Thursday, October 17, 2013

පුංචි ළමයි වස නෑ පැටියෝ





එක දිගටම යස්ස කතා කියලා දැන් හරිම මෙව්වා මෙයාලා . ඒ නිසා බැලුවා වෙන ඉස්ටෝරියක් කියන්ට කියලා . මේක මේ වයලීනෝ බබා කාලේ වෙච්ච සිද්ධියක් . බබා කිව්වේ මම හිතන්නේ දෙක වසරේ ඉන්න කාලේ . මුකුත් මතක නැති තොත්ත බබා වගේ " හිතන්නේ " කියල කිව්වට දෙක වසරේ ඉන්න කාලේ තමයි මේක උනේ .

වයලීනෝ බබා කාලේ ගමේ ඉස්කෝලෙට තමයි ගියේ . රත්නපුරේ තියෙන මධ්‍යමහා විද්‍යාලය සීවලිය උනාට සීවලී මධ්‍යමහා විද්‍යාලය ආරම්භ උනේ අපේ ගමේ ඉස්කෝලෙන් . කන්නංගර මහත්තයා හදපු මධ්‍යමහා විද්‍යාලය තමයි අපේ ගමේ ඉස්කෝලේ . ඒකෙ ඉඩ මදි උනාම තමයි ඉස්කෝලේ වෙන තැනකට ගෙනිහින් තියෙන්නේ . පස්සේ ගොඩනැගිලි අපරාදේ නිසා මේක මහා විද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා . ඒ ඉස්කෝලේ ඉගෙනගත්ත කාලේ තමයි පාසල් කාලේ හොඳම ටික වගේ හිතෙන්නේ . මොකද සිස්සත්තේ කරලා සින්දුවා ඉන්න ඉස්කෝලෙට ආවට පස්සේ ටිකක් නීති රීති ලොට්ටක් එක්ක පොඩ්ඩක් අපි හොඳ ළමයි උන නිසා .

එක වසරට භාරදීලා කොහොම හරි එව්වා මෙව්වා කරගෙන දෙකවසරටත් ආවා කියමුකො . වැඩේ කියන්නේ මේ ප්‍රයිමරියේ ඉගෙනගන්න කාලේ අවුරුදු පහේම අපේ පන්තියේ පන්ති නායකයා විදීයට හිටියේ මමතුමා . මේ පන්ති නායකකම හම්බෙන්න හේතු කීපයක්ම තිබ්බා . පන්තියේ පළවෙනියා වීම , පන්තියේ උසට මහතට දෙකේ හතරේ ඩයල් එකකට හිටියෙත් මම විතරක් වීම . තව එකක් තියෙනවා . අපේ පුංචි අම්මා ඒ ඉස්කෝලේ ගුරුවරියක් වීම . මුල කතා දෙක කෙසේ වෙතත් ඉතින් අන්තිම කතාවෙන් වැඩේ ගොඩ තමා .

;) ;) ;)

ඒකාලේ පන්ති නායකයාට කරන්න වැඩ කීපයක් තිබ්බා . ඒවයින් අමාරුම වැඩේ උනේ පන්තියේ මිස් නැති වෙලාවට ළමයි ටික සයිලන්ට් මූඩ් එකේ තියාගන්න එක . මිස් ඉන්න වෙලාවට හොර පූසා වගේ උන්නට මොකෝ මිස් නැති වෙලාවට ආයේ නෑ එකා එකා පිළිවෙලට තියල තමයි නෙලන්නේ . මිස් ළමයින්ට නෙලන කෝට්ටේන්ම මමත් නෙලනවා . එහෙම නෙලලා කොහොමහරි සයිලන්ට් මූඩ් එක තියාගත්තා . හැබැයි විකාර නටන වෙලාවට ඒවා ලීඩ් කරෙත් මමම තමයි . එව්වා පස්සේ කියන්න බැරිය .

ඒ ඉස්කෝලේ ප්‍රයිමරිය තිබ්බේ වෙනම ගොඩනැගිල්ලක . ඉතින් ඒ ගොඩනැගිල්ලේ තීන්ත ගාන්න ඕන නිසා අපේ පන්තිත් ඉස්කෝලේ වෙන වෙන ඉඩ තිබ්බ පන්තිකාමර වලට මාරු කරා . කොහොමහරි මම හිටපු පන්තිය දැම්මේ එකොළහ වසර තිබ්බ හෝල් එකේ පැත්තකට . අයියලා ඉගෙනගන්න වෙලාට ඉතින් අපේ සද්දේ අවුල් වෙන නිසා පන්තියේ නිශ්ශබ්දතාවය රකින එක ටිකක් වැදගත් උනා .

දවසක් ඉස්කෝලේ ස්ටාෆ් මීටින්ග් එකක් කියලා මට පන්තිය බලාගන්න කියලා මිස් ගියා . මිස් ගිය ගමන්ම වගේ අවුලක් නෑ . සෝ කූල් . ඉතින් මමත් ළඟ හිටපු හතර පස් දෙනෙක් එක්ක සෙට් වෙලා පෑන් ක්ලිප් සෙල්ලම් කරන්න පටන් ගත්තා . ටිකක් වෙලා යනකොට සද්දේ වැඩි උනා . මම නැගිටලා " කෑගහන්න එපා " කියලා සද්දයක් දැම්මා . අවුලක් නෑ . කට්ටිය සයිලන්ට් . මමත් ක්ලිප් ගේමට බැහැලා වැඩ වැඩ .

මම හිටියේ පන්තියේ පිටිපස්සෙම අයිනේ . පන්තියේ එක පැත්තකින් ඔන්න දෙන්නෙක් ගහගන්නවා හිටු කියලා . මම වහාම ක්‍රියාත්මක වන ලෙස ගියා එතනට .
" මේ ගහගන්න එපා " කියලා කිව්වා .

උන් ඇහුවේ නෑ . පස්සේ මටත් මල . මම කරපු වැඩේ උන් දෙන්නගේ කකුල් වලට පයින් ගහල ගහල

 " නවත්තනවා මේ ගහගන්න එක " කියලා කිව්වා .



නැවතුනේ නෑ . අන්තිමට මම දෙන්නා මැද්දට පැනලා දෙන්නව දෙපැත්තට කරන්න ට්‍රයි කළා . එත් පොඩ්ඩක් අමාරුයි . පස්සේ දෙන්නටම මම නෙලන්න පටන් ගත්තා . එකෙක්ට කම්මුලට දුන්නා චාටාස් පටාස් . අනිකට ෂොට් එක වැදුනේ ඔලුවට . වියරු වැටිලා වගේ හිටපු නිසා මටත් ඔලුව මතක් උනේ කෙළියට පස්සේ .

හම්මට උඩු ඔලුවට වැදිච්ච එකාගේ නහයෙන් ලේ එනවා . ඌ ලේන්සුවෙන් පිහදාගත්තා . ඒත් පස්සේ කමිසේ තෙත් වෙන්නම ලේ වැක්කෙරෙනවා . මම ඉතින් මුකුත් දන්නේ නෑ වගේ හිටියා . අපේ පන්තියේ වෙන එකෙක් ගිහින් එහා පන්තියේ අයියා කෙනෙක්ට කියලා මෙහෙම නහයෙන් ලේ එනවා කියල . ඒ අයිය ඇවිත් බලලා ගියා මිස්ලව මීට් වෙලා කියන්න . ඔන්න ගුරු මණ්ඩලයම එන්න ගත්තා . අපේ පුංචි ඇවිත් මාව අල්ලගත්තා මට කේන්ති ගියාම ගෙදර කරන වැඩ ටික දන්න නිසා .

ප්‍රින්සිපල් සෑරුත් ආවා . ඇවිල්ලා අර නහයෙන් ලේ එන එකාව ඉස්පිරිතාලේ එක්ක ගියා . ඒ ළමයාගේ අම්මයි තාත්තයිත් ආවා . පන්තියේ මිස් අනිත් ළමයින්ගෙන් අහලා මොකද උනේ කියලා . ඉතිං අනත් ළමයි කියලා වෙච්ච ටික . කොහොම හරි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මිස් බැන්නේ මට නෙවෙයි . මගෙන් ගුටි කාපු දෙන්නට . හික් හික් හික් ........ කොහොමහරි නහයෙන් ලේ එන එකාට පීනසටද කොහෙද ඔලුව ටිකක් බරට හෙල්ලුනාම නහයෙන් ලේ එන එකක් තිබිල . කවුද ඕවා දන්නේ . කලින් ඒවා කියලා තියන්න ඕන . කිව්වනම් වෙන තැනකට ගහනවනේ .

ඉස්කෝලේ සැරටම ගුටි කෙල ගත්තේ එදා තමයි . ඊට පස්සේ ගුටි කෙල ගත්තා . ඒත් ලොකු ලොකු ෂොට් දුන්නේ නෑ . සිරාවටම කියනවනම් ලේ දැක්කට පස්සේ මමත් බය උනා . හිහ් හිහ් හිහ් .......



එදා ඉතිං ඔන්න මම ඉස්කෝලේ ඇරිලා පුංචි එක්ක ගෙදර ආවා . මම මුකුත් කතා කරේ නෑ . බයටම බිම බලාගෙන ආවා .

පුංචි ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි සැල කළා සීන් එක .

" ඔන්න අද කුමාරයා සටන් වැදිලා ඉන්නේ "

මම මුකුත් නොදන්න බබා වගේ ඇඳට වෙලා ඔලුවේ ඉඳලා රෙද්දක් පෙරවගෙන දොයියගත්තා .

මට නින්ද ගියේ නෑ . තාත්ත මෙන්න මේ සිංදුවේ කෑලි කෑලි  හෙමීට කියනවා ඇහුනා .

" පුංචි ළමයි වස නෑ පැටියෝ "

කියලත් කියනවා ඇහුනා . මට තාම හිතාගන්න බැරි තාත්තා පැටියෝ කිව්වේ මටද අම්මටද කියලා .


හික් හික් හික් .................

ඒ නහයෙන් ලේ ආපු ෆ්‍රෙඩා දැනට අවුරුදු දෙක තුනකට කලින් ඇලක නාන්න ගිහින් ගිලිලා මිය ගියා . එයාට නිවන් සුව පතාගෙන වයලීනෝ සතුටෙන් සාමයෙන් දැහැමෙන් සෙමෙන් ජීවත් උනා . ඔන්න ඔහොමයි ඒ කතාව .

21 comments :

  1. ////මට තාම හිතාගන්න බැරි තාත්තා පැටියෝ කිව්වේ මටද අම්මටද කියලා/// මේක තමා හොඳම කෑල්ල වයලෝ... :D :D

    මම එක වසරෙ monitor වෙලා හිටියේ එක දවසයි. ලමයින්ගේ පොත් බෙදන්න දීලා මම කලේ හිටපු තැන ඉඳන් නම බලලා ඌ ඉන්න තැනට පොත වීසිකරනව එහා කොනේ ඉඳන් කරකවලා. ඔක්කොම එවුන්ගේ පොත් ඉවරයි මමත් නායක කමින් දොට්ට. මොනා උනත් පොඩිකාලේ වලි දාගත්ත එවා මතක් වෙනකොට සතු‍ටුයි අනිතිමට අපි එක්ක ගහගත්ත එකා තමා හොඳම යාලුවා වෙන්නෙත්. ඉස්සර අපි wrestling බලලා ඇවිත් challenge කරල ගහගන්නවා පන්තියේ.එවලෙට විතරයි ආයේ යාලුයි.....

    ReplyDelete
    Replies
    1. :p :p :p මටත් කතා ගොඩක් මතක් උනා මේක කොටත්දී . හෙමීට ලියලා දාන්නම්කො . අපිටත් තිබ්බේ ඒ පිස්සුව තමා . ටීවී එකේ ගුටි කෙලගන්නවා බලාගෙන ඉඳලා ඒවා කරන්න තිබ්බ උවමනාව .
      බොහොම ටන්කියු මෙයා . :D :D :D

      Delete
  2. ආ................චණිඩිකමට උන පුංචි සණ්ඩුවක්... :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්
      පුන්චිමත් නෑ . ඕක කාලයක් ඉස්කෝලේ අය කිය කිය මට නැවුවා . පුංචි මැත්ස් කරේ .
      කොහොමහරි මෙහෙ එතකොට හිටපු මැත්ස් ගුරු උපදේශකලත් මට තාම ඕක මතක් කරනවා .
      " නියම නායකයා " කියල . :(

      Delete
  3. " පුංචි ළමයි වස නෑ පැටියෝ "

    කවුද මේහෙම කියන එකා....අපේ පොඩි එවුන් තුන් දෙනත් එක්ක දවසක් හිටියෝත් මේ සින්දුව ලියපු එකා මේකේ වචන් පිටින් ආපහු ගිලිනවා....:)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් හෙහ්
      කියන්න බෑ අර කිව්වත් වගේ සිංදුව ඉල්ලා අස්කරගනියිද කියලා .

      Delete
  4. අපො උබ පුන්චිගෙ පිහිටෙන් චන්ඩිය වෙලා නෙ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා . අනිත් ඉස්කෝලෙට ගියාම වැඩිය වලි වලට සෙට් උනේ නෑ . පුංචි නැති නිසා .

      Delete
  5. අනේ අපිනම් මොනාටර් උනාට අනිත් උන් එක්කම සහයෝගෙන් කෑ ගහපු කට්ටියනේ.මොනාටර් බැරිවෙලාහරි කිවුවොත් කෑගහන්නෙපා ළමයි කියල අනිත් උන් ටික එකාමෙන් එකහඬින් කියනව "ඔයාට අපිත් එක්ක කෑගහන්න බැරිනම් ඔයා එළියට යන්න.අපි කෑගහන්නම්" කියල.බබා කාලෙ ඉස්කෝලෙදි තියෙන්නෙ වෙනමම ෆන් ටිකක්! ලොකු කාලෙ වෙනමම ටිකක්. වයල යන්තං පුංචි නිසා ගො‍ඩ ගිහින්

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ අපිත් කරා අනිත් ඉස්කෝලෙට ගියාම . ගමේ ඉස්කෝලේ එහෙම කියන්න තරම් උන් හිටියේ නෑ . හිහ් හිහ් හිහ් :p

      Delete
  6. තාත්තගෙන් පසු කාලීනව අහන්න තිබුනනෙ කාටද පැටියො කිවුවෙ කියලා. ;-)
    අර මිතුරට මාත් නිවන් සුව පතමි!

    -ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      එහෙනම් තාත්තාගෙන් මට රොටියක් වෙන්න අහගන්න තිබ්බ . ;)

      Delete
  7. මෙයත් මාර චණ්ඩියෙක් නේ. හැබැයි නියම නායකයා ;)

    ReplyDelete
  8. වයලීනුවෝ.......ඕකේ අනිත් පැත්ත නේද උනේ? නාස් පොල්ල හොල්මන් වෙන්න කෑවේ උඹ නේද?

    ප.ලි......මේ සින්දු කොහොමද බලපන්!!!!!!!
    http://www.col3negoriginal.lk/watch.php?id=43759

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ්
      කොච්චර ගේම් ඇද්දත් මමනම් ගුටි කන තැනට වැඩ කරගත්තේනම් නෑ . හිහ් හිහ් හිහ් හිහ්

      ඒ සිංදුව එල . හැබැයි මුල් ගීතය කනවා . ඒක නම් අවුල් .

      Delete
  9. පුංචි උන් වසයි තමයි බං..

    හැබැයි අර පැටියෝ නම් කියන්න ඇත්තේ අම්මට.. ;)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හා
      වෙන්න ඇති . හිහ් හිහ් හිහ් හි

      Delete
  10. පුංචි උන් දඟ නෑ කියන්නෙ උඹ වගේ එවුන් ගැන නෙමෙයි. මේ අපි වගේ එවුන් ගැන.

    ReplyDelete
    Replies
    1. කොරහකුයි හිල් පොල් කට්ටකුයි දෙන්නද ? :p

      Delete
  11. හාපෝ...... පොඩි කාලේ ඉඳලම වසයි නේ? :-? :-O :-SS

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.