Monday, July 8, 2013

පෙර දිනයක මා පෙම්කලේ කාටද ? (12+)


මෙය "පොළවේ පය ගහපු උන්ට" කැටගරියට අයත් වන අතර එසේ නොවන අය බැලීමෙන් වළකින්න. ඕනිමනම් පඳුර අත්හැරලා ගීතයට යන්න.
______________________________________________________________________________

"අම්මේ..................."

අයියා සාලේ ඉඳගෙන, ටීවී එක දිහා බලාගෙන එකපාරටම මහා හයියෙන් බෙරිහන් දෙනවා. මමයි මලයයි අක්කයි කොයිල්තාවයෙන් මොකෝ කියලා බලං ඉන්නවා. අම්මා කුස්සියේ ඉඳලා මොකද කියලා අහගෙන සාලෙට එනවා.
අම්මා එනකම් ඉඳලා අයියා ඉතුරු ටික කියනවා
"යන්න එපා දුරු රටකට "
හඃ හඃ මමයි මල්ලියි බක බක ගාලා හිනා වෙනවා. අක්කගේ ටියුබ් ලයිට් එකේ ස්ටාටරේ වදින්නේ ටිකක් වෙලා ගිහිං. අම්මා ඇර අනිත් කට්ටියටම හිනා. අම්මා බොරුවටද මන්ද, තරහක් පෙන්නලා "මුට දෙයියන්ගේ හාල් කැවිලද" කියලා බැන බැන යනවා.

අනිත් සිද්ධිය, බෑන්ඩ් රූම් එකේ ඉඳලා ආතල් එකේ සිංදුවක් ගහමින් කිය කියා ඉන්න ඉරේශයා මම වයලෝ හා තවත් අපේ කොල්ලෝ සෙට් එකක්.ඒක පැදුරක්. නැගලම යනවා. බුදුන්ගේ අමා ධර්මේ ඉඳලා බින්දුමති වෙනකම්, ඒත් එකපාරටම කොහෙවත් නැති ප්‍රිෆෙට් කියන උන් එකෙක් ඇවිත්
"අහවල් සර් ඕක නවත්තන්න කිව්වා" කියනවා.
මොනවා කරන්නද නවත්තනවා හැබැයි එක සිංදුවක මුල කෝරස් එක ගහලා. මොකක්ද සිංදුව ?
"මුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ"
තේරුනේ නැද්ද ? තේරෙන්නේ කොහොමද ඕක ගැහුවට පද වෙනස්නේ.
අපි ගහන්නේ "උගෙ අම්මට සිරිපාද වඳිම් සමනල කන්දේ" කියලානේ.

අක්කා සාලේ පත්තරයක් කියවනවා. අයියා මොනවද හිනාවෙන දෙයක් කිව්වා.අපිට අදාළ නොවුනත් ඒක අහගෙන හිටපු මල්ලිටයි මටයි මද සිනා.මොකද අයියා කියපු දේට ඒ වෙලාවේ හැටියට එහෙම සැරට හිනා යන්නේ නෑ. අක්කානම් තුට්ටුවකට ගණන් ගත්තෙම නෑ. ඔහේ පත්තරේ බලනවා. අයියට මළ. මිනිහා අක්කාගාවින් යනගමන් කියනවා,
"එපා යකෝ තොගේ සිනා මේ රැයේ..."
කස්ටියම බක බක ගාලා හිනා.

යාලුවෙක්ගෙ බර්ත් ඩේ එක. තුට්ටු දෙක ඉතුරු කරන් බෝඩිමේ කට්ට කන අපිට කොයින්ද පූසෝ පාටි. හැමෝම සල්ලි දාලා ගෙනාවා කේක් පන්සීයක්. මොනවා වුනත් අවුරුද්දක් නාකිවුණු වුනු එකාටම කපන්න කිව්වා.අනිත් හැමෝම ගයනවා ගීතයක්. හැපි බර්ත් ඩේ 2 යූ කියලද ? මගුලක් කතා කරනවා. අපි කිව්වේ..
"ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා
"

ඒ හැටි අවුලක් නෑනේ.
නෑ නෑ ආතල් එක ඕක කියපු හැටි ඇහුවම.
ඒ කොහොමද ?
ඕක කියන්නේ අෂ්ඨක කියන විදියට. ඒ තනුවට.
ඒ කිව්වේ මෙන්න මේ අෂ්ඨකේ කියන තාලෙට..

සුද්ද සුන් නිරිඳුන්ට දාවූ එසිද්දත් කුමරුන් උතුම්
මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර ඉපදුනු අනුහසින්
යුද්ධ කරලා පැරද වසවතු ගියේ දස පෙරුමන් බෙලෙන්
බුද්ධ රත්නේ අනුහසින් වෙයි මොවුන් හට ජය මංගලම්

හොල්මන් වගේද ? දැන් එක දිගටම වගේ සීරියස් පොස්ට් දානකොට මේක නිකං රසායන විද්‍යාව වගේ වෙන නිසා මම ඔන්න ඔහේ ඕනි එකක් වෙන්න මම වෙනස් එකක් ලියනවා කියලා හිතුවා. වෙනස් කිව්වට ඉතිං මහා වෙනසක් නෑ. හැබැයි මේකේ අර හරබර කෙමෙස්ට්‍රි පාඩම් නෑ ඔන්න.

දැන් ඔය ගීත වලට වෙන වෙන පද දාලා ගීතය විකෘති කරනවා නේද, ඒකෙ පොඩි ගතියක් තියෙයිනේ. ආ... නැද්ද ? තියෙයිනේ. ඉස්සර ඉස්කෝලේ කැටපත් පවුරු වල එහෙම තිබුනේ ඔය වගේ සිංදු. හැබැයි ඒක ප්‍රසිද්ධියේ කරන එකනම් එච්චර හොඳ නෑ නේද. අනික එහෙම කරන හැම එකක්ම කොලටිත් නෑනේ. අර කව්ද මන්දා බාප්පා කෙනෙක් ඔහොම කරන්න ගිහින් අසුචි හැළියක් නාගත්තනේ. අන්තිමට මෙලෝ ගුණයක් නැති පතෝල වගේ පද තමා දාලා තිබුනේ.

ඔන්න ඉතිං මට බැන්නත් මමත් එහෙම කිව්ව ගීත කිහිපයක් ගැන කියන්නයි යන්නේ.
හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. අපි කා-අතරත් ප්‍රසිද්ධ ඒවා. මට චතුර, වයලීනෝ, ජෙමා අයියා(සනිකේ දැම්මේ), සැගියා(සනිකේ දැම්මේ), තිලිණ යන කට්ටිය තිලිණ කරපුවා හා මම කොහෙන් කොහෙන් හරි අහුලාගෙන පාඩම් කරගෙන ගෙනාපුවා.

අම්බානෙක හොයා ගත්තත් මෙතන ලියන්න තරම් අවිනීත නැති ඒවා තියෙන්නේ කීපයයි. අවිනීත කිව්වේ කුණුහරප තියෙන නිසා නෙවෙයි, එකේ තේරුමත් මහා ෆන් දෙන්නේ නැති නිසා. එ නිසා මගේම ඔලුවේ පැත්තක ඉන්න නිසි බලධාරියා කපා දැමු ඒවා ඇර, ඉතුරු ටික දාන්නේ ඔන්න.

> පළමුවැනි ගීතය මේ නගරය ගීතය වෙනුවට අන්තිම පේළියේ ජෙමාගෙන් හොර රහසේ උපුටා ගත්තකි. ඒ නිසා සියලුම හිමිකම් උටම ඇවිරිණි.

මේ කලිසම මා හට ඇති එකම කලිසමයි
මේ කලිසම ඊයෙත් මම ඇන්ද කලිසමයි

මේ කලිසම ඇඳගෙන මම පාරේ යනවා
කුණු දුවිලි දාඩිය මඩ මේකේ තියෙනවා
කව්රු නහය වැහුවත් මම මේක අඳිනවා
ඔය මොකටත් වැඩියෙන් මට මේක වටිනවා


> ඉස්සර සංගීත පංතියේ අක්කලා සෙට් එක නිතරම මේක කියනවා ඔක්කම මතක නෑ ඉතිං.

ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක
......


> ඒ සංගීත පන්තියේම මහා කොල්ලෝ ඒ දවස්වල අපිට මේවා නොමිලේ ඉගැන්නුවා.

සුදු #ඩ උඩ නැගලා
මංගල ඇඳේ තියා
ගැහුවා මං #ල්#න්
රිදුනාද ඩාලිං
බැන්දාම ඔහොම තමා
බැන්දම ඔහොම තමා


> මේක අන්තිම පේළියේ සැගියද කොහෙද කිව්වේ. ඔරිජිනල් එක බඹරෙකු ආවයි නිරිත දිගේයා.

කඩියෙක් ආවයි කකුල දිගේයා
ඇවිදින් කෑවයි දකුණු #ටේයා
ඉදිමී ආවයි පොල්ගෙඩි සේයා
තලතෙල් ගෑවයි පලක් නැතේයා


> මේකෙනම් ටීවී එකෙත් ගියා. ඔරිජිනල් නිම්හිම් සෙව්වා

නින්දෙන් සෙව්වා මා පැදුරේ
සුමනා නෑ මා ළඟ හිටියේ
ලංවී බැලුවා හිලෙන් දොරේ
සිරිපාලයි සුමනයි මැද මිදුලේ
කලබල වීලා වටපිට බැලුවා
ගේ අඬ අඳුරේ පොල්ලක් දුටුවා
දශමෙන් දශමේ ලංවීලා
පොල්ලෙන් ඔළුවට ගැහුවා
ඩිහ් ! ටොයින්..!


> සනිකෙන් ඔන්න තවත් එකක්.වෙන කව්ද ජෙමා අයියා තමා.

සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
පුලුවන්නම් ගල් කාලක් එවාපන් පුතේ
ඒත් පුතේ ගල් නැත්නම් පොල් හොඳයි පුතේ


පහළොස්වක පෝයට ඇර බාර් දිහාවට
හිත දුවලා වැඳලා එයි එහි මුදලාලිට
මහළු මඩම දඟගෙයක්ය අරක්කු නැති මට
ලොකුම වරද අරක්කු වල මිල වැඩිවීමද


වයින් බියර් විස්කි බ්‍රැන්ඩි නැතුවට කම් නැත
ගල්ම තමයි නියම පානේ හරියන්නේ මට
මගේ පුතා මතු බුදුවෙයි එකක් කලොත් හෙට
උඹේ අතින් ගල් කාලක් පොවාපන්කෝ මට


ඔහොම ඉතිං කියන්න ගියොත් තව තියෙයි ගොඩක්.

> සඳ කුමාරියක් ටොයිලට් යනවා
> බාලිකාවියන් ලැට් එකේ දොරෙන් - ඉස්සිලා හොරෙන් බලාවි වතුර ගේනකම්
> මහා මෙරක් උසට හැදුනු ### බරට
> ජෝතිපාල වැල්ලේ ##
> හිමිදිරි යාමේ වවුලන් වැල කනවා - නැන්දා බැන බැන කොස් ඇට ඇහිඳිනවා
> සැණකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක් - තිබුනේ එක වැසිකිලියයි ඒකෙත් නෑ බාල්දියක්
> වැල්ලේ ## වැල්ලෙන් වහලා - රැල්ලෙන් හෝදන් මම එනවා


මම අද ඉතිං මේ පඳුර තැලුවේ ඔය ගීත කියන්නනම් නෙවෙයි. ඊට වඩා රසවත් අර්ථවත් ගීතයකට එන්න.
අද ගීතයටත් ඔය කිව්ව වගේ වෙනත් පද මාලා වැටිලා තියෙයි. මේකට විශේෂයෙන් එහෙම ලියවුනු වෙනත් පද මාලා දෙකක් තියෙයි. මේකේ නිවැරදි ගීතය ගයන්නේ අමරදේවයන්. නාද මාලාවත් එතුමාගෙන්මයි.





ගී පද රචනය සුනිල් සරත් පෙරේරා මහතාණන්.





මේ අරවගේ අලුතෙන් දැමුණු එක පද මාලාවක්.

පෙර දිනයක මා පෙම්කල යුවතිය
රටකජු විකුනනවා
මගේම ලියුමක රටකජු ඔතලා
ඈ මට විකුණනවා
රටකජු කම්දෝ ලියුම බලන්දෝ
මගේ හිත නළියනවා
මා ලියු ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා


එතකොට අනිත් පද මාලාව ?

පුදුමේ කියන්නේ ඒ ටික අමරදේව සර්ම කියනවා. මේ වීඩියෝ එක බලන්නකෝ.





ඉතිං ගීතය රසවින්දද ?
කතාව ඊටත් වඩා රසවින්දා නේද ?
දැන් ඕක කීපාරක් බැලුවද ? එපා වෙන්නේ නෑ නේද ?
එතැනින් පෙනුනේ එතුමාගේ තියෙන නිහතමානීත්වය කියලා තේරුම් ගියාද ? කොතරම් බුද්ධිමත් වුනත්, උගත් වුනත්, ආඩම්බර වියයුතු පුද්ගලයෙක් වුනත්, ඒ ඔක්කම පැත්තක තියලා හැසිරෙන සරල ආකාරය ඔයාටත් ක්ලික් වුණාද ?

මේ ගීතයෙ ආරම්භය, ඒ කිව්වේ "පෙර දිනයක මා පෙම්කල යුවතිය" කියන කොටස, එදා මෙදා තුර අමරදේවයන් රසම විදියට ගැයුව, මම දැකපු එකම අවස්ථාව මේක. ඒ රසවත් බව එතුමාටත් දැනෙන්නට ඇති. ඒ නිසා වෙන්න ඇති දෙවරක්ම ඒ කොටස ගැයුවේ.

මේ ගීතයේ වර්ෂන් දෙකක් මම ගාව තියෙයි. නව සහ පැරණි කියලා. මේ දෙකේ වෙනසක් තියෙන්නේ ආරම්භ කරනකොට වාදනය වෙන ඉන්ට්‍රොඩක්ෂන් එක, ඒ කිව්වේ මුල්ම වාදනය පොඩ්ඩක් අලුත් ඒකෙන් අයින් වෙලා. ඒ වෙනුවට ඉන්ටර්ලුඩ් ඒ කිව්වේ මැද යන වාදනය මුලට ඇවිත්.ඔන්න මම ඉතිං දෙකම දාන්නම්.

පැරණි ගීතය
නව ගීතය

හරි. දැන් මේ වෙනකම් කිව්ව ඔක්කම ටික මොහොතකට අමතක කරලා, දැන් මම කියන්න යන දේ විතරක්ම හිතන්න. හරිද ඔක්කම අමතකයි නේද ? හරි.

සේකරයන් වරෙක කිව්වලු යම්කිසි නිර්මාණයක්, නිර්මාණයකර එය සහෘදයාට ඒ කිව්වේ රසිකයාට පිරිනැමුවම ඒක ඒ සහෘදයා කැමති ආකාරයට අරුත් ගැන්විය හැකියි කියලා. ඒ කිව්වේ නිර්මාණයට කැමති අරුතක් රසිකයාට දෙන්න පුළුවන් කියලා. කොටින්ම රසිකයා අනුව නිර්මාණයේ අරුත ඩිපෙන්ඩ් වෙනවාලු.

දැන් මම ඒක කිව්වේ ඇයි ?

මේ ගීතය ඇහුවම, අර වීඩියෝ එක බැලුවම ගීතයේ අර්ථය ගැන මොකද හිතුනේ ?
තමා කලින් පෙම්කරපු යුවතිය වෙනත් කෙනෙක් බැඳලා,
දැන් ඒ ඇයව බැන්ඳ පුරුෂයාට දාව උපන්, ඇගේ දරුවෙක් නළවනවා දුටු පරණ පෙම්වතෙක්ද ඔයාට පෙනුනේ ?

එහෙම පෙනුනානම්, අන්න ඒ නිසයි මම කිව්වේ සේකරයන් අර විදියට කියලා තියෙනවා කියලා.

මේකේ ඇත්තටම සුනිල් සරත් පෙරේරා මහත්මයා ලියන්නේ කලින් පෙම්වතුන්ව හිටිය දෙදෙනෙක් දැන් විවාහක වෙලා දරුවෙක් ලැබ ඉන්න අවස්ථාවක, සැමියා තමාගේ බිරිඳව දකින අකාරය ගැනලු.
ඔව් ඔව් කලින් කලින් පෙම් කරපු පෙම්වතුන් දෙන්නමයි. ඒ දෙන්නම විවාහ වෙලා, ඒ දෙන්නගෙම දරුවා, ඒ දරුවා නළවන ඇය.
සිය බිරිඳ තුළින්, පෙර දවසේ,
සිය බිරිඳම තමාගේ පෙම්වතිය වී සිටි අයුරු දකින සැමියාගේ සිතුවිළි, මේ ගීතයෙන් කියවෙනවලු. දැන් ඒ අදහස ඇතුව බලන්න ගීතය දිහා.
ඔහු සිනාසෙනවිට ඇයගේ කෝල බැලුම,
කාලය සමග මැකී යන රූසිරි.

ඇත්තටම සිය බිරිඳ හා පුතුන් සමග ප්‍රීතියෙන් සිටින සැමියෙක් වගේම ඔහුගේ ඇතුලේ සිටින තනිවුණු පෙම්වතෙක්ද මේ ගයන්නේ ?

පළමු තේරුම ඇතුව බැලුවම තනුව ගැන එන්නේ වියෝගයක තියෙන ශෝකී හැඟීමක් නේද? දැන් මේ දෙවැනි අර්ථයෙන් ගීතය දෙස බලන විට තනුවෙන් එන්නේ අර කිව්ව ශෝකී හැඟීමද ? නැත්නම් වෙන හැඟීමක්ද ? තීරණය සහෘදයාටම භාරයි !

(මේක අලුත් වර්ෂන් එක)


පෙර දිනයක මා පෙම්කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා


නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා


අන්තිමට බලද්දී අපි ප්‍රහසනයෙන් ආනන්දයටත්, ආනන්දයෙන් ප්‍රඥාවටත් සමවැදුනා වගේ නේද ?

37 comments :

  1. සිංදු back in action... ආපහු හිනා වෙන්න පුළුවන්. සුපිරි කොල්ලෝ. ඇත්තමයි... මේක පරණ ලියපු එකක් නෙවි නේ. පරණ උනත් මොකෝ... රසය අළුත් නේ? w-) w-) w-)

    (Budz)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ බොහෝම ස්තුතියි බඩී :)

      Delete
  2. ඒ දෙන්නගෙ පුතා නම් ඇයි එයාගෙ පුතා කියන්නේ? (සිය පුතු )

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් බං ඒ වෙලාවේ ආපු වර්ඩ් එක වෙන්න ඇතිනේ නෙහ් ? එහම නැත්නම් පුතු කියලා විතරක් තිබිලා තනුව දාන කොට සිය දැම්මද දන්නේ නෑ. හැබැයි ඔතන නොමග යාම වෙන්නේ සිය පුතු කියන එකෙනුයි මගේම ගීයක් කියන එකෙනුයි නෙහ් ?
      :) බොහෝම ස්තුතියි මචං !

      Delete
  3. අපි කියන්නේ "සඳ කුමාරියක් නාන්ඩ යනවා - සබන් නැතුව ආපහු එනවා " y-) අමරදේව මාස්ටර් ගැන මට තියෙන්නේ කියාගන්න බැරි ගෞරවයක් ...!ඇත්තටම ඔහු නිහතමානි මිනිසෙක් g-)

    ReplyDelete
    Replies
    1. :D හඃ හඃ එක එක වර්ෂන් තියෙනවනේ කෝමත් :D අනිවාර්යෙන්ම දන්නා අඳුරන හැමදෙනාම කියන්නේ ඕක තමයි එතුමා ගැන !
      බොහෝම ස්තුතියි රෙහානි :)

      Delete
  4. බුහහහා... මේක පට්ට!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D එසේය කිං අඩවි ! බොහෝම ස්තුතියි ! ජය වේවා ! රාජ සම්පත් ඩබල් වේවා !

      Delete
  5. නියමයි...අමරදේවයන්ගෙ ඒ සදාතනික ගීතය ගැන විවරණය විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි රවී :)

      Delete
  6. නියමයි සින්දුවෝ..:)

    ReplyDelete
    Replies
    1. :D බොහෝම ස්තුතියි :)

      Delete
  7. සිංදුවා කියන්නේ නිකන් ය මේකාගේ ආතල් සින්දු හිස්ටෝරියට ගහන්න අපි දන්නා එව්වා මදි

    ReplyDelete
    Replies
    1. අමතක උනා :-f :-rap :-f :-rap :-f :-rap :-f :-rap :-f :-rap

      Delete
    2. :D හඃ හඃ හඃ බොහෝම ස්තුතියි මොරේ ! :-h :-h :-h :)

      Delete
  8. මරු, කාලෙකින් කම්මැලි නැතුව කියවපු පෝස්ට් එකක්. මේ වගේ වෙනස් වර්ෂන් තියෙන සිංදු ගොඩක් තියෙනවා මචං. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දිග ලිස්ට් එකක් තියෙයි. :D බොහෝම ස්තුතියි මචන් :) ජය වේවා !

      Delete
  9. =)) =)) =)) =)) =))
    මමත් ඔන්න තාම පොඩි එකා නිසා පඳුර බැලුවේ නෑ . කියෙව්වා .

    =)) =)) =)) =))

    හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් කියන්නේ මේ ගීතයේ රාගය " භීම්පලාසි කියන රාගය "

    පෙර දිනයක කියන තැන හරියටම ජා ජාරේ එක්ක ගැලපෙනවා . අන්තරා කොටස් දෙකත් ගැලපෙනවා .

    http://www.youtube.com/watch?v=-f2LGUzlmNA

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක පට්ට හයියෝ .

      =)) =)) =))

      Delete
    2. අහ්හ් කළින්ම ඕක කිව්වනම් කියවන අයට දැනගන්න.. එළ එළ බොහෝම ස්තුතියි මලයා :) පොඩි එකා උඹ ? :-O :-O :-O

      Delete
  10. දැන් පොලොවේ පය නොගහපු අයත් ඉන්නවාද?

    පෝස්ට් එක නම් පට්ට. අහක ඉන්න මාත් ඉන්නවා නෙව.

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ මොකෝ නැත්තේ ජෙමයියේ :D කතෘ අයිතිය සුරකින්න ඕනිනේ ;) :D හඃ හඃ හඃ බොහෝම ස්තුතියි ඈ !

      Delete
  11. මමත් ආසම ගීතයක්..... පෝස්ට් එක සුපිරියි.....
    වීඩියෝ එක බලලා හොදට හින වුනා. අමරදේව සර් නිහතමානි මනුස්සයෙක්. මටත් එක් වරක් වාසනාව ලැබුනා එතුමන්ව සියසින් දැක ගෙන එතුමන්ගේ ගීතවත් හඩ අසන්න....

    ReplyDelete
    Replies
    1. නියමයිනේ :D :D බොහෝම ස්තුතියි සමනළී :)

      Delete
  12. හා හා පුරා කියලා ආවා මේ පැත්තේ...
    නියමයි ඈ!

    අර අමරදේව මාස්ටර් අනිත් සින්දුව කියන එක ගැන අහල තිබුනා. දැක්කේ අද.
    තැනක් යූ වේවා!!

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න :) බොහෝම ස්තුතියි :)

      Delete
  13. යකෝ ගොඩක් සිංදු වල තියෙන්නේ අපි හිතන තේරුං නෙවෙයි නේ... හැබැයි අපි අපේම තේරුම් දීලා අපේ හිත් වල තියාගන්න එක වඩා හොඳයි වගේ මට දැනෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ මම හිතන්නේ මොනවා උනත් හරි තේරුම දැනගත්තමයි එකේ ගතිය තියෙන්නේ බං :D
      බොහෝම ස්තුතියි සෝරා ! :)

      Delete
  14. උඩවලවේ නුඹ ඉන්නා ඉසව්වේ
    ඇතින්නියෝ ඉගිලෙනවළු නිදැල්ලේ
    හොඩ වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැදියන් දෙහිවල zoo කැදැල්ලේ

    ReplyDelete
    Replies
    1. මේක මම අහල තිබුනේ නෑනේ :D බොහෝම ස්තුතියි සාශා ! :)

      Delete
  15. :D :d meka radio ekakin ahulagaththa kallak.full sinduwama thibuna.mthaka na

    ReplyDelete
    Replies
    1. :D :D :D ආයේ ගියොත් කියන්නකෝ එහෙනම් අපිටත් :)

      Delete
  16. සුපිරි මචං...ලයික් ඈ
    ... :))

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචන් :D

      Delete
  17. පළවෙනි පාරටයි මේ තේරුම ඇහුවේ...
    ඇත්තමයි හිතා ගන්නත් බෑ මට නම්... ඒ වගේ තේරුමක් තියෙනවා කියලා...
    නියම ලිපියක්... ජය වේවා...

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.