Sunday, June 9, 2013

සිනහ වෙන්නට අපට පෙරුම් දම් පිරී නැත




සිවුසිය ගණන් ගෙවා දුර

රැඳුනු හද වෙහෙර තුල

පිදුණු ප්‍රේමයෙ  කුසුම

ඔබය මා පුදසුනට

දෑත නළලත තබා

දිවුරා පුද ආදරය

තවත් පන ගැහෙනු වග

සිහිකළ හැකිද ඔබට මට

අත්වැල් බැඳන් තුරුළු වී

සිනා සල දෙදෙන ගිය

මාවතද අද නිහඬ

තනිව යන ඔබට මට

තෙමී වැසි බිඳෙන් බිඳ

එක කුඩය හෙවන කර

නිවස වෙත පිය මනින

දිනක් නැත ඔබට මට

එකම මග එකට ගිය

ඔබට මට වෙන්ව යන

මගට මේ කුරිරු ලොව

ඇයි උරුම කලේ දුක

අද ඔබට ඔබ පමණ

මටද මා වන පමණ

බැදී පවුරු අතර තුර

සිනහවත් නොමැත හිත

යන එන අතර මගද දුර

දෑසින් දෑස ගැටුන විට

සිනහ වෙන්නට අපට

පෙරුම් දම් පිරී නැත

කෙදින හෝ මතු දවස

නෙත් ගැටෙන විට මනෙත

කඳුළකට ඔය දෙනෙත

දෙන්නෙපා කිසි විටෙක

වෙන්ව යමු අප සොඳුර

ගිලිහුනද අතින් අත

වෙන කෙනෙකු අතගන්න

අසිරි සිරි පතමි මම


8 comments :

  1. පට්ටයි...බන්....මම මුලින්ම සින්දුව ඇහුවා කෝකටත් කියලා...පස්සේ කියෙව්වේ පොස්ට් එක.....සින්දුවේ වචන වලට වැඩිය විරහවක් ආදරයක් දැක්කා....

    ReplyDelete
    Replies
    1. :)

      මට එක්කෙනෙක් ඔය සින්දුව එවලා අදට අවුරුද්දක් වෙනවා .

      :(( :(( :((

      බොහොම ස්තූතී අයියා !

      Delete
  2. බරපතලයි නේ :(

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O :-O :-O :-O
      :-O :-O :-O :-O :-O :-O

      Delete
  3. බොන්න ඕක සීන් එකක්නේ. ගනින් මල්ලි පැංටා කුප්පියක් =D>

    ReplyDelete
    Replies
    1. බීලා වැඩක් නෑ මෙයා . හොඳ හෝටලේකින් කන්න ඕන
      :-O :-O :-O :-O :-O

      Delete
  4. සැබෑ ප්‍රේමය.. http://www.youtube.com/watch?v=TAHdlJ3bDPM මට මෙන්න මේ සින්දුව මතක් උනා..

    ReplyDelete
    Replies
    1. හරිම ශෝකී ජනකයි
      බොහොම ස්තූතියි !
      :(( :((
      හූඌඌඌඌඌඌඋස්
      මේ හොටු ;)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.