Monday, July 29, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (4)


ඇලපාත මුදලි තුමා සහ ගජමන් නෝනා හුවමාරු කරගත්ත කවි ගෙතුම් කීපයක් අපි පහුගිය පොස්ට් වල කාබාසිනියා කළා මතක ඇතිනේ .

අද මම ඇලපාත මුදලි තුමා රචනා කරපු වෙනත් කවි රචනා කීපයක් ඔයාලා එක්ක බෙදාහදාගන්න තමයි මේ සූජානම් වෙන්නේ . මුදලිතුමා ඉතාම හොඳ කලා කාමියෙක් කියලා එතුමා රචනා කරපු කවි කියවලා බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් . ගජමන් නෝනා නොලැබුනාට එතුමා අල උනේ නෑනේ . ඒ නිසා හූල්ල හූල්ල ඉන්නෙමත් නැතුව එතුමා වෙන වෙන දේවල් ගැනත් කවි රචනා කරනවා .

වැඩේ කියන්නේ මේ කවි ලියන කියන උන්දැලාට නුග ගස් පෙන්නන්න බැරි ලෙඩක් ඒ කාලේ තිබිලා තියෙනවා . ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක ගැන රචනා කරපු කවි පන්තිය හැමෝම හොඳට දන්නවා නේද ? . අන්න ඒ වගේ ඇලපාත මුදලි තුමාත් නුග ගස් ගැන කවි කියලා තියෙනවා . 

මතකද මම පලවෙනි පොස්ට් එකෙන් ඇලාපාත පරපුර ගැන කියනකොට තනිවැල්ලේ දෙවියන් ගැන සහ එතුමා වෙනුවෙන් ඉදිකල තනිවල්ලේ දේවාලය ගැන කිව්වා . මෙන්න මේ තනිවැල්ලේ දේවාලය තියෙන භූමියේ තියෙනවා විශාල නුග ගහක් .



පේනවනේ මෙන්න සයිස් නුග ගහ . සයිස් එකෙන්ම වයසත් හිතාගන්න පුළුවන් . මේ නුග ගහ ගැන තනිවැල්ලේ දෙවියන්වත් අල්ලලා ඇලපාත මුදලි තුමා කවි පන්තියක් රචනා කරලා තියෙනවා . තනිවල්ලේ දෙවියෝ බවට පත්වෙච්ච තනියවල්ලභ කුමාරයා තමාගේ පවුලේ මී මුත්තනුවන් කෙනෙක් වෙන නිසා ඇලපාත මුදලිතුමා ඒ දේවාලය , දෙවියන් සහ මේ නුග ගහ ගැන කෙතරම් භක්තියකින් කවි පන්තිය රචනා කරලා තියෙනවද කියලා කවි කියවලා බැලුවම හිතාගන්න ඇහැක් වේවි . 

සකල සිරින් සුවි පුල්ල - මාදම්පා පුර තුල්ල 
දේවාලෙට ආ සල්ල - සැ දී සො බ ම    න්

(සියලුම යස ඉසුරන්ගෙන් පිරුනාවු මාදම්පේ ප්‍රදේශයේ ඇති දේවාලයට ආ ජනතාවට එය ශෝභමාන බව වටහාගත හැක )

දස දීග අතු විහිදිල්ල - ලෙල දෙන පත් ගන නිල්ල
නද දෙන විහඟ සියල්ල - තු ති ගො ස යෙ න්  

( දස දීශාවටම අතු විහිදී ඇති , සුළඟට ලෙලදෙන ගන නිල් වන් පත්‍ර ඈති නුග ගසේ , වසා සිටින පක්‍ෂීන් නද දෙන්නේ අපට ස්තූති කරන්නක් මෙනි )

යන එන දන නොවැ මැල්ල - සුරිඳුන් වැඳ නොපැකිල්ල 
වැස ඉඳ ගිම් සැන සිල්ල - ක ර ති නි ති න්

( කම්මැලි කම් නොමැතිව යන එන ජනතාව තනිවල්ලේ දෙවින්යන් නොපැකිලිව වන්දනා මාන කර , මෙම නුග ගස යට සැනසිල්ලේ ගිමන් නිවාගැනීමට නීති පතා සිටී )

මෙලෙසට දුටු සිත ලොල්ල - වන මා නුග සෙවනැල්ල 
සුරිඳුන් හට තනි වැල්ල - මි හි ක ත දු න් 

( මේ ආකාරයට දුටුවන් මන්මත් කරවන නුග ගහේ මහා සෙවනැල්ල , මිහිකත විසින් තනිවල්ලේ දෙවියන්ට දුන් පරිත්‍යාගයක් හෝ තුටු පඬුරක් වැනිය )

සපිරුණු නෙක ඉසුරන්ද - මාදම්පා මෙනමින්ද 
දෙව් විමනය අවටින්ද - සැ දී සො බ නා

( නොයෙක් ආකාරයේ වස්තූන්ගෙන් සපිරුණු වූද , මහා ධර්ම ප්‍රාසාධය නම් විහාරය ඇති මෙම දෙව් විමානය අවට ප්‍රදේශය ඉතාම ශෝභ මානය )

දස දිග නැමී අතුයෙන්ද - ලෙලදෙන සුනිල පතින්ද 
නද දෙන විහඟ නොමින්ද - තු ති ගො සි නා 

( දස දෙසටම නැවුණු අතු ඉති ඇත්තා වූද , නීලවන් පත්‍ර ඇත්තා වූද නුග ගසෙහි , නොමදව පක්‍ෂීන් නද දෙන්නේ ස්තූති කරන්නාක් මෙනි  )

යන එන දන මන නන්ද - සුරිඳුන් වැද සතුටින්ද 
වැස ඉඳ ගිම් සැනසින් ද - ක ර තු ති නා

( යන එන ජනතාවගේ සිත් සතුටු කරන සහ තනිවල්ලේ දෙවියන් වන්දනාමාන කර ගිමන් නිවා ගැනීමට ඇති මෙම නුග ගසට එම ජනතාව ස්තූති කරති )

මෙලෙස සුසැදි මන නන්ද - වන මහ නුගය නමින්ද 
තනි වැලි සුරිඳුට නන්ද - පැ න නැ ඟු නා

(මේ ආකාරයට මහා නුග ගසක් ලෙසින් විශාල හා ප්‍රසිද්ධ වූ මෙම නුග ගස තනි වැල්ලේ දෙවියන් වෙනුවෙන් පන නැගී තිබේ .)

ඔන්න ඔහොමයි ළමා....යි ඒ කවි පංතිය .




උපුල්වන් දෙවියන් වැඩ වාසය කරන දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය ඉස්සරහා තියෙනවා තවත් නුග ගහක් . ඒකට නම් නමක් නෑ . හැබැයි ගමේ උදවිය කියන්නේ " පුංචි නුගේ " කියලා . ඉස්සරනම් ඔතන නුග ගස් දෙකක් තිබිල තියෙනවා . එත් දැන් තියෙන්නේ එකයි .ඒ නුග ගහ ගැනත් ඇලපත මුදලිතුමා කවියක් රචනා කරලා තියෙනවා .

සේසත එසෙව් ලෙස දස අත අතු       විහිද 
සේසත ගිමන් හල සිතු ලෙස සෙවනෙ ඉඳ 
බූමතයෙන් පැන නැගී තල මලක්      ලෙද
මාවත පිහිටි නුග රුක දෙවි නුවර       මැද

( සේසතක් ඔසවලා මෙන් දස අත අතු විහිදී ඇති මෙම නුග ගස යට , ජනතාව ගිමන් හරින්නේ ඔවුන් සිතූ පරිද්දෙනි , එවන් මෙම නුග ගස පොළව මතින් ඉහලට පැන නැග තිබෙන්නේ තල් මලක් තල් ගසේ ගොබයෙන් ඉහලට නගින්නාක් මෙනි . දෙවිනුවර නගරයේ මැද , පාර අයිනේ එය පිහිටා තිබේ . )

ඇලපාත මුදලිතුමාගේ පවුලේ තත්වය ගැන කියනවනම් කාරණා කීපයක් තියෙනවා . මෙතුමාගේ සම්පූර්ණ නම ජයතිලක ගුණරත්න තෙන්නකෝන් මුදියන්සේ . මෙතුමා විවාහ උනේ දෙල්ගොඩ නිලමේතුමාගේ නැගෙනියත් එක්ක . ගජමන් නෝනට පෙර පෙර හිටියට මොකෝ මේ ඇලපාත දෙන්නට ළමයිත් ඉඳලා තියෙනවා . දූවරු දෙදෙනෙක් සහ එක පුතෙක් එක්කම තවත් අරන් හදාගත්ත පුතෙක් ගැනත් වාර්තා වෙනවා .



ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ මේ ඇලපාත මුදලි තුමාට සබරගමු දිසාවේ කොඩිතුවක්කු නිලමේ තනතුර ලැබෙනවා . කොහොමත් පාරම්පරිකවම ධනවත් නිසාත් ගමේ අයට ඉතාම කරුණාවෙන් සලකපු නිසාත් ඇලපාත මුදලි තුමා ගමේ කාගේත් හොඳ හිත දිනාගෙන තමයි හිටියේ .

කාලයක් යනකොට සබරගමුවේ හැමතැනම බෝවෙන උන රෝගය පැතිරෙණවා . ඉතිං ඇලපාත මුදලි තුමාටත් මේ උන බෝවෙලා අසාධ්‍ය වෙනවා . තමන්ට දැන් ගොඩ ඒමක් නෑ කියලා දැනගත්තම ඇලපාත මුදලිතුමා ,

තමාගේ දරුවන් හා කුමාරිහාමි ගැන සොයා බලන්න ජෝන් ඩොයිලි කියන උන්නැහේට බාර දුන්නා කියලා එක තැනක සඳහන් වෙනවා . තව තැනක කියනවා ඇලපාත පරපුරට තිබ්බ තර්ජනයක් නිසා ඇලපාත ලේ තියෙන පිරිමි දරුවන් අප්‍රකටව ජීවත් උනා කියලා . තවත් තැනක කියනවා අරන් හදාගත්ත පුතයි ඔරිජිනල් පුතයි ඩොයිලිට දුන්නා කියලා . කොහොමින් කොහොම හරි ඇලපාත සෙට් එකම අන්ත අසරණ තත්වයකට තමයි මේ වැටෙන්නේ .

ඒ වගේම ඇලපාත මුදලි තුමා තමා සන්තක වටිනා කියන පාරම්පරික වස්තුව වැඩි හරියක් ඇහැලේපොල නිලමේට භාර දෙනවා . ඒ අතරෙ මම පලවෙනි පොස්ටුවෙන් හයිලයිට් කරලා කිව්ව කළු කොටියාගේ ලේ තැවරිච්ච රෙදිකඩත් තිබිලා තියෙනවා . ඒක ඇලපාතලා තමාගේ වටිනා කියන වස්තුවක් විදියට පරිස්සම කරගෙන ඇවිත් තියෙනවා .

මේ මුදලිතුමා තමාගෙන් පස්සේ ඒක පරිස්සම් කරන්න දෙන්නේ ඉංග්‍රීසින්ට කඩේ ගියපු අමන වැඩ ගොඩකට මුල් වෙච්ච ඇහැලේපොළ නිලමේ තුමාට . මම මෙහම කියන්නේ ඇයි කියලා සමහරවිට ප්‍රශ්න කරයි . සමහරවිට බණියි . ඒකට හේතුව යතාකාලයේදී මම කියන්නම් .



ඇලපාත මුදලිතුමාට ලෙඩේ හොඳටම වැඩිවෙලා කිරිස්තු වරුසයෙන් 1812 අප්‍රියෙල් මාසේ 26 වැනිදා අවසන් ගමන් යනවා . වාර්තාවල සඳහන් වෙන හැටියට මෙතුමා අභාවප්‍රාප්ත උන දවසෙම සවස වලව්ව කිට්ටුව තියෙන පන්සල් භූමියේ ආදාහනය කරලා අළු කලය තැම්පත් කරල ස්මාරකයක් හදලා තියෙනවා . පස්සේ ඒ ස්මාරකය උඩ නුග පැළයක් හිටවලා තියෙනවා . සමහරවිට කට්ටිය හිතන්න ඇති මේච්චර නුග ගස් ගැන කවි ලියපු මනුස්සයා වෙච්චි එකේ මොකට ස්මාරකද ; නුග ගහක්ම හිටවනවා කියලා . :p :p :p

ඇලපාත ළමාතැනී අන්ත අසරණ තත්වයකට පත්වෙනවා . ඒකාලේ මම හිතන්නේ දෙල්ගොඩ නිලමේත් ආර්ථිකව වැටිලා ඉන්න ඇති . කොහොමහරි ඇහැලේපොළ නිලමේ මේ පවුල හැඳිගෑවිලා යනකන්ම හූරාකනවා . ඒවා ගැනනම් කියලා වැඩක් නෑ මෙයාලා .

ඒනිසා ඊළඟ පොස්ට් එකෙන් එනකන් නවතිනවා .


මීට ,
ඇලපාත මුදලිගේ මරණය වෙනුවෙන්
සංවේගයට පත් ,
වයලීනෝ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

24 comments :

  1. වයලිනෝගේ අන්තිම සටහනට පස්සේ සටහන.. නියමයි වයලිනෝ. අපිත් එක්වෙනවා සංවේගය පළ කරන්න.

    ReplyDelete
    Replies
    1. :(( :(( :(( :(( :(( :(( :(( :((

      හූඌඌඌඌඌඌඌස්,,,,,,,,,,,,,

      (අඩමින්)

      හත් දවසේ දානෙට එන්න ....!

      Delete
  2. රජවරු වගේ හිටපු මිනිස්සු හුඟ දෙනෙක් අන්තිමට මැරෙන්නෙ ඔය වගේ අසරණ වෙලා, නේද.

    දෙනිපිටියෙ නුග ගහ නම් කාලෙකට කලින් කපල අස්කරා ද කොහෙද. දෙවිනුවර විෂ්ණු දේවාලෙ ළඟට නම් මම ඊයෙ රෑත් ගිහින් ආවා. මේ දවස්වල එහේ උත්සවයනේ. අදින් ඉවරයි.

    ඔය නුග ගස් නම් ඇවිදිනවලු නේද. අර වැල් වගේ බිමට වැටෙන ඒවා මුල් අල්ලල ගහ කාලයක් යද්දි (අවුරුදු සියගානකදි) මුලින් තිබුනු තැනින් ඈතට යනව කියල අහල තියෙනවා. ඕව ඇත්තද දන්නෑ, අපේ ගමේ නුග ගස් නෑ.

    ඔය ඉතිහාස කතා කියනකොට විහිළු කරන එක සමහරුන්ට දිරවන්නෙ නෑ. බොහොම ගරු ගාම්භීරව තමා එයාල ඉතිහාසෙ දේශනා කොරන්නෙ. උඹේ වාසනාවට මේ පැත්තෙ එහෙම අය එන්නෑ වගේ. අර බලපන් ජැකා, මිහිහා ඉතිහාසෙ කියනව ඇහුනම රෑට හීනෙනුත් බය වෙනවා.

    ReplyDelete
    Replies
    1. අඩෝ දෙවුන්දරද ගම ?

      Delete
    2. උඹට මඤ්ඤංද කොල්ලො. උඹ හිතුවද මම ... නෑ එක්කො ඕන නෑ.

      නෑ නෑ එහේ නෙවී....... කිව්වෙ උත්සවේ නිසා ගියා කියල. ඒකට මම හිතන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ මිනිස්සු හිටන් දෙවුන්දර එනවා.

      Delete
    3. // උඹට මඤ්ඤංද කොල්ලො. උඹ හිතුවද මම ... නෑ එක්කො ඕන නෑ. // :))=))

      Delete
    4. මටනම් මඤ්ඤන් තමා . ඔහේ ගැන ගොඩක් ඒවා හිතලා තියෙන්නේ . හැක හැක හැක
      නුග ගස් ඇවිදින කතාවනම් මං අහලා නෑ . වෙන්න ඇති නේද . ඕවයේ මුල් එහෙ මෙහෙ බිම බන්දා ගන්නවනේ .

      ඉතිහාස කතා කියනකොට ගරු ගාම්භීරව කියන්න ඕන නම් මේවා බ්ලොග් වල ලියනාවය . පොත් වල නම් ලිස්ට් එක දානවා කට්ටියට හොයාගෙන කියවන්න කියලා ගරු ගාම්භීරව . හැක හැක හැක ...

      =D> =D> =D> =D>

      Delete
    5. //උඹට මඤ්ඤංද කොල්ලො.// :-bd :-bd :)):)) =)) =))

      Delete
    6. නෑ ... බං මලයො, ඔය රටේ සමහර පළාත්වල නම් කිව්වම මිනිස්සුන්ට ඉස්සර වෙලාම ඔළුවට එන්නෙ වෙන වෙන දේවල්. මගේ නම් ඕව ගැන වැඩි තැකීමක් නෑ. වරදවා වටහා ගන්න ඕන නෑනේ, ඒකයි බං එහෙම කිව්වෙ. නැතුව අර ගම්පෙරළියෙ මාතර හාමිනේට වෙච්ච වගේ වැඩක් නෙවි ඕං. කොහෙත් ඉන්නෙ මිනිස්සුනේ...මගෙත් වැරැද්ද.


      //ඔහේ ගැන ගොඩක් ඒවා හිතලා තියෙන්නේ//


      දෙයි හාන්දුරුවනේ ....... මට ඉතිං ඉඳල වැඩක් නැතෝ........... :-O :-vi =D> =D>

      Delete
    7. හඃ හඃ හඃ හඃ
      ආතල් ......!
      නෑ නෑ පොඩි අවුලක් තියෙනවා . අනෙහ් අපි නොදන්න දෙවුන්දර . c-) c-) c-) c-)

      එල එල ෆිට්ම තමා .
      මම කිව්වේ අපි ගිය අවුරුද්දේ ඉඳලා දන්නා කියන අයනේ .
      ලියපන් ලියපන් කිය කිය කොයිවෙලෙත් කමෙන්ට් කරන එක්කෙනානේ . හඃ හඃ හඃ
      :p :p :p

      Delete
  3. අනේ මංදා වයලීනුවෝ, උඹ නම් පුදුම රහට කියලා දෙනවා.මෙහෙම කියලා දෙන ඈයෝ හිටියානම් ඉන්ග්ලිශ් වලටත් ඒ එකක් ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොටම ඒ කියලනේ . මාරයි ආ . g-) g-) g-) g-)

      බොහොම ස්තූතී . :p

      Delete
  4. මම කැමතිම චරිත දෙකක්

    ReplyDelete
    Replies
    1. මොන චරිත දෙකද................? :-? :-? :-?

      Delete
  5. ක්‍රිස්තියානි ආගම වැලඳගත්ත ඇලපාත මුදලි අන්තිමේදි පන්සලේද ආදාහනය කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. නමට විතරක් ක්‍රිස්තියානි උනා කියලා කිව්වා හලී ....... බොලු කියන්නෙපා හලී .... v: v: v:

      :p :p

      Delete
  6. මේක ගතිද මන්ද අනිත් තුනටම වඩා :D පස්ට පස්ට ආ සුපිරි !

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      වෙන්නැති වෙන්නැති .

      :p :p :p :p

      Delete
  7. උඹට ගජමන් නෝනා කෙනෙක් ලැබේවා.. රෝහන බැද්දගේ ගේ ගීතයක් රස විඳිනවා වගේ පුදුම රහක් වින්දා මේ ළිපි පෙලින්.. උඹට පින්.. :-f

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O :-O :-O :-O :-O
      :-O :-O :-O :-O :-O :-O :-O
      :-O :-O :-O :-O :-O :-O :-O

      අනේ හනේ මටනම් ගජමන් නෝනලා එපා . මෙන්න මේ සින්දුවට දෙමු ගජමන්නෝනව .

      බොහොම ස්තූතී ! g-) g-) g-)

      Delete
    2. මට වඩා බොටමයි ගැලපෙන්නේ. එතකොට උඹව මට්ටු කොරලා ගන්නේ නැතෑ :)) :))

      Delete
    3. w-) w-) w-) නියමයි වයලෝ

      Delete
  8. මේ නුග ගහ කපන්න යන කතාවක් තිබ්බ නේ ද කාලයක්? වෙලාවක මේ පාරෙන් ඇවිත් යන්න. http://kurutugegeepota.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පාරටනම් මම ආවා . මොන නුග ගහද මේ කියන්නේ . මට මතක හැටියට දෙනිපිටියේ නුග ගහනම් කපලා . තනිවල්ලේ දේවාලේ ගාව නුග ගහනම් තාම තියෙනවා .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.