Sunday, July 14, 2013

නිතරම සිනාසී සිටින්නී - සිනහවතී


SLTB_CTB_ASHOK_LEYLAND_VIKING_UTKAL_1993


ගමේ යන්න කියලා බස් එකට නැග්ගා.ඉස්කෝල ඇරෙන වෙලාව. ඉස්කෝලෙක හුරුබුහුටි ගෑලු ළමයෙක් ඇවිත් මම වාඩිවෙලා ඉන්න සීට් එකට ඉස්සර සීට් එක ගාව හිටගත්තා. ඒ එක්කම වගේ ඇවිත්, ඒ ගෑලු ළමයාගේ ඔලුවේ අත ගෑවෙන විදියට, අතින් උඩ බාර් එක අල්ලගෙන, කෙල්ල ගාවම තවත් ඉස්කෝලේ කොල්ලෙක් හිට ගත්තා. දෙන්නම එකම ඉස්කෝලේ. දෙන්න ටිකක් වෙලා හිනාවෙවී කතා කර කර ඉන්නකොට එක පාරටම කොල්ලා උගේ අතේ ලියලා තිබුණු දෙයක් කෙල්ලට පෙන්නුවා. කෙල්ල ඒක බලලා රතුවෙලා ගියා.
එතනින් එහා උන් දිහා සිංදුවා බැලුවේ නෑ. මොකද ඉස්කෝලේ යන කාලේ හරියටම ඔය වැඩේම සිංදුවත් කලින් කරලා තිබුණු හින්දා.

ඔන්න මේක චිත්ත ගවුම් සම්බන්ධ කතාවක්. දිරවන්නේ නැති කස්ටිය දැන් මාරු වෙන්න.

හා හා පුරා කියලා සින්දුවගේ ප්‍රථම, කුළුඳුල්, පළවෙනි, ෆ්රස්ට්, ඔන්රු ආදර කතාව පටාන් ගන්නේ එකොළහ වසරේදී. සින්දුවති හිටියෙත් සින්දුවගේ පන්තියේම තමයි. කෝම කෝම හරි හිතේ පිපුණු පෙම් මල පුද දෙන්න දිනයක් යොදාගෙන සින්දුවතිගෙන් අහන්න ඉන්න කාලේ සිංදුවා කියනවලු මේ සිංදුව.

ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවද ජලය දන්නෙ නෑ
සිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ
ආදරෙයි මං ආදරෙයි
සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි

කෝම හරි පෙරුම් පුරලා පුරලා සින්දුවතිගෙන් අදහස විමසුවාම, උත්තරය වශයෙන් සින්දුවති හා පංතියේ හිටපු සියලුම කෙල්ලෝ ටික සිංදුවත් එක්ක කතා කරන එක නැවැත්තුවා. ඔව් ඔව් අනිත් කෙල්ලෝ ඒක ඔලුවට අරන් තිබුනේ නිකන් උන් හැමෝවම එකපාර යාලු කරගෙන ගෘප් මෙව්වා එකක් කරලා බබෙක් හදන්න ඇහුවා වගේ ගානට සීරියස්.

කොහොම හරි මේ අසාධාරණය දුටුව ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනේ උණුවෙලා ගිහින් පඬුපුල් ආසනෙන් නැගී සිටලා මැජික් රිටක් අරං අපේ පංතියේ කොල්ලන්ගේ ඔලුවට ඒ රිටෙන් තට්ටුව තට්ටුව ගානේ දාලා උන්ගේ නුවණ පහල කරවනවා. ඒ නිසා කොල්ලෝ ටික ඔක්කම එකතුවෙලා කෙල්ලෝ ටිකත් එක්ක කතා කරන එක නවත්තනවා.

මොනවා වුනත් එක බත් පත බෙදාගෙන කාලා,
එකට ගුටිත් බෙදාගෙන කාලා,
කැන්ටිමට ගියාම අනං මනං අරන් එන,
ලයින් දාන්න එන කොල්ලන්ගෙන් කෙල්ලෝ ටික පරිස්සම් කරන
ආදී වශයෙන් නොයෙක් නොයෙක් ආකාරයෙන් බැඳිලා හිටපු කොල්ලෝ ටික නැති උනාම, උන්ගේ අගය කෙල්ලන්ට දැනෙන්න ගියේ දවසයි.
පහුවෙනිදම කෙල්ලෙක් අහලා තිබුනා
"චන්චලාට ගැහුවම ඇයි මලිත් අඬන්නේ ?" කියලා.
අහ්හ් නෑ නෑ .
අහල තිබුනේ
"ඇයි අනේ ඔයාලා අපි එක්ක කතා නොකරන්නේ ? " කියලා. ඒකට පිළිතුරු වශයෙන් කොල්ලෝ සෙට් එක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තිබුනා. ඒකෙ සඳහන් වෙලා තිබුනේ සින්දුවති සිංදුවා සමග කතා කරනකම් කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා නොකරයි කියලලු.

ඉතින් ඔය කතා නොකරන දවස් වල සින්දුවතිගෙන් සිංදුවටත් සිංදු කෑලි එහෙම ආවා. නෑ නෑ ලියුමක නෙවෙයි. සින්දුවති කළු ලෑල්ලේ පන්තිය ඇරිලා හවස යනකොට සිංදු කෑල්ලක් ලියලා යනවා. සිංදුවා ඒ දවස්වල ඉතින් ඉස්කෝලේ එන්න හරිම උනන්දුයි නිසා උදේම ඉස්කෝලේ එනවා. ඇවිත් සිංදුව බලනවා.

ඔහොම දාලා තිබුණු සිංදු දෙකක් කියන්නද.
පලවෙනි දවසෙම කණට ගැහුවා වගේ දාලා තිබුනා
"සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා"

අන්තිම දවසේ
"සයුරේ රළ සේ අහසේ තරු සේ
මිතුදම් පවතී ලොව සැමදා"

සින්දුවතිත් හරිම වතී තමයි නෙහ් ?

ඉතින් කෝම කෝම හරි ඔහොම කතා නොකර ඉඳලා ඉඳලා ඉඳලා දවස් 50ක් ගියාට පස්සේ කෙල්ලෝ ඒකමතිකව තීන්දුවකට එනවා බබාලා හදන්න.
අහ්හ් නෑ නෑ සින්දුවතිය සිංදුවා එක්ක කතා කරලා මේ තත්ත්වය සමථයකට පත් කරන්න. හැබැයි ඉතින් ඒ කතා කරන්නේ යාළුවො විදියට.
ප්‍රේම විශේෂඥ විශාරද අනංග පදවියෙන් පිඳුම් ලද එවකට හසල දැනීම් තිබුණු කොල්ලෝ කීප දෙනෙක්ගේ අදහසට අනුව ඒක තමයි හැම ඉස්කෝලේ කෙල්ලෙක්ම වගේ මුලින්ම දෙන උත්තරය.

සින්දුවති : අපි යාළුවො විදියට ඉමු සිංදු.
සිංදුවා : හා සින්දුවති

ඉතින් ඔහොම පටාන් ගන්න සිංදු-සින්දුවති ප්‍රේම වෘතාන්තය, සින්දුවගේ ප්‍රේමාදරය හමුවේ සින්දුවතිගේ යාළුවො නැමැති බැමි බල බිඳී ගොස් සින්දුවතිගේ කැටපත් පවුර නෙවෙයි හදවත් පවුර සිංදුවාට භාර දීලා, සිංදුවා එක එක සිංදුව එහි ලිය ලියා තනු දාන්න පටාන් ගන්නවා.

කෝම කෝම හරි ඔහොම යනකොට යනකොට යනකොට සින්දුවති ඉස්කෝලේ ආපු නැති දවසක සිංදුවා සින්දුවතිට යවන්න සින්දුවගේ ප්‍රථම, කුළුඳුල්, පළවෙනි, ෆ්රස්ට්, ඔන්රු ලියමන ලියන්නයි හදන්නේ. සුපුරුදු පරිදි ප්‍රේම විශේෂඥ විශාරද අනංග පදවියෙන් පිඳුම් ලද එවකට ලියුම් ගැන හසල දැනීම් තිබුණු කොල්ලෝ කීප දෙනෙක් එක්ක පංතියේ මුල්ලෙ ඩෙස් එකට සෙට් වෙලා ලියමන ලියන්නයි හදන්නේ.

කොහොමද බං පටන් ගන්නේ ?

"ආදරණීය සින්දුවති" කියලා දාපං.

නෑ නෑ "සදාදරණිය" දාපං. "ස" එන නිසා නිකන් ආදරේ වැඩියි වගේ.

යකෝ ඕනි රෙද්දක් එක්ක මුලින්ම, මුලට දාපං "මගේම මගේ" කියලා.අන්න එතකොටයි දැනෙන්නේ.

බං මේ මුන් කියන ඒවා ලියන්න කලින් දිනේ දාලා ඊට යටින් "@පන්තියේදී" කියලා දාපන්.

චඃ නිකන් පන්තිය දාන්න එපා බං ඇල්වතුර වගේ. උඹ දාපන් "පංතියේ කොනක ඔයා නැතුව පාලුවෙන්" කියලා

මේ රතු පෑනක් නැද්ද ? අර කෙල්ලෙක්ගෙන් ඉල්ලගෙන ඇඳපන් හාර්ට් එකක්. ඇඳලා එහෙම දීපන්.

බං මම හාර්ට් අඳින්න දන්නේ නෑනේ ?

නෙදකින් #න්නයා එහෙනම් මලක්වත් ඇඳපන් !

ඒ බං උඹේ අකුරු ලස්සනද ? රවුමට මුතු කැට වගේ ලියන්න පුලුවන්ද ?

නෑනේ බං.

එහෙනම් මේ මුඩ්ඩටවත් දීලා ලියෝපන් බං. පලවෙනි එක නිකං දීපන්කො මතක හිටින විදියට.

ආපෝ ආපෝ මේ මට බෑ අනුන්ගේ ලියුම් ලියන්න උඹම ලියපන්. මොන හුයන්නක්ද ! උඹේ කෙල්ලනේ.

ඔක්කම උපදෙස් මධ්‍යයේ සිංදුවා ලියමන ලියන අදහස අත්හැරියා.
පස්සේ ඒ වෙනුවට සිංදු කොලයක් ලියලා දුන්නා. කෝම හරි එකේ තිබුණු එක සිංදු කෑල්ලක් සිංදු-සින්දුවති ඊට පස්සේ හුවමාරු කරපු හැම එකකම තිබුනා. මේක සිංදුවාගේ සදාතනික මතකයේ රැඳී ගීතයක්ලු.

මුළු ලොවම නැතිවුනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

සිංදුවා මැත්ස් කලත් ආර්ට් එක අස්සේම රිංගගෙන ඉඳලා, පස්සේ සින්දුවගේ ගෙදරටත් මාට්ටු වෙලා, යදමින් බැඳ විලංගුලා තිබියදීත් අවුරුදු කීපයක් තිස්සේ පෙම් කතාව ලියාගෙන ලියාගෙන ලියාගෙන යනකොට යනකොට යනකොට රන්රස වගේ පෑහිලා ඉඳපු දෙන්න පිංවතුනි වෙන් වෙනවා. සාදු කියන්න එපා !

වෙන්වෙන තීරණය, නමට පමණක් මහාචාර්ය පණ්ඩිත්වූ සිංදුවා ගත්තත්,
වෙන්වෙලාම බලන්න ඕනි විප්පයෝග ගෘන්ගාරය කොහොමද කියලා දැනෙනකොට. (දැන් ඉතින් වෙන්වෙන හේතු අහන්න එපා හරි) ඉතින් ඒ වෙන්වුණු දවස්වල සිංදුවා කියපු සින්දුව තමයි......

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

මොනවා උනත් ප්‍රේමයක් යටපත් කරනවා කියන එක හරිම අමාරු වැඩක් මල්ලිලා. ඕක ඉතින් එහෙම කරපු උන්ට විතරක්ම තේරෙන දෙයක්.  නැද්ද වයලා ? හෙහ් හෙහ් හෙහ්.

කෝම කෝම හරි ඉතින් ඔහොම දින දින ගෙවිලා යනවා.  සිංදුවා ෆුල් ට්‍රයි එක දෙනවා එක සිංදුවක් කියන්න. මොකක්ද ?

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්

එහෙම කොහොම කියන්නද. සිංදුවාට කියවෙන්නෙම

සොවින් බර නුවන් විදාලා 
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

කොහොම හරි කාලයත් සමග සිංදුවා සින්දුවතිව...අහ්හ් නෑ නෑ දැන් සින්දුවති නෙවෙයිනේ. දැන්... අපි කියමුකෝ නිතරම සිනාසී සිටින්නී යන අර්ථයෙන් සිනහවතී කියලා. ඉතින් මේ සිනහවතිගේ මතකය නැවත  නැවත එන එක නවත්තන්න සිංදුවා ගොඩක් දේවල් කරනවා. වැඩ අධිකව යොදාගැනීම , සිංදු ඇසීම, සිංදු ගැසීම, කල්ලි ගැසීම ආදී වශයෙන් ගොඩක් දේවල්.
කොහොම කොහොම කලත් රෑට ඉන්න වෙන්නේ තනියම නිසා ඒ වෙලාවට සඳ තරු නිහඩ වෙලා සිතුවිලි විතරක් අවදිවෙලා, රාත්‍රිය වී නිසලව නිහඬව හිතට එන සිනහවති ගැන මතකය නවත්තගන්න එකනම් හරිම අමාරු වැඩක්. ඒ වෙලාවට කියවෙන්නේ ඉතින්

පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම

මේ ලඟදි.. (අනේ ඉතින් ලඟදි කියලා කිව්වට ළඟදීමත් නෙවෙයි ) සිනහවතිගෙන් සැරටම ඈත් වෙලා ඉන්න සිංදුවට නිල නොලත් ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබෙන්නේ, "සිනහවති" දැන් වෙන "වති" කෙනෙක් වෙන්න බහ දීලා බව. ඒක තහවුරු කර ගැනීමේ උවමනාව සැරටම තිබුනත් විදියක් නැතුව හිටපු සිංදුවා....දවසක් සිංදුවාගේම මේ විකාර රූපි ක්‍රියාව දිහා ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියන් විවර කරලා, විඥානයෙන් යුතුව විමසා බැලුවම සිංදුවාට පේනවා පිංවතුනි.....
කාවද .... ?
ඔව් පිංවතුනි පේනවා.....
කාවද ?
අනේ පිංවතුනි ....පේනවා....ඔන්න....
කාවද හාමුදුරුවනේ  ?
පිංවතුනි අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවි - පැන්චාලියන් දිය කෙළිනා සැටි දුටිමි..
පිපුණු මලක් නම්...
අහ්හ් වැරදුනා....
පිංවතුනි පෙනුනේ සිංදුවක් පිංවතුනි සිංදුවක්. මොකක්ද සිංදුව... ?

නැතිඋණු ආදරයක් වෙනුවෙන් 
හෙලන සුසුම්කන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි
සුදෝ මම ආදරෙයි

හිත උඩින් සිංදුවා බයිලා ගැහුවත් හිත යටින් සිනහවතිට තාමත් මෙව්වා කියලා පස්සේ තේරුනාලු. ටු ලේට්. හෙහ් හෙහ් . සෝ සිංදුවා හිත හදාගන්න වේවි නුඹට මහා මෙරක් වගේ කියලා කොහොම කොහොම හරි හිත කය වචනය සංවර කරගෙන ඉන්නකොට තමයි පිංවතුනි අර මම උඩින්ම කියපු බස් එකේ ජෝඩුව සිංදුවාව කෑවේ. මොනවා උනත් සිංදුවට එතකොට මතක් වුනු සිංදුව නම්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

ඒත් දැන්නම් බය නැතුව සිංදුවා එක සිංදුවක් කියනවාලු. මොකක්ද ඒ

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වති කියා රුවක් ඉතින්
පෙම් යදම් සිඳී බිඳී ගිහින්
මල් මල් යොවුන් වියේ ජිවිතේ

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්

ඉතින් ඔහොමයිලු පුළුවන්තරම් කෙටියෙන්ම කිව්වොත් මේ සිංදු චිත්ත ගවුම් කතාවේ නිමාව සිදුවෙන්නේ.
කොහොමවුනත් ෆන් වැඩ, ආතල් වැඩ, ගහගත්ත ඒවා, මරාගත්ත ඒවා, උඩ කිව්වා වගේ ආදර බර සීන් , සංගීත සීන් අනං මනං ඔක්කම වලින් පිරුණු ඉස්කෝල ජිවිතෙ නම් ජීවිතේට අමතක නොවෙන සුපිරිම කාලයක්. සමනල රෑනක් සේ ඉගිළි අකුරට ගිය පාසැල් කාලේ ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ.. කිව්වලු.


pic5.jpg


මොනවා උනත් මෙව්වා වගේ දුක්ක දෝමනස්ස කතාවක් නැතුව ඉස්කෝලේ තව කොච්චරනම් කතා සීන් තියෙයිද කියන්න. පස්සේ ඒවා කියන්නම් ඈ...

ඉතින් මේ කාටවුනත් ඉස්කෝලේ ගැන කිව්වම මතක් වෙන සිංදුවක් තියෙනවා. දැන් ඉතින් කියපන් සෝමතිලක ජයමහ මහත්තයාගේ "පියමන් කෙරුවෙමු සින්දුවකියලා.
නෑ නෑ ඇත්තටම මම කිව්වේ කාටවුනත් මතක් වෙන සිංදුවක් කියලා.
මොකක්ද ඒ ?
මම නම් දන්නා හැම එකාම වගේ ඉස්කෝලේ ගැන සිංදුවක් කියපු ගමන් මුලින්ම මතක් කරන්නේ මේ සින්දුව...

මේ සින්දුව පිංවතුනි සිංදුවා ඉතාමත් කුඩා අවදියේ ඒ කියන්නේ එකදාස් නවසිය බර ගණන් වල සින්දුවගේ අම්මගේ අදහසකට අනුව සිංදුවා විසින් මේ සිංදුව ගයලා රෙකෝඩ් කරනවා.  ඕගන් එකයි ගිටාර් එකකුයි විතරයි මේකේ ප්ලේ වෙන්නේ, ඒ දෙකම ගහන්නේ සින්දුවගේ සංගීත ගුරු පියාණන්වරුන් දෙදෙනාගෙන් එක්කෙනක් වෙන ජෙරල්ඩ් හේමන්ත සර්.
ඔර්ගන් එකේ ගෙදරදී ගහලා, floppy ඩිස්ක් එකකට දාගෙන ගියේ. ගිටාර් එක ඒ වෙලාවේ රෙකෝඩ් කරන කොට ගැහුවේ. මේ රෙකෝඩ් එක වුනු හැටි හා ඒකට ගයපු ගීත වල හෑල්ලක් පස්සේ දවසක කියන්නම් ඈ.. අදට මේ සින්දුව අහලා ගෙදර යන්න. මෙම සිංදුව අසන්න බැරි තරම් අවුල් වගේනම් පහල ඔරිජිනල් එක දමා ඇත.





සුළගේ ලෙලෙනා මල සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ

ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ

සාමලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ


අද කතාවේ ඇඩ් එක : සින්දුවගේ කුඩා කාලේ රෙකෝඩ් කරපු ගීතය පබ්ලිෂ් කිරීම

කතාවේ හරය : සිංදුවාගේ මුළු ජිවිතයම සිංදු රාශියක එකතුවකි.... 

පික්සුද !

හරය ඇවිල්ලා ගෑලු ළමයින්ට වේකන්සි ඇත.    

( නැත නැත වේකන්සි නැත . සිංදුවා දැන් ප්‍රේමයෙන් වෙලී ඇත  )

අප්ඩේටඩ් බයි
මහාචාර්ය වයලීනෝ
USJP
ගංගොඩවිල
නුගේගොඩ

32 comments :

  1. අම්මපා සේම් ස්ටෝරි ආහ්.......
    ඒ ඒ කාලෙට එන ෆීලින්ග්ස් ඒ විදිහමයි.....
    හරයත් එහෙමමයි..... :D elaz

    ReplyDelete
    Replies
    1. සිරාවට :-O එකම බෝට්ටුවේ එහෙනම් :D හඃ හඃ හඃ බොහෝම ස්තුතියි බං ! :)

      Delete
  2. // මොනවා උනත් ප්‍රේමයක් යටපත් කරනවා කියන එක හරිම අමාරු වැඩක් මල්ලිලා. ඕක ඉතින් එහෙම කරපු උන්ට විතරක්ම තේරෙන දෙයක්. නැද්ද වයලා ? // ඔව්ද කොහෙද . :(( :(( :(( හූඌඌඌඌඌඌඌස්

    // පස්සේ සින්දුවගේ ගෙදරටත් මාට්ටු වෙලා, යදමින් බැඳ විලංගුලා තිබියදීත් // අම්මට මිස්ලා හොයාගන්න අමාරු නිසා ඕන ඕන අයව අපි හොයලා දුන්නා . අර කන්නාඩි දාන ඔසරි අඳින උස මිස් එහෙම අම්ම පව්නේ .

    // සින්දුවති : අපි යාළුවො විදියට ඉමු සිංදු.
    සිංදුවා : හා සින්දුවති// හා සින්දුවතී කියලා පැණි හිනාවත් දාලා කියන්න ඇති නෙහ් ?

    // සිංදුවා මැත්ස් කලත් ආර්ට් එක අස්සේම රිංගගෙන ඉඳලා, // සිංදුවා ඒ කාලේ දන්නේ නෑ හොඳට ඇස් පේන එකෙක් ඒ කාලේ ඔය ආර්ට් ක්ලාස් කිට්ටුව 10 වසරේ පන්තියේ හිටියා කියලා . y-) y-) y-)

    ආයේ බූට් තිබ්බම මෙහෙම පොස්ට් එකක් දාන්න අපිට ෆන් එකක් ගන්න . මම draft ඒකෙ තියෙත්දිත් මේක 6 පාරක් විතර කියෙව්වා . හැක හැක හැක . ආතල් හප්පා g-) g-) g-)

    ReplyDelete
    Replies
    1. ඔව්ද කොහෙද නෙහ් :D
      හඃ හඃ හඃ හඃ මට තාම මතකයි ඕවා :D
      දෙන්නම පැණි හිනා තමයි දැම්මේ. ඇයි බං පන්තියම බලන් ඉන්නවනේ කතා කරනකම් :D
      :-bd :-bd :-bd :-bd මොකද මම නොදන්නේ. මටත් මතකයි හෙහ් හෙහ් බෑග් එක එල්ලන් එකෙක් එනවා උදේම. :D
      d-) දාමුකෝ දාමුකෝ :D
      බොහෝම ස්තුතියි වයලා :)

      Delete
  3. එල එල සින්දුවෝ.. ඔහොම යන්.. සින්දුවගේ ජීවිතේම සින්දුවක් වගේ.. :)

    ReplyDelete
    Replies
    1. හුඟ දවසකින් .. :D ඔව් ඔව් සිංදුනම් හැම සිද්ධියකට වගේ තියෙයි :D බොහෝම ස්තුතියි :)

      Delete
    2. comment නොදැම්මත් මම නිතරම වගේ මේ පැත්තේ ඇවිල්ල යනවා.. :)
      එක නෙමෙයි.. "හදේ කොතැනක හෝ හිඳී ඔබ" සිංදුවකට එහා ගිය එකක් වගේ. එක ඇහෙද්දී කොහේ හිටියත් මම මොහොතකට වෙනමම ලෝකෙක තනිවෙනවා වගේ දැනෙනවා.
      "ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර යදින්නම්.. ඔබ මැකී යනු මතකින්"

      Delete
    3. ඇවිත් යනවනම් එච්චරයිනෙ. අවශ්‍ය වූ කාලේ කමෙන්ට්ස් දීලා දුන්නු සහයෝගයම ඇතිනේ :-h
      :) සිංදුවට එහා ගිය කිව්වේ වෙන අර්ථයක් ගැනද සරමේ ? :-? මට එහෙම එකක් ක්ලික් වෙලා නම් නෑ.

      කොහොමත් මේ සින්දුව අනිත් ඒවා වගෙත් නෙවෙයි. ඔන්න ස්ලෝ යනවනම් ටිකක් දුක ෆීල් වෙනවා වැඩි වගේනේ. මේකේ එහෙම ස්ලෝ යන්නෙත් නෑ. ඒත් මාරම විදියට ෆීල් වෙන මියුසික් එකත්. මේක ගසල් ගීත ශෛලියයි, යමන් රාගෙයි තව මොකක් හරි රාගයක් මට මතක නෑ හරියටම ඔය තුනම එකතුවෙන් තනුව හදපු එකක්ලු.
      එක්කෝ අනිත් සිංදු වගේ නෙවෙයි අපි මේක ඇහෙන කොට පද වලට හිත යනවා වැඩියි වගේ ගතියකුත් තියෙනවා වගේ. ඒ නිසා ෆීල් වෙනවා වැඩියි වැඩියි වගේද මන්ද. ඔය කිව්වට ඉතින් ඔය ඔක්කම එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවනේ :D

      Delete
  4. ලස්සනයි කියන්නද එපාද මන්දා සිංදු :-? :-? :-?

    (Budz)

    ReplyDelete
    Replies
    1. :D කැමති එකක් කියන්න මෙයා.. අන්තිම පේළිය පැත්තේ දැක්කේ නෑ. බොහෝම ස්තුතියි ඈ ! :)

      Delete
  5. මිනිහෙක් උනාම ඔය වගේ ජීවිත කාලයක් අල්ලල යන , හැමදාම හදවතට පොඩ්ඩක් වදදෙන ලව් සීන් එකක් තියෙන්න ඕනා....

    ලස්සනටම ලියලා තියෙනවා සින්දුවෝ..ඒකේ නම් ආයේ දෙකක් නෑ,...:)

    ReplyDelete
    Replies
    1. :D මයියාටත් තියෙනවා වගේ වගේ තේරෙන්නේ. බොහෝම ස්තුතියි :)

      Delete
  6. හදවතින් අද මා ආයෙත් පාසැල් ගියෙමි...
    පාසැල් කාලයට රැගෙන ගියාට බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝම ස්තුතියි :)

      Delete
  7. මේ සිංදුවයි වයලිනෝ යි එකෙක් ද දෙන්නෙක්ද දෙන්නගෙම ලියැවිල්ල නං අපූරුයි.

    ReplyDelete
    Replies
    1. දෙන්නෙක් දෙන්නෙක් :D වයලා එකෙක් මම තවත් එකෙක් ඔන්න :D බොහෝම ස්තුතියි :)

      Delete
  8. අඩේ... මේක කියෝලා අද නම් සතුට දුක ඔක්කොම දැනුනා අප්පා..... ගොඩක් තැන් මගේම කතාව වගේ... හපොයි ඔය දාලා තියෙන හැම සින්දුවක්ම මමත් මාර ආසයි. අදටත් පරණ දේවල් මතක් වෙනකොට මං අහන්නේ ඔය සිංදු තමා.... හයියෝ.... සංසාරේ.... d(

    //ප්‍රේම විශේෂඥ විශාරද අනංග පදවියෙන් පිඳුම් ලද එවකට හසල දැනීම් තිබුණු කොල්ලෝ කීප දෙනෙක්ගේ අදහසට අනුව ඒක තමයි හැම ඉස්කෝලේ කෙල්ලෙක්ම වගේ මුලින්ම දෙන උත්තරය.අපි යාළුවො විදියට ඉමු//
    හිහ්.... හිහ්.... මේක නම් සහතික ඇත්ත සිංදුවෝ....... g-)

    අර පොඩි කොල්ල කියන සිංදුවත් ලස්සනයි ඈ..... :C

    ReplyDelete
    Replies
    1. :D අපි හැමෝගෙම කිල්ලෝට වල හුණු පොඩ්ඩ පොඩ්ඩ තියනවලුනේ සමනලියෝ. ඕව ඔහොම තමයි. හයියෝ සිරිසේනම තමයි !
      :D හෙහ් හෙහ් ඔය උත්තරේ ඉතින් එදා ඉතිහාසේ ඉදන් ගෑලු ළමයි දුන්නු එක නොවැ. දැන් අය නම් කෝමද දන්නේ නෑ. පොඩි එකක් අල්ලන් හල බලන්න ඕනි වෙලාවක.
      අහ්හ් පොඩි කාලෙනේ..:-h :D
      බොහෝම ස්තුතියි සමනළී :)

      Delete
  9. අනේ මන්දා....මගේ අතීතයේත් ඔන්න ඔහොම සින්දු ලියපු කාලයක් තිබුනා...
    සින්දු කවි වෙලා..කවී පැල් කවි වෙලා....තත් බිඳෙන තුරුත්...මේ ගීත ලිව්වා..ගැයුවා...ඇහුව...
    කොහොම වුනත් හරිම ශෝක් අප්පා...

    ReplyDelete
    Replies
    1. :) :) බොහෝම ස්තුතියි කළු සුදු :)

      Delete
  10. Replies
    1. සිනහවතී බලලා කොමෙන්ටුවක් කොටන්න යද්දී අවුල් උනා ..ඉස්කෝලේ කාලේ නං මාරම ජොලි කාලයක් , ඔන්න ආපහු ආව ..දැන් කියන්නකෝ උයාලා පල්ලිය පාරේද , කොළ ඉරි ටයිද ඉක්කෝලේ කියලා :D

      Delete
    2. අපිලා අර කොළ-කහ ඉරි ටයි ඉස්කෝලේ තමා ඔන්න. :D එතකොට මේ දැරිවි අර කන්ද උඩ පාසලෙන්ද ? :-? නැත්නම් මේ පාලමෙන් එහා පැත්තේ එකේද ?

      Delete
    3. ඔන්න එහෙනං දැම්ම පහක් g-)

      Delete
  11. හප්පොච්චියේ... මේකට අරකෙ වැටිල තියෙන කොමෙන්ට් තොගේ

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ මඩ නම් කොතනද කට්ටියම එතන කිව්වලු :D හඃ හඃ හඃ ඒක නිකන් සනිකේ වගේ නැගලම ගියා නෙහ් :D හඃ හඃ ආතල්

      Delete
  12. Hello mate....I really like your writing style !!! and All the best for your skill!!!

    ReplyDelete
  13. godak kollonta pasal kalaye windinna una ath dekeemak.matath mese nounath me wage sidu wiya.oyage sinduwathiee geth mage wathiee geth samana kama godai. daapu comments dekkama pasal premaya amuthuma deyak wage denenawa.eda ehema unath ada apita podi dukak awath eita wedi amuthuma sathutak denenawa.e atheethya sihi weema nisa wenna athi.
    e kale chocolate aragena liyum liyagena passen giyapu heti.pasen yana eka thama adare sundarama de mata hithena hetiyata.kella gena eka eka dewal hithagena thamai e dawas wala jeewithe.ane e kello ada kohe kothena kohoma innawada danne na.mama danna tharamin pasale premaya jaya gath ayata wadaa parajaya lebu aya thama inne.kohoma unath e wage kalayak aye jeewitheta enne na.
    common deyak unath denena widiyata post eka thiyenawa. V

    ReplyDelete
    Replies
    1. හේ හේ බොහොම ස්තුතියි. අර ලුෂන් බුලත්සිංහලයන් ලියලා තිබුණු නිසදැසක් තිබුනේ...
      "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...
      එක් වූ පෙම්වතුන්, සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,
      වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි..."

      Delete
    2. හි හි හි හි හි හි මේක හරියටම හරි කියලද කියන්නෙ?
      වෙන්වීමකින් පස්සෙ හිතහදාගන්න නම් මේක ‍හොදයි

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.