Sunday, December 15, 2013

ගාඩි ප්‍රේමය


ගොඩක් කාලයකට පස්සේ අහපු පට්ට සිංදුවක් ගැන ඔන්න ලියන්නම ඕනා කියලා හිතුනා. වයලා මේ දවස්වල ලෙඩ නිවාඩු. උට දැන් ලෝකේ රවුම් කරලා බැලුවා ඇති කියලා ඩොකා කියලා හතරැස් විදියට බලන්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා දැන් ඔන්න ගෙදරිනුත් ලැප දානවට අවුල්. ඒකත් ශේප් කරගත්තා කියමුකෝ ඒත් වැඩිවෙලා බලාගෙන ඉන්න බැලූ. ඒ නිසා සීයයි මුණුපුරයි ගැන කියන්න වෙන්නේ තව කීප දිනකින් තමයි.

ඉස්සර සින්දුවගේ ජාතික ගී වෙලා සිංදු තුනක් තිබුනා. දැනටත් ඒවා ජාතික ගීතම තමයි. එකක් "රඟහල දැන් ඇත අඩ අඳුරේ" , අනික අප දෙදෙනා පෙම් පිළිසඳරේ... එතකොට තුන්වෙනි එක අන්න බලන් කුමරිය මනමේ... හෙහ් හෙහ් හෙහ් . ඔය සින්දුව කිව්වත් හරි අපේ එකෙක් කියපු ආතල් කතාවක් මතක් වුනා..
උට අනුව මේ සිංදුව ඔන්න කියන්නේ මනමේ එක්ක මනමේගේ යාලුවෙක් පොඩි ඩ්‍රින්ක් පාරක් ගන්න ගමන්ලු.

රඟහල දැන් ඇත අඩ අඳුරේ...
අපි දෙදෙනා පෙම් පිළිසඳරේ...


චඃ බං ඔතනදි නිකන් ගේ වගේනේ... මම කිව්වා.

පිස්සුද බං පෙම් පිළිසඳර කියන්නේ උන්ගේ ලවක් නෙවෙයි. දැන් මනමේ බූට් එක කාලා ඇවිත් මනමේගේ යාලුවට සීන් එක කියන එක.

අන්න බලන් කුමරිය මනමේ.. ඒ කියන්නේ මනමේ බූට ගැන කියද්දී යාළුවා දකිනවා කෙල්ල ඉන්නවා වැද්දගෙන් බූට කාලා. එතකොට යාළුවා මනමෙට කෙල්ලව පෙන්වනවා. මචන් මනමේ, අන්න බලපන් කුමාරි ඉන්නවා... ඔන්න ඕක කියන්නේ කොහොමද අන්න බලන් කුමරිය,   මනමේ ! ඔතන මනමේ කියන්නේ ආමන්ත්‍රණය.  හඃ හඃ හඃ
තනි වී ඇත හිමගිරි අරණේ.

මේ ලඟදි කම්පීටරේ තිබිලා මේ සිංදු කෑල්ල අහුවුනා... ඔරිජිනල් එක රූකාන්තගේ අංඟනාවෝ...

අං ගෙනාවෝ
ලාබයි මේවා අනේ ගන්නකො ඔහෙලා
කීයක් හරි අඩුවෙන් මං දෙන්නම් මෙව්වා
අං ගෙනාවෝ

ප්‍රේමවන්තයින්ගේ මෝඩ කම් බලාලා
මං හදාපු මේ අලුත් අඟේ
හීනි දිගටි බවට ඕන
තරුණියක්ට යහමට දැල
එලත ඇහැකි මේ මගේ මලේ...


ඕක දැක්කම මතක් වුනේ මේ ලඟදි කොල්ලෙක් අමුතු කිට් එකක් ඇඳලා එල්ලිලා මැරිලා තිබුනා දැක්කද. නිවුස් එකේ තිබුණු හැටියට ගෑලු ළමෙක් දැකලා යාලු වෙන්න හොයා බලනකොට තව පොරක් හිමිකම් කියනවලු. ඉතින් බොලේ ඕකට එල්ලෙන්න ඕනිද...
නිව්ස් වල විචාර වැඩක් නෑ ආවනම් සින්දුව කියලා පලයන් නැද්ද..?
හා !

ඉතින් මම දැන් කිව්වේ නෑනේ දෙවෙනි ජාතික ගීතය මොකක්ද කියලා, ඒක තමයි "සුළගේ ලෙළෙනා මල සේ දඟ පා" , අද කතාවට වැදගත් වෙන්නේ තුන් වෙනි ජාතික ගීතය ඒක තමයි "දෙව්රේ දිලෙනා" සින්දුව. මේ සිංදු තුනෙන් එකක් ගැනවත් නෙවෙයි ඉතින් අද කියන්න යන්නේ හැබැයි මේ සිංදු තුනෙන් එකක අද සිංදුවේ ගායකයා ඉන්නවා.

මේ ලඟදි සිංදුවා හරි හරියට නවලෝකේ පැත්තේ රවුම් ගැහුවා. ජෙම්පුරේ ඉඳලා පැය තුනක් තිස්සේ කොළඹට ගාටනවා. කෝම හරි එක දවසක් ඔන්න ටවුන් හෝල් බහින්න ඕනි එකා නිදිමතේ බැස්සා ග්ලාස් හවුස්. බැස්සනම් පලයන් කියලා 138 අල්ලන්න ඔන්න යනවා පයින්... උදේට එක්සර්සයිස් කරන්න ආපු නංගි සුදාලා එක්ක හිනාව දාගෙන යනකොට තියෙනවා ඔන්න ටවුල් හෝල් කියලා හොඳ තණ නිල්ලක් එක සුදු බිල්ඩින් කෑල්ලක්. සිංදුවා යනකොට ටවුන් හෝල් ගාර්ඩන් එකේ ඉන්නවා පොඩි ළමයි සෙට් එකක්. ආයේ සූකිරි ඇඳුම් ඇඳගත්ත, සුදට සුදේ බැබලි බැබලි එහෙම නෙවෙයි, කාකි ඇඳුම් එක්ක කලු වෙච්ච මූණු ටිකක්. ඒ සෙට් එක ෂොපින් කවර ටිකක් අරන් ප්ලාස්ටික් බෝතල් අනං මනං ඇහිදිනවා.

හැම කතාවේම වගේ මේ සීන් එකෙත් හරියටම තව ස්කොල ඇඳුම් ඇඳගත්ත ළමයි ටිකක් අම්මලා එක්ක ඔන්න එතනින් ගියා. ඒ අම්මලා මේ ළමයි ගාවින් යනකොට තමන්ගේ ළමයව ජරා ගොඩකින් අයින් කරනවා වගේ අයින් කර ගත්තා. ඔන්න හැබැයි සිංදුවා ඒක කිව්වේ ඒ අම්මලට බනින්න නෙවෙයි. ඒක දැක්කම සිංදුවට මතක් වුනේ කතාවක්. කියවල තිබුණු කෙටි කතාවක්. කේ ජයතිලකයන්ගේ, කටු සහ මල් පොතේ දෙවෙනි කතාව "වෙනස".

හෝව් හෝව් මූඩ් ගහන්න හදන්නේ. හරි හරි ඔන්න ඒ සීන් එක ඉවර වෙලා නවලෝකේ ගිහින් ඩොකා එනකම් සිංදුවා ඉන්නකොට ඔන්න මතක් වුනේ අර ළමයි ටික. ඒ ළමයි ටිකෙන් ආයේ මීටරේට ආවේ කුලමල සීන් වලට. ඒකෙන් තමයි ඔන්න අද සිංදුවට පොට පෑදෙන්නේ. කුලමල කියපු ගමන් මීටරේට එන්නේ අපිට අශෝක මාලා මමයි ස්වාමිනේ ට්‍රැක් එකනේ... අද ට්‍රැක් එකත් ඒ වගේම එකක් තමයි.

මේ සිංදුවත් හැදෙන්නේ මේ වගේ සීන් එකක් නිසාලු. ඔන්න ඉතින් මහින්ද චන්ද්‍රසේකරයන් කැම්පස් එකේ ඉන්න කාලේ, කැම්පස් නිවාඩුවට එනවලු ගෙදර. ගෙදර එනකොට මිදුලේ ඉන්නවලු, රොඩී කියන කැටගරියේ ගෑලු ළමෙක්. ඔය රොඩී ජනයාටම තමයි ගාඩි කියලා කියන්නෙත් එයාලා ඇවිල්ල දන්නා හැටියට නම්බරයක් නැති පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ දුවගෙන් පැවත එන කට්ටියක්ලු.




ඉතින් මේ ගාඩි කෙල්ල බිම වාඩි වෙලා එයාලගේ එක එක අයිටම් දදා කවි කියනවලු. කියන්නේ රත්නවල්ලි කවිලු. රත්නවල්ලි කවි වලින් කියන්නේ ගාඩි ජනයාගේ දෙවියන් වෙන රත්නවල්ලි කියන දේවියට පුදපූජා පවත්තන කවිලු .රත්නවල්ලි කියන්නේ අර නම්බර නැති පරාගේ දුවගේ නමලු. ඉතින් මේ රත්නවල්ලි ඉස්සර හිටපු අර නාග යක්ෂ ගෝත්‍ර වගේ තෙලඹු ගහක් මුල් කරගෙන හිටපු ජන කණ්ඩායමක ලීඩර්ලු. මෙයාටම තමයිලු ස්වර්ණමාලි කියලා කියන්නෙත්. අර අමරදේව සර් කියන්නේ... ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි කියලා. මේ ඒක ගැන වයලා ලිව්ව පොස්ට් එක.

මේ තියෙන්නේ ඒ රත්නවල්ලි කවි ටිකක් මම පත්තරේ තිබිලා කොප්පක් දැම්මා.

නිල්බර නිල් රුකට පිටදී උන්නු ලියේ
නිල්බර නිල් වරළ ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන් පච්ෙච්පන් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බහු රත්න වල්ලියේ

ගනසා මඬුල්ලෙන් ගැවසුන රුක්‌ කඳට පිටදී සිටින නිල්වන් කෙස්‌ කළඹින් යුතු= කාන්තාව මොනරකු මෙන් පැහැබර රත්නවල්ලියනි නිල්වන් තෙලඹු ගසින් බසින්න.

ඈත සිටන් එන්න සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නෙ මෙල්ලි මෙල්ලියේ
කරේ බැන්ද පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න වල්ලියේ

නටමින් ඈත සිට ඔබ එන්නෙහිය. මුදු කෝමළ තැනැත්තිය ඔබ දැන් ළඟ සිට එන්නෙහිය. පබලුවලින් අලංකාරව නිසලව එන පැරකුම්බා රජුගෙ දුව වන නවරත්න වල්ලිය.

සීත සුලං සල් ඔලියෙල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ද ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

සීතල මුදු සල්මල්වලින් කළ මල් මාලාවකින් සැරසී සිටින කාන්තාව නුඹට උණයක්‌ හිසරදයක්‌වත් වැළඳෙන්නේ නැද්ද? භයංකර පබලුවැල් පළඳින්නාවූ රත්නවල්ලියනි අපගේ ගාථා අසන්නට අප වෙත එන්න


ඉතින් කෝමහරි ඔහොම කිය කියා නටනවා මහින්දයන්ගේ අම්මා ආසාවෙන් හිනාවෙවී බලාගෙන ඉන්නවලු. මේක ටිකක් වෙලා මහින්දත් බලාගෙන හිටියලු වැට ළඟට වෙලා. කෝම හරි ඉතින් ඔන්න හින්දි පික්චාර් එකක වගේ මේකෙත් මේ ගෑලු ළමයා ලස්සන දැරිවියක්ලු. කෝම හරි මේ කැම්පස් කොල්ලාටත් ඉතින් මේ දැරිවිගේ රූපේ, සිත්තම් කරමින් මනසේ ඔබේ රුව වුනාලු.

ඒත් යාලු වෙන්නද, බෑනේ . මොකද යාලු වුනානම් වෙන්නේ චන්ද්‍රසේකරයන්ටත් එයාගේ වරිගෙන් රෙඩ් කාඩ් එක ලැබෙන එක ෂුවර් බඩු. සෝ මේ සීන් එක තමයි පස්සේ ඔන්න චන්ද්‍රසේකරයන් අතින් ගීතයක් විදියට ලියවෙන්නේ.

ප්‍රාණ සමානා මව්පියෝ නැතිවෙයි
වරිග තහංචිය බැල්ම හෙළා 
නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
ගාඩි ළමිස්සියේ යන්න එපා 

පැහැදිලිවම දැන් කොල්ලට මේ ගෑලු ළමයව ලබාගන්න බෑනේ. එහෙම කලොත් අනිවාර්යෙන්ම එයාගේ වරිගෙන් අවුට් තමයි, වංශේ නම් බං කබල් ගාන්නද, කියලා බඳින්නත් බෑ, ප්‍රශ්නේ එතකොට දෙමව්පියෝත් අහිමි වෙනවානේ.  ඒ නිසා මොකද කියන්නේ ලංව ඉන්නට බෑ ලොවේ... සිතින් විතරක් පෙම් කරන්නම්.. ලයින් එකක් යන්නේ. ගෑලු ළමයගෙන් ඉල්ලනවා නොබැඳ මල් කඩමු කියලා.

බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ හද මාගේ තදේ 
පාන හිනා ඇති පුංචි පැටික්කියේ
ප්‍රීති කෙරේ සඳ පාන වගේ 


ගෑලු ළමයාගේ හිනාව ප්‍රීති කෙරේ සඳ පාන වගේ, හිනාව ඔහුව කුල්මත් කරවනවා හරියට හඳ පාන වගේ. එතකොට මේ ප්‍රවේසම් සීන් එක ? මේ ළමයට වෙන අයත් බැල්ම දාවි කියලා අපේ කොල්ලා භීතියෙන් භයෙන් ඉන්නේ. ඒ නිසා ගෑලු ළමයට පරිස්සම් වෙන්න කියලා ඉල්ලනවා.

බැන්ද කරේ පවලම් පොට රඟදෙයි 
රන්තැටියට කැරකෙන්ට සොඳේ 
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව 
රන් තෙලඹුව යට ඉන්න ලඳේ 

මේ දැරිවිගේ කරේ තියෙන පවලම් කරකැවෙන්නේ රන්තැටියක් වගේ. (මේකමද මන්ද තේරුම, සිංදුවාටත් ඒ කොටස නම් පොඩ්ඩක් අවුල් පවුල් )  පවලම් කියන්නේ ගාඩි ජනයාගේම විශේෂිත වුනු නමක්ලු. ඒ කියන්නේ රොඩී භාෂාව කියලා වෙනම ලැන්වේජ් වගේ එකක් තියෙයි. ඒක පොඩ්ඩක් වැදි භාෂාවට කිට්ටුයිලු. දැන් ඒක ක්‍රමයෙන් අභාවයට ගිහින්ලු තියෙන්නේ.
අන්ධ නේත්‍ර මැද පාන වගේ කියන්නේ අන්ධ නේත්‍ර කියන්නේ අන්ධ වුනු ඇස් මැද තියෙන පහනක් වගේ, සෝ පහන කොයිතරම් එළිය වුනත් අන්ධ ඇස් වලට පෙනෙන්නේ නෑ, ඒ වගේ ගෑලු ළමයාගේ ලස්සනත් අනිත් අයට නොපෙන්වා ඉන්න කියලා ඉල්ලනවා, තෙලඹුව යට ඉන්න ලඳේ කියන්නේ මම හිතන්නේ පිටගම් නොයා ඉන්න කියලයි, තෙලඹු කියන්නේ මම කලින් කිව්වා වගේ මේ ජනයාගේ දේවිය වාසය කල ස්ථානයනේ. ඒ නිසා මේ කොල්ලා මේ කියන්නේ මේ මාවම පතාන් හිටු කියලා  වෙන්න ඕනා.

දැන්කාලේ බිහිවෙන සිංදු අහ්හ් නෑ නෑ එහෙම කිව්වොත් වැරදියි මොකද තාමත් හොඳ නිර්මාණ බිහිවෙන නිසා, දැන් කාලේ හිට්වෙලා තියෙන චාටර් විකාර සිංදු වලට වඩා මේවා කොච්චර සුපිරිද කියලා අහන හැමවෙලාවෙම සින්දුවාට නම් හිතෙනවා.

දැන් මේකේ මියුසික් ගැන කතා කලාම තනු නිර්මාණය වෙලා තියෙන්නේ උපාලි ජයලත් සංගීතඥයා අතින්. එතුමාත් මේ ගාඩි ජනයා අධ්‍යනයෙන් මේකෙට තනුව හැදුවලු. ගාඩි ජනයා කතා කරන්නේ ඉක්මනින් ඉක්මනින්ලු, ඒ වගේම සමහර දේවල් ඇ.....ද......ලා.......ලු කියන්නේ. සෝ ඒ දෙකම එන විදියට තමයි තනුව හැදෙන්නේ, සිංදුව අහනකොට තේරෙනවනේ දුව දුව යනවා වගේ, පස්සේ වර්ස් වලදී සමහර වචන වල ඇදීමක් මීටර් වෙයි අහනකොට.

අහ්හ් තව එකක් මේක මම හිතාගෙන හිටියට ජානක වික්‍රමසිංහයන් කිව්වා කියලා පස්සෙයි දන්නේ මුල් ගායනය ඩී.එම්. රාජරත්නයන්ගේලු. සිංදුවාට ඒ ට්‍රැක් එක හොයාගන්න බැරි වුනා.  සිංදුවාත් තාම අහලා නෑ පළමු එක.

එහෙනම් හිදලු ගෑවී, හිසලු ගෑවා, එකන්ගෙ ගැඬියා, එකන්ගෙ අන්ගි, එකන්ගෙ ගාඬියා,  එකන්ගෙ ගැඬී,  නැන්දම්මා, ලොකු අප්පා, බාලම්මා, හීන් තාත්තා,  ඉලයත් හිදුලු ගැවා, ඉලයත් හිදුලු ගැවී.. ආයේ සිංදුවා තැවින්නෙනම් මේ සින්දුව ඉගිල්ලන්න.
ගලු පානවා එපා බං. තේරෙන්නේ නැත්නම් තේරුම දැනගන්න මෙතනට තැවින්නියන්.






ප්‍රාණ සමානා මව්පියෝ නැතිවෙයි
වරිග තහංචිය බැල්ම හෙළා
නුඹේ මූණ බලා හැමදාම ඉඳින්නම්
ගාඩි ළමිස්සියේ යන්න එපා

බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ හද මාගේ තදේ
පාන හිනා ඇති පුංචි පැටික්කියේ
ප්‍රීති කෙරේ සඳ පාන වගේ

බැන්ද කරේ පවලම් පොට රඟදෙයි
රන්තැටියට කැරකෙන්ට සොඳේ
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව
රන් තෙලඹුව යට ඉන්න ලඳේ


ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
තනු නිර්මාණය : උපාලි ජයලත්

  

19 comments :

  1. හම්මේ ඇති යන්තං මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ. :-pi

    රූප සොබාවට හිත වහ වැටුනට..
    ආල කතා නොකියන්න හොදා..
    ගාඩි ලඳකි මම අවසර පිං කඳ
    ඩිංගක් හිත වාවන්න හොඳා...

    පස්ටයි ඈ... :-f

    ඔබේ නමින් සෑය බඳිමි මේ ටිකේම මම අහ අහ හිටියෙ.බෝ..........ම ටැංකු ඒකෙ ලින්ක් එකට ඈ :-vi

    ReplyDelete
    Replies
    1. කියනවනම් ඉතින් හිත වාව ගන්නම්කො එහෙනම්. බොහෝම ස්තුතියි සාසෝ :)

      Delete
  2. කාලෙකින් නොවැ මේපැත්තෙ ආවෙ..

    හා ..හා.. ඔය රඟහල දැන් ඇත සින්දුව අව්භාවිතා කරන්න එහෙම එපා.. කෙලින්ම දාන්නෙ නඩු ඈ.. මතකනෙ සංගීත් විජේසූරියට උනු අලකලංචිය :D

    අංගනාවෝ එකේ තාලෙට ඒකාලෙ අපි කියපු සින්දුවක්

    සෙංගමාලේ...
    අපෙ සීයට හැදුනා
    අපෙ සීයා මැරුණා
    මට හීනෙන් ඔබ කීවා තොට බෝවෙයි කියලා
    සෙංගමාලේ... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං සමී කියන්නේ. හෙහ් හෙහ් මතකයි මතකයි මෙව්වා හොරෙන් කාටවත් ආරංචි වෙන එකක් නෑ :D
      ඒ සෙන්ගමාලේ එක අපිත් කිව්වා මචන් :D ඒක මතක් වුනේම නෑ උඹ කියනකම් :D බොහෝම ස්තුතියි සමියා :)

      Delete
  3. නියම විස්තරෙ තැන්කුයි තැන්කුයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දමිත් :)

      Delete
  4. හිහ්... අර උඩ ඇවිත් තියෙන්නේ ගාඩි ලඳ....

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද,,, කවි වෙනුවට සින්දුත් කියලා ගිහින් :D බොහෝම ස්තුතියි උකුස්සෝ :)

      Delete
  5. හොද විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි දිනේෂ් :)

      Delete
  6. සිංදුවෝ.....හරි ලස්සන ලිපියක්...කාලෙකට පස්සේ දැක්කේ. මේ සිංදුවේ ඔරිජිනල් එක කියන රාජරත්න ගැන කිසිම සඳහනක් නැහැනේ කොහේවත්...මටත් ආසයි ඒක අහන්න. මම මහින්ද චන්ද්‍රසේකරගේ දේශන දෙක තුනකට සවන් දීලා තියෙනවා. හරිම රසවත්. එකල රජරට සේවය ගැන තියෙන්නේ ඉතාමත්ම හොඳ සහතිකයක්..දිගටම ලියන්න....වයලීනුවාව මතක් කරන්න..ඉක්මන් සුවය!!

    මිහිටියි, පතිලියා මුරිතුනියි බුදලා ලාවට තෙරිවෙයන්!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අරෝ. කීප පොලක සදහන් වෙලා තියෙනවනම් දැක්කා මම. හැබැයි ඒ කියපු සිංදුව නම් අහලම නෑ. බලමු ඉස්සරහට හම්බවුනොත් දාන්නම්කො මෙතනටම. වයලා ගෙදරට හොරෙන් දැන් දැන් බ්ලොග් වල කරක් ගහනව කියලයි ආරංචි :D

      ඒක පෙකෙන මට ගාලු පැන්නා :D :D

      Delete
  7. බොාහාම අගෙයි මාත් දවසක් ගෝමර ගැන ඔහොම ලිපියක් දැම්මා.. මල් ගෝමර පෙති ගෝමර

    ReplyDelete
  8. හරිම වටිනවා. මේවා දිගටම කරන පලයන්.. :D ලොවෙත් නැතුව වටිනා සේවයක් උඹල කරන්නෙ. All the best!

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.