Thursday, June 6, 2013

මාගේ පුරවරය




ඉතාම සතුටෙන් මේ පොස්ටුව ලියන්නට වන්නෙමි .

මේ මොහොතේ මුහුණේ සිනහව උපරිමය .

හදවතෙහි මෛත්‍රී සිතිවිලි අප්‍රමාණය .

නිම්හිම් රහිත සතුට උතුරා දෝරෙ ගලායයි .

ඉතාම අඩු විදුලිබිලක් අපිට ලැබෙන හෙයින් අපගේ ශීතකරණයට සපයන විදුලිය දැනට මසකට දෙකකට පමණ සිට අපි ආදරයෙන් විසංධි කළෙමු .

එබැවින් වෙනදා මෙන් එකවර ආහාර පාන ගොඩගසාගෙන කකා බිබී ආතලයේ සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ .

මස් මාළු ගෙන ආ විට ඒවා තැබීමට ශීතකරණය යොදා ගත්තද ඒවා අවසබ් වූවිට අපි ආදරයෙන් නැවතත් ස්විචය විසංධි කරන්නෙමු .

කාලයක සිට තාත්තා ගෙදරට අවශ්‍ය කෑම බීම ගෙන එන්නට ඉදිරිපත් වන්නේ නැත .

මන්දයත් , තාත්තා ගෙනෙන දේවල්වල යම්කිසි හෝ හොඳක් දැකීමට අම්මා දන්නා හෙයිනි .

තාත්තා මට කියන්නේ පුතේ කවදා හරි කසාද බැඳගත්ත දවසක එළවලු තුනපහ ගන්නට බිරිඳටම ඉඩදී බලා සිටින්න කියාය .

ඒ තාත්තා අම්මාට ඇති ආදරය මගෙන් මගේ බිරින්දෑටද උරුම කරදීමට ඇති ආසාවෙන් විය යුතුය .

එම හේතූන් කරණකොට සුපුරුදු පරිදි අම්මා සමග ගෙදරට අවශ්‍ය කළමනා ගෙන ඒමට උදෑසන නිවසින් පිටත්වීමි .

මගේ මෙත් සිතෙහි පහළවීම ඇරඹුණේ එතැන් සිටය .

පාරේ ගල් ගැලවී නැත . පාර හදා දෙන්නම් කියා චන්ද කාලයට ගමට එන පූසිගේ වෙතාලා පාර හොඳින් සාදා නිමකර ඇත .

ඒ හොඳ කම උපරිම හෙයින් වැටේවි යන බිය නිසා අම්ම මගේ අතින් අල්ලාගෙන ඒම සුන්දර මාවත තරණය කලේ නැත .

පාර අයිනේ කාණුව ඉතාම පිරිසිදුය . කාණුව සිමෙන්තියෙන් බැඳ ඉතාම ලක්ෂනට කපරාරු කර කොලපු මැද ඇත .

බස් නැවතුමනම් ළඟදී ඉතාම අබලන් තත්වයට පත්කර ඇති හෙයින් යන්තම් වැහි පොදට නොතෙමී අම්මාටද මටද ඒ යට සිටීමට නොහැකි විය .

ලංකාවට ඊයේ ගෙන්වන ලද ලඩගම බස් එකක් පළමුව පැමිණි හෙයින් අම්මාද මමද එයට ගොඩවීමු .

බසයේ කොන්දොස්තරයා බෙහෙත් සීට්ටු පොතින් අපි කියන්නත් කලින්ම බෙහෙත් ලියා සල්ලි ඉල්ලුවේය .

අම්මා සල්ලි දී බෙහෙත් සීට්ටුව මා වෙත පෑවාය .

බෙහෙත් සීට්ටුවේ ඉලක්කම් කීපයකින් බෙහෙත් ලියා ඇතිබව මට පසක් විය .

බස් ඉස්ටැන්ඩයට යනවිට එහි ඇති පොදු වැසිකිලියේ ගදක්වත් අපට දැනුනේ නැත .

කොටින්ම කියනවානම් පාර අයිනේ බුලත් කෙල පාරක්වත් , සිගරට් කොටයක්වත් නැත .

බස් නවතුම්වල ඉන්නා කෙල්ලන් තමාගේ විලි වසාගන්නට ඉතාම දිග මනස්කාන්ත දිස්නය දෙන ඇඳුම් ඇඳ සිටි හෙයින් ඔවුන්ගේ වානර මුවසේ නැබමුල සුරති ගති බලා ගැනීමට නොහැකි විය .

සමහර කෙල්ලන් තමාගේ කොල්ලාගේ ඇඟේ එල්ලී සිටින්නේ කොල්ලා හෙට වෙන කෙල්ලෙකු වෙත යාවි යන බියෙන් නොවියයුතුය . හුදෙක්ම එය කොහොඹ ගහට කරවිල වැල නොගියා වැනිය .

කොල්ලා ඉතාම පෙම් පාට මූණෙන් කතා කරන්නේ කෙල්ලට ආදරය පෙන්වීමටය . නැතුව ඒකිව එපා වූවා බව පසක් කර දීමට නොවේ .

සමහර කපල් පාරේ ඇවිදිති .

කෙල්ල සුරඟනකි ,

කොල්ලා මහේශාක්‍ය ලීලාවෙන් කෙල්ල සමග දොඩ දොඩ යති.

සමහර කපල් ඇල්වතුර වගේය. කොල්ලාද කෙල්ලද මනාව වෙන් කොට හඳුනාගත් හැක .

මෙම මනස්කාන්ත දසුන් විදුලිවේගයෙන් නරඹ නරඹ සිටිනවිට අම්මා මගේ අතින් ඇද්දාය .

“ මොනවද බලන්නේ යමු සතොසට “
මම දැන් අම්මා සමග සතොස බලා යන්නෙමු .

වීදිය දිගේ යනවිට ගේ කපල් එකක් වැනි ලුක් එකක් නොතිබෙන දෙපලක් නොදැක්කෙමි .

ගණිකාවක්මෙන් නොවන කෙල්ලන් කීප දෙනෙකු නොදැක්කෙමි .

පාරේ පදික වෙළෙන්ඳන් නොමැත .

සියල්ලෝම තම තමන්ගේ කඩ තුල වෙළඳාමේ යෙදී ඇත .

කිසිවෙකු “ලාභයි ලාභයි අපෙන් ගන්න” කියා කෑගසන්නේ නැත . ඔවුන් මිල මුදලින් සන්තෘප්තය .

ඔවුන්ට ඕන කර තිබෙන්නේ පාරි භෝගිකයන්ට මනා සේවයක් කිරීමටය .

මිනිසුන් බදුමලු කර තබාගෙන යන්නේ ඉතාම සතුටිනි . ඒම බදු මලු පිරී ඉතිරී යයි .

මේ අතර අතරින් පතර දකින සමහර කෙල්ලන් සීගිරි ලලනාවන් වැනිය .

ඇඳ ඇති හැට්ටය කරෙන් ගැලවෙන්න ඔන්න මෙන්න නැත .

ඉන මිටින් ගත නොහැක .

ඇස් නිලුපුල් නොවැනිය .

විරිත්තන විට කට කොමඩු පළුවක් වැනිය .

නිතඹ සරළ අනුවර්තී චලිතය මනාව විදහාලන බට්ටා ඔරලෝසුවක් වැනිය .

එම චලිතය ගත්කල සමහරුන්ගේ ආවර්ත කාලය කිලෝ තත්පර වලින් මැනිය හැක . සමහරුන්ගේ නැනෝ තත්පර වලින් මැනිය හැක .

මට කවදා හෝ ලැබෙන්නේ ඉන් කොයි වැනි චලිතයක් සහිත කතක්ද ? .

මම ක්ෂණිකව තර්ක කරන්නට ගත්තෙමි .

(නැනෝ නම් මම ඉවරය . කිලෝ නම් බෝරින්ග්ය )

මෙම තර්ක සමග නොදැනීම මම සතොස නමැති දන්සල වෙත එළඹ ඇත .

රාජකීය දන්සල වන හෙයින් මෙහි සෙනග පිරී ඉතිරී ඇත .

බෑග් තබන්නට තනි රත්‍රන් වලින් සාදන ලද රාක්කයකි .

වෙළඳ ද්‍රව්‍ය තැබීමට තනි රිදීයෙන් වාත්තු කල රාක්කය .

තන්හි තන්හි වෙළඳ සේවිකාවන් සීරුවෙන්ය .

ඔවුන් මනාකොට ඔසරිය අඳවා , බෝරිච්චි අත් සහිත හැට්ට ඇඳ , මුතුමාල ගෙලෙහි බැඳ සෙක්සි බැල්මෙන් පාරි භෝගිකයින් මන්මත් කරවන ලගන්නාසුලු කාරුණික වදනින් කතා කරමින් සිටී .

ප්‍රධාන නිලධාරිනිය ඉතාම අලංකාරය .

ඇය පාරිභෝගිකයින්ට රළු වචන කියන්නෙම නැත .

වැඩිපුර සිලි කවරයක් ගන්නා විට තවත් කවරයක් දෙන්නේ බඩු මලු කඩා වටේ යන බියෙන්ය .

එම කරුණාවන්ත කම හේතුවෙන් මට ඇයගේ කටේ දැමීමට සිතුනි .............. මසුරන්

බඩු කිරණ එවුන් ඉතාම විනය ගරුකය .

කෙල්ලන් කොල්ලන් පෙම්බස් දොඩ දොඩ පාරිභෝගිකයාගේ කාලය කන්නේ නැත .

ඉතාම යුහුසුළුව බඩු කිරා දේ .

(ඔවුන්ගේ අම්මාවරුන් සහ තාත්තා වරුන්ට මගේ මෛත්‍රී සිතිවිලිවල පිහිටෙන් තාමත් කිවිසුම් යායුතුය )

බිල් සකසන ලලනාව ඉතාම කාරුණිකය .

සීරුවට බඩු මලුවල ගණන් බැලුවාය .

එබැවින් එක් පරිප්පු කවරයක් හිල් වී පරිප්පු ටික එතනම බූමිගත උනේ නැත .

( වෙලාවට බිල ගහල තිබුනේ නෑ )

එනිසා මට ඇයගෙද කටේ දැමීමට සිතුනි...........මසුරන්

නැවත ගමන් කලේ ආහාර නගරය වෙතය .

ඒ යන අතරතුර හිස මදක් එහෙ මෙහෙ හරවා බැලූයෙමි .

රාජකීය පස්ස සහිත උන්ගේ මූණු තන්හි තන්හි එල්ලා නැත .

ඒ අතර ඔවුන්ගේ පස්ස ලෙවකන උන්ගේද ෆොටෝ කෑලි නැත .

සිඟමන් යදින උන් එකෙක් බෙහෙතකටවත් නැත . පදික වේදිකාවේ යන එන පැති සම්මත කර ඇත .

එනිසා විනය ගරුක පිරිස ඉතාම පිලිවෙලකට එහි ඇවිදියි .

පාරේ ආලෝකය වැඩි කරනුවස් විදුලු පහන් තව දුරටත් දැල්වෙයි .

වාහන පාරේ ඉතාම විනීතව ගමන් කරයි .

වාහන මෙහෙයවීමට පොලිස් බල්ලන් කිසිවෙකු යොදවා නැත .

සෑම පාරක් අයිනේම ටියුෂන් මාස්ටර්ලාගේ අනුග්‍රහයෙන් දජ පතාක නංවා ඇත .

ටිකට් වෙළෙන්ඳන් ඇත්තෙම නැත .

මොකද මිනිසුන් මුදල් මත හඹා යන්නේ නැත .

ඔවුන් මුදලින් සන්තෘප්තය .

හැම කෙනෙක්ම පාහේ ඇඳ සිටින්නේ කසී සළු වැනි ඇඳුම්ය .

කඩවල්වල හෙට්ටු කරන්නන් නැත .

ගියා ගත්තා සල්ලි දුන්න ආවා .

අසරණ මහල්ලන් පාරේ දක්නටවත් නැත .

කෑමට යමක් ඉල්ලගෙන එන හිඟන කොල්ලන් කෙල්ලන් පෙන්නටවත් නැත .

ආරක්ෂක අංශ මූලස්ථාන වසා ඇත .

ටියුෂන් කඩවල ළමෝ ඉතාම හික්මීමෙන් ඉගෙන ගනිති .

දැන් ආහාර නගරයට පිවිසියෙමු .

ඒ සී නොමැති හෙයින් එය ඉතාම රස්නෙයක් සහිත ස්ථානයක් විය .

එහිද සේවිකාවන් මනා රූ සපුව සහිත මූසල පෙනුමක් කොහෙත්න්ම නැති අයය .

එහි අප වැඩි වෙලා රැඳුනේ නැත .

නැවත ගෙදර ඒමට අපි ත්‍රී විලරයකට ගොඩ වීමු .

එහි රියදුරා සිගරටයක් අතෙහි පත්තු කරගෙන ත්‍රීවිල් එලවන්නේ නැති තරම් හොඳ එකෙකි .

පාරේ මනාලෙස පලස් අතුරා තන්හි තන්හි රඹ කැන් සිටුවා , පුන් කලස් තබා ඇත .

පාර අයිනේ ගෙවල් වල දජ පතාක නංවා තිර රෙදි ඇද ඇත .

ගෙවතු පේරාදෙණියේ මල් වතු වැන්න .

පාරේ වලවල් නැති හෙයින් අපි තිගැස්සීම වලට ලක් නොවී ගමන් කළෙමු .

ගෙදර එන විට ඒ අතරමග ඇති බාලිකා පාසලේ කෙල්ලන් බල්ලන් මෙන් පාරෙහි සිටියේ නැත .

(එනම් එම පාසලට ඇරී ඇත )

කෙල්ලන් ගමන් කරේ ඉතාම විනීතවය .

පේලි පේලි පේලි සැදී ඇදෙන ගව රැලක් වැන්න .

එක කෙල්ලෙක් ත්‍රීවිලරයට හැප්පෙන්න ගියේ නැත .

රියදුරා ඒ කෙල්ලට එළදෙනක් යයි සෙමෙන් බැන්නේ නැත .

නිවසට ආ මම කල්පනා කරන්නට වීමි .

දස දහසක් සක්වල කම්පාකොට බුදුවී , කෙල ලක්ෂයක් සතුන් නිවන් දක්වන්නාවූ  , මෛත්‍රී බෝසතුන් උපදින , කේතුමතී රජදහනේ උපන් මම වාසනාවන්තයෙක්මි .

මේ ඒ කේතුමතී රජදහනේ ගීතයයි .

ගසල් හා නූර්ති ගීත ශෛලිය අන්තර්ගතය .

ගායනය මාලිනියය.





11 comments :

  1. සුපිරි කියන්නේ මල්ලි සුපිරිම සුපිරි ! g-) g-)
    භාගයක් යනකොට මට හිතුනා උඹ මේ සිංදුවට එන්නේ කියලා. පස්ට !

    ReplyDelete
    Replies
    1. අදනම් මලටමයි ලිව්වේ අයියා . උදේ ටවුන් ගියා අම්මා එක්ක . මට ඔක්කොටම වඩා මල පැන්නා අර අකුරු තුනේ දන්සලට ගිහින් . එකේ බදඩු කිරන්න එකෙක්වත් නෑ . අපි කිරා ගන්න ඕන . ගාන ගන්න නම් ඉන්නවා එකියෙක් .b-( b-( b-( b-( b-(

      ජාති වාදේ ගාව ගන්නවාම නෙවේ . සිංහලයා පිරිහෙන්න හේතුවක් මේකත් . :-? :-? :-?
      පේනවනේ මුස්ලිම් දෙමල කඩවලට ගියාම උන් බදඩු විකුණගන්න කොච්චර මායම් දානවද ? .
      අපේ උන් අනේ මන්දා . මටනම් මල . ස්ටෑන්ඩ් එක ගාව අකුරු තුනේ තොග කඩෙත් ඒ වගේ . :-?

      හඃ හඃ හඃ ...g-) g-) g-) g-)
      බොහොම ස්තූතී ! g-) g-) g-)

      Delete
  2. මං කිව්වේ මේ කොල්ල මරු කියල ;) වයලෝ.... මරු හොදේ? :) :) :)

    ReplyDelete
    Replies
    1. හානී....................... :-* :-* :-* :-* :-*
      උයා හරි සෝයි මෙයා .. :-* :-* :-* :-*

      බොහොම ස්තූතී හොඳේ !!!!!! g-)

      Delete
  3. හයියෝ.............මේ කේතුමතී නුවරයි.....පවනේ තියන සින්දුවලින් උපහාසේ උපරිමේටම තියන සිංදුවක්....මේ මනරම් සමේ උපදින්න මතු වාසනා......

    ReplyDelete
    Replies
    1. අපි කෙතුමතියේත් බ්ලොග් ලියමු g-) g-)
      හඃ හඃ හඃ හඃ
      බොහොම ස්තූතී අයියා ! g-)

      Delete
  4. මම බැලුවෙ උඹ හීනයක්වත් දැකලද කියල. සිංහල සමහරක්ගේ කඩවල් කිරීමේ හැකියාව නම් අන්තිමය.
    කෑම කඩයක් නම් "ඕන්නම් කාපන්" වගේය.
    රෙදි කඩේකට ගියොත් "ඇද්දොත් බලාගෙනයි" වගේය.
    බුක් ශොප් එකකට ගියොත් "නැහ්" පමනි. "ඒක නෑ මේක එපාද" වගේ එව්වා හීනෙන්වත් ඇහෙන්නේ නැත.
    සිල්ලර කඩේකට ගියොත් "තියන තැනකින් හොයාගනින්" වගේය.
    ඊටත් වඩා හපන් මේ දේශපාලඥයො. උන් ගැන කතාකිරීමෙන් ඇතිවෙන සෙතක් නැත්තේමය. වචන ටික හා පිච්චෙන ලේ ටික අපරාදේ b-(

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි මම ගියා පොත් කඩේකට "පැණිවළලු" පොත ගන්න . ගිහින් ඇහුවා ඉන්න කෙල්ලෙක්ගෙන් පැණිවළලු කියලා පොතක් තියෙනවද කියලා . ඒ අම්මණ්ඩි හිනා වෙනවා . වෙලාවට පොත් කඩේ අයිතිකාරයාට හොඳ මීටරයක් තියෙනවා . මිනිහා පොත හොයල දුන්නා . නැත්නම් එවේලේත් මම අරකිගේ දානවා කටේ .....මසුරන්
      හිහිහිහිහිහිහිහ්
      බොහොම ස්තූතී අයියා ! g-) g-)

      Delete
    2. ඕක කමක් නැහැ කියමුකෝ මල්ලි මම ඉතාම ආදරය කරන ගුරුවරයෙක් මට දවසක් කිව්වා එයා ගියාලු පොත් කඩේකට. පොඩ්ඩක් රව්මක් දාලා බැලුවලු ඇවිත් වැඩ කරන කෙනෙක් ගෙන් ඇහුවලු Philosophy ගැන ලියවිච්ච පොත් කොහෙද තියෙන්නෙ කියලා.. ඒකි ඔල්මොරොන්දම් ලු. ආයිත් ටිකක් කැරකිලා බලලා හොයා ගන්න බැරි තැන ඉංග්‍රීසියෙන් අහපු නිසා වෙන්න ඇති තේරුනේ නැත්තෙ කියලා හිතලා. දර්ශනය හරි දර්ශන වාදය හරි ගැන ලියවිච්ච පොත් තියෙනවාද කියලා ඇහුවලු. මේකි නවකතා තියෙන තැනට එක්ක ගිහින් හෙව්වලු...

      Delete
    3. හඃ හඃ හඃ
      ඒ සෑර් කිව්වනම් මම පොතක් ලියලා දෙනවා අයියා . හැක හැක
      බොහොම ස්තූතී ආ ! g-)

      Delete
  5. පට්ටයි මල්ලි පෝස්ටුව නිවුණු සිතැතිව පහන් සංවේගයෙන් ලියපු නිසා නියමෙටම ලියවිලා තියනවා. සිංහලුන්ගේ වෙළඳාම නම් එමම තමා. උන් අපේ වටේ කැරකෙන්නේ කොයි මොහොතේ හරි අපි වටිනා කියන දෙයක් හොරෙන් ගනියි වගේ. ඒත් දෙයක් අහනකොට දන්න මගුලකුත් නෑ ඇති දේකුත් නෑ. උන්ට ඒවා හොයන්න යන වෙලාව ගත්තම අපිට මුළු ටවුන් එකේම ඇවිදලා එන්න වෙලාව හරි. රෙදි කඩේකට ගියොත් මොනවද ගන්න ආවේ කියලා පස්සෙන්ම කැරකෙනවා. තෝරද්දී මොන වගේ එකක්ද බලන්නේ අහනවා. එතකොට පොඩ්ඩක් ඉන්නකෝ තෝරලා බලලා හොඳ එකක් එපාය ගන්න කිව්වම පොඩ්ඩක් විතර ශේප් වෙනවා.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.