Monday, August 26, 2013

ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (6)



ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1)

ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (2)

ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිදුගේ පුනරාගමනය (3)

ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (4)

ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (5)

පස්වෙනි පොස්ට් එකේ අන්තිමට අපි සිංදුවා අයියා කරන විසූක දර්ශන ගැන කියලා නැවැත්තුවා . අද එතන ඉඳලා තමයි කියන්න යන්නේ .

ඔය සිංදුවා අයියා ඒ කාලේ සින්දුවතී එක්ක කාලේ ගත කරේ හරිම සන්තෝසෙන් . දෙන්නා එකට තමයි ගොඩක් ගමන් බිමන් ගියේ . ඒ කිව්වේ ටියුසොන් කලාස් ගියෙත් එකට . සින්දුවතී කැරකෙන තැන් තියෙනවනම් සිංදුවත් එතන . සින්දුවතී බස් එකක යනවනම් සිංදුවත් මෙන්න මෙහෙම සින්දුවතී ගාවින්ම වාඩිවෙලා යනවා .




ඉන්ජෙක්සන් කට්ටකට උනත් බය උනාට මොකෝ , සින්දුවතී ළඟ ඉන්න නිසා සිංදුවා හිතන් ඉන්නේ ඔතනදී එංගලන්තේ ජෝර්ජ් රජ්ජුරුවෝ එයා කියලා . ඔය පේනවනේ ඔලුවේ සයිස් එක . සීයක් අවොත් දහයකට නෙලලා ඉතිරු ටික මුණ පෙන්නලා බය කරන සයිස් එකෙන් ඉන්නේ .



සින්දුවතීනම් කොහොමද දන්නේ නෑ ඔන්න මම නෑ ඉතිං මම අහිංසක ළමයා . ( හම්මෝ කන්න වෙයිද දන්නේ නෑ සින්දුවතීගෙන් . නෑ නෑ එයා සෝයි ළමයා නෙහ්  )

කොහොම හරි සින්දුවතී ගැවසෙන ගහක් යට උනත් පොඩ්ඩක් වෙලා කැරකෙනකොට සිංදුවා හොයාගන්න පුළුවන් පඳුරක් අස්සේ තුත්තිරි ගහක් අස්සේ ඉඳලා . මෙච්චර වෙලා මේ ඔලුව අතගගා ටොකු ඇන්නේ ඇලපාත මුදලිතුමත් සිංදුවා වගේම කරපු වැඩක් ගැන කියන්න .

ඔය ගජමන් නෝනා දෙනිපිටියේ නුග ගහ ගැන කවි කිව්වා නේද ? . අර පිනවන දුටු දන සෑම කියලා . ඉතිං ඒ කාලේ ඇලපාත මුදලි තුමත් මේ දෙනිපිටිය පැත්තේ කැරකිලා තියෙනවා ; සිංදුවා සින්දුවතී වටේ කැරකුනා වගේ . ගජමන් නෝනා දෙනිපිටියේ නුග ගහ ගැන ලිව්වා වගේ අලපාත මුදලි තුමා කරේ දෙනිපිටියේ වැව ගැන කවි ලිව්ව එක .

හුදීජන පහන් සංවේගය වෙනුවෙන් ඔන්න ඒ කවි ටික මම මෙතන ලියනවා .

සාදු කියාගෙන උතුරට මුහුණලා , හිසට කොහොඹ පත්ද , පයට කහඹිලියා පත්ද  තබා , උපන් ඇඳුමෙන් සැරසී කියවන්න .

දුටු දුටු දන මන නන්ද - වඩන සුපිපි කුසුමන්ද 
ඇඹුල උපුල අරවින්ද - ව න සු රැ සා 

( දකින දකින ජනයාගේ සිතේ සතුට වඩවන මල්ද ඇඹුල , උපුල් , නෙලුම් මල් මෙහි බොහෝ තිබේ )

මඳ මඳ එන පවනින්ද - දසදිග විහිදී සුගන්ද 
ගෙන යති බිඟු මකරන්ද - න ද ස ල සා

( දසත හමන මද පවනින් මල් වල සුවඳ හමයි , බිඟුන් මල් පැණි අරගෙන නාද කරමින් පියඹා යයි )

තැන තැන රැඳී සේරුන්ද - පැස්බර වෙල් ලිහිනින්ද
දිය කෑදෑ තුඩුවන්ද - බු දී ති ම සා

( තැනින් තැන සේරුන් වර්ණවත් වෙල් ලිහිණින් දීය කෑදැත්තන් මසුන් අනුභව කරයි )

සොඳ සොඳ රුවැති මෙයින්ද - දෙනිපිටි වැව දකිමින්ද 
සහතොසයෙන් මිතුරින්ද - නෑ මු බැ සා

( මෙම සෝභමාන වූ දෙනිපිටිය වැව දකිමින් මිතුරන් සමග සන්තෝසයෙන් එහි බැස නෑමට හැකිය )

එජල මතෙහි අනුකූල - සෙවල වරල ගන නීල
සුපිපි වතසේ වත ලීල - නි ලු පු ලැ සා 

( මෙම වැවෙහි ජලයේ මතුපිට පාවෙන තද කොළ පැහැති පාසි , හරියට පිපුණු මුහුණක ඇති නිලුපුල් වැනි ඇස් වැනිය ) 

අදර තඹර පෙති දෑල - තිසර දෙතන තුඟු තූල
බමර නමැති මිණි මාල - ගෙ ල ස ර සා

( නෙලුම් මල් හංසයින්ගේ දෙපසින් පිහිටන විට බඹරුන් එම හංසයින් අවට ඉගිලෙන්නේ හංසයින්ගේ ගෙලේ බැඳී මැණික් ඔබ්බපු මාල ලෙසය )

තරඟ පෙලැති රැලි ලීල - පැළඳ සිලිස් සුදු සේල 
ලිහිණි මෙවුල් ඉඟ කෝල - නො ම ග ව සා 

( තරංගයක රැලි වාගේ , සිනිඳු සුදු සේල වැනි පියාපත් ගවසාගත් ලිහිණින් අහසේ ඉගිලෙන්නේ කිසිම ලැජ්ජාවක් පැකිලීමක් රහිතවය )

මෙලෙස සුසැදි සිවිසාල - දෙනිපිටි වැව කමලාල 
ලියසෙ දනෝ සිතු ආ ල - වෙ ති සු දි සා 

( මෙලෙසට විශාලව සැදුනු පිවිතුරු වූ දෙනිපිටිය වැව නමැති කාන්තාවට නොයෙක් දීශාවන් වල අය ආලය කරති )
අවට සුසැදි පලු වීර - අඹ දඹ රඹ මොර වීර
තල් පොල් දෙල් පල බාර - ව තු කැ ටි යේ

( වැව අවට කුඩා ප්‍රදේශවල පලු වීර  අඹ ජම්බු කෙසෙල් මොර වීර තල් පොල් දෙල් පල බරවී තිබේ )

මේකියන වැවට සමීප - බබලන බුදුරුව දීප 
දුසිරි අඳුරු දුරලාප - සැ දී දෙ ම හ ල්

( මෙම වැව අසල බබලන්නාවූ දෙමහල් විහාරයේ බුදුරුවේ රශ්මිය එම ප්‍රදේශයේ දුසිරිත් අන්ධකාරය දුරලන්නා වැනිය )

බිතුයෙහි සිතුයම් රූප - රහතුන් හා දෙවි රූප 
ජූතක බමුණු අරූප - ඇ ඳි මෙ ම තු ල්

( මෙම විහාරයේ බිත්තිවල රහතන් වහන්සේලා දෙවිරූප පූජක බමුණු රූප සිතුවම් කර ඇත )

දෙපසෙහි තොරණ සමීප - වලුමල් එලවා පූප 
කිංකිනි බැඳ දද කීප - ලෙ ලෙ ති ල ක ල් 

( විහාරයේ තොරණ අසල මල් පොකුරු එල්ලා තිබේ , කිංකිනි බැඳ තිබේ , කොඩිද එල්ලා ඇති අතර ඒවා අලංකාරව ලෙල දේ )

මෙලෙසට සුසැදි මනාප - යුත් වෙහෙරට මාදම්ප
මුල් සිඳ හැර දස පාප - ව ඳී මු ව ලො ල් 

( මේ ආකාරයට සෑදී තිබෙන මහා ධර්ම ප්‍රාසාදයට දස අකුසල් දුරුකරගනිමින් ආශාවෙන් වන්දනාමාන කරමු )

හනේ මන්දා අෆ්ෆා . හරිම සෝයි . එයා ගස් ගැන කියනවා මෙයා වැවු ගැන කියනවා . හැබැයි හරිම උසස් සාහිත්‍ය රසයක් තියෙනවා .

බලන් ඒකෙත් හැටි . ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක ගැන කවි ලියපු ගජමන් විරිතෙන්මයි මේ දෙනිපිටියේ වැව ගැන අලපාත් මුදලි තුමා කවි ලියලා තියෙන්නේ . හඃ හඃ හඃ හඃ හඃ ... කොච්චර මෙව්වා එකක් හිතේ තියෙන්න ඇතිද නේද ?

මෙච්චර දවසක් කියාගෙන ආපු ඇලපාත මුදලි තුමාගේ ජීවිත කතාව හා අදාළ සිද්දි සමුදාය මේ පෝස්ටුවෙන් අවසන් වෙනවා .

අනේ ඉතිං ඉවරයි කිව්වට ඉවරම නෑ . තව තියෙනවා . තව තියෙන්නේ ඇලපාත මුදලිතුමාගේ පුනරාගමනය .

ඒ වගේම තමයි ඇලපාත මුදලි තුමාගේ කවිත් හැමදාම පවතීවි . සිංදුත් හැමදාම ලියුම් ලියාවි , වයලීනොත් හැමදාම මඩ ගසාවි , අපිත් හැමදාම කවි ලියාවී .

හූඌඌඌඌඌඌඌඌස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් ( නහය පිහිදමින් ) අඩෙනවා අෆ්ෆා ..........

ඇලපාත මුදලිතුමා ආයෙත් ඉපදිලා කරපු වැඩ කිඩ ගැන ඊළඟ පොස්ටුවෙන් බලමු .

එහෙනම් මම අදට වාෂ්පීකරණය වෙනවා .

ඔබ සැමට සමන් දෙවිඳුන්ගේ පිහිට ලැබේවා !

18 comments :

  1. බලාගෙන ගියාම උඹ ඇලපාත මුදලිට වඩා සිරා භාන්දයක්නේ.....

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      වෙන්න පුළුවන් . අපි ජේතවනාරමෙන් බණත් අහලා ගලුත් ගහලා එන අයනේ .

      5-p 5-p 5-p 5-p

      Delete
  2. // මෙලෙසට සුසැදි මනාප - යුත් වෙහෙරට මාදම්ප
    මුල් සිඳ හැර දස පාප - ව ඳී මු ව ලො ල් //
    .
    ලොල් කියන එක ඒ කාලේ ඉඳන්ම තිබ්බ වර්ඩ් එකක් එහෙනම් ඈ. LOL :-bd =)) :D :8

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්
      ලොලේ ලොල් කිව්වලු .

      :-bd :-bd :-bd :-bd

      Delete
  3. අනේ ෂෝයි කපල් එක. හරී ... කියුට්. :D

    අර පොඩි එවුන් දෙන්න ගුටි ඇනගන්න චිත්තරේ දැක්කම මට මතක් උනේ ටොම් සෝයර්ව.


    ඉතිං දැනුත් එහෙමනේ බං. ඔය ලව්සික් හැදිච්චි එවුන් ගස් ගැනයි මල් ගැනයි පැණි බේරෙන ටෝක්ස් දෙන්නෙ, කොහෙන් උනනවද මන්දා, උනනව කිව්වෙ මේ ... කාව්‍යාත්මක අදහස්. ;)

    ReplyDelete
    Replies
    1. කපල් එක කියුට් උනාට මට ඕවට අහගන්න ගියාම මමත් හරිම කියුට් වෙනවා . හඃ හඃ හඃ

      ලවුසික් කියන එක ගැන මම දන්නේ නෑ අෆ්ෆා . පොඩ්ඩක් හොයලා බලන්න ඕන .

      c-) c-) c-) c-)

      Delete
  4. ඔන්න අද තමයි මම මේ ඔක්කොම පොස්ට් ටික කියෙව්වේ ..... මට ඔය කඩ කඩ පොස්ට් දන එවුන් පෙන්නන්න බෑ බාන්ස් ......

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූතී .
      g-) g-) g-)

      Delete
  5. ආ 6 ඇවිල්ල :) මරු මරු :-h

    ReplyDelete
    Replies
    1. 7 ළඟදීම බලාපොරොත්තුවන්න :p

      Delete
  6. මට මේ ලිපි පෙලම මිස් වෙලා.. මං ආයෙ එන්නම් ඔක්කොම කියෝල යන්න :)

    ReplyDelete
    Replies
    1. :) :)

      බොහොම ස්තූතී !!! g-)

      Delete
  7. තැන තැන රැඳී සේරුන්ද - පැස්බර වෙල් ලිහිනින්ද
    දිය කෑදෑ තුඩුවන්ද - බු දී ති ම සා
    මෙතන මේ පැස්බර කියන්නේ වර්ණවත් කියන එකනේද?අනිත් එක සිංදුවති එක්ක යනකොට අර කහපාට පොල්ලද කඩුවද අරගෙනමද යන්නේ?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඔව් මාමේ .
      වර්ණවත් කියන එක තමා . මමත් එකපාරට කොයිල් උනා ඒ කාලේ මෙහෙ සත්තු වත්තත් නැති එකේ කොහෙන්ද පැස්බරුන් කියලා . පස්සේ තමා කුඩා මොලේට අවබෝධ උනේ .

      ඔව් ඔව් . කඩුව අතේමයි . අපි මීට් වෙලා විහිළුවක් කරොත් හරි . දුෂ්ටයෙක් ඇවිත් ගේම ඉල්ලුවොත් සං සං ගාලා ගේම දෙන්න ඒක පාවිච්චි කරනවා . දැන් නම් ඒකෙන් කොස් කොටනවා , පාන් කපනවා .

      :-bd :-bd :-bd :-bd

      Delete
  8. අපුරුවට ගැලපෙන අමුතු ආරක කවි පද ටික.කවියෙක් කියන්නේ ඇත්තටම සොබාදහම රස විඳින්නෙක් වගේම හොඳ ප්‍රේමවන්තයෙක් හරියට සින්දුව වගේ නේද වයලිනෝ.... :D :D :D c-) c-)

    ReplyDelete
    Replies
    1. ආයෙහ් අහලා . දාන්න පහක් මෙයා.......... g-)

      Delete
  9. අඩේ..... මරු ඈ. සිංදු දැක්කද? මං නම් කැමති..... w-) w-) w-) වැඩියක්ම කැමති, ඊලඟට සිංදු ඔයාට ගහන මඩ මොකක්ද බලන්න. එහෙන් මෙහෙට ගහනවා, මෙහෙන් එහෙට ගහනවා g-) g-) g-)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්
      ආසයි නෙහ් ? :p :p :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.