Friday, August 9, 2013

උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!




මගේ රත්තරං ඔයාට දැන් සනීපද ? .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

අසනීප නිසා වෙනදා වගේ ඔයා මට මූණ දෙන්න නැති උනාම , මම බය උනා ඔයා මට නැතිවෙයි කියලා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

අත් දෙකම නැතුව දවස් ගානක් හිටියත් මට ඔයා නැතුව ඉන්න බෑ.. බෑ... බෑමයි රත්තරං
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාව වෙන කාගේවත් අතට යනවා බලාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබ්බේ නෑ රත්තරං
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාව මගේ කරගන්න හීන මවන කාලේ තිබ්බ ආදරේමයි තාමත් ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන්නේ රත්තරං .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාගැන දැනගත්ත දවස්වල මම ඔයාගැන හොරෙන් විස්තර හෙව්වේ ඔයාව මගේම කරගන්න හිතාගෙන . උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඒත් මම හදිස්සි උනේ නෑ .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

කල වයස හරිගියාම මම අම්මලට ඔයාගැන කිව්වා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

අම්මලා ඔයාට කැමතිවෙයි කියලත් මම හිතුවේ නෑ .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඒත් ඔයයි මමයි එක වහලක් යටට වෙච්ච දවසේ අම්මලා ගැන ඒ තිබ්බ සැකය නැති උනා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාට මතකද රත්තරං අපේ පලවෙනි රාත්‍රිය ?
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයා මගේ දිහා බලන්නේවත් නැතුව බිම බලාගෙනම හිටියා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මම ඔයාගේ නිකටෙන් අල්ලලා මූණ පොඩ්ඩක් උඩට උස්සලා තමයි මූණේ ලස්සන බලාගත්තේ
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මතකද ? මම බලෙන්ම වගේ ඔයාගේ ඇඳුම් ගැලෙව්වා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මතකද ? ඔයා මූණ අඳුරු කරගෙන හිටියට මම ඔයාගේ ඉස්සරහ පැත්තට හෙමින් ඔබලා බැලුවා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයා රිදිලා වගේ එක පාරටම කෑගහනකොට මම ඔබන එක නවත්තලා ආදරෙන් ඔයා දිහා බලාගෙන හිටියා . උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ටික දවසකින් ඔයාගේ හදවතට අලුතෙන් දේවල් ගොඩක් එකතු උනා මතකද ?
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඊට පස්සේ මම ඔයාගේ ඉස්සරහින් , පස්සෙන් වගේම දෙපැත්තෙනුත් ඔබ ඔබ ඒවා මේවා කරා මතකද?
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාට ඒවා රිදෙනවා කියලා මම දන්නවා .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඒත් මගේ ආසාව වෙනුවෙන් ඔයා ඒවා ඉවසාගෙන ඉන්නවා නේද රත්තරං ?
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මම ආයෙත් ඔයාට රිද්දන්නේ නෑ .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මම ඔයා කැමති විදියට ඉන්නම් හැමදාම .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මගේ තනියට ඔයත් හැමදාම මගේ ලඟින්ම ඉන්න රත්තරං .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාගේ මූණ දිහා බලාගෙන මම මේ ලෝකේ ගැන ඉගෙනගත්ත දේවල්, මෙච්චරයි කියලා කියන්න බෑ රත්තරං  .
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

ඔයාට දන්සනීපයි නේද රත්තරං ?
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!

මගේ ලැප් එක .
මම ඔයාට ගොඩක් ආදරෙයි වස්තුව .......!
උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!


29 comments :

  1. වයල කෙටුවොත් ඔහොම එකක්මයි!

    ඒක ලැප් එකද?laptop එක නෙමෙයිද?නැත්තං 2මද ?නැත්තං 2ම නෙමෙයිද ?

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක
      නංගි කැමති එකක් හිතාගන්නකෝ මෙයා.......!

      :-da :-da :-da

      Delete
  2. මගෙ රත්තරං මේ දවස්වල ලෙඩවෙලා...එයාගෙ මූණ එළි වෙන්න වෙනද කියන වචනෙ මට කියාගන්න බෑ...:(

    ReplyDelete
    Replies
    1. :-o :-o
      වෙන වචනයක් කියලා බැරිවෙයිද මූණ එලිය කරගන්න පොඩ්ඩක් .


      :-da :-da :-da

      Delete
  3. මගෙ රත්තරං මේ දවස්වල හ්ම් කියලවත් කතාවක් නෑ. දැන් ටික දොහක් වෙනව ඉතින්. මක් කරන්ඩදැයි හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් රත්තරන්ට ඉක්මනට බෙහෙත් අරන් දෙන්න වෙයි .
      මේ දවස්වල ඩෙංගු වයිරසය හිස ඔසවනවා කියල කතාවක් තියෙනවා නෙහ් ?

      :-da :-da :-da :-da

      Delete
  4. මගෙ රත්තරං හෙලේන ලෙඩ දෙනව මේ දවස් වල

    ReplyDelete
    Replies
    1. :-o :-o

      ඉක්මනටම බෙහෙතක් හේතක් කරගන්න නැත්නම් පස්සේ කරදර වෙන්න පුළුවන් .
      අවදානමට පෙර සූදානම .

      :-da :-da

      Delete
  5. "උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!‍‍‍‍"

    ‍මේක දැක්කම මට මතක් වුනේ "සොනික්" කාටුන් එකේ ඉන්න "ඩගියා", "සැලී"ට උම්මා දෙන හැටි.... :D

    ReplyDelete
    Replies
    1. අහ

      ඔයා මගේ හිත කියෙව්වා නේද ?

      මමත් ඒ සීන් එක මතක් කරගෙන තමයි ලිව්වේ මෙයා .

      එල එල :-da :-da

      Delete
  6. "උම්මා උම්මා උම්ම්ම්ම්මා .................!‍‍‍‍":-da

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔයාටත්
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බලකඩ

      :-bd :-bd :-bd :-bd

      Delete
  7. මචං වයලා, ඔය මැදෑ බං උම්මා දුන්නා, ඔය කෙලටික පිහිදල දැම්ම නම් දැන්. =))

    ReplyDelete
    Replies
    1. හපෝ එහෙම එක පාරටම පිහදලා දැම්මම කොල්ටි නෑ . හැක හැක හැක

      :-da :-da :-da

      Delete
  8. මම හිතුවේ ,

    අනේ මගේ සුදු රත්තරනේ පුලුවන්නම් මට රීලොර්ඩ් එකක් දාන්නකෝ... උම්මා උම්මා උම්මා......................!

    කියලා තියේවි වත්දෝ කියලා... හික් හික් c-)

    බලනකොට ලැප් එකට නේ කියලා තියෙන්නේ :))

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      පොඩ්ඩක් අහුවෙලා වගේ නේද ?
      හිහිහිහිහ්

      c-) c-) c-)

      Delete
  9. උම්මා දුන්නට වැඩක් නෑ. උඹ අන්දන රෙදි වල හැටියට ඕක ඔහොම බේරුනා ඇති :)) :))

    ReplyDelete
    Replies
    1. ආයේ කන්නේ නෑ නෑ කිය කිය හිටියත් , සොෆ්ට්වෙයා ටික දැක්කම අත නිකන් කහනවා වගේ ඕයි .
      y-) y-) y-) y-)

      Delete
    2. මලට සමනලයෙක් නයාට මුගටියෙක්

      හප්පේ බයේ බෑ :-O

      Delete
    3. අර මක්කටයි බය වෙන්නේ ? :-O :-? උයා නයෙක්ද ? :))

      Delete
    4. @රෙහානි ....
      සමනලයෝ කියන වචනයනම් කියන්නෙපා හම්මෝ . මෙන්න වැන්දා .

      Delete
  10. හක්ක හක හක . අම්මපා මම හිතුවේ උම්මා දීපු තරමට මේක දියවෙලා ගිහින්ද දන්නෙත් නෑ කියල. කොහොමත් ඕක ටිකක් සුද්ධ කොරගන්න වෙයි කෙල ටික අයින් කරලා. :))

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් පිහදලා දැන් ලක්ෂනට තියෙනවා . හැක හැක හැක
      :P :P :P

      Delete
  11. මගේ මොලේම කොලොප්පම් වුනා...මේ උම්මා..එකක් කියවලා...
    හැබැයි...හිනාවෙලා ලේ ටික තවත් පිරිසිදු වුනා වගේ..

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග්ගුවට එන අයගේ මොලේ කොලොප්පම් කර යවන බවට මම දිවුරා පොරොන්දු වෙමි .

      Delete
  12. අනේ හම්මේ.... මේක ලිව්වොත් මෙහෙම එකක්මයි. වයල දීපු උම්මා ගොඩ නිසා දැන් ලැප්ටොප් එක දිය වෙලා ගිහින් ඇති. w-) w-) w-)

    ReplyDelete
  13. නිර්මාණශීලී බව උපරිමයි.. :-f :-f
    ඇත්තටම දැන් ජීවිතේ ගොඩක් වෙනස් වෙලා computer එක නැතුව එක දවසක් වත් ගෙවෙන්නේ නැහැ කාලෙකින් යාලුවෝ එක්ක set වෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. දවසක් නෙවේ මේක දැන් නැතුව වරුවක් වත් ඉන්න බෑ . හඃ හඃ හ්හ්

      Delete
  14. දර්ශන අයියගේ ලැප්ටොප් එක ගැන දැන් මට හිතාගතහැකි...........

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.