Thursday, August 15, 2013

මෙන්න විශේෂ පුවතක් !






ඇලපාත මුදලිතුමාගේ කතාවෙ ඊළඟ කොටස දාන්න කියලා හිතාගෙන ඉන්නකොට වෙන ආතල් කතාවක් හම්බුනා . හම්බුනා කිව්වට හම්බුනාම නෙවේ . මම අරන් තියාගෙන හිටපු කොළ කෑල්ලක් හම්බුනා . ඔන්න මේක පොඩ්ඩෙක්ගෙ පොඩි ආතල් වැඩක් .

අපේ ගෙදර ඉන්නවා , ඉක්කෝලේ හතර වසරේ ඉගෙන ගන්න පොඩ්ඩෙක් . අපේ මාමගේ පුතා . මිනිහා දවසේ වැඩි හරියක්ම ඉන්නේ අපේ ගෙදර . වයලීනොත් එක්ක ගුටි කෙලගත්තම දවසක් දෙකක් විතර නෑවිත් ඉඳලා ආයෙත් " හයියේ............ " ගාගෙන එනවා .

ගිය පොසොන් එකට මිනිහට ඉස්කෝලෙන් ගෙදර වැඩට දීලා තිබ්බා එළකිරි වැඩ ටිකක් . ටීවී එකේ නිව්ස් බලලා ඒවගේ නිව්ස් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන එන්න කියලත් ඒකෙ තිබ්බා . දන්නවනේ ඉතින් ඒ වගේ වැඩක් දුන්නම අපිත් පොඩි කාලේ හෙන ලොකුවට හිතාගෙන ටීවී එකට මූණ ඔබාගෙන ඉඳලා ඕව කරනවා .

ඉතින් පොසොන් දවසට කලින් දවසේ මේ පොඩ්ඩත් ටීවී එක ගාව වාඩිවෙලා නිව්ස් ඇහුවා . අහලා මිනිහා ලිව්වා ඉස්කෝලෙට ගෙනියන්න නිව්ස් ටිකක් . කෙලින්ම මිනිහා පටන්ගත්තේ 
" මෙන්න විශේෂ පුවතක් " කියලා . හැක හැක හැක 



මෙන්න විශේෂ පුවතක් !

# දැන් කාලගුණය වැඩියි කියා ඔබාමා පැවසුවේය .

# ඉන්දියාවේ කාලගුණය නිසා මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නෑ කියා මිනිස්සු ප්‍රකාශ කරතී .

# මිනිසාට කේන්ති ගිහින් ගේ ගිනි තියයි.

# හෙට ජනාධිපති බත් දන්සල කයි .


මෙන්න තවත් ප්‍රවෘත්තියක්

# ගංවතුර නිසා ළමයින්ට පාසල් යන්න විදියක් නෑ කියා පවසයි .


මෙන්න තවත් එකක් 

# ගංවතුර නිසා මිනිස්සු ගෙවල් අතෑරලා ගිහින්.

# මිහින්තලාවේ ගින්නක් ඇතිවේ.

# ඉන්දියාවට මරාගෙන මැරෙන බෝම්භ ප්‍රහාරයක් .

# මිනිසා රතිඤ්ඤා පත්තුකර අත කඩාගනියි .


මෙන්න තවත් එකක් 

# මිනිසා කන්දෙන් පහලට පැන ජීවිතය නැති කරගනියි.


මෙන්න කාලගුණය 

මොණරාගල 32යි 
මාතර 50යි
රත්නපුර 52යි
අනුරාධපුරය 64යි

අද කාලගුණය වැඩියෙන්ම තියෙන්නේ රත්නපුරේ . 

බලන්න ආතල්ද කියලා පොඩ්ඩගේ නිවුස් .

30 comments :

  1. ගුටි කෙලගත්තම කියන්න ඕන නෑනේ. කෙලින්ම කියපන් ගහල ගියාම කියලා

    ReplyDelete
    Replies
    1. හොවෑක් ... හූ .... ඌ මට ගහනව මට ඌ ගහනවා ෂීන් එකක්.

      Delete
    2. ඔව් ඔව් ඉතින් එහම තමයි ඉතින් ඉතින්
      හැක හැක හැක
      =)) =)) =))

      Delete
    3. @ddt ඇඩෙනවා හෆ්ෆා .......
      :(( :(( :((

      Delete
  2. පොඩ්ඩා නිව්ස් ඇහුවෙ උඹලගෙ ටීවී එකෙන්ද, උඹලගෙ ටීවී එකේ ලෙඩක්, ගනින් අලුත් එකක්. :))


    අපේ මාමගෙ පුත්තරයත් ගිය අවුරුද්දෙ 3 වසරෙ. වාර විභාග ප්‍රශ්නෙකට අහල තිබුනලු මිනිස් ශරීරය තුළ වැඩිපුරම අඩංගු මොනවද කියල? මූ ලියල කෑම කියල. උගේ සයිස් එක අනුව නම් ඒක ඇත්ත. :D

    ReplyDelete
    Replies
    1. සිරාවටම අපේ ටීවී එකෙන් තමයි .
      සද්දේ ඇහෙන්නේ නැති එකක් අලුතෙන් ගන්න බලන්න ඕන .

      මේ පොඩ්ඩත් දවසක් කිව්වා බඩ මහත මනුස්සයෙක් පෙන්නලා ඒ මනුස්සයාගේ බඩ මහත් වෙලා තියෙන්නේ ටොයිලට් යන්නේ නැති නිසා කියලා . හඃ හඃ හඃ

      :-bd :-bd

      Delete
  3. අර අසරණ නොදරුවාට මඩ ගැසීම තරයේ හෙලා දකිමි. 5-p ඌ උඹට ගසන සුපිරි මඩ බාල්දි ගැන ලිවීමට සිතාගතිමි. s-) s-) s-)

    ReplyDelete
    Replies
    1. එම අදහසට ජය වේවා!!! w-) w-) w-)

      Delete
    2. @සිංදු
      ඔව් ඔව් මට තේරුනා පොඩි එකාට පගාව දෙනකොට මට කෙලවෙනවා කියලා .
      හඃ හඃ හඃ හඃ
      මිනිහගෙන් මක්ක හරි ඕන නම් අකුරු දෙකක් තියෙනවා කියන්න .
      එක කිව්වොත් ඕකා ඔක්කොම වමාරනවා .
      පුළුවන් නම් ඒ අකුරුදෙක හොයා ගන්නකො .

      Delete
    3. @බුද්ධි

      කන්නෙපා හරි !

      Delete
  4. සමහර බ්ලොග් පෝස්ටුත් තියෙනවා මේ පොඩි එකාගේ නිවුස් වගේ ...:))

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      ඔව් අෆ්ෆා
      එකනම් සිරා කතාව . සමහර බ්ලොග් දිහා බලන එකත් නවතිනවා ඒවගේ පොස්ට් නිසා . හිහිහිහිහි

      g-) g-) g-) g-)

      Delete
  5. පොඩි එකා ඔයාට ගහල යනවා ඇති කියල ඇයි මට හිතෙන්නේ. හ්ම් හ්ම් හ්ම්... w-) w-) w-)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      මට ගහලා උට යහතින් යන්න වෙන්නේ නෑ 5-p 5-p 5-p

      Delete
  6. වයලීනුවෝ....ඒ පොඩි එකාට උඹව මාර ඇණයක් වගේ ඇතිනේ එක වේලාවකට

    ReplyDelete
    Replies
    1. එක වෙලාවකට නෙවේ . හැම වෙලාවේම උට මාව ඇනයක් තමා . අදත් හවස හොඳට බැන බැන ගියා ආයෙනම් මෙහෙ එන්නෙම නෑ කිය කිය
      හඃ හඃ හඃ

      Delete
  7. හැ හැ වයලට වඩානම් මලයට මොළේ තියනව

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කිව්වා . නංගි අපේ අම්මගේ හිත කියෙව්වා නෙහ් ?

      Delete
  8. මෙහෙම තමයි ඉතිං සමහර චැනල් කියන්නේ! පොඩි එකා වැරදීම නෑ!

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      සිරාවටම .
      පොඩි එකා කොලේ ලියලා තිබ්බා තව මෙහෙම නිව්ස් එකකුත් .
      " හෙට පෝය නිසා අද ගංජා විකුනන්නෙකු පොලීසියට හසුවේ " කියලා .
      ඒක බලධාරියා විසින් කපා හැරියා .

      Delete
  9. //අද කාලගුණය වැඩියෙන්ම තියෙන්නේ රත්නපුරේ//// මේකට තමා වැඩිපුරම හිනා යන්නේ...
    :D :D :D :D

    ReplyDelete
    Replies
    1. ඒක පොඩ්ඩක් අවුල් වගේ තමා ...
      :D :D :D :D

      Delete
  10. මේකනං ලාංකේය අභිමානයේ ගිය එකක්ද කොහෙදෝ:-?

    හෙක් හෙක් :))

    පව් පොඩි එකා ..., ඉතිං කියලා දෙන්න එපැයි හරියට :)

    ReplyDelete
    Replies
    1. මේ කොලේ අරගෙන පස්සේ වෙන එකක් කියලා දුන්නා අනේ

      පව් වගේද අනේ ෆන් එක .

      :)) :)) :)) :))

      Delete
  11. Replies
    1. ඉන්න මමත් එන්නම් ....!

      Delete
  12. ඕක ඔහොම්මම ගෙනිච්ච නම් තමයි වැඩේ... :))

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.