - අනුර
කැති - විසා
රෙහෙන - සා
අද - සුවන
පුනාවස - උතුරසල
පුස - පුවසල
අස්ලිස - මුල
මා - රේවතී
පුවපල් - උත්රපුටුප
හත - සියාවස
කියන පිළිවෙලට නැකත් එකිනෙකට වේධ වෙනවා . දෙන්නෙක් ඉපදුන නැකත් මේ විදියට වේධ වෙනවනම් ඒක අශුභ වෙනවා . වේධ පොරොන්දම ගලපෙන්න නම් මේ යුගලක් නොවීම තමයි වෙන්න ඕන .

වෘක්ෂ පොරොන්දම
================
දෙදෙනාගේ ප්‍රජනක ධාතුවල සරුබව මේ වෘක්ෂ පොරොන්දමෙන් ගලපනවා .
පුර්ෂයා හර වෘක්ෂයකුත් ස්ත්‍රිය කිරි වෘක්ෂයකුත් වෙනවානම් ඒ විවාහයෙන් අධිකව දරුවන් ලැබෙනවා . ශුභයි . ස්ත්‍රිය හර වෘක්ෂයක් වෙලා පුර්ෂයා කිරි වෘක්ෂයක් වෙනවනම් දරුවෝ ටිකයි ලබන්නේ . මධ්‍යමයි . දෙදෙනාම හර වෘක්ෂනම් ගැලපෙන්නේ නෑ . අශුභයි . දෙන්නම කිරි වෘක්ෂනම් ඉතාම ශුභයි .

ආයුෂ පොරොන්දම
===============
විවාහ වන දෙන්නගේ ආයුෂ ගැන මේ පොරොන්දමෙන් කියවෙනවා . ස්ත්‍රිය උපන් නැකතේ ඉඳලා පිරිමියා උපන් නැකත වෙනකන් ගණන් කරලා ඒ ගණන අරගෙන 27න් වැඩි කරලා 28න් බෙදනවා . ලැබෙන පිළිතුර තියාගන්නවා . මේ විදියට පුරෂයාගේ නැකතේ ඉඳලා ස්ත්‍රියගේ නැකතටත් ගණන් කරලා එ ගණන 27න් වැඩි කරලා 28න් බෙදනවා . ලැබෙන පිළිතුර ගන්නවා . මෙයින් වැඩි අගය තියෙන කෙනා තමයි වැඩිපුර ජීවත් වෙන්නේ . මේක හැබැයි සාමාන්‍ය මතයක් .





පක්ෂි පොරොන්දම
===============
කුලා - රාජාලියා බකමූණ
මොනරා - රාජාලියා බකමූණා
කපුටා - බකමූනා
රාජාලියා - බකමූණා කුකුලා මොනරා
කියන පිලිවෙළට පක්‍ෂීන් සතුරු වෙනවා . දෙන්නගෙම නැකත් එකම පක්ෂියාට අයිති නම් ශුභයි . කලින් කිව්වා වගේ සතුරුනම් ගැලපෙන්න නෑ . සතුරු නැත්නම් ගැලපෙනවා .

භූත පොරොන්දම
=============
දෙන්නගෙම උපන් නැකත් එකම භූත නම් ශුභයි , ආපෝ තේජෝ භූත දෙකට අයිතිනම් අශුභයි . ඊට වඩා වෙනස් වෙනවනම් ශුභයි .

ගෝත්‍ර පොරොන්දම
================
මේකනම් ඉන්දියාවේ බමුණෝ හදාගත්ත දෙයක් . දෙන්නම එකම ගෝත්‍රයට අයිතිනම් ගැලපෙන්න නෑ . වෙනස් ගෝත්‍ර නම් ගැලපෙනවා .

වර්ණ පොරොන්දම
================
මේකත් ඉන්දියාවේ බමුණෝ හදාගත්ත එකක් . ස්ත්‍රී පුර්ෂ දෙන්නම එකම වර්ණයට අයිති නැකත් වලනම් ශුභයි . පුර්ෂයා උසස් වර්ණයකත් ස්ත්‍රිය පහත වර්ණයකත් නම් මධ්‍යමයි . ස්ත්‍රිය උසස් වර්ණයක වෙලා පුර්ෂයා පහත් වර්නයකනම් ගැලපෙන්නේ නෑ . රාශි රාශ්‍යාධිපති වශ්‍ය කියන පොරොන්දම ගලපෙනවානම් මේ දෝෂය භංග වෙනවා .

ලිංග පොරොන්දම
===============
ස්ත්‍රී ලිංග නැකත් ස්ත්‍රීන්ටත් පුර්ෂ ලිංග නැකත් පුර්ෂයන්ටත් හිමිවීම උතුම් විදියට සලකනවා . දෙදෙනාම ස්ත්‍රී ලිංග නම් එත් ශුභයි . දෙදෙනාම පුර්ෂ ලින්ගනම් අශුභයි . දෙදෙනාම නපුන්ෂක ලින්ගනම් අශුභයි . ස්ත්‍රී නැකත් පුර්ශයාටත් පුර්ෂ නැකත් ස්ත්‍රියටත් හිමිවීම ඉතාම අශුභයි . ගැලපෙන්නේ නෑ .

නාඩි පොරොන්දම
==============
ලේවල ගමන , නහර ශක්තිය , ජාන ශක්තිය මේ පොරොන්දමෙන් ගලපනවා . දෙදෙනාම එකම නාඩියේනම් ගැලපෙන්නේ නෑ . වෙනස් නාඩිවලනම් ශුභයි . රාශි පොරොන්දම සහ රජ්ජු පොරොන්දම ගලපෙනවානම් මේ නාඩි පොරොන්දමේ දෝෂය භංග වෙනවා .

දින පොරොන්දම
==============

දෙදෙනාම එකම දිනයේනම් ශුභයි . ස්ත්‍රිය උපන් දවසට පසු දිනය පුර්ෂයා උපන්නානම් ශුභයි ( ඉරිදා සඳුදා වගේ ) . ස්ත්‍රිය උපන් දවසට 3 4 5 කියන දවස්වල පුර්ෂයා උපන්නානම් ශුභයි . ස්ත්‍රිය උපන් දවසට 6 7 කියන දවස්වල පුර්ෂයා ඉපදුනා නම් අශුභයි .

ග්‍රහ පොරොන්දම
=============
අන්තිම පොරොන්දම තමයි ග්‍රහ පොරොන්දම . ඉස්සෙල්ලම ස්ත්‍රී කේන්දරේ 1 7 8 2 4 12  කියන තැන්වල රවී කුජ ශනි රාහු කේතු කියන පාපී ග්‍රහයෝ ඉන්නවද කියලා බලනවා . එයාලා උච්චව ක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව මිත්‍රව සතුරුව නීචව ඉන්නවද කියලත් බලනවා . ඊට පස්සේ ගණිත ක්‍රම මගින් පාපාන්ෂක ගණන ගණනය කරලා එ මගින් යම් නිගමනයන්ට එළඹිලා ග්‍රහ පොරොන්දම ගැලපෙනවාද නැද්ද කියලා තීරණය කරනවා .

හම්මේ කෙටුවා කෙටිල්ලක් මාගලක් විතර . එහෙමයි කියලා ඉතින් බාගෙට කොටන්නත් බෑනේ . මේ පොස්ට් එකෙන් පොරොන්දම් ගන සුළු හරි අවභෝදයක් ලැබුනා නම් තමයි මට පොඩි හරි හැපියක් ලබන්න පුළුවන් . අපේ සිංදුවත් ලගදීම  පොරොන්දම් බලයි වගේ මට පේන හැටියට . හැක හැක හැක ........

එහෙනම් හැමෝටම සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!! කියලා මම ගිහින් එන්නම් . ඒ වගේම පියසේන රතුවිතාන ශූරීන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .



අවසාන වශයෙන් කියන්න ඕන පොරොන්දම් ගලපන්න ගිහිල්ලා පණවගේ තමන්ට ආදරය කරන කෙනාව නැති කරගන්න එපා . සමහරවිට තමන් ඒ නැති කරගන්නේ ජීවිතේ විඳින්න තමන්ට තියෙන එකම අවස්ථාව වෙන්න පුළුවන් .



24 comments :

  1. ගොඩක් වැදගත් ලිපියක්.. සංක්‍ෂිප්තව එකම සියලු කාරනා... ;) d-)

    ReplyDelete
  2. මේක නම් ගොඩාක් අයට වැදගත් වෙයි :)

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් . ඒත් මේක බලාගෙන පොරොන්දම් ගලපන්න එපා . මේක තව සංකීර්ණයි . g-)

      Delete
  3. මේ පොරොන්දම් ගැන නම් මගේ ඒ හැටි පැහැදීමක් නෑ... මේ නිසා තමයි මගේ ප්‍රේමේ නැති බංගස්ථාන වෙලා ගියේ... හිහ් හිහ්...

    නමුත් ඉතා වටින ලිපියක් ! ඔය පොරොන්දම් සීන් නිසා මට වගේ කෙළවෙන්න යන අයට කියන්න පුළුවන් මේක බලන්න කියලා... :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් අපරාදේ . කලින් හම්බුනා නම් හොර කේන්දරයක් හදන්න තිබ්බා
      හැක හැක හැක
      :p :p :p

      Delete
    2. matath dan vela thiyenne anjanata una dema thama :/

      Delete
  4. අනේ මන්ද.. ඕක බැලුවෙම නැද්ද මන්ද.. සීයට කීයක්ද මන්ද ගැලපෙනවලු කිව්වා..

    ආ එහෙමද කියල බැඳගත්තා.. :ඩී

    හෙමීට බලන්නෝනි දැන්වත් ගැලපෙනවද කියල..

    ReplyDelete
    Replies
    1. උඹ දැන් පරක්කු වැඩි. දැන් පැත්තකට වෙලා හිටු.

      Delete
    2. දැන් ගැලපෙන්නේ නැත්නම් දෙවෙනි පාරටත් බඳිමු කාව හරි ??

      Delete
  5. උඹ යකෙක්නේ බන් වයලීනුවෝ.

    මට නම් නැගලාම ගියේ අර යෝනි පොරොන්දම..ඒක නම් හොඳට ගැලපෙනවාද කියලා බලාගනිල්ලා.මොනවා නැති උනත් ඒව පිලිවෙලට තියෙන්න ඕන. සාර්තක යුග දිවියකට ඉතා වැදගත් සාධකයක්... ඕකටම වෙන්න ඇති ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි කියලා බජාර් එකේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කේන්ති ගියාම යකාගේ හැටි ඉතින් අම්මා තමා හොඳටම දන්නේ :p :p :p :p
      හඃ හඃ හඃ
      ඔව් ඔව් ඔව් ඕක කාම සූත්‍රේ තියෙනවා වෙන විදියකට ගෑණු පිරිමි සත්තුන්ට සමාන කරලා .

      Delete
  6. කෙන්දර ගැන මට නම් කිසිම විශ්වාසයක් නැ. එත් අම්මා නම් සැහෙන්න විශ්වාස කරන නිසා කෙන්දර බලනවා.

    ReplyDelete
    Replies
    1. බැලුවටනම් අවුලක් නෑ . ඔලුවේ කරපින්න ගත්තම තමා අවුල . නැත්නම් ඉතින් ආතල් එකට වගේ බැලුවම මරු
      g-)

      Delete
  7. හම්මේ බොහොම මහන්සි වෙලා හොඳ විස්තරයක් ලියලා තියනවා. අපි නම් පොරොන්දම් බැලුවේ නෑ. දැන් ඉතින් ඕනනම් බලාගන්න බැරියැයි. ඒක නෙමේ හැර වෘක්ෂ කියන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. ඔය කේන්දරවල බලන්න කළුවර කිහිරි වගේ කිරි නැති ගස් තියෙනවා වෘක්ෂ කියලා . ඒවා හර වෘක්ෂ කියලා කියන්නේ .

      Delete
  8. attatama handahan marrage1ta balapanawada?adre karanna hanadaha balanne nane.itin oka nogalapunot pana wage adare karana kena nati karagannada?

    ReplyDelete
    Replies
    1. මම හඳහන කියන්නේ මොකක්ද කියලා අතපත ගාලා බලන්න අරගෙන දැනට අවුරුදු පහලවක් විතර වෙනවා . ඒ කාලේ ඇතුලත මට හඳහන් එක්ක හම්බෙච්ච දකින්න ලැබුණ අය විවිධාකාරයි . ඒ අයගැන මම විමසිලිමත් උනේ හන්දහනෙන් කියවෙන දේවල් ඇත්තටම එයාලට වෙනවද නැත්ද කියලා . එයාලට මම කියන දේවල් වලට අමතරම නොකිව් දේවල් පවා තිබුණා . ඒ හැමදේම වගේ අවසානයේ උනා . ඒ නිසා මම කවුරු කොහොම කිව්වත් හඳහන බොරු කියලා නම් කියන්නේ නෑ . මොකද දෙයක් ඉගෙනගන්නකොට තමයි එකේ ඇතුලාන්තය එළිවෙන්නේ .

      හැබැයි කේන්ද්‍රය පොරොන්දම් කියන ඒවා විවාහයට අදාළ වෙනකොට මතගැටීම් වලට මූණ දෙන්න වෙනවා . අම්මලා තාත්තලා නැන්දම්මලා මාමන්ඩිලා ඔව්වා හාර හාර අහනකොට අසරණ වෙනවා තමයි . ඒත් මතක තියාගන්න . තමන්ට තමන් විශ්වාසනම් බඳින කෙනාටත් මේවා හිතෙන අයින් කරලා සතුටෙන් ඉන්න පුළුවන් නම් මේවා ප්‍රශ්න වෙන එකක් නෑ .

      පොරොන්දම් වලින් වැඩි හරියක්ම වෙන්නේ ලිංගික ගැලපීම ලිංගික තෘප්තිය දරුපල වගේ දේවල් ගැන විමසිලිමත් වෙන එක . එකිනෙකාගැන තියෙන අවබෝධය ආශ්‍රය කිරීමෙන් ලබාගන්නවා මිසක් කේන්දර ගලපලා ඒවා කරන්න බැහැනේ . ලිංගික ලීවිතයේ එන ප්‍රශ්න කතා කරලා විසඳගන්න තරම් දෙන්නාගේ හිත හයියනම් පොරොන්දම් පැත්තක දාලා බඳින එක තමයි තියෙන්නේ . එන එන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න . අවුලක් වෙන්නේ නෑ . කොයි දේ වෙන්නෙත් හොඳටයි කියලා දෙන්නම හිත හදාගන්න පුරුදු වෙන්න . හැබැයි ඉතින් ගෑණු උදවිය එහෙම තත්ත්වයකට ගන්න ටිකක් අමාරුයි නේද ? :)

      Delete
  9. Replies
    1. බොහොම ස්තූති :) g-) g-)

      Delete
  10. එතකොට "අෂ්ඨකූටය"...??

    ReplyDelete
    Replies
    1. ඔව් . ඉතින් මොනවද ඒ ගැන දැනගන්න ඕන........ :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.