Wednesday, June 12, 2013

අංජනම් දේවියගේ මග කියන අංජනම





ටිකක් බරපතල් මාතෘකාවක් ගැන කියන්න හිතුවේ . මම මේ පොස්ට් එක කලින් අන්තිම පේලියේත් පල කළා . හුදී ජන පහන් සංවේගය පිණිස තවත් අලුත් කරුණු ටිකක් ඇතුලත් කරලා ඔන්න අපේ බොලොක්කුවෙත් මේක පල කරන්න මම අයිඩියා කරා .

අංජනම කිව්වම අපිට හිතෙන්නේ මේ වැඩකට නැති මගුලක්, හොර ජාවාරමක් කියලා. ඔව් ඇත්ත. අපේ මුතුන් මිත්තන් තුන්කල් දක්නා නුවණ පාවිච්චි කරලා මේ රහස් ඉදිරි පරම්පරා වලට නොදී හිටියා .

මොකද අනාගත පරම්පරාව මේ දේවල් නරක වැඩ වලට පාවිච්චි කරලා අනාගත්තට පස්සේ අපාගත වෙයි කියලා හිතලා. ඒ නිසා දැන් ඉන්න හොර තක්කඩි අඳුන බලා සාත්තර කියනු ලැබේ කියලා බෝඩ් එකක් ගහගෙන සුදු පීරිසියක අඟුරු කුඩුයි පොල්තෙලුයි කලවම් කරලා ගාගෙන මේ ලෝකේ නැති මන්තර කියාගෙන කෑගහලා බොරු සාත්තර කියනවා.

ඇත්ත අයගේ දේවල් උනත් විශ්වාස කරන එක ඒ නිසා නැතිවෙලා තියෙනවා. ඔන්න ඉතින් මම මේ කියවන අයට මේවා විශ්වාස කරන්න කියනවා නෙවේ . මටත් අත්දැකීම් නෑ මේවා ගැන  . අංජනමක් හදපු හැටි , කරපු දේවල් ගැන කලින් මට දැනගන්න ලැබුණු දේවල් ටිකක් හදිස්සියේම රැම් එකට ආවා . ඒවා ඔයාල එක්ක බෙදාගන්න තමයි මම මේ හදන්නේ .



රාවණාගේ කාලේ ඉඳලා හිතලා බැලුවොත් ඒ කාලේ හිටපු ඍෂිවරු යන්ත්‍ර මන්තර ගැන හොඳ අවබෝදෙකින් හිටපු අය . මේ අයගෙන් සමහර අයට අනාගතය වර්තමානය වගේම අතීතයත් දකින්න නුවනක් තිබුණා . ඒත් එහෙම නුවනක් තිබුනේ නැති අය බෙහෙත් වර්ග තෙල් වර්ග වලට මන්තර කියලා පන පිහිටුවලා මේ කාරිය යහතින් සිද්ද කරගත්තා . රාවණාට වඩා පරණ ඉතිහාසයක් මේ දේවල්වලට තිබුණත් රාවණා තමන්ගේ දැනුම් සම්භාරය එකතු කරන කාලේ මේවා පිළිවෙලකට එකතු කරපු නිසාත් තමන්ගේ දැනුම මේවට යොමු කරපු නිසාත් මේ අංජනම් කියන විෂය දියුණු උනා කියලා කියන්න පුළුවන් . මේ දැනුම සමහර පරම්පරා ඔස්සේ පැවතගෙන ඇවිල්ල තියෙනවා .



හනුමා සහ අංජනම් දේවිය මේ අංජනම් වලට සම්භන්ධ උනේ කොහොමද කියලා හිතන්න අමාරුයි . අද වෙනකොට භාවිතාවෙන ගොඩක් අංජනම් වල හනුමා සහ අංජනම් දේවිය තමයි මුලික වෙන්නේ . එහෙම නැතුව වෙන වෙන යක්කු දෙවිවරු සම්භන්ධ කරගන්නත් පුළුවන් . මේක තීරණය වෙන්නේ ඒක කරන ඇදුරාගේ දැනුම සහ හැකියාව මත .



අංජනමක් කියන්නේ අතීතයේ ගූගල් අයියගේ වැඩේ ලාවට කරපු අයිටම් එකක්.
අංජනම් එක එක විදියේ ඒවා තියෙනවා. ඒවාට එක එක නම් දීලත් තියෙනවා .

-මහා බහිරව පාතාල අඳුන
-විෂ්ණු ආලෝකය 
-චන්ද්‍ර ආලෝකය
-සුර්යාලෝකය.

වගේ නම් මේ අංජනම් වලට දීල තියෙනවා. මේවා හොයාගෙන තියෙන්නේ පුලස්ති නාගර්ජන වගේ ඍෂිවරු .

සමහර පරණ ගුරුන්නාන්සේලා මේ වගේ ලොකු අංජනම් බෙහෙත් අඹරලා දවස් ගණන් මාස ගණන් මතුරලා ඒවාට පන පිහිටවලා ඒ අංජනම් වලින් අහගෙන තව තව බෙහෙත් ජාති එකතු කරලා තමන්ගේ නම් දාලා අංජනම් හදලා තියෙනවා.

- මහ වත්තේ වෙදරාළගේ බෙහෙත් අඳුන
- චන්ද්‍රහාෂ් ගුරුන්නාන්සේගේ කපුරු අඳුන

මේ වගේ හැදිච්ච අමතර අංජනම් .

එහෙම නම් දාලා නැති අංජනම් උනත් ගොඩක් තියෙන්න පුළුවන් එක එක පරම්පරා වලට වෙන් වෙච්ච .

අංජනමක් හදන්න මාර ජාති ටිකක් ඕන වෙන්නේ. පොදුවේ අංජනම් සඳහා ගන්න බෙහෙත් හා සත්ව කොටස් කීපයක් ඔන්න දානවා.

-දිවි ඇස්, බළල් ඇස්, මොනර ඇස්, ගේ කුරුළු ඇස්, මී ඇස්, උනහපුලු ඇස්, කපුටු ඇස්,
-නාග පාසානන් , පරෙවි පාසානන්, කුදිර පාසානන් 
-වෙඩිලුණු, තුත්තනාගම්, අමු කපුරු 
-ඉර රාජ, සඳ රාජ, වන රාජ, දේව රාජ පැල
-පාවට්ටා, තේක්ක, කොහොඹ, අසෝක, බුත්සරණ දළු
- එළු පිත, එම පිත, කුඩල්ලන්, ලේනන් 
-රන් රිදී මුතු නිල්මැණික්
-බුලත් පුවක් 
-කැකුළු හාල් 

තව හෙන ලොට්ටක් ඕන . සමහර බෙහෙත් වට්ටෝරුවල යටින් ලියලා තියෙනවා හනුමා මෙහෙම කිව්ව කියලා. ඒ කියන්නේ හනුමන්තාගෙන් අහලා තමයි බෙහෙත් හදාගෙන තියෙන්නේ .

කස්ටියට දැනගන්න එක අඳුනක් හදන හැටි මේ .

ඉස්සෙල්ලම ගෙයක් පිරිසිදු කරලා වියන් බැඳලා බිම ගොම මැටි ගාලා සෙට් කරගන්න ඕන.ඊටපස්සේ කලාලයක් අරගෙන එකට කහ වතුර ඉහලා ඒ කලාලය මැදට කළු පාට එළුවෙක් ගෙන්න ඕන. එළුවාගේ කකුල් ගැටගහලා තියලා එළුවා වටේට කැකුළු හාල් අතුරනවා.
තව බුලත් පුවක් අතුරනවා. දැන් දුම්මල කුඩු අරගෙන

..ඕන්නමෝ අකුණු මෙරගල් කෝවිලෙන් හෙනගිනි දේවතාව වා අඩා වා.........
ලමැද පපු කැවුතු මොලින් උපන් රීරි කඩවරයා වා අඩා වා........
නාග අවතාරගත් රීරි කුප්පේ වා අඩා වා........
මහසොහොන් යක්ෂයා වා අඩා වා ......

කියලා දිග.... මන්තරයක් එකසිය අට පාරක් කියලා ජීවන් කරලා එළුවට ඒ දුම්මල වලින් දුම් අල්ලනවා.මන්තරේ අන්තිමට තියෙන්නේ පපුකැවුතු ඉරා ලේ බීගන් තොස්වාහඃ කියලා.
ඉතින් දුම් ඇල්ලුවම එළුවා වෙව්ලලා මැරිලා වැටෙනවා .

දැන් එළුවාගේ බන්ඩ පලලා පිත වෙන් කරලා අරගෙන, අලුත් මිරිස් ගලක් හොයා ගන්නවා. මේ මිරිස් ගලට එළුවාගේ පිත , අසෝකා ගහේ පස් පංගුව , නාග පාසානන් ,පරවී පාසානන්, රත්තරන්, රිදී, මුතු, නිල් මැණික් වගේ තව දේවල් දාලා අඹරනවා. මේකේ පදම එනකං අඹරන්න ඕන. පදම එන්න දවසක් දෙකක් නැත්තම් මාසයක් විතර උනත් යන්න පුළුවන් .



අංජනම පදමට ආවම දැනගන්න කියලා අඹරන්න කලින් මිරිස්ගල යටට කාසියක් දානවා.පදම ආවම බෙහෙතේ තියෙන බලයට මිරිස්ගල යට තියෙන කාසිය පේනවා.ඒ කියන්නේ මිරිස්ගල විනිවිද පේනවා.
දැන් මේ බෙහෙත අරගෙන කරඬුවක දාලා දවස් ගානක් මන්තර කියලා “පන පිහිටවනවා” කියලා එකක් කරනවා.එකෙන් තමා අන්ජනමට කනෙක්ෂන් එක හම්බෙනවා කියන්නේ. ඒ කියන්නේ දෙවියන්ට, හනුමට, අංජන දේවියට එන්න පුළුවන්කම ලැබෙනවා.ඊට පස්සේ මේ බෙහෙත පීරිසියක රවුමට ගානවා.

සමහර අංජනම් ඇස්වල ගාලා බලන විදි තියෙනවා .
සමහර අංජනම් කියලා තියෙන්නේ තෙල් වර්ග .

තවත් අඳුන් වර්ග තියෙනවා ඒක හදන්නේ තනිකරම ආවේශ වෙච්ච කෙනෙක් . ඇදුරා කරන්නේ මේ ගැන හොඳට දන්න වෙන කෙනෙක්ට මන්තර කියලා ඒ කෙනාගේ ඇඟට හනුමා ආවේශ කරන එක . පස්සේ හනුමා මේ ආවේශ වෙච්ච කෙනාව කැලෑවල්වල අරෙහෙ මෙහෙ එක්ක ගිහින් බෙහෙත් වර්ග හොයාගෙන එනවා . අංජනම අඹරන්නෙත් මේ ආවේශ වෙච්ච කෙනාමයි .

මේක ටිකක් අවදානම් වැඩක් . මොකද ආවේශ වෙච්ච කෙනාගේ ජීවිතය නැතිවෙන්න පුළුවන් . කරොත් කරන්නේ මේ පිලිබඳ වැඩිපුර හදාරපු කෙනෙක් විතරයි . ඒ නිසා මේ වගේ අංජනම් විධි දැන් වෙනකොට නැත්තටම නැතිවෙලා කියලා එහෙන් මෙහෙන් දැනගන්න ලැබුනා .

අංජනමක් බලන්න , ඒ බලන කෙනා මනුස්ස ගණයෙන් ඉපදුන කෙනෙක් වෙන්න ඕන. දේව රාක්ෂ ගණවල අයට අංජනම් පෙන්නේ නෑ.ඉතින් සමහර අවස්ථාවලදී අංජනම හදලා මන්තර කිව්වට ගුරුන්නාන්සේට අංජනම බලන්න බෑ. එතකොට කරන්නේ මනුස්ස ගණයේ අයට එන්න කියලා පේන කෙනෙක් හොයාගන්න එක.

මනුස්ස ගණයේ උනත් බල්ලන් සපා කාපු අයට, මිනී කරතියාගෙන ගියපු අයට, ඌරුමස් කාපු අයට , අලුපුහුල් කාපු අයට අංජනම් පෙන්නේ නෑ. පෙන්නේ නෑ කිව්වේ අංජනමෙන් දෙවිවරු හනුමා එහෙම පෙන්නේ නෑ.

මිනී කරතියන් ගිය අයට ඇන්ඩ් ඌරු මස් අළු පුහුල් කාපු අයට යාන්තමින් ශේප් වෙන්න මන්තර තියෙනවා. ඒවා කියලා ඒ අවගුණ නැතිකරන් අන්ජනමට ලොග් වෙන්න පුළුවන්. එත් දිග කාලයක් ඌරු මස් කාපු අයට මොනවා කලත් ලොග් වෙන්න බෑ. එක නිසා වැඩිහරියක් අංජනම් බලන්න සෙට් වෙන්නේ ගමේ ඉන්න අවරුදු 6 , 7 වගේ පොඩි ළමයි.ඒ ළමයි , නාවලා පිරිසිදුවෙලා සුදු ඇඳුමක් ඇඳලා අංජනම ඉස්සරහා ඉඳගන්නවා. ගුරුන්නාන්සේ මන්තර කියනකොට අංජනම ලොග් වෙනවා.

ලොග් උනාම ගුරුන්නාන්සේ අහනවා, හනුමා හරි අංජනම් දේවිය කියන දේවල් ළමයා අහගෙන ගුරුන්නාන්සේට කියනවා. ඔහොම තමා මේ කෙලිය සිද්ද වෙන්නේ.

මේවට මතුරන මන්තර කියන්න ඕන වාර ගණනක් තියෙනවා. ගොඩක් මන්තර කියන්න තියෙන්නේ ඉලක්කම් දර්ශකය 9 වෙන වාර ගණනක්. 108,1008,45 වගේ වාර ගණන් තමා වැඩි හරියක් තියෙන්නේ.

අංජනමෙන් වැඩක් ගන්න එකට කියන්නේ අංජනම් එලිය අරිනවා කියලා. මුලින්ම අංජනමට මල් පහන් සුවඳ දුම් පලතුරු අඹකොළ නා කොල වගේ දේවල් පුජා කරලා මන්තර කියලා හනුමන්තාට හා අංජන දේවියට අරාධනා කරනවා.



අංජනම් දේවියගෙ ෆොටෝ එකක් නෑනේ දාන්න. අංජනම් දේවිය ෆොටෝ ෂූටින් වලට ඉන්නේ නැතුව ඇති සමහරවිට.මොකද එතුමියට හරියට වැඩ තියෙන නිසා.

අංජනම් දේවිය සුදු සාරියක් ඇඳලා, කොන්ඩේ කඩාදාලා ඉන්න රූමත් දෙවඟනක් කියලා තමයි දැනගන්න ලැබුනේ.

හනුමා තමයි අන්ජනමේදී වෙනත් දෙවියන්ගෙන් පනිවුඩ අපිට ගෙනෙන හා ගෙනියන කෙනා.
අංජනම් දේවි තමයි එලිය අරිනවා හෝ එලිය යවනවා කියලා අවශ්‍ය තැනට වැඩමවලා විස්තර අහගන්නේ.
මෙන්න මෙහෙම මන්තර කියලා තමා අන්ජනම් දේවිය යවන්නේ....

ඕන්නමෝ මහාමේරු පර්වතේ බන්ධ හනුමන්තා රාජබන්ධ බහිරව දේවතාව බන්ධ ශ්‍රී දේවතා කුමාර බන්ධ ලලාටේ දේවතාවා බන්ධ විෂ්ණු ආලෝකේ බන්ධ දේවරාජා කන්ද කුමාර බන්ධ ත්‍රිකෝටි ගංගා දේවි බන්ධ චන්ද්‍ර සුර්ය බන්ධ කළු කුමාර කම්බිලි බන්ධ සමන්තවී බන්ධ අංජන දෙවීට මග හරි හරි පෝග පෝග අංජන දෙවියානේ පෝග පෝග එස්වහඃ

අන්ජනම් දේවිය ගියාම අපිට ඕන තැනට අංජනමෙන් පේනවා. ඊට පස්සේ ඕන එකක් දැනගන්න පුළුවන්. අන්ජනමට යක්කු දෙවියෝ මැරිච්ච අය ඕනෑම කෙනෙක් ගෙන්නන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
සමහර දෙවිවරුන්ගේ රූප අඹනකොට මේ අංජනම් වලින් අහගෙන e රූපවල හැඩය මතු කරගෙන තියෙනවා .

ලෙඩ රෝග වලට හනුමා බෙහෙත් කියා දීපු අවස්ථා තිබිලා තියෙනවා.අතීතයේ හිටපු ආයුර්වේද වෙද්දු මෙහෙම අංජනම් හදාගෙන ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කළා කියලා මට වටින් ගොඩින් දැනගන්න ලැබුනා.සමහර වෙලාවට ලෙඩේට හරියට බෙහෙත කියලාදෙන අත්ගුණය තියෙන වෙද ගුරුන්නාන්සේ කව්ද කියලා අංජනමෙන් කියලා තියෙනවා.

සමහර වෙලාවට කියන දේවල් අහන කෙනාට තේරෙන්නේ නෑලු.එතකොට කියන්න මන්තර වෙනම තියෙනවා. ඒවා කිව්වම සවුන්ඩ් එක හදාගන්න පුළුවන්ලු.
අංජනම් වලට සමහර වෙලාවල් වලදී පිරිත් කියනවා. දෙවිවරු පිරිත් අහන්න කැමති නිසා එහෙම කරනවා.



අංජනම් හදලා තියාගෙන ,
අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරපු අය තමන්ගේ ජීවිතේ අවසන් වේගෙන එනකොට මේ අංජනම පාවිච්චි කරන්න බැරිවෙන විදියට විනාස කරලා දානවා. එකට කියන්නේ අංජනම පලනවා කියලා. පලනව කිව්වට දර පලනවා වගේ එහෙම නෙවේ. මන්තර තියෙනවා අංජනම පලන්න. ඒ මන්තර කියාගෙන කියාගෙන කියා.....ගෙන යනකොට අංජනම ඉරිතලලා කෑලි කෑලි වලට වෙන් වෙනවා. ඊට පස්සේ ඉතින් ආයෙත් එකෙන් වැඩක් ගන්න බෑ.බල බල ඉන්න තියාගන්න හොඳයි.




ආයෙත් කියන්න ඕන, සාමාන්‍ය දැනගැනීම වෙනුවෙන් දන්නා ටික ඔන්න ලිව්වේ .

අවසාන වශයෙන් කියන්න ඕන මේවා හොඳකට කරත් නරකට කරත් ,සත්තු මරණ එකනම් හොඳ වැඩක් නෙවේ......!

ඔබ සැමට සමන් දෙවි පිහිට ලැබේවා...........!

21 comments :

  1. අනේ....... කොල්ලාගේ වැඩ තමයි වැඩ. w-)

    ReplyDelete
    Replies
    1. හානී.....
      බොහොම ස්තූතී මෙයා !
      :-da :-da :-da :-da

      Delete
  2. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      එසේම වේවා !
      බොහොම ස්තූතී !

      Delete
  3. සුපිරියි ඈ.... මටත් ආපු ප්‍රශ්නේ රාවනයි හනුමයි කොහොමද ශේප් උනේ කියලා. හනුම කියන්න ඇති චීත්ත කේස් වලට අපි දෙන්න ගහ මරාගන්න ඕන නෑ කියල

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      =)) =)) =)) =))
      අතල් කතාව . අංජනම කියන එක සංකීර්ණ කෙස් එකක් හෆ්ෆා...
      සමහරවිට මට රාවණාගෙන් ගුටි කන්නවෙයිද දන්නේ නෑ :-vi :-vi
      බොහොම ස්තූතී ආ g-)

      Delete
  4. අදමයි මේ පැත්තට ආවේ. මරු කතා ටිකක් ටිකක් වෙනස් විදිහක ලිවිල්ලක්. සුභ පතනවා...! :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී ආ ! g-)

      :-f :-f :-f :-f

      Delete
  5. කොහෙන්ද බං මේවා හොයාගන්නේ ? පට්ට ! g-)

    ReplyDelete
    Replies
    1. පණ්ඩිත සාගරේ නේ මෙයා. දැන් වයලට ගේදර විශේෂ වැඩකුත් නැති නිසා, ඔයාගේ අර දවස් ගානක් අස් කරන්න යන කමරේ අස් කරගන්න උදව්වට වයලව ගෙන්න ගන්න ;)

      Delete
    2. අනේ මේ . රබ්බඩී....
      එයා එයාගේ කාමරේ අස්කරගනියි . මොකෝ එයා එනවය මාගේ කාමරේ අස් කරන්න ??
      b-(b-(b-(b-(b-(b-(b-(

      Delete
    3. මුට බෑලුනේ. උයා එන්න :D

      Delete
    4. ඒක නිකන් රේඩියෝ සිලෝන් වගේ . සීඩී වසන්තයක් තියෙන්නේ . මාවත් ඒවා දැක්කම නිකන් රවුම්වෙලා වගේ ගියා .
      ඕක අස් කරන්න පුළුවන් චීත්තෙකටම තමා . දැන් සතියක් වෙන්න ආවා . තාම අස් කරනවා .
      හිටපිය අම්මට කියලා ඉල්ලලා දෙන්න .
      b-( b-( b-(

      Delete
  6. සාමාන්‍යයෙන් මම දන්නා තරමින් රාජ වර්ග එනම් ගස් වර්ග ඇත්තේ පහකි. 1.ඉරු රාජ, 2.සද රාජ, 3.වන රාජ, 4.ගුරුළු රාජ, 5.ගරුඩ රාජ. නම් වේ. දේව රාජ යන වර්ගයේ ඖෂධයක් දේශීය වේදකමේ හෝ ගුප්ත විද්‍යාවේ භාවිත නොවේ.

    ReplyDelete
    Replies
    1. අහා ......
      මම පොඩ්ඩක් හොයලා බලන්නම් .
      මොකද මෙහෙ මොනර කුඩුම්බිය එහේ දුටුසපුට
      මෙහෙ ආඩතෝඩ එහෙ පාවට්ටා .
      වෙනසක් ඇති .
      අනිවා හොයලා බලන්නම් .
      බොහොම ස්තූතී ආ .
      ගොඩක් පින් ආ g-) g-) g-)

      Delete
  7. අර කිව්වත් වගේ උඹ නං පුස්තකාලයක් වයලො..මේ වගේ දේවල් දැනගන්න පුලුවං වෙන්නෙ උඹම කිව්වොත් තමයි..පට්ටම ඉන්ටරස්ටිං..මං කොච්චර කියනවද උඹට මේව විකියෙ වත් දාන්ට කියල හුදී ජන හිතසුව පිණිස..

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ
      ටැංකියු ටැංකියු !
      හා හා දාන්නම් g-) g-) g-)

      Delete
  8. ‍අඩේ....සාධාරන සැකයක් මතු වෙනව අෆ්ෆ!
    වයල මේව කරන පරම්පරාවකට උරුමකම් කියනවද මන්ද

    ReplyDelete
    Replies
    1. එක කොච්චර අසාධාරණද මට ඔහොම චෝදනා කරන එක .
      හඃ හඃ හඃ
      නෑ නෑ එහෙම සීන් එකක් නෑ මෙයා .

      Delete
  9. Replies
    1. එල එල බොහොම ස්තූතී g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.