Monday, June 17, 2013

එවිට ඔබ ඇවිද ගියේ කොහිද මම සිටියේ කොහිද




ගමන් රිය මොහොතකට නැවතුනා
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද
අපේ මේ හදවත්වල ඇති මතකය
නැවතුනේ මොහොතකට පමණයි
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද

ඇත්තටම ඔබ සිනහ සලන මල් කකුලක්ද
ඔබ මහා මේඝයක් , සිහිනයක්ද
ඔබ ඉහලින්ම පිහිටන වලාකුලක්ද
ඔබ සුපිපුණ මල් කැකුලක්ද
මම
මේ අලුත් ලෝකය පුරා
ඔබ සෙවුයෙමිද 

ගමන් රිය මොහොතකට නැවතුනා
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද
මේ අපේ හදවත්වල ඇති මතකය
නැවතුනේ මොහොතකට පමණයි
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද

මේ මද පවනෙහි නැගීමද
ඔබ සියලු වර්ණයන්ගේ විහිදීමද
අපේ මාවතෙහි පහන්සිළුවක් තිබුණිද
අවකාශයේ අනුනාද වන ගීතය ඔබද
මම මගේ ගමනාන්තයක් සොයාගත්තාද
එය නිරායාසයෙන් මොහොතකට හසුවන මායාවක්ද

ගමන් රිය මොහොතකට නැවතුනා
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද
මේ අපේ හදවත්වල ඇති මතකය
නැවතුනේ මොහොතකට පමණයි
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද






8 comments :

  1. පට්ට සිංදුවක් ! වීර්සාරා වල තමයි මට පට්ටම මියුසික් තියෙන ෆිල්ම් එක. :-pi මට මතක හැටියට ඕකේ එකිනෙකට වෙනස් වාදන භාණ්ඩ 26 ද කොහෙද ගහනවලු. s-) උඹේ පරිවර්තනයත් එළ ! g-)

    ReplyDelete
    Replies
    1. :-vi :-vi
      ඕක 2009 උන්ගේ සයන්ස් ඩේ එකේදී ප්ලේ කරා මතක ඇති ??
      මේකේ තේරුම දවසක් සරත් සෑර් කිව්වා ලාවට . මතක තිබ්බේ
      " එවිට ඔබ ඇවිද ගියේ කොහිද
      මම සිටියේ කොහිද "
      කියන ටික විතරයි :(( :(( :((
      එල එල
      ටැංකියු මෙයා! g-)

      Delete
  2. නියමයි නියමයි.................................... :-f

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී නංගි !
      g-) g-) g-) g-)

      Delete
  3. හහ් හහ් හා.... මල්ලි හින්දි වලටත් බැහැල තියෙන්නේ...... සිංහල සිංදු ඉවරද?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ !
      සිංහල ඒවා ලියන්න පොඩ්ඩක් වෙලාව මදි උනානේ . පොතකට යටවෙලා මේ දවස්ටිකේ පොඩ්ඩක් :(( :((

      Delete
  4. //මේ අපේ හදවත්වල ඇති මතකය
    නැවතුනේ මොහොතකට පමණයි//

    මං ආසම එකක්... හ්ම්.... :(

    ~Budz~

    ReplyDelete
    Replies
    1. d( d( d( d(
      මමනම් ආස වයලීන් පාර්ට් එකට !
      බොහොම ස්තූතී! g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.