Monday, December 23, 2013

සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ - දම් පාටින් ළා සඳ බැස යනවා


දැන් දැන් ආයේ ඔන්න පරණ සිංදු එලියට හෙමින් හෙමින් එනවා නෙහ් ?
දැන් පරණ සිංදු විචාරය වෙන සයිට්ස්, බ්ලොග්ස්, ගෘප්ස්, ටීවී ප්‍රෝග්‍රෑම්ස්, රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් එන්න එන්නම වැඩි වෙනව වගේ තේරෙනවා. ඔතනදි හයිලයිට් වෙන්න ඕනි වර්ඩ් එක "පරණ සිංදු" කියන එක. ඇයි දැන් අලුත් සිංදු හොඳ නැද්ද ඒ තරම් ? මොකෝ නැත්තේ තියෙයි තියෙයි. හැබැයි ඒවා විචාරයකට ලක් වෙනවා මට නම් මීටර් නෑ.  එහෙම කිව්වම හිතයි අද යන්න හදන්නේ අලුත් සිංදුවකට කියලා. ඒකටනම් උත්තරේ නෑ ගොයියෝ :))



ගොඩක් වෙලාවට ගීතයක් විචාරය කිරීම යන්න ගත්තම අපි කරන්නේ මොකක්ද ?
පද ටික අරගෙන එතන පද වලින් අරුත් වෙන දේ සරල බසින් කියාදෙන එකනේ.කලින් කිව්වා වගේ එහෙම කරන ගොඩක් වැඩසටහන් දැන් දැන් තියෙනවානේ. අඩුම තරමේ එහෙමවත් වෙන එක නම් ලොකු දෙයක්. හැබැයි මම මතු කරන්න හදන්නේ මෙතැනදී ඒ විතරක් ඇතිද යන්න. ගීතයක් බිහිවෙන්නේ පද රචනයෙන් විතරද ?

අන්න ඒ ගැන සලකද්දී මමනම් හිතන්නේ ගීතයක් හරියට විචාරය වෙන්න ඕනිනම් ප්‍රධාන වශයෙන් දෙදෙනෙක් ඕනි.

1. ඒ පද වල අර්ථ රසය ගැන විචාරය කරන්න සිංහල සාහිත්‍ය දැනුම ඇති කෙනෙකුයි 
2. සංගීතය ගැන කතා කරන්න සංගීතඥයෙකුයි 

දැන් ඔය දෙන්නා ඇතිද ? පට්ටම විචාරයක් වෙන්නනම් මම හිතන්නේ ඒත් මදි. එතකොට පට්ටම විචාරයක් වෙන්න මොනාද ඕනි ?

1. ඒ පද වල අර්ථ රසය ගැන විචාරය කරන්න සිංහල සාහිත්‍ය දැනුම ඇති කෙනෙකුයි
2. පද වල නියම අර්ථය පහදවන්න, ඒ වගේම ගීය සම්බන්ධ සිද්ධීන් තිබේනම් කියන්න ඒ ගීයේ පද රචකයා
3. ගීතයේ සංගීත නිර්මාණය කල තැනැත්තා

හතර වෙනියනම් අවශ්‍යම නෑ. ඒත් හිටියොත් තවත් පට්ට.

4. ගීතය සම්බන්ධ වෙනත් සිදුවීම් ඇත්නම් ඒවා ගැන දැනගන්න ගායකයා

ඕකේ මුලින්ම ඉන්න සාහිත්‍යදරයාගේ විචාරයෙන් අපිට සිංදුවක් මධ්‍යස්තව අදහසක් ගන්න පුළුවන්. ඒ කිව්වේ සිංදුවෙන් කියවෙන දේ ගැන වැටහෙන අදහස, ඒ වගේම සිංදුවේ අදහස අරගන්න සීමා වුනු තැන්. ඒ ඒ වගේ කාරනා ගැන අදහසක් ගන්න පුළුවන්නේ.

දෙවෙනියට ඕක ලියන්න රචකයා හේතු කරගත්ත නිධාන කතාව සමග ගී පද රචකයාගේ විග්‍රහය. දැන් අපි ඕක ඇහුවම දන්නවා ටක්කෙටම මෙයා මේ මොකක්ද කියන්න හදන්නේ කියලා .එතකොට අපිට සංසන්දනයක් කරන්න පුළුවන් කොයිතරම් දුරට ඒක අපිට ක්ලික් වුනාද කියලා. ඒ වගේම ඒ නිධාන කතා දැනගත්ත නිසා ඒ ගීතයේ වැඩි රසයක් අපිට දැනෙන්න පුළුවන්.

මෙන්න මේ පාට් එක තමයි දැන් වෙන්නෙම නැත්තේ. ඒ ගීතයේ සංගීතය ගැන විමසන එක. අපිට ඔය තනුවක් දානවා කිව්වම නිකන් කොලයක ලියපු ස්වර ටිකක් මැවුනාට ඒක ඊට එහා ගිය විෂයක්. තනුව දානකොට සලකපු දේවල්, ඒ කියන්නේ ඇයි මෙතැනදී වේගෙයෙන් කියන්නේ ඇයි මෙතැනදී හයි පිච් කියන්නේ, ඇයි මේ සිංදුව ස්ලෝව් කියන්නේ, ඇයි මෙහෙම වාද්‍යය භාණ්ඩ තෝරාගත්තේ ඇයි මේ ගායකයම තේරුවේ ? ඒ ඒ වගේ සිංදුවක තනුවේ තියෙන ඇතුළාන්තය විස්තර වුනොත්, සමහර වෙලාවට ගීතයේ තනුව දාන්න ඒ අදහස එන්න ඇත්තේ වෙනමම සිද්ධියක් නිසා වෙන්න පුළුවන්, ඉතින් ඒ වගේ කරුණු දැනගත්තොත් ඒ සිංදුවේ වටිනාකම ගැන හිතාගන්න පුලුවන්ද.... පික්සු හැදෙනවා නෙහ්.

ගායකයා අවශ්‍ය වෙන්නේ මේ ගීතය සම්බන්ධ ඔහුගේ අත්දැකීම් විස්තර කරන්න. ඒකෙන් අර සිංදුවේ වැලිව් එක තව වැඩි වෙනවනේ.

ඔය වගේ සිංදු ගැන මම කලිනුත් කියලා තියෙයිනේ. ඇරත් ඔය සිංදුවා කියන එකා ලිව්වොත් සින්දුවක්නේ.
මෙතනට මම ඒ ලියපු දෙකක් තුනක් ගැන හයිලයිට් කරන්නම්.

සිනිදු සුදු මුතු තලාවේ
මගේ රුවන්මලී

සිංදුවා මොන කුණුහරපෙ කිව්වත්, ඔය පොස්ට් එකක් සිංදුවක් ගැන කියනකොට ඔය කිව්ව තුනෙන්ම දෙන්න උත්සහ කරනවා. ඒත් කොහෙද ඔය තුනෙන්ම සිංදුවා ඒ තරම් විශාරදයෙක් නෙවෙයි. දුක තමයි රන්ජනී.
සිංහල දැනුම නම් අන්තිමයි. සංගීතය යම්තාක් දුරට හැදෑරුවා. ඒක නිකන් අර ඉඳුල් කට ගෑවා වගේ ඒක මදි හෆ්ෆා සිංදුවේ ඔක්කම මියුසික් ගැන ක්ලික් වෙන්න. නිධාන කතාවත් ඉතින් ඔය රචකයොත් එක්ක අඩියක් ගහන ගමන් අහගත්තු එව්වා එහෙම නෙවෙයි. :D කාලයක් තිස්සේ සිංදුවා සිංදු ගැන හොයද්දි එක එක විදි වලට හම්බවුනු එව්වා. වැඩියෙන්ම සිංදුවා නම් කැමති ඔය එඩ්වඩ්ලා සමිතලා එක්ක එහෙම එකට ඉගනගත්ත සර්ලා අපිට සෙට් වෙනවනේ ඔය මියුසික් අහුමුලු වල යද්දී, එයාලා කියනවා සිද්ධි රස කරලා :D

දැන් එහෙනම් පම්පෝරි ඇති යමු අද සිංදුවට.

දම් පාට කිව්වම ළමයින්ට මොනවද මතක් වෙන්නේ ?
මට නම් එකපාරටම මොකුත් ක්ලික් වෙන්නේ නෑ. ටිකක් කල්පොනා කලොත් බ්ලොග් ගැන ඔන්න ලා දම් අහස මතක් වෙනවා. ඉස්සර ඔය පැස්ටල් පෙට්ටියේ දම් පාටයි අළු පාටයි තමයි මට අඩුවෙන්ම පාවිච්චි වෙන කලර් දෙක. අනිත්වා ගෙවිලා කැඩිලා , ඒකට මේ පාට දෙක , හහ් අලුත් බඩු ! දම් වලින් තව මොකුත් මීටර් වෙන්නේ නෑනේ සිංදුවට. අහ්හ් .... දම් කිව්වම ඕනිනම් ධර්මය ගන්න පුළුවන්. ඒත් ඒක දම් පාටට අදාල වෙන්නේ නෑනේ. ඇති ඇති..

දම් පාට කිව්වම මතක් වෙන සිංදුවක් කියන්න බලන්න... අද සින්දුවා නම් කතා කරන්නේ දම්පාට හඳක් ගැන.

ලුෂන් බුලත්සිංහලයන් මේ සින්දුව ලියන්න හේතු වෙලා තිබුනේ මෙහෙම සීන් එකක්ලු. කොහොම එකක්ද ?
මෙන්න මෙහෙම එකක්. ඒ කාලේ බුලත්සිංහලයන් යාලු වෙලාලු හිටියේ ඉස්කෝලෙදි හම්බවුනු ගෑලු ළමයෙක් එක්ක. ඉතින් යාලු වෙලා ඔන්න කැම්පස් යන්න සෙට් වෙලා කැම්පසුත් යනවලු. දැන් බුලත්සිංහලයන් පේරා වල. ගෑලු ළමයා කොළඹ. දැන් මෙයා මේ ගෑලු ළමයව මීට් වෙන්න වෙසක් දවසක නිවාඩුවට එනවා කොළඹට.
ඇවිල්ල දෙන්නත් එක්ක බීච් එකේ ඇවිදගෙන යනකොට යනකොට යනකොට...
මොකුත් වෙන්නේ නෑ ඇවිදගෙන යනවලු. ඉතින් මෙහෙම යනගමන් මේ කොල්ලට හිතනවලු දැන් ආපහු මේ ගෑලු ළමයගෙන් වෙන් වෙලා පේරා වලට යන්න ඕනි නේ කියලා. ඔන්න ඔය පොයින්ට් එකට තමයි මේ සින්දුව ලියවෙන්නේ. බුලත්සිංහලයන් කියන විදියට පස්සේ ඒ සම්බන්ධය නතරවුනාලු.


දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි

දැන් මේ දම් පාට හඳක් දැකලා තියෙනවද ? දම්පාටින් හඳ බැස යනකොට ආකාසේ රන් වන් පාට වෙන්නේ කොහොමද ? මේ දෙකෙන්ම කියන්නේ වෙනම අර්ථයක්. ආකාසේ රන්වන් පාටයි කියන්නේ දැන් ඉර පායන්න ලඟයි කියන එක. එතකොට තියෙන හඳ  ඇත්තටම දම් පාට වගේ තමයි කියලා දැකපු අක්කා කෙනෙක් මාත් එක්ක කියලා තියෙයි. මම නම් තාම ඒ ටයිම් මුහුදක් අයිනේ ඉඳලා නෑ. ඒ අක්කා හිටියේ ඇයි කියලා ඉතින් දන්නේ නෑ ඈ... ඕන් නැති ඒවා හොයන්නේ නැතුව හිටු. 

සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි

හරිනේ දැන් ඔන්න එළිය වැටීගෙන එන්නේ. ඉතින් දෙන්නා දැන් වෙන් වෙන්න ඕනා. ඉතින් නොදොඩා ඉන්නේ ඇයි. දැන් මේකෙන් තව දෙයක් මීටර් වෙනවා වගේ නෙහ් ? ඒ කියන්නේ දෙන්න අලුයම එද්දී වෙන් වෙනවා කියන්නේ මීට් වෙලා තියෙන්නේ ඊට කලින් කාලයේ කියලා :D ඒ කියන්නේ රෑ තමයි ඔන්න ගීතයේ ඉන්න දෙන්න මල් කඩලා තියෙන්නේ. පල නෙලුවද දන්නේ නෑ මල් නම් කඩලා.

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා. දැන් ඔතනදි අනිත් ඒවායේ වගේම ගෑලු ළමයාගේ මුණ හඳට උපමා වෙලා. හැබැයි දම් පාටක් ගැන කියන්නේ ? හඳ බැහැගෙන යනකොට තමයි දම් පාට වෙන්නේ. ඒ කිව්වේ හඳ දුකෙන් යනකොට ඔන්න දම් පාටයි. ඒ වගේම මේ ගෑලු ළමයත් දැන් දුකෙන් ඉන්නේ දෙන්නගේ කාලය ඉවරවෙලා වෙන් වෙන්න ඕනි එකට.ඉතින් ඒ නිසා ඒ මුණත් අර දම් හඳ වගේ.
ඒත් එහෙම හඳ වගේ මුණ පෙනෙනකොට වෙන්වෙලා යන්න උවමනාවක් නෑ. මල් කඩපු අය දන්නවනේ හෙට මීට් වෙනවා කියලා දැනගෙන වුනත් අද වෙන් වෙනකොට හරිම මෙව්වා එකක් දැනෙනවනේ. ඒ වේදනාව නිසා කොල්ලා ගොළු වෙලා. කොල්ලා ගොළු වෙලා නිසා ගෑලු ළමයට අවුල ඇයි නොදොඩා ඉන්නේ කියලා. (කොහෙන් ගියත් මේ කෙල්ලෝ ඇණයක්ම තමයි නෙහ්). ඔතන ලස්සනම කොටස "දෑසට ළංව තවත් " දෑසට ලං වෙලා ඉඳලා තියෙන්නේ දැන් තව ලංවෙනවා. මෙව්වා විඳින්න පුතා ඉතින් දවසක් හරි ගෑලු ළමය එක්ක මලක් කඩලා තියෙන්න ඕනා. බුකියෙන් මල් කඩලා ලබන්න පුළුවන් දේවල්ද මෙව්වා.  :D

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා

එළිය කළු වෙනකම්, සෙවණැලි මැකෙනකම් ඒ කියන්නේ මොකක්ද රෑ වෙනකම්. දවල් කාලයේ මෙයාලා හමුවෙන්නේ නෑ. ඉතින් මේ ගෑලු ළමය රෑ වෙනකම් මොකද කරන්නේ බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇඳගෙන තනිය මකා ගන්නවා. ඒ කියන්නේ ? ඒ කියන්නේ මෙයාට මැවිලා පේනවා අර සිංදුවටත් පොත් වල සින්දුවති මැවිලා පෙනුනා වගේ හඃ හඃ හඃ :D .මේ ගෑලු ළමයටත් දැන් මැවිලා පේනවා මේ කොල්ලගේ රුව. එයා ඒවත් එක්ක ජීවත් වෙනවා ආයේ රෑක මීට් වෙනකම්. ඈ ආසාවෙන් බලා ඉන්නවා ආයේ මුණගැහෙන්න.

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා

සඳ බැහැලා යන්නේ නැතුව, රැය තවත් වෙලා තියෙයි නම් එහෙනම් ගෑලු ළමයා එක්ක තවත් තනිවෙලා ඇගේ තුරුලේ ඉන්න තිබුනා. ඇගේ ළමැද ඔහුට යහනක් වෙලා. ඔතන "නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් " කියන්නේ දැන් ඉර පායලා එනකොට ඒ පිනිබිඳු ඔක්කම අතුරුදහන් වෙනවනේ ඒ වගේ මෙයාලත් වෙන් වෙන්න ඕනා එළිය වැටීගෙන එනකොට. 

ඔන්න ඕකයි සිංදුවට ක්ලික් වුනු තේරුම. මේකට සමහර අය කියනවා මේ කියන්නේ ගණිකාවක් ගැන කියලා. ඒක කියන්නේ ටක්කෙටම අර නිධාන කතාව නොදැන. මම අර කලින් කිව්වේ එහෙම අර්ථ දක්වන්න පුළුවන් පද අනුව කෙනෙක්ට. තව කට්ටියක් කියනවා අනියම් සම්බන්ධයක් කියලා. ඒකත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි නිධාන කතාව ගත්තම ඒ දෙකම බොරු වෙනවා නෙහ්.




දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑෙඟයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා 

ගී පද : ලූෂන් බුලත්සිංහල
සංගීතය : ඔස්ටින් මුණසිංහයන්
ගායනය : ගුණදාස කපුගේ සමග මාලනී බුලත්සිංහල





මේකේ මියුසික් ගැන නම් කියන්න සිංදුවට ගොඩක් ක්ලික් වුනේ නෑ. මේක තාවකාලික වෙන් වීමක් ගැන කියන නිසාද මන්ද ඕනවට වඩා ඇදෙන්නේ නෑ ගීතය. මුලින්ම මියුසික් වල අර ඉර එළියෙන් රන්වන් වෙන අහස පෙන්වන්න ඕනි නිසාද මන්ද (Music box or Bell Tone) ටිලින් ටිලින් ගාලා ටෝන් එකකින් ලොව් පිච් එකේ ඉඳලා උඩට යනවා ඇහෙනවා. 

මේක මුලින්ම කියලා තියෙන්නේ ඔස්ටින් මුණසිංහ සමග අනුලා බුලත්සිංහලයන්ලු. පස්සේ මේක කපුගේ සමග මාලිනියන් ගයලා තියෙන්නේ. මුල් ගීය හොයා ගන්න නෑ දරුවෝ. මේක ආරංචි හැටියට කපුගේගේ පලවෙනි යුග ගීතයලු. 

ඉතින් මේ කපුගේගේ නම ටයිප් කරනකොට තවත් දේවල් දෙකක් මතක් වුනා.එකක් අරූගේ අඩවිය. ඒ ඇයි කියලා මේකට ගිහින් බලන්නකෝ
අනික....තමයි......දැන් මේ අර වලයා ඉන්නේ අහ්හ් වලයා නෙවෙයි වයල වයල. උන්දැට දැන් අරහේ එස් බී උන්නැහේ නායකත්ව පුහුණුවක් දෙනවලු හෝ ගාලා. කැම්පස් යන්න වියදම් කරනවා මදිවට උන්ට දැන් එව්වට ඕනි බඩු ගන්නත් බර වියදම්. ඇරත් ඔව්වට වියදම් කරන සල්ලි වලින් ලැබ් එකට ඕනි බඩු අරන් දීපන්කො නැත්නම් ඔය හොස්ටල් එකක් අලුත් වැඩියා කොරපන්කෝ. කොහෙද මෙව්වා කොලාම ගහන්න ලේසිනෙ.  හෝව් හෝව් පිච් එක අවුට් යනවා.. 

ඉතින් මේ වයලා ගිහින් නිසා ඕකා ආයේ සති තුනකට මේ පැත්ත පළාතේ එන්නේ නෑ. සිංදුවා තමයි රජා !
ඉතින් යන්න කලින් අපේ ගෙදර ආවා ඔන්න. කෝමත් අපේ ගෙදර හැමදාම වගේ කොල්ලා එනවා. එතකොට ඔන්න එදා තව මල්ලි කෙනෙක්ගේ කම්පීටරයක්  කැඩිලා සිංදුවා ඒක හදනවා.
වයලත් ඇවිල්ලා උදව් දීලා ඉන්න ගමන් උගේ හිරමනේ නිකමට අරන් ආවා. අරන් ඇවිත් ඉන්න ගමන් ඔන්න පටන් ගත්තා ගහන්න සිංදුවක්.....
"ආවාදෝ සංසාරේ......"
ඕක ඉතින් රෙකෝඩ් කොරන්න කියලා සිංදුවා තප්පු ගහන ගමන් රෙකෝඩ් කොලා. පස්සේ රේකොඩින් එකේ භාගයක් යනකොට බලු තඩියා ඇවිත් පෝන් කට්ට දෝයි ගාලා බිම. පස්සේ සිංදුවත් සෙට් වෙලා දෙන්නා තුන්දෙනා පිස්සු බජව්වක් කළා. ඔන්න ඒකෙන් පොඩි කොටහක් අද දාන්නයි බැලුවේ.
මේ කපුගේගේ සිංදු දෙකක්. (සවුන්ස්ඩ් හොඳ කොලිටිය එන්න HD කියන එක ක්ලික් කොරලා බලන්න ඔන්න)






පොස්ට් එක අවසාන කොරන්නේ මෙන්න මේ ලුෂන් බුලත්සිංහලයන්ම ලියු නිසදසකින්. අනිත් කාරණේ මේ 2013 වසරේ අන්තිම පොස්ට් එක වෙන්න පුළුවන් ඒ නිසා ඔන්න කට්ටියම උම්මා සමග සුභ උපන්දිනයක් වේවා !






31 comments :

  1. Replies
    1. ටැංකු බුඩිස් g-) g-) :D

      Delete
  2. කොච්චර ගීත විචාර තිබුණත් නිධාන කතාවත් එක්ක විචාරය යනවා වගේ හිතට දැනෙන්නෙ නෑ නෙහ්.. :)

    විචාරේ කියෝලා කියන්න හිටි ඔක්කොම අමතක වෙලා ගියා මේ දෙන්නගේ නාඩගම බලලා..... :-? බොරු නෙවේ සිංදුවෝ මට වලයාට :D නෑ නෑ වයලාට අපේ ගෙදරට වෙලා වයලින් ගගහා හිටපන් කියලා කියන්න හිතුනේ උදේ හිට රෑ වෙනකං...අර මුල් ටිකේ ෆට්ට ඈ..මම බයිට් පැත්තක තියලා ඒක අහන් හිටියා..
    :-da
    ලූෂන් බුලත්සිංහල අර නිසඳැසේ කියලා තියෙන්නේ ඇත්තද ඈ....අපරාදේ කලින් කිවුවනම් බඳින්නෙ නැතුවම ඉන්නවා....හික්.... :))

    (හීන් නූලෙං දීපු ලිංකුවට තැන්කිව් ඈ :-h )

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහෙම නිධාන කතා හැම එකටම නැතත් තියෙන ඒවා රස කරලා හැමෝටම කියනවානම් සෝයිනේ...

      හඃ හඃ හඃ එහෙනම් අර එදා වගේ වටලප්පන් නම් හදලා බැරිවෙයි ආ... :)) =)) කෑම නැතුව වයලා නවත්තගන්නවා බොරු...
      වා....ට්? //බයිට් එක පැත්තක තිබ්බ// කිව්වා....? බයිට් තනියම කෑවා නෙහ් ? :-gr :-gr

      ඒකනේ දැන් උයාලා පෙම්වත්තු නෙවෙයිනේ. හෙහ් පස්සේ බැන්දනම් ඉඩමක් කඩමක් විකුනලා තමයි. සිංදුවත් බඳින්නේ නෑ මගේ රත්තරං හෙලේනා කියලා හඳපානේ කැන්දන් එනවා :-bd :-bd

      (අහ්හ් එව්වා නම් මොනාද මෙයා.. ;) )

      බොහෝම ස්තුතියි ඈ... :D

      Delete
  3. දවසක් ධම්ම බණ්ඩාරනායක මහත්තයා ( නම හරියටම මතක නෑ) විචාරෙකදිත් කිවුවා දම් පාටින් ලා සිංදුවෙ තියෙන්නෙ අනියම් සම්බන්ධයක් ගැන කියලා "මේ නිහඬ බව බිඳින්න" සිංදුවෙ වගේම. .එතකොට ඒක වැරදියි වගේ නේද.හාකො හාකො.
    අර නිසැඳස හොඳයි හිත හදාගන්න නම් නියමෙටම.

    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ සිංදුවත් ලූෂන් බුලත්සිංහලයන්ගෙ අත්දැකීමක් කියලා යාන්තමට අහල තියෙනවා සිංදුවෝ.

    වෙන් වී යන සියල්ලෝම සදා පෙම්වතුන් වෙලා ඉන්න නිසා වේන්න ඇති මගේම නොවන මලේ ආදරය සිංදුව මෙච්චර මිනිස්සුන්ට වැදෙන්න ඇත්තෙත් එහෙනම්

    පස්ටයි කයල කියන්නෑ අප්පා ආයෙ මේ වැඩේ හරියන්නෑනෙ හැමදාම ඕක කිය කිය ඉන්න පුළුවන්ද.නව වසරේ නව වචනයක් හොයාගෙන එන්නම්.

    හැබැයි තරහ නැතුව මේ අවුරුද්දට තව පෝස්ටුවක් දාන්න වයලගෙ අඩුව මැකෙන්නත් එක්ක.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. "මේ නිහඬ බව බිඳින්න" එක ගැන නම් දන්නේ නෑ. අහලා බලන්න ඕනා සාසෝ.
      ඔව් ඔව් මුතුකුඩ විතරක් නෙවෙයි තව ලිස්ට් එකක්ම තියෙයි.
      හෙහ් හෙහ් හෙහ් වෙන්නැති වෙන්නැති ( [මටම] මේකිට පෙම් විසේ :)) )
      බලමුකෝ බලමුකෝ හොඳේ .... :D
      ජය වේවා ඇන්ඩ් බොහෝම ස්තුතියි සාසෝ :D

      Delete
  4. ගොඩක් අසාවෙන් කියවුවේ ... :C

    ReplyDelete
    Replies
    1. :-h බොහෝම ස්තුතියි අපුර්වී :D

      Delete
  5. ගීතයේ මූලික සංකල්පනාව හිතේ පහළ වෙන සිද්ධිය වෙනස් වුණාට, මේ ගීතයේ තියෙන්නේ ඒ කතාව කියලා කියන්න බැහැ නේද? වෙන මොකක්වත් ඕනේ නෑ... මුහුදු වෙරළක ඇවිදින සමුගන්න නියමිත පෙම්වතුන් දෙදෙනෙකු ගැන නෙමෙයිනෙ මේ තියෙන්නේ..

    ගීතය සම්පූර්ණයෙන්ම ගත්තහම, "සොයා මගේ සෙනෙහස මතුදා", "ළමැද තලා යහනේ ඉන්නම්" කියන යෙදුම් වලින් ඉඟි කෙරෙනවා මේක ලිංගත්වයට බර වැඩි බැඳීමක් කියලා. මෙ වගේ ගීත වල තියන ලක්ෂණයක් තමයි තේරුම් එකකට වඩා වැඩි ප්‍රමානයක් ආදේශ කිරීමට ඇති හැකියාව. ඒක රචනයාට ගීතය ලියන්න මුල් වූ කාරණව නොවුනා කියන එක ගැටලුවක් නෙමෙයි.

    මේකෙ නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් කියන එකටත් මෙහෙම අර්ථ කථනයක් තියනවා. නෙලුම් පතක පිණි බිඳුවක් වැටුණහම ඒක නෙලුම් පතේ ගෑවෙන්නෙ නෑ.. ඒ නිසා මේ පිණි බින්දුව තියෙන්නේ බුබුලක් වගේ. ඊලඟට යෙදෙන ළමැදේ හැඩහුරුකම ගැන තමයි ඒ කියන්නෙ කියලා කියනවා. නමුත් ඉතිං ඒ විදිහට හිතපුවහමත් පද රචනයේ පොඩි නොගැලපීමක් වගේ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර ඒ කතාවම තියෙන්න ඕනියි කියලා කියන්නම බෑ. ඒක ඒ ගීතය විචාරය කරන තැනැත්තා මත රඳා පවතිනවා කියලයි මම හිතන්නේ. ගීතයක් ගැන ඒ ඒ පුද්ගලයට ආවේනික වුනු අදහසක් තියෙන්න පුළුවන්.

      ඔව් මෙතැනදී මුහුදු වෙරලක් ගැන අදහසක් කියවෙන්නේ නෑ. ඒ කියන්නේ ඒ සිතුවමම නෙවෙයි ගීතයට පෙරලෙන්න ඇත්තේ එතැනදී ඇතිවුණු හැඟීම පමණක් වෙන්න පුළුවන්.

      මෙතනදී පිනිබිඳුව සම්බන්ධ කියන දේ මට පැහැදිලි වුනේ නෑ.
      එතනදි කියන්නේ //නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම් පමා වෙලා හිරු නැගෙන තුරා//
      ඔතනදි "සේ" කියන තැනින් උපමාවයි උපමේයයි කැඩෙනවා, ළමැදේ හැඩහුරු කමක් ගැන කියවෙන්න ඕනිනම්
      // නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ ළමැද තලා යහන // වගේ යෙදෙන්න ඕනි "ඉන්නම්" කියන පදය නැතුව නේද. ඉන්නම් කියන පදය නිසා තිසර මතු කරන්න හදන අදහස මැරෙනවා කියලයි මට හිතෙන්නේ..

      කමෙන්ට් එක දැක්කම මේක මට මතක් වුනේ

      මහගම සේකරයන් කිව්වලු යම්කිසි නිර්මාණයක්, නිර්මාණයකර එය සහෘදයාට පිරිනැමුවම ඒක ඒ සහෘදයා කැමති ආකාරයට අරුත් ගැන්විය හැකියි කියලා.

      ඒ වගේ අපි ගීත වලට ලංවෙන්නේ අපේම විචාරයකින්. හැබැයි සමහරවිට ඒක සම්පුර්ණයෙන්ම නොහිතපු අර්ථයක් වෙන්න පුළුවන්. දැක්කද අර සඳකඩ පහනට පහුගිය දවස් වල ගිය විචාර. ඒකයි මම කිව්වේ නියම රචකයා ඔහුගේ අදහසත් පවසනවා නම් අපිට නොමග යාමේ ඉඩකඩ අඩුයි. හැබැයි රචකයා එහෙම කියනවා කියලා අපි ගීතය ගැන තියෙන අපේ විචාරය වෙනස් කරගන්නම ඕනි නෑනේ.

      Delete
    2. බොහෝම ස්තුතියි තිසර :D

      Delete
    3. බොහොම ස්තූතියි සිංදුවා... ඔය කතාව මම අහලා තිබුණට පද රචනය කියවද්දි ඒකෙ අවුලක් තියන බව මට දැනුණා. ඒකයි මම ලිව්වේ ඒකෙ නොගැලපීමක් තියනවා කියලා. නමුත් ඔබ ඒක නිරවුල් කරලා තියන විදිහ හරිම අගෙයි. බොහොම තර්කානුකූල පැහැදිලි කිරීමක්. ඔව් ඒ පැහැදිලි කිරීමෙදි පිණි බිඳුවේ හැඩය ළමැදට උපමා කරලා කියන අදහස බිඳ වැටෙනවා.

      මමත් පෞද්ගලිකව කැමතියි ගීත රචකයා ගීතයට මුල් වූ සිද්ධි සහ හැඟීම් පැහැදිලි කරනවට. මමත් දැක්කා සඳකඩපහණක ගීතයට දීලා තිබ්බ විචාර. ඒවා නම් තමන්ගේ හිතේ තියන කතා ගීත වලට ගලපන්න දරපු අසාර්ථක උත්සාහයක්. ශ්‍රාවකයාගෙ හිතේ ඇඳගන්න ඔහුගේම චිත්ත රූප වලට හානියක් නොකර ගීතය බිහිවීමට හේතු වූ කාරණා පහදන්න දක්ෂ ගීත රචකයෙකුට පුළුවන්.

      නිර්මාණයත් සමගම නිර්මාපකයා මියයනවා කියලාත් කියනවනේ. කොහොමටත් ඉතිහාසය දිහා බලපුවහමත් විශිෂ්ට ගණයට වැටිලා තියන නිර්මාණ ගොඩක්, ඒවා රස විඳින්නන්ගේ විවිධ අර්ථකථන වලට ඉඩ තියපු නිර්මාණ කියලයි මට හිතෙන්නේ.

      Delete
    4. අනිවාර්යෙන්ම :D බොහෝම ස්තුතියි තිසර :D

      Delete
  6. සමහර රචකයින්ට තමන් සමාජයේ ගොඩ නංවාගෙන ඉන්න වෙස්මුහුණු ප්‍රතිරූපයත් එක්ක ඇත්තම ඇත්ත කෙළින් කියන්න බෑ.අනික පසුබිම් වෙච්ච කතාව කියන්නේ ගීතයක තේරුම නෙවෙයි.කෙනෙකුට අහසේ පියාඹන කුරුල්ලෙකු දිහා බලලා ප්‍රේම ගීතයක් ලියන්න පුලුවන්.ඔතන දම් පාට කියන්නේ අඳුරට.කලු පාට වෙනුවට රස විඳින ‍රැයක් ගැන කියන්න තමයි දේදුන්නේ පාටක් වෙන දම් පාට අරන් තියෙන්නේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. හිම පියලි කියන අදහස එක්ක එකඟයි. සමහර කරුණු එහෙම කියන්න බෑ. ළඳුනේ, සඳ කැන් වැටිලා වගේ ගීත උදාහරණයට ගන්න පුළුවන්. පසුබිම් වුනු කතාව හැමවිටම ගීතයේ අර්ථයම වෙනවා කියලා මම කියලත් නෑ නේද ? :D
      අහ්හ් අන්න ඒ කාරණයනම් මට ක්ලික් වුනේම නෑ. අඳුර ගැන කියන්න දම් පාට ගත්තා වෙන්නත් පුළුවන් තමයි. එතකොට පෙම්වතියගේ අඳුරු වුනු මුණ දම් හඳට යන එකත් පැහැදිලි වෙනවා. :-? :D
      බොහෝම ස්තුතියි :D

      Delete
  7. කොහොම වෙතත් සින්දුවෙන් කියන්නෙ රැය ගත වෙල එලිවිමක් ගැන කියල ස්තිරයි නෙද.හැම අර්ථකතනෙම තියෙන්නෙ එක.මෙ කතාව ඇහුවෙ අදමයි.ස්තුතියි මචන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං පැහැදිලිවම රැය ගතවෙලා අහවර වෙමින් තියෙන්නේ කියල පැහැදිලියි. බොහෝම ස්තුතියි :D

      Delete
  8. මම ආසම සිංදුවක් ඒ වගේම හොඳ සටහනක් .. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ලොකු ජෝන් :D

      Delete
  9. සිංදුවෝ......ගීතයක් විචාරය කිරීමේදි සංගීත නිර්මාපකයාගේ පැත්තෙනුත් යම්කිසි අදහස් ටිකක් එකතුවෙනවා නම් ඇත්තටම හොඳයි. නමුත් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. අමරසිරි පීරිස් ගැයු කේමදාස මාස්ටර් සංගීතය නිර්මාණය කෙරූ "මට ගමට එන්න" ගීතයේ වොයිස් එක ප්‍රතිවාදනය වෙන්නේ ඇයි කියලා මෙහෙම කියනවා .මේක බලන්න. ගීතයේ විචාරයේදි අහුවෙන්නේ පදවැල පමණක් වීම ලොකු වරදක්. මේ ගීතය ලිව්වේ සමන් අතාවුද බවයි මගේ මතකය. http://www.youtube.com/watch?v=s73nHKirmXo

    උඹේ ලිපිය වටිනවා. සංගීතයටත් සවන් දුන්නා. මා ගැනත් ලිව්වාට ස්තූතියි!!!

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියේ ඒක මාස්ටර් දාලා තියෙන්නේ අර හුළඟ ගැන අඟවන්න කියන්න... බැලින්නම් හදිසිය පෙන්වන්නනේ... මාස්ටර්ගේ ෂෝ වල මේ වගේ වීඩියෝ ක්ලිප් බැලුවා එකේදී එහෙම මෙහෙම් මෙහෙම කියලා කියලා දෙනවා නියමෙට.
      මේවා එලියට එනවනම් ඔහොම කියලා දෙනව නම් මිනිස්සුගේ රසඥතාව කියන එක දියුණු වෙනවා. එතකොට නිකන්ම මිනිස්සු හොඳ දේවල් තෝරන්න පටන් ගනීවි. එතකොට ඔය දැන් බාල ඒවා කරනවා කියලා කාටවත් බැන බැන දගලන්න ඕනි නෑනේ. ඉබේම ඒවා නැතිවෙයි.
      බොහෝම ස්තුතියි අරෝ...

      Delete
    2. “මට ගමට එන්න“ ගීතය ලිව්වෙ රත්න ශ්‍රී විජේසිංහ. මාස්ටර් වරක් රූපවාහිනී වැඩසටහනකදි ඔය ගීතයේ පද රචනය ගැන කතා කළේ අප්‍රසාදයකින්. ඒකට හේතුව නගරයේ ජීවිතය ගත කරලා ඇති වෙලා ඉන්න වෙලාවක කියන සින්දුවෙ පද මාලාවෙ තියෙන විරිත 6/8 එකක් වීම. රත්න ශ්‍රී මුලින් ලියපු පද මාලාව මාස්ටර් ප්‍රතික්ෂේප කරලා. නමුත් ඔහු නැවත ලියලා තියෙන්නෙත් ඒ විරිතටමයි. මට මතක විදියට මාස්ටර් එදා කිව්වා “මම මිනිහට කිව්වා මේ විරිත හරියන්නෑ කියලා. ඒ වුනාට දෙවෙනි පාරටත් ලිව්වෙ 6/8 එකක්. මොනවා කරන්නද. මම ඒකට මෙලඩි එක දැම්මා“ කියලා.

      ගීතයක් එක එක රසිකයාට එක එක විදියට අර්ථකථනය කරගන්න පුළුවන් නම් ඒ පදරචනය සාර්ථකයි. “නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ ලමැද තලා යහනේ ඉන්නම්“ කියන එකෙන් මේ සම්බන්ධයේ තියෙන තාවකාලික බව ගැන කියවෙනවා නේද? ඒ නිසා මම වැඩිය කැමතියි මේක අනියම් සම්බන්ධයක් ගැන කියවෙනවා කියලා හිතන්න.

      ලූෂන් බුලත්සිංහල සතු චිත්ත රූප මැවීමේ හැකියාව විස්මයජනකයි. මුතුකුඩ ඉහලන, සැන්දෑ අහස වගේ, විදුලි මිණි පහන්, මිණි මිණි පොදේ.....

      කලින් පෝස්ට් එකක තිබුණු දඬුබස්නාමානය වයලින් එකෙන් ගහපු එක මරු!

      Delete
    3. :D මාස්ටර් කතා කරනවා අහගෙන ඉන්න මරු. සමහර කියන ඒවා මොකුත් තේරෙන්නේ නෑ. ඒත් ඒවා ගැන පස්සේ හොයලා ඉගන ගත්තම කොච්චර දේවල් ටිකක් කෙටි කරලා කිව්වද කියල මීටර් වෙනවා. වැඩක් නෑ කියලා. අතීතෙට යන්න පුලුවන්නම් මම කරන එක දෙයක් තමයි මාස්ටර්ගේ ෆවුන්ඩේෂන් එකට බැඳෙන එක :D

      සුලලිත ගී කියන එකත් පිළිගන්නට පුළුවන්. සමහරවිට අනියම් සම්බන්ධයක් ගැන වෙන්නත් පුළුවන්. මහාචාර්ය සුචරිත ගම්ලතුන් පවා වැඩිපුරම මතු කරේ මම දන්න හැටියට අනියම් සම්බන්ධයක් ගැන. ඒත් සාමාන්‍යයෙන් අනියම් සම්බන්ධයක් ගැනනම් පොඩි හරි ඒ පැත්තට නැඹුරු ඉඟියක් දෙනවා ගොඩක් ගීත වල. මන්ද මේක ගැන දෙපැත්තටම කතා කරන්න පුළුවන්. :D

      ඒ රේකොඩින් එකේ දඬුබස්නාමානය වයලින් ප්ලේ කරන්නේත් කීබෝඩ් එක පාවිච්චි කරලා. ඕක කරන දවස් වල වයලව මට ඒ තරම් ෆිට් වෙලා තිබුනේ නෑ :D
      බොහෝම ස්තුතියි සුලලිත ගී. :D

      Delete
  10. දම් පාට කීවාම දම් පාට ,රතු පාට ,පාට පාට හීන ලෝක මතක් වෙනවා..
    තව කුඩු,ගන්ජා වගේ මත්ද්‍රව්ය බීලා කිරන මිනිස්සුන්ව මතක් වෙනවා...
    මමත් ආසම ගීත වලින් එකක්.නමුත් ආසම දන්නා ගීත වල නොදන්නා දේවල් ගොඩාක් තියෙනවා.
    "දම් පාටින් ලා සද බැස යනවා" ගීතයෙත් නොදන්නා දෙයක් දැනගත්තා.
    උබලාගේ පිස්සු බජව්ව නම් එල ඈ...

    ReplyDelete
    Replies
    1. :-bd :-bd දඟයා දම් පාටින් ගිය දුර. හඃ හඃ හඃ හඃ
      එල එලස් දඟයෝ g-) g-) බොහෝම ස්තුතියි ඈ... :D

      Delete
  11. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නලින් ! :-h

      Delete
  12. මේක කියවාගන ටික දුරක් යන කොට මට මතකයට ආවේ අර '' හෙට දවසේ අප දෙදෙනා අදවාගෙම හමුවිය යුතුවේ '' සින්දුව

    ඔයා දන්නවා නේද ඒ ඇයි කියලා

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ. මිහිර ;) අරන් ආපු ප්‍රියායි, ඒ වෙලාවේම පද දෙක ලියපු ප්‍රේමකීර්ති ගැනයි නොවැ. බොහෝම ස්තුතියි අටමා !

      Delete
  13. සිංදුවේ විචාරයනම් නිවැරදි විය හැකි ඒත් නවයකයෙක් තමා මාත් නමුත් අපි මේ විචාරය මීට වඩා සංවර විලාශයෙන් නව පරපුරේ අදහස් වලින් මිදි නිනිර්මානය වුවා නම් ඉතාම වටිනවා

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.