Wednesday, October 30, 2013

මගේ රුවන්මලී


ආයුබෝවන් වාසනාවන් දූවේ පුතේ නංගියේ මල්ලියේ නැන්දේ මාමේ සීයේ ආච්චියෙ අම්මේ තාත්තේ අයියේ අක්කේ නෑනේ මස්සිනේ බාප්පේ පුංචියේ යාලුවේ යෙහෙළියේ සහෝදර සහෝදරි වරුණේ
මගේ අපල කාලය ගෙවී ඔබගේ අපල කාලය ලැබී... අහ්හ් නෑ නෑ ඔබලාගේත් වයලා නිසා ලැබිලා තිබුණු අපල කාලය ගෙවී, නිවී හුදී ජන සිත් පහන් සංවේගය උදෙසා සෞභාග්‍යමත් හෙට දවසක් අරන් ඔබේ පිලේ පහන් දල්වන්නට හා ඒ ආලෝකයෙන් ලෝකය එළිය කරන්න ඔබ සමග අත්වැල් බැඳගෙන සිංදුවක් අහන්න  ඔන්න ආයෙත් සිංදුවා රිටර්න්ඩ් !

මොනාද මන්ද පත්‍රයට අනුව පළමුව ඇත්තේ ස්තුති කතාවක් කිරීමටයි.  ඒ සඳහා අති ගරු සින්දුව මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා.

...ශ්හ්.... ටොක් ටොක්... ෆහ්හ්හ් ෆ්හ්හ් ෆ්හ්හ් .. ඩිහ්හ් ඩිහ්හ් ඩිහ්හ් (මයික් එක වැඩද බැලුවේ)  (ඇරත් කොච්චර මයික් එක වැඩ වුනත් අපේ කට්ටියට ඔය ටික නොකර නිකන් මදි වගේනේ)
සභාවෙන් අවසරයි ... අපේ හාමුදුරුවනේ... හාමුදුරුවන්ට කියන්න ඇත්ත වශයෙන්ම මේ ජනතාව මම ඡන්දය ඉල්ලු අවස්ථාවේ නොමසුරුව මට ඡන්දය දීලා තිබුනා. ඇත්ත වශයෙන්ම මම බොහෝම ණයයි අපේ හාමුදුරුවනේ. යාලුවන්ට පවා කියලා උන්ගේ ඡන්දයත් මට ලබාදෙන්න ඔවුන් කටයුතු කර තිබුනා.. ඇත්තටම මම ඒකට බොහෝම පිං දෙන්න ඕනා උන්ට. ඒ නිසා අපි මුලින්ම පිං දීල ඉමු.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

:D :D :D
මම දන්නවා අපේ පින්වත්තු පිං වලට වඩා කැමති නිවුස් වලට බව. දැන් ඉන්න බැරුව ඉන්නේ මොකක්ද එදා වුනේ කියලා දැනගන්න වෙන්ට... :D



මෙන්න මේකයි වුනේ. සින්දුවාලගේ ප්‍රොජෙක්ට් එක පලවෙනි තුන අතරට තේරුනේ නැහැ පිංවතුනි... චඃ සාදු කියන්න එපා හප්පා. බයි ද වේ සිංදුවා ට්‍රයි එක තාම අතෑරියේ නෑ :D තව කොම්පිටිෂන් තියෙයි නොවැ. ඒ වගේම ජනතා සම්මානය දිනාගන්නට සිංදුවලගේ ප්‍රොජෙක්ට් එක සමග කරට කරට තරග වැදුණු අනිත් කණ්ඩායම වැඩි චන්ද ලබාගනිමින් ජනතා සම්මානයත් හිමි කරගත්තා. ඉහි ඉහි ඉහි. කෙසේ වුවද එයට කැපවී මහන්සි වී බොක්කෙන්ම සප් එක දීපු ජනතාව වෙනුවෙන් මගේ හිස නැමූ ආචාරය පිළිගනු මැනවි. අහ්හ් අර බුල්ටෝ පැකට් මම ගුණසිරි අයියට ඕඩරේ ලබා දී ඇති අතර එය ඔබට යතා කාලයේදී ගෙදර දොරකඩටම ලැබෙන්න කටයුතු කරන බව ඔන්න සලකන්න. ඇන්ඩ් පී : එස්:  එය තවත් ඡන්ද පොරොන්දුවකි ඈ

ඉතින් පහුගිය දවස් ටිකේම වගේ අනිත් බ්ලොග් පැත්තේ තියා මේ බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරිවුනේ පිංවතුනි සිංදුවා බැහැලා ඕකට කෝඩ් කරපු නිසාවෙන් බව කරුණාවෙන් සලකන්න. ලැබෙන කාලය අනුව නැවතත් ඔබගේ බ්ලොග් වල කරක් ගහන බව කරුණාවේන් සලකන්න.
කෝම හරි ඉතින් සින්දුවගේ ගෘපිය ඔන්න ඔය උඩ තියෙන කුසලානේ අරන් ගෙදර යන්තම් රෙදි එක්ක ආවා පිංවතුනි. කෝම වුනත් මිට පස්සේ කොයි තරඟෙට ගියත් ගෙදරට සද්ද නැතුව හොරෙන් යන එක තමා ඔන්න ඇඟට ගුණ. :D

ඔය සීන් අතරේ බ්ලොග්ගුව එළකිරි වගේ කතා ටිකක් එක්ක වයලා කොලුවා ඇදගෙන ගොස් ඇති බව පෙනුන අතර එයටද මගේ ප්‍රමාණය ඔහුට ලැබෙන්න ඕනා. පොඩි ගුරුන්වහන්සේගේ හොල්මන් කතා අසා හොල්මන් වී අපත් සමග රැදී ඉන්න ඔබ ජනතාව දුටු මට පහන් සිතුවිල්ලක් ඇති වුනා පිංවතුනි.. ඒ නිසා මමත් ඔන්න හිතුවා හොල්මන් සින්දුවකින්ම වැඩේ පටාන් ගන්න. :D :D

ඇත්තටම සින්දුව නෙවෙයි හොල්මන්. සිංදුවේ තේරුමලු හොල්මන් ගැන තියෙන්නේ. හරි දැන් කියන්න බලන්න මම අද කියන්න යන හොල්මන් සින්දුව වාට් කියලා ?

1. මම බොහොම බයවුනා මගේ පණ එපා වුනා
2. ගෙදර හිටිය හොල්මන අපෙ රෝසා අනේ රෝසා

ඔතනින් මම අද කියන්න යන්නේ.....

ඇත්තටම මම අද කියන්න යන්නේ ඔය සිංදුවක් ගැන නෙවෙයිලු ඔන්න.එහෙනම් ඇති නේද පඳුරක් වටේ හොල්මන් කළා.  අපි යමු සිංදුවට.

එක්දාස්නවසියහැත්තෑ ගණන් වල ඔන්න දුම්බර මිටියාවත පැත්තේ , සුන්දර  ගම්මනෙක මැද්දේ , නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ , සිතට මගේ නෑ වාවන්නේ.. අහ්හ් ට්‍රැක් පැන්න නේද...
මේකයි, ඔන්න ආයෙත් එකදාස් නවසිය හැත්තෑ ගණන් වල දුම්බර මිටියාවත ඒ කිව්වේ නකල්ස් කඳුවැටිය පැත්තේ ගමක හිටියලු ගෑලු ළමයෙක්. මම හිතන්නේ ඔතනට දුම්බර කියන්නේ දුමෙන් බර කියන අරුතෙන් වෙන්න ඕනා. මොකද ඒ හරියේ මීදුම කොයිවෙලාවෙත්. ඉතින් වෙනදා වගේම මේ ළමයා ඔන්න වතුර ගේන්න කලෙත් අරන් ලිඳට නෙවෙයි ගඟට ගියාලු. එදා දරුවනේ වැස්ස නිසා ගඟ සැරයිලු. ඔයාලා හිතපු විදියටම ඒ ගෑලු ළමයා ඔන්න ගඟට අහුවෙනවා. කෝමහරි සුපර්මෑන්ට එදා පෝය නිවාඩු නිසා කෙල්ලව බේරගන්න කෙනෙක් නැතුව අර වතුර පාරට ඒ ගෑලු ළමයා බිළිවෙනවා. (ඔතන සිද්ධිය ගඟක නෙවෙයි වැවක වුනේ කියලත් කියනවා)

ඔන්න ඒ මරණින් පස්සේ,  වයලා මේ බ්ලොග්ගුවේ පහුගිය දවස්ටිකේ හොල්මන් කළා වගේ මේ ගෑලු ළමයත් පෝය දවස්වලට එතන ඔන්න ගමේ ඇත්තන්ට ඉන්නවා පෙනුනලු. පස්සේ මොකද වෙන්නේ මේ කතාව යනවා "අද්භූත කතා" කියලා පොතක එක් කතාවක් වශයෙන්. ඔන්න ඔය පොත කියවනවලු දවසක් උදයසිරි පතිරණ මහත්තයා. ඒ දවස්වල එතුමා පිටපත් රචකයෙක් විදිහට ගුවන් විදුලියේ වැඩලු. මේ කතාව වෙනස්ම කෝණයකින් එලියට එන්නේ ඔන්න ඊට පස්සේ.

සමහර තැන් වල මම දැක්කා තියෙනවා මේක ලිව්වේ මඩවල එස් රත්නායකයන් කියලා. නෑලු නෑලු මේක ලිව්වේ ඇත්තටම උදයසිරි පතිරණයන්ලු. ඔව්වා ඔහොම තමයි වැරදි එව්වා අස්සේ හරි එක හොයන්න ගියාම තමයි ජම්බු හම්බවෙන්නේ. අන්තිමට ඇත්තටම ලියපු මනුස්සය කොහෙවත්. පාරේ ගියත් මිනිස්සු දන්නේ නෑ. ඔහොම වෙලා තියෙයි අපේ අම්මාගේ යාලුවෙක්ට. හේමා ඇන්ටි කියල මහජන බැංකුවේ වැඩ කලේ දැන් නම් විශ්‍රාම අරන්. ඒ ඇන්ටි තමයි ලියලා තියෙන්නේ නන්දා මාලිනි කියන "මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්" සින්දුව. හැබැයි අද වෙනකම් මම කොහෙවත් ඒ ඇන්ටිගේ නම තියෙනවා දැකලා නෑ. රේඩියෝ වලත් අඩුම තරමේ තනුව මෙයා පද රචනය මෙයා කියලවත් සිංදුවක් දානකොට කියනවනම් ඒක ගොඩක් වටිනවා. නැත්නම් ඉතින් කරන්න තියෙන්නේ ඒ දෙන්නටත් අර ඉරාජ් කරනවා වගේ සිංදුවේ වීඩියෝ එකේ පැත්තක කට්ටියට පේන්න ඉන්න.

හරි හරි ආයෙත් අවුට් ඔෆ් ට්‍රැක්. දැන් මම කිව්වේ මේ වෙනස්ම කෝනෙකින් එලියට ආවා කියලනේ . ඒ කිව්වේ "තොටමුණ බද සිටි රුවන්මලී" කියන සිංදුවෙන්. අර නැතිවුණු දැරිවිගේ ඇත්ත නමත් රුවන්මලී ද කියන්නම් මම දන්නේ නෑ. කෝමවුනත් ඔන්න සිංදුවට අනුව නම් නම රුවන්මලී.
රුවන්මලී නැතුව මේ සින්දුව කියන්නේ එයාගේ පෙම්වතා.






තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වළාවක් සෙමින් නැගීලා
මේ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුලෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

පද රචනය : උදයසිරි පතිරණ
සංගීතය හා ගායනය : පණ්ඩිත් අමරදේවයන්

ඔය සිංදුව නම් කතාව දැනගත්තට පස්සේ හරිම ලේසියි ගලපගන්න නේද. අර අවතාර කියන කෑල්ල මුලින්ම  හයිලයිට් වෙන්නේ සිහින් වළාවක් සෙමින් නැගීලා කියන පොයින්ට් එකෙන් මම හිතන හැටියට. මන්ද මට නම් සින්දුව අහද්දී සිංදුවේ තියෙන ඔක්කම නිකන් මැවිලා පේනවා වගේ. නකල්ස් කඳුටික. ඒ මැද්දේ තියෙන ගම ,  ඒ ගාව තියෙන ගඟ, ගෑලු ළමයා එනකම් ජීවිතේම එපා වෙලා බලාගෙන ඉන්න පෙම්වතා, ඒ අස්සේ කළයක් අරන් මීදුම එක්ක සුදු වතින් එන යුවතිය, ඈ දැකලා සතුටින් ඉන්න පෙම්වතා... මටනම් දැන් පිස්සු වගේ අයියෝ...

මියුසික් අතින්නම් උපරිමයි. පටන් ගන්න කොටම ගඟ ගැන කියලා ඉවරයි. ඒ අවට පරිසරය ඔක්කම හිතේ මවලා ඉවරයි. ඒ වගේම දුක ඇතුලෙන් තියෙන සතුට . හී හී මටනම් මැවෙන්නෙම ඒ මියුසික් එක්ක ගඟක ගලක් උඩ වාඩි වෙලා ඉන්න පෙම්වතා...  අනික අවතාර ගැන කිව්වත් මියුසික් වලින් පෙන්වන්නේ භය හිතෙන ස්වරුපයක් නෙවෙයි. ඒත් යම් අද්භූත ගතියකුත් තියෙයි. ඉතින් ඔය ඔක්කම එක්ක සිංදුව අහනකොට.............
අමරදේවයන්ගේ වචනයෙන්ම කියනවනම් එතැනදී බිහිවෙන්නේ රස පුංජයක්. සහෘදයා නිර්මාණ සම්පත්තියෙහිම ගැලී එහි රසහව් විඳගන්නවාලු.

මේ සින්දුව මුලින්ම ගයලා අවුට් වුනාම ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වුනාලු. කොච්චර ජනප්‍රියවුනාද කිව්වොත් මේක අහපු අම්මලා එයාලගේ අලුත උපන් දෝනියන්දලට නම තිබ්බේ රුවන්මලී කියලලු. හේ හේ එකෙන්ම ඒකත් මරු නම් පොඩ්ඩ. වයලට දුවෙක් ලැබුනම මම දාන්න ඉන්නෙත් ඔය නමම තමයි :D
එහෙනම් සාසා නංගි කියනවා වගේ හැමෝටම හැපී ෆුල් මුන් පෝය ඩේ ආ... !


30 comments :

  1. ආ.."ද සිංදුවා රිටර්න්ස්" මේකට දැං මියැසියේ එස කතා නෙමෙයි හොල්මන් ගුහාව වගේ නමක් දැම්මනම් හරි වගේ..රොම්බ සංතෝෂම් ආ! නෑ නෑ පළවෙනි 3ට නොතේරුනාට නෙමෙයි ආයෙත් පරණ සිංදුවක් අළුතෙන් අරං කරලියට ආවට :D

    ReplyDelete
    Replies
    1. හේ හේ ඒකනේ මේ පාර පෝයට අපි මේකේ දානවා හොල්මන් ගුහාවක්. මෝහිනී අඩුවෙලා හිටියේ. දැන් ඉතින් ඒකට ඔයාට එන්න පුළුවන්නේ නෙහ් ? :)) බොහෝම ස්තුතියි සාශෝ :D :-h :)

      Delete
    2. එන්නම් එන්නම් මට ගුණසිරි බුල්ටො පැකට් එකක් ඕන හැබැයි! හැපි ෆුල් මූන් පෝය ඩේ ඈ!=D

      Delete
  2. වයලට එච්චර හරියක් කරගන්න පුළුවන් වෙයිද?

    සිරා... නකල්ස් කිව්වම මට නම් වෙනමම ලෝකයක්... මාර ලස්සනයි, නිස්කලංකයි. වතුර ගැන කියල වැඩක් නෑ... සීතලයි, හැබැයි මාරම පිරිසිදුයි. සමහර තැන් වල ගැඹුර පේන්නෙත් නැති තරමට වතුර ක්ලීන්. එනසක් වාඩි ටිකත් අයින් කරලා කියල ආරංචියක් ආවා. ආපහු යන්න ඕන ළඟදීම

    ReplyDelete
    Replies
    1. දූලා නම් එපා එපා එපා !!!!
      මල කරදර . ඕකුන්ට ගවුම් මසසන්නයි , කොන්ඩ කටු , ලිෆ්ටික් කියුටෙක්ස් එව්වා මෙව්වා . ආපෝ එපා එපා .
      ඊට හපන් . කෙල්ලෝ උපන්නම පාටියක් දැම්ම කියමුකෝ . පස්සේ ලොකු උනාම මගුලයි . බඳින්න මගුලයි . හයියෝ වියදම් . කෙල්ලෝ එපා එපා එපා

      Delete
    2. ආන්න උඹට තේරුනා. වයලට එච්චර දෙයකුත් බෑ බං :D ඒකත් ඉතින් මටම තමයි කොරන්න වෙන්නේ :D..
      අනිවා සෙට් වෙලා යමුකෝ වෙලාවක :D බොහෝම ස්තුතියි උකුස්සා

      Delete
    3. එව්වා කොහෙද දැන් නම දාන්න දුවෙක් හදන්නම ඕනා

      Delete
    4. දුවලා හොඳයි බන්. හරිම ලෙංගතුයි. හැබැයි බැඳලා යනකොට ඉවසන්න බැරි දුකක් එයි.

      Delete
  3. එහෙනම් ඔන්න හැමෝටම හැපි ෆුල් මූන් පෝය ඩේ..

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ෆුල් මුන් පෝය ඩේ කිව්වා :D

      Delete
  4. මෙන්න සිංදුවා නැවතත්..

    ඔය සිංදුව නම් මම අහල නැහැ.

    ReplyDelete
    Replies
    1. එහෙනම්... ඒකට මොකෝ දැන් ඉතින් හෙමින් සැරේ අහලා බලන්නකෝ :D

      Delete
  5. "මලට රේණු සේ " සින්දුවේ කතාව නම් මමත් අහල තිබුන.අපේ හේ__ත මචංගේ අම්මනේ ඔය සින්දුව ලියල තියෙන්නේ.ඔය විදියටම තවත් සින්දුවක් ලියවුනා කියලත් කතාවක් තියෙනවා.ඒ සින්දුව නම් මතක නෑ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මචන් උගේ අම්ම තමයි. එහෙමද ? මම එහෙම එකක් අහලා නෑනේ බං. දැන් හේමා ඇන්ටිත් බැංකුවේ නැති නිසා අහන්න විදියක්වත් නෑ :(

      Delete
  6. // සිංදුවා රිටර්න්ඩ් ! // රෙද්ද තමා . ඕකට හොඳයි මමී රිටන්ස් කියල දැම්මනම් :(
    // කෝම වුනත් මිට පස්සේ කොයි තරඟෙට ගියත් ගෙදරට සද්ද නැතුව හොරෙන් යන එක තමා ඔන්න ඇඟට ගුණ // me too

    හේමා ඇන්ටි . හඃ හඃ හඃ හඃ එයාට දූලා නැද්ද දන්නේ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. මේකා හොයන්නේ දූලාමයි :))

      Delete
    2. එහෙම තමා මෙයා . අපි සමාජ සේවය .
      විකුණන්න බැරි ලොරි බොඩි අඩුවට අරගෙන පේන්ට් කරලා පැච් වර්ක් කරලා විකුනනවා පොඩිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ ලාභයක් තියාගෙන .

      Delete
    3. ඕවා ඔක්කම වචනෙන් විතරයි. කෙල්ලෙක් දැක්කම කෙල්ලට කලින් මුගේ ලැජ්ජාව...

      Delete
  7. අනේ...... කොල්ලා ඇවිත් නේහ්..... w-)

    ReplyDelete
  8. සිංදුවා නැති ටිකේ අපි දුටුවෙමු මූනු පොඩ්ඩ හෙම...රත්නපුරේදී කවුරුහරි "ආ සිංදුවෝ " කිවුවොත් හෙම ගනන් ගන්ට එපා ඈ....(වයලටත් එක්ක කිවුවේ :D ) :-da

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අන්න හොඳයි . ආ සින්දුවෝ කියලා කියන්න .
      මට මුකුත් කියන්න එපා . මම අහිංසකයි !!!! :( :(

      Delete
    2. මුකුත් කියන්නෑ........... "ආ වයලෝ කියයි ඔන්නං" y-)

      Delete
    3. ගණන් ගන්ට එපානම් ඔන්න අපි ගණන් ගන්නේ නෑලු :)) කොහෙද මම නැති ටිකේ වයලා පොටෝ ප්‍රදර්සනයක් දාලනේ. දැන් ඉතින් ගෑලු ළමයින්ගෙන් විසුමක් වෙන එකක් නෑ :-bd :-bd :-bd =)) =)) =))

      Delete
    4. මේ නිකන් බොරු ෂෝ දාන්නේ නැතුව ඉන්න =D> =D> =D> =D>

      Delete
  9. සිංදුවෝ උඹ නැති කාලේ වයලීනුවා අපිට ෆුල් ආතල් එකක් දුන්නා. ඕකා තව දුරටත් ලියයි නේද? මම කැමැත්තෙන් අහපු....හැබැයි කාලයත් එක්ක අමතක වෙලා ගිය සිංදුවක් මතක් කලාට ස්තූතියි.

    දුම්බර මිටියාවත මැද්දේ කිව්වේ අපිට හිටිය දක්ශ බේස් ගිටාර් වාදකයෙක් වෙච්ච උපාලි කන්නන්ගර. නුගේගොඩ පලාතේ.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ ඔව් ඔව් වයලා දිගටම ලියනවා. මම තමයි අතුරුදහන් වෙනවා . :( බොහොම ස්තුතියි අරෝ !
      ඔව් ඔව් මට තාම මතකයි ඔය සින්දුව රූපවාහිනියේ ඉස්සර යනවා. :D

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.