Friday, August 2, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (5)


ගජමන්ට පෙම් බැදී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1)

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (2)

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (3)

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (4)





මේ පොස්ට් එකට නරක ග්‍රහයෙක්ගේ බැල්මවත් වැටිලාද නැත්නම් ඇලපාත මුදලි තුමාගේ බැල්ම වැටිලද මන්දා ඔක්කොම කොටලා , පොටෝ කෑලි දාලා , අලංකාරව ලක්ෂනට පොස්ට් කරන්න හදනකොටම මොකක්ද මන්දා කී බෝඩ් එකේ මල මගුලක් එබිලා ඔක්කොම ඩිලීට් උනා . මම සයිබර් අවකාසේ අතරමන් උනා වගේ දැනුනා . මම ලියපු පොස්ට් එකක් ඩිලීට් උනාමයි මේ . උදේ කෙටිල්ල එහෙමම අතැරලා ඉඳලා ඔන්නොහෙ රෑ ආයෙත් පටන් ගත්තා පිරිතකුත් රේඩියෝ එකේ දාගෙන ඒක අහනගමන් .

බයකට එහෙම නෙවේ මෙයාලා . ශ්‍රද්ධාවට ශ්‍රද්ධාවට !

ගිය පොස්ට් එකෙන් ඇලපාත මුදලිතුමාට පින් දීලා පැන් වක්කරා , යන එන තැනක යහතින් ඉන්න කියලා . එදා වැඩේ නැවතුනේ ඇලපාත මුදලිතුමාට වටින් ගොඩින් අනං මනං කරපු ඇහැලේපොළ නිලමේ තුමා ගැන නොකියා කියලා . අද ඔන්න මම ඒ නොකියා කියපු එක කියලම දාන්න හදන්නේ .

හරිම මහන්සියි අෆ්ෆා . මේ ඇලපාත මුදලිතුමාගේ මරණේ ඉවරවෙලා වලව්වේ ගහලා තිබ්බ හට් ගලවන්න උදව් කරලා ආවේ . හැක හැක හැක හැක ........ :p :p :p :p

දන්නවනේ ඇහැලේපොළ කියන්නේ කවුද කියලා . සිරිවික්‍රම රාජසිංහ රජතුමාගේ මහඅධිකාරම් විදියට කටයුතු කරපු නිලමේ තුමා . ඒ වගේම සබරගමුවේ පාලනයට හිමිකම් කිව්ව නිලමේ තුමා . මෙතුමාගේ වලව්වනම් තාම අපේ සත්නපුලේ නගරයේ යහතින් තියෙනවා . හැබැයි දැන් ඇහැලේපොළ නිලමේගෙ කවුරුවත් ඒකෙ නෑ .



වලව්ව දැන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට පවරාගෙන රත්නපුර ජාතික කෞතුකාගාරය විදියට පවත්වාගෙන යනවා .

                           මේ ඒ කෞතුකාගාරයේ තියෙන ඇහැලේපොළ නිලමේතුමාගේ රූපය




ඇහැලේපොළ නිලමේතුමා සබරගමුවේ පාලන කටයුතු කරගෙන යන අතරේම මාලිගාවට අයත්වෙන්න ඕන අයබදු එකතු කරන රාජකාරිත් කරලා තියෙනවා . කාලයක් මෙහෙම ඉන්නකොටනේ ඔය ඉංගිරිස් කාරයෝ එක්ක සෙට් වෙලා කියලා රාජසිංහ රජතුමා එක්ක ඇහැලේපොළ නිලමේ තුමා රෙඩ් ලයිට් පත්තු කරගන්නේ . මේ වලව්වේ පස්සේ කාලෙකදී ඇහැලේපොළ නිලමේ තුමා හැංගිලා වගෙත් ඉඳලා තියෙනවා .

මම දෙක වසරේ බබා කාලේ අපේ දහම් පාසලේ දේශනයක් කරන්න ආවා ශාස්ත්‍රපති බන්දුල ලියනගේ මහතා . උන්නැහේ සබරගමුවේ හිටපු ශ්‍රේෂ්ට විද්වතෙක්, පර්යේෂකයෙක්, පරිපාලන නිලධාරී වරයෙක් . එදා උන්නැහේ කිව්වා මේ ඇහැලේපොළ වලව්වේ ඉඳලා කළුගඟ අසලට යන උමගක් තිබුනා කියලා . ඒ උමන් කට තියෙන්නේ සිංදුවා අයියගේ ගෙවල් පැත්තේ . එයත් ඕක දන්නේ නෑ මම හිතන්නේ .

ඒ උමන් කට දැන් බිල්ඩින් එකකට වැහිලා ගිහිල්ලා . ඒ බිල්ඩින් එක හදත්දී මේ උමන් කටට කොන්කිරිට් ස්ප්‍රේ කරලා වහලා දාලා තියෙනවා කියලා තමයි එතුමා කිව්වේ . රත්නපුරේ ෆර්ගසන් කන්ද යටින් මේ උමග තියෙනවා කියලා තව දුරටත් එතුමා කිව්වා . හැබැයි ඇහැලේපොළ වලව්වේ උමගේ ආරම්භයක් දැන් නම් ඇත්තෙම නෑ . මොකද ඇහැලේපොළ මලාට පස්සේ මේ වලව්ව ඉංගිරිස් දිසාපතිවරයාගේ නිල නිවාස බවට පත් උනා . ඒ කාලේ හිටපු අය ඉතිං මේ ලූස් එකට තියෙන ලොකු හිල් ඔක්කොම වහලා වෙන වෙන හිල් හොයාගන්න ඇති .

පසුකාලයෙදීනම් බයේ හැංගිලා වගේ ඇහැලේපොළ නිලමේ තුමා මෙහේ ඉඳලා තියෙන්නේ . ඒ කාලේ තමයි ඇලපාත මුදලිතුමත් ජීවත් වෙලා තියෙන්නේ . මේ ඇලපාත මුදලි තුමාට ලොකු දේපලක් තිබුණා ( මම හරියට දැක්ක වගේ )

මොකද එතුමා පාරම්පරිකවම වංශවතෙක් නිසාත් . එතුමා ඒවා පාලනය කිරීම හොඳින් කරගෙන ගිය නිසාත් ඒවා වර්ධනය උනා මිස නැති උනේ නෑ . මිය යන්න ආසන්න කාලයේ ඇලපාත මුදලි තුමා සබරගමු දිසාවේ කොඩි තුවක්කු නිලමේතුමා විදියට කටයුතු කරපු නිසාත් රජතුමාගෙන් තවත් දේවල් මෙතුමාට ලැබෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් . කොඩිතුවක්කු නිළමේ කියන්නේ ආයුධ භාරකාරත්වයක් දරපු අයට වෙන්න ඕන .



ඇහැළේපොළ නිලමේ තුමා වංශතෙක් උනාට එතුමා ලොකු ලොකු මුදල් ගනුදෙනු වලින් ණය කාරයෙක් වෙලා හිටියා කියලා ජෝන් ඩොයිලි උන්නැහේගේ දිනපොත් වාර්තාවලින් කියවෙනවා . මේ නිසා ඇහැලේපොළ සබරගමුවේ හිටපු වෙනත් ඉහල නිලධාරීන්ගේ වස්තුව කොල්ල කන වැඩත් කරලා තියෙනවා .

කලින් ඇහැලේපොළ නිලමේ ඇලපාත මුදලිතුමාගේ දේපල අයිතිකරගන්න උපායක් විදියට යෙදුවේ අර මද්දුම බණ්ඩාර කුමාරයාගේ අයියා . අර බෙල්ල කපන්න එපා කියලා දිව්ව එක්කෙනාව අලපාත් මුදලිතුමාගේ දුවෙක්ට තීන්දු කරලා තිබ්බ එක . එත් වෙඩින් එක ගත්ත නෑ වයසින් මේ ළමයි බොහොම පොඩි නිසා .
( මගුල කෙරුනෙත් නෑ . උනා නම් විනාසයි ).

ඇලපාත මුදලිතුමා මිය යන්න ආසන්න මොහොතේදී ඇහැලේපොළ නිලමේ තුමාට තමන්ගේ පාරම්පරික වස්තුවට අයත් වටිනා ද්‍රව්‍ය රැසක් පුරවපු පෙට්ටි දෙකක් තුනක් දීලා තියෙනවා .



සමහරවිට ඇලපාත හිතන්න ඇති , මේ දීපු දේවල් නිසා තමා මලාට පස්සේ තාමගේ වස්තුව හූරා කන්න ඇහැලේපොළ නිලමේ එන එකක් නෑ කියලා . එත් උනේ වෙන දෙයක් . ඇලපාත නුදලිතුමා මියගියාට පස්සේ ඇහැලේපොළ නිලමේ ඇලපාත වලවෙන්  තවත් වටිනා කියන දේවල් ගෙන්න ගන්නවා . ඇලපාත මුදලිතුමාගේ පොල් ගස් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් වගා කරලා තිබුන පොල් වත්තත් අයිති කරගන්නවා .

ඊට පස්සේ ඇහැලේපොළ නිලමේ කරන්නේ ඇලපාත වලව්වෙන් මරාල බද්ද ගෙවන්නේ නෑ කියලා මහවාසලට කම්ප්ලේන් කරන එක . එතකොට මහවාසලෙන් ඔය දැන් ඉන්න ඔඩිට්ලා වගේ ඒ කාලේ හිටපු මහත්වරු සෙට් එකක් ඇලපාත වලව්වට එවනවා ඉන්කම් ටැක්ස් සහ වත්කම් පරීක්ෂා කරන්න .

මෙයාලා ඇලපාත කුමාරිහාමි ඇතුළු වලව්වේ අය එළවලා දාලා වස්තුව ඔක්කොම ගණන් තියනවා . ඔක්කොම වස්තුව පෙට්ටි 2600ක් විතර තිබ්බා කියලා කියනවා . වස්තුව කියන්නේ පින්වතුනී රන් රිදී මුතු මැණික් ඇත්දළ පිත්තල තඹ වගේ දේවල් . ඒත් කුමාරිහාමි වලව්වෙන් එලියට යන්නේ හිස් අතින් . කිසිම දෙයක් එතුමියට ගන්න දෙන්නේ නෑ . ළමයි ටික පරිස්සම්කරගන්න ඕන නිසා කුමාරිහාමි ළමයි ටිකත් අරගෙන වලව්ව ගාව තිබ්බ වෙද ගෙදරට ගියා කියලා කියනවා .

ඉතිං............. ඉතිං.............. ඊට පස්සේ ......................

ඇහැලේපොළ නිලමේ හිතනවා වලව්වේ තවත් හංගලා තියෙන වස්තුව ගන්න ඕන කියල . එහෙම හිතලා ඇලපාත වලව්වේ සේවකයින්ව එක්ක ගිහල්ලා හොඳට කන්න බොන්න දෙනවා .

නෙවෙයි කකුල් වලින් එල්ලලා රත් වෙච්ච යකඩ තල වලින් පුච්ච පුච්ච ප්‍රශ්න කරනවා . ඒ මාර්ගයෙන් වලව්වේ තිබ්බ තවත් වටිනාම කියන භාන්ඩ පෙට්ටි දෙකක් හම්බෙනවා . ඇහැලේපොළගෙ හූරාකෑම ඔහොම තමයි ආ .

මම ඉස්සර ඉඳලා හිතාගෙන හිටියේ ඇහැලේපොළ හොඳ මනුස්සයෙක් කියලා . එත් මගේ හිතේනම් ඒ රූපය දැන් නැතිවෙලා ගිහින් . මේ පොස්ට් පේළියම ලියන්න කලින් මම ගියා ඇහැලේපොළ වලව්ව බලන්න . අස්සෙ මුල්ලෙ රිංගලා කුනුකන්දල් මක්ක හරි හොයා ගන්න . වලව්වේ වත්ත වටේ රවුමක් යනගමනුත් මම කල්පනා කරේ මේ මනුස්සයා නුවර ඉඳන් අපේ ගමට ඇවිල්ලා මෙතන අපේ මිනිස්සුන්ගෙම දේවල් හූරා කෑවනෙ කියලා . හරිම ශෝචනීයයි මෙයාලා .

ඇහැලේපොළ නිලමේ වංශවතුන්ගෙන් මෙහෙම කොල්ල කනවා කියලා රජතුමා දැනගත්තම වහාම වාසලට එන්න කියලා ලියුමක් එවනවා . මොකද ඇලපාත මුදලිතුමත් ඇහැලෙපොලත් තනතුරුවලින් එහා මෙහා උනාට එකම ස්ටාෆ් එකේ අයනේ මෙයාලා . ඉතිං රජතුමාට තරහා යන්න ඇති .

එත් ඇහැලේපොළ නිලමේ කරන්නේ ඒ ලියුම ඉරලා විසික් කරලා , තමා අසනීපෙන් ඉන්න නිසා එන්ට විදියක් නෑ කියලා රජතුමාට දන්වන එක . අයෙත් රජතුමා ලියුමක් එවනවා දඬුවම් කරන්නේ නෑ එන්න කියලා . එතකොට ඇහැලේපොළ නිලමේ මහවාසලට වාර්තා කරනවා .රජතුමා දඬුවම් කරන්නෙත් නෑ . මොකද ඒ කාලේ වෙනකොට ඇහැලේපොළ නිලමේ ඉංගිරිස් කට්ටිය එක්ක සම්භන්ධතා තිබ්බ නිසා රජතුමා බයේ ඉඳලා තියෙන්නේ කැරලි ගැසීමක් වෙන්න පුළුවන් කියලා .

වාසලට යන්න කලින් ඇහැලේපොළ නිලමේ බයටම වගේ කෝකටත් කියලා කොල්ල කාපු දේවල් වලින් සමහර ඒවා ආයෙත් ඒ වලව් වලට භාර දෙනවා . එත් ඒ වලව් වලින් නැතිවෙච්ච ඒවා නැවත භාර දුන් ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි .

ඔන්න ඇහැලේපොළ නිලමේතුමාගේ කතාව . දැන් අපි වෙන කතාවකට හැරෙමු .

ඔය අපේ සිංදුවා අයියා ඉන්නවා නේද . එයයි මමයි එකම ඉක්කොලෙකට ගියේ කියලත් කට්ටිය දන්නවා නේද ? . ඔය කාලේ තමයි සිංදුවා සින්දුවතී ආදර වෘතාන්තය දිවයන්නේ . හනේ අප්පේ...... බලන්න එපාය දෙන්නගෙ මුකුලුව . ( මම බලාගෙන හිටියේ නෑ , ඉස්කෝල වත්ත වටේ රවුමක් ගියාම පේනවා ) .

ඒ වෙලාවට

                                                      සින්දුවතීගේ හිනාව මේ වගේ.



                                                      සින්දුවගේ හිනාව මේ වගේ .



දෙන්නම මීවද වගේ පැණි හල හල කතාව . තු තු තු . අපිත් මේ නරක උනේ මේ විසූක දර්ශන පෙනීලා තමයි . :p :p :p :p

ඒත් මනස්කාන්තයි පින්වතුනී .

ඒක නෙවේ මෙතන හොඳම කථාව . සිංදුවා කලේ මැත්ස් ගණිතය . සින්දුවතී කලේ ආර්ට් කලා . මම එතකොට 10 වසරේ . අපේ පන්තියට සින්දුවතීගේ පන්තිය පේනවා . වැඩේ කියන්නේ මැත්ස් කරන සිංදුවත් ඉන්නේ ඒ ආර්ට් පන්ති කිට්ටුවමයි . සමහරවිට මැත්ස් පාඩම් ආර්ට් එකෙත් උගන්නන්න ඇති මම හිතන්නේ . හරිම පුදුමයි අපිට . අපිට කිව්වේ සින්දුවගේ මල්ලිටයි මටයි .

අපි ඉස්කෝලේ සංගීත වැඩ වලට එහෙ මෙහෙ යනකොට සින්දුවතී මීට් උනොත් ඒ ගමන්ම සිංදුවත් මීට් වෙනවා . එතකොට අපි එයාලව දැක්ක නිසා සින්දුවගේ මූණ මේ වගේ .



ඇයි සින්දුවතී ඉන්න තැන්වල සිංදුවා කැරකුණේ ? . ඇයි ඒක මෙතැනට අදාළ උනේ ? . බලමු ඊළඟ පොස්ට් එකෙන් .

මම යනවා . ටටා බායි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලබේවා !

20 comments :

  1. මමයි පළවෙනියා :) ඔයා ඔය එක එක අය ගැන ලියල, හොල්මන් එයිද මන්ද. බලාගෙන... හොඳේ? :-vi

    ReplyDelete
  2. ඇහැලේපොල වලව්වේ ඉඳන් කළු ගඟට තිබුණු උමගේ කට වහල තියෙන්නේ බණ්ඩාරනායක මාවතේ යෙහියා bilding හෙවත් "සිසුල්කා" ආයතනය පිහිටි ගොඩනැගිල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . බන්දුල ලියනගේ මහත්මයා ඔය බිල්ඩින් එක හදන්න කලින් එතන දැකලා තියෙනවා කියලා කිව්වා දවසක් .

      බොහොම ස්තූතී මකත් කලාට g-)

      Delete
  3. නාට්‍ය පිටපතක් ලියපන් මචන්.හරිම රසවත්ව උඹ ලියනවා.

    ReplyDelete
    Replies
    1. හිහිහිහිහ්
      බොහොම ස්තූතී !
      අපේ අම්මනම් කියන්නේ මම තව ටික දවසකින් හොඳ නාඩගමක් නටයි කියලා .
      මම මේ ඒ නාඩගම ලියාගෙන එන්නේ දැන් .

      Delete
  4. අඩෝ රොම්බ තෑන්ක්ස්. ඇහැලේපොල කිව්වම මටත් තිබ්බෙ හෙන රෙස්පෙක්ට් හැඟීමක්. දැන් නම් ඉතින් අර කැලනිය පැත්තෙ ඉන්න මන්තිරි තුමා දුරුගැමුනු කෙසේ වෙතත් ඇහැලේපොල පරම්පරාවෙ කියල සැක නැතුව කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      එහෙමම මඩ ගාන්නත් බෑ . එත් නොගාත් බෑ . ඇහැලේපොළ හැදුවේ රජකම ගන්න . ඇහැලේපොළ නිලමේ රජතුමාගේ ඔටුන්නයි කඩුවයි හංගලා තියාගෙන ඉඳලා තියෙනවා කියලා කියනවා . පස්සේ තමයි ඒවා ඉංග්‍රීසින්ට භාර දෙන්නේ .

      එහෙම බැලුවම මෙතන වෙන වෙන මගදී ගොඩක් තියෙනවා .

      එල එල
      ටැංකියු ආ ! g-)

      Delete
  5. චෑ ...චෑ .... මටත් හෙන අප්ෂෙට් මෙයා ෂීන් එකට. මමත් හිතන් හිටියෙ ඇහැලෙපොළ හොඳ මුනියා කියල. බලන් ගියාම මිනිහා අපි ඔක්කොම රවට්ටල, හොඳ මූන පෙන්නල. තව කොහෙද, වඩුගය පන්නල මිනිහ රජ කරානම්, සැටලයිට් නෝන එලවල මුං, ජනතා පුතය පත්කරගත්ත එකේ හොඳ එක එහෙනම්.

    (ඇත්තටම ඔය කතන්දරේ ඇත්තද බං, ෂික් අර අපේ ඉතිහාස පොර, හසිත මලයවත් මේ පැත්තෙ ආවනම් මෑන්ගෙ කටඋත්තරෙත් ගන්න තිවුනා, කවුද දන්නෙ, හසිත විත්තිකාරයට පක්‍ෂව සාක්‍ෂි දුන්නොත්)

    කොහෙන්ද යකෝ අච්චර කඩු ගොඩක්, :-O හොඳ වෙලාවට දැන් ඒ කේෂ් එක ඉවරයි වගේ.

    ‘මේ වගේ‘ කියල අර මූනු ටික දාලා තියෙන්නෙ ඔරිජිනල් එක නෙවියි කියන එකනේ. එතකොට ...... ඔය මූනු ටික ඔය ළමයට හම්බ උනේ .... ඔයාගෙ ෆොටෝ ඇල්බම් එකේ තිබිලද. :))

    ReplyDelete
    Replies
    1. ගොඩක් විස්තර ජෝන් ඩොයිලි උන්නැහේගේ දිනපොත් සටහන් වල තියෙනවා .

      නෑ ෆොටෝ හම්බුනේ ගූගල් දෙයියගේ පූජාවට්ටියේ තිබිලා . g-)

      Delete
    2. හරියටම හරි ! රූප මුගේ ඇල්බමේ තියෙන ඒවා !

      Delete
  6. මං තාම ගිහින් නෑනෙ ඔය කෞතුකාගාරෙට. මේ දෑස මක්කටෙයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය දෑස බ්ලොග් කියවන්න තමා . තව ලියන්නත් එපාය . :p :p

      මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා ඒකෙ තියෙන දේවල් වල ෆොටෝ . හැබැයි ඔය අකවුන්ට් එකේ අයිතිකාරයා මං නෙවේ . ඒ මල්ලිට මම කිව්වා . ආස නම් බලන්නකෝ .....

      http://www.facebook.com/dasith.kemil/media_set?set=a.597807556926428.1073741841.100000915664617&type=3

      Delete
    2. එහෙනම් මේ දෑසින් ඒ පින්තූර ටිකත් බලන්නම් කො. :)

      ලින්ක් එක දුන්නට ස්තුතියි..!

      Delete
  7. // මම බලාගෙන හිටියේ නෑ , ඉස්කෝල වත්ත වටේ රවුමක් ගියාම පේනවා//
    දැන් උඹ රවුම් ගියේ නිකන්නේ. මම නම් ඔන්න ඉස්කෝලේ වත්තේ. ඒ වගේම පාලම උඩ මල් :p :p s-)

    // අපිත් මේ නරක උනේ මේ විසූක දර්ශන//
    බලපන් නමම නරකයි :)) :))

    වෙනදා වගේම පොස්ට් එක රහයි වටිනවා ! පස්ට සුපිරි ආ ! :D

    ReplyDelete
  8. ලිපි පෙළ එක දිගටම කියෙව්වා ඇත්තටම පත්තරේක විශේෂාංග ලිපියකටත් වඩා වටිනවා මේ ලිපි මාලාව කාලෙකින් සයිබරය පැත්තේ ඇවිත් හිත පුරා රසවින්දා ස්තුතියි වගේම ගොඩක් පින් මේවගේ ලිපි අන්තර් ජාලේ තියෙන එක ගොඩක් වටිනවා සහෝ
    :-f :-f :-f :-f :-f :-f :-f :-f :-f :-f :-f :-f

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී !

      :-pi :-pi :-pi :-pi :-pi

      Delete
  9. තිලකා රන්දෙනි- හදිස්සියේම මේ බ්ලොග් එක දැක්කා. මා ලිපි 5 ම කියෙව්වා. ඉතින් කමෙන්ට් එකක් දැම්මොත් තරහ වෙන්නේ නෑ කියා විශ්වාස කරනවා.
    ඇහැළේපොලගේ ගති මීට වඩා හුගක් දරුණුයි කියා මේ මෑතකදී මා සොයා ගත්තා. ඔහුගේ කුමාරිහාමි සහ දරුවන් ඝාතනය වීමට සැලැස්සුවේ ඔහුමයි. ඒ රජකම උදෙසායි. වඩිගයෙක් වුණාට රජතුමා ඔය කියන තරම් නරක නෑ. ඒ නිසා ජනතාව රජු ළග හිටියා. මෙන්න මේ නිසයි මහා අදිකාරම මෙම ඝාතනය සිදු වන තැනට වැඩ කළේ. මා ඒ සම්බන්ධව ඉරිදා මව්බිමට ලිපියක් දැම්මා 2012 මැයි මාසයේ. ඇහැළේපොල කුමාරිහාමි ඝාතනය කුමන්ත්‍රණයක්ද කියා අසා. මා ඒක එවන්න බැලුවාට එවන්න බැරි වුණා.
    ඔයාලගේ භාෂාවත් වැරදි නෑ. මොකද ඔයාලා ග්‍රහණය කරන්න හදන්නේ තරුණ පරපුරනේ.
    බොහොම අගෙයි. තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. අහ්හ් මම දැක්කේ නෑ කමෙන්ට් එක . සිංදුවා අයියා තමයි කිව්වේ කමෙන්ට එකක් වැටිලා කියලා . බොහොම ස්තූති කමෙන්ට් කලාට . ඉස්සරනම් පත්තර කියවුනා ගොඩක් . ඒත් දැන් මේවට හුරුවෙලා නිසා පත්තර බැලෙනවා අඩුයි . ඒත් නොබලන්නෙම නෑ .

      ඔව් එහෙම ඒවත් මම අහල තියෙනවා . මට ඕනා උනේ ඇලපාත මුදලිතුමාව උඩට ගන්න නිසා වෙන වෙන පැති වලට මම වැඩිය ගියේ නෑ . අනික වැඩිදුර එක චරිතයක නොදුටු පැත්තක් ගැන නියන්න මට ටිකක් බයයිත් වගේ . මමනම් රජතුමා ගැන ඇහැලේපොල නිලමේ ගැන වැඩි දුර හොයලා නෑ . මම ඒ පත්තරේ ලිපිය හොයාගෙන බලන්නම් .


      භාෂා විලාසය හරියට තේරුම් ගත්තේ නැති සමහර අය නිසා සමහර පෝස්ට් වලට මම තාමත් දොස් අහනවා . ඒ භාෂාවේ හොඳ පැත්ත තේරුම් ගත්තට බොහොම ස්තූති . ගොඩක් අය මටත් කියනවා පත්තරේට ලියන්න කියලා .ඒත් එහෙම ලිව්වනම් මෙහෙම අපේ වයස් කාණ්ඩයේ අය අතරේ මේවා කියවෙන එක අඩු වෙන්න තිබුනා . මොකද මේ භාෂාව පත්තරේට ගැලපෙන්නේ නෑනේ .

      බොහොම ස්තූති g-)

      Delete
  10. තිලකා රන්දෙනි--මට පොඩ්ඩක් අමතක වුණා. එම ලිපිය පළ වී තිබුණේ 2012 ඔක්.7 වෙනිදායි. මගේ කමෙන්ට් එක අගය කළාටත් ස්තුතියි.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.