Monday, July 29, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (4)


ඇලපාත මුදලි තුමා සහ ගජමන් නෝනා හුවමාරු කරගත්ත කවි ගෙතුම් කීපයක් අපි පහුගිය පොස්ට් වල කාබාසිනියා කළා මතක ඇතිනේ .

අද මම ඇලපාත මුදලි තුමා රචනා කරපු වෙනත් කවි රචනා කීපයක් ඔයාලා එක්ක බෙදාහදාගන්න තමයි මේ සූජානම් වෙන්නේ . මුදලිතුමා ඉතාම හොඳ කලා කාමියෙක් කියලා එතුමා රචනා කරපු කවි කියවලා බැලුවම අපිට තේරුම් ගන්න පුළුවන් . ගජමන් නෝනා නොලැබුනාට එතුමා අල උනේ නෑනේ . ඒ නිසා හූල්ල හූල්ල ඉන්නෙමත් නැතුව එතුමා වෙන වෙන දේවල් ගැනත් කවි රචනා කරනවා .

වැඩේ කියන්නේ මේ කවි ලියන කියන උන්දැලාට නුග ගස් පෙන්නන්න බැරි ලෙඩක් ඒ කාලේ තිබිලා තියෙනවා . ගජමන් නෝනා දෙනිපිටියේ නුග රුක ගැන රචනා කරපු කවි පන්තිය හැමෝම හොඳට දන්නවා නේද ? . අන්න ඒ වගේ ඇලපාත මුදලි තුමාත් නුග ගස් ගැන කවි කියලා තියෙනවා . 

මතකද මම පලවෙනි පොස්ට් එකෙන් ඇලාපාත පරපුර ගැන කියනකොට තනිවැල්ලේ දෙවියන් ගැන සහ එතුමා වෙනුවෙන් ඉදිකල තනිවල්ලේ දේවාලය ගැන කිව්වා . මෙන්න මේ තනිවැල්ලේ දේවාලය තියෙන භූමියේ තියෙනවා විශාල නුග ගහක් .



පේනවනේ මෙන්න සයිස් නුග ගහ . සයිස් එකෙන්ම වයසත් හිතාගන්න පුළුවන් . මේ නුග ගහ ගැන තනිවැල්ලේ දෙවියන්වත් අල්ලලා ඇලපාත මුදලි තුමා කවි පන්තියක් රචනා කරලා තියෙනවා . තනිවල්ලේ දෙවියෝ බවට පත්වෙච්ච තනියවල්ලභ කුමාරයා තමාගේ පවුලේ මී මුත්තනුවන් කෙනෙක් වෙන නිසා ඇලපාත මුදලිතුමා ඒ දේවාලය , දෙවියන් සහ මේ නුග ගහ ගැන කෙතරම් භක්තියකින් කවි පන්තිය රචනා කරලා තියෙනවද කියලා කවි කියවලා බැලුවම හිතාගන්න ඇහැක් වේවි . 

සකල සිරින් සුවි පුල්ල - මාදම්පා පුර තුල්ල 
දේවාලෙට ආ සල්ල - සැ දී සො බ ම    න්

(සියලුම යස ඉසුරන්ගෙන් පිරුනාවු මාදම්පේ ප්‍රදේශයේ ඇති දේවාලයට ආ ජනතාවට එය ශෝභමාන බව වටහාගත හැක )

දස දීග අතු විහිදිල්ල - ලෙල දෙන පත් ගන නිල්ල
නද දෙන විහඟ සියල්ල - තු ති ගො ස යෙ න්  

( දස දීශාවටම අතු විහිදී ඇති , සුළඟට ලෙලදෙන ගන නිල් වන් පත්‍ර ඈති නුග ගසේ , වසා සිටින පක්‍ෂීන් නද දෙන්නේ අපට ස්තූති කරන්නක් මෙනි )

යන එන දන නොවැ මැල්ල - සුරිඳුන් වැඳ නොපැකිල්ල 
වැස ඉඳ ගිම් සැන සිල්ල - ක ර ති නි ති න්

( කම්මැලි කම් නොමැතිව යන එන ජනතාව තනිවල්ලේ දෙවින්යන් නොපැකිලිව වන්දනා මාන කර , මෙම නුග ගස යට සැනසිල්ලේ ගිමන් නිවාගැනීමට නීති පතා සිටී )

මෙලෙසට දුටු සිත ලොල්ල - වන මා නුග සෙවනැල්ල 
සුරිඳුන් හට තනි වැල්ල - මි හි ක ත දු න් 

( මේ ආකාරයට දුටුවන් මන්මත් කරවන නුග ගහේ මහා සෙවනැල්ල , මිහිකත විසින් තනිවල්ලේ දෙවියන්ට දුන් පරිත්‍යාගයක් හෝ තුටු පඬුරක් වැනිය )

සපිරුණු නෙක ඉසුරන්ද - මාදම්පා මෙනමින්ද 
දෙව් විමනය අවටින්ද - සැ දී සො බ නා

( නොයෙක් ආකාරයේ වස්තූන්ගෙන් සපිරුණු වූද , මහා ධර්ම ප්‍රාසාධය නම් විහාරය ඇති මෙම දෙව් විමානය අවට ප්‍රදේශය ඉතාම ශෝභ මානය )

දස දිග නැමී අතුයෙන්ද - ලෙලදෙන සුනිල පතින්ද 
නද දෙන විහඟ නොමින්ද - තු ති ගො සි නා 

( දස දෙසටම නැවුණු අතු ඉති ඇත්තා වූද , නීලවන් පත්‍ර ඇත්තා වූද නුග ගසෙහි , නොමදව පක්‍ෂීන් නද දෙන්නේ ස්තූති කරන්නාක් මෙනි  )

යන එන දන මන නන්ද - සුරිඳුන් වැද සතුටින්ද 
වැස ඉඳ ගිම් සැනසින් ද - ක ර තු ති නා

( යන එන ජනතාවගේ සිත් සතුටු කරන සහ තනිවල්ලේ දෙවියන් වන්දනාමාන කර ගිමන් නිවා ගැනීමට ඇති මෙම නුග ගසට එම ජනතාව ස්තූති කරති )

මෙලෙස සුසැදි මන නන්ද - වන මහ නුගය නමින්ද 
තනි වැලි සුරිඳුට නන්ද - පැ න නැ ඟු නා

(මේ ආකාරයට මහා නුග ගසක් ලෙසින් විශාල හා ප්‍රසිද්ධ වූ මෙම නුග ගස තනි වැල්ලේ දෙවියන් වෙනුවෙන් පන නැගී තිබේ .)

ඔන්න ඔහොමයි ළමා....යි ඒ කවි පංතිය .




උපුල්වන් දෙවියන් වැඩ වාසය කරන දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය ඉස්සරහා තියෙනවා තවත් නුග ගහක් . ඒකට නම් නමක් නෑ . හැබැයි ගමේ උදවිය කියන්නේ " පුංචි නුගේ " කියලා . ඉස්සරනම් ඔතන නුග ගස් දෙකක් තිබිල තියෙනවා . එත් දැන් තියෙන්නේ එකයි .ඒ නුග ගහ ගැනත් ඇලපත මුදලිතුමා කවියක් රචනා කරලා තියෙනවා .

සේසත එසෙව් ලෙස දස අත අතු       විහිද 
සේසත ගිමන් හල සිතු ලෙස සෙවනෙ ඉඳ 
බූමතයෙන් පැන නැගී තල මලක්      ලෙද
මාවත පිහිටි නුග රුක දෙවි නුවර       මැද

( සේසතක් ඔසවලා මෙන් දස අත අතු විහිදී ඇති මෙම නුග ගස යට , ජනතාව ගිමන් හරින්නේ ඔවුන් සිතූ පරිද්දෙනි , එවන් මෙම නුග ගස පොළව මතින් ඉහලට පැන නැග තිබෙන්නේ තල් මලක් තල් ගසේ ගොබයෙන් ඉහලට නගින්නාක් මෙනි . දෙවිනුවර නගරයේ මැද , පාර අයිනේ එය පිහිටා තිබේ . )

ඇලපාත මුදලිතුමාගේ පවුලේ තත්වය ගැන කියනවනම් කාරණා කීපයක් තියෙනවා . මෙතුමාගේ සම්පූර්ණ නම ජයතිලක ගුණරත්න තෙන්නකෝන් මුදියන්සේ . මෙතුමා විවාහ උනේ දෙල්ගොඩ නිලමේතුමාගේ නැගෙනියත් එක්ක . ගජමන් නෝනට පෙර පෙර හිටියට මොකෝ මේ ඇලපාත දෙන්නට ළමයිත් ඉඳලා තියෙනවා . දූවරු දෙදෙනෙක් සහ එක පුතෙක් එක්කම තවත් අරන් හදාගත්ත පුතෙක් ගැනත් වාර්තා වෙනවා .



ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ මේ ඇලපාත මුදලි තුමාට සබරගමු දිසාවේ කොඩිතුවක්කු නිලමේ තනතුර ලැබෙනවා . කොහොමත් පාරම්පරිකවම ධනවත් නිසාත් ගමේ අයට ඉතාම කරුණාවෙන් සලකපු නිසාත් ඇලපාත මුදලි තුමා ගමේ කාගේත් හොඳ හිත දිනාගෙන තමයි හිටියේ .

කාලයක් යනකොට සබරගමුවේ හැමතැනම බෝවෙන උන රෝගය පැතිරෙණවා . ඉතිං ඇලපාත මුදලි තුමාටත් මේ උන බෝවෙලා අසාධ්‍ය වෙනවා . තමන්ට දැන් ගොඩ ඒමක් නෑ කියලා දැනගත්තම ඇලපාත මුදලිතුමා ,

තමාගේ දරුවන් හා කුමාරිහාමි ගැන සොයා බලන්න ජෝන් ඩොයිලි කියන උන්නැහේට බාර දුන්නා කියලා එක තැනක සඳහන් වෙනවා . තව තැනක කියනවා ඇලපාත පරපුරට තිබ්බ තර්ජනයක් නිසා ඇලපාත ලේ තියෙන පිරිමි දරුවන් අප්‍රකටව ජීවත් උනා කියලා . තවත් තැනක කියනවා අරන් හදාගත්ත පුතයි ඔරිජිනල් පුතයි ඩොයිලිට දුන්නා කියලා . කොහොමින් කොහොම හරි ඇලපාත සෙට් එකම අන්ත අසරණ තත්වයකට තමයි මේ වැටෙන්නේ .

ඒ වගේම ඇලපාත මුදලි තුමා තමා සන්තක වටිනා කියන පාරම්පරික වස්තුව වැඩි හරියක් ඇහැලේපොල නිලමේට භාර දෙනවා . ඒ අතරෙ මම පලවෙනි පොස්ටුවෙන් හයිලයිට් කරලා කිව්ව කළු කොටියාගේ ලේ තැවරිච්ච රෙදිකඩත් තිබිලා තියෙනවා . ඒක ඇලපාතලා තමාගේ වටිනා කියන වස්තුවක් විදියට පරිස්සම කරගෙන ඇවිත් තියෙනවා .

මේ මුදලිතුමා තමාගෙන් පස්සේ ඒක පරිස්සම් කරන්න දෙන්නේ ඉංග්‍රීසින්ට කඩේ ගියපු අමන වැඩ ගොඩකට මුල් වෙච්ච ඇහැලේපොළ නිලමේ තුමාට . මම මෙහම කියන්නේ ඇයි කියලා සමහරවිට ප්‍රශ්න කරයි . සමහරවිට බණියි . ඒකට හේතුව යතාකාලයේදී මම කියන්නම් .



ඇලපාත මුදලිතුමාට ලෙඩේ හොඳටම වැඩිවෙලා කිරිස්තු වරුසයෙන් 1812 අප්‍රියෙල් මාසේ 26 වැනිදා අවසන් ගමන් යනවා . වාර්තාවල සඳහන් වෙන හැටියට මෙතුමා අභාවප්‍රාප්ත උන දවසෙම සවස වලව්ව කිට්ටුව තියෙන පන්සල් භූමියේ ආදාහනය කරලා අළු කලය තැම්පත් කරල ස්මාරකයක් හදලා තියෙනවා . පස්සේ ඒ ස්මාරකය උඩ නුග පැළයක් හිටවලා තියෙනවා . සමහරවිට කට්ටිය හිතන්න ඇති මේච්චර නුග ගස් ගැන කවි ලියපු මනුස්සයා වෙච්චි එකේ මොකට ස්මාරකද ; නුග ගහක්ම හිටවනවා කියලා . :p :p :p

ඇලපාත ළමාතැනී අන්ත අසරණ තත්වයකට පත්වෙනවා . ඒකාලේ මම හිතන්නේ දෙල්ගොඩ නිලමේත් ආර්ථිකව වැටිලා ඉන්න ඇති . කොහොමහරි ඇහැලේපොළ නිලමේ මේ පවුල හැඳිගෑවිලා යනකන්ම හූරාකනවා . ඒවා ගැනනම් කියලා වැඩක් නෑ මෙයාලා .

ඒනිසා ඊළඟ පොස්ට් එකෙන් එනකන් නවතිනවා .


මීට ,
ඇලපාත මුදලිගේ මරණය වෙනුවෙන්
සංවේගයට පත් ,
වයලීනෝ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, July 25, 2013

වා...ව් සෙක්සි හා ! ( 18 + )







පළමුව නිදා සිටින කාමරයෙන් එලියට කැඳවාගෙන එන්න .

දැන් ඇඳුමට පිටින් අතගා බලන්න . ( මාත් එක්ක ලන්ච් ගමුද ඩාලින් )

ඇඳුම ගලවා හෝ ඉරා ඉවත් කරන්න. ( ෂඃ පට්ට කඳ )

යට ඇඳුමද සෙමෙන් මෘදුව ගලවා දමන්න . ( ස්ස්ස්ස්.....  වා...ව් සෙක්සි හා ! )

දැන් නැවුම් සුවඳ විඳ ගැනීමට මදක් සුවඳ බලන්න . ( හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් )

නැවුම් සුවඳ විඳගත් පසුව ඔබ ඔබගේ මෙහෙයුම අරඹන්න .

පළමුව අත්දෙක පිටුපසටකර, පිටුපසින් සෙමෙන් සෙමෙන් කපන්න . ( අහඃ අහ් අහ් අහ් )

එයින් පසුව අත් ඉදිරියට දිගුකර ඉදිරිපසින් වේගයෙන් ගහන්න . ( ආ.........හ්හ්හ් තව ඇතුලට ගහන්න  )

දැන් මදක් විඩාව නිවුණු පසු දකුණු කකුල ඉහලට ඔසවා සෙමෙන් සෙමෙන් කපන්න .

ඉන් පසු වම් කකුල ඉහලට ඔසවා සෙමෙන් කපන්න .

එසේත් නැතිනම් කකුල් දෙකම ඉහලට ඔසවා එක් පැත්තක සිට සෙමෙන් අරඹා වේගයෙන් කපන්න .

දැන් පපුව ප්‍රදේශයට එන්න . ( වා...ව් රණ හංස යුවල නිමල විල් ජලාශේ )

පපුව උඩ සෙමෙන් අතුල්ලමින් කපන්න.

වේගෙන් කැපුවොත් ඇතුලේ තියෙන ඒවා ඉක්මනටම එලියට පනියි . (දැන්ම ඉක්මන් වෙන්න එපා රත්තරං )

ඉන්පසුව බඩ ප්‍රදේශයට එන්න .

බඩ උඩද සෙමෙන් අතුල්ලමින් කපන්න .

පසුව ඒ සියල්ලම අවසන් වු පසු කැමති කැමති පැති හරවා, ඇතුලේ ඒවා පිටට පනින තුරු වේගයෙන් ගසමින් කපන්න . ( ආ..........හ්හ් ආ....හ්හ් තව ඔනී............ ආහ්හ්.... හයියෙන් හයියෙන් )

දැන් මෙහෙයුම අවසානය . ( කපලා ඉවර උනා විතරයි,හම්මාහ්...! ලොවෙත් සුපිරි පට්ටම ආතල් )

මිරිස් තුනපහ ලුණු ගොරක සමග ඉහත කපාගත් කුකුල් මස් කැබලි සියල්ල සෝදාගත් වළඳකට දමා මද ගින්නේ හොඳින් පිසගන්න .

මතක ඇතුව පොල් කිරි එකතු කරන්න .



Friday, July 19, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (3)





                                                     


ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1)
ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (2)

ඔන්න තුන්වෙනි කොටසටත් ආවා . කලින් පොස්ට් දෙක කියෙව්වේ නැත්නම් ළමා..........යි ; කියවලා එන්න මේක කියවන්න . නැත්නම් කලින් පොස්ට් එකේ අල මුල ගිය තැන් ගැන කියනකොට ඔයාලට කොයිල් වෙයි .

ගිය පොස්ට් එක නැවැත්තුවේ ඇලපාත මුදලි තුමා ගජමන් නෝනාට ඇලපාත ගමට එන්න කියන කතාවත් එක්ක .

කාලයක් යනකොට ඇලපාත මුදලිතුමා තේරුම් ගන්නවා තමාට ගජමන් නෝනා කොටු කරලා ත්‍රිකෝණ කරලා රවුම් කර කර ඉන්න සෙට්කරගන්න බෑ කියලා . ගජමන් නෝනා තමන්ගේ කවි වලින්ම කියනවා " මම ඔබතුමාට නෙවෙයි මුදලිතුමා ආදරය කලේ , ඔබ තුමාගේ කවි වලට " කියලා .

මෙච්චර කවි ලියලා මුදලිතුමාට ඉතුරුඋනේ අන්තිමට ඔය හෙනේ තමයි . හැබැයි එතුමා ඒ කියපු ලියපු කවි බලලා අපිට ගන්න එල ආතල් එකක් ඉතුරු කරලා තියෙනවා . ඔන්න බලන්නකෝ .


                                            


ඇලපාත
සසඳර මනන්න්ද බඳුවද                 මකුලින්ද
යුගතන පිරිකුන්ද ගනරන් කුඹු            මෙන්ද
මතවර වර නින්ද සසොබන මන           නන්ද
කත නුඹ ළඟ නින්ද නොලැබුන       පවකින්ද

ගජමන්
කුන්ද මමන පොබ කල මැති සඳුනි    යසා
අන්ධ කාරයට ඇවුලූ පහන            ලෙසා
නන්ද මගත දිලුණත් රූපෙන්      සතොසා
නින්ද බැරිය මා ළඟ ඔබ සිතන       ලෙසා

ඇලපාත
පිනවන සිත් සුරතල් බස් දෙන          ලීලේ
ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳී  ආලේ
බැඳී මා සිත් නුඹ ළඟ හැසිරෙයි   දෙවෙලේ
පන ගීයමුත් නොහරිමි නුඹ වෙත     ආලේ

( සොඳුර , සිත සතුටින් පුරවන සුරතල් වදන් කියන ආකාරයට , ගුණ යහපත් කම් සහිත , ඔබ වෙත බැඳෙන ආදරය , මාවෙත තදින් බැඳීමෙන්, හදවත දවසේ දෙවෙලෙහිම ඔබ ළඟ ගැවසේ . එබැවින් මම මියගියද ඔබ හට බැඳී ආදරය නැති නොවේ )

ගජමන්
ආදරේ බැරිද ඉවසාගෙන        ඉන්ඩ
සාගරේ බැරිද පීනා ගොඩ       යන්ඩ
මේ සැරේ දීපු දුක ඇත දැන     ගන්ඩ
ආදරේ මොකද ඔය හැටි     ගෑනුන්ඩ

( ආදරේ ඉවසාගෙන ඉන්න නොහැකිද ? . සාගරය පීනා ගොඩ යාමට නොහැකිද ? . මෙවර මට ඔබ දුන් දුක ඇතිය . ඔබ ගෑනුන්ට ඔය තරම් ආදරේ ඇයිද ? )


                                                 


ඇලපාත
වෙනසක් නොව අදරින් එක පන      ලෙසින
සිත දුක් දුරැර වැස ඉන්නට එක           යහන
මඇසක් සදිසි කුළුනැති පියොබඳෙ   සොබන
සැපතක් වෙන කුමට ලැබුනොත් එම  පමණ

( මාගේ ඇසක් වැනි ලෙන්ගතු කමක් දැනෙන ප්‍රියාවියේ , වෙනසක් නැතිව  පණ වාගේ ආදරයෙන් , සිතේ ඇති දුක් දුරු කර , ඔබ හා එකම යහනක සැතපෙන්නට හැකිනම් , වෙන සැපතක් කුමටද ? )

ගජමන්
මල් පිපුනොත් සුවඳට බඹරුන්           එනවා
ගඟ තිබුනොත් කවුරුත් දියවර        බොනවා
වැසි තිබුනොත් සරු නැති බිම සරු    වෙනවා
රුව තිබුනොත් අපටත් සැම        තුටුවෙනවා

( මල් පිපුනහොත් ඒ සුවඳට බඹරුන් ඒ , ගඟ තිබුණහොත් පිපාසයට කවුරුත් එහි ජලය පානය කරයි . වර්ෂාව වටහොත් නිස්සාර භූමිය සරුසාර වේ . එ පරිද්දෙන් රූපය තිබුනොත් අපටද කවුරුත් කැමති වේ )

ඇලපාත
අටී සුරඹ දුටුවම පිනවන           නයන
අටී කෙලින් දෙන බව යහතින්  දෙතන
අටී වඩන ගජමන් ලැබුනොත්    සරණ
වටී මෙමට සක්සැප අත්වුණ     පමණ

( සුර ලියන් දුටුවම ප්‍රීති උන්මාදයට පත්වෙයි සිතෙන දෑස තවදුරටත් සිතන්නේ ඔබගේ දැඩි වූ පියයුරු මා වෙත ලැබෙයි කියාය . එවන් ගජමන් නෝනා මට ලැබුනහොත් ශක්‍රයා ලද දිව්‍ය සැපත ලැබුනා මෙන් මට වටින්නේය )

ගජමන්
සායේ වැදීලා විත් මෙපුර               කිවියුරු
මීයේ වදය මෙන් රැස්කොට කියති    බොරු
ලීයේ ඇදය හරිතත් හුයලා               අඟුරු
වැයේ කුදය බැලුවම ඊටත්             නැඹුරු

( මේ නගරයේ කවි කරන්නන් සාගින්නෙන් මෙන් පැමිණ මී මැස්සන් මී පැණි රැස් කරන්නා සේ බොරු ගොතා කියති . අගුරු පල්ලේ දමා රත් කර ලීයක ඇදය නැති කිරීමට හැකි වූවත් වැයේ නැම්ම ඊටත් වඩා වැඩියෙන් පවතී )

ඇලපාත
කිව් මෙනේ තදිනි දුක්මුසු            විලාපා
ඇයි අනේ කුමට දෙන්නෙද       මෙතාපා
වෙයි සෙනේ මසිත නුඹ වෙත     මනාපා
ඇයි පනේ ඔහොම නොකියන්      සරූපා

( මෙවැනි තද දුක් මුසු විලාප නගන්නේ ඇයි ? . මෙවැනි ගින්දර දෙන්නේ ඇයි ? . මගේ සිත නුඹ වෙත ඉතාම කැමැත්තෙන් පසුවේ . එනිසා ඔය ආකාරයට කතාකරන්න එපා පනේ )

නෙතට දුකයි නුඹේ උවනත    නොදැකීම
කනට දුකයි නුඹේ අම බස්      නොඇසීම
කයට දුකයි නුඹේ සුපහස       නොලැබීම
සිතට දුකයි මෙලෙසින් නීති         පසුවීම

( ඔබේ මුහුණ නොදැකීම මගේ දෑසට දුකකි . අමෘතය වැනි ඔබගේ වදන් නොඇසීම මාගේ දෙසවනට දුකකි . ඔබගේ ස්පර්ශය නොලැබීම මාගේ ගතට දුකකි . මෙසේ කාලය ගත කිරීම සිතටද දුකකි )

ඇලපාත මුදලිතුමාගේ මේ කවි කියෙව්වම පේනවා නේද අනන්ගයා ඇලපාත මුදලිතුමාගේ හදවතට කොච්චර ගින්දරක් දීලද කියලා .

                                   

මේ පහල තියෙන කවි ගජමන් නෝනා තමාට නොලැබෙන බව දැනගෙන ඇලපාත මුදලි තුමා ගොතපු කවි .



තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන              සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය             සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින්        අද

( ගුණ නැණ රුව ආදී නොයෙක් දේවල් වලින් මාගේ හදවත සතුටු කල , එහි අරුත සිතාගත් මාගේ සුපසන් ගජමන් නෝන , මුළු රට පුරාම අවුරුදු මංගල්‍යයේ අසිරි සිරි පිරී තිබුනද නුඹ නාවොත් අද මට කිසිම සතුටක් ලැබෙන්නේ නැත )

උස්සා කර බැලුවෙ දුටුදා සිට              නෙතට
උත්සා කරන වගකුත් නෑ           පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ             තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ                   මට

( ඔබව ලබාගැනීමට මම උත්සාහ කර බැලුවේ මාගේ දෑසට ඔබව දුටු දවසේ සිටය . නමුත් ඔබ ඒ සඳහා කිසිම වෑයමක් ගන්නා බව නොපෙනේ . මැස්සෙකු ඉගිලී ගියාමෙන් නිවාස තුලට පිවිසියේ ඔබගේ මුහුණ මම දැක්ක විට ඇස්වහ වදිනවා යැයි සිතාද ? )

වතාවත් සඳෙව් නෙත් දෙක              නිලුපුල්ලා
ඇතා යුර ගමන යයි වටපිට                    බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි                 දැකලා
කතා නොකර ආවෙමි සරණය               පතලා

( වරෙක ඔබගේ දෑස නිලුපුල් වැනිය . ඔබගේ ගමන ඇතෙකුගේ ගමන වැනි වට පිට බලමින් යන ගමනක්ය . කහවත්තේදී රතු පැහැති කාන්තාවක් දුටුවත් මම ඇය සමග කතා නොකර ආවේ ඔබගේ සරණය ප්‍රාර්ථනාවෙනි .)

                                                      



පුන් සඳ දෝ මිදුලේ කර            කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට             නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා         ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර             නොගන්නේ


( ගෙමිදුලේ සක්මන් කරන්නේ පුන් සඳද ? . ගෙයි ඇඳේ සැතපෙන්නේ රන් බන්දද ? . ගෙත්තම් කරන්නට ඔබ ගන්නේ රන් කොලද ? . ඔබ මාව ලංකර ගන්නේ නැත්තේ මගේ පින් මදි වෙලාද ? .)

ඇලපාත
ලොව රස අහර නැත්තෙන් ගොන් තන කත්ද 
දිය කුස ඇති නිසා වෑ ලී ඇද              වෙත්ද
නුබෙ දොස නැතැයි මට කුමකට     ගරහත්ද
මගෙ දොස නිසා නුඹ දැන් වෙසගන   වෙත්ද

( ලෝකයේ වෙනත් රස ආහාර නැති නිසාද ගොන්නු තණකොළ කන්නේ . ඇතුලේ ජලය ඇති නිසාද වෑයෙන් වෑගැසූ ලී ඇද වෙන්නේ . නුඹේ වැරදි නැති නිසාද මට ලොකු පාට් දාන්නේ . මාගේ වැරැද්ද නිසාද නුඹට වේස ගෑණියෙක් කියලා නම වැදුනේ . )

ගජමන්
සිත් ලෙසිනා ඇවිද තන බුදින        තිරිසනා 
මත වෙමිනා රාගෙන් හක් හෝක්       ගානා 
සිත් තුටිනා මෙනටක කරනකොට   ගොනා 
බත් බුදිනා අපට තව කොහොමද මඳ     නා 

( හිතේ හැටියට තණකොළ කමින් ඇවිදින ගොනා රාගයෙන් මත්වෙලා හක් හොක් ගගා කෑගසයි . එහෙව් ගොනා සිතේ සතුටින් මේ විකාර කරනකොට , බත් කන අපිට තව මොන සැපද ? )



ලවු කරලා අන්තිමට් මෙහෙම හින්ට් පාරවල් ගහගෙන තමයි ගජමන් නොනයි ඇලපාත මුදලිතුමයි කවි කියාගන්නේ . ගජමන් නෝනා මෙච්චර ගණන් උස්සන් එකේ ඇලපාත මුදලි තුමා හිතනවා  "ඇයි  මට මෙච්චර ගෑනුන්ට පිසෙන්ඩු වෙන්න උනේ ? මොකෝ මම අලද  ? . මම වෙන අතක් බලා ගන්නවා  " කියලා .

එහෙම හිතලා ඇලපාත මුදලි තුමා ගජමන් නෝනට ටටා කියනවා .

                                                             

ඊට පස්සේ එතුමා විවාහ වෙනවා වෙන රදල පැලැන්තියේ කුමාරිහාමි කෙනෙක් එක්ක . ඒත් සිතින් විතරක් ගජමන් නෝනට ලවු ලවු තමා . ෆස්ට් ලවු එක ලේසියෙන් අමතක කරන්න පුළුවන්ය .නැද්ද සිංදුවා අයියා ?  

ගජමන් ඇලපාත දෙන්නාගේ ලවු ලවු කවි ටික මෙතනින් ඉවරයි . ඊළඟ පොස්ට් එකෙන් ඇලපාත මුදලිතුමාගේ වෙනත් කවි රචනා කීපයක් කියවලා ,  මුදලිතුමාට පාන්සකූලේ දීලා පැන්වඩමු .

  



   මම ළමයා ඉතින් ඔන්න සා /පෙලට කවි විචාර ලිව්වට පස්සේ බොකු බඩවැල්  ගැන විචාර ලිව්වා මිස කවි වලට විචාර ලිව්වේ නෑ . ඒක නිසා මේවායේ අවුල් තියෙනවනම් සොරි ඩොට් කොම් තමා ඈ .

ආ අමතක උනා . ඔයාලට පොඩි වැඩක් තියෙනවා කරන්න . දැන් ඔය දකුණුඅත පැත්තේ තියෙන ඊතලේ උඩ කොටලා උඩටම යන්නකෝ . ඊට පස්සේ පොඩ්ඩක් පහලට එන්නකෝ . ඒ එනකොට තියෙනවා මුල්ම කවි දෙක .

කට්ටිය එකතුවෙලා කැරකිලා දෙකට නැවිලා සාදු කාරයක් දීලා ලියමු බලන්න ඒ කවි දෙකට තේරුම් දෙකක් .

එහෙනම් ඊළඟ පොස්ට් එකෙන් එනකං

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Sunday, July 14, 2013

නිතරම සිනාසී සිටින්නී - සිනහවතී


SLTB_CTB_ASHOK_LEYLAND_VIKING_UTKAL_1993


ගමේ යන්න කියලා බස් එකට නැග්ගා.ඉස්කෝල ඇරෙන වෙලාව. ඉස්කෝලෙක හුරුබුහුටි ගෑලු ළමයෙක් ඇවිත් මම වාඩිවෙලා ඉන්න සීට් එකට ඉස්සර සීට් එක ගාව හිටගත්තා. ඒ එක්කම වගේ ඇවිත්, ඒ ගෑලු ළමයාගේ ඔලුවේ අත ගෑවෙන විදියට, අතින් උඩ බාර් එක අල්ලගෙන, කෙල්ල ගාවම තවත් ඉස්කෝලේ කොල්ලෙක් හිට ගත්තා. දෙන්නම එකම ඉස්කෝලේ. දෙන්න ටිකක් වෙලා හිනාවෙවී කතා කර කර ඉන්නකොට එක පාරටම කොල්ලා උගේ අතේ ලියලා තිබුණු දෙයක් කෙල්ලට පෙන්නුවා. කෙල්ල ඒක බලලා රතුවෙලා ගියා.
එතනින් එහා උන් දිහා සිංදුවා බැලුවේ නෑ. මොකද ඉස්කෝලේ යන කාලේ හරියටම ඔය වැඩේම සිංදුවත් කලින් කරලා තිබුණු හින්දා.

ඔන්න මේක චිත්ත ගවුම් සම්බන්ධ කතාවක්. දිරවන්නේ නැති කස්ටිය දැන් මාරු වෙන්න.

හා හා පුරා කියලා සින්දුවගේ ප්‍රථම, කුළුඳුල්, පළවෙනි, ෆ්රස්ට්, ඔන්රු ආදර කතාව පටාන් ගන්නේ එකොළහ වසරේදී. සින්දුවති හිටියෙත් සින්දුවගේ පන්තියේම තමයි. කෝම කෝම හරි හිතේ පිපුණු පෙම් මල පුද දෙන්න දිනයක් යොදාගෙන සින්දුවතිගෙන් අහන්න ඉන්න කාලේ සිංදුවා කියනවලු මේ සිංදුව.

ජලේ ගැඹුර ඔරුව දන්නෙ නෑ
මලේ සුවද ජලය දන්නෙ නෑ
සිතේ අරුම නගා දන්නෙ නෑ
නගේ නුඹට බොරු කියන්නෙ නෑ
ආදරෙයි මං ආදරෙයි
සිතේ පිරුන සෙනේ තරම කියා යන්න එන්නම්
ආදරෙයි මං ආදරෙයි

කෝම හරි පෙරුම් පුරලා පුරලා සින්දුවතිගෙන් අදහස විමසුවාම, උත්තරය වශයෙන් සින්දුවති හා පංතියේ හිටපු සියලුම කෙල්ලෝ ටික සිංදුවත් එක්ක කතා කරන එක නැවැත්තුවා. ඔව් ඔව් අනිත් කෙල්ලෝ ඒක ඔලුවට අරන් තිබුනේ නිකන් උන් හැමෝවම එකපාර යාලු කරගෙන ගෘප් මෙව්වා එකක් කරලා බබෙක් හදන්න ඇහුවා වගේ ගානට සීරියස්.

කොහොම හරි මේ අසාධාරණය දුටුව ශක්‍ර දෙවියන්ගේ පඬුපුල් ආසනේ උණුවෙලා ගිහින් පඬුපුල් ආසනෙන් නැගී සිටලා මැජික් රිටක් අරං අපේ පංතියේ කොල්ලන්ගේ ඔලුවට ඒ රිටෙන් තට්ටුව තට්ටුව ගානේ දාලා උන්ගේ නුවණ පහල කරවනවා. ඒ නිසා කොල්ලෝ ටික ඔක්කම එකතුවෙලා කෙල්ලෝ ටිකත් එක්ක කතා කරන එක නවත්තනවා.

මොනවා වුනත් එක බත් පත බෙදාගෙන කාලා,
එකට ගුටිත් බෙදාගෙන කාලා,
කැන්ටිමට ගියාම අනං මනං අරන් එන,
ලයින් දාන්න එන කොල්ලන්ගෙන් කෙල්ලෝ ටික පරිස්සම් කරන
ආදී වශයෙන් නොයෙක් නොයෙක් ආකාරයෙන් බැඳිලා හිටපු කොල්ලෝ ටික නැති උනාම, උන්ගේ අගය කෙල්ලන්ට දැනෙන්න ගියේ දවසයි.
පහුවෙනිදම කෙල්ලෙක් අහලා තිබුනා
"චන්චලාට ගැහුවම ඇයි මලිත් අඬන්නේ ?" කියලා.
අහ්හ් නෑ නෑ .
අහල තිබුනේ
"ඇයි අනේ ඔයාලා අපි එක්ක කතා නොකරන්නේ ? " කියලා. ඒකට පිළිතුරු වශයෙන් කොල්ලෝ සෙට් එක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් දීලා තිබුනා. ඒකෙ සඳහන් වෙලා තිබුනේ සින්දුවති සිංදුවා සමග කතා කරනකම් කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා නොකරයි කියලලු.

ඉතින් ඔය කතා නොකරන දවස් වල සින්දුවතිගෙන් සිංදුවටත් සිංදු කෑලි එහෙම ආවා. නෑ නෑ ලියුමක නෙවෙයි. සින්දුවති කළු ලෑල්ලේ පන්තිය ඇරිලා හවස යනකොට සිංදු කෑල්ලක් ලියලා යනවා. සිංදුවා ඒ දවස්වල ඉතින් ඉස්කෝලේ එන්න හරිම උනන්දුයි නිසා උදේම ඉස්කෝලේ එනවා. ඇවිත් සිංදුව බලනවා.

ඔහොම දාලා තිබුණු සිංදු දෙකක් කියන්නද.
පලවෙනි දවසෙම කණට ගැහුවා වගේ දාලා තිබුනා
"සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා"

අන්තිම දවසේ
"සයුරේ රළ සේ අහසේ තරු සේ
මිතුදම් පවතී ලොව සැමදා"

සින්දුවතිත් හරිම වතී තමයි නෙහ් ?

ඉතින් කෝම කෝම හරි ඔහොම කතා නොකර ඉඳලා ඉඳලා ඉඳලා දවස් 50ක් ගියාට පස්සේ කෙල්ලෝ ඒකමතිකව තීන්දුවකට එනවා බබාලා හදන්න.
අහ්හ් නෑ නෑ සින්දුවතිය සිංදුවා එක්ක කතා කරලා මේ තත්ත්වය සමථයකට පත් කරන්න. හැබැයි ඉතින් ඒ කතා කරන්නේ යාළුවො විදියට.
ප්‍රේම විශේෂඥ විශාරද අනංග පදවියෙන් පිඳුම් ලද එවකට හසල දැනීම් තිබුණු කොල්ලෝ කීප දෙනෙක්ගේ අදහසට අනුව ඒක තමයි හැම ඉස්කෝලේ කෙල්ලෙක්ම වගේ මුලින්ම දෙන උත්තරය.

සින්දුවති : අපි යාළුවො විදියට ඉමු සිංදු.
සිංදුවා : හා සින්දුවති

ඉතින් ඔහොම පටාන් ගන්න සිංදු-සින්දුවති ප්‍රේම වෘතාන්තය, සින්දුවගේ ප්‍රේමාදරය හමුවේ සින්දුවතිගේ යාළුවො නැමැති බැමි බල බිඳී ගොස් සින්දුවතිගේ කැටපත් පවුර නෙවෙයි හදවත් පවුර සිංදුවාට භාර දීලා, සිංදුවා එක එක සිංදුව එහි ලිය ලියා තනු දාන්න පටාන් ගන්නවා.

කෝම කෝම හරි ඔහොම යනකොට යනකොට යනකොට සින්දුවති ඉස්කෝලේ ආපු නැති දවසක සිංදුවා සින්දුවතිට යවන්න සින්දුවගේ ප්‍රථම, කුළුඳුල්, පළවෙනි, ෆ්රස්ට්, ඔන්රු ලියමන ලියන්නයි හදන්නේ. සුපුරුදු පරිදි ප්‍රේම විශේෂඥ විශාරද අනංග පදවියෙන් පිඳුම් ලද එවකට ලියුම් ගැන හසල දැනීම් තිබුණු කොල්ලෝ කීප දෙනෙක් එක්ක පංතියේ මුල්ලෙ ඩෙස් එකට සෙට් වෙලා ලියමන ලියන්නයි හදන්නේ.

කොහොමද බං පටන් ගන්නේ ?

"ආදරණීය සින්දුවති" කියලා දාපං.

නෑ නෑ "සදාදරණිය" දාපං. "ස" එන නිසා නිකන් ආදරේ වැඩියි වගේ.

යකෝ ඕනි රෙද්දක් එක්ක මුලින්ම, මුලට දාපං "මගේම මගේ" කියලා.අන්න එතකොටයි දැනෙන්නේ.

බං මේ මුන් කියන ඒවා ලියන්න කලින් දිනේ දාලා ඊට යටින් "@පන්තියේදී" කියලා දාපන්.

චඃ නිකන් පන්තිය දාන්න එපා බං ඇල්වතුර වගේ. උඹ දාපන් "පංතියේ කොනක ඔයා නැතුව පාලුවෙන්" කියලා

මේ රතු පෑනක් නැද්ද ? අර කෙල්ලෙක්ගෙන් ඉල්ලගෙන ඇඳපන් හාර්ට් එකක්. ඇඳලා එහෙම දීපන්.

බං මම හාර්ට් අඳින්න දන්නේ නෑනේ ?

නෙදකින් #න්නයා එහෙනම් මලක්වත් ඇඳපන් !

ඒ බං උඹේ අකුරු ලස්සනද ? රවුමට මුතු කැට වගේ ලියන්න පුලුවන්ද ?

නෑනේ බං.

එහෙනම් මේ මුඩ්ඩටවත් දීලා ලියෝපන් බං. පලවෙනි එක නිකං දීපන්කො මතක හිටින විදියට.

ආපෝ ආපෝ මේ මට බෑ අනුන්ගේ ලියුම් ලියන්න උඹම ලියපන්. මොන හුයන්නක්ද ! උඹේ කෙල්ලනේ.

ඔක්කම උපදෙස් මධ්‍යයේ සිංදුවා ලියමන ලියන අදහස අත්හැරියා.
පස්සේ ඒ වෙනුවට සිංදු කොලයක් ලියලා දුන්නා. කෝම හරි එකේ තිබුණු එක සිංදු කෑල්ලක් සිංදු-සින්දුවති ඊට පස්සේ හුවමාරු කරපු හැම එකකම තිබුනා. මේක සිංදුවාගේ සදාතනික මතකයේ රැඳී ගීතයක්ලු.

මුළු ලොවම නැතිවුනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

සිංදුවා මැත්ස් කලත් ආර්ට් එක අස්සේම රිංගගෙන ඉඳලා, පස්සේ සින්දුවගේ ගෙදරටත් මාට්ටු වෙලා, යදමින් බැඳ විලංගුලා තිබියදීත් අවුරුදු කීපයක් තිස්සේ පෙම් කතාව ලියාගෙන ලියාගෙන ලියාගෙන යනකොට යනකොට යනකොට රන්රස වගේ පෑහිලා ඉඳපු දෙන්න පිංවතුනි වෙන් වෙනවා. සාදු කියන්න එපා !

වෙන්වෙන තීරණය, නමට පමණක් මහාචාර්ය පණ්ඩිත්වූ සිංදුවා ගත්තත්,
වෙන්වෙලාම බලන්න ඕනි විප්පයෝග ගෘන්ගාරය කොහොමද කියලා දැනෙනකොට. (දැන් ඉතින් වෙන්වෙන හේතු අහන්න එපා හරි) ඉතින් ඒ වෙන්වුණු දවස්වල සිංදුවා කියපු සින්දුව තමයි......

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

මොනවා උනත් ප්‍රේමයක් යටපත් කරනවා කියන එක හරිම අමාරු වැඩක් මල්ලිලා. ඕක ඉතින් එහෙම කරපු උන්ට විතරක්ම තේරෙන දෙයක්.  නැද්ද වයලා ? හෙහ් හෙහ් හෙහ්.

කෝම කෝම හරි ඉතින් ඔහොම දින දින ගෙවිලා යනවා.  සිංදුවා ෆුල් ට්‍රයි එක දෙනවා එක සිංදුවක් කියන්න. මොකක්ද ?

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්

එහෙම කොහොම කියන්නද. සිංදුවාට කියවෙන්නෙම

සොවින් බර නුවන් විදාලා 
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා

කොහොම හරි කාලයත් සමග සිංදුවා සින්දුවතිව...අහ්හ් නෑ නෑ දැන් සින්දුවති නෙවෙයිනේ. දැන්... අපි කියමුකෝ නිතරම සිනාසී සිටින්නී යන අර්ථයෙන් සිනහවතී කියලා. ඉතින් මේ සිනහවතිගේ මතකය නැවත  නැවත එන එක නවත්තන්න සිංදුවා ගොඩක් දේවල් කරනවා. වැඩ අධිකව යොදාගැනීම , සිංදු ඇසීම, සිංදු ගැසීම, කල්ලි ගැසීම ආදී වශයෙන් ගොඩක් දේවල්.
කොහොම කොහොම කලත් රෑට ඉන්න වෙන්නේ තනියම නිසා ඒ වෙලාවට සඳ තරු නිහඩ වෙලා සිතුවිලි විතරක් අවදිවෙලා, රාත්‍රිය වී නිසලව නිහඬව හිතට එන සිනහවති ගැන මතකය නවත්තගන්න එකනම් හරිම අමාරු වැඩක්. ඒ වෙලාවට කියවෙන්නේ ඉතින්

පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම

මේ ලඟදි.. (අනේ ඉතින් ලඟදි කියලා කිව්වට ළඟදීමත් නෙවෙයි ) සිනහවතිගෙන් සැරටම ඈත් වෙලා ඉන්න සිංදුවට නිල නොලත් ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබෙන්නේ, "සිනහවති" දැන් වෙන "වති" කෙනෙක් වෙන්න බහ දීලා බව. ඒක තහවුරු කර ගැනීමේ උවමනාව සැරටම තිබුනත් විදියක් නැතුව හිටපු සිංදුවා....දවසක් සිංදුවාගේම මේ විකාර රූපි ක්‍රියාව දිහා ඇස කන නාසය දිව ශරීරය යන පංචේන්ද්‍රියන් විවර කරලා, විඥානයෙන් යුතුව විමසා බැලුවම සිංදුවාට පේනවා පිංවතුනි.....
කාවද .... ?
ඔව් පිංවතුනි පේනවා.....
කාවද ?
අනේ පිංවතුනි ....පේනවා....ඔන්න....
කාවද හාමුදුරුවනේ  ?
පිංවතුනි අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැවි - පැන්චාලියන් දිය කෙළිනා සැටි දුටිමි..
පිපුණු මලක් නම්...
අහ්හ් වැරදුනා....
පිංවතුනි පෙනුනේ සිංදුවක් පිංවතුනි සිංදුවක්. මොකක්ද සිංදුව... ?

නැතිඋණු ආදරයක් වෙනුවෙන් 
හෙලන සුසුම්කන් හදක වැදී
පෑරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි
සුදෝ මම ආදරෙයි

හිත උඩින් සිංදුවා බයිලා ගැහුවත් හිත යටින් සිනහවතිට තාමත් මෙව්වා කියලා පස්සේ තේරුනාලු. ටු ලේට්. හෙහ් හෙහ් . සෝ සිංදුවා හිත හදාගන්න වේවි නුඹට මහා මෙරක් වගේ කියලා කොහොම කොහොම හරි හිත කය වචනය සංවර කරගෙන ඉන්නකොට තමයි පිංවතුනි අර මම උඩින්ම කියපු බස් එකේ ජෝඩුව සිංදුවාව කෑවේ. මොනවා උනත් සිංදුවට එතකොට මතක් වුනු සිංදුව නම්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

ඒත් දැන්නම් බය නැතුව සිංදුවා එක සිංදුවක් කියනවාලු. මොකක්ද ඒ

රෑ නින්ද යා නොදී හිතේ උපන්
නෑ පෙම්වති කියා රුවක් ඉතින්
පෙම් යදම් සිඳී බිඳී ගිහින්
මල් මල් යොවුන් වියේ ජිවිතේ

පියඹා යනවා මා ආකාශයේ
අවසානයි ප්‍රේමාදරේ
ගිරවෝ කොව්ලෝ
මිදුනා මා ආදරෙන්

ඉතින් ඔහොමයිලු පුළුවන්තරම් කෙටියෙන්ම කිව්වොත් මේ සිංදු චිත්ත ගවුම් කතාවේ නිමාව සිදුවෙන්නේ.
කොහොමවුනත් ෆන් වැඩ, ආතල් වැඩ, ගහගත්ත ඒවා, මරාගත්ත ඒවා, උඩ කිව්වා වගේ ආදර බර සීන් , සංගීත සීන් අනං මනං ඔක්කම වලින් පිරුණු ඉස්කෝල ජිවිතෙ නම් ජීවිතේට අමතක නොවෙන සුපිරිම කාලයක්. සමනල රෑනක් සේ ඉගිළි අකුරට ගිය පාසැල් කාලේ ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ.. කිව්වලු.


pic5.jpg


මොනවා උනත් මෙව්වා වගේ දුක්ක දෝමනස්ස කතාවක් නැතුව ඉස්කෝලේ තව කොච්චරනම් කතා සීන් තියෙයිද කියන්න. පස්සේ ඒවා කියන්නම් ඈ...

ඉතින් මේ කාටවුනත් ඉස්කෝලේ ගැන කිව්වම මතක් වෙන සිංදුවක් තියෙනවා. දැන් ඉතින් කියපන් සෝමතිලක ජයමහ මහත්තයාගේ "පියමන් කෙරුවෙමු සින්දුවකියලා.
නෑ නෑ ඇත්තටම මම කිව්වේ කාටවුනත් මතක් වෙන සිංදුවක් කියලා.
මොකක්ද ඒ ?
මම නම් දන්නා හැම එකාම වගේ ඉස්කෝලේ ගැන සිංදුවක් කියපු ගමන් මුලින්ම මතක් කරන්නේ මේ සින්දුව...

මේ සින්දුව පිංවතුනි සිංදුවා ඉතාමත් කුඩා අවදියේ ඒ කියන්නේ එකදාස් නවසිය බර ගණන් වල සින්දුවගේ අම්මගේ අදහසකට අනුව සිංදුවා විසින් මේ සිංදුව ගයලා රෙකෝඩ් කරනවා.  ඕගන් එකයි ගිටාර් එකකුයි විතරයි මේකේ ප්ලේ වෙන්නේ, ඒ දෙකම ගහන්නේ සින්දුවගේ සංගීත ගුරු පියාණන්වරුන් දෙදෙනාගෙන් එක්කෙනක් වෙන ජෙරල්ඩ් හේමන්ත සර්.
ඔර්ගන් එකේ ගෙදරදී ගහලා, floppy ඩිස්ක් එකකට දාගෙන ගියේ. ගිටාර් එක ඒ වෙලාවේ රෙකෝඩ් කරන කොට ගැහුවේ. මේ රෙකෝඩ් එක වුනු හැටි හා ඒකට ගයපු ගීත වල හෑල්ලක් පස්සේ දවසක කියන්නම් ඈ.. අදට මේ සින්දුව අහලා ගෙදර යන්න. මෙම සිංදුව අසන්න බැරි තරම් අවුල් වගේනම් පහල ඔරිජිනල් එක දමා ඇත.





සුළගේ ලෙලෙනා මල සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ

ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ

සාමලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අප හට නැත ආයේ


අද කතාවේ ඇඩ් එක : සින්දුවගේ කුඩා කාලේ රෙකෝඩ් කරපු ගීතය පබ්ලිෂ් කිරීම

කතාවේ හරය : සිංදුවාගේ මුළු ජිවිතයම සිංදු රාශියක එකතුවකි.... 

පික්සුද !

හරය ඇවිල්ලා ගෑලු ළමයින්ට වේකන්සි ඇත.    

( නැත නැත වේකන්සි නැත . සිංදුවා දැන් ප්‍රේමයෙන් වෙලී ඇත  )

අප්ඩේටඩ් බයි
මහාචාර්ය වයලීනෝ
USJP
ගංගොඩවිල
නුගේගොඩ

Friday, July 12, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (2)




ගජමන්ට පෙම්බැඳි ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1) පොස්ට් එකේ රස්නේ යන්න කලින්ම ඔන්න දෙවෙනි පොස්ට් එකත් කොටා මිරිකා පෙරා සයිබර්ගත කරා . කලින් පොස්ට් එක කියෙව්වේ නැත්නම් ඒකත් කියවලා එන්නකෝ ......

අවුරුදු 36ක් භික්ෂූන් වහන්සේ නමක් විදියට යහතින් වැඩවාසය කරපු ඇලපාත ධම්මරතන ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා ගිහිගෙයට යන්නට තීරණය කරනවා . වාර්තාගත ලියකියවිලි වලට අනුව මේ සිවුරු ඇරීමට හේතූන් ගොඩක් තිබුණා කියලා කියනවා . ලොකුම හේතුව උනේ ගජමන් නෝනා තමයි . ඕනෑම සාර්ථක මිනිසෙකු පිටුපස ගැහැනියක් ඉන්නවා කියනවනේ . මේකත් එහෙම වෙන්න ඇති මයේ හිතේ .
අනිත් හේතුව විදියට ; මෙතුමා පාරම්පරිකවම රදල පැලැන්තිය නියෝජනය කරපු නිසා ,අනිත් රදලයින් මෙතුමාට බලකරලා තියෙනවා සිවුරු ඇරලා ලන්දේසීන්ගේ මුදලිකම අරගෙන පාලන කටයුතුවලට එකතුවෙන්න කියලා . මෙතුමා සිවුරු ඇරපු දවසෙම අලුත්කුරු කෝරලයේ මුදලි කෙනෙක් බවට පත්වෙනවා . ඒ වගේම නමට විතරක් ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා කියලත් කියනවා .



ඇලපාත හාමුදුරුවෝ සිවුරු අරිනවා කියලා දැනගත්තම කරතොට හාමුදුරුවෝ මෙන්න මෙහෙම කවියක් ලියලා ඇලපාතට එවලා තියෙනවා .

දියට සකා තුම පදයුත් අයට                දෙකා
නොවැද නිකා ගෙන දෙන සග පවන      සුකා
නොම සලකා කෙලියටවත් සිතන          එකා
තණ නොමකා බිම වැද බත් කන  ගොනෙකා

තමන්ගේ කීර්තිමත් ඇලපාත ශිෂ්‍යයා ආපු පාරෙන් ඉවතට යනවා බලාගෙන ඉන්න බැරිකමට කරතොට හාමුදුරුවෝ මෙහෙම කියන්න ඇත්තෙ . මේ කවියට ඇලපාත මුදලිතුමා පිළිතුරු දෙන්නේ මෙහෙම .

තබුදුන් සරණ ගියෙනම් අසිපත        රැගෙන 
සිරසුන් කෙරෙමි කිව මට දෙවියෙකු    විසින
මරබුන් ඔබැර දිය බප තිලොවෙක      නයන 
සිහිනෙන් විතර නොගනිමි අනෙකකු   සරණ 

ඇලපාත හාමුදුරුවන් සිවුරු අරින නිසා ඒ දුකට එක්ක තවත් හාමුදුරුවරු කීප දෙනෙක්ම අපි එකට අත් අල්ලගෙන ලොකාන්තෙන් පනිමු කියනවා වගේ ගිහියන් බවට පත්උනා කියනවා . ඒ අතරේ අක්මීමන හිමි සහ පසුකාලයකදී හුනුපොළ නිළමේ බවට පත්වෙච්ච පුද්ගලයා ඇතුලත් වෙනවා . ( අන්න එහෙමයි යාලු ෆිට් එක )



ඔන්න ඉතින් ඇලපාත හාමුදුරුවෝ මුදලි තුමා බවට පත් උනා කියමුකෝ . දැන් තමයි හොඳම , රසම , ආතල්ම  ටික එන්නේ . ඒ තමයි ගජමන් නෝනා සහ ඇලපාත මුදලිතුමා අතර එහා මෙහා වෙච්ච සෙනෙහෙ කොලවල ලියල තියෙන කවි ටික . කියවලා බලන්න කම්මැලි නැතුව . අද කාලෙත් මෙහෙම කවි ලියන්න තිබ්බනම් කොච්චර ආතල්ද කියලා හිතාගන්න පුළුවන් වෙයි . ආතල් වගේම මේ කවිවල තියෙන සාහිත්‍ය සහ භාෂාවත් රසවිඳින්න ඕන ළමයි හොඳද ? 

සිවුරු අරින්න  හිතාගත්ත කාලේ ඉඳන්ම ඇලපාත හාමුදුරුවෝ ගජමන් නෝනාට කවිකියනවා . ඒ කවිවල සැඟවිලා තියෙන්නේ ආදරේ කියලත් ගජමන් නෝනා තේරුම් ගන්නවා . ඒවාට ගජමන් නෝනා පිලිතුරුත් දෙනවා . ඔන්න බලන්නකෝ .

ඇලපාත 
උවනත දිළිසෙනා පානා සඳසෙ              මනා
සියොගත බබලනා නානා රුවිනි             මනා 
සිහිවත පියමනා නූනා අදර                    ගුනා 
මගෙ සිත වෙහෙසෙනා නෝනා මෙනුඹ ගැනා 

ගජමන් 
පුන්න සඳ වතැති දුටු සත      පිනවන්න 
බුන්න රුපු මතඟ මත සීරද       වැන්න
දන්න නෙසත අප මුදලිඳු හට   මෙන්න 
දෙන්න මෙපත සකි සිතුපෙම් වඩමින්න

ඇලපාත 
පානා කුළුනෙනා යස මිහිරි           වදනිනා 
නූනා අදරිනා විසු අනගි                විලසිනා
නෝනා නුඹ ගැනා සිහි පැමිණි     කලමනා 
වානා බැරි වෙනා නෙත් කඳුළු     විහිදෙනා 

ගජමන්
ගුණෙනි පිරි තරිඳු රූසිරිනි තුනු       හිරු 
නැණිනි සුර ඇජර විකුමන් සිරද       යුරු
පිනෙනි දිසි මුදලි සඳ ඇලපාත        ගරු
දනෙනි හිඳ නැමද මෙහසුන දෙව  මිතුරු

                   arrow and  heart animation

මුල කාලේ කවිවල මේ වගේ ඒවා තමා . පොඩි පොඩි ලයින් පාරවල් වගේ ඒවා . නිකං කොල්ලා කෙල්ල දිහා බලලා හිනාවෙනකොට කෙල්ලත් ඔය නිකන් ඕනාවට එපාවට වගේ අනංමනං කියන්නේ. අන්න ඒවගේ.
වැඩිපුරම තියෙන්නේ ඇලපාත මුදලිතුමා ගජමන් නෝනව වර්ණනා කරපු කවි . මේවත් ඔන්න එහෙම ඒවා .

සසොබන උවනිනා යස දෙනෙතින්   පිරුන 
රුසිරෙන බබලනා නීති නුඹ මගේ   නෝන
වියොවින ම විඳිනා දුක දැන්          අසමාන 
හදවත පුපුරනා වැනි අහො බැරි         වාන 

පබවතී වෙතේ බැඳ අදර කුස          රදා
ලැබ ගතී අනේ තද රුදුරු දුක්         කඳා
ලොබවතී වෙතේ බැඳ අදර පියො   බඳා
මමනිතී විඳිමි තද වෙහෙස අහො  මෙදා 

පවර ගුණ රුවින් හද නෙක් තුටු       කරන 
සොඳුර නුඹ වෙතේ බැඳී ආදර         එදින 
නොහැර දෙවේලේ සිහිකරමින්      බැතින 
මෙවර අනේ පසුවෙන බව දනු        මපන

මේ කවිවල තියෙන්නේ මම කලින් කිව්වා වගේ වැඩිපුරම ගජමන් නෝනා ගැන ගුණ ගායනා වගේම නෝනාගේ හරිහමං වචනයක් නැති නිසා ඇලපාත මුදලිතුමා වෙයිටින්ග් ලිස්ට් එකේ දුකෙන් ඉන්නවා කියලා .


මේ පහල තියෙන කවිවල නම් ටිකක් බරපතල තැන් ගැන වර්ණනා කරලා තියෙනවා . ( හංමූ................. )

ඇලපාත
මුනි පුතුන් ඇසුර සිප් සත් දත්     රුවැතී 
ගජනමින් පතල අඟනක් ලඟම      ඇතී
සෑම කතුන්ගෙම සිරිතක් වූ         පැවතී
හොර හිමින් ගැනුම අත නෑරම    කරතී

මදමත් දිගු සොඬින් දස අත      පිඹින්නිය
ලැමපත් පියයුරන් හස     පොළඹවන්නිය
සිරිමත් එගජමන් නෝනා        ඇතින්නිය
තෙර හත් රඹ උයන් සිඳ බිඳ  හෙලන්නිය

ගජමන්
නාම රුක පසිඳු ඇලපාතින්     පොරණ 
පේම දළු ලමින් තැන අතු විය     දියුණ
සෝම ගුණ දහම් ඉදෙමින් පල නැමුණ
කාම නල වැදී සහමුලයෙන්       බිඳුණ

වැස තදින් ගලන සිව් ඕගය         දෑත
විසිරෙමින් පිරී ගියෙ නොරඳා     මෑත
නවදහන් බැම්ම බැඳි වෙර ඇල   පාත
බිඳ ගොසින් වැටුණි නාරිය තොට ඈත  

ගජමන් නෝනා විවාහවෙලා ඉන්න කාලෙත් ඇලපාත උන්නැහේ පෙම් කවි එවලා තියෙනවා . ඒවට පොසිටිව්පහේ උත්තර යැව්වට නෝනා ඉඳලා තියෙන්නේ නෙගටිව් ටයිප් එකෙන් තමයි .

ඇලපාත
බෝසත් ගුණ රැසින් යුත් මගෙ පියො බන්ද
මාවෙත ඔබ එවූ පත රැස් පිරි             ඉන්ද
සේ සිත් මහද සැර රැඳී සිරි පිරි          කුන්ද
පෑපත් කලේ හමුවත සක් එක           බන්ද

මනහර නුඹේ පවර සිරි පිරි වත         තඹර
බොහොවරකින් නුදුටුයෙන් මා නෙත් බමර
කරදර කර හඬන විට නලවන            අයුර
නොවිසිර මට වහා දනවන්නේ           විතර

ගජමන්
පෝසත් නෙක සතර සිරි නැණ ගුණ කන්ද 
බෝසත් කිවි බසින් තොසකල මැති   සන්ද
සේසිත් මවෙත එව පත බස් රැඳී       නන්ද
මාසිත් අරම තුල විය දිවි එක           බන්ද

ඔබ දැන්වූ විලස මාවෙත දිනෙක    පෙර 
එනමෙන් සිත සිතා පසුවෙමි දැන්   නිතර 
නැතියෙන් අවසරක් වැඩි බැවිනි     කරදර
සතුටින් දැනුම් දෙමි යලි ඉඩ ලැබුණු   වර

මේක මගේ අදහසක් . ගජමන් නෝනාගේ තිබ්බ දඟකාර ගති එක්ක එතුමිය කලේ ඇලපාත මුදලිතුමා ෆෝම් කරපු එක නේද ? .මුදලි තුමා බලාපොරොත්තු තියාගන්න විදියට හිතාමතා හෝ නොහිතා ගජමන්නෝනා කල කවිවලට මුදලිතුමා තව තවත් වහ වැටුනා . කොහොම හරි කාලයක් යනකොට ගජමන් නෝනාගේ සැමියා මිය යනවා . ඒ මිය ගියාම ඇලපාත මුදලිතුමා තවත් උත්සාහ ගන්නේ ගජමන්නෝනව තමන් ලඟට ගන්න . මේ පහල තියෙන කවි දෙකෙන් මුදලිතුමා ගජමන් නෝනාට ඇලපාත වලව්ව බලන්න එන්න කියල කරන ආරාධනයක් සහ ඒකට ගජමන් නෝනාගේ පිළිතුරක් ඇතුලත් වෙනවා .

ඇලපාත
එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙල 
අවුදින් එහි යතොත් ඉන් සිදුවන        සපල
මුවකින් මට කියා ලිය නොහැකිය    මෙකල
අමවන් එබස් සිහිකර වැඩකලොත්        දුල

ගජමන්
එන සෙනසුරු දිනෙහි ඇලපාතට        පවර 
එන මෙන මහද පවතී අදහසක්            තිර
පිනවන සොබන මැතිසඳ සිටියොත්    මැදුර
මන මෙන සතුටු වනු හැකි හැම කුකුස් හැර 

ඔන්න ඔහොම දෙන්නා කවි ලිව්වා කියමුකෝ . ගජමන් නෝනත් ඇලපාත යන්න ඇති කියමුකෝ . ඒ කාලේ මෙව්වා මෙහෙම වෙත්දී ඒවා අහපු අදකාලේ ඇලපාත මුදලිලත් මේ සිද්ධි ගැන හිත හිත....................................................
ඇයි මොකද හිනා වෙන්නේ ?
මම කියන්නේ ගියේ හිත හිත වෙන මොකවත් නෙවේ ගීත රචනා කරලා තියෙනවා  කියලා .

එහෙම ගීතයක් තමයි මේ ගීතය .

දුර ඈත උවද දකිනා 
ළඟපාත නොවෙද සිටිනා 
ඇලපාත මුදලි මං
මදහාස නගන් ගජමන්නෝනා 

පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන් සිසිවත කඳුලින් තෙමුණේ 
තහනම්ද සතුට ළඳුනේ 
මේ දුකද සැපයි 
නුඹේ සිතට කැපයි 
මදහාස නගන් ගජමන් නෝනා

රන්රස සේ ගැලපෙන සේමා 
දුන් රස කව් රස විඳ බෝමා
නොබැදෙම්ද පෙමින් කෝමා
අමනාප කීමයි 
උදහාස කීමයි 
මදහාස නගන් ගජමන් නෝනා

ගායනය -: කරුණාරත්න දිවුල්ගනේ


ගීතය අහලා බලන්න .

මේ ගීතයේ සංගීතය එක්ක අපිට පුළුවන් ඇලපාත මුදලිතුමා ජීවත් වෙච්ච කාලෙට විනාඩි කීපයකින් හරි ගිහින් එන්න . බලන්න ගීතයේ සංගීත සංයෝජනය කොහොමද කියලා . තබ්ලාවෙන් සහ හයිහැට් එකකින් වාදනය කරන තාලය ; ඒවගේම සිතාරයෙන් වාදනය කරන වාදනය . මේ වාදන දෙකම කලවම් උනාම

බක්කි කරත්තෙක නැගලා , මුදලි කිට් එක ගහලා යන ඇලපාත මුදලි තුමාව මවාගන්න පුළුවන් නේද?




බටනලාවෙන් වාදනය වන වාදන කන්ඩ එක්කම ගිටාර් ස්වර සංගත වාදන එක්ක බලුවමනම් දැනෙන්නේ හරියට වතුර ගලාගෙන යන ඇලපාරක් තියෙන කුඹුරක් අයිනේ පාරකින් ඇලපාත මුදලිතුමා යනවා වගේ නේද ?



කොහොමද ඒවගේ පසුබිමක ගජමන් නෝනත් අවම . මල් හතයි ආ .......

ඒ වගේම ඇලපාත මුදලිතුමාගේ හිතේ ගජමන් නෝනා ගැන තියෙන ආදරයත් ඒ ආදරය වැඩි කමට හිතේ ඇතිවෙන දුක මිශ්‍ර වූ සතුටත් අපිට දැනෙනවා නේද ?


මාරයි නේද ?

තාම ඇලපාත පුවත ඉවර නෑ . ඊළඟ ලිපියෙන් ආයේ එන්නම් . කියවලා අදහස් දක්වලා යන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Wednesday, July 10, 2013

ගජමන්ට පෙම් බැඳී ඇලපාත මුදලිඳුගේ පුනරාගමනය (1)






කාලෙකින්  කොටන්න ගත්තේ .

මේ ගීතය කලින් ඇහුවා මතකද ?

ගජමන් නෝනා ගැන ලියපු තුනුවිල බලාපිය අම්මගේ දවාලක  කියන පොස්ට් එකේ අවසානයේ මේ ගීතය එක්ක තමයි මම ලියලා අහවර කරේ . ඔන්න අද , එදා ඒ නැවතුනු තැනින් පටන් ගන්න යන්නේ . ඒ පොස්ට් එක කියෙව්වේ නැත්නම් ඉතින් පොඩ්ඩක් කියවලා එනවනම් හොඳයි . නැත්නම් පස්සේ වෙලාවක කියෙව්වත් කමක් නෑ . පස්සේ වෙලාවක කියවනවට වඩා හොඳයි උඩින් පල්ලෙන් හරි දැන්ම පොඩ්ඩක් බලනවනම් .

ආදරේ එක්කම ඇතිවෙන වෙන්වීමේ දුක , සතුටක් වෙන කාලයක් එනවා . මේකත් ටිකක් එහෙම කතාවක ආරම්භයක් . මාතර යුගයේ පහලවූ අද්විතීය මහා කිවිඳිය විදියට හඳුන්වන ගජමන් නෝනාට හිතින් විතරක් පෙම් කර කර දුරින් හිඳ ඇය දෙස බලලා , අපට අප හිමි නෑ ලොවේ කියලා කියලා වෙන කසාදයක් කරගත්ත ඇලපාත මුදලිතුමා ගැන තමයි අද කතාව .




හිතින් විතරක් පෙම් කරා කිව්වට ඉතින් දෙන්නා කවි ලිය ලිය ආදරේ බෙදා ගත්තා . ඒත් ගතින් බැඳෙන්න උනේ නෑ දෙන්නට . මොකද ඒ කාලේ සමාජ තත්වයයි ගජමන් නෝනා හිටපු තත්වයයි එක්ක දෙන්නට විවාහ වෙන්න උනේ නෑ . ඇලපාත මුදලි තුමා ගජමන් නෝනට එකපිට එකපිට විවාහ වෙන්න පෙරැත්ත කලත් ගජමන් නෝනා ඒකට කැමති උනේ නෑ . 

සමහරවිට නෝනා හිතන්න ඇති ඇලපාත මුදලි තුමාට තමාට වඩා හොඳ , කලින් විවාහ නොවුන කෙනෙක් ලැබෙයි කියලා . නැත්නම් වේරගම්පිට පන්සලේ කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගෙන් ඇලපාත මුදලිතුමා , ඇලපාත ධම්මරතන හිමි විදියට පැවිදි වෙලා හිටපු කාලේ නෝනා එක්ක  එකට ඉගෙන ගත්ත නිසා නෝනාගේ හිතේ ඇලපාත මුදලි තුමාට ගෞරව සම්පන්න ආදරයක් තිබුන නිසා වෙන්න ඇති .

කොහොම හරි මේ දෙන්නාගේ ආදරේ කවි වලට විතරක් සීමා උනා .

===============================================================

අපේ ගෙදර හදන දවස්වල ගෙදර වැඩ කරන්න ආපු බාසුන්නැහෙලා ඔක්කොම වගේ ඒ ඇලපාත ගමේ කස්ටිය . දවල්ට කෑම කාලා ඉවර වෙලා ඉන්න ගමන්  දවසක් මේ බාසුන්නැහේ කෙනෙක් අනිත් බාසුන්නැහේ එක්ක කතා කරනවා ඇහුනා ඇලපාත වලව්ව ගැන . 

මම මේ ලියන ටිකෙන් වලව්වේ කීර්ති නාමයට අගෞරවයක් වෙනවනම් ඔන්න සමාවෙන්න ඕන .

එක බාසුන්නැහේ කෙනෙක් අනිත් කෙනාට කියනවා 

" වලව්වේ කුඹුරේ ගොයම් කපන්න එන්න කිව්වා ගියාද " කියලා .

එතකොට අනිත් බාසුන්නැහේ කියනවා

 " අනේ මම ගියේ නෑ , මට වෙන වැඩක්  යෙදීලා තිබුණා , ඕවට කබුරන්න වෙලාවක් තිබුනේ නෑ " කියලා .

මම ඊට පස්සේ කතාවට සෙට් වෙලා දෙන්න එක්කම කතා කරන ගමන් ඇහුවා

"දැන් බාසුන්නැහෙලා වලව්වේ කට්ටිය එනවා දැක්කම පාරෙන් අයින් වෙලා දෙකට නැවිලා කතා කරනවද ? කඩේකට අවොත් නැගිටිනවද " කියලා . 

එතකොට ඒ බාසුන්නැහේ කෙනෙක් කිව්වා

"මොන පිස්සුද මහත්තයා අපි ගණන් ගන්නෙවත් නෑ . මහ උදවිය ඉන්න කාලෙනම් ගරු කිරීමක් තිබුණා . එත් දැන් මහා උදවිය නැති නිසා එච්චරම දෙකට නවෙන්නේ නෑ . කතා කරනකොට අප්පෝ මැණිකේ කියලා කතා කරනවා . ඒ ඇරෙන්න ඉතින් ලොකුවටම කියන්න දෙයක් නෑ " කියලා . 

මම එතනින් කතාව නැවැත්තුවා . මොකද නැත්නම් උළු බාන්න ආපු එවුන් රීප්පත් ගලවන්න ට්‍රයි කරන නිසා . හැක හැක හැක හැක ......

ගමේ උදවිය වලව්ව ගැන එහෙම කතා කලාට ඉතින් වලව්වේ කීර්ති නාමයට කිසිම හානියක් වෙලා නෑ . වලව්වේ සමහර දේවල් දැන් නැතිවෙලා ගියත් වලව්වේ රදල නාමය එහෙමමයි . අදටත් හෙටටත් ඒක ඇලපාත වලව්වම තමයි  .

=================================================================

ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දෙත් මේ ඇලපාත වලව්වේ දැනට ඉතිරිවෙලා ඉන්න අවුරුදු 60 - 65ක් විතර වයස මැණිකේ ඇතින්න දළදා පෙරහරට සහභාගී වෙලා තිබුණා . එදා ටීවී එකෙ විස්තර කරන කෙනා කිව්වා වලව්වේ අයගේ වැඩි කැමැත්තක් තිබුනෙත් නෑ ඇතින්නව පෙරහරට සහභාගී කරවන්න ; වයස වැඩි නිසා කියලා .

දැනට අවුරුදු පහකට හයකට කලින් සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට කලින් උදේ වරුවේ ටීවී ඒකෙ පෙන්නුවා අලි ඇත්තු ගැන වැඩසටහනක් . ඒකෙදි මේ ඇලපාත වලව්වේ හිටපු ජේෂ්ටයෙක් වලව්වේ අලි ඇත්තු ගැන ඉතිහාසය ටිකක් කිව්වා . පනාමුරේ ඇත් ගාලෙන් අලි අල්ලපු විස්තර වගේම එයාගේ උපන් දිනේකට එයාගේ තාත්තා එයාට මේ මැණිකේ ඇතින්න පැටියා තෑගී කරපු හැටිත් කිව්වා .

වලව්වේ ඒ කාලේ අලි ඇත්තු ගාලක්ම තිබුනට දැන් නම් ඉන්නේ අර මැණිකේ ඇතින්න විතරයි . එයත් ඉතාම අබලන් තත්වෙන් තමයි ඉන්නවා කියන්නේ . ළඟදී පාරේ යනවා වත් දැක්කේ නෑ .

                                                         මේ පනාමුරේ ඇත්ගාල


අලි ඇතුන් හීලා කරන්න මේ ඇලපාත වලව්වේ අය පාරම්පරික ශිල්පීය ක්‍රම යොදාගත්තා කියලා කියනවා . ඵලදෙන අලි මන්තර උනත් මේ අය ගාව තිබිලා තියෙනවා .

====================================================================
සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක තනතුරට ඇලපාත වලව්වේ කීප දෙනෙක්ම කීප වතාවකදී ඉඳලා තියෙනවා

1743 වසරේ ඇලපාත එබේතොට බස්නායක නිලමේ
1803 ඇලපාත ලොකු බස්නායක නිලමේ
1913 - 1932 ඊ ඒ ඇලපාත බස්නායක නිලමේ
1945 - 1958 සෑම් ඇලපාත බස්නායක නිලමේ

ඇලපාත බස්නායක නිලමේ කෙනෙක් සමන්දෙවාල භූමියේ වලව්වක් නිර්මාණය කරගෙන වාසය කරලා තියෙනවා . අපි දේවාලයට යනකොට දේවාලේ අසලම වම් පැත්තේ තියෙන පොලිස් මුරපොල පවත්වාගෙන යන්නේ මේ මම කියන වලව්වේ .

කාලයක් මේ සමන් දේවාලයේ තියෙන ඇලපාත වලව්ව පුරාවිද්‍යා කාර්යාලයේ ශාකාවක් විදියට භාවිතා කලත් දැන් ඒක පොලිස් මුරපොල බවට පත්වෙලා තියෙනවා .



ඉතිහාසගත ප්‍රවාද වලට අනුව ඇලපාත කියන ගම ගැන යෙක යෙක කතා තියෙනවා . පිළිගන්න තරම් සාක්ෂි තියෙන පරණම කතාව තමයි මේ . 

================================================================

වළගම්භා රජතුමා මේ රත්නපුර පැත්තෙත් හැංගිලා හිටියලුනේ . ඉතින් හැංගිලා ඉන්නකොට හිටපු ගුහාවක් ආශ්‍රිත ප්‍රදේශයක තමයි පොත්ගුල් රාජමහා විහාරය එතුමා නිර්මාණය කරේ . මේ විහාරයේ තියෙනවා පරණ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කීප නමක්ම . මේ ප්‍රරතිමා වහන්සේලාගේ ඇලපත නිර්මාණය කරපු කළා කරුවන්ට දීපු නින්ද ගම තමයි මේ ඇලපාත කියන ගම . ඇලපත කාලයක් යනකොට ඇදී.........ලා ඇලපාත උනා කියලා කියනවා . ඔන්න ඔහොමයි ගමට නම හම්බෙලා තියෙන්නේ .

                                                    මේ ඒ පොත්ගුල් විහාරයේ දර්ශන








===========================================================

ක්‍රිස්තුවර්ෂ 1477 - 1496 කියන කාලය අතරේ කෝට්ටේ රාජධානියේ රජකම් කලේ 8වෙනි වීර පරාක්‍රමභාහු රජතුමා . මේ රජතුමා තමාගේ අග බිසවගේ බාල සොහොයුරියව සමග විවාහ වෙලා මේ දෙන්නට පුත් කුමාරවරු දෙන්නෙක් හම්බෙනවා . එක්කෙනෙක් සකලකලාවල්ලභ කුමාරයා . අනිත් කුමාරයා තනියවල්ලභ කුමාරයා . පිය රජතුමා අභාවප්‍රාප්ත උනාම මේ කුමාරවරු දෙදෙනා තමන්ගේ ලොකු අම්මා , ඒ කියන්නේ  8වෙනි වීර පරාක්‍රමභාහු රජුගෙ අගබිසවගේ වැඩිමල් පුතාට කෝට්ටේ රජකම දීලා ප්‍රාදේශීය රාජ්‍යන් වලට  ප්‍රාදේශීය පාලකයන් විදියට ,  සකලකලාවල්ලභ කුමාරයා උඩුගම්පල ප්‍රදේශයටත් තනියවල්ලභ කුමාරයා මාදම්පේ ප්‍රදේශයටත් සම්ප්‍රාප්ත වෙනවා .

                                                    මේ සකලකලා වල්ලභ කුමාරයා



සකල කළා වල්ලභ කුමාරයා මරණින් පස්සේ අස්වානේ දෙවියන් විදියට හඳුන්වලා තියෙනවා. සියලුම කලාවන්ගේ නිපුනත්වයක් දක්වපු නිසා මේ කුමාරයට සකලකළා වල්ලභ කියන නම දාල තියෙනවා කියලා තමයි කියන්නේ.


තනියවල්ලභ කුමාරයට පුතාලා හිටියේ නෑ . හිටපු එකම දියණිය විවාහ උනේ සොලී කුමාරයෙක් එක්ක . ඒ තනියවල්ලභ කුමාරයාගේ දුවගේ කුසේ ,සොලී කුමරාට දාව උපන් පුතාලා දෙන්නා තමයි වීදියබණ්ඩාර සහ තම්මිට සූරියබණ්ඩාර කියන්නේ .

තනිය වල්ලභ මැරුම් කන්නෙත් තමාගේම මුනුබුරා වෙච්ච වීදිය බණ්ඩාර කුමාරයා අතින් .මෙහෙම තනියවල්ලභ කුමාරයා මරණයට පත්වෙලා මාදම්පේ ප්‍රදේශයට අධිපති විදියට දේවත්වයට පත්වෙනවා . තනිවැල්ලේ දේවාලයට අරක්ගත් තනිවැල්ලේ  දෙවියන් විදියට හඳුන්වන්නේ මේ තනියවල්ලභ කුමාරයා තමයි . 

                                මේ ඒ තනිවැල්ලේ දේවාලයෙ තියෙන තනිවැල්ලේ දෙව්රුව










කොයිල් වගේනම් ආයේ පොඩ්ඩක් බලන්න ක්‍රිස්තුවර්ෂ කියන තැන ඉඳලා . 

අර මම මුලින් කිව්ව තම්මිට සූරියබණ්ඩාර කුමාරයා , හෙල්ලකින් ඇනලා කළු කොටියෙක් මරලා සීතාවක රාජසිංහ රජතුමාව ඒ කළු කොටියාගෙන් බේරගත්ත නිසා සීතාවක රාජසිංහ රජතුමා , සූරියබණ්ඩාර කුමාරයට මේ ඇලපාත කියන ගම නින්දගමක් විදියට පවරලා දෙනවා . ඒ වගේම එදා ඒ කළු කොටියා මරත්දී ලේ තැවරුණු රෙදිකඩකුත් මේ සූරිය බණ්ඩාර කුමාරයා සන්තක වෙනවා . ඒ රෙදිකඩ පවුලේ වටිනා කියන වස්තුවක් විදියට පැවතගෙන ඇවිත් තියනවා .

වීදිය බණ්ඩාර කුමාරයා සහ සමුද්‍ර දේවියගේ පුත්‍රයා වෙච්ච ධර්මපාල කුමාරයා කෝට්ටේ රාජධානියේ පෘතුගීසින්ගෙ රූකඩ රජකෙනෙක් බවට පත් උනා ඔයාලා දන්නවා ඇති . ඉතින් මේ වග දැනගත්තම වීදියබණ්ඩාර කුමාරයා ධර්මපාල කුමාරයා අතෑරලා කෝට්ටේ රාජධානියෙන් යන්න යනවා . එතකොට ධර්මපාල කුමාරයාගේ ආරක්ෂකයා වෙන්නේ තම්මිට සූරිය බණ්ඩාර කුමාරයා . 

වතාවක් නොරොඥ්ඥා කියන පෘථිගීසියා ධර්මපාල රජුගෙන් සල්ලි වස්තුව ඉල්ලනකොට ධර්මපාල රජතුමාගාව මොකවත් දෙන්න තිබිලා නෑ . ඉතින් නොරොඥ්ඥා කරලා තියෙන්නේ තම්මිට සූරියබණ්ඩාර කුමාරයව හිරභාරයට ගන්න තැත් කරපු එක . මේ වෙලාවේ ධර්මපාල කුමාරයා තමන්ගේ හවඩිය විකුනලා පගෝදි 500ක් ගෙවලා තමාගේ සුළු පියාවන තම්මිට සූරිය බණ්ඩාර කුමාරයා බේරාගෙන තියෙනවා .

දැන් බලනවා ඇති ඇලපාත මුදලි තුමා ගැන කිය කිය ආව එකා මේ මොන මගුලක් කියෝනවද කියලා . මේක තමයි ඇලපාත වලව්වේ , ඇලපාත පරපුරේ මූලාරම්භය . ඇලපාත පරපුරේ ආදිතමයෙක් විදියට සලකන්නේ මේ සූරිය බණ්ඩාර කුමාරයා .


                                                         එක්නැලිගොඩ වලව්ව



ඇලපාත පරපුර ගැන තවදුරටත් කියනවම් සබරගමුව මහසමන් දේවාලයට සම්භන්ධ එක්නැලිගොඩ වලව්වේ කුරුප්පු කියන පරපුර එක්කත් සම්භන්ධකම් තියෙනවා . කුරුප්පු කියන නමත් ඇලපාත කියන නමත් එකම පරපුරවල් වලට අයත් පෙළපත් නම් කියලා තමයි පොත්වල සඳහන් වෙන්නේ . සමන් දේවාලයේ ආරම්භක බස්නායක නිලමේ වරයා වගේම දේවාලය හදන්න වැඩකටයුතු කරපු ආර්යකාම දේව ඇමතිවරයාගේ ලේ නෑකමින් තමයි එක්නැලිගොඩ වලව්වේ කුරුප්පු පරපුර පැවතගෙන එන්නේ . ඒ විදියට බලනකොට තමයිමේ ඇලපාත පරපුර සබරගමුව මහසමන් දේවාලයට සම්භන්ධ වෙන්නේ . සබරගමුවේ ලේකම් මිටියේ මේ පෙළපත් නාම දෙකම සඳහන් වෙලා තියෙනවා . ආර්යකාමදේව ඇමති සහ සමන් දේවාලයේ සම්භන්ධය මේ පොස්ට් එකෙන් දැනගන්න පුළුවන් .

ඔන්න ඔහොමයි ඇලපාත පරපුර . අපි දැන් අපේ කථානායකයා දිහාවට හැරෙමු . ඇලපාත මුදලිතුමා කුඩා කාලයේ පැවිදිවෙලා තමයි ඉඳලා තියෙන්නේ . ඇලපාත ධම්මරතන කියන නම තමයි මුදලි තුමාගේ මුල් පැවිදි නාමය . පැවිදිවෙලා තියෙන්නේ කුට්ටාපිටිය කියන ස්වාමින්වහන්සේ අතින්. ඒ විහාරයේ වාසය කරපු මුද්දුව හිමියන් අතින් ඇලපාත හාමුදුරුවෝ මූලික අධ්‍යාපනයක් ලබාගන තියෙනවා . මේ කාලේ ඇලපාත හාමුදුරුවෝ ඇලපාත සාමි කියන නාමයෙනුත් හඳුන්වලා තියෙනවා . තව කාලයක් ගතවෙනකොට ඇලපාත හාමුදුරුවෝ අකුරැස්සට ආසන්නව පිහිටා තියෙන පුරාන කළුගල වෙහෙරේ වාසය කරපු සාලිඇලේ මනිරතන කියන ස්වාමීන් වහන්සේගෙන් තව දුරටත් අධ්‍යාපනය ලබනවා .



මේ කාලේදී ඇලපාත හාමුදුරුවෝ ධර්මය විනය ප්‍රාචීන භාෂා ගැන මනා දැනුමක් ලබාගන්නවා . ඒ අතරවාරයේ තමයි ඇලපාත හාමුදුරුවෝ මාතර වේරගම්පිට පන්සලේ වාසය කරපු කරතොට ධර්මාරාම ස්වාමීන් වහන්සේගෙන් භාෂා ඥානය තව දුරටත් වර්ධනය කරගන්නවා .

මේ ඉගෙනගන්න කාලේමයි ගජමන් නෝනත් වේරගම්පිට පන්සල අසල තියෙන නිවසට පදිංචියට ආවේ . ඒ කාලේ කාන්තා පක්ෂයට පිරිවෙනෙන් හරි භික්ෂූන් වහන්සේලාගෙන හරි ඉගෙන ගන්න අකැපයි කියලා සම්මත වෙලා තිබුණා . ඉතින් මේ ගජමන් දැරිවිය කරන්නේ පිරිමි ළමයෙකුගේ වෙස් අරගෙන පිරිවෙනට ගිහිල්ලා කරතොට ධර්මාරාම හිමිගෙන් සිංහල , සංස්කෘත , පාලි භාෂාවල් වගේම කවි කෙරුවාවත් ඉගෙන ගන්න එක .




පන්සලේ ඒ කාලේ හිටපු ඇලපාත හාමුදුරුවෝ සහ සමහර භික්ෂූන් වහන්සේලා දැනගෙන ඉඳලා තියෙන්ව මේ පිරිමි ළමයෙක් වගේ සැරසිලා එන්නේ ගෑණු ළමයෙක් කියලා . ඒත් එක ලොකු හාමුදුරුවන්ට දැනුම් දීලා නැතුව රහසක් විදියට තියාගන්නවා .

මෙහෙම යනකොට ඉතින් ගජමන් නෝනා වැඩිවියට පත්වෙනකොට දැනගන්නවා මේ ගැහැණු දරුවෙක් තමයි පන්සලට ඉගෙන ගන්න යන්නේ එන්නේ කියලා . ඊට පස්සේ ඉතින් ගජමන් නෝනා පන්සලට එනවා යනවා ඉගෙනගන්නවා , කවි කියනවා වගේ දේවල් හොඳට කරනවා .

ඇලපාත හාමුදුරුවෝ කලාකාමීත්වයට ඉතාම කැමැත්තෙන් හිටපු නිසා ගජමන් නෝනාගේ රූප සුන්දරත්වයට වහවැටුනා කියලා කියන්න පුළුවන් . ඒ වගේම දෙන්නම එකිනෙකා පරයා යමින් කවි පබඳින්න ඇති කියලත් හිතන්න පුළුවන් .  ගජමන් නෝනාගේ කවි වලට , කවිවල තියෙන භාෂාවට හා රසයට ඇලපාත හාමුදුරුවෝ වහ වැටුනා කියලා හිතන්නත් පුළුවන් .

මේ වහ වැටිල්ලේ ප්‍රතිපලයට තමයි ඇලපාත හාමුදුරුවෝ අවුරුදු තිස් හයේදී සිවුරු අරින්නේ

පොස්ට් එක ඕනාවට වඩා දිග වෙන නිසා මේ ඇලපාත වෘතාන්තය කොටස් කීපයකට පල කරන්න කල්පනා කරා . 

එහෙනම් සිවුරු අරින ඇලපාත හාමුදුරුවන් සහ එතුමාගේ කවි ගැන අපි ඊළඟ පොස්ට් එකෙන් බලමු .
ඇලපාත වලව්ව ගැන විස්තර හොයන්න කියපු සිංදුවා අයියටත් , මේ ගැන ලියන්න කියපු ලාස්ට්‍රෝ ඒකෙ ජෙමා අයියාටත් 

සූරිය බණ්ඩාර කුමාරයාගේ අල මුල ගිය තැන් ගැන හොයන්න උදව් කරපු ආගිය කතා  බ්ලොග් එක කරන හසිත චාමිකර අයියාටත් මගේ හදපිරි ටැංකියු එක පුද කරනවා .

ඊළඟ කොටසින් එනකං හැමෝටම තනිවැල්ලේ දෙවියන්ගේ පිහිටයි ආ...................රස්සාවයි !!!

Monday, July 8, 2013

පෙර දිනයක මා පෙම්කලේ කාටද ? (12+)


මෙය "පොළවේ පය ගහපු උන්ට" කැටගරියට අයත් වන අතර එසේ නොවන අය බැලීමෙන් වළකින්න. ඕනිමනම් පඳුර අත්හැරලා ගීතයට යන්න.
______________________________________________________________________________

"අම්මේ..................."

අයියා සාලේ ඉඳගෙන, ටීවී එක දිහා බලාගෙන එකපාරටම මහා හයියෙන් බෙරිහන් දෙනවා. මමයි මලයයි අක්කයි කොයිල්තාවයෙන් මොකෝ කියලා බලං ඉන්නවා. අම්මා කුස්සියේ ඉඳලා මොකද කියලා අහගෙන සාලෙට එනවා.
අම්මා එනකම් ඉඳලා අයියා ඉතුරු ටික කියනවා
"යන්න එපා දුරු රටකට "
හඃ හඃ මමයි මල්ලියි බක බක ගාලා හිනා වෙනවා. අක්කගේ ටියුබ් ලයිට් එකේ ස්ටාටරේ වදින්නේ ටිකක් වෙලා ගිහිං. අම්මා ඇර අනිත් කට්ටියටම හිනා. අම්මා බොරුවටද මන්ද, තරහක් පෙන්නලා "මුට දෙයියන්ගේ හාල් කැවිලද" කියලා බැන බැන යනවා.

අනිත් සිද්ධිය, බෑන්ඩ් රූම් එකේ ඉඳලා ආතල් එකේ සිංදුවක් ගහමින් කිය කියා ඉන්න ඉරේශයා මම වයලෝ හා තවත් අපේ කොල්ලෝ සෙට් එකක්.ඒක පැදුරක්. නැගලම යනවා. බුදුන්ගේ අමා ධර්මේ ඉඳලා බින්දුමති වෙනකම්, ඒත් එකපාරටම කොහෙවත් නැති ප්‍රිෆෙට් කියන උන් එකෙක් ඇවිත්
"අහවල් සර් ඕක නවත්තන්න කිව්වා" කියනවා.
මොනවා කරන්නද නවත්තනවා හැබැයි එක සිංදුවක මුල කෝරස් එක ගහලා. මොකක්ද සිංදුව ?
"මුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ"
තේරුනේ නැද්ද ? තේරෙන්නේ කොහොමද ඕක ගැහුවට පද වෙනස්නේ.
අපි ගහන්නේ "උගෙ අම්මට සිරිපාද වඳිම් සමනල කන්දේ" කියලානේ.

අක්කා සාලේ පත්තරයක් කියවනවා. අයියා මොනවද හිනාවෙන දෙයක් කිව්වා.අපිට අදාළ නොවුනත් ඒක අහගෙන හිටපු මල්ලිටයි මටයි මද සිනා.මොකද අයියා කියපු දේට ඒ වෙලාවේ හැටියට එහෙම සැරට හිනා යන්නේ නෑ. අක්කානම් තුට්ටුවකට ගණන් ගත්තෙම නෑ. ඔහේ පත්තරේ බලනවා. අයියට මළ. මිනිහා අක්කාගාවින් යනගමන් කියනවා,
"එපා යකෝ තොගේ සිනා මේ රැයේ..."
කස්ටියම බක බක ගාලා හිනා.

යාලුවෙක්ගෙ බර්ත් ඩේ එක. තුට්ටු දෙක ඉතුරු කරන් බෝඩිමේ කට්ට කන අපිට කොයින්ද පූසෝ පාටි. හැමෝම සල්ලි දාලා ගෙනාවා කේක් පන්සීයක්. මොනවා වුනත් අවුරුද්දක් නාකිවුණු වුනු එකාටම කපන්න කිව්වා.අනිත් හැමෝම ගයනවා ගීතයක්. හැපි බර්ත් ඩේ 2 යූ කියලද ? මගුලක් කතා කරනවා. අපි කිව්වේ..
"ඔබේ අත ගෙන පෙර සැදෑවක උයන් තෙර හිඳ ආදරෙන්
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය විරහා ගීයක් නොවේවා
"

ඒ හැටි අවුලක් නෑනේ.
නෑ නෑ ආතල් එක ඕක කියපු හැටි ඇහුවම.
ඒ කොහොමද ?
ඕක කියන්නේ අෂ්ඨක කියන විදියට. ඒ තනුවට.
ඒ කිව්වේ මෙන්න මේ අෂ්ඨකේ කියන තාලෙට..

සුද්ද සුන් නිරිඳුන්ට දාවූ එසිද්දත් කුමරුන් උතුම්
මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර ඉපදුනු අනුහසින්
යුද්ධ කරලා පැරද වසවතු ගියේ දස පෙරුමන් බෙලෙන්
බුද්ධ රත්නේ අනුහසින් වෙයි මොවුන් හට ජය මංගලම්

හොල්මන් වගේද ? දැන් එක දිගටම වගේ සීරියස් පොස්ට් දානකොට මේක නිකං රසායන විද්‍යාව වගේ වෙන නිසා මම ඔන්න ඔහේ ඕනි එකක් වෙන්න මම වෙනස් එකක් ලියනවා කියලා හිතුවා. වෙනස් කිව්වට ඉතිං මහා වෙනසක් නෑ. හැබැයි මේකේ අර හරබර කෙමෙස්ට්‍රි පාඩම් නෑ ඔන්න.

දැන් ඔය ගීත වලට වෙන වෙන පද දාලා ගීතය විකෘති කරනවා නේද, ඒකෙ පොඩි ගතියක් තියෙයිනේ. ආ... නැද්ද ? තියෙයිනේ. ඉස්සර ඉස්කෝලේ කැටපත් පවුරු වල එහෙම තිබුනේ ඔය වගේ සිංදු. හැබැයි ඒක ප්‍රසිද්ධියේ කරන එකනම් එච්චර හොඳ නෑ නේද. අනික එහෙම කරන හැම එකක්ම කොලටිත් නෑනේ. අර කව්ද මන්දා බාප්පා කෙනෙක් ඔහොම කරන්න ගිහින් අසුචි හැළියක් නාගත්තනේ. අන්තිමට මෙලෝ ගුණයක් නැති පතෝල වගේ පද තමා දාලා තිබුනේ.

ඔන්න ඉතිං මට බැන්නත් මමත් එහෙම කිව්ව ගීත කිහිපයක් ගැන කියන්නයි යන්නේ.
හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. අපි කා-අතරත් ප්‍රසිද්ධ ඒවා. මට චතුර, වයලීනෝ, ජෙමා අයියා(සනිකේ දැම්මේ), සැගියා(සනිකේ දැම්මේ), තිලිණ යන කට්ටිය තිලිණ කරපුවා හා මම කොහෙන් කොහෙන් හරි අහුලාගෙන පාඩම් කරගෙන ගෙනාපුවා.

අම්බානෙක හොයා ගත්තත් මෙතන ලියන්න තරම් අවිනීත නැති ඒවා තියෙන්නේ කීපයයි. අවිනීත කිව්වේ කුණුහරප තියෙන නිසා නෙවෙයි, එකේ තේරුමත් මහා ෆන් දෙන්නේ නැති නිසා. එ නිසා මගේම ඔලුවේ පැත්තක ඉන්න නිසි බලධාරියා කපා දැමු ඒවා ඇර, ඉතුරු ටික දාන්නේ ඔන්න.

> පළමුවැනි ගීතය මේ නගරය ගීතය වෙනුවට අන්තිම පේළියේ ජෙමාගෙන් හොර රහසේ උපුටා ගත්තකි. ඒ නිසා සියලුම හිමිකම් උටම ඇවිරිණි.

මේ කලිසම මා හට ඇති එකම කලිසමයි
මේ කලිසම ඊයෙත් මම ඇන්ද කලිසමයි

මේ කලිසම ඇඳගෙන මම පාරේ යනවා
කුණු දුවිලි දාඩිය මඩ මේකේ තියෙනවා
කව්රු නහය වැහුවත් මම මේක අඳිනවා
ඔය මොකටත් වැඩියෙන් මට මේක වටිනවා


> ඉස්සර සංගීත පංතියේ අක්කලා සෙට් එක නිතරම මේක කියනවා ඔක්කම මතක නෑ ඉතිං.

ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
ඇයි බොල මී මැස්සෝ තොට මොකටද ඒක
......


> ඒ සංගීත පන්තියේම මහා කොල්ලෝ ඒ දවස්වල අපිට මේවා නොමිලේ ඉගැන්නුවා.

සුදු #ඩ උඩ නැගලා
මංගල ඇඳේ තියා
ගැහුවා මං #ල්#න්
රිදුනාද ඩාලිං
බැන්දාම ඔහොම තමා
බැන්දම ඔහොම තමා


> මේක අන්තිම පේළියේ සැගියද කොහෙද කිව්වේ. ඔරිජිනල් එක බඹරෙකු ආවයි නිරිත දිගේයා.

කඩියෙක් ආවයි කකුල දිගේයා
ඇවිදින් කෑවයි දකුණු #ටේයා
ඉදිමී ආවයි පොල්ගෙඩි සේයා
තලතෙල් ගෑවයි පලක් නැතේයා


> මේකෙනම් ටීවී එකෙත් ගියා. ඔරිජිනල් නිම්හිම් සෙව්වා

නින්දෙන් සෙව්වා මා පැදුරේ
සුමනා නෑ මා ළඟ හිටියේ
ලංවී බැලුවා හිලෙන් දොරේ
සිරිපාලයි සුමනයි මැද මිදුලේ
කලබල වීලා වටපිට බැලුවා
ගේ අඬ අඳුරේ පොල්ලක් දුටුවා
දශමෙන් දශමේ ලංවීලා
පොල්ලෙන් ඔළුවට ගැහුවා
ඩිහ් ! ටොයින්..!


> සනිකෙන් ඔන්න තවත් එකක්.වෙන කව්ද ජෙමා අයියා තමා.

සඳ නාවත් කමක් නැතේ රත්තරං පුතේ
හිරු නාවත් කමක් නැතේ රත්තරං පුතේ
පුලුවන්නම් ගල් කාලක් එවාපන් පුතේ
ඒත් පුතේ ගල් නැත්නම් පොල් හොඳයි පුතේ


පහළොස්වක පෝයට ඇර බාර් දිහාවට
හිත දුවලා වැඳලා එයි එහි මුදලාලිට
මහළු මඩම දඟගෙයක්ය අරක්කු නැති මට
ලොකුම වරද අරක්කු වල මිල වැඩිවීමද


වයින් බියර් විස්කි බ්‍රැන්ඩි නැතුවට කම් නැත
ගල්ම තමයි නියම පානේ හරියන්නේ මට
මගේ පුතා මතු බුදුවෙයි එකක් කලොත් හෙට
උඹේ අතින් ගල් කාලක් පොවාපන්කෝ මට


ඔහොම ඉතිං කියන්න ගියොත් තව තියෙයි ගොඩක්.

> සඳ කුමාරියක් ටොයිලට් යනවා
> බාලිකාවියන් ලැට් එකේ දොරෙන් - ඉස්සිලා හොරෙන් බලාවි වතුර ගේනකම්
> මහා මෙරක් උසට හැදුනු ### බරට
> ජෝතිපාල වැල්ලේ ##
> හිමිදිරි යාමේ වවුලන් වැල කනවා - නැන්දා බැන බැන කොස් ඇට ඇහිඳිනවා
> සැණකෙළියේ කිසිම තැනක තිබුනේ නෑ වැසිකිලියක් - තිබුනේ එක වැසිකිලියයි ඒකෙත් නෑ බාල්දියක්
> වැල්ලේ ## වැල්ලෙන් වහලා - රැල්ලෙන් හෝදන් මම එනවා


මම අද ඉතිං මේ පඳුර තැලුවේ ඔය ගීත කියන්නනම් නෙවෙයි. ඊට වඩා රසවත් අර්ථවත් ගීතයකට එන්න.
අද ගීතයටත් ඔය කිව්ව වගේ වෙනත් පද මාලා වැටිලා තියෙයි. මේකට විශේෂයෙන් එහෙම ලියවුනු වෙනත් පද මාලා දෙකක් තියෙයි. මේකේ නිවැරදි ගීතය ගයන්නේ අමරදේවයන්. නාද මාලාවත් එතුමාගෙන්මයි.





ගී පද රචනය සුනිල් සරත් පෙරේරා මහතාණන්.





මේ අරවගේ අලුතෙන් දැමුණු එක පද මාලාවක්.

පෙර දිනයක මා පෙම්කල යුවතිය
රටකජු විකුනනවා
මගේම ලියුමක රටකජු ඔතලා
ඈ මට විකුණනවා
රටකජු කම්දෝ ලියුම බලන්දෝ
මගේ හිත නළියනවා
මා ලියු ලියුමේ මොනවා බලන්නද මම රටකජු කනවා


එතකොට අනිත් පද මාලාව ?

පුදුමේ කියන්නේ ඒ ටික අමරදේව සර්ම කියනවා. මේ වීඩියෝ එක බලන්නකෝ.





ඉතිං ගීතය රසවින්දද ?
කතාව ඊටත් වඩා රසවින්දා නේද ?
දැන් ඕක කීපාරක් බැලුවද ? එපා වෙන්නේ නෑ නේද ?
එතැනින් පෙනුනේ එතුමාගේ තියෙන නිහතමානීත්වය කියලා තේරුම් ගියාද ? කොතරම් බුද්ධිමත් වුනත්, උගත් වුනත්, ආඩම්බර වියයුතු පුද්ගලයෙක් වුනත්, ඒ ඔක්කම පැත්තක තියලා හැසිරෙන සරල ආකාරය ඔයාටත් ක්ලික් වුණාද ?

මේ ගීතයෙ ආරම්භය, ඒ කිව්වේ "පෙර දිනයක මා පෙම්කල යුවතිය" කියන කොටස, එදා මෙදා තුර අමරදේවයන් රසම විදියට ගැයුව, මම දැකපු එකම අවස්ථාව මේක. ඒ රසවත් බව එතුමාටත් දැනෙන්නට ඇති. ඒ නිසා වෙන්න ඇති දෙවරක්ම ඒ කොටස ගැයුවේ.

මේ ගීතයේ වර්ෂන් දෙකක් මම ගාව තියෙයි. නව සහ පැරණි කියලා. මේ දෙකේ වෙනසක් තියෙන්නේ ආරම්භ කරනකොට වාදනය වෙන ඉන්ට්‍රොඩක්ෂන් එක, ඒ කිව්වේ මුල්ම වාදනය පොඩ්ඩක් අලුත් ඒකෙන් අයින් වෙලා. ඒ වෙනුවට ඉන්ටර්ලුඩ් ඒ කිව්වේ මැද යන වාදනය මුලට ඇවිත්.ඔන්න මම ඉතිං දෙකම දාන්නම්.

පැරණි ගීතය
නව ගීතය

හරි. දැන් මේ වෙනකම් කිව්ව ඔක්කම ටික මොහොතකට අමතක කරලා, දැන් මම කියන්න යන දේ විතරක්ම හිතන්න. හරිද ඔක්කම අමතකයි නේද ? හරි.

සේකරයන් වරෙක කිව්වලු යම්කිසි නිර්මාණයක්, නිර්මාණයකර එය සහෘදයාට ඒ කිව්වේ රසිකයාට පිරිනැමුවම ඒක ඒ සහෘදයා කැමති ආකාරයට අරුත් ගැන්විය හැකියි කියලා. ඒ කිව්වේ නිර්මාණයට කැමති අරුතක් රසිකයාට දෙන්න පුළුවන් කියලා. කොටින්ම රසිකයා අනුව නිර්මාණයේ අරුත ඩිපෙන්ඩ් වෙනවාලු.

දැන් මම ඒක කිව්වේ ඇයි ?

මේ ගීතය ඇහුවම, අර වීඩියෝ එක බැලුවම ගීතයේ අර්ථය ගැන මොකද හිතුනේ ?
තමා කලින් පෙම්කරපු යුවතිය වෙනත් කෙනෙක් බැඳලා,
දැන් ඒ ඇයව බැන්ඳ පුරුෂයාට දාව උපන්, ඇගේ දරුවෙක් නළවනවා දුටු පරණ පෙම්වතෙක්ද ඔයාට පෙනුනේ ?

එහෙම පෙනුනානම්, අන්න ඒ නිසයි මම කිව්වේ සේකරයන් අර විදියට කියලා තියෙනවා කියලා.

මේකේ ඇත්තටම සුනිල් සරත් පෙරේරා මහත්මයා ලියන්නේ කලින් පෙම්වතුන්ව හිටිය දෙදෙනෙක් දැන් විවාහක වෙලා දරුවෙක් ලැබ ඉන්න අවස්ථාවක, සැමියා තමාගේ බිරිඳව දකින අකාරය ගැනලු.
ඔව් ඔව් කලින් කලින් පෙම් කරපු පෙම්වතුන් දෙන්නමයි. ඒ දෙන්නම විවාහ වෙලා, ඒ දෙන්නගෙම දරුවා, ඒ දරුවා නළවන ඇය.
සිය බිරිඳ තුළින්, පෙර දවසේ,
සිය බිරිඳම තමාගේ පෙම්වතිය වී සිටි අයුරු දකින සැමියාගේ සිතුවිළි, මේ ගීතයෙන් කියවෙනවලු. දැන් ඒ අදහස ඇතුව බලන්න ගීතය දිහා.
ඔහු සිනාසෙනවිට ඇයගේ කෝල බැලුම,
කාලය සමග මැකී යන රූසිරි.

ඇත්තටම සිය බිරිඳ හා පුතුන් සමග ප්‍රීතියෙන් සිටින සැමියෙක් වගේම ඔහුගේ ඇතුලේ සිටින තනිවුණු පෙම්වතෙක්ද මේ ගයන්නේ ?

පළමු තේරුම ඇතුව බැලුවම තනුව ගැන එන්නේ වියෝගයක තියෙන ශෝකී හැඟීමක් නේද? දැන් මේ දෙවැනි අර්ථයෙන් ගීතය දෙස බලන විට තනුවෙන් එන්නේ අර කිව්ව ශෝකී හැඟීමද ? නැත්නම් වෙන හැඟීමක්ද ? තීරණය සහෘදයාටම භාරයි !

(මේක අලුත් වර්ෂන් එක)


පෙර දිනයක මා පෙම්කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා


නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා


අන්තිමට බලද්දී අපි ප්‍රහසනයෙන් ආනන්දයටත්, ආනන්දයෙන් ප්‍රඥාවටත් සමවැදුනා වගේ නේද ?