Friday, June 14, 2013

රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල්







මම ලියන කියන ගොඩක් ඒවා වලට ඉතින් මුල් වෙන්නේ මගේ ඉස්කෝලේ තමයි . මේකත් එහෙම කතාවක් . මම සාපෙළ ඉවරවෙලා මාස 6ක් විතර ගෙදර ඉඳලා උසස්පෙළට ඉස්කෝලෙට ගිය අලුතම අපිට සතියක වැඩකඩයක් තිබ්බා . ඒ කිව්වේ මේ වර්ක්ශොප් එකක් . දවසින් දවස එක එක මාතෘකා වලට තමයි මේක පැවැත්වුනේ . සමහර දවස්වලට උදේ ඉඳන් හවස් වෙනකන්ම ඈනුම් අරිනවා හිටු කියලා .

එත් සමහර දවස් වලට පට්ට තමයි . ලිංගාශ්‍රිත රෝග ගැන තිබුන දවසේ පට්ට . හඃ හඃ හඃ හඃ . හරියට එදා මුළු උසස්පෙළ ළමයි ඔක්කොම වැලක්  බැලුව වගේම තමයි . හඃ හඃ හඃ හඃ .

එක දවසක් අපිට මේ වැඩකඩය මෙහෙයවන්න ඉස්කෝලේම ටිකක් ලොකු කෙනෙක් තමයි ඉදිරිපත් උනේ . මම හිතුවේ නෑ මිනිහා එල ඩයල් එකක් කියලා . මොකද මිනිහා මහා නීති කාරයා . අපි සමහර වෙලාවට මිනිහාගේ ටයි ඒකෙ ඉඳන් ජොකා දක්වා ඔක්කොම ගැලවෙන්න සාප කර කර බනිනවා .

මිනිහා අපිට ඉදිරිපත් කලේ සාර්ථක අධ්‍යාපනයක් ලබාගන්න කරන්න ඕන දේවල් කියාදෙන දේශනයක් . පට්ටම සක්සස් උනා ඒ දේශනය . මොකද හැම එකෙක්ම ඒක හොඳට අහගෙන හිටියා  . නිකමට වගේ එදා මිනිහා කියපු කරුණු කාරණාටික මම කොළ කෑල්ලක සටහන් කරගත්තා . ඒක ටිකක් හොඳයි වගේ කියලා පෙනුන නිසා මම ගෙදර ඇවිත් ඒක අයෙත් කොළ කෑල්ලක ලියලා මේසරෙද්ද යටින් තියලා තිබුණා . ඕක ඉතින් හිටපු ගමන් මම කියවලා බලනවා . ආයෙත් තියනවා . කොහොම හරි මේසෙ රෙද්ද මාරු කලත් 2008 මගේ අතට ආපු මේ කොලය තාම මගේ මේසෙ අතගැටෙන මානයේ තියෙනවා .

මේකේ ලියලා තියෙන ටික මම සටහන් කරනවා ඔන්න .

ඔබට උගත් බුද්ධිමතෙකුවීමට උවමනා නම් ,

ස්ථීර අරමුණක් තිබිය යුතුය .
ආත්ම විශ්වාසය තිබිය යුතුය .
දුප්පත් වේවි ,ලෙඩවේවි , වයසට යාවි කියන බිය නැති කරගත යුතුය .
විවේචනය කරාවි කියන බය නැති  නැති කරගත යුතුය .
පවුලේ කෙනෙක් . හිතවතෙක් තමන්ට නැති වේවි කියන බය නැති කරගත යුතුය .
මරණයට පත්වේවි කියන බය නැති කරගත යුතුය .
දැනුමෙන් පිරිපුන් විය යුතුය .
ඉතිරි කිරීමේ පුරුද්දක් තිබිය යුතුය .
වැඩක් තනිව කිරීමේ හැකියාවක් තිබිය යුතුය .
නිතරම ප්‍රබෝධමත්  විය යුතුය .
පවරන ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩ කල යුතුය .
වැඩි කාලයක් ඉගෙනීමට යොමු කල යුතුයි .
ආරම්භ කල වැඩක් අවසන් කල යුතුයි .
විනය ආරක්ෂා කල යුතුයි .
මිතුරන් අත්හල යුතුයි .
කල යුතු දේ අමාරුවෙන් හෝ කල යුතුයි .
වෙලාවට වැඩ කල හැකි විය යුතුයි .
තමන්ගේ ගමනට භාධා කරන්නන් අත්හල යුතුයි .

ඔන්න ඕවා තමයි මේ කාරනා ටික . මේවා අකුරටම පිළිපදින්න පුළුවන් කමක් තිබුනේ නෑ . කොච්චර උනත් නෑයොන්ටත් වඩා යාළුවන්ට එදත් අදත් හෙටත් සැලකුවා සලකනවා . උන්ව අතාරින්න බෑ .  මොකද කතාවක් තියෙනවනේ ආදරේ හරියට කලිසම වගේ , යාළුවො හරියට ජොකා වගේ කියලා . කලිසම හැලුනත් ජොකා හැලෙන්නේ නෑ . ජොකත් හැලෙනවානම් ඉතින් වන වන ඉන්න තමා වෙන්නේ ..

අනික පවුලේ අය අතාරින්නත් බෑ . හැබැයි අකුරටම මෙහෙම කරපු යාළුවො ගොඩක් හිටියා . උන්ට යාළුවො නෑ , නෑයෝ නෑ . පොතේම තමයි හිටියේ . උන් යන්න ඕන උඩම තැනට ගියා . එත් ඒ ගියේ හිස් අතින් . අපිට සතුටුවෙන්න පුළුවන් අපි මෙහෙම හරි ගමනක් යන්නේ අපිත් එක්ක ඉන්න පිරිසක් එක්ක එකට අත්වැල් බැඳගෙන කියලා .




ඔය අතරේ තව තියෙනවා විවේචනය කරාවි කියන බය නැති  නැති කරගත යුතුය කියලා .
මෙන්න මේකත් මට හදාගන්න ටිකක් අමාරු උනා . ඒත් යන්තම් ඒක හදාගත්තා .
පාසල් ප්‍රේමයේ මුල කාලේ මට ටිකක් බය තිබුණා මේක ඉස්කෝලේ අයට ආරංචි උනොත් මට කෙලවෙනවා කියල .මොකද ඉස්කෝලේ සමහර ගුරුවරු පවා බලාගෙන හිටියේ ළමයෙක්ට වැරදිකාර හංවඩුව ගහන්න බලාගෙන .

එක දවසක් වහින දවසක මම ඉස්කූල් බස් එකෙන් බහිනකොටම එක මිස් කෙනෙක් මට කියනවා අනේ පුතේ පුතාගේ කුඩේන් මෙන්න මේ ළමයා පන්තියට ගිහින් දාන්න කියලා . ළමයා කියලා පෙන්නුවේ ගනු ළමයෙක්ව . හම්මෝ මම එවෙලේ කල්පනා කළා මේ මොකද්ද මේ වෙන්නේ ඔය විනාඩියට කතාවක් යනවා මෙන්න වයලීනෝ කෙල්ලෙක් එක්ක එක කුඩේ යටින් ආවා කියලා . මම මට බෑ මිස් කියලා ශේප් උනා .




දෙවිවරු වගේ ගුරුවරු අතරේ ගුරුහොරුත් හිටිය . මම මගේ වන්තිය එක්ක සමහර දවසට ක්ලාස් එකට යනවා බස් එකේ . ඔය එක දවසක එයා එක්ක මම බස් එකෙන් බහිනකොට ඉස්කෝලේ උගන්නනවට වඩා ඕපාදූප හොයන මිස් කෙනෙක් හිටියා . මම හිනාවෙලා වන්තිය එක්ක ක්ලාස් එකට ගියා . වන්තිය අපේ ඉස්කෝලේ නෙවෙයි ඉතින් හොඳේ .

එදා ඉරිදා දවසක් . පහුවදා මම ඔන්න ඉස්කෝලේ ගියා . යනකොට හිතුවා වගේම ඉස්කෝලේ බඩු පත්තු වෙලා . අපිට උගන්නන මිස් කෙනෙක් මාත් එක්ක හිනාවෙලා කිව්වා හා හා ළමයා දැන් තනියම ගමන් බිමන් නවත්තලා නේද කියලා . මම හිනාවේගෙනම පන්තියට ගියා . යනකොට අපේ එකෙක් කිව්වා "මචං අර ගෑණි ඇහුවනේ බන් උඹට නංගිලා ඉන්නවද කියලා . අඩෝ මාට්ටු උනාද" කියලා ඇහුවා .

මට යකා වැහුනා . එත් යකා පැත්තක තියලා සංගීත කාමරේ පැත්තේ යනකොට අර නාකි මිස් එතන . එයා මේ මගෙන් නඩු අහන්න ලෑස්තිය . මගෙන් ලව ගැන අනංමනං අහනකොට මම හිනා වෙවී කිව්වා "මිස් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ අපේ ගෙවල් දෙකෙන්ම ඕක ගැන දන්නවා අපි හොරෙන් නෙවේ ක්ලාස් යන්නේ" කියලා . යන්තම් කොහොමහරි ඒ කතාව ඉස්කෝලෙම පැතිරුනේ නෑ . මට බය තිබුනේ මාව පතුරු යනකම් විවේචනය වෙයි කියල . මොකද කෙල්ලෙක් එක්ක කොල්ලෙක් කතා කරනකොට අද කාලේ අය බලාගෙන ඉන්නේ විවේචනයෙන් උන්ට ළමයිත් හදලා දෙන්නනේ . වැඩිය නැතත් මට මඩ පොඩ්ඩක් වැදුනා . මම ඉතින් දන්නේ නෑ වගේ හිටියා .




ඔය විවේචනය තමයි මට ඉස්කෝලෙන් වැදුණු හොඳම විවේචනය . එත් මම කොහොමහරි මගේ මතේම හිටියා . අපේ අම්මලා දැනගෙන හිටපු නිසා මට බයක් තිබ්බේ නෑ . වැරද්දක් කරේ නැති නිසා අවුලක් තිබ්බෙත් නෑ . මොකද ඒ වන්තිය එක්ක මම වෙන වෙන ගමන් යන්නේ නෑ කියලා අපේ ගෙවල් දෙකෙන්ම දැනගෙන හිටියා . අපි දෙන්නා ඒ විශ්වාසයත් පලුදු කරේ නෑ  . සමහර වෙලාවට වන්තියගේ තාත්තා එනවා අපේ පස්සෙන් ඔත්තු බලන්න . එත් අපි වැරදි ගමනක් නොයන නිසා තාත්තා එන එකත් පස්සේ පස්සේ නැවතුනා . අපි ටවුන් ඒකෙ ක්ලාස් ඇරිලා එකට එනකොට අපේ අම්මටම මාට්ටු උනා . අම්මයි තාත්තයි මම ගැන දන්න නිසා මම ඉතින් වෙන අයගේ විවේචන වලට ඔලුව නැවුවේ නෑ .  හිහ් හිහ් හිහ් හිහ් .

විවේචනය කරන එක හරිම පරිස්සමෙන්  කරන්න ඕන දෙයක් . කෙනෙක්ව යහමගට ගන්න වගේම මේ විවේචන වලින් කෙනෙක්ව මානසිකව වට්ටන්න පුළුවන් . ඒ වගේම මරණයෙන් කෙලවරවෙන තරමේ ආරවුල් ඇතිවෙන්න පුළුවන් . සමහර අය ඉරිසියාවට එක එක්කෙනාව විවේචනය කරනවා . සමහර අය පුරුද්දට විවේචනය කරනවා . මේ වැරදි පුරුද්දෙන් එයාලට මිදෙන්න කවදාවත් බැරිවෙනවා . ඊට පස්සේ වෙන්නේ තමන්ට වැඩ කරන තැන උසස්වීම් නැතිවෙනවා , ආයතන ප්‍රධානීන්ගෙන් චෝදනා එල්ලවෙනවා , විවාහය දික්කසාදයකින් කෙලවර වෙනවා . ඔය ඔක්කොටම වඩා හපන් යාළුවො නැත්තටම නැති වෙනවා . ඒ නිසා විවේචනය කරනවා කියන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන .



ඒ වගේම තමයි විවේචන වලට මූණ දෙන එක , සමහර අය තවත් අය විවේචනය කරන්නේ තමන් තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම දාන්න පුද්ගලයා කියලා හිතාගෙන . ඒත් කවදාවත් මේ ලෝකේ සියල්ලම ඉගෙනගෙන ඉවර කරන්න කාටවත් බෑ . කලාතුරකින් පහළවෙන බුදු කෙනෙකුට හැර . ඒ වගේ මහා ඥානයක් තියෙන උතුම් පුද්ගලයෙකුගේ චරිතයටත් විවේචන ආපු එකේ ඉතින් තව මොනවද ? නේද ?.

මට අර අපේ ඉස්කෝලේ දේශනයේ ඒ දේශකයා කිව්ව තව දෙයක් මතක් වෙනවා . කවදාවත් තමන්ව පහත් කරලා අනිත් අය එක්ක කතා කරන්න එපා . මම වැරදිද ? මම චා නේද ? මම කලේ මහා බලු වැඩේ , වගේ කතා කරන්න එපා . ඒ වගේම තමයි තමන් කරන දේවල්වල වැරද්දක් කියනකොට සාවදානව අහන් ඉඳලා උත්තර දෙන්න ස්තූති කරන්න .එයා තවතවත් වනයක් වගේ විවේචනය කරනවානම් පොඩ්ඩක් කරුණු පහදන්න . පිළිගන්නේ නැත්නම් මෝඩයෙක් කියල අතාරලා දාන්න . ඒ වගේම නිහඬවම තමන්ගේ වැරැද්ද හදා ගන්න . තමන් කරන දේ හරිනම් එක දියුණු කරගන්න උපදෙස් දෙන අයාගෙන එකට උපදෙස් ගන්න . e උපදෙස් ගන්නකොට හොඳට කල්පනාවෙන් කරන්න ඕන . තමන්ට විශ්වාස අයගෙන් විතරක් උපදෙස් ගන්න .

මම මේ කියන්නේ ඉතින් හැම කෙනාම නෙවෙයි . තමන්ට හොඳ නරක තේරෙන වයසකනම් ඉන්නේ අම්මා තාත්තා කියන දේවල් අහගෙන හොඳින් ඉන්න . එතකොට ඔය කාගේ කාගේ විවේචන ආවත් කිසිම අවුලක් නෑ . මොකද පිහිට වෙන්න අම්මා තාත්තා ඉන්න නිසා . අම්මලා තාත්තලාගේ කොන්ඩේ පැහුනේ අකලට නෙවෙයිනම් අම්මලා තාත්තලා සමාජේ ගැන හොඳ දැනුමක් තියෙන අය වෙන්න ඕන . සමහර ගම්බද පොතපත  ඉගෙන නොගත් අම්මලා තාත්තලා  උනත් සමාජයේ ඉඳලා අපිට වඩා අත්දැකීම් වලින් පිරිපුන් වෙලා ඉන්න නිසා එයාල කියන දේවල් වරදින්න විදියක් නෑ  .  

ගුරුවරු උනත් ඉන්නවා ඉරිසියාකාර අය . ඒ අයගෙන් ඈත්වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න එක තමයි හොඳ . එයාලට වැඩිය නෝට් වෙන්න යන්න හොඳ නෑ . උගන්වන වෙලාවට ඉගෙන ගන්න . වෙන වැඩිපුර නෝට් වෙන්න යන්න එපා .

කතාවක් තියෙනවා උගත් තරුණයා වැඩිහිටයෙක් කියලා . ඒ කියන්නේ ජීවිතයේ වැඩිපුරම වටින්නේ තමන් සමාජයෙන් ඉගෙනගත් අත්දැකීම .

බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ අත්තානංඋපමන් කත්වා නහනේයියනගාතයේ කියලා . තමන්ට තමාව උපමාවක් කරගන්න කියලා .

නැපෝලියන් හිල් කියන පුද්ගලයා රචනා කරලා තියෙන law of success කියන පොතේ තියෙනවා Golden law කියලා නියමයක් .

 “ අනුන් ඔබට කරනු දකින්නට නොකැමැති දෙය ඔබ අනුන් හට නොකළ යුතුය “  ඕක තමයි ඒ නියමය .
මේ ටික කියාගෙන යනකොට මට හොඳ ගීතයක් මතක් උනා . සිරිල් ඒ සීලවිමල මහතා රචනා කරපු වික්ටර් රත්නායක මහතා ගායනා කරන .

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ  
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ - වේ

කේළම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

අන්තිමටම කියන්න තියෙන්නේ තමන් කරන දේ හරි කියලා දන්නවනම් එක එකා කියන ඒවා කනට ගන්නෙපා කියලා .


15 comments :

  1. අම්ම ගායි බැට් එකෙන්.... සුපිරියටම ලියල තියනවා..
    උඹ කරපු/කරන දේ හරි කියලයි මම හිතන්නෙ. කොච්චර උඩට ගියත් වැඩක් නෑ හරිහමන් යාලුවෙක් නැත්තම්.. ඒ වගේම ජීවිතේ සතුටින් ගත කරන්නෙ නැත්තම්.

    ReplyDelete
    Replies
    1. ආ මේ හම්බුණා හම්බුණා . එල එල . ස්පෑම් එකට අද ඇවිත් තියෙන්නේ .
      හ්ම්ම්ම්ම්ම්.
      එළකිරි ආ g-) g-) g-)

      Delete
  2. ඇනෝ කමෙන්ට් දෙක තුනක් පහුගිය පෝස්ට් වලදී වැදුන ගමන් බොට දර්මේ මතක් උනා එහෙනම්.

    ReplyDelete
  3. ලගදී කියවන්න හම්බ උන වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී !
      g-) g-) g-) g-) g-)

      Delete
  4. කෝ බං මම මේකට දාපු කමෙන්ට් එක?
    ඒකෙන් කමක් නෑ. සුපිරියටම ලියල තියනව. කට්ටිය තොප්පිත් දාගෙන තියෙන්නේ. =))

    ReplyDelete
    Replies
    1. :-O :-O :-O :-O
      ස්පෑම් වෙලාවත් නැතෝ ......
      මම හිතන්නේ මහසෝනා ගිලලා . =)) =)) =)) =))
      බොහොම ස්තූතී අයියා !

      Delete
    2. කෝ බං මේකටමද දැම්මේ හොයාගන්න නෑ :-?

      Delete
    3. ඔව් බන්, හෑල්ලක් කොටල දැම්ම ඉස්සෙල්ලම කමෙන්ට් එකට

      Delete
  5. මේ දවස නම් කවදාවත් අමතක වෙන එකක් නැහැ මට වයලෝ. ඉතින්, පොස්ට් එකත් එහෙමයි...එදා ඒ උනාට හරියට කියෙව්වේ නැහැ නේ? ඔන්න අද හරිලු... w-) w-) w-)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ හඃ
      :-da :-da :-da :-da


      හ්ම්ම්ම්ම්ම්ම්ම්

      වෙලාවට එදා අම්මට මම කතා කරනවා ඇහුනේ නෑ . අහුනනම් මම තවත් මතක් කරනවා :P :P :P

      Delete
    2. ඒ සිංදුවා . නරකද මෙයාවත් අම්බ කොළ අතු දෙකක් දීලා මැච් එක බලන අයට පෙන්න වන වන ඉන්න යැවුවනම්
      මේ වගේ
      w-) w-) w-)

      Delete
  6. මේ පෝස්ට් එක කලින් දැක්කත් කියෙව්වේ නැහැ.. පෝස්ට් එක ගැන පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් තියෙනවා මලයෝ.. කරුණු ටික නම් මරේ මරු..

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-)
      බොහොම ස්තූතී ආ .
      මම අපේ 12 / 13 පන්තියේ ඉඳගෙන ඉන්නකොට ඈත මේන් හෝල් එකෙ බිත්තියේ ලියලා තියෙනවා පේනවා " සෑම අත්දැකීමක්ම මිනිසා පරිපූර්ණ කරයි කියලා "
      මේ පොස්ට් එක මම කියෙව්වම මට හිතුනේ එහෙම . ඒක සිරා කතාව නේද ?
      එල එල
      බොහොම ටැංකියු ආ ! g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.