ගජමන්ට පෙම්බැඳි ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1) පොස්ට් එකේ රස්නේ යන්න කලින්ම ඔන්න දෙවෙනි පොස්ට් එකත් කොටා මිරිකා පෙරා සයිබර්ගත කරා . කලින් පොස්ට් එක කියෙව්වේ නැත්නම් ඒකත් කියවලා එන්නකෝ ......
අවුරුදු 36ක් භික්ෂූන් වහන්සේ නමක් විදියට යහතින් වැඩවාසය කරපු ඇලපාත ධම්මරතන ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ගිහිගෙයට යන්නට තීරණය කරනවා . වාර්තාගත ලියකියවිලි වලට අනුව මේ සිවුරු ඇරීමට හේතූන් ගොඩක් තිබුණා කියලා කියනවා . ලොකුම හේතුව උනේ ගජමන් නෝනා තමයි . ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැනියක් ඉන්නවා කියනවනේ . මේකත් එහෙම වෙන්න ඇති මයේ හිතේ .
අනිත් හේතුව විදියට ; මෙතුමා පාරම්පරිකවම රදල පැලැන්තිය නියෝජනය කරපු නිසා ,අනිත් රදලයින් මෙතුමාට බලකරලා තියෙනවා සිවුරු ඇරලා ලන්දේසීන්ගේ මුදලිකම අරගෙන පාලන කටයුතුවලට එකතුවෙන්න කියලා . මෙතුමා සිවුරු ඇරපු දවසෙම අලුත්කුරු කෝරලයේ මුදලි කෙනෙක් බවට පත්වෙනවා . ඒ වගේම නමට විතරක් ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා කියලත් කියනවා .
ඇලපාත හාමුදුරුවෝ සිවුරු අරිනවා කියලා දැනගත්තම කරතොට හාමුදුරුවෝ මෙන්න මෙහෙම කවියක් ලියලා ඇලපාතට එවලා තියෙනවා .
දියට සකා තුම පදයුත් අයට දෙකා
නොවැද නිකා ගෙන දෙන සග පවන සුකා
නොම සලකා කෙලියටවත් සිතන එකා
තණ නොමකා බිම වැද බත් කන ගොනෙකා
තමන්ගේ කීර්තිමත් ඇලපාත ශිෂ්‍යයා ආපු පාරෙන් ඉවතට යනවා බලාගෙන ඉන්න බැරිකමට කරතොට හාමුදුරුවෝ මෙහෙම කියන්න ඇත්තෙ . මේ කවියට ඇලපාත මුදලිතුමා පිළිතුරු දෙන්නේ මෙහෙම .
තබුදුන් සරණ ගියෙනම් අසිපත රැගෙන
සිරසුන් කෙරෙමි කිව මට දෙවියෙකු විසින
මරබුන් ඔබැර දිය බප තිලොවෙක නයන
සිහිනෙන් විතර නොගනිමි අනෙකකු සරණ
ඇලපාත හාමුදුරුවන් සිවුරු අරින නිසා ඒ දුකට එක්ක තවත් හාමුදුරුවරු කීප දෙනෙක්ම අපි එකට අත් අල්ලගෙන ලොකාන්තෙන් පනිමු කියනවා වගේ ගිහියන් බවට පත්උනා කියනවා . ඒ අතරේ අක්මීමන හිමි සහ පසුකාලයකදී හුනුපොළ නිළමේ බවට පත්වෙච්ච පුද්ගලයා ඇතුලත් වෙනවා . ( අන්න එහෙමයි යාලු ෆිට් එක )
ඔන්න ඉතින් ඇලපාත හාමුදුරුවෝ මුදලි තුමා බවට පත් උනා කියමුකෝ . දැන් තමයි හොඳම , රසම , ආතල්ම ටික එන්නේ . ඒ තමයි ගජමන් නෝනා සහ ඇලපාත මුදලිතුමා අතර එහා මෙහා වෙච්ච සෙනෙහෙ කොලවල ලියල තියෙන කවි ටික . කියවලා බලන්න කම්මැලි නැතුව . අද කාලෙත් මෙහෙම කවි ලියන්න තිබ්බනම් කොච්චර ආතල්ද කියලා හිතාගන්න පුළුවන් වෙයි . ආතල් වගේම මේ කවිවල තියෙන සාහිත්‍ය සහ භාෂාවත් රසවිඳින්න ඕන ළමයි හොඳද ?
සිවුරු අරින්න හිතාගත්ත කාලේ ඉඳන්ම ඇලපාත හාමුදුරුවෝ ගජමන් නෝනාට කවිකියනවා . ඒ කවිවල සැඟවිලා තියෙන්නේ ආදරේ කියලත් ගජමන් නෝනා තේරුම් ගන්නවා . ඒවාට ගජමන් නෝනා පිලිතුරුත් දෙනවා . ඔන්න බලන්නකෝ .
ඇලපාත
උවනත දිළිසෙනා පානා සඳසෙ මනා
සියොගත බබලනා නානා රුවිනි මනා
සිහිවත පියමනා නූනා අදර ගුනා
මගෙ සිත වෙහෙසෙනා නෝනා මෙනුඹ ගැනා
ගජමන්
පුන්න සඳ වතැති දුටු සත පිනවන්න
බුන්න රුපු මතඟ මත සීරද වැන්න
දන්න නෙසත අප මුදලිඳු හට මෙන්න
දෙන්න මෙපත සකි සිතුපෙම් වඩමින්න
ඇලපාත
පානා කුළුනෙනා යස මිහිරි වදනිනා
නූනා අදරිනා විසු අනගි විලසිනා
නෝනා නුඹ ගැනා සිහි පැමිණි කලමනා
වානා බැරි වෙනා නෙත් කඳුළු විහිදෙනා
ගජමන්
ගුණෙනි පිරි තරිඳු රූසිරිනි තුනු හිරු
නැණිනි සුර ඇජර විකුමන් සිරද යුරු
පිනෙනි දිසි මුදලි සඳ ඇලපාත ගරු
දනෙනි හිඳ නැමද මෙහසුන දෙව මිතුරු
මුල කාලේ කවිවල මේ වගේ ඒවා තමා . පොඩි පොඩි ලයින් පාරවල් වගේ ඒවා . නිකං කොල්ලා කෙල්ල දිහා බලලා හිනාවෙනකොට කෙල්ලත් ඔය නිකන් ඕනාවට එපාවට වගේ අනංමනං කියන්නේ. අන්න ඒවගේ.
වැඩිපුරම තියෙන්නේ ඇලපාත මුදලිතුමා ගජමන් නෝනව වර්ණනා කරපු කවි . මේවත් ඔන්න එහෙම ඒවා .
සසොබන උවනිනා යස දෙනෙතින් පිරුන
රුසිරෙන බබලනා නීති නුඹ මගේ නෝන
වියොවින ම විඳිනා දුක දැන් අසමාන
හදවත පුපුරනා වැනි අහො බැරි වාන
සසොබන උවනිනා යස දෙනෙතින් පිරුන
රුසිරෙන බබලනා නීති නුඹ මගේ නෝන
වියොවින ම විඳිනා දුක දැන් අසමාන
හදවත පුපුරනා වැනි අහො බැරි වාන
පබවතී වෙතේ බැඳ අදර කුස රදා
ලැබ ගතී අනේ තද රුදුරු දුක් කඳා
ලොබවතී වෙතේ බැඳ අදර පියො බඳා
මමනිතී විඳිමි තද වෙහෙස අහො මෙදා
පවර ගුණ රුවින් හද නෙක් තුටු කරන
සොඳුර නුඹ වෙතේ බැඳී ආදර එදින
නොහැර දෙවේලේ සිහිකරමින් බැතින
මෙවර අනේ පසුවෙන බව දනු මපන
මේ කවිවල තියෙන්නේ මම කලින් කිව්වා වගේ වැඩිපුරම ගජමන් නෝනා ගැන ගුණ ගායනා වගේම නෝනාගේ හරිහමං වචනයක් නැති නිසා ඇලපාත මුදලිතුමා වෙයිටින්ග් ලිස්ට් එකේ දුකෙන් ඉන්නවා කියලා .
මේ පහල තියෙන කවිවල නම් ටිකක් බරපතල තැන් ගැන වර්ණනා කරලා තියෙනවා . ( හංමූ................. )
ඇලපාත
මුනි පුතුන් ඇසුර සිප් සත් දත් රුවැතී
ගජනමින් පතල අඟනක් ලඟම ඇතී
සෑම කතුන්ගෙම සිරිතක් වූ පැවතී
හොර හිමින් ගැනුම අත නෑරම කරතී
මදමත් දිගු සොඬින් දස අත පිඹින්නිය
ලැමපත් පියයුරන් හස පොළඹවන්නිය
සිරිමත් එගජමන් නෝනා ඇතින්නිය
තෙර හත් රඹ උයන් සිඳ බිඳ හෙලන්නිය
ගජමන්
නාම රුක පසිඳු ඇලපාතින් පොරණ
පේම දළු ලමින් තැන අතු විය දියුණ
සෝම ගුණ දහම් ඉදෙමින් පල නැමුණ
කාම නල වැදී සහමුලයෙන් බිඳුණ
වැස තදින් ගලන සිව් ඕගය දෑත
විසිරෙමින් පිරී ගියෙ නොරඳා මෑත
නවදහන් බැම්ම බැඳි වෙර ඇල පාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඈත
ගජමන් නෝනා විවාහවෙලා ඉන්න කාලෙත් ඇලපාත උන්නැහේ පෙම් කවි එවලා තියෙනවා . ඒවට පොසිටිව්පහේ උත්තර යැව්වට නෝනා ඉඳලා තියෙන්නේ නෙගටිව් ටයිප් එකෙන් තමයි .
ඇලපාත
බෝසත් ගුණ රැසින් යුත් මගෙ පියො බන්ද
මාවෙත ඔබ එවූ පත රැස් පිරි ඉන්ද
සේ සිත් මහද සැර රැඳී සිරි පිරි කුන්ද
පෑපත් කලේ හමුවත සක් එක බන්ද
මනහර නුඹේ පවර සිරි පිරි වත තඹර
බොහොවරකින් නුදුටුයෙන් මා නෙත් බමර
කරදර කර හඬන විට නලවන අයුර
නොවිසිර මට වහා දනවන්නේ විතර
ගජමන්
පෝසත් නෙක සතර සිරි නැණ ගුණ කන්ද
බෝසත් කිවි බසින් තොසකල මැති සන්ද
සේසිත් මවෙත එව පත බස් රැඳී නන්ද
මාසිත් අරම තුල විය දිවි එක බන්ද
ඔබ දැන්වූ විලස මාවෙත දිනෙක පෙර
එනමෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර
නැතියෙන් අවසරක් වැඩි බැවිනි කරදර
සතුටින් දැනුම් දෙමි යලි ඉඩ ලැබුණු වර
මේක මගේ අදහසක් . ගජමන් නෝනාගේ තිබ්බ දඟකාර ගති එක්ක එතුමිය කලේ ඇලපාත මුදලිතුමා ෆෝම් කරපු එක නේද ? .මුදලි තුමා බලාපොරොත්තු තියාගන්න විදියට හිතාමතා හෝ නොහිතා ගජමන්නෝනා කල කවිවලට මුදලිතුමා තව තවත් වහ වැටුනා . කොහොම හරි කාලයක් යනකොට ගජමන් නෝනාගේ සැමියා මිය යනවා . ඒ මිය ගියාම ඇලපාත මුදලිතුමා තවත් උත්සාහ ගන්නේ ගජමන්නෝනව තමන් ලඟට ගන්න . මේ පහල තියෙන කවි දෙකෙන් මුදලිතුමා ගජමන් නෝනාට ඇලපාත වලව්ව බලන්න එන්න කියල කරන ආරාධනයක් සහ ඒකට ගජමන් නෝනාගේ පිළිතුරක් ඇතුලත් වෙනවා .
ඇලපාත
එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙල
අවුදින් එහි යතොත් ඉන් සිදුවන සපල
මුවකින් මට කියා ලිය නොහැකිය මෙකල
අමවන් එබස් සිහිකර වැඩකලොත් දුල
ගජමන්
එන සෙනසුරු දිනෙහි ඇලපාතට පවර
එන මෙන මහද පවතී අදහසක් තිර
පිනවන සොබන මැතිසඳ සිටියොත් මැදුර
මන මෙන සතුටු වනු හැකි හැම කුකුස් හැර
ඔන්න ඔහොම දෙන්නා කවි ලිව්වා කියමුකෝ . ගජමන් නෝනත් ඇලපාත යන්න ඇති කියමුකෝ . ඒ කාලේ මෙව්වා මෙහෙම වෙත්දී ඒවා අහපු අදකාලේ ඇලපාත මුදලිලත් මේ සිද්ධි ගැන හිත හිත....................................................
ඇයි මොකද හිනා වෙන්නේ ?
මම කියන්නේ ගියේ හිත හිත වෙන මොකවත් නෙවේ ගීත රචනා කරලා තියෙනවා කියලා .
එහෙම ගීතයක් තමයි මේ ගීතය .
දුර ඈත උවද දකිනා
ළඟපාත නොවෙද සිටිනා
ඇලපාත මුදලි මං
මදහාස නගන් ගජමන්නෝනා
පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන් සිසිවත කඳුලින් තෙමුණේ
තහනම්ද සතුට ළඳුනේ
මේ දුකද සැපයි
නුඹේ සිතට කැපයි
මදහාස නගන් ගජමන් නෝනා
රන්රස සේ ගැලපෙන සේමා
දුන් රස කව් රස විඳ බෝමා
නොබැදෙම්ද පෙමින් කෝමා
අමනාප කීමයි
උදහාස කීමයි
මදහාස නගන් ගජමන් නෝනා
ගායනය -: කරුණාරත්න දිවුල්ගනේ
ගීතය අහලා බලන්න .
මේ ගීතයේ සංගීතය එක්ක අපිට පුළුවන් ඇලපාත මුදලිතුමා ජීවත් වෙච්ච කාලෙට විනාඩි කීපයකින් හරි ගිහින් එන්න . බලන්න ගීතයේ සංගීත සංයෝජනය කොහොමද කියලා . තබ්ලාවෙන් සහ හයිහැට් එකකින් වාදනය කරන තාලය ; ඒවගේම සිතාරයෙන් වාදනය කරන වාදනය . මේ වාදන දෙකම කලවම් උනාම
බක්කි කරත්තෙක නැගලා , මුදලි කිට් එක ගහලා යන ඇලපාත මුදලි තුමාව මවාගන්න පුළුවන් නේද?
බටනලාවෙන් වාදනය වන වාදන කන්ඩ එක්කම ගිටාර් ස්වර සංගත වාදන එක්ක බලුවමනම් දැනෙන්නේ හරියට වතුර ගලාගෙන යන ඇලපාරක් තියෙන කුඹුරක් අයිනේ පාරකින් ඇලපාත මුදලිතුමා යනවා වගේ නේද ?
කොහොමද ඒවගේ පසුබිමක ගජමන් නෝනත් අවම . මල් හතයි ආ .......
ඒ වගේම ඇලපාත මුදලිතුමාගේ හිතේ ගජමන් නෝනා ගැන තියෙන ආදරයත් ඒ ආදරය වැඩි කමට හිතේ ඇතිවෙන දුක මිශ්‍ර වූ සතුටත් අපිට දැනෙනවා නේද ?
මාරයි නේද ?
තාම ඇලපාත පුවත ඉවර නෑ . ඊළඟ ලිපියෙන් ආයේ එන්නම් . කියවලා අදහස් දක්වලා යන්න .
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
හැමදාමත් වගේ නැවතත් සින්දු පිරි පෝස්ට් එකක්....
ReplyDeleteඇලපාත සමග සමපාත වෙන්න ගලපාත ආයෙම එන්නම්....
ආ මේ මෙයා මම දාන්න කියන එක්කෙනෙක්නේ . ෆිට්ම තමා ආ ....
Deleteසමපාත කරමු එහෙනම් .
එල එල
බොහොම ස්තූතී ! g-) g-) g-) g-)
//ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැනියක් ඉන්නවා කියනවනේ.// සහතික ඇත්ත වයලෝ w-) w-) w-)
ReplyDeleteපොස්ට් එක මරු හොඳේ... As usual w-)
(Budz)
අසාර්තක මනුස්සයෙක් පිටිපස්සෙ ගෑනු ගොඩක් ඉන්නවලු බඩ්z
Deleteබොහොම ස්තූතී බඩ්ස් !
Deleteඇත්තම කියනවනම් උකුස්ස අයියේ මේ බඩ්ස් හිතාගෙන ඉන්නවා e කතාව හෙන අයිටම් එකට .
Deleteඒත් මම පොස්ට් එකේ දැම්මේ ඇලපාත විනාස උනේ ගැහැනියක් නිසා කියලා අදහස් කරගෙන .
හැක හැක හැක y-) y-) y-) y-)
රසවත් සටහනක් මහන්සි වෙලා ලියූ
ReplyDeleteස්තූතියි ඔබට
බොහොම ස්තූතී ! g-) g-) g-) g-)
Deleteඅර එකට සිවුරු හැරපු යාළුවෝ සෙට් එක තමා මරු..... මරු යාළුකම්....
ReplyDeleteගීතය අහනකොට මැවිලා පේනවා තමා..... s-)
වෙනද වගේම රසවත් පෝස්ට් එකක්....
එහෙම තමයි යාලු ෆිට් එක . හඃ හඃ හඃ හඃ
Deleteඊළඟ කොටස් ලියන්නම්කො ඉක්මනටම .
බොහොම ස්තූතී සමනලී ! g-)
බොහොම පින්
ReplyDeleteමේ පොස්ට් වලට කරුණු ගොඩක් හොයාගත්තේ අපේ අම්මා උසස්පෙළ කරන කාලේ කියවපු පොත් වලින්. අම්මා ඒවා පරණ පොත් වලට විකුණන්නේ නැතුව තියාගෙන හිටියට, මේ පිං අම්මට තමා අයිතිවෙන්න ඕන .
Deleteබොහොම ස්තූතී !
:-h
ReplyDeleteg-) g-) g-) g-) g-)
Deleteපෝස්ට් එක ගැන නම් කතාකරන්න දෙයක් නෑ කිසි අඩුපාඩුවක් නෑ...
ReplyDeleteමගේ සිංහල දැනුම හොඳටෝම මදි කියන එක නම් හොඳටම තේරුනා
ගුත්තිල සැළලිහිණිය වගේ පොත්වල කවිවල තේරුම තියෙන පොතක් දෙකක් බැලුවම ඔය කේස් එක ටිකක් හරි යනවා . අවුල තියෙන්නේ සමහර වචන කොටස් කරාම තේරුම වෙනස්වෙන තැන් තියෙනවා . ඒක වෙන්නැති .
Deleteබලමුකෝ . මේවා කියෝගෙන යනකොට සිංහල දැනුමට ෆිට් එකක් එයි පොඩි .
බොහොම ස්තූතී ආ ....... g-) g-) g-) g-) g-)
:-? සිරා මචන් මටත් ඒක හිතුනා. වයලා නරකද කවිය නිකන් නිකන් පොඩියට තේරුම දැම්මනම්.. ?
Deleteමේ කවි හොයාගන්න නෑ හැමතැනම. මේකේ වටිනාකම තව වැඩි වෙයි ඕනිම දැනුම් මට්ටමේ කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට දුන්නොත්. :) පොස්ට් එක පට්ටයි සුපිරියි ! g-) g-) මම කිව්වේ කවි ටික නග්ගලා ගන්නවා ගතිය :D ;-)
ට්‍රයි එකක් දීලා බලන්නම් කවි ට්‍රාන්ස්ලේට් කරන්න . එක එක වචනේ ගානේ නම් අමාරුයි . මුළු කවියටම අර්ථයක් දෙන්න පුළුවන් වෙයි . බලමු කරලා හරියයිද කියලා .
Delete:-h
really nice. :C
ReplyDeleteබොහොම ස්තූතී !
Deleteg-) g-) g-) g-)
Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
ReplyDeleteඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
http://geek.lk/plugin/webgeek/bloggeek
ඇතුලත් කරන්නම් . බොහොම ස්තූතී !
Deleteg-) g-) g-)
එල නියමයි පට්ට සිරා මරු සෝක් =D> :D :D
ReplyDelete=D> =D> =D> =D>
Delete:-O :-O :-O :-O
බොහොම ස්තූතී නංගි g-)
නියමෙනුත් නියමයි ලියන්නාට තුටි
ReplyDelete:C
බොහොම ස්තූතී ! g-) g-) g-) g-)
Deleteනියමයි !!!!!!!!!!!!!!!!
ReplyDeleteබොහොම ස්තූතී ! g-)
Delete//අවුරුදු 36ක් භික්ෂූන් වහන්සේ නමක් විදියට යහතින් වැඩවාසය කරපු ඇලපාත ධම්මරතන ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ගිහිගෙයට යන්නට තීරණය කරනවා//
ReplyDeleteකලින් ලිපියෙ තිබුනෙ මෙහෙම නේද.
//මේ වහ වැටිල්ලේ ප්‍රතිපලයට තමයි ඇලපාත හාමුදුරුවෝ අවුරුදු තිස් හයේදී සිවුරු අරින්නේ //
එතකොට බං උන්නාන්සෙ ඉපදිල තියෙන්නෙත් සිවුරක් ඔතාගෙනමද. :-O :-O :-?
වැඩේ කියන්නෙ බං මට ඔය කවි කියෙව්වට කවිවල තේරුම එහෙම දැනෙනව හොරයි. අනේ අපි දන්න සිංහල. (සිංහල දන්නෑ කිව්වෙ පොෂ් වෙන්න නෙවෙයි ඕං, ඇත්තටම කවිය ලිහාගන්න තරම් සිංහල දන්නෙ නැති නිසා)
දන්න සිද්ධියක් ගැන නොදන්න කරුණු කියල දුන්නට බොහොම පිං ආයුබොවන්ඩ. g-)
එතකොට බං උන්නාන්සෙ ඉපදිල තියෙන්නෙත් සිවුරක් ඔතාගෙනමද. ???? මේක දවසේ ප්‍රශනය කියලා නම් කරනවා .=D> =D> =D>
Deleteඑල එල මම දන්නෙත් නෑ .
බොහොම ස්තූතී ආ ! =)) =)) =))
ලිපිය හොඳයි.. කවි තේරෙන්නෙ නෑ.. =D>
ReplyDeleteබොහොම ස්තූතී !
Deleteg-) g-) g-)
කවි තේරෙයි ඉතිං පොඩ්ඩක් නිවීහැනහිල්ලේ කියෝලා බලන්නකෝ වෙලාවක .
කවි ටිකේ නම් රස වැහෙනවා.....
ReplyDelete:-h :-h :-h :-h :-h :-h
:-f :-f :-f :-f :-f :-f :-f
හඃ හඃ හඃ
Deleteකොහොමද ඕවා දැන් ලියුමක ලිව්වනම්
මල් හතයි නෙහ් ?
g-)
++++
ReplyDelete