Wednesday, July 10, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1)






කාලෙකින්  කොටන්න ගත්තේ .

මේ ගීතය කලින් ඇහුවා මතකද ?

ගජමන් නෝනා ගැන ලියපු තුනුවිල බලාපිය අම්මගේ දවාලක  කියන පොස්ට් එකේ අවසානයේ මේ ගීතය එක්ක තමයි මම ලියලා අහවර කරේ . ඔන්න අද , එදා ඒ නැවතුනු තැනින් පටන් ගන්න යන්නේ . ඒ පොස්ට් එක කියෙව්වේ නැත්නම් ඉතින් පොඩ්ඩක් කියවලා එනවනම් හොඳයි . නැත්නම් පස්සේ වෙලාවක කියෙව්වත් කමක් නෑ . පස්සේ වෙලාවක කියවනවට වඩා හොඳයි උඩින් පල්ලෙන් හරි දැන්ම පොඩ්ඩක් බලනවනම් .

ආදරේ එක්කම ඇතිවෙන වෙන්වීමේ දුක , සතුටක් වෙන කාලයක් එනවා . මේකත් ටිකක් එහෙම කතාවක ආරම්භයක් . මාතර යුගයේ පහලවූ අද්විතීය මහා කිවිඳිය විදියට හඳුන්වන ගජමන් නෝනාට හිතින් විතරක් පෙම් කර කර දුරින් හිඳ ඇය දෙස බලලා , අපට අප හිමි නෑ ලොවේ කියලා කියලා වෙන කසාදයක් කරගත්ත ඇලපාත මුදලිතුමා ගැන තමයි අද කතාව .




හිතින් විතරක් පෙම් කරා කිව්වට ඉතින් දෙන්නා කවි ලිය ලිය ආදරේ බෙදා ගත්තා . ඒත් ගතින් බැඳෙන්න උනේ නෑ දෙන්නට . මොකද ඒ කාලේ සමාජ තත්වයයි ගජමන් නෝනා හිටපු තත්වයයි එක්ක දෙන්නට විවාහ වෙන්න උනේ නෑ . ඇලපාත මුදලි තුමා ගජමන් නෝනට එකපිට එකපිට විවාහ වෙන්න පෙරැත්ත කලත් ගජමන් නෝනා ඒකට කැමති උනේ නෑ . 

සමහරවිට නෝනා හිතන්න ඇති ඇලපාත මුදලි තුමාට තමාට වඩා හොඳ , කලින් විවාහ නොවුන කෙනෙක් ලැබෙයි කියලා . නැත්නම් වේරගම්පිට පන්සලේ කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගෙන් ඇලපාත මුදලිතුමා , ඇලපාත ධම්මරතන හිමි විදියට පැවිදි වෙලා හිටපු කාලේ නෝනා එක්ක  එකට ඉගෙන ගත්ත නිසා නෝනාගේ හිතේ ඇලපාත මුදලි තුමාට ගෞරව සම්පන්න ආදරයක් තිබුන නිසා වෙන්න ඇති .

කොහොම හරි මේ දෙන්නාගේ ආදරේ කවි වලට විතරක් සීමා උනා .

===============================================================

අපේ ගෙදර හදන දවස්වල ගෙදර වැඩ කරන්න ආපු බාසුන්නැහෙලා ඔක්කොම වගේ ඒ ඇලපාත ගමේ කස්ටිය . දවල්ට කෑම කාලා ඉවර වෙලා ඉන්න ගමන්  දවසක් මේ බාසුන්නැහේ කෙනෙක් අනිත් බාසුන්නැහේ එක්ක කතා කරනවා ඇහුනා ඇලපාත වලව්ව ගැන . 

මම මේ ලියන ටිකෙන් වලව්වේ කීර්ති නාමයට අගෞරවයක් වෙනවනම් ඔන්න සමාවෙන්න ඕන .

එක බාසුන්නැහේ කෙනෙක් අනිත් කෙනාට කියනවා 

" වලව්වේ කුඹුරේ ගොයම් කපන්න එන්න කිව්වා ගියාද " කියලා .

එතකොට අනිත් බාසුන්නැහේ කියනවා

 " අනේ මම ගියේ නෑ , මට වෙන වැඩක්  යෙදීලා තිබුණා , ඕවට කබුරන්න වෙලාවක් තිබුනේ නෑ " කියලා .

මම ඊට පස්සේ කතාවට සෙට් වෙලා දෙන්න එක්කම කතා කරන ගමන් ඇහුවා

"දැන් බාසුන්නැහෙලා වලව්වේ කට්ටිය එනවා දැක්කම පාරෙන් අයින් වෙලා දෙකට නැවිලා කතා කරනවද ? කඩේකට අවොත් නැගිටිනවද " කියලා . 

එතකොට ඒ බාසුන්නැහේ කෙනෙක් කිව්වා

"මොන පිස්සුද මහත්තයා අපි ගණන් ගන්නෙවත් නෑ . මහ උදවිය ඉන්න කාලෙනම් ගරු කිරීමක් තිබුණා . එත් දැන් මහා උදවිය නැති නිසා එච්චරම දෙකට නවෙන්නේ නෑ . කතා කරනකොට අප්පෝ මැණිකේ කියලා කතා කරනවා . ඒ ඇරෙන්න ඉතින් ලොකුවටම කියන්න දෙයක් නෑ " කියලා . 

මම එතනින් කතාව නැවැත්තුවා . මොකද නැත්නම් උළු බාන්න ආපු එවුන් රීප්පත් ගලවන්න ට්‍රයි කරන නිසා . හැක හැක හැක හැක ......

ගමේ උදවිය වලව්ව ගැන එහෙම කතා කලාට ඉතින් වලව්වේ කීර්ති නාමයට කිසිම හානියක් වෙලා නෑ . වලව්වේ සමහර දේවල් දැන් නැතිවෙලා ගියත් වලව්වේ රදල නාමය එහෙමමයි . අදටත් හෙටටත් ඒක ඇලපාත වලව්වම තමයි  .

=================================================================

ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දෙත් මේ ඇලපාත වලව්වේ දැනට ඉතිරිවෙලා ඉන්න අවුරුදු 60 - 65ක් විතර වයස මැණිකේ ඇතින්න දළදා පෙරහරට සහභාගී වෙලා තිබුණා . එදා ටීවී එකෙ විස්තර කරන කෙනා කිව්වා වලව්වේ අයගේ වැඩි කැමැත්තක් තිබුනෙත් නෑ ඇතින්නව පෙරහරට සහභාගී කරවන්න ; වයස වැඩි නිසා කියලා .

දැනට අවුරුදු පහකට හයකට කලින් සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට කලින් උදේ වරුවේ ටීවී ඒකෙ පෙන්නුවා අලි ඇත්තු ගැන වැඩසටහනක් . ඒකෙදි මේ ඇලපාත වලව්වේ හිටපු ජේෂ්ටයෙක් වලව්වේ අලි ඇත්තු ගැන ඉතිහාසය ටිකක් කිව්වා . පනාමුරේ ඇත් ගාලෙන් අලි අල්ලපු විස්තර වගේම එයාගේ උපන් දිනේකට එයාගේ තාත්තා එයාට මේ මැණිකේ ඇතින්න පැටියා තෑගී කරපු හැටිත් කිව්වා .

වලව්වේ ඒ කාලේ අලි ඇත්තු ගාලක්ම තිබුනට දැන් නම් ඉන්නේ අර මැණිකේ ඇතින්න විතරයි . එයත් ඉතාම අබලන් තත්වෙන් තමයි ඉන්නවා කියන්නේ . ළඟදී පාරේ යනවා වත් දැක්කේ නෑ .

                                                         මේ පනාමුරේ ඇත්ගාල


අලි ඇතුන් හීලා කරන්න මේ ඇලපාත වලව්වේ අය පාරම්පරික ශිල්පීය ක්‍රම යොදාගත්තා කියලා කියනවා . ඵලදෙන අලි මන්තර උනත් මේ අය ගාව තිබිලා තියෙනවා .

====================================================================
සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක තනතුරට ඇලපාත වලව්වේ කීප දෙනෙක්ම කීප වතාවකදී ඉඳලා තියෙනවා

1743 වසරේ ඇලපාත එබේතොට බස්නායක නිලමේ
1803 ඇලපාත ලොකු බස්නායක නිලමේ
1913 - 1932 ඊ ඒ ඇලපාත බස්නායක නිලමේ
1945 - 1958 සෑම් ඇලපාත බස්නායක නිලමේ

ඇලපාත බස්නායක නිලමේ කෙනෙක් සමන්දෙවාල භූමියේ වලව්වක් නිර්මාණය කරගෙන වාසය කරලා තියෙනවා . අපි දේවාලයට යනකොට දේවාලේ අසලම වම් පැත්තේ තියෙන පොලිස් මුරපොල පවත්වාගෙන යන්නේ මේ මම කියන වලව්වේ .

කාලයක් මේ සමන් දේවාලයේ තියෙන ඇලපාත වලව්ව පුරාවිද්‍යා කාර්යාලයේ ශාකාවක් විදියට භාවිතා කලත් දැන් ඒක පොලිස් මුරපොල බවට පත්වෙලා තියෙනවා .



ඉතිහාසගත ප්‍රවාද වලට අනුව ඇලපාත කියන ගම ගැන යෙක යෙක කතා තියෙනවා . පිළිගන්න තරම් සාක්ෂි තියෙන පරණම කතාව තමයි මේ . 

================================================================

වළගම්භා රජතුමා මේ රත්නපුර පැත්තෙත් හැංගිලා හිටියලුනේ . ඉතින් හැංගිලා ඉන්නකොට හිටපු ගුහාවක් ආශ්‍රිත ප්‍රදේශයක තමයි පොත්ගුල් රාජමහා විහාරය එතුමා නිර්මාණය කරේ . මේ විහාරයේ තියෙනවා පරණ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කීප නමක්ම . මේ ප්‍රරතිමා වහන්සේලාගේ ඇලපත නිර්මාණය කරපු කළා කරුවන්ට දීපු නින්ද ගම තමයි මේ ඇලපාත කියන ගම . ඇලපත කාලයක් යනකොට ඇදී.........ලා ඇලපාත උනා කියලා කියනවා . ඔන්න ඔහොමයි ගමට නම හම්බෙලා තියෙන්නේ .

                                                    මේ ඒ පොත්ගුල් විහාරයේ දර්ශන








===========================================================

ක්‍රිස්තුවර්ෂ 1477 - 1496 කියන කාලය අතරේ කෝට්ටේ රාජධානියේ රජකම් කලේ 8වෙනි වීර පරාක්‍රමභාහු රජතුමා . මේ රජතුමා තමාගේ අග බිසවගේ බාල සොහොයුරියව සමග විවාහ වෙලා මේ දෙන්නට පුත් කුමාරවරු දෙන්නෙක් හම්බෙනවා . එක්කෙනෙක් සකලකලාවල්ලභ කුමාරයා . අනිත් කුමාරයා තනියවල්ලභ කුමාරයා . පිය රජතුමා අභාවප්‍රාප්ත උනාම මේ කුමාරවරු දෙදෙනා තමන්ගේ ලොකු අම්මා , ඒ කියන්නේ  8වෙනි වීර පරාක්‍රමභාහු රජුගෙ අගබිසවගේ වැඩිමල් පුතාට කෝට්ටේ රජකම දීලා ප්‍රාදේශීය රාජ්‍යන් වලට  ප්‍රාදේශීය පාලකයන් විදියට ,  සකලකලාවල්ලභ කුමාරයා උඩුගම්පල ප්‍රදේශයටත් තනියවල්ලභ කුමාරයා මාදම්පේ ප්‍රදේශයටත් සම්ප්‍රාප්ත වෙනවා .

                                                    මේ සකලකලා වල්ලභ කුමාරයා



සකල කළා වල්ලභ කුමාරයා මරණින් පස්සේ අස්වානේ දෙවියන් විදියට හඳුන්වලා තියෙනවා. සියලුම කලාවන්ගේ නිපුනත්වයක් දක්වපු නිසා මේ කුමාරයට සකලකළා වල්ලභ කියන නම දාල තියෙනවා කියලා තමයි කියන්නේ.


තනියවල්ලභ කුමාරයට පුතාලා හිටියේ නෑ . හිටපු එකම දියණිය විවාහ උනේ සොලී කුමාරයෙක් එක්ක . ඒ තනියවල්ලභ කුමාරයාගේ දුවගේ කුසේ ,සොලී කුමරාට දාව උපන් පුතාලා දෙන්නා තමයි වීදියබණ්ඩාර සහ තම්මිට සූරියබණ්ඩාර කියන්නේ .

තනිය වල්ලභ මැරුම් කන්නෙත් තමාගේම මුනුබුරා වෙච්ච වීදිය බණ්ඩාර කුමාරයා අතින් .මෙහෙම තනියවල්ලභ කුමාරයා මරණයට පත්වෙලා මාදම්පේ ප්‍රදේශයට අධිපති විදියට දේවත්වයට පත්වෙනවා . තනිවැල්ලේ දේවාලයට අරක්ගත් තනිවැල්ලේ  දෙවියන් විදියට හඳුන්වන්නේ මේ තනියවල්ලභ කුමාරයා තමයි . 

                                මේ ඒ තනිවැල්ලේ දේවාලයෙ තියෙන තනිවැල්ලේ දෙව්රුව










කොයිල් වගේනම් ආයේ පොඩ්ඩක් බලන්න ක්‍රිස්තුවර්ෂ කියන තැන ඉඳලා . 

අර මම මුලින් කිව්ව තම්මිට සූරියබණ්ඩාර කුමාරයා , හෙල්ලකින් ඇනලා කළු කොටියෙක් මරලා සීතාවක රාජසිංහ රජතුමාව ඒ කළු කොටියාගෙන් බේරගත්ත නිසා සීතාවක රාජසිංහ රජතුමා , සූරියබණ්ඩාර කුමාරයට මේ ඇලපාත කියන ගම නින්දගමක් විදියට පවරලා දෙනවා . ඒ වගේම එදා ඒ කළු කොටියා මරත්දී ලේ තැවරුණු රෙදිකඩකුත් මේ සූරිය බණ්ඩාර කුමාරයා සන්තක වෙනවා . ඒ රෙදිකඩ පවුලේ වටිනා කියන වස්තුවක් විදියට පැවතගෙන ඇවිත් තියනවා .

වීදිය බණ්ඩාර කුමාරයා සහ සමුද්‍ර දේවියගේ පුත්‍රයා වෙච්ච ධර්මපාල කුමාරයා කෝට්ටේ රාජධානියේ පෘතුගීසින්ගෙ රූකඩ රජකෙනෙක් බවට පත් උනා ඔයාලා දන්නවා ඇති . ඉතින් මේ වග දැනගත්තම වීදියබණ්ඩාර කුමාරයා ධර්මපාල කුමාරයා අතෑරලා කෝට්ටේ රාජධානියෙන් යන්න යනවා . එතකොට ධර්මපාල කුමාරයාගේ ආරක්ෂකයා වෙන්නේ තම්මිට සූරිය බණ්ඩාර කුමාරයා . 

වතාවක් නොරොඥ්ඥා කියන පෘථිගීසියා ධර්මපාල රජුගෙන් සල්ලි වස්තුව ඉල්ලනකොට ධර්මපාල රජතුමාගාව මොකවත් දෙන්න තිබිලා නෑ . ඉතින් නොරොඥ්ඥා කරලා තියෙන්නේ තම්මිට සූරියබණ්ඩාර කුමාරයව හිරභාරයට ගන්න තැත් කරපු එක . මේ වෙලාවේ ධර්මපාල කුමාරයා තමන්ගේ හවඩිය විකුනලා පගෝදි 500ක් ගෙවලා තමාගේ සුළු පියාවන තම්මිට සූරිය බණ්ඩාර කුමාරයා බේරාගෙන තියෙනවා .

දැන් බලනවා ඇති ඇලපාත මුදලි තුමා ගැන කිය කිය ආව එකා මේ මොන මගුලක් කියෝනවද කියලා . මේක තමයි ඇලපාත වලව්වේ , ඇලපාත පරපුරේ මූලාරම්භය . ඇලපාත පරපුරේ ආදිතමයෙක් විදියට සලකන්නේ මේ සූරිය බණ්ඩාර කුමාරයා .


                                                         එක්නැලිගොඩ වලව්ව



ඇලපාත පරපුර ගැන තවදුරටත් කියනවම් සබරගමුව මහසමන් දේවාලයට සම්භන්ධ එක්නැලිගොඩ වලව්වේ කුරුප්පු කියන පරපුර එක්කත් සම්භන්ධකම් තියෙනවා . කුරුප්පු කියන නමත් ඇලපාත කියන නමත් එකම පරපුරවල් වලට අයත් පෙළපත් නම් කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ . සමන් දේවාලයේ ආරම්භක බස්නායක නිලමේ වරයා වගේම දේවාලය හදන්න වැඩකටයුතු කරපු ආර්යකාම දේව ඇමතිවරයාගේ ලේ නෑකමින් තමයි එක්නැලිගොඩ වලව්වේ කුරුප්පු පරපුර පැවතගෙන එන්නේ . ඒ විදියට බලනකොට තමයිමේ ඇලපාත පරපුර සබරගමුව මහසමන් දේවාලයට සම්භන්ධ වෙන්නේ . සබරගමුවේ ලේකම් මිටියේ මේ පෙළපත් නාම දෙකම සඳහන් වෙලා තියෙනවා . ආර්යකාමදේව ඇමති සහ සමන් දේවාලයේ සම්භන්ධය මේ පොස්ට් එකෙන් දැනගන්න පුළුවන් .

ඔන්න ඔහොමයි ඇලපාත පරපුර . අපි දැන් අපේ කථානායකයා දිහාවට හැරෙමු . ඇලපාත මුදලිතුමා කුඩා කාලයේ පැවිදිවෙලා තමයි ඉඳලා තියෙන්නේ . ඇලපාත ධම්මරතන කියන නම තමයි මුදලි තුමාගේ මුල් පැවිදි නාමය . පැවිදිවෙලා තියෙන්නේ කුට්ටාපිටිය කියන ස්වාමින්වහන්සේ අතින්. ඒ විහාරයේ වාසය කරපු මුද්දුව හිමියන් අතින් ඇලපාත හාමුදුරුවෝ මූලික අධ්‍යාපනයක් ලබාගන තියෙනවා . මේ කාලේ ඇලපාත හාමුදුරුවෝ ඇලපාත සාමි කියන නාමයෙනුත් හඳුන්වලා තියෙනවා . තව කාලයක් ගතවෙනකොට ඇලපාත හාමුදුරුවෝ අකුරැස්සට ආසන්නව පිහිටා තියෙන පුරාන කළුගල වෙහෙරේ වාසය කරපු සාලිඇලේ මනිරතන කියන ස්වාමීන් වහන්සේගෙන් තව දුරටත් අධ්‍යාපනය ලබනවා .



මේ කාලේදී ඇලපාත හාමුදුරුවෝ ධර්මය විනය ප්‍රාචීන භාෂා ගැන මනා දැනුමක් ලබාගන්නවා . ඒ අතරවාරයේ තමයි ඇලපාත හාමුදුරුවෝ මාතර වේරගම්පිට පන්සලේ වාසය කරපු කරතොට ධර්මාරාම ස්වාමීන් වහන්සේගෙන් භාෂා ඥානය තව දුරටත් වර්ධනය කරගන්නවා .

මේ ඉගෙනගන්න කාලේමයි ගජමන් නෝනත් වේරගම්පිට පන්සල අසල තියෙන නිවසට පදිංචියට ආවේ . ඒ කාලේ කාන්තා පක්ෂයට පිරිවෙනෙන් හරි භික්ෂූන් වහන්සේලාගෙන හරි ඉගෙන ගන්න අකැපයි කියලා සම්මත වෙලා තිබුණා . ඉතින් මේ ගජමන් දැරිවිය කරන්නේ පිරිමි ළමයෙකුගේ වෙස් අරගෙන පිරිවෙනට ගිහිල්ලා කරතොට ධර්මාරාම හිමිගෙන් සිංහල , සංස්කෘත , පාලි භාෂාවල් වගේම කවි කෙරුවාවත් ඉගෙන ගන්න එක .




පන්සලේ ඒ කාලේ හිටපු ඇලපාත හාමුදුරුවෝ සහ සමහර භික්ෂූන් වහන්සේලා දැනගෙන ඉඳලා තියෙන්ව මේ පිරිමි ළමයෙක් වගේ සැරසිලා එන්නේ ගෑණු ළමයෙක් කියලා . ඒත් එක ලොකු හාමුදුරුවන්ට දැනුම් දීලා නැතුව රහසක් විදියට තියාගන්නවා .

මෙහෙම යනකොට ඉතින් ගජමන් නෝනා වැඩිවියට පත්වෙනකොට දැනගන්නවා මේ ගැහැණු දරුවෙක් තමයි පන්සලට ඉගෙන ගන්න යන්නේ එන්නේ කියලා . ඊට පස්සේ ඉතින් ගජමන් නෝනා පන්සලට එනවා යනවා ඉගෙනගන්නවා , කවි කියනවා වගේ දේවල් හොඳට කරනවා .

ඇලපාත හාමුදුරුවෝ කලාකාමීත්වයට ඉතාම කැමැත්තෙන් හිටපු නිසා ගජමන් නෝනාගේ රූප සුන්දරත්වයට වහවැටුනා කියලා කියන්න පුළුවන් . ඒ වගේම දෙන්නම එකිනෙකා පරයා යමින් කවි පබඳින්න ඇති කියලත් හිතන්න පුළුවන් .  ගජමන් නෝනාගේ කවි වලට , කවිවල තියෙන භාෂාවට හා රසයට ඇලපාත හාමුදුරුවෝ වහ වැටුනා කියලා හිතන්නත් පුළුවන් .

මේ වහ වැටිල්ලේ ප්‍රතිපලයට තමයි ඇලපාත හාමුදුරුවෝ අවුරුදු තිස් හයේදී සිවුරු අරින්නේ

පොස්ට් එක ඕනාවට වඩා දිග වෙන නිසා මේ ඇලපාත වෘතාන්තය කොටස් කීපයකට පල කරන්න කල්පනා කරා . 

එහෙනම් සිවුරු අරින ඇලපාත හාමුදුරුවන් සහ එතුමාගේ කවි ගැන අපි ඊළඟ පොස්ට් එකෙන් බලමු .
ඇලපාත වලව්ව ගැන විස්තර හොයන්න කියපු සිංදුවා අයියටත් , මේ ගැන ලියන්න කියපු ලාස්ට්‍රෝ ඒකෙ ජෙමා අයියාටත් 

සූරිය බණ්ඩාර කුමාරයාගේ අල මුල ගිය තැන් ගැන හොයන්න උදව් කරපු ආගිය කතා  බ්ලොග් එක කරන හසිත චාමිකර අයියාටත් මගේ හදපිරි ටැංකියු එක පුද කරනවා .

ඊළඟ කොටසින් එනකං හැමෝටම තනිවැල්ලේ දෙවියන්ගේ පිහිටයි ආ...................රස්සාවයි !!!

31 comments :

  1. බරපතල විදිහට මරු වයලෝ w-) w-) w-)

    (Budz)

    ReplyDelete
    Replies
    1. ;-) ;-) ;-) බරපතල විදියට බොහොම ස්තූතී අක්කන්ඩී ..... g-)

      Delete
  2. ගොඩක් හොද විස්තරයක්

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සිතුම් ! :-da :-da :-da

      Delete
  3. පට්ට වයලෝ... පොස්ට් එකට සෑ හෙන්න මහන්සි වෙලා. :-rap

    (මල්)

    ReplyDelete
    Replies
    1. ආ මේ මලා ....
      උඹව දැක්ක කල්ල්ල්ල්ල්ල්ල්ල්.......
      එල එල
      බොහොම ස්තූතී ආ !
      g-) g-) g-) g-)

      Delete
  4. පින් අත් වේවා... බොහොම වටිනා ළිපියක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී වේවා ! :-f :-f :-f :-f

      Delete
  5. මචන් උඹට ශුවර්ද ඔය තොරතුරු ගත්ත තැන තිබ්බෙ අර මරපු එකා කලු කොටියෙක් කියල? මොකද ස්‍රීපාද අඩවියේ කලු කොටියෙක් ඉන්නව කියල මට වන ජීවී එකේ අයිය කෙනෙක් කිව්ව. හැබැයි අන්තර්ජාතික කට්ටිය කියන්නෙ කලු කොටි කියල ජාතියක් නෑ ඉන්නෙ කලු දිවියො විතරයි කියල. ඔය හම්බුන එකා ඇලි වීමක් වගේ ජාන විකෘතිතාවයකින් හැදිච්ච එකෙක් කියල. වන ජීවී එකේ අය විශ්වාස කරන්නෙ කලු කොටියා ලංකාවට ආවේනික එකෙක් කියල. හැබැයි ඔය කියල කලු කොටියත් හුඟ දෙනෙක් දැකල නෑ. ඒකයි අවුල.

    ReplyDelete
    Replies
    1. ඒක ගැන නම් පොඩ්ඩක් හොයල බලන්න ඕන අයියා . මෙහෙ කෞතුකාගාරයේ ඔහොම මොකද්ද එකෙක් හිටියා වගේ මතකයි ( හැබැයි ඩමියක් ). මට මතක නෑ ඌ කළුද කියල . පොඩ්ඩක් එක ගැන හොයලා බලන්න ඕන .
      මේ කතාවනම් පොත්වල ලියවෙන්න තරමේ ප්‍රසිද්ධ කතාවක් .
      සමහර අය දිවියටත් ඕන එකක් කියලා කොටියා කියලම කියනවනේ . මේකත් සමහරවිට එහෙම උනා වෙන්නත් පුළුවන් .

      Delete
  6. කියන්න අමතක උනානෙ. පෝස්ට් එකට නොසෑහෙන මහන්සියක් දරල තියනව. උඹට ඇතුලු සියලුම දෙනාට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ආ ෆිට් තමයි ආ .... g-) g-) g-) g-) g-)

      Delete
  7. පෝස්ට් එක නියමයි.... ඉතුරු කොටසත් ඉක්මනින් දාමු බලන්න....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී සමනලී ..... !
      අනිත් කොටස් ලියමින් පවතිනවා . ඉක්මනටම දාන්න පුළුවන් වෙයි .

      Delete
  8. මම හිතන්නේ ඊළඟ කෑල්ල තමා තවත් රසවත් වෙන්නේ. s-) අර අර දෙන්නගේ කවි ටික එහෙම වැටුනම :D පොස්ට් එකනම් මල් 7 යි ආ ! :C :C :C :C ආයේ කතා දෙකක් නෑ සුපිරි ! g-) g-) g-) g-)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ වෙන්න පුළුවන් . කවි තියෙනවා ඊළඟ පොස්ට් වල .
      මේක ඉතින් පරම්පරාව ගැන නිසා කවි දාන්න ගියේ නෑ .
      මම එක පොස්ට් එකකින් ලියන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන පටන් ගත්තේ . විස්තර හම්බෙනකොටයි මට සමහර ඒවා මතක්වෙන එවයි ඔක්කොම කලවම් කරලා ලියනකොට දන්නේ නැතුවම පොස්ට් දිග වැඩි වෙලා .
      බලමුකෝ ඊළඟ ඒවායින් .

      බොහොම ස්තූතී අයියා ......! g-) g-) g-)

      Delete
  9. වයලීනෝ මලයා පෝස්ට් එක නම් පස්ටය...සිරාවටම වෙච්ච මහන්සියට උඹටයි අනික් හැමෝටමයි එතකොට උඹට පෝස්ටුව කොටන්න බුලත් දීපු ජෙමා අයියටයි මගේ හද පිරි මෙව්වා එක හොඳේ... ආසවෙන් කියෝගෙන ගියා වගේම ඊලඟ කොටස එනකම් කුතුහලෙන් බලා ඉන්නව හොඳේ...

    ReplyDelete
    Replies
    1. ජෙමයියගේ බුලත් අත තාම නැවේ . ඒක එන්න කලින් ඔන්නොහෙ මම ලිව්වා හනේ .
      අනිත් පොස්ට් ටිකත් ඉක්මනටම දාන්නම්කො .
      බොහොම ස්තූතී අක්කේ.... :-f :-f :-f

      Delete
  10. ගජමන් නෝනා කියලා නාට්ටියක් තිබුන නාට්ටිය කලේ අපේ පැත්තේ තියෙන පරණ වලවුවක.

    ReplyDelete
  11. නියමයි බොහොම වටිනවා මේ පොස්ට් එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ! g-)

      Delete
    2. ආ බොහොම ස්තූතී අයියා !

      Delete
  12. හුඟක් මහන්සි වෙලා තියෙනවා වගේ. :-h බලන් ගියාම අලගිය මුලගිය තැන් කියන්න ගියාම කොනක් පටක් බේරගන්න බැරිතරම්නේ.

    ඉතිරි කොටසත් බලමු ගිහින්.

    ReplyDelete
    Replies
    1. හරි අමාරුවෙන් අලේ හොයාගත්තේ . =)) =))

      බොහොම ස්තූතී !

      Delete
  13. ඔන්න අදයි කියවන්න පටන් ගත්තේ.. නියම ලිපියක්නෙ..

    අර පොත්ගුල් විහාරයේ පළවෙනි පින්තූරෙ තියෙන පිළිම දෙක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ දහම්සොඩ ජාතකය . දහම්සොඩ රජතුමා යකාගේ කටට පනිනවා . යකා වගේ ඉන්නේ සක්‍ර දෙවියෝ . හැබැයි ඔතන ඉන්න දෙන්නම සිමෙන්ති වලින් හදපුවා . හැක හක හැක

      බොහොම ස්තූතී !

      දිගටම එන්න !

      g-) g-) g-) g-)

      Delete
  14. //..හිතින් විතරක් පෙම් කරා කිව්වට ඉතින් දෙන්නා කවි ලිය ලිය ආදරේ බෙදා ගත්තා . ඒත් ගතින් බැඳෙන්න උනේ නෑ දෙන්නට...//

    ගජමන් නෝනා ජෝන් ඩොයිලි එක්කත් සම්බන්ධයක් තිබුණාය කියනවනේ. ඒ නිසාත් මේ මඟුල නොවුණා වෙන්නත් පුලුවන්.

    //..පිය රජතුමා අභාවප්‍රාප්ත උනාම මේ කුමාරවරු දෙදෙනා තමන්ගේ ලොකු අම්මා , ඒ කියන්නේ 8වෙනි වීර පරාක්‍රමභාහු රජුගෙ අගබිසවගේ වැඩිමල් පුතාට කෝට්ටේ රජකම දීලා ප්‍රාදේශීය රාජ්‍යන් වලට ප්‍රාදේශීය පාලකයන් විදියට...//

    පිය රජතුමා ජීවත් වෙලා හිටිය කාලේදීමයි මේ දෙන්නා උඩුගම්පොළ සහ මාදම්පේ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෝ විදිහට ඉන්නේ.

    //...අර මම මුලින් කිව්ව තම්මිට සූරියබණ්ඩාර කුමාරයා , හෙල්ලකින් ඇනලා කළු කොටියෙක් මරලා සීතාවක රාජසිංහ රජතුමාව ඒ කළු කොටියාගෙන් බේරගත්ත නිසා සීතාවක රාජසිංහ රජතුමා , සූරියබණ්ඩාර කුමාරයට මේ ඇලපාත කියන ගම නින්දගමක් විදියට පවරලා දෙනවා...//

    මේ කතාව ගැන පොඩ්ඩක් තව හොයලා බලන්න මල්ලී. මොකද තම්මිට සූරිය බණ්ඩාර කියන්නේ 7 වෙනි බුවනෙකබාහු සහ ධර්මපාල කියන කෝට්ටේ රජවරුන්ගේ යටතේ හිටිය කෙනෙක්. එතකොට ඒ වගේ කෙනෙක් කෝට්ටේ එක්ක හෙණ මලකින් හිටිය සීතාවක රජ කෙනෙක් වෙනුවෙන් වැඩ කළා වගේම සීතාවක රජ කෙනෙක් එයාට ගම්වරයක් දුන්නා කියන කතාව පොඩ්ඩක් පටලැලි සහගතයි

    ReplyDelete
    Replies
    1. පොත් ගොඩක බැලුවා අයියා ඔය කතාව . එක එක ඒවායේ එක එක ඒවා . ගොඩක් දේවල් ඇත්ත කියලා තියෙන පොත්වලින් විතරයි විස්තර ගත්තේ . එහෙම හිතන්න පුළුවන් . ඒත් ඒ කාලේ වෙච්ච දේවල් වල හැටියට මෙහෙම උනා වෙන්නත් බැරි නා නේද ?

      . බොහොම ස්තූතී g-) g-) .
      තව හොයලා බලන්න ඕන කෝකටත් . :) :)

      Delete
  15. බොහොම ස්තූතී ....

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.