Sunday, September 8, 2013

මෙය පොරොන්දුවකි / This is a promise





මෙය පොරොන්දුවකි
මවෙතින් ලැබුවාවූ
ඔබගේම
දැන් අප කිසි දිනෙක වෙන් නොවේවි
දෙවියන් අපගේ හදවතේ රිද්මය අසා සිටීවී
මගේ හැඟුම් කොපමණ ඔබට ඇවැසිද ?
එය ඔබවත් නොදනී
දෙවියන් අපගේ හදවතේ රිද්මය අසා සිටීවී
මෙය පොරොන්දුවකි
මවෙතින් ලැබුවාවූ
ඔබගේම

මට දෙලොවම අමතකය
ඒ ඔබට ඇති අපමණ ආදරය නිසාය
ඔබට අවැසිනම් එය සල්ලාලකමයැයි පවසන්න
ඔබට අවැසිනම් එය මෝඩකමයැයි පවසන්න
හදවත පැවසුවා
හදවත අසා සිටියා
ඒ මම ඔබව මගේ සදාදරිය ලෙස තෝරාගත් බවය
දැන් අප අතර ඈත් වීමක් නොමැත
අපගේ සදාරනීයත්වය අපහටම ලැබී තිබේ
දෙවියන් අපගේ හදවතේ රිද්මය අසා සිටීවී

ඔබ මට ලබාදුන් ජීවිතයේ
ගමනාන්තය කුමක්ද කියා මට තේරුම්ගත හැකිය
දැන් අප එකට එක්ව ගමන් කල යුතුය
මගේ මාවත ඔබේ මාවතට වඩා වෙන් වූවකි
එකට එක්ව යන්නේ කෙසේද කියා මට තේරුම් ගත හැකිය
එම ජීවිතයේ ඔබව මට සොයාගත හැකිය
අපි දිවා රෑ යාඥ්ඥා කරමු
සැමවිටම
මම දෙවියන්ගෙන් ඉල්ලාසිටින්නේ
සියල්ල ඔබ වෙනුවෙනි

මෙය පොරොන්දුවකි
ඔබ හට වූ මගේ ආදරයෙන්
මෙය පොරොන්දුවකි
ඔබ හට වූ මගේ ආදරයෙන්








21 comments :

  1. මෙය පොරොන්දුවකි කියල දැක්ක ගමන් මම මේ දුවන් ආවා බලන්න, වැඩේ හරි කියල. ෂැහ් ... මගේ බලාපොරොත්තු මෙව්වා වෙල ආයෙත් මෙව්වා වෙලා ගියා බං. (ඔන්න විහිළුවට හරි) ;)

    ලව්.. සික් ... පොඩි එකාගෙ ඔළුවට ගහලා ..... =))

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හා............
      හරි හරි ඉතින් ddt මාමත් මේ කාලේ පහුකරලානේ ආවේ . :p :p
      අපි නොදන්න ලවු සික්ක්ක්ක්ක්ක්ක්ක්ක්................
      :-rap :-rap :-rap

      Delete
    2. මටත් මතක් උනේ ලව් සික් කියල තමා මේක කියවපු ගමන් c-)

      Delete
    3. dd ට මොරබ්බත් සාක්කි කියන්නේ ඕක තමා . :p

      Delete
  2. හින්දි සිංදුවක තේරුමක්වත්ද ?

    ReplyDelete
    Replies
    1. // අයියෝ සොරි වේවා! කොමෙන්ටුව පබ්ලිෂ් උනාට පස්සෙ වීඩියෝ ටික ලෝඩ් උනේ //

      :) හ්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........
      :-f :-f :-f :-f :-f :-f :-f

      Delete
  3. අයියෝ සොරි වේවා! කොමෙන්ටුව පබ්ලිෂ් උනාට පස්සෙ වීඩියෝ ටික ලෝඩ් උනේ :( :(

    ReplyDelete
  4. පිස්සුවෙන් වගේ කියව කියව හිටියේ මේක තමා එහෙනම්....

    ReplyDelete
    Replies
    1. :(( :(( :(( :(( :(( :(( :((
      ඔව් හානී..............
      මට වාවාගෙන ඉන්න බෑ හානී.....................
      මම ගඟේ පනිනවා . ඔයාලා එන්න මාව ගොඩ ගන්න හොඳේ .

      Delete
    2. හනේ එපා පවු අසරණ මාළු

      Delete
    3. :p :p මාළු පව් තමා . මම මේ දවල්ට හොද්දක් හදන්න මාළු ටිකක් අල්ලන්න කියල හැදුවේ .

      Delete
  5. මොකද දැන් හින්දි සිංදු ගැයෙන්නේ ම්ම්ම්ම්ම්ම්ම් :-?

    වයලීනෝත් හද මල මෙව්වා කොරගෙනද ඈ :))

    ReplyDelete
    Replies
    1. කොරගේනදත් අහනවා . මෙව්වා කොරගෙන ආයෙත් මෙව්වා කොරගෙන ඉන්නේ අනේ .

      Delete
  6. වයලට පිස්සු හැදිලා..... මලා...... අනේ කොහොමට හිටිය එකාද දෙයියනේ..... d( d( d( මෙහෙමත් අපරාද.

    ReplyDelete
  7. මොකාටද හැබෑටම එන්න හදන්නේ මේ....? :-vi

    ReplyDelete
  8. ස්‍රියා ගෝසාල්

    අනේ එයාගෙ කට හඩ ඇහුනත් ඇති අනේ මට <3

    ReplyDelete
    Replies
    1. :) :)

      :) හොඳයි හොඳයි එහෙනම් තව දවසක ඒ සින්දුවක්ම දාන්නම්කො .

      Delete
  9. ඉන්දියන් එව්වන්ට හොඳට නටන්න, සිංදු කියන්න පුළුවන් නේද වයලීනුවෝ.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.