Wednesday, October 30, 2013

මගේ රුවන්මලී


ආයුබෝවන් වාසනාවන් දූවේ පුතේ නංගියේ මල්ලියේ නැන්දේ මාමේ සීයේ ආච්චියෙ අම්මේ තාත්තේ අයියේ අක්කේ නෑනේ මස්සිනේ බාප්පේ පුංචියේ යාලුවේ යෙහෙළියේ සහෝදර සහෝදරි වරුණේ
මගේ අපල කාලය ගෙවී ඔබගේ අපල කාලය ලැබී... අහ්හ් නෑ නෑ ඔබලාගේත් වයලා නිසා ලැබිලා තිබුණු අපල කාලය ගෙවී, නිවී හුදී ජන සිත් පහන් සංවේගය උදෙසා සෞභාග්‍යමත් හෙට දවසක් අරන් ඔබේ පිලේ පහන් දල්වන්නට හා ඒ ආලෝකයෙන් ලෝකය එළිය කරන්න ඔබ සමග අත්වැල් බැඳගෙන සිංදුවක් අහන්න  ඔන්න ආයෙත් සිංදුවා රිටර්න්ඩ් !

මොනාද මන්ද පත්‍රයට අනුව පළමුව ඇත්තේ ස්තුති කතාවක් කිරීමටයි.  ඒ සඳහා අති ගරු සින්දුව මහතාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා.

...ශ්හ්.... ටොක් ටොක්... ෆහ්හ්හ් ෆ්හ්හ් ෆ්හ්හ් .. ඩිහ්හ් ඩිහ්හ් ඩිහ්හ් (මයික් එක වැඩද බැලුවේ)  (ඇරත් කොච්චර මයික් එක වැඩ වුනත් අපේ කට්ටියට ඔය ටික නොකර නිකන් මදි වගේනේ)
සභාවෙන් අවසරයි ... අපේ හාමුදුරුවනේ... හාමුදුරුවන්ට කියන්න ඇත්ත වශයෙන්ම මේ ජනතාව මම ඡන්දය ඉල්ලු අවස්ථාවේ නොමසුරුව මට ඡන්දය දීලා තිබුනා. ඇත්ත වශයෙන්ම මම බොහෝම ණයයි අපේ හාමුදුරුවනේ. යාලුවන්ට පවා කියලා උන්ගේ ඡන්දයත් මට ලබාදෙන්න ඔවුන් කටයුතු කර තිබුනා.. ඇත්තටම මම ඒකට බොහෝම පිං දෙන්න ඕනා උන්ට. ඒ නිසා අපි මුලින්ම පිං දීල ඉමු.

ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

:D :D :D
මම දන්නවා අපේ පින්වත්තු පිං වලට වඩා කැමති නිවුස් වලට බව. දැන් ඉන්න බැරුව ඉන්නේ මොකක්ද එදා වුනේ කියලා දැනගන්න වෙන්ට... :D



මෙන්න මේකයි වුනේ. සින්දුවාලගේ ප්‍රොජෙක්ට් එක පලවෙනි තුන අතරට තේරුනේ නැහැ පිංවතුනි... චඃ සාදු කියන්න එපා හප්පා. බයි ද වේ සිංදුවා ට්‍රයි එක තාම අතෑරියේ නෑ :D තව කොම්පිටිෂන් තියෙයි නොවැ. ඒ වගේම ජනතා සම්මානය දිනාගන්නට සිංදුවලගේ ප්‍රොජෙක්ට් එක සමග කරට කරට තරග වැදුණු අනිත් කණ්ඩායම වැඩි චන්ද ලබාගනිමින් ජනතා සම්මානයත් හිමි කරගත්තා. ඉහි ඉහි ඉහි. කෙසේ වුවද එයට කැපවී මහන්සි වී බොක්කෙන්ම සප් එක දීපු ජනතාව වෙනුවෙන් මගේ හිස නැමූ ආචාරය පිළිගනු මැනවි. අහ්හ් අර බුල්ටෝ පැකට් මම ගුණසිරි අයියට ඕඩරේ ලබා දී ඇති අතර එය ඔබට යතා කාලයේදී ගෙදර දොරකඩටම ලැබෙන්න කටයුතු කරන බව ඔන්න සලකන්න. ඇන්ඩ් පී : එස්:  එය තවත් ඡන්ද පොරොන්දුවකි ඈ

ඉතින් පහුගිය දවස් ටිකේම වගේ අනිත් බ්ලොග් පැත්තේ තියා මේ බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරිවුනේ පිංවතුනි සිංදුවා බැහැලා ඕකට කෝඩ් කරපු නිසාවෙන් බව කරුණාවෙන් සලකන්න. ලැබෙන කාලය අනුව නැවතත් ඔබගේ බ්ලොග් වල කරක් ගහන බව කරුණාවේන් සලකන්න.
කෝම හරි ඉතින් සින්දුවගේ ගෘපිය ඔන්න ඔය උඩ තියෙන කුසලානේ අරන් ගෙදර යන්තම් රෙදි එක්ක ආවා පිංවතුනි. කෝම වුනත් මිට පස්සේ කොයි තරඟෙට ගියත් ගෙදරට සද්ද නැතුව හොරෙන් යන එක තමා ඔන්න ඇඟට ගුණ. :D

ඔය සීන් අතරේ බ්ලොග්ගුව එළකිරි වගේ කතා ටිකක් එක්ක වයලා කොලුවා ඇදගෙන ගොස් ඇති බව පෙනුන අතර එයටද මගේ ප්‍රමාණය ඔහුට ලැබෙන්න ඕනා. පොඩි ගුරුන්වහන්සේගේ හොල්මන් කතා අසා හොල්මන් වී අපත් සමග රැදී ඉන්න ඔබ ජනතාව දුටු මට පහන් සිතුවිල්ලක් ඇති වුනා පිංවතුනි.. ඒ නිසා මමත් ඔන්න හිතුවා හොල්මන් සින්දුවකින්ම වැඩේ පටාන් ගන්න. :D :D

ඇත්තටම සින්දුව නෙවෙයි හොල්මන්. සිංදුවේ තේරුමලු හොල්මන් ගැන තියෙන්නේ. හරි දැන් කියන්න බලන්න මම අද කියන්න යන හොල්මන් සින්දුව වාට් කියලා ?

1. මම බොහොම බයවුනා මගේ පණ එපා වුනා
2. ගෙදර හිටිය හොල්මන අපෙ රෝසා අනේ රෝසා

ඔතනින් මම අද කියන්න යන්නේ.....

ඇත්තටම මම අද කියන්න යන්නේ ඔය සිංදුවක් ගැන නෙවෙයිලු ඔන්න.එහෙනම් ඇති නේද පඳුරක් වටේ හොල්මන් කළා.  අපි යමු සිංදුවට.

එක්දාස්නවසියහැත්තෑ ගණන් වල ඔන්න දුම්බර මිටියාවත පැත්තේ , සුන්දර  ගම්මනෙක මැද්දේ , නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ , සිතට මගේ නෑ වාවන්නේ.. අහ්හ් ට්‍රැක් පැන්න නේද...
මේකයි, ඔන්න ආයෙත් එකදාස් නවසිය හැත්තෑ ගණන් වල දුම්බර මිටියාවත ඒ කිව්වේ නකල්ස් කඳුවැටිය පැත්තේ ගමක හිටියලු ගෑලු ළමයෙක්. මම හිතන්නේ ඔතනට දුම්බර කියන්නේ දුමෙන් බර කියන අරුතෙන් වෙන්න ඕනා. මොකද ඒ හරියේ මීදුම කොයිවෙලාවෙත්. ඉතින් වෙනදා වගේම මේ ළමයා ඔන්න වතුර ගේන්න කලෙත් අරන් ලිඳට නෙවෙයි ගඟට ගියාලු. එදා දරුවනේ වැස්ස නිසා ගඟ සැරයිලු. ඔයාලා හිතපු විදියටම ඒ ගෑලු ළමයා ඔන්න ගඟට අහුවෙනවා. කෝමහරි සුපර්මෑන්ට එදා පෝය නිවාඩු නිසා කෙල්ලව බේරගන්න කෙනෙක් නැතුව අර වතුර පාරට ඒ ගෑලු ළමයා බිළිවෙනවා. (ඔතන සිද්ධිය ගඟක නෙවෙයි වැවක වුනේ කියලත් කියනවා)

ඔන්න ඒ මරණින් පස්සේ,  වයලා මේ බ්ලොග්ගුවේ පහුගිය දවස්ටිකේ හොල්මන් කළා වගේ මේ ගෑලු ළමයත් පෝය දවස්වලට එතන ඔන්න ගමේ ඇත්තන්ට ඉන්නවා පෙනුනලු. පස්සේ මොකද වෙන්නේ මේ කතාව යනවා "අද්භූත කතා" කියලා පොතක එක් කතාවක් වශයෙන්. ඔන්න ඔය පොත කියවනවලු දවසක් උදයසිරි පතිරණ මහත්තයා. ඒ දවස්වල එතුමා පිටපත් රචකයෙක් විදිහට ගුවන් විදුලියේ වැඩලු. මේ කතාව වෙනස්ම කෝණයකින් එලියට එන්නේ ඔන්න ඊට පස්සේ.

සමහර තැන් වල මම දැක්කා තියෙනවා මේක ලිව්වේ මඩවල එස් රත්නායකයන් කියලා. නෑලු නෑලු මේක ලිව්වේ ඇත්තටම උදයසිරි පතිරණයන්ලු. ඔව්වා ඔහොම තමයි වැරදි එව්වා අස්සේ හරි එක හොයන්න ගියාම තමයි ජම්බු හම්බවෙන්නේ. අන්තිමට ඇත්තටම ලියපු මනුස්සය කොහෙවත්. පාරේ ගියත් මිනිස්සු දන්නේ නෑ. ඔහොම වෙලා තියෙයි අපේ අම්මාගේ යාලුවෙක්ට. හේමා ඇන්ටි කියල මහජන බැංකුවේ වැඩ කලේ දැන් නම් විශ්‍රාම අරන්. ඒ ඇන්ටි තමයි ලියලා තියෙන්නේ නන්දා මාලිනි කියන "මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්" සින්දුව. හැබැයි අද වෙනකම් මම කොහෙවත් ඒ ඇන්ටිගේ නම තියෙනවා දැකලා නෑ. රේඩියෝ වලත් අඩුම තරමේ තනුව මෙයා පද රචනය මෙයා කියලවත් සිංදුවක් දානකොට කියනවනම් ඒක ගොඩක් වටිනවා. නැත්නම් ඉතින් කරන්න තියෙන්නේ ඒ දෙන්නටත් අර ඉරාජ් කරනවා වගේ සිංදුවේ වීඩියෝ එකේ පැත්තක කට්ටියට පේන්න ඉන්න.

හරි හරි ආයෙත් අවුට් ඔෆ් ට්‍රැක්. දැන් මම කිව්වේ මේ වෙනස්ම කෝනෙකින් එලියට ආවා කියලනේ . ඒ කිව්වේ "තොටමුණ බද සිටි රුවන්මලී" කියන සිංදුවෙන්. අර නැතිවුණු දැරිවිගේ ඇත්ත නමත් රුවන්මලී ද කියන්නම් මම දන්නේ නෑ. කෝමවුනත් ඔන්න සිංදුවට අනුව නම් නම රුවන්මලී.
රුවන්මලී නැතුව මේ සින්දුව කියන්නේ එයාගේ පෙම්වතා.






තොටමුණ බද සිටි රුවන්මලී
ගඟ බිලිගත් මගෙ රුවන්මලී
ගමට සිටිය එක රුවන්මලී
ගඟට වරෙන් අද රුවන්මලී

ඉර අවරට යන හැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුදුන් වලින්
සිහින් වළාවක් සෙමින් නැගීලා
මේ තොටමුණ බද රැඳී සිටී

සුදු ඔසරිය හැඳ වළා රොදින් බැස
රුවන්මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුලෙ තබා ගෙන
හෙමින් හෙමින් පා නගනු පෙනේ

පද රචනය : උදයසිරි පතිරණ
සංගීතය හා ගායනය : පණ්ඩිත් අමරදේවයන්

ඔය සිංදුව නම් කතාව දැනගත්තට පස්සේ හරිම ලේසියි ගලපගන්න නේද. අර අවතාර කියන කෑල්ල මුලින්ම  හයිලයිට් වෙන්නේ සිහින් වළාවක් සෙමින් නැගීලා කියන පොයින්ට් එකෙන් මම හිතන හැටියට. මන්ද මට නම් සින්දුව අහද්දී සිංදුවේ තියෙන ඔක්කම නිකන් මැවිලා පේනවා වගේ. නකල්ස් කඳුටික. ඒ මැද්දේ තියෙන ගම ,  ඒ ගාව තියෙන ගඟ, ගෑලු ළමයා එනකම් ජීවිතේම එපා වෙලා බලාගෙන ඉන්න පෙම්වතා, ඒ අස්සේ කළයක් අරන් මීදුම එක්ක සුදු වතින් එන යුවතිය, ඈ දැකලා සතුටින් ඉන්න පෙම්වතා... මටනම් දැන් පිස්සු වගේ අයියෝ...

මියුසික් අතින්නම් උපරිමයි. පටන් ගන්න කොටම ගඟ ගැන කියලා ඉවරයි. ඒ අවට පරිසරය ඔක්කම හිතේ මවලා ඉවරයි. ඒ වගේම දුක ඇතුලෙන් තියෙන සතුට . හී හී මටනම් මැවෙන්නෙම ඒ මියුසික් එක්ක ගඟක ගලක් උඩ වාඩි වෙලා ඉන්න පෙම්වතා...  අනික අවතාර ගැන කිව්වත් මියුසික් වලින් පෙන්වන්නේ භය හිතෙන ස්වරුපයක් නෙවෙයි. ඒත් යම් අද්භූත ගතියකුත් තියෙයි. ඉතින් ඔය ඔක්කම එක්ක සිංදුව අහනකොට.............
අමරදේවයන්ගේ වචනයෙන්ම කියනවනම් එතැනදී බිහිවෙන්නේ රස පුංජයක්. සහෘදයා නිර්මාණ සම්පත්තියෙහිම ගැලී එහි රසහව් විඳගන්නවාලු.

මේ සින්දුව මුලින්ම ගයලා අවුට් වුනාම ඒ දවස්වල ගොඩක් ජනප්‍රිය වුනාලු. කොච්චර ජනප්‍රියවුනාද කිව්වොත් මේක අහපු අම්මලා එයාලගේ අලුත උපන් දෝනියන්දලට නම තිබ්බේ රුවන්මලී කියලලු. හේ හේ එකෙන්ම ඒකත් මරු නම් පොඩ්ඩ. වයලට දුවෙක් ලැබුනම මම දාන්න ඉන්නෙත් ඔය නමම තමයි :D
එහෙනම් සාසා නංගි කියනවා වගේ හැමෝටම හැපී ෆුල් මුන් පෝය ඩේ ආ... !


Tuesday, October 22, 2013

පොඩි හෙල්ප් එකක් ඕන !


මේ බ්ලොග් කියවන ලියන මචාන්ස්ලා මචීන්සලා දන්නවා ඇතිනේ මේ දවස්වල සිංදුවා බ්ලොග් එකේ පේන්න නෑ කියලා . ඒකයි මම දැන් රජ කරන් ඉන්නේ . ඔන්න පොඩි ෆොටෝ කෑල්ලක් දැම්මා සින්දුවගේ මුණ බලන්න . හැක හැක හැක



සිංදුවා මේ දවස්වල ස්ලිට් එකේ ෆයිනල් එක්සෑම් එකට ලැස්තිවෙනගමන් උන්ට කරන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකත් අහවර කොරගත්තා .

ප්‍රොජෙක්ට් එක නම

LOCATION BASED ADVERTISEMENTS AND NAVIGATION SYSTEM

මේක ඇවිල්ලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට හරියන app එකක් පින්වතුනී .
MC වගේ ෂොපින්මෝල් එකකට ගියාම ඒකේ තියෙන කඩවල් වලින් අපේ ෆෝන් එකට කඩේ තියන දේවල් ගැන ( බඩු ගැන ;) ) ඇඩ්ස් එවනවා . ඉතිං කඩේ ගාවින් යත්දී අපිට ෆෝන් එකෙන් ඒ එවන ඇඩ්ස් බලන්න පුළුවන් . එහෙම නැත්නම් ගෙදර ඉඳලා උනත් ඇඩ්ස් බලන්න පුලුවන් . තව ෂොපින්මෝල් එක ඇතුළේදී එතන මැප් එක ගන්න , අපි ඉන්නේ කොතනද ? යන්නේ කොහෙද මල්ලේ පොල්ද කියලා බලාගන්න වගේ එව්වා මෙව්වා ගැජට් කෑලි ගොඩක් දාලා තියෙනවා .

ඉතින් මේ app එක කෝඩ්ෆෙස්ටිවල් කියලා කම්පිටිෂන් එකකට ඉදිරිපත් කරලා තියෙනවා . ඒ අහවල් එකෙන් ඉදිරියට එන්න අපි ඔයාලගෙන් හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා . මේ මාසේ 25 වෙනිදා දක්වා vote කරන්න පුළුවන් .

# මෙන්න මේ ලින්ක් එකට කොටන්න .

        LINK

# ගිහින් බලන්න පහල ඇති මෙන්න මෙහෙම එකක් .



# ඒකේ vote කියන තැනට කොටලා ඔයාගේ නමයි ඊ මේල් එකයි දාන්න .

# ඊටපස්සේ එතන තියෙන vote බට්න් එකට කොටන්න .

# ටික වේලාවකින් ඔයාලට ඊ මේල් එකක් එයි මෙන්න මෙහෙම

 // Dear Sir/Madam, 

Thank you for voting for Location Based Advertisements and Navigation System. 
Please click the following link to confirm your vote. //

# අන්න එතනම උඩම තියෙන ලින්ක් එක උඩ කොටලා ඔයාලගේ vote එක verify කරන්න .



කරපු හෙල්ප් එකට බොහොම ස්තූති !

හැමෝටම සමන් දෙවී පිහිට ප්‍රාර්ථනා කරනවා !

Sunday, October 20, 2013

ගාමිණී පුතේ උඹට මාව මතකද ?





උඹ මගේ වලව්වට එක්ක ආවේ 1947 අගෝස්තු 2  .  මට ඒ අත්දැකීම , ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ . උඹ දන්නේ නැති උනාට මොකද අපේ තාත්තා අලි ඇත්තුන්ට ගොඩක් ආදරේ කළා . අපේ වලව්වේ උඹ එන්න කලින් අලි ඇත්තු ගොඩක් හිටපු අලි ගාලක් තිබුනා . ඒත් 1945 විතර වෙනකොට ඒ අලි ඇත්තු ඔක්කොම වයස නිසාම මිය ගියා . ඒත් එක්කම අපේ අලි ඇත්තු ගැන තියෙන ආසාව තවත් වැඩි උනා කියනවනම් මම හරි .

පොඩි කාලේ ඉඳලා මම හිටියේ අලි ඇත්තු එක්ක . ඒ නිසා මට එයාලා නැති පාළුව තදින්ම දැනෙන්න ගත්තා . ඉන්නම බැරි තැන මම 1947 අවුරුද්දේ ආණ්ඩුවෙන් අලි අල්ලන්න බලපත්‍ර කීපයක් ගත්තේ . ඒ බලපත්‍ර වලින් තමයි මම උඹත් එක්ක අනිත් තුන් දෙනා අල්ල ගත්තේ . මතකද පුත්තලමේ කැලේදී උඹව අල්ලගත්ත හැටි . උඹ පැනලා දුවන්න කොච්චර උත්සාහ කලත් මම උඹට යන්නේ දුන්නේ නැත්තේ අනිත් ඇත්තුන්ට වඩා උඹ ටිකක් විසේ කාරයා නිසා උඹව වලව්වට එක්ක යන්න මට උවමනාව තිබ්බ නිසා . 

උඹලා හතරදෙනා ඇස් දෙක වාගේ පරිස්සම් කරලා වලව්වට ගේන්න එච්චර ලේසි උනේ නෑ . මොකද ඉතින් හතරදෙනාම පයින් එපාය එක්ක එන්න .



ආරොන් අලි බාසුන්නහේ එක්ක උඹලා වලව්වට එනකල් අපි බලාගෙන හිටියේ හරිම ආසාවෙන් . මතකද අපි උඹලා හතරදෙනා නැකතට වලව්වට එක්ක ආව දවසේ මම උඹට වැඩිපුර කිරිබත් කන්න දුන්නා . හාමුදුරුවරු ලවා උඹලා හතර දෙනාට පිරිත් කියවලා තමයි මම උඹලට නම් තිබ්බේ . උඹට ගාමිණි . අනිත් දලයට කණ්ඩුල . අලි දෙන්නට නීලගිරි , ගජබා කියලා නම් තිබ්බා . කාලයක් තිස්සේ වලව්වේ තිබිලා , තවත් කාලයක් තිස්සේ වලව්වේ නැතිවෙලා තිබ්බ අලි ඇත්තුන්ගේ සුවඳ එදා ඉඳලා වලව්වේ ආයෙත් පැතිරෙන්න පටන් ගත්තා .

මම මගේ මුණුබුරෝ තුන්දෙනාටයි මිනිබිරියටයි උඹලා හතරදෙනාගේ අයිතිය එදාම පවරලා දුන්නේ මම ජීවිතේ වැඩි කාලයක් ගෙවලා තිබුන නිසා . උඹව මම පවරලා දුන්නේ දේවින්දට . කණ්ඩුල දුන්නා රුක්මන්ට . ගජබා දුන්නේ රංජිත්ට . නීලගිරි දුන්නා රංජනීට . 


උඹ තමයි මගේ වලව්වේ ඇත් පන්තියේ නායකයා උනේ . මම නායක කම උඹට බලෙන් දුන්නේ නෑ . ඒත් උඹ අනිත් තුන් දෙනාට වඩා ඉදිරියෙන් ඉඳලා වැඩ කළා . උඹව දළදා පෙරහරට එක්ක යන්න මම හරිම ආසාවෙන් හිටියේ . ඒ වගේම මම උඹව ඒ පෙරහරට එකතු කළා . ටික ටික උඹ ලොකු වෙනකොට උඹේ පෙනුම මංගල හස්ති රාජයෙකුගේ හැඩරුව පෙන්නන්න ගත්තා . ඊට පස්සේ තමයි උඹව දළදා පෙරහරේ වගේම අනිත් දේවාල වල පෙරහැරවල් වල කරඬුව වැඩම කරන්න දායක කරගත්තේ . ඊට පස්සේ තමයි උඹ අපේ රටේ ගාමිණී ඇතා කියලා ප්‍රසිද්ධ උනේ . උඹව දාලා මම අවසන් ගමන් ගියත් මම ඊට පස්සෙත් උඹලා හතරදෙනා ගැන සෙවිල්ලෙන් තමයි උන්නේ .




උඹ අවුරුදු 60ක් 65ක්ම යනකන් නුවර දළදා පෙරහරේ , සබරගමුව මහ සමන් දේවාල පෙරහැරේ , නවගමුව පත්තිනි දේවාලේ වගේ දේවාල , පන්සල් ගොඩකම පෙරහැර කරඬුව වැඩම කරන්න දායක උනා . ඊට අමතරව උඹ තවත් වැදගත් තැනක ගත්තේ සමහර දළදා පෙරහැරවල පෙරමුණේ රාල කර පින්නාගෙන පෙරහරේ ආරම්භක හස්තියා විදියට ගමන් ගත්ත එක . උඹ එහෙම යනකොට මගේ නම කියලා මේ එයාගේ ගාමිණී ඇතා කියලා කියනකොට මට දැනිච්ච සතුට කියලා නිම කරන්න බෑ . කිසිම මනුස්සයෙක්ට කරදරයක් නොකර ඒ නම්බුව රකින්න උඹත් දායක උනා . හැබැයි ඒ සතුට මම වින්දේ ගන්ධබ්බ අවස්ථාවක ඉඳලා . 

උඹට මතකද මුලින්ම උඹව බලාගත්තේ අරනෝලිස් මාමා . ඊට පස්සේ තලගම හේරත් කියන අයත් උඹව බලාගත්තා . අන්තිමටම උඹව බලාගත්තේ විපුලසේන කියන මාමා .  උඹව බලාගන්න විපුලසේන වගේම උඹේ අයිතිය භාර කරපු දේවින්ද පුතත් මහන්සිවෙලා වැඩ කළා කියල මම දන්නවා . මට පෙනුනා දේවින්ද පුතා උඹව බලාගන්න අයට නීති දදා උඹට හොඳින් සලකන්න කියලා කියනවා . අශෝක දංගොල්ල මහත්මයත් , මියනපලාව චූටි වෙදමහත්තයත් උඹට කරන්න පුළුවන් හැම ප්‍රතිකාරයක්ම දෙන්න කොයිවෙලෙත් විමසිල්ලෙන් හිටියා .







ඒත් ගාමිණි පුතේ උඹත් දන්නවනේ බුදු හාමුදුරුවෝ කියපු බණවල හැටියට මේ හැමදේම නැතිවෙනවා . කවදාවත් පවතින්නේ නෑ . ඒකනේ ඇතෙක් වෙච්ච උඹට කලින් මට පරලොව යන්න උනේ . 2010 අවුරුද්දේ උඹ දළදා පෙරහරට ගිහින් ආයෙත් වලව්වට එන්න ලෑස්තිවෙලා දළදා මාලිගාවේ ඉස්සරහා දනගහලා දළදා හාමුදුරුවන්ට වඳිනවා මම දැක්කා . " දළදා හාමුදුරුවනේ මේ මගේ අන්තිම ගමන " කියලා උඹ දැනගත්ත නිසා වෙන්න ඇති උඹේ ඇස්වල කඳුළු තිබුනේ . මම ඒ කඳුළු දැක්කත් මම කියලා මොනවා කරන්නද බං . අවුරුදු 75ක් කියන්නේ ඇතෙක් ජීවත් වෙන්න පුළුවන් ලොකු කාලයක් . උඹ තමයි ලංකාවේ එතකොට හිටපු වයසකම ඇතා . 

උඹේ කටේ දත් ගෙවිලා කන්න බැරි උනාම වලව්වේ හැමෝම උඹට කන්න බොන්න ගෙනත් දීලා උදවු කළා මම දැක්කා . ඒත් අහසේ පාවෙවී ඉන්න මම උඹට කොහොම උපස්ථාන කරන්නද . මට තිබ්බේ මේ හැමදෙයක්ම බලාගෙන ඉන්න විතරයි . උඹ ලී රාමුවකට හේත්තුවෙලා අමාරුවෙන් ඉන්නවා දැක්කම මම උඹ ගාවට ඇවිත් උඹේ ඔලුව අතගෑවා . උඹට සමහරවිට දැනෙන්න ඇති . හාමුදුරුවරු වැඩලා උඹට පිරිත් කිව්වේ උඹට තව ටික දවසක් හරි සනීපෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරන්න . ඒත් මගේ ඇත් පංතියේ අවසානයා විදියට උඹ උඹේ ගමන අවසන් කරා .





2011 දෙසැම්බර් 20 වෙනිදා උඹ මම ඉන්න ලෝකෙට එනවා කියලා දැනගන්නකොට මට ලොකු සතුටක් දැනුනා . ඒත් උඹ මැරෙනවා කියලා දැනගත්තම මට ලොකු දුකකුත් දැනුනා . එහෙම උනත් මට මගේ ලෝකේ උඹව හොයාගන්න තාමත් බැරි උනා .













ගාමිණී පුතේ උඹ නිවන් දැක්කද ? . නැත්නම් මේ පරලොවේදී මාත් එක්ක කතා නොකර ඉන්නේ උඹව කැලෙන් අල්ලන් ඇවිත් වලව්වේ හිරකරපු තරහටද ?

ගාමිණී පුතේ ඉස්සෙල්ලම කියපන් උඹට මාව මතකද ?
මම බෝතලේ වලව්වේ හිටපු උඹේ අයිතිකාරයා . ඩී එස් සේනානායක







( ෆොටෝ වීඩියෝ අප්ලෝඩ් කරපු උන්නැහේලට බොහොම ස්තූති )

Thursday, October 17, 2013

පුංචි ළමයි වස නෑ පැටියෝ





එක දිගටම යස්ස කතා කියලා දැන් හරිම මෙව්වා මෙයාලා . ඒ නිසා බැලුවා වෙන ඉස්ටෝරියක් කියන්ට කියලා . මේක මේ වයලීනෝ බබා කාලේ වෙච්ච සිද්ධියක් . බබා කිව්වේ මම හිතන්නේ දෙක වසරේ ඉන්න කාලේ . මුකුත් මතක නැති තොත්ත බබා වගේ " හිතන්නේ " කියල කිව්වට දෙක වසරේ ඉන්න කාලේ තමයි මේක උනේ .

වයලීනෝ බබා කාලේ ගමේ ඉස්කෝලෙට තමයි ගියේ . රත්නපුරේ තියෙන මධ්‍යමහා විද්‍යාලය සීවලිය උනාට සීවලී මධ්‍යමහා විද්‍යාලය ආරම්භ උනේ අපේ ගමේ ඉස්කෝලෙන් . කන්නංගර මහත්තයා හදපු මධ්‍යමහා විද්‍යාලය තමයි අපේ ගමේ ඉස්කෝලේ . ඒකෙ ඉඩ මදි උනාම තමයි ඉස්කෝලේ වෙන තැනකට ගෙනිහින් තියෙන්නේ . පස්සේ ගොඩනැගිලි අපරාදේ නිසා මේක මහා විද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා . ඒ ඉස්කෝලේ ඉගෙනගත්ත කාලේ තමයි පාසල් කාලේ හොඳම ටික වගේ හිතෙන්නේ . මොකද සිස්සත්තේ කරලා සින්දුවා ඉන්න ඉස්කෝලෙට ආවට පස්සේ ටිකක් නීති රීති ලොට්ටක් එක්ක පොඩ්ඩක් අපි හොඳ ළමයි උන නිසා .

එක වසරට භාරදීලා කොහොම හරි එව්වා මෙව්වා කරගෙන දෙකවසරටත් ආවා කියමුකො . වැඩේ කියන්නේ මේ ප්‍රයිමරියේ ඉගෙනගන්න කාලේ අවුරුදු පහේම අපේ පන්තියේ පන්ති නායකයා විදීයට හිටියේ මමතුමා . මේ පන්ති නායකකම හම්බෙන්න හේතු කීපයක්ම තිබ්බා . පන්තියේ පළවෙනියා වීම , පන්තියේ උසට මහතට දෙකේ හතරේ ඩයල් එකකට හිටියෙත් මම විතරක් වීම . තව එකක් තියෙනවා . අපේ පුංචි අම්මා ඒ ඉස්කෝලේ ගුරුවරියක් වීම . මුල කතා දෙක කෙසේ වෙතත් ඉතින් අන්තිම කතාවෙන් වැඩේ ගොඩ තමා .

;) ;) ;)

ඒකාලේ පන්ති නායකයාට කරන්න වැඩ කීපයක් තිබ්බා . ඒවයින් අමාරුම වැඩේ උනේ පන්තියේ මිස් නැති වෙලාවට ළමයි ටික සයිලන්ට් මූඩ් එකේ තියාගන්න එක . මිස් ඉන්න වෙලාවට හොර පූසා වගේ උන්නට මොකෝ මිස් නැති වෙලාවට ආයේ නෑ එකා එකා පිළිවෙලට තියල තමයි නෙලන්නේ . මිස් ළමයින්ට නෙලන කෝට්ටේන්ම මමත් නෙලනවා . එහෙම නෙලලා කොහොමහරි සයිලන්ට් මූඩ් එක තියාගත්තා . හැබැයි විකාර නටන වෙලාවට ඒවා ලීඩ් කරෙත් මමම තමයි . එව්වා පස්සේ කියන්න බැරිය .

ඒ ඉස්කෝලේ ප්‍රයිමරිය තිබ්බේ වෙනම ගොඩනැගිල්ලක . ඉතින් ඒ ගොඩනැගිල්ලේ තීන්ත ගාන්න ඕන නිසා අපේ පන්තිත් ඉස්කෝලේ වෙන වෙන ඉඩ තිබ්බ පන්තිකාමර වලට මාරු කරා . කොහොමහරි මම හිටපු පන්තිය දැම්මේ එකොළහ වසර තිබ්බ හෝල් එකේ පැත්තකට . අයියලා ඉගෙනගන්න වෙලාට ඉතින් අපේ සද්දේ අවුල් වෙන නිසා පන්තියේ නිශ්ශබ්දතාවය රකින එක ටිකක් වැදගත් උනා .

දවසක් ඉස්කෝලේ ස්ටාෆ් මීටින්ග් එකක් කියලා මට පන්තිය බලාගන්න කියලා මිස් ගියා . මිස් ගිය ගමන්ම වගේ අවුලක් නෑ . සෝ කූල් . ඉතින් මමත් ළඟ හිටපු හතර පස් දෙනෙක් එක්ක සෙට් වෙලා පෑන් ක්ලිප් සෙල්ලම් කරන්න පටන් ගත්තා . ටිකක් වෙලා යනකොට සද්දේ වැඩි උනා . මම නැගිටලා " කෑගහන්න එපා " කියලා සද්දයක් දැම්මා . අවුලක් නෑ . කට්ටිය සයිලන්ට් . මමත් ක්ලිප් ගේමට බැහැලා වැඩ වැඩ .

මම හිටියේ පන්තියේ පිටිපස්සෙම අයිනේ . පන්තියේ එක පැත්තකින් ඔන්න දෙන්නෙක් ගහගන්නවා හිටු කියලා . මම වහාම ක්‍රියාත්මක වන ලෙස ගියා එතනට .
" මේ ගහගන්න එපා " කියලා කිව්වා .

උන් ඇහුවේ නෑ . පස්සේ මටත් මල . මම කරපු වැඩේ උන් දෙන්නගේ කකුල් වලට පයින් ගහල ගහල

 " නවත්තනවා මේ ගහගන්න එක " කියලා කිව්වා .



නැවතුනේ නෑ . අන්තිමට මම දෙන්නා මැද්දට පැනලා දෙන්නව දෙපැත්තට කරන්න ට්‍රයි කළා . එත් පොඩ්ඩක් අමාරුයි . පස්සේ දෙන්නටම මම නෙලන්න පටන් ගත්තා . එකෙක්ට කම්මුලට දුන්නා චාටාස් පටාස් . අනිකට ෂොට් එක වැදුනේ ඔලුවට . වියරු වැටිලා වගේ හිටපු නිසා මටත් ඔලුව මතක් උනේ කෙළියට පස්සේ .

හම්මට උඩු ඔලුවට වැදිච්ච එකාගේ නහයෙන් ලේ එනවා . ඌ ලේන්සුවෙන් පිහදාගත්තා . ඒත් පස්සේ කමිසේ තෙත් වෙන්නම ලේ වැක්කෙරෙනවා . මම ඉතින් මුකුත් දන්නේ නෑ වගේ හිටියා . අපේ පන්තියේ වෙන එකෙක් ගිහින් එහා පන්තියේ අයියා කෙනෙක්ට කියලා මෙහෙම නහයෙන් ලේ එනවා කියල . ඒ අයිය ඇවිත් බලලා ගියා මිස්ලව මීට් වෙලා කියන්න . ඔන්න ගුරු මණ්ඩලයම එන්න ගත්තා . අපේ පුංචි ඇවිත් මාව අල්ලගත්තා මට කේන්ති ගියාම ගෙදර කරන වැඩ ටික දන්න නිසා .

ප්‍රින්සිපල් සෑරුත් ආවා . ඇවිල්ලා අර නහයෙන් ලේ එන එකාව ඉස්පිරිතාලේ එක්ක ගියා . ඒ ළමයාගේ අම්මයි තාත්තයිත් ආවා . පන්තියේ මිස් අනිත් ළමයින්ගෙන් අහලා මොකද උනේ කියලා . ඉතිං අනත් ළමයි කියලා වෙච්ච ටික . කොහොම හරි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මිස් බැන්නේ මට නෙවෙයි . මගෙන් ගුටි කාපු දෙන්නට . හික් හික් හික් ........ කොහොමහරි නහයෙන් ලේ එන එකාට පීනසටද කොහෙද ඔලුව ටිකක් බරට හෙල්ලුනාම නහයෙන් ලේ එන එකක් තිබිල . කවුද ඕවා දන්නේ . කලින් ඒවා කියලා තියන්න ඕන . කිව්වනම් වෙන තැනකට ගහනවනේ .

ඉස්කෝලේ සැරටම ගුටි කෙල ගත්තේ එදා තමයි . ඊට පස්සේ ගුටි කෙල ගත්තා . ඒත් ලොකු ලොකු ෂොට් දුන්නේ නෑ . සිරාවටම කියනවනම් ලේ දැක්කට පස්සේ මමත් බය උනා . හිහ් හිහ් හිහ් .......



එදා ඉතිං ඔන්න මම ඉස්කෝලේ ඇරිලා පුංචි එක්ක ගෙදර ආවා . මම මුකුත් කතා කරේ නෑ . බයටම බිම බලාගෙන ආවා .

පුංචි ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි සැල කළා සීන් එක .

" ඔන්න අද කුමාරයා සටන් වැදිලා ඉන්නේ "

මම මුකුත් නොදන්න බබා වගේ ඇඳට වෙලා ඔලුවේ ඉඳලා රෙද්දක් පෙරවගෙන දොයියගත්තා .

මට නින්ද ගියේ නෑ . තාත්ත මෙන්න මේ සිංදුවේ කෑලි කෑලි  හෙමීට කියනවා ඇහුනා .

" පුංචි ළමයි වස නෑ පැටියෝ "

කියලත් කියනවා ඇහුනා . මට තාම හිතාගන්න බැරි තාත්තා පැටියෝ කිව්වේ මටද අම්මටද කියලා .


හික් හික් හික් .................

ඒ නහයෙන් ලේ ආපු ෆ්‍රෙඩා දැනට අවුරුදු දෙක තුනකට කලින් ඇලක නාන්න ගිහින් ගිලිලා මිය ගියා . එයාට නිවන් සුව පතාගෙන වයලීනෝ සතුටෙන් සාමයෙන් දැහැමෙන් සෙමෙන් ජීවත් උනා . ඔන්න ඔහොමයි ඒ කතාව .