අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මම ඔබට අපමණ ආදරේ කරමි සොඳුර ඔබට අවැසිනම් මම එය දිවුරන්නෙමි දෙවියන්ගේ නාමයෙන් දිවුරන්නෙමි මම ඔබට අපමණ ආදරේ කරමි සොඳුර මගේ සිහිනයේ ...

මම ඔබට අපමණ ආදරේ කරමි සොඳුර





මම ඔබට අපමණ ආදරේ කරමි සොඳුර
ඔබට අවැසිනම් මම එය දිවුරන්නෙමි
දෙවියන්ගේ නාමයෙන් දිවුරන්නෙමි
මම ඔබට අපමණ ආදරේ කරමි සොඳුර

මගේ සිහිනයේ කවිය ඔබය
දැන් මාහට , ඔබ නොමැතිව ජීවිතය ගෙන යා නොහැක
මම ඔබට එතරම් ආදරේ කරමි
එය මා තුලින් එන්නාවූ දිගු සුසුම් පොදක් වැනිය

සාගරයේ මෙපමණ වූ තරංග ඇත
මම ඔබට එතරම්ම ආදරේ කරමි
ඒ මා හට ඇති අපමණ වූ ආශාව නිසාවෙනි
එය කිසිදාක අඩුවක් නොවේ


27 comments:

  1. හ්ම් ... සාජන්, ලස්සන සිංදු නේද. ඕක ආපු දවස්වල නම් වසංගතයක් වගේ ඔය ෆිල්ම් එකේ සිංදු හැමතැනම. දැන් නම් අහන්න ලැබෙන්නෙත් හදිසියෙන්. මතක් උන එකේ ඔක්කොම සින්දු ටික බාගෙන අහන්ට ඕන. :-f

    සත්‍ය ආදරේකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද, නැත්ද මතං.

    ReplyDelete
    Replies
    1. ඔව් මතං ...
      ඔය සත්‍ය ආදරේ කියන එකට මිනී මරන්නත් පුළුවන් කියනවා නෙව .
      අඩේ මම අහලා නෑනේ වෙන සිංදු . මමත් අහන්න ඕන . එල එල

      g-) g-) g-)

      Delete
    2. //අඩේ මම අහලා නෑනේ වෙන සිංදු//

      ඒ ෆිල්ම් එකේ හැම සිංදුවක්ම හුඟක් ජනප්‍රිය උනා බං, ඒ දවස්වල තිබුනු එෆ්එම් ටිකේ රොටි පුච්චනව වගේ දෙපැත්ත දම දම ගියා ඔය සිංදු ටික, ඒ දවස්වල හින්දි සිංදු, ෆිල්ම් රැල්ලක් තිබුනා.

      Dekha Hai Pehli Baar
      Bahut Pyar Karte Hain
      Aisi Deewangi
      Jeeye To Jeeye Kaise
      Mera Dil Bhi Kitna
      Pehli Baar Mile Hain
      Thu Shayar Hai
      Tumse Milne Ki Tamanna Hai

      Delete
    3. ආ මේවා අහලා තියෙනවා . මේවා ඒ ෆිල්ම් එකේ කියලා දැන් තමා දන්නේ , එල එල

      Delete
  2. //සාගරයේ මෙපමණ වූ තරංග ඇත
    මම ඔබට එතරම්ම ආදරේ කරමි//
    w-) w-) w-)

    ReplyDelete
  3. //මම ඔබට අපමණ ආදරේ කරමි සොඳුර
    ඔබට අවැසිනම් මම එය දිවුරන්නෙමි//

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O
      අනේ එපා ! එපා !

      මේ ඇත්තමද කිව්වේ ??
      මේ මට ??

      :-* :-* :-*

      Delete
    2. බොට??ආදරේ කරන්න මං! බුදු අම්මියෝ :o

      හීනෙන්වත් නෑ

      වෙන එක්කෙනෙක්ට කිවුවෙ <3 :D

      Delete
    3. // වෙන එක්කෙනෙක්ට කිවුවෙ <3 //
      මේ සයිට් එක ලියන අනිත් එකා ගැන වෙන්ටැ ඔය කියන්නෙ c-)

      Delete
    4. නෑ ඒක ගැන නෙමෙයි.ඇයි?

      Delete
    5. @උකුස්සා අයියේ . බලාගෙනයි පරිස්සමෙන් රතිඥ්ඥාව භයානකයි ....

      Delete
    6. මොකක්ද මෙතන වෙනවා ? :-O :-O :-O

      Delete
    7. මුන්ට ලූස්!

      Delete
    8. ලූස් ?
      අනේ යන්න අනේ යන්න .
      ඒත් ඉතින් කමක් නෑ . අපිට ලූස් උනාට අපේ සිංදු අයියට ලූස් නෑනේ . හක්ක හැක හැක හැක

      Delete
    9. හා ඔය ඇවිත් ඉන්නේ කියනකොටම . :p :p

      Delete
    10. ඔව් එයාට ලූස් නෑ තමා.ප්‍රශ්නයක්ද ?

      Delete
    11. @සින්දුවා - අපිට (උඹටයි සාශටයි ) පිස්සු කියලත් කියපන්

      Delete
  4. එල එල.... කාලෙකට කලින් අහපු සිංදුවක්

    ReplyDelete
    Replies
    1. g-) g-) g-)

      මටත් ඊයේ ඕක රේඩියෝ එකේ යනවා ඇහිලා තමයි කොටන්න හිතුනේ !

      Delete
  5. මව් සින්දු ටික නම් පස්ටය.තවමත් අවුලක් නැතුව අහන්න පුළුවන් සින්දු ටිකක්. d-)

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-) g-) g-)

      සිරාවටම !

      Delete
  6. කැතක් නැතිව අහන්න පුලුවන් සිංදුව.බලපං හිතට කොච්චර සැනසිල්ලක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. :-pi :-pi :-pi :-pi

      ඇත්තටම !

      Delete
  7. Replies
    1. මේවයේ තේරුම් කියා දුන්නේ කවුද ?
      කවුද ?
      මම අහන්නේ කවුද ?
      වෙන කවුද ඉතිං .
      හැක්ක හැක හැක
      :)) :)) :))

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.