Wednesday, December 18, 2013

ලපය තිබුන රහස් තැන කොහෙද ? 12+


ඔය උපන් ලප ගත්තම එක එක මාදිලියේ කතා සීන් ගොඩයි නොවැ. ඇරත් ලප තියෙන්නේත් අනේක විද සයිස් වලින් නොවැ. සමහර උන්ගේ පොඩි එව්වා , ඒකට අනිත් උන්ගේ පලාතක්ම පුරාම ලපේ. කොල්ලෙක් කෙසේ වෙතත් කෙල්ලෙක්ගෙ ඒ වගේ ලොකු ලපයක් තිබුනොත් තමයි සීන් කෝන් එක ඩබල් ත්‍රිබල් වෙන්නේ. ඔය ලප තියෙන තැන අනුවත් එක එක එව්වා වෙනවා කියනවනේ. කට නිකට හරියේ තියෙනවනම් උන්දා හොඳට කයිවාරු දෙසාබාන එකෙක් කියලා මට කව්දෝ කියලා තියෙයි. තව අර කතාවකුත් තිබුනේ නිධානයක් ගන්න ලපයක් තියෙන ගෑලු ළමෙක් බැන්ද සීන් එකක්, තව තව ඔහොම හෑලි පෑලි හොයන් යනකොට සිංදුවාට අහුවුනේ මෙන්න මේ ටික. :D

ආයේ වෙන තැනකට යවන්න ඕනි නෑනේ ලපේ බලන්න. මම උපුටලා අරගත්තා නවලිය පත්තරෙන්. දැන් ඉතින් ටෝච් අරන් උපන් ඇඳුමෙන් ලප හොයපන්කෝ. හඃ හඃ හඃ කැමති කැමති උන් එහෙනම් ලපේ කොහෙද බලාගන්නකෝ :D




උපන් ලපය 01
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා.

උපන් ලපය 03
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය.

උපන් ලපය 04
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උපන් ලපය 06
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත.

උපන් ලපය 07
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි.

උපන් ලපය 09
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත.

උපන් ලපය 11
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි.

උපන් ලපය 12
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි.

උපන් ලපය 13
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.

උපන් ලප 14
පුරුෂයකුගේ බාහුවේ මෙම ස්‌ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස්‌ ස්‌ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක්‌ හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්‌ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි.

උපන් ලප 15
උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක්‌ ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලප 16
වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස්‌ කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි.

කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්‌සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්‌ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ.

උපන් ලප 17
අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය.

ස්‌ත්‍රියකගේ මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස්‌ රැක ගත නොහැකි කෙනෙක්‌ බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස්‌ හෙළිකරන්නේ සෙසු අයට හානියක්‌ කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්.

උපන් ලප 18
ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්‌මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්‌කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්‌ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක්‌ ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්‌වභාවයක්‌ දිස්‌වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක්‌ පවතී.

උපන් ලප 19
පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක්‌ හෝ උපන් ලප කිහිපයක්‌ පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්‌වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

උපන් ලප 20
පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක්‌ නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත.

උපන් ලප 21
පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක්‌ මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක්‌ මෙන් විශාල නම් එයින් අදහස්‌ කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.



උපන් ලපය 38
තට්‌ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්‌සන්ගේ ගෞරවාදරයට පාත්‍රවීමට නියමිත අයෙකි.

උපන් ලපය 39
කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි.

උපන් ලපය 40
විශේෂඥ දැනුමක්‌ හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය.

උපන් ලපය 41
දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක්‌ මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ.

උපන් ලපය 42
පාදයේ පිටුපස මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය "හොඳ" උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි.

උපන් ලපය 43
පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක්‌ හිමි අය නිතරම ගෙදරින් දුරස්‌ වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්‌ද විය හැක.

උපන් ලපය 44
මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක්‌ හෝ හොඳ නමක්‌ නොපවතින කාන්තාවක්‌ විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය.

උපන් ලපය 45
ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක්‌ නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක්‌ පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්‌ගේද එවැනි උපන් ලපයක්‌ දැකිය හැක.

උපන් ලපය 46
තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්‌වන්නේ ද උදාසීන ප්‍රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය.

උපන් ලපය 47
වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක්‌ බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස්‌ ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක්‌ පිළිබඳවයි.
මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක්‌ වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත.

උපන් ලපය 48
අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක්‌ උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න.



හඃ හඃ හඃ කෝමද ආ තට්ටමේ එහෙම ලපේ තියෙයිද ? හඃ හඃ හඃ ලපයක් නැතත් මැදින් වලක් තිබුනොත් මදෑ. කෝම හරි ඉතින් ඔය ලප සීන් ගත්තම කතා නොකරම බැරි දෙන්නෙක් ඉන්නවනේ. නෑ නෑ වයලයි ##යි නෙවෙයි. මේ අර පරණ කාලේ දෙන්නෙක් හිටියේ බං... කෝම හරි ඔය දෙන්නා ගැන සිංදුවා මුලින්ම දැන ගත්තේ ටීවී එකෙන් පොඩි කාලේදී. 

දැන් ඉන්න පොඩි එවුන් ඉතින් උඩ ගිහින් බලනවා ඇති ඒ කාලේ ටීවී වල ඒවත් ගියාද කියලා. උඹලට කියන්න පොඩි එකෝ ඉස්සර තිබුනා රූපවාහිනිය කියලා චැනල් එකක්. ඒ දවස්වල මේ වගේ චැනල් හුටපට හැටහුටාමාරක් නෑ. ඔය හෙන සල්ලි කාරයන්ට එහෙම පහසුකමක් තිබුනා, හැබැයි උනුත් බැලුවේ වත්තෙන් භාගයක්ම කවර් වෙන හෙන තඩි සැටලයිට් එකක් හයි කරගෙන මම දන්න හැටියට.  කෝමහරි ඔය තිබුණු චැනල් දෙකෙන් තුනෙන් අපිට අහුවුනේ ක්ලියර් එකයි. ඒ ඇවිල්ල රූපවාහිනිය. නම ඇහුවම හරිම අප්සැට් හැඟීමක් ආවා නේද බං. ඉතින් මේකයි ඉස්සර ඕක දැන් තියෙන දෙකේ කොලේ වන්දිබට්ට පචවාහිනි ටයිප් වගේ නෙවෙයි ඈ. ඒ දවස්වල ඉතින් මිනිසුන්ට බලන්න අලුතෙන් හිතන්න ඉගන ගන්න දේවල් ගොඩක් ඕකේ ගියා. ඒ දවස්වල ඉතින් රස්සාවලට සුදුසුකම් වලින් මිනිස්සු ගිය කාලයක්නෙ බං. 

ඔන්න ඉතින් ඒ දවස්වල අම්මලා පුතාලා ආච්චිලා තාත්තලා ඔක්කම සෙට් එකම එකතුවෙලා ටීවී රෑ බැලුවේ. දවසක් ඔන්න ඕකේ ගියා පට්ට ප්‍රෝග්‍රෑම් එකක්. කොච්චර පට්ටද කියනවනම් මට ඒකෙ නම මේ වෙනකම් මතක තිබුනා, මේ දැන් අමතක වුනා. ඉතින් ඕකේ ගියේ සිංදු ඈ. ඒක එදා දවසේ විශේෂ ප්‍රෝග්‍රෑම් එකක්. ඕකේ ගායක ගායිකාවෝ එහෙම රඟපපා සිංදු කිව්වේ. ඔව් ඔව් බං. ඉස්සර එයාලා රඟපානවා කියන්නේ දැන් වගේ නෙවෙයි, ඒක හරිම ලොකු දෙයක් අපිට. දැන් ඉන්නේ සියල්ල දත් අයනේ බං. ඉස්සර හිටියේ ඒ ඒ උන් උන්ගේ සාස්තරේ කෙල පැමිණි උන්.  ඒ නිසා ඒ අය රඟපෑවම ටිකක් ලොකු දෙයක්. 

කෝමහරි ඔය වැඩසටහනෙන් මට මතක නම් සිංදු තුනක් විතරයි ඈ. 
1. රාළ මමයි මුන්කොටුවේ බොහෝ කාලයකින් නොවැ දුටුවේ ( මෙන්න මේ සිංදුව හම්බවුනොත් පිංවතෙක් කියන්න මට)
ඔය දෙකම මට හොඳට මතක ඒකෙ ඒ ගායකයෝම කරපු තාත්වික රඟපෑම නිසා. එතකොට තුන්වෙනි එක මතක ඔන්න රඟපෑම් නිසා නෙවෙයි. :D  අම්මා ඒකේ කතාව ඒ වෙලාවේ කියලා දීපු නිසා.  ඒ සිංදුව ඔන්න ලපයකට සම්බන්ධයි. තාමත් මම මේ කියන ලපේ මීටර් නැත්නම් ඉතින් සොරිවෙලා ඉස්සරහටම යමු එහෙනම්. 




ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මේ ලංකාවේ හිටියා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියලා රජ ඩයල් එකක්. උන්දැ නම් අර තහනම් අඩවියේ එකා වගේ වල් නෑ. හිත හොඳ මනුස්සයලු. :D ඉතින් මේ මනුස්සයා රජ කරන කාලේ පෘතුග්‍රීසි එක්ක යුද්ධ කරලා ඕලන්දකාරයෝ එක්ක ගිවිසුම් ගහලා හිටිය කාලයක්ලු. ඒ දවස් වල මොකද වෙන්නේ පුතා, ලැනරෝල් කියල ප්‍රංශ පොරක් එනවා ඔන්න රජාව ඔෆීෂියලි මීට් වෙන්න.  රජාට මෑන්ව බොක්කට වදිනවා. කාලයත් එක්ක ඔන්න උට රජ බැලුම් වැටෙනවා. ඒ කිව්වේ ? ඒ කිව්වේ රජා මුන්දට දෙනවා කන්ද උඩරට තානාපතිකම.

ඔන්න මේ තානාපති උන්දගේ ඔෆීෂියල් අස්පයා බලා ගත්තේ "ද ගැස්‌කොයින්" (De Gascoyne) කියලා ඩයල් එකක්ලු. කෝමහරි මේකා ආපහු ප්‍රංශේට යනකොට වීසා අවුලක් නිසා මේ අස්පයා බලාගත්ත මනුස්සයට යන්න වෙන්නේ නෑලු. මුන්දා මොකද කරන්නේ මහනුවර නවතිනවා. නැවතිලා ඉන්න ගමන් ඔන්න කෑල්ලක් රන් කරන්න පටන් ගන්නවා. කොමහරි ඒ කෙල්ල සිංහල-පෘතුග්‍රීසි දෙන්නෙක්ට දූ වුනු  "නෙස්‌ක්‍රිඤ්ඤා" කියලා කෙනෙක්ලු. ඉතින් මොකද වෙන්නේ මේ ලව් එක නැගලා ගිහින් මේ දෙන්න බඳිනවා. 

ඉතින් හනිමුන් යන්න ඔෆීෂියල් රෙකමන්ඩේෂන් අරන් මේ දෙන්නා හදනවා ළමයි දෙන්නෙක්. එකෙක් පුතෙක්, අනිකා දුවෙක්. දුව ගැන වැඩි විස්තරයක් නෑලු ඉතිහාසේ. හඃ හඃ පේනවනේ ඉතිහාසෙන් වුනත් චීත්ත අයින් කරලා තියෙන්නේ හඃ හඃ හඃ ඒ නිසා ඒ කෙල්ලව පැත්තකට දාමු. ඊට පස්සේ පුතා... අහ්හ් ඔන්න ඕකා තමයි අද දවසේ ප්‍රධාන කැරැට්ටුව වෙන්නේ. 

පුතාගේ නම "Gascoyne" (ගැස්‌කොයින්) . ඕවා ඉතින් කියවන්න පුළුවන් නම්ද බං නෑනේ. ඉතින් පස්සේ සිංහලට ඕක මුලින්ම "ගැස්කොන්" වෙලා එනවලු පස්සේ ඔන්න ඕක "දස්කොන්" වෙනවලු. වැඩේ කියන්නේ මේ දස්කොන් ගැන වෙනම කතාවකුත් තියෙයි. ඒ ඇවිල්ල අර රජාගේ වලියකදී මැරුම් කාපු ප්‍රතිකාල් සොල්ජර් කෙනෙක්ගේ දරුවෙක් කෝන් ගහක් යට දාලා ගිහින් හම්බවෙලා, පස්සේ ඒ කොල්ලට ගස්කොන් කියලා දාලා ඒක දස්කොන් වුනා කියලත් කියනවා ඈ. 

දැන් ඔන්න දස්කොන් ඉතින් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ වැලිවිට සරණංකර සඟරජ හිමියන්ගේ ගුරුවරයා වුනු කිත්සිරිමෙවන් රාජසුන්දර සාමණේරයන් (සූරියගොඩ සාමි) ගාවටලු. දස්කොන්ට සිංහල වගේම පෘතුග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන්ලු ආ. 

දැන් ආයේ එමු අර රජා ගාවට. රජාට හිටියලු ඔන්න රැජිනක් "ප්‍රමිලා" කියලා, ප්‍රමිලා ඔන්න රජාට මදුරාවෙන් ඉම්පෝර්ට්ඩ් කරපු කෑල්ලක්ලු. කට්ටියක් කියනවා ප්‍රමිලා ඇවිල්ල සාමාන්‍ය පවුලක කෙල්ලෙක් කියලා , අනිත් අය කියනවා එහෙම නෙවෙයිලු හොඳ වංශවත් පවුලක ළමයෙක් කියලා. ඉතින් වයලා වගේ වැඩි විස්තර නොකියා බහිමුකො ප්‍රධාන සීන් එකට එහෙනම්. 

දස්කොන් ඉතින් හොඳ කවියෙක්ලු. හැබැයි එහෙම කියලා ලියපු කවි නම් මහා ගොඩක් ඉතිහාසේ නෑලු. කෝම හරි කවියෙක්ලු ඈ. ඒ වගේම පොර සිංදුවා වගේ හැන්සම් පොරලු. දස්කොන් රජාට කොච්චර හිතට ඇල්ලුවද ඇහුවොත් කොල්ලට රජා දුන්නලු අදිකාරම් පට්ටමත්. රජාටත් ඉතින් හිටියේ ප්‍රමිලා ලේඩි විතරක් නෙවෙයිලු ඈ.. කීපයක්ම මිනිහත් ඇද්දලු. ඉතින් ඒ ඒ අයට රජවාසල් එහෙම තිබුනලු. කෝමහරි ප්‍රමිලා ළමයා හිටියේ හඟුරන්කෙත මාලිගාවෙලු. රජා වැඩිපුරම ඉඳලා තියෙන්නේ සෙන්කඩගල මාලිගාවෙලු. 
ඉතින් ඕවා මේවා ඔක්කම සීන් බලපාලා ඔන්න ප්‍රමිලව දස්කොන්ට කැපෙනවා. 




ආව් ආව්... දෙන්නගේ ලව් එක නැගලම යනවලු. ඉතින් දස්කොන් කවියා නිසා කෑල්ලට කවි එහෙම දුන්නලු. 

රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා 

පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා
රන් මල්ලට නොවිඳිද විදිනා ගුල්ලා

මේක කියන්නේ ඔන්න දස්කොන් ගොයියලු. හෙහ් හෙහ් දැන් ඉතින් ගුල්ලා කව්ද රන් මල්ල කව්ද තේරෙනවනේ නෙහ්. ආයේ ප්‍රමිලත් සෙකන්ඩ් වෙන්නේ නෑ, එන්න සුදු දස්කොන් කියලා නොකියා කියනවලු මෙහෙම ඈ...

යන්නෝ මෙමග රෑ දහවල තොර වෙත්ද 
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා බොද්ද 
දන්නෝ පහස ගෙට අඬ ගහලා දෙත්ද 
දන්නෝ උපා මිණී බැඳි දොර නාරිත්ද

හොයි.... හොයි.... සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු. ඔව්වා ඔන්න වටේ පිටේ අරන්චිවෙලා මෙහෙම කිව්වලු අනිත් හිතවත් අය දසාට. 

අකුරු කළේ කුමටද පොරණ ගුරුවරු
හකුරු කැලේ දමද්ද දියව යනතුරු
කපුරු මලේ සුවඳට වැනසෙත් බමරු
නපුරු මලේ දැන දැන නොකරන් වියරු


කෝමහරි ඔන්න මෙහෙම සීන් එක නැගලම යනකොට ප්‍රමිලා නංගි ලෙඩ වෙනවා. නෑ නෑ බං එහෙම ලෙඩක් නෙවෙයිලු. ඉතින් ඔන්න ඒකට බලිශාන්ති කර්මයක් කරමු කියලා යෝජනාවුනාම රජා ඒක කරන්න සංවිධායකයා විදියට පත් කරන්නේ දස්කොන් අයියව. ඉතින් මේ ශාන්ති කර්මෙට බලියක් අඹන්න වෙනවලු. ඒ කියන්නේ දේවියගේ නිරුවත් රූපේ මැටියෙන් අඹන්න වෙනවලු. 




දැන් ඉතින් ප්‍රධාන සංවිධායක වුනාම ඔව්වා හරියට වෙනවද බලන්නත් ඕනිනේ. අඹනකොට දස්කොනුත් ඇවිත් බලන් ඉඳලා කියනවලු..

"මල්ලි ආන්න අතන ලපයකුත් තියන්න" කියලා. 

ශ්හ්... ශ්හ්..... පොඩ්ඩක් කන ලං කරහන්කෝ... (රහසෙන්) ආන්න අතන කියලා පෙන්නලා තියෙන්නේ ඉතිහාසේ හැටියට රහස් තැනක්ලු. ලොලේ ලොල්. 
හඃ හඃ හඃ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලුනේ. දස්කොන් අයියට ජම්බු හම්බවෙන්නේ ඔන්න ඔය ලපේ තියන්න ගිහින් තමයි. පව් නෑ කියල ඔන්න බලිය අඹපු මල්ලි ගිහින් දෙනවලු රජාට මේ නිව්ස් එක. රජාට ලොවෙත් මළලු. 

අනේ අහිංසකයා රාජ උදහසට ලක්වෙලා මරා දමන්න තීරණය කරලා ඔන්න දසා හිරේ දාලා ඉන්නවලු. 
උඹලට කියන්න ඒ ප්‍රේමේ තමා බං ප්‍රේමේ... 
ඒ දෙන්න ඔන්න හිරේ ඉන්න ටිකෙත් කවි යනවලු ඈ... 

සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද 

දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද

ඉතින් මරණෙට තීන්දු වෙලා ඉන්න දසාට ඔහොම ප්‍රමිලා කියනවලු. සෙල්ලම්ද ආ . ඉතින් දස්කොන් අයියත් රිප්ලයි එක දැම්මලු මෙහෙම. 

විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා
දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා 
වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා 
මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා

දසිස් කියන්නේ දස හිස් කියන්න, මහිස් කියන්නේ මගේ හිස කියන්න, කිම = කිමද යන්න, ඉතින් ඔය ඔක්කම ගත්තම තේරුම මෙහෙමයි, සීතාව ගෙනාපු රාවණා රජ්ජුරුවන්ටත් සීතාගේ රස පහස නොලබාම හිස් දහයම නැති කරගත්ත එකේ මම ඔයාගේ රස පහස ලබාගෙන මගේ හිස ඔයාගේ නමට නැති කරගත්තට කිමද නගා :D



කොමහරි හිරේ ඉන්න ගමන් දස්කොන් ලිව්වලු "නෝක්‌කඩු මාලය" කියලා පොඩි පොතක්, ඒක ලියලා තියෙන්නේ රජ්ජුරුවන්ට දෙන්න. දීලා අභය දානය අරගන්න. කෝමහරි ඒක රජාට ලැබිලා නෑ කියලයිලු කියවෙන්නේ. 

ඉතින් මේ සීන් එක බේස් කරගෙන සිංදු ගොඩක් නිර්මාණය වුනාලු. එහෙම එක සිංදුවක් තමයි අර සිංදුවා පොඩි කාලේ ගියේ. මේ ඒ සිංදුව... ඇන්ඩ් මේ සින්දුව මගේ ආසම ඒවායෙන් එකක්ලු ඈ. 
මේකේ තියෙන්නේ දස්කොන් එක්ක ප්‍රමිලා මල් කඩන ටික. මාරම ගති සිංදුවක්.




මිහිරිම වසන්තය අරන් බග සඳ එබෙයි කවුළුවෙන් 
දස්කොන් සකිසඳුනේ ඇයිද පමාවා
නිදිගත් කොවුලිඳුට හොරෙන් සීතල සඳ එළිය යටින් 
සක්මන් මලුව සොයාගෙන මම ආවා

සඳ වතුරෙන් පිරිලා නිල් දිය තිලක මණ්ඩපේ 
මුව මී පිරි ඉතිරේ වැව් තෙර කුමුදු මල් සැලේ 
වාසල මිණි බැඳී දොර නිහඩව නිදන වෙලාවේ 
සෙන්කඩගලට ඇවිත් මහ රෑ මධුර වසන්තේ 

බෝගම්බරින් එපිට හඬනා රෑ කුරුල්ලනේ 
ඔබටයි මඟුල් මඩුව හැදුවේ සකිසඳුන් මගේ 
කන්දෙන් ඈත රටක හිරු දෙව් නිදන යාමයේ 
ඉක්මන් ගමන් මොටද දේවිය ළඟ හිඳින රැයේ 

පද රචනය : දන්නේ නැත දන්නවනම් කියන්න 
ගායනය : චම්පා කල්හාරි සමග ජානක වික්‍රමසිංහ
සංගීතය : මේකත් දන්නේ නැත 

අනිත් සිංදු දෙකම ඇවිල්ල ඔන්න සෙල්ලම් අහුවුනාට පස්සේ තියෙන ශෝකාලාපය. 
මෙන්න මේ සිංදුවේ වර්ෂන් දෙකක් තියෙයි. එකක් නීලාවෝ තනියම ගයන එකක්, අනික අමරදේවයන් එක්ක කියන එකක්. 

මේ තියෙන්නේ තනියම කියන සිංදුව



දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් 
නො එනා ගමනකි යන්නේ
සක්මන් මළුවේ බැඳි පෙම් තොරණේ 
මල් දම් ගිලිහී යන්නේ

සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ 
සිත යන යන තැන එන්නේ
මතු දා ඔබ හමු වන්නේ

ඔබ ළඟ නැතිමුත් ඔබගේ සුවඳයි 
පවනේ පාවී එන්නේ
සයනේ සැඟැවී ඉන්නේ


සුනිල් ආරියරත්නයන් මේක ලියලා තියෙන්නේ මුලින්ම ඔන්න ප්‍රමිලගේ සයිඩ් එකෙන් සලකලලු. මේක රචනා කරලා තියෙන්නේ 70 දශකයේ වගේ මඩවල එස්.රත්නායකයන් ගුවන් විදුලියට කරපු ස්වර වර්ණ කියන ප්‍රෝග්‍රෑම් එකටලු. මේක ලියලා අමරදේවයන් සංගීතය දාලා නීලාවෝ ලවා කියවමු කියලා තීරණය කරලා ඔන්න සින්දුව කිව්වලු. 
පස්සේ අමරදේවයන්ට ඕනි වුනාලු මේකට දස්කොන් අයියවත් ගන්න. ඒ ඉල්ලීම මත ආයේ මේ සිංදුවම දස්කොන්ව ඇතුලත් කරලා ආයේ ලිව්වලු. එහෙම ලියලා අමරදේවයන් යුග ගීයක් විදියට ගැයුවලු. මේ තියෙන්නේ ඒ යුග ගායනය තියෙන සින්දුව.




දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් 
නො එනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත් භවයේ 
ඔබ මා යලි හමු වන්නේ

සියොළඟ හිමි ළඟ හදවත මා ළඟ
කෙලෙසද හද බැඳ ලන්නේ
කවුදෝ ‍රැකවල් ලන්නේ
ඔබ මා යලි හමු වන්නේ

මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව
ලොව්තුරු සුව වළඳින්නේ
කිසිදා නැත හමු වන්නේ
ඔබ මා යලි හමු වන්නේ

පද මාලාව : සුනිල් ආරියරත්නයන්
තනුව : ඩබ්ලිව්. ඩී. අමරදේවයන්
ගායනය : නීලා වික්‍රමසිංහ සමග අමරදේවයන් 


දස්කොන් ඉක්මන් ගමනින්, ඒ කියන්නේ වේලාසනම ඒකෙන් අර්ථවත් වෙන්නේ හිසගසා මරණවා කියන එක. ඒ කියන්නේ මරණය ඉක්මන් වෙලා නොඑනා ගමනකි කියන්නේ ආපහු එන්නේ නෑ කියන්නනේ. සෝ ඒ කියන්නේ මරණය. ඒ දෙන්නගේ ආදරේ පෙම් තොරණක් විදියට උපමා වෙන්නේ. 
මේකේ ලස්සනම කොටස "සියොළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ" ගත රජා ගාව ඒත් හිත... ඒක දසයා ගාව. ඒ නිසා ඔබ යන ලෝකෙට ඒ හිතත් ඇවිත් මතු දාක ආයේ මීට් වෙයි. 
ළඟ දැන් දසයා නෑ. මරා දමලා ඒත් ඒ සුවඳ ඒ කියන්නේ මතකය ප්‍රමිලා ගාව. ඈට දැන් රජාගේ සුවඳක් දැනෙන්නේ නෑ. රජාගේ මිහිරක් සයනේ නෑ. ඒ ඔක්කගේම රජ කරන්නේ දස්කොන්.
මේක නම් යම්තාක් දුරට සරලයි අදහස. අමාරු නෑ තේරුම හිතාගන්න. 
ඒ වුනාටමේ පහල සිංදුවේ අර්ථය පොඩ්ඩක් සිංදුවට මේ දවස්වල හිරවෙලා ඉන්නේ. ටික දවසකින් දෙන්නම් මුලින්ම දාපු සිංදුවේ තේරුමත් එක්කම. දැනට තම නැණ පමණින් තේරුම් ගන්නකො අහලා. 




සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ 


පද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ සමඟ සමිතා එරන්දතී

දැන් ඕක නෙවෙයි සීන් එක ඈ... මෙන්න මේකයි. 
දැන් ඒ දවස් වල දස්කොන් එක්ක කට්ටිය තරහෙන් හිටියලු. එක එක හේතුන් කියනවා. දස්කොන් මිෂනාරි කටයුතු වලට සෙට් වෙලා හිටපු නිසා කට්ටිය මලෙන් හිටියලු. අනික දස්කොන්ට අදිකාරම් පට්ටම දීපු එක ගැන උඩරට හිටපු අනිත් රදල පොරවල් යටින් තරහෙන්ලු හිටියේ. ඒ නිසා මිනිහව ප්ලෑන් කරලා මේකට පැටලෙව්වා කියලා කියනවා. ඒ කියන්නේ

"මල්ලි මෙතන ලපයක් තියන්න" 

කියලා කියන්න තරම් මිනිහා හරකෙක් නෙවෙයිනේ. ඒ නිසා ඒක වෙන කෙනෙක් කරවන්න ඇති කියලා කියනවා. කොමහරි කොල්ලා හිරේ ඉන්නකොට ලියපු පොත මම උඩින් කිව්වේ "නෝක්කඩු මාලය" කියලා. අන්න ඒ පොතත් රජාට ගිහින් නෑනේ. ඒ ගිහින් නැත්තේ කුමන්ත්‍රණය කරපු අය ඒක නවත්තලා නිසාලු. අනිත් කාරණේ ඔය කියන තරම් බිසවට කවි ලියන්න පුළුවන් වෙන්න විදියක් නෑනේ. මොකෝ කෙල්ල පොඩි කාලේ ඉඳලා සිංහල ඉගන ගත්තේ නෑනේ. සෝ හිටියේ මදුරා වලනේ. ඒ නිසා මේ කවි බිසව ලිව්වා වෙන්න බෑ කියලයි කියන්නේ. 

සෝ අවසාන නිගමනය කියන්නේ මෙහෙමයි බුද්ධාගම රැකගන්න ඕනි නිසා දස්කොන්ව මරවන්න භික්ෂුන් වහන්සේලා ඇතුළුව රදල නායකයින් එකතුවෙලා ගහපු ප්ලෑන් එක තමයි මේ ලපය. 

දැන් වැදගත්ම ප්‍රශ්නය !

මේ කියන මිනිහෙක් මරන්න පුළුවන් වුනු ලපය තිබුණු රහස් තැන කොහෙද ? 

ඕක තිබුනේ කෙල්ලගේ කලවා වලලු. හෙහ් හෙහ් කලවා වල තිබුනානම් අර උඩින්ම තියෙන නම්බරේ 19, 39,40 යන තුනෙන් එකක් වෙන්න ඕනා නෙහ් ? :D 
දැන් අපි ප්‍රමිලා ගැන දන්න නිසා අනිවා 19 වෙන්න බෑ, බොහෝ දුරට 40 වෙන්නත් බෑ, ඒ කියන්නේ තිබිලා තියෙන්නේ 39 හෝ ඒ ආසන්නව වෙන්න ඕනා නෙහ් . හඃ හඃ හඃ හඃ කෝමද හොයාගැනිල්ල සිංදුවා ඉතිහාසේ කලානම්...කියලා වැඩක් නෑ නෙහ්... :D 

දැන් අහල්ලකෝ, ඔය ලපය කියන්නේ ඈතට පේන එකෙකුත් නෙවෙයිනේ. එහෙනම් ඔන්න ප්‍රමිලා නාන වෙලාවක හැංගිලා ඉඳලා බැලුවා කියන්න පුළුවන්. අනික දැන් ඉතින් රජා අර දසාව මරන්න කලින් එක පාරක් හරි ලපය තියෙනවද කියලා බලලා ෂුවර් කරගන්නත් ඇතිනේ. ඒ කියන්නේ ලපය පිළිමේ මාක් කරලා තිබුනා හරිනේ. ඉතින් දැන් ඕක ප්ලෑන් කරලා කරානම්..... 

එතකොට දවසේ ප්‍රශ්නය ? 

කව්ද යකෝ ඔය ලපය හරියටම එතන තියෙනවා කියලා දන්න එකා ? 

දවසේ දැවෙන ප්‍රශ්නය ?

දන්නේ කවුරුවුනත් ඌ කොහොමද දන්නේ ලපය එතන තියෙනවා කියලා ? 


23 comments :

  1. කෝ බොල කොන්දේ තියන ලප ටිකේ අංක? අපේ අක්කගෙ දූගේ හියෙන්නේ ඔලුවේ කෙස් අතරේ...හබියගෙ තියෙන්නේ ඇහි පිල්ලම උඩ එකක් වත් නෑ :-gr

    // පේනවනේ ඉතිහාසෙන් වුනත් චීත්ත අයින් කරලා තියෙන්නේ // ගර් ර් ර් ර් ර් ර් ර් ර්........... b-(

    දැවෙන පුරස්න වලට උත්තර නම් මං දන්නෑ ඕං :-SS

    :)

    ReplyDelete
    Replies
    1. # එව්වා නවලියෙනුත් මකලා. එව්වා දැම්මොත් 18+ වෙනවා වෙන්න ඇති. =))
      අහ්හ් ඔලුවේ මුණේ අතේ එව්වට වෙනම තියෙයිලු. වයලාත් අනිත් එව්වා ගැන දාවි ඉවසලා ඉන්නවා තමා. :D

      # ගර් ර් ර් ර් ර් ර් ර් ර්.......... :)) :)) :)) මම කළා වගේනේ ඉතිහාසේ ඉතිහාසේ :)) :))

      # ඒකනේ ප්‍රමිලා බැලින්නම් ලේසි බඩ්ඩක් නෙවෙයි වගේ :-? :-? නැත්නම් ඔහොම ලප අහුවෙයිද :D

      බොහෝම ස්තුතියි රෙහෝ :D

      Delete
  2. ඒක ඉතිං හොයාගන්න බැරියැ මම කිව්වේ ලපේ...

    ReplyDelete
    Replies
    1. හා හා කුඩ පාරවල් කන්න තමයි ඔය ලප බලන්න ගිහින් ඈ =))
      බොහෝම ස්තුතියි දේශකයා

      Delete
  3. දැන් ඉතින් හොයපන්කෝ ලප :-? :-O :-SS d(

    ReplyDelete
    Replies
    1. හම්බ වුනාම කියන්නකෝ හොඳේ :)) බොහෝම ස්තුතියි බුඩිස්

      Delete
  4. අංක 2නෙ හයියෝ..

    මේ ඇත්තටම හැම මනුස්සයෙකුමෙ උපන් ලප තියනවාමද අනේ?
    දස්කොන්ට අනන් මනන් කියලා අහුවෙන්නෑ හරිය!

    ReplyDelete
    Replies
    1. ඇයි 38 එහෙම නැද්ද බං ? :-as :-bd :-bd
      කව්ද දන්නේ අප්පා ඔව්වා. තියෙනවා ඇති එකක් හරි නෙහ්..
      දස්කොන් ඉතින් කයිකාරයා වුනාට වල්ල්ල්...... s-) s-) නැත්නම් අනුන්ගේ ගෑනු පතයිද හා... ;-)
      බොහෝම ස්තුතියි සාසෝ :D

      Delete
    2. කිවුවැයි කියල හිතාගන්ටකො ඈ..

      වල් නෑ අනේ..අන්න රියල් ලවූ

      Delete
  5. අනෙ බුදු මචො මාවනම් අල්ලගන්න එපා ඔවට.බුකියෙ පොඩ්ඩක් රැගුවට ඔයවගෙ වැඩක් නම් කලෙ නැ .මෙ අම්මපා

    ReplyDelete
    Replies
    1. :-O :-O පුහුල් හොරා කලින් දැනෙයි කිව්වලු :-? ඉතින් මම දැන් උඹව හෙව්වේ ගහන්න නෙවෙයි බං. ඔය ලපේ තිබුණු තැන අහගන්නනේ... දන්නවනම් කියපන් ඉතින් හොඳ එකා වගේ... අපි යාළුවොනේ g-) g-)
      බොහෝම ස්තුතියි දමිත් :D :D

      Delete
  6. අද තමා මේ පැත්තෙ ආවෙ. උබලගෙ ලිවිල්ල නම් නියමයි. ඒවගේම පරන සිංදු මේ විදිහටවත් මතක් කරල එකත් ලොකු දෙයක්. දිගටම එන්නම් මේ පැත්තෙ. රෝලටත් දාගත්ත ඕන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :D දිගටම එන්න :D

      Delete
  7. සිංදුවෝ උඹ ලපේ හොයපන්....මම මේ සිංදුව හොයන්නම්.
    කවුද මේක ගායනා කරේ. \\රාළ මමයි මුන්කොටුවේ බොහෝ කාලයකින් නොවැ දුටුවේ ///////

    යසනාත් දම්මික බන්ඩාරගේ බ්ලොග් එක කියවනවාද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් යසනාත්ගේ බ්ලොග් එක පැත්තේ මමත් යනවා අරෝ. :D හෙහ් හෙහ් ඒ සිංදුව දෙන්නෙක් එක්ක කියන්නේ. එක්කෙනෙක් මතක නෑ, අනිත් කෙනා නම් බන්දුල විජේවීර මට මතක හැටියට :D
      බොහෝම ස්තුතියි අරෝ :D

      Delete
  8. ලපයක් කරපු හදියක්.....රජා වත් දැනගෙන හිටියද මන්ද ප්‍රමිලගේ ලප ගැන...

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුනා බං. ඔය කියන ලපේ එක්කෝ කලවා තිබුනා වෙන්න බෑ. වැරදිලා හැටි කලවා වල තිබුනානම් ඒක දැක්ක ගමන් නෝට් වෙන විදියේ එකක් වෙන්න ඇති. ඒ කිව්වේ ටිකක් ලොකු එකක් වගේ :D
      බොහෝම ස්තුතියි උකුස්ස :D

      Delete
  9. (01) “යන්නෝ මෙමග රෑ දාවල තොර වෙත්ද“ කවිය ගජමන් නෝනාගේ සම්බන්ධ කතාවලදිත් ඇය කියූ කවියක් ලෙසින් සඳහන් වෙනවා.

    (02)
    //දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත් ද?//
    “මිණි බැඳි දොර“ කියන්නෙ මොකක්ද? සක්මන් මළුව ගීතයේත්, මිහිරිම වසන්තය ගීතයේත් මේ යෙදුම යොදලා තියෙනවා. මිණි බැඳි දොර කියන්නෙ මණිමේඛලාව ද?

    (03) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කෙළිදෙලෙන් කාලය ගත කිරීමට ප්‍රිය කළ රජෙක් වශයෙනුයි හැඳින්වෙන්නේ. ඒ නිසා ඔහු සෙල්ලම් නිරිඳු කියලා අන්වර්ථ නාමයකිනුත් හැඳින්වෙනවා. සෙල්ලම් නිරිඳුගෙ පොඩි කාලෙ ඉඳන් යාළුවාලු දස්කොන්. ඒ නිසාලු ඔහුට ඉහළ තනතුරු දීලා ලඟින් තියාගෙන ඉඳලා තියෙන්නෙ.

    (04)
    මේ ඉතිහාස කතාන්දරය විශාල ගීත නිර්මාණ ප්‍රමාණයකට හේතු වෙලා තියෙනවා. මේ ලිපියේ ඇතුලත් කර ඇති ගීතවලට අමතර ව,
    සමන් ජයනාත් ජිනදාස සමග නිරෝෂා විරාජිනී ගායනා කරන රාත්‍රිය අපෙයි දස්කොන් ගීතය
    නන්දා මාලිනී ගායනා කරන ප්‍රමිලා බිසවුනි ගීතය
    රූකාන්ත චන්ද්‍රලේඛා යුවල ගායනා කරන බිසවුනි ප්‍රමිලා (දුකිනා වෙසෙනා) ගීතය
    ඒ අතරින් කිහිපයක්.

    (05) මේ කතාව පාදක කර ගෙන ජයලත් මනෝරත්නයන් සෙල්ලම් නිරිඳු නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරලා තියෙනවා.

    (06) තහනම් අඩවිය බ්ලොග් එකේ මේ ගැන ලියවුණු ලිපියේ මෙහෙම එකකුත් ලියලා තියෙනවා.
    //දස්කොන් අදිකාරම් තාමත් බෙල්ල නැතුව තමන්ගේ අදරවන්තියව හොය හොයා නුවර පැත්තේ අවිදිනවාලුය. දැක්කොත් අනිවා ගුරුකම් කරන්න නූල් බඳින්න වෙනවාලුය .එක එක විදියට කට්ටිය මේ අවතාරේ දැකල තියනවාලුය. සමහර විටක මෙය එන්නේ බෙල්ල අතේ තියගෙනලුය. නිලමේ ඇඳුම ඇඳන් ඉන්න මේ අවතාරය හොඳ උස මහත පෙනුම තියන එකක්ලුය.//

    (07) A suggestion
    මේ කතා ඇත්ත උනත් බොරු උනත්, ඓතිහාසික වැදගත්කමක් තියෙන කතා නිසා, " රජාගේ වලියකදී මැරුම් කාපු ප්‍රතිකාල් සොල්ජර් කෙනෙක්ගේ දරුවෙක්","තානාපති උන්දගේ ඔෆීෂියල් අස්පයා බලා ගත්තේ "ද ගැස්‌කොයින්" (De Gascoyne) කියලා ඩයල් එකක්" වගේ ඒවා ලියන එක හරි නෑ කියලයි හිතෙන්නෙ. එතකොට කරුණුවල අපැහැදිලි ගතියක් තියෙනවා. මේ අපේ මතය විතරයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි :D

      1. ඔව් ඔව් මමත් ඒක දැකලා තියෙයි ගජමන් නෝනා කියපු කවි වලත් තියෙනවා කියලා. නමුත් දස්කොන් ගැන යන බොහෝ ලිපි වල කියවෙන්නේ මේක මේ දෙන්නගේ කියලා

      2. මිණි බැඳි දොර කියන්නේ මණිමේඛලාව නම් නෙවෙයි. මණිමේඛලාව කියන්නේ මම දන්නා හැටියට අර ඉණ වටේ පළදින ආභරණයක්. මිණි බැඳී දොර කියන්නේ මට මතක හැටියට මේක මුලින්ම කියවෙන්නේ උන්මාද චිත්‍රා කතාවේ. මිණි යන්න මැණික් වලටත් ඒ වගේම ගෙජ්ජි වලටත් යොදාගන්නවා. මෙතනදී මිණි කියන්නේ ගෙජ්ජි වෙන්න ඕනා. මිණි බැඳී දොර අරින්න බැලූ සද්දයක් නොඑන විදියට. දොරෙන් සුළඟක් ආවත් මිණි (ගෙජ්ජි) හෙල්ලිලා සද්දේ එනවා කියලයි මට මතක. (මේක මම කීපදෙනෙක්ගෙන් ඇහුවා ෂුවර් වුනාම කියන්නම් ආයේ)

      3.ඒ සෙල්ලම් නිරිඳු කියන එක මට අහුවුනා. ඒවා මම දැම්මේ නැත්තේ ලිපිය තවත් දිග වැඩි වෙන හින්දා. ඒ පොඩිකාලේ ඉඳලා යාළුවො කියන කාරණය මම දැනගෙන හිටියේ නෑ

      4. රූකාන්තගේ සින්දුව මම හිතලමයි දැම්මේ නැත්තේ. අනිත් ගීත දෙකනම් මතක් වුනේ නෑ.

      5. මනෝගේ නාට්‍ය ගැන මේ ලිපි මම කියෙව්වා :D

      6. මම දැක්කේ නෑනේ රජා මෙහෙම එකක් දාලා කියලා. හැබැයි ඔය කියන අවතාරේ ගැන නම් ඇහුවේ රජාගෙන් විතරමයි. මම කියවපු කිසිම ලිපියක,පොතක හෝ සංවාදයක තිබුනේ නෑ. ඕක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනා

      7. ඒ වචන යොදා ගත්තේ කියවනකොට ඇතිවෙන එපා වෙන ගතිය නවත්තගන්න. :D නැත්නම් ගොඩක් වෙලාවට මේවා ගැන උනන්දු අය විතරයි කියවන්නේ. නමුත් සුලලත ගී කියනවා වගේ සඳහන් කරන දේ යොදාගන්නා භාෂාව නිසා අපැහැදිලි නම් ඒක තේරුමක් නෑ තමයි. ඉස්සරහට ඒ ගැනත් සලකලා ලියන්න උත්සහ කරන්නම් !

      Delete
    2. කතාවේ ඔක්කොම හොදින්ම දැනගන්න ඕනනම් "සෙල්ලම් නිරිඳු" බලන්න යන්න.... story එක පට්ට විදියට කරලා තියෙනවා .....
      http://rangahala.lk/sellam-niridu/

      Delete
  10. සදහන් වෙන විදියට ඔය ලපේ තිබිල තියෙන්නෙ වම් යෝනි තොලේ නේද? අනේ මමනං දන්න තොලක් නෑ. අහල තියෙන්නෙ එහෙමයි. :-h

    ReplyDelete
    Replies
    1. චිකේයියා උඹ කියන කතා

      Delete
    2. තු තු තු පොඩි උන් ඉන්නවා කියලවත් බලලද උඹ මේ කතා කියන්නේ හිටං :/

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

කොටලා බලන්නකෝ මේවා කමෙන්ට්ස් වල

:) :( :)) :(( =)) =D> :D :P :-O :-? :-SS :-f d( :-* b-( h-( g-) 5-p y-) c-) s-) d-) w-) :-h :X :-bb :-bd :-da :-gr :-pi :-vi :-as ;-) :-rap ;) :C v: :8