අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මමද ආදරයෙන්මි , ඔබද ආදරයෙන්ය ඒ අතරවාරයේ කුමක් සිදුවුනිද මමද ද්‍රෝහියෙක් නොවෙමි , ඔබද ද්‍රෝහියෙක් නොවේ ඇයිද මේ සියළු දෝශාලප නැගී...

එක්ව ගමන් කරන අතරවාරයේ


මමද ආදරයෙන්මි , ඔබද ආදරයෙන්ය
ඒ අතරවාරයේ කුමක් සිදුවුනිද
මමද ද්‍රෝහියෙක් නොවෙමි , ඔබද ද්‍රෝහියෙක් නොවේ
ඇයිද මේ සියළු දෝශාලප නැගී ආවේ
එක්ව ගමන් කරන අතරවාරයේ  අපේ මේ වෙන්වීම සිදු වුයේ කෙසේද
අපි කොහි සිට ආවාද කියා කවුරුන් දනීද

ලෝකයම ආයාචනා කරනවානම් මම කුමක් කරමිද
කවුරුන් හෝ මට මෙය පහදා දෙන්න
මාරුතය පහර දුන්විට මොහොතකින් සියල්ලම විනාශ විය
වීදුරුවලින් නිමැවූ අපේ බලාපොරොත්තු දැන් කොහිද

ඇතැමුන් ඇයි තමන්ගේ සිහින විසිකරන්නේ
හදවතට ලැබුණු මේ හැඟීම කෙසේද කාටහෝ කියන්නේ
එක්ව ගමන් කරන අතරවාරයේ මා ලද්දේ 
ගින්නක් නොමැති අලුදුහුවිලි පමණි
ආදරයේ ගිනිදැල් නිරුද්ධය

වේදනාවෙන් මාගේ හදවත ඇදවැටී ඇත
කඳුලින් මාගේ දෙනෙත පිරී ඇත
තනිකමට එළඹෙන කාලය පැමිණ ඇති හෙයින්
සියලුම මං මාවත් ඇවිරී ඇත

මාගේ සිතිවිල්ලනම් අප දෙදෙනාම අත දිගුකලේ වෙන් වීමටය
දැන් අපේ සියලුම ගමනාන්තයන් දෙදරා ගොස් ඇත
කියන්න මට
එක්ව ගමන් කරන අතරවාරයේ කොහිද අපගේ ගමන්රිය අතුරුදන් වූයේ
අපේ මාවත් කොහිද සැඟව ගියේ

මමද ආදරයෙන්මි , ඔබද ආදරයෙන්ය
ඒ අතරවාරයේ කුමක් සිදුවුනිද
මමද ද්‍රෝහියෙක් නොවෙමි , ඔබද ද්‍රෝහියෙක් නොවේ
කිමද මේ සියළු දෝශාලප නැගී ආවේ
එක්ව ගමන් කරන අතරවාරයේ  අපේ මේ වෙන්වීම සිදු වුයේ කෙසේද 
අපි කොහි සිට ආවාද කියා කවුරුන් දනීද
අපි කොහි සිට ආවාද කියා කවුරුන් දනීද








8 comments:

  1. හරිම අගෙයි මං ආස කරන සිංදුවක් මේක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අයියා ! g-) g-) g-) g-)

      Delete
  2. හැහ්... හිංදි අල්ලල ගිහින් වගේ... සිංහල අමතක කරනව එහෙම නෙමෙයි ඕං

    ReplyDelete
    Replies
    1. ශුක්‍රියා ! g-)
      ක්රානු නෙවෙයි :p
      හඃ හඃ හඃ හඃ
      එල එල

      Delete
  3. අප්පා වයලිනෝ ට්‍රාන්ස්ලේෂන් වැඩේට බැහැලා වගේ... "ද්‍රෝහියෙක්" කියන වචනෙ වෙන වචනෙකින් රිප්ලේස් උනා නම් හොදයි වගේ බන්...

    ReplyDelete
    Replies
    1. මමත් පොඩ්ඩක් ට්‍රයි කළා .
      වෙන වචනයක් මතක් උනෙම නෑ අප්පා . අපිට ඉතින් ඕවා අහලා පුරුදු එකක්ය =)) =))
      බොහොම ස්තූතී අයියා ! g-)

      Delete
  4. // ඇතැමුන් ඇයි තමන්ගේ සිහින විසිකරන්නේ
    හදවතට ලැබුණු මේ හැඟීම කෙසේද කාටහෝ කියන්නේ
    එක්ව ගමන් කරන අතරවාරයේ මා ලද්දේ
    ගින්නක් නොමැති අලුදුහුවිලි පමණි
    ආදරයේ ගිනිදැල් නිරුද්ධය//

    :(

    (Budz)

    ReplyDelete
    Replies
    1. =D> =D> =D> =D>
      මමත් වෙඩි කා මැරෙනවා හෆ්ෆා ....

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.