අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන  යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන  කියන් යන ගමන් පෙර මග සිට අසන  නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින  මේ ක...

නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින ( සර්ප වෙදකම )



සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන 
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන 
කියන් යන ගමන් පෙර මග සිට අසන 
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින 

මේ කවිය සර්ප වෙද දූත ලක්ෂණයේ එන කවියක් . තමන්ට ලෙඩා ගැන කියන්න ආපු දූතයා ගිනි පන්දමක් අතින් අරගෙන , දර ගොඩක් උකුලට තියාගෙන නැත්නම් හිස් කාලයක් උකුලේ තියාගෙන , තමන්ගේ ඉස්සරහින් ලෙඩා ගැන කියාගෙන යනවානම් ඒ ලෙඩා දැන් ගොඩ ගන්න බෑ කියලා තමයි මේ කවියෙන් කියන්නේ . මේක දූත ලක්ෂණ ශාස්ත්‍රයේ එක දිය දෝතක් විතරයි .

මේ පොස්ටුවට පාදක කරගත්තේ මම කලින් දවසක ටීවී එකේ බලපු ආයුර්වේද වැඩසටහනක්. මේ වැඩසටහනට එදා ආවේ තෙලිජ්ජවිල වෙද පරපුරට අයත් කොස්ගම වෙද මහතා යන නමින් ප්‍රසිද්ද වෙලා ඉන්න දයා කේ ගමගේ කියන වෙද මහත්මයා. එතුමාගේ දේශනය අහගෙන ඉඳලා මම දැනගත්ත මතක තියාගත්ත සහ ලියාගත්ත දේවල් ටිකක් තමයි මම මේ කියන්න යන්නේ.



දවසක් මහා සම්මත රජතුමා යුද්ධයකට යන්න ලෑස්තිවෙලා මැණික්පාන බිසවුන් වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක පිළිවෙත් යොදනවා. එහෙම යොදලා රජතුමා යුද්ධයට යනකොට මාරයා මැණික්පාන බිසවුන් වහන්සේට ලයින් දාලා පැනිහඳක් කන්න හිතාගෙන මාලිගාවට එනවා.එතකොට දැන් කාමරේට මාරයට යන්න විදියක් නෑනේ . ඉතින් මාරයා කරන්නේ කාමරේ යතුරු හිලෙන් රිංගන්න පුළුවන් විදියට විස පොලොන් පැටියෙකුගේ වේශයක් මවාගෙන යතුරු හිලෙන් රිංගනවා. එහෙම රිංගලා විෂ දුමක් තමාගේ මුකයෙන් විදලා මැණික්පාන බිසවුන් වහන්සේ සිහිමුර්ජා කරනවා. ඊට පස්සේ සීන් එක කොටු කොටු කොටු ගොඩාක්......



මෙන්න මෙහෙම තමා අතීතයේ විෂ ගැන සඳහන් වෙන්නේ. විෂ කියලා කියන්නේ යම්කිසි ප්‍රාණියෙකුගේ ප්‍රාණය නැති කරන්න සමත් දියරයක්, ඝන දෙයක්, හෝ වස්තුවක්.

විස ප්‍රධානව කොටස් කීපයකට බෙදන්න පුළුවන්. ස්ථාවර විස ,ජංගම විස ,දූසි විස, වගේ කොටස් වලට මෙහෙම විස බෙදනවා.

යම් සත්වයෙකුගේ හෝ යම්කිසි විසක් සිරුරේ යම් තැනකට ඇතුළු වෙලා එම ස්ථානයේ හානියක් කරනවානම් එම විස ස්ථාවර විසක් වෙනවා.

ජංගම විස කියන්නේ ශරීරයේ නහර, රුධිරය, ස්නායු, මාංශ, ඇට, ඇටමිදුළු, හරහා ගමන් කරන විසට.

මීට අමතරව මේ විසවර්ග දෙකම නිසා හැදෙනවා දූසි විස කියලා විසක්. ඒ විස හැදුනම විස බස්වන්න ටිකක් අමාරුයි. මියෝ කෑවම ඇගට ඇතුල්වෙන විස හරියට අයින් කලේ නැති උනාම කාලයක් ගියාම හැදෙන කබර හැදෙන්නේ මේ දූසි විෂ නිසා.

මිනිස්සු හදාගත්ත විස වර්ග කෘමිනාශක , පාසානම් වගේ ඒවාට කියන්නේ ඝර විස කියලා.
සර්ප විස වෙදකමේදී වැඩිපුරම කතා කරන්නේ මේ විස වර්ග වලින් ජංගම විස පිළිබඳව. ජංගම විස පිහිටන්නේ සර්පයින් , දළඹුවන් , සලබයින් , සමනලයින් වගේ සත්තුන්ට.



සර්පයෙක් කෑවම විස බස්වන්න හරිම පහසුයි කියලා තමා කියන්නේ. මේකට ආයුර්වේදයේ තියෙනවා චිකිත්සා ක්‍රම කියලා ක්‍රම 24ක්. මේ 24ත තියෙනවා මන්ත්‍රය , අරිෂ්ටය , උත්කර්ශනය , නිශ්පීර්ණය , චූෂණය , දාහය , පරිසේකය , අවගාහනය , රත්ත මෝක්ෂනය , වමනය , විරේකය , ධුම ප්‍රලේපය , ප්‍රතියේමර්ශනය , වගේ ටිකක්. අන්තිමම අමාරුම වැදගත් එක තමා මෘත සන්ජීවනය. ඒ කියන්නේ බෙහෙත් ඔරුවට දාන එක. මේ ක්‍රම වලින් විස බස්වන්න පුළුවන්.



සර්පයෙක් කෑවම ලෙඩාව බයවෙන එක නවත්තන්න ඕන. වටෙපිටේ අයත් ලෙඩාව බයකරන්න හොඳ නෑ. සමහර අය දෂ්ට ස්ථානය තදින් බඳිනවා . මෙහෙම දෂ්ට ස්ථානය බඳින එක ටිකක් අවදානම්. බඳිනවනම් බඳින්න ඕන උඩු බාහුව හෝ කලව අස්ථිය. මෙහෙම බැන්දත් ඉතින් ඒක ඉක්මනට ලෙහන්න ඕන. නැත්නම් අත පය වගේ ඊට අදාළ ස්ථාන වලට ලේ යන්නේ නැතුව ඒවාට හානි වෙන්න පුළුවන්. මීට වඩා හොඳ , කාපු ස්ථානය හෝ අවයවය හොලවන්නේ නැතුව තියාගෙන ඉක්මනටම වෙද මහත්තයා හෝ දොස්තර මහත්තයා ගාවට යන එක. පකරන්න තියෙන හොඳම දේ ජලයෙන් හෝදන එක. ජලයට පුළුවන් මේ විස තරමක් හෝ බිඳ හෙලන්න.

සර්පයා කෑවම ඉතින් ඒ කාපු සර්පයා කව්ද කියලා දැනගන්න දූත ලක්ෂනය කියලා එකක් තියෙනවා. මේකෙදී කරන්නේ වෙද මහතා ගාවට එන පුද්ගලයාගේ හැසිරීම අනුව සර්පයා තීරණය කිරීම. ඒ වගේම දූතයා ලවා විස බස්වන්නත් ක්‍රම සිංහල වෙදකමේ තියෙනවා. ඒ වගේ ක්‍රම තමයි දූතයට කන හරහා පහරක් ගැසීම , දූතයාට මැතිරීම , දූතයා ලවා ප්‍රතිකාරයට අවශ්‍ය දිෂ්ටි මන්ත්‍ර තෝරා ගැනීම , දූතයා ලවා බෙහෙත් ගෙන්වා ගැනීම.



සර්ප දෂ්ටයට හා විස නැගීම හා බැසීමට චන්ද්‍ර කලාව ගොඩක්ම බලපානවා. මෙම චන්ද්‍ර කලාවට අයත් තිථි අනුව විස අඩු වැඩි වෙනවා. මාසේ පෝය දවස , අටවක පෝය දවස , පසළොස්වක දවසෙන් පස්වෙනි දවස ඉතාම අසුබ තිථි ලෙස හැඳින්වෙනවා. ඉරිදා සෙනසුරාදා අඟහරුවාදා යන දවස් සර්ප දෂ්ටයට අසුභයි. ඒ වගේම ඉර මුදුන් වෙලාව ,ගොම්මන, මධ්‍යයම රාත්‍රිය, අලුයම විස නගින වෙලාවල් වෙනවා. ජෝතිශ්‍යයේ තියෙන නැකත් 27න් 20ක්ම සර්ප දෂ්ටයට අසුබයි. එනිසා සර්ප දෂ්ටය ලේසි දෙයක් කියලා හිතන්න බෑ.
පයේ මැද, බාහුව , පපුව . ලිංගික ප්‍රදේශ , නාභිය , නළල , මූණ , කට , කම්මුල , සර්ප දෂ්ටයට අසුභ තැන් වෙනවා.
මේ අනුව සර්ප වෙදකම් කරන වෙදෙක් වෙදකමට අමතරව ජෝතිෂ්‍ය , ගුප්ත ශාස්ත්‍රය , මන්ත්‍ර , ආදිය ගැන හොඳින් ඉගෙනගෙන ඉන්න ඕන.

දොරකඩ මිදුලේ තැනු ගසේයා
පිට පොට ගසමින් නැග මුදුනේයා
මිට මිට දෙමිටක් පත් සම සේයා
විගසින් කැඳ පිස දෙනු සතොසේයා....

මේ කවියෙන් කියන්නේ කරපිංචා කැඳ ගැන. කරපිංචා වලින් කරන්නේ වකුගඩුවල සිද්‍ර විසෙන් වියලීම වැලැක්වීම. ඒ නිසා විස ශරීර ගත උනාම කරපිංචා කැඳ හදලා දෙන්න අපේ ගැමියන් පුරුදුවෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම සෑම ගෙදරකම කරපිංචා ගහක් තිබිලා තියෙනවා. මේ වගේම නික ,ඉරමුසු ,සප්සඳ ,දිවුල් වගේ වියලි කාලයේ කොළ ඉදිලා වැටෙන්නේ නැති ගස්වල කොළ කොටලා කැඳ හදලා දීමෙන් සර්ප විස මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා.
සර්පයෙක් කෑවම ඒ ලෙඩාට වෙද මහතා වෙදකම් කරන්නේ යම්කිසි පිළිවෙලකට.

පළමුවම කරන්නේ ලෙඩාව නිදහස් නිස්කලංක තැනක පහසුවෙන් හිදුවන එක. පසුව ප්‍රධාන චිකිත්සා ක්‍රම වලින් එකක් වන මන්ත්‍රය මගින් රෝගියාගේ මනස සකස් කරන්න වගේම නොපෙනෙන බලවේග වලින් රෝගියා ආරක්ෂා කරනවා. ඒවගේම දෂ්ට ස්ථානය විස නාශක බෙහෙත්වලින් පිරිසිදු කරනවා. ඊට පස්සේ හදවත අක්මාව මොලය වගේ වැදගත් ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගන්න කල්ක ගුලි වගේ දේවල් බොන්න දෙනවා. එයිනුත් පස්සේ කරන්නේ ගරුඬ රාජ , තෛලය නාග රාජ තෛලය, වගේ තෙල් වර්ග ගාලා දෂ්ට මුකයට වෙදකම් කිරීම. ඉන් පස්සේ ඔලුවට තෙල් වර්ග දාලා ඔලුවට මොලයට ආපු විස අඩු කරවනවා. මෙහෙම තෙල් ගානකොට බුද්ධ මන්ත්‍ර කියලා තෙල්වල පන පිහිටුවනවා.


මෙහෙම කලත් ඇඟේ තවත් විස තියෙන්න පුළුවන්. එම විස සියල්ල අයින් කිරීමට කියන්නේ විස බානවා කියලා. මේකෙදී කරන්නේ පළමුවම බෙහෙත් ගසකට මන්තර කියලා වැඳලා කොළ අත්තක් කඩලා අරගෙන ලෙඩාගේ පාදයේ ඇඟිලි බිම වදින විදියට තියලා මේ කොළ ඇත්තෙන් මතුරමින් විස බෑම. මේකෙදී හිසේ ඉඳලා දෙපතුල දක්වා මැතිරීමක් කරනවා. මන්තරවල තියෙන ගණ හරියට පිහිටවලා මතුරනකොට ඒ මන්තරේ තියෙන සිද්දි බලය නිසා විස, හිසේ ඉඳලා දෙපතුලට ගලාගෙන යාම සිද්ද වෙනවා. පසුව විස අඩු උනා කියලා දැනගත්තම ඒ විස බාන්න මතුරපු කොළ අත්ත වතුර භාජනේකට දාලා තියලා රෝගියා ලවා ඒ කොළ අත්ත සහ ජල බඳුන ගලාගෙන යන ජල පහරකට දානවා. එකෙන් අදහස් කරන්නේ බැහැපු විස ආයෙත් නැගීම වැලැක්වීම.

රෝගියාගේ හිත හැදෙන්න වගේම කව්රු හරි විස බන්දලා තිබුනොත් රෝගියාට ආයෙත් විස නගින්න පුළුවන්. මේ විස අයින් කරන්න කියලා හිතාගෙන විස කපනවා කියලා දෙහි කැපීමක් වගේ දෙයක් කරනවා. මේ දෙහි කපලා දන්නේ නටන තෙල් තාච්චියකට. පස්සේ වෙදමහතා ක්ෂණිකව තෙල් තාච්චියට අත දානවා. එත් අත පිච්චෙන්නේ නෑ. පස්සේ රෝගියාටත් මේ තෙල් ස්වල්පයක් ගලවනවා. මන්තරවල බලයට රෝගියාටත් දැනෙනවා නටන තෙල් උනාට පිච්චෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ විස කැපීමේ ක්‍රියාව සාර්ථකයි. රෝගියාගේ හිතේ වෙදකම ගැනත් වෙද මහතා ගැනත් යම්කිසි විශ්වාසයක් ඇතිවෙනවා. මේක තමයි සිංහල විස වෙදකමේ හාස්කම.


චිකිත්සා ක්‍රම 24න් මම දාපු නම් වල අඩු පාඩුවක් තියෙනවනම් ඒවා නිවැරදි කරන්න.

මෙන්න මේ සින්දුවත් අහලා යන්න .
නයි දැපනය කියලා මන්ත්‍ර වලින් නයෙක් වසඟයට අරගෙන ඒ නයා ලවා රෝගියාගේ විස උරවලා නයාව ආයෙත් යවන ක්‍රමයක් ගැන ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වෙනවා . මේ ඇන්ටිත් දැපනය වෙන්නේ ඒ වගේ වෙන්න ඇති . හැබැයි මේ මන්ත්‍ර නෙවේ . නයි නලාව . නාගිනා කියන හින්දි ෆිල්ම් ඒකෙ තමයි මේක තියෙන්නේ .






ඔබ සැමට සමන් දෙවි පිහිට ලැබේවා....!

19 comments:

  1. Replies
    1. :-f :-f :-f :-f :-f
      බොහොම ස්තූතී නංගි ! g-) g-) g-)

      Delete
  2. බොහොම වැදගත් මල්ලි...ආසවෙන් බැලුවා..මාතෘකාවට

    " සර්ප විෂ වෙදකම / sarpa wisha wedakama " වගේ දෙයක් දාන්න ..එතකොට ගූගල් එන්ජිමට අහු වෙනවා මේ බ්ලොග් පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියා .
      ගොඩක් අය කියනවා මාගේ පොස්ට් වල මාතෘකාව අවුල් කියලා . ඇත්ත ඇත්ත !
      බොහොම ස්තූතී ආ . එල එල . මම මාතෘකාව හදන්නම් දැන්ම .
      එල එල
      g-) g-) g-)

      Delete
  3. සුපිරි එකෙත් නියමම එක.. අඩෝ බැරිද මටත් ඔය පුස්කොට පොතක ෆොටෝ කොපි එකක් වගේ අරන් දෙන්න.

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O :-O
      අහසේ පියාඹ පියාඹ ඉන්න එකා ඕවා කියවනන් දන්නවය මම අහන්නේ :P :P :P
      හඃ හඃ හඃ
      බොහොම ස්තූතී අයියා ! g-)

      Delete
  4. පට්ට සුපිරි එළ ! :)

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O :-O :-O
      g-) g-) g-) g-) g-)

      බොහොම ස්තූතී මෙයා !

      Delete
  5. නියමයි වයලෝ... (As usual) :X

    ~Budz~

    ReplyDelete
    Replies
    1. අහ බොහොම ස්තූතී ආ !!!!!
      කියන දේ අහන හොඳ ළමයෙක් කියලා පේනවා ..... :-O :-O :-O

      Delete
  6. "පකරන්න තියෙන හොඳම දේ ජලයෙන් හෝදන එක." - මල්ලි වැරැද්ද හැදුවානම් හොදයි නේද? ඇත්තටම "පකරන්න" කියලා වචනයක් තියෙනවා නම් සොරි ආ..

    වයලිනෝ විස්තර ටික නම් නියමයි.. වයලිනෝ කියන ලේඛකයාගේ ටච් එක මේ ලිපියේ ටිකක් අඩුයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙමෙයි . මම පොඩ්ඩක් විවිදත්වයට බැස්සා :-? :-?
      එහෙම වචනයක් අනේ මන්දා . මම එහෙමද කොටලා තියෙන්නේ ??
      =)) =)) =)) =)) =))
      ඔන්න හැදුවා ආ.... !

      Delete
    2. අයියෝ බොහොම ස්තූතී !

      Delete
  7. කරුණු ටිකෙන් සිංහල වෙදකමට අයත් ටික විතරක් තෝරලා බේරලා ගන්න වෙනවා...ඔබ සිංහල වෙදකම ගැන කියවගෙන ගිහින් ආයුර්වේදයේ තියන ප්‍රතිකාර ක්‍රම ගැන කියනවා..ආයුර්වේදය කියන්නෙ හින්දුන් සිංහලයන්ගෙන් අහුලාගත් දෙයයි...මේ රටේ සිංහල වෙදකම විනාශ වෙන තැනට වැඩ සිද්ධ කල, තාමත් කරන කොටසක් තමයි ආයුර්වේද වෙදුන්...අද ආයුර්වේද වෛද්‍ය සහතිකය නැතිව සිංහල වෙදෙකුට ප්‍රතිකාර කරන්න තහනම්...ආයුර්වේද වෙදුන් සිංහල වෙදකම හෑල්ලු කරනවා, ආයුර්වේදයේ ගාණටම දාල කතා කරනවා..ඒ නිසා තමයි මම හිතන්නෙ ඔබටත් අපි බොහෝ දෙනෙක්ටත් පැටලෙන්නෙ...අනික ඔය දූතයට කනේ පහරක් ගසා විෂ බැස්සීම, නැකැත් සාශ්ත්‍රය වගේ දේවලට ආයුර්වේද වෙද හොරු හිනා වෙනව කියල ඔබ දන්නවද? සිංහල වෙදකමේ භාවිත වෙන්නෙ ඉතාමත් පුළුල් දැනුමක්..ජ්‍යොර්තිශය හෙවත් සිංහල ජීවිත දැනුම, නැකැත්, නිමිති, මන්ත්‍ර මේ සියල්ලම සිංහල වෙදකමේ භාවිත වෙනව...ඇත්තටම ආයුර්වේදයේ බලපෑම නිසා, අද ඉන්න සිංහල පාරම්පරික වෙද මහත්තුරුත් තමන්ගෙ දැනුම ගැන හරියට දන්නෙ නෑ..

    අනික කාරණේ, සිංහල දැනුම ප්‍රසිද්ධියෙ ලියද්දි ප්‍රවේශමෙන්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අප්පා මටත් පෙන්නන්න බැරි ඕකම තමයි . ආයුර්වේද කියලා මෙතන වෙන වෙන ඒවා . ඒ අය කරන සමහර ප්‍රතිකාර ගැනත් පොඩි පොඩි අවුල් තියෙනවා . කියලා තියෙන හැමදේම ඇත්ත . මේ පොස්ට් එක නම් මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් රෙකෝඩ් කරලා ලිව්වේ . ඒ නිසා මේ පොස්ට් එකේනම් අවුලක් නෑ . ඒ වේදමහත්තයා කිව්වා ඒවා තමයි ලිව්වේ .

      සිංහල දැනුම ලියත්දී පරිස්සම් වෙන්න කිව්වා නේද ? . අනිවාර්යෙන්ම මම පරිස්සම් වෙනවා . මම සීමාවක් තියාගෙන තමයි ලියන්නේ . මොකද ඒ දේවල් වල රහස්‍ය තත්වය රකෙන්නත් එපාය .

      //weradi walata samaawenna..// අනේ නෑ . මේ කියලා තියෙන ඔක්කොම ඇත්ත . එල එල . බොහොම ස්තූතී . g-) g-) g-) g-) g-)

      Delete
  8. Replies
    1. දූත ලක්ෂණයේ කවිය " සර්ප වේද නිගන්ටුව " කියන පොතෙන් ගත්තේ . ඒක ප්‍රසිද්දියේ අලෙවි උන පාරම්පරික වේද මහත්තුරු එඩිට් කරපු පොතක් . ඒක නිසා වයලීනොගේ පොස්ට් වලින් පාරම්පරික දැනුම ලීක් වෙන්නේ නෑ කියලා මම වග වෙනවා ඔන්න . g-)

      Delete
  9. http://sinha-ali.blogspot.com/2013/10/blog-post.html#comment-form

    මේ ලිපි ටිකත් කියවන්න, මුල් මාස වල ඉඳල පිලිවෙලට කියවගන එන්න...ඔබේ නිහතමානීකම ගැන සතුටුයි...හොඳ සිංහල ගතියක් ඒක....ඔබ කී පොත මිලදී ගත හැකි තැනක් කියන්න...

    ReplyDelete
    Replies
    1. පොත ප්‍රින්ට් කරලා තියෙන්නේ 1905 . කොළඹ ග්‍රන්ථ මුද්‍රණාලය කියලා එකකින් ගහලා තියෙන්නේ . එඩිෂන් ඇති වෙන වෙන ඒවායින් ගහපුවා . හම්බුනොත් කියන්නම් තියෙන තැනක් .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.