අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ඕන් රීන් කට්ටු කට්ටු කියලා නමෝ විත්තියෙන් මම මේ ලක ලෑස්ති වෙන්නේ කරල පැහීගෙන එන වයසට කාට කාටත් මතක්වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙන වශී ගුරුකම්...

වශී ගුරුකම්



ඕන් රීන් කට්ටු කට්ටු කියලා නමෝ විත්තියෙන් මම මේ ලක ලෑස්ති වෙන්නේ කරල පැහීගෙන එන වයසට කාට කාටත් මතක්වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙන වශී ගුරුකම් ගැන පොඩ්ඩක් මක්ක හරි කියලා දාන්න.

මම ලොකු ලැවල් කරන සන්දියේ පන්තියේ මම කිට්ටුව හිටියා මේ වශී ගුරුකම් පිස්සුවක් තියෙන හිපාටුවෙක්. ඌ කරන්නෙම කව්රුහරි කෙල්ලෙක්ට ලයින් පාරක් දාලා වැඩේ සෙට් උනේ නැති උනාම දේවාල ගානේ ගිහින් මේ වගේ ගුරුකම් කරන එක . ඌ ඒවා කරන්න කෙල්ලගේ කෙස් ගස් උගුලගන්න දීපු ගේම් අපිත් දැකලා පහන් සංවේගයට පත්වෙලා තියෙනවා . සමහර වෙලාවට ඒවා හරි ගිය වෙලාවලුත් තිබ්බා . සමහර වෙලාවට කෙල්ලගෙන් කනහරහට කාපු වෙලාවලුත් තිබ්බා .කාපු වෙලාවට ඌ කරන්නේ ඔක්කොටම බැන බැන ඉන්න එක. ඒ වෙලාවට දෙවියෝ ලොවෙත් නෑ යක්කු භූතයෝ ලොවි ගහේවත් නෑ .

මෙහෙම ගුරුකම් වලට දේවාල සෙට් කරලා දෙන ඌටම හරියන තව බ්‍රෝකර් හිපාටුවෙකුත් හිටියා . මුන් දෙන්නම බඩු පිස්සෝ වෙලා තමයි අන්තිමට නැවතුනේ . ආරංචියක් ආවා දේවාලෙක කපුවෙක් වගේ හිටපු ගේ කුරුල්ලෙක් මුන් දෙන්නා ගුරුකමක් කරව ගන්න ගියාම මුන් දෙන්නට කොටන්න හදලා මුන් දෙන්නා යන්තම් බේරිලා පැනලා ආවා කියලා.( සාධු සාධු සාධු කොටන්න තිබ්බේ උන් දෙන්නටම දවස් තුන හතරක් ඇවිදින්න බැරිවෙන්නම. )

මෙහෙම ගුරුකම් කරනවා කියලා ඉන්න හොරුන් එක්ක මොකවත් කරන්න බෑ . කොහෙද මුන් ගම කාලනේ තියෙන්නේ . ඇත්තක්වත් හරියට කියන්න විදියක් නෑ. හිත්වල තියෙන තේ කහට ඇත්ත වහගන්නවා. ඒක සාධාරණයි .

අපේ ගෙදරට ඉස්සර ඉරිදා ලංකාදීප පත්තර ගෙන්න පුරුදුවෙලා තිබුනා . වෙන මොහොකටවත් නෙවේ අපේ දැනුම කුසලතා වර්ධනය කරගන්න ඉස්කෝලේ යනකොට බත් ඔතන්න පත්තර කොළ ගන්න . මේ ලංකාදීප පත්තරේ කොන්ඩ දෙනියේ හාමුදුරුවන්ගේ ජීවිත කතාව සීරියස් එකක් ගියා. මාත් එක දවසක් එකක් දැකලා දිගටම ඒක කියවන්න ගත්තා . හාමුදුරුවන්ට උපස්ථාන කරන්න කොන්ඩ දෙනියේ පන්සලේ හිටියා කෙනෙක් . මට නම මතක නෑ .( පුංචි රාල වගේ නමක්ද කොහෙද ) .



දවසක් පන්සලට ඇවිල්ලා ෆිල්ම් එකක් ෂූට් කරන කස්ටියක්. මේ අය ඇවිත් තියෙන්නේ ෆිල්ම් එකේ වැඩ සක්සස් කරගන්න බාරයක් වෙන්න වගේ වැඩ ටිකකට . පස්සේ පන්සලේ සිරි නරඹ නරඹ ඉන්න අතරේ හාමුදුරුවෝ අර පන්සලේ වැඩ කරන කෙනාට කිව්වලු උඹට දැන් තනියට කෙනෙකුත් නෑනේ . මේ ඇවිත් ඉන්න අයගෙන් උඹ කැමති කෙනෙක්ගේ අතේ මෙන්න මේ නූල ගැටගහපන් එතකොට ඒ කෙනා උඹත් එක්ක ඉන්න නවතියි කියලා. මෙහෙම කියලා ඒ නූල වැඩකරන කෙනාගේ අතට දීලා හාමුදුරුවෝ ආපු අයට කතා කරලා පිරිත් නූල් බෝලයක් අරගෙන අත්වල නූල් බැඳලා සෙත් පැතුවාලු. මේ අතරේ අර වැඩකරන ඩයල් එක ලස්සන මල් කුමාරියක් බලලා එයාගේ අතේ නූල ගැටගැහුවලු පිරිත් නූලක් කියලා . කස්ටියම පිටත්වෙලා යන්න හදනකොට අර මල් කුමාරිට යන්න බෑ කියනවලු. එයා වැඩකරන ඩයල් එකත් එක්ක මෙව්වා උනා කියලා තමා පත්තරේ තිබ්බේ. පස්ට නේද මෙයාලා?

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ පිල්ලියක් වැදිලා අපවත් වෙන්න මරණාසන්න වෙන වෙලාවේ උන්වහන්සේ , උන්වහන්සේගේ පුස්කොලපොත ගිනිතිබ්බා කියලා තමයි රහස් ආරංචි මාර්ගවලින් වයලීනොට දැනගන්න ලැබුනේ . එක නිසා ඔන්න වයලීනෝ කස්ටියටම කියන්නේ කොන්ඩදෙනියේ ගුරුකම් කියලා පත්තරවල ටීවීවල එක එක ස්වාමිවරු ස්වාමිනේවරු රෙද්ද උස්සගෙන කරේ දාගෙන කෑගැහුවට ඒවා රියල් කොන්ඩදෙනියේ ගුරුකම් නෙවෙයි කියලා.

පින්වතුනී වශී ගුරුකම් එක එක අයිටම් වලට තියෙනවා. ( ගැලපෙන එකක් තෝරාගන්න )

නූල් පැන්නවීම
නූලක ගැට නවයක් , අටක් , හතක වගේ නියමිත ගානක් ගැටගහලා ඒ ගැටවලට මන්තර කියලා ගැට තද කරලා හිර කරලා ඒ නූල අදාළ කෙනා ලවා පන්නවලා තමයි මේ ගුරුකම් කරන්නේ . මේක පන්නගන්න එක එක විදි කරනවා . පරණ හොඳ ක්‍රමයක් තමයි කෙහෙල් බඩයක හරි උන පුරුකක හරි දාලා අදාළ කෙනා එන පාරේ වල දාන එක . ඒක පැන්නම පැනපු කෙනාට මෙව්වා වෙලා කොයිල් වෙලා දඟර වෙනවා .

බලි ඇඹීම
මැටි, පස්ලෝ, පස් ඉටි වගේ දේවල් වලින් ගෑණු කෙනාගේ හරි පිරිමි කෙනාගේ හරි රූපයක් හදලා ඒකේ නම් ලියලා මන්තර කියලා අදාළ කෙනාගේ ප්‍රාණය ඒ රූපයට ආරෝපණය කරගෙන තමන්ට ඕන දේ කරවා ගන්න එක තමා මේවායින් කරන්නේ . මේක ටිකක් සංකීර්ණ වැඩක්.

කෑමට දීම
කෑමට දෙන්නේ සීනි ලුණු වගේ දේවල්. ඒවා මතුරලා ඊට පස්සේ කන බත් පතට හරි නැත්නම් බොන දෙකට හරි මේවා දාලා කලවම් කරලා වශී කරගන්න ඕන කෙනාට කන්න හරි බොන්න හරි දෙනවා.

මන්තර හිතින් හිතීම
හොඳට මන්තර ගැන දන්නා කෙනෙක්නම් එයාලට වශී ගුරුකම් වලට පාවිච්චි කරන්න මන්තර තියෙනවා. ඒවා කරන්න අනං මනං මතුර මතුර නහින්න ඕන නෑ. ඕන කෙනා ලඟට ගිහින් මන්තරේ මතක් කරන්න විතරයි තියෙන්නේ.

තහඩු වලට මැතිරීම
තඹ පිත්තල රන් රිදී වානේ කියන ලෝහ වර්ග වලින් හදන රූප වලට , වශී කරගන්න ඕන කෙනාගේ නම ලියලා මන්තර කියලා වශී කරගන්න විදියක් තමයි මේක.

පුස්කොල මැතිරීම
පුස්කොල අරගෙන ඒවට නම් ගම් ලියලා රූප ඇඳලා මතුරලා වශී කරගන්න විදියක් තමයි මේක.

ශරීරයේ කොටස් මැතිරීම
වශී කරන්න ඕන කෙනාගේ ඇඟේ ලේ , කෙස් , නිය වගේ දේවල් මතුරලා කන්න දෙන සිස්ටම් එකක්.

කව්රු කව්රුත් පරිසම් වෙලා ඉන්න එක හොඳයි ඔන්න කෝකටත් ....

මේ වගේ තව ගොඩක් ක්‍රම තියෙනවා. සමහර වෙලාවට අපි නොහිතන දේවල් වලිනුත් වශී ගුරුකම් කරන්න පුළුවන්.

මේ වශී ගුරුකම් වලට ඇල්ම බැල්ම දාන්නේ මදන යක්ෂයා, රෝහිනීගේ ලොකුතාත්තාගේ දුව මෝහිනීකළුකුමාරයා වගේ කස්ටිය. වශී ගුරුකම් කරනකොට මේ අය ගෙන්නාගෙන එයාලගේ හිත සතුටු වෙන්න මක්ක මක්ක හරි දීලා වැඩේ කරවා ගන්නවා. සමහර වෙලාවට ඉර මුදුන් වෙලාවල් වලට කරන වශී ගුරුකම් වලදී ඉර මුදුන් යක්ෂයා යොදා ගන්නවා.

ඒ වගේම සමහර අය ගාව බස්තමකට මතුරලා තියාගෙන ඉන්නවා. එකෙන් ඉරි ඇඳලා තට්ටු දාලා වශී කරගන්න පුළුවන්. තවත් ඒවා තියෙනවා තෙල් මතුරලා සුර වලට දාලා බෙල්ලේ එල්ලගෙන ඉන්න ඒවා.

ඒ වගේම කියන්න ඕන අලි බලන මාමලා අලින්ව තමා කෙරෙහි වශී කරගන්න කොටින්ගේ රදනක දත් , ගජමදාරා ලී කැබලි තමාගේ බෙල්ලේ එල්ල ගන්නවා. ගජ මදාරා ගැන කිව්වම මට තව කථාවක් මතක් උනා . මේ අපේ ඇලපාත වලව්වේ පරණ උදවිය අලි ඇල්ලිල්ලට උපන් හපන්කම් තියෙන උදවිය කියලා ආරංචියි. ඒ වගේම මඩුවන්වෙල නිලමේ .



මේ මඩුවන්වෙල නිලමේ ගාව ගජමදාරා ලීවලින් හදපු බස්තමක් තිබුනා කියලා කියනවා. එයා එයාගේ අලි ගාලට යනකොට මේ බස්තම අරගෙන යනවලු . ඒ නිසා එතුමාට අලි ඇත්තු ගොඩක් හීලා වෙනවා කියලා කියනවා .කැලේ තියෙන ගජමදාරා ගස් වලට අලි වඳිනවා කියලා දවසක් සිංහල වෙද මහත්තයෙක් කිව්වා . එකත් වශියක්නේ නේද....? .ගජ මදාරා ඉතාමත්ම දුර්ලභ ශාක විශේෂයක් . ලීය තද දුඹුරු පාටයි.



දැන් ගජමදාරා ගස් ටික හොයාගෙන උගුල්ලනවා එහෙම නෙවේ ඔන්න . පුළුවන් නම් අනාගත්ත පරම්පරාවටත් මේවා දකින්න කොහෙන් හරි ගජ මදාරා පැලයක් හිටවන්න.

මේ මොකවත් ඕන නෑ . සමහර අයට උපතින්ම ආකර්ෂණ බලයක් ලැබෙනවා. ඒක තියෙන අය ඒ බලය ප්‍රයෝජනයට අරගෙන කස්ටිය වශී කරගන්නවා..

වශී උනත් ඉන්නම බැරි මෝල් අමාරු කාරයෙක්නම් ඉක්මනටම වැඩේ කරගන්න පිල්ලි යවන්නත් පුළුවන් . මේ පිල්ලි යැවීම ටිකක් භයානකයි. හොඳට පැට්ටිස් තියෙන කෙනෙක් ඇරෙන්න පිල්ලි වලට යොමු වෙන්නේ නෑ. වශී කරගන්න ඕන කෙනාගේ ඇඟට ආවේස වෙලා ඒ කෙනාව ඕන තැනට ගෙන්න ගන්න උනත් මේවයින් පුළුවන්. සමහර පොඩි පොඩි ගුරුකම් වලින් ගෑණු පරාන උපන් ඇඳුමෙන් ප්‍රතිස්ථාපනය කරන්නත් පුළුවන්.

පොඩි පොඩි වශීනම් පොඩි පොඩි ඒවායින් ශේප් කරගන්න පුළුවන්. එත් ලොකු ලොකු ඒවානම් ලේසි නෑ . ඒවා කොඩිවින කපනවා වගේම විනාස කරන්න ඕන. ඒවාට වෙනමම මන්තර වර්ග තියෙනවා. තීන්දු සහ පෙරලුම් , අලගු වගේ මන්තර තමයි මෙහෙම භාවිතා කරන්නේ. සමහර වශී වලටනම් එක කපන මන්තර වෙනමම හදලා තියනවා. එත් තීන්දු අලගු වලින් ඕනෑම එකක් කපාගන්න ට්‍රයි කරන්න පුළුවන්.

තීන්දු සහ පෙරලුම්

නීච කුල තීන්දුව
රිද්දි තීන්දුව
ලේ කාලි තීන්දුව
ඉරමුදුන් තීන්දුව
ගුරුළු මාල තීන්දුව
සන්නි තීන්දුව
මදන කාම තීන්දුව
රුවන්දොර පෙරලුම
යමකාල පෙරලුම
කඩවර පෙරලුම

ඒ වගේ තීන්දු සහ පෙරලුම් ටිකක්

( තීන්දුව ටිකක් සර අඩුයි , පෙරලුම සර වැඩියි. පෙරලුමකින් කැපුවොත් කරපු කෙනා නැති කරන්නම පුළුවන්)

අලගු

සිවයන් අලගුව
අට්ටෝත්තර අලගුව
ලංකෙෂ්ටනා අලගුව
ගිනි අලගුව
හනුමා අලගුව

ඒ වගේ අලගු ටිකක්

මේ වශී කිරීමත් කැපීමත් හරියටම කරනවානම් එක ජීවිතයත් මරණයත් අතර සටනක් . අනික මේවා කපනකොට ඉසේල්ලම අදාළ දිෂ්ටිය යන්නේ ඇදුරාගේ ගෙදර , ඊට පස්සේ කපන තැනට එනවා , ඇවිත් එතන බිලි පුද ඔක්කොම අරගෙන ඒ වශී ගුරුකම් කරපු කෙනා හොයාගෙන යනවා. ඒ කරපු ඇදුරා මරන්න බැරිනම් කරවපු කෙනා හොයාගෙන යනවා. ඒක නිසා මේවා නොකර ඉන්න එක තමා කෝකටත් හොඳ.

මේ ගුරුකම් හැදෙන කාලවල්වලදී වැඩිපුරම ඉතින් කසාද නීතියක් තිබිලා නෑ. වශී කරගෙන බයෝ පැට්ටිකල් ටික කරලා සිහිය එන්න කලින් මාරුවෙන්න තමයි තියෙන්නේ.

අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේටත් රහත් වෙන්න කලින් මෙන්නේ මෙහෙම වශී ගුරු කමකට මූණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. හුදී ජන පහන් සංවේගය දල්වනු උදෙසා මම දැන් ඒ කතාව වදාරනවා.එහෙනම් සාධු කියන්න පින්වතුනී....

දවසක් ආනන්ද හාමුදුරුවෝ පිඩුසිඟා යනකොට සැඩොල් දුවක් වතුර අරගෙන කලේ උකුලේ තියාගෙන බුලත් විටක් හපාගෙන ඇවිත් තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ සැඩොල් දුවගෙන් බීමට පැන් ස්වල්පයක් ඉල්ලුවම සැඩොල් දුව කිව්වලු අපි කුල හීනයෝ එක නිසා ඔබ වහන්සේ වගේ අය අපෙන් පැන් බොන්නේ නෑ කියලා.
ආනන්ද හාමුදුරුවෝ කිව්වලු නැගෙනියනේ ඔබද මමද සියල්ලෝද මනුස්ස කුලයෙහි ඉපදුන හෙයින් අපි සියල්ලෝම මනුස්ස කුලයෙහි වෙමු. මට අවශ්‍ය පිපාසය සංසිඳුවා ගැනීමට බීමට පැන් ස්වල්පයක් විතරයි කියලා.

ඔන්න ඉතින් පින්වතුනී ආනන්ද හාමුදුරුවෝ පැන් වලදලා ජේතවනාරාමෙට වඩිනවා. අර සැඩොල් කෙල්ලගේ හිතේ ආනන්ද හාමුදුරුවෝ ගැන මලක් පිපෙනවා.ඉතිං මල පිපිලා මෙයා සැඩොල් ගෙදරට යනවා. ගිහින් අම්මට කියනවා ආනන්ද කියලා කෙනෙක් මීට් උනා අනේ අම්මේ මට ආනන්ද ගෙන්නලා දෙන්න නැත්තම් මම මැරෙනවා, අම්ම දන්න මන්තර මතුරලා කොහොමහරි මට ආනන්ද ඕන කියලා. සැඩොල් අම්මා කිව්වා අනේ දුවේ ආනන්ද හාමුදුරුවෝ ගෞතම හිමියන්ගේ ශ්‍රාවකයෙක් , ඒ නැතත් කොසොල් රජතුමා ගෞතම හිමියන්ගේ අග්‍ර දායකයෙක්, මේවා මෙහෙම කරොත් අපේ සැඩොල් ගුබ්බෑයමටම ගිනිතියයි.හෞතමයන් වීතරාගී කෙනෙක් අපේ හැම මන්තරයක්ම උන්වහන්සේගේ බුද්ධ මන්තරයට යටයි . කලත් මේක හරියන එකක් නෑ කියලා.

එත් දුව කියනවා මට ආනන්ද ඕන ඕන ඕනනමයි කියලා.ඊට පස්සේ අම්මා සූරියකාන්ත මල් 108ක් අරගෙන එක එක මතුර මතුර ගින්නට දානවා . දුව හොඳට නාලා ඇඳගෙන ඇඳක් හදලා තියාගෙන බලාගෙන ඉන්නවා. ගුරුකම වැඩ කරලා කොහොම හරි ආනන්ද හාමුදුරුවන්ගේ හිත අව්ල් වෙලා සැඩොල් ගුබ්බෑයමට ඉබේම එවෙනවා. මෙහෙම අවිත් සැඩොල් ගුබ්බායමේ ඉස්සරහා ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට තේරෙනවා තමන්ට අනතුරක් කියලා. පස්සේ බුදුන් වහන්සේ මතක් කරලා පිහිට පතනවා. මේ සිද්දිය දකින බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් බේරගන්න බුද්ධ මන්ත්‍රය දේශනා කරනවා . ආනන්ද හාමුදුරුවෝ ඒ කරදරෙන් මිදිලා විහාරයට යනවා .

සැඩොල් දුව අම්මට කිව්වා අම්මේ ආනන්ද ගියා කියලා. අම්මා කිවා අනිවාර්යෙන්ම ගෞතම ස්වාමීන් වහන්සේ බුද්ධ මන්තරය කියන්න ඇති කියලා. පස්සේ බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට ෂඩක්ෂරී විද්‍යාව කියලා දෙයක් උගන්වනවා. එහෙම කියලා බුදු රජාණන් වහන්සේ ආනන්දයන්ට දේශනා කරනවා මේ ෂඩක්ෂරී විද්‍යාව මතක තියා ගන්න දන්න කෙනෙක්ට ඕනෑම ගුරුකමකින් බේරෙන්න පුළුවන් කියලා.

ෂඩක්ෂරී විද්‍යාව

අණ්ඩරේ පාන්ඩරේ කාරනෙඩ් කේයුරෙර්චි හස්තේ ස්වර ග්‍රීවේ බන්ධුමතී වීරමතී ධර විධ චිලිමිලේ විලෝඩය චීශාණි ලෝකේ විෂ චල චල ගෝලමතී ගන්ඩවිලේ චිලිමිලේ සාතිනි මෙන යතා සංවිභාකෙත ගෝලමතී ගන්ඩවිලායෙයි ස්වාහඃ...


මේක තියෙන්නේ දිව්‍යාවදානය කියන පොතේ.



ඔන්න ඔහොමයි ඒ වශී ගුරුකම සිද්ද උනේ. බුදුන්වහන්සේගේ ධර්මයට මේ හැම එකක්ම යටත් වෙනවා....
මේ ආනන්ද හාමුදුරුවන්ගේ කතාව ෆිල්ම් එකක තිබුනා. මට මතක නෑ ... දන්න කෙනෙක් පුළුවන් නම් දාන්න ෆිල්ම් එකෙ නම .

ඒවගේම පොස්ට් එක දිග වෙන නිසා මම මෙතනින් නවත්තනවා . වශී ගුරුකම් ගැන දන්න අය මේකට යහමින් කමෙන්ට් කරත්වා !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා.......!

37 comments:

  1. හ්ම්......... පණ්ඩිත සාගරේ :-da නියමයි වයලෝ (As usual) g-)

    ReplyDelete
    Replies
    1. :(( :(( :(( :((
      මෙන්න මේ අනොනියා අක්කා මට බනිනවා ......................................
      හිහ හිහ හිහ හිහ
      බොහොම ස්තූතී අක්කා g-) g-)

      Delete
  2. නොදත් කරුණු බොහොමයක් දැනගත්තා මේ ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. ඔය මැනික් හින්න පැත්තේ වශිකාරයෝ වැහිවැහැලා. මං නං ඕව පිලිගන්නේනනැ

      Delete
    2. ඔව් ඔව් ඒ පැත්තේ පොඩ්ඩක් වැඩියි තමයි . ජෝතිෂ අයත් වැඩියි .
      හ්ම් හ්ම් එක එක්කෙනා හිතන හැටිනේ . දැන් කොහොමත් විශ්වාස කරන්නත් බෑ ඉන්න හොරුත් එක්ක .
      බොහම ස්තූතී ! g-) g-) g-)

      Delete
  3. මේක සිරාවටම සුපිරි ලිපියක්...

    මල්ලි ඔය නුල් පැන්නවීම හරි යන්න නම් අදාල කෙනාගේ ඇඳන් ඉන්න ඇඳුමෙන් ගත්ත නුලක් වෙන්න ඕනා.එහෙම උනොත් තමයි වශිය ස්වභාවික වෙන්නේ.නැත්තන් වශී කර ගත්ත එකී ඉන්නේ පිස්සුවෙන් වගේ මන්තර හිතින් හිතීම කියන කොට මතක් උනේ නියම එකක් තියනවා එක දොළොස්වතාවක් කියල අදාළ ගෑනු කෙනාගේ ඇඟ ස්පර්ශ කරන්න විතරයි ඕනේ.එකේ බලය තියෙන්නෙත් පැය 24.වෙන කෙනෙක් උත්සාහ කරනවා දැකල තියනවා.වැඩේ හරියටම හරි. තව ක්‍රමයක් තමයි ගම්මිරිස් ඇටේට මතුරලා බුලත් කොලෙන් හදපු ගොට්ටෙන් පිඹින එක.එක තමයි බහුතරයක් ගුරුන්නාන්සේලා ගෑනු ළමයි වශී කර ගන්න යොදා ගත්තේ. මම උඩින් කියපු ක්‍රම සියල්ලම අගතියට පත්වෙන පාර්ශවයට ලොකු කරදරයක් නැති ක්‍රම.

    පහලින් කියන කරමේ ටිකක් භයානකයි. තව තියනවා ක්‍රමයක් මල් වලට මතුරන එක.එකට මල් දෙකක් යොදා ගන්නවා.එකක් රතු පාටයි අනික සුදු පාටයි.මල් දෙකට මතුරන්නේ අපිට වශී කර ගන්න උවමනා කෙනාගේ නමින්.ඊට පස්සේ රතු පාටමල හංගගන්නවා කොතැනක හරි.ඊට පස්සේ සුදු පාට මල වශී කර ගන්න ඕනෑ ඇත්ති ගේ ඇස මානයට අරන් යනවා.අදාළ කෙනා ඒක දැක්ක ගමන් එන්නේ දිශ්ටියක් වැහිලා.මෙහෙමයි වැරදිලාවත් අර සුදුපාට මල අර කෙනාගේ අතට ගන්න දෙන්න හොඳ නෑ.මොකද එයා දැපනේ වැටිලා තියෙන්නේ අර මලට.එහෙම උනොත් වැඩේ හබක්.වශී නෙවෙයි මැරුම් කන්න වෙන්නේ.ඒකට කරන්න තියන හොඳම වැඩේ තමයි.අර කෙනා දපනෙට වැටුන ගමන් අර මල කටේ දාගෙන ගිලින ඒක.ඊට පස්සේ අර දැපනේ වැටුන කෙනා පිස්සුවෙන් වගේ අර අනිත් කෙනා කියන ඕනෑම දෙයක් කරනවා.කරගන්න උවමනා දේවල් කර ගත්තට පස්සේ අර රතු පාට මල පෙන්නන්න විතරයි තියෙන්නේ.දිෂ්ටිය ඉවරයි.ලෙඩා මැරුණත් බඩ සුද්දයි.

    කෑමට දීම - මේක තමයි ලංකාවේ ගොඩක් නිවාස ආශ්‍රිතව පාවිච්චි වෙන ක්‍රමේ.ඒ ඒ කියන්නේ කසාදේ පරක්කු දුවරු ඉන්න අම්මල එහෙම ඉතා සිතින් විශ්වාස කරන ඉන්නේ මේ ක්‍රමේ ගැන තමයි.හැබැයි මේ ක්‍රමෙන් දීර්ඝ කාලින අතුරු පල තියනවා.ස්නායු රෝග,සුව වෙන්නේ නැති වසරේ ඒක කාලයකට පමණක් ඇතිවෙන බඩේ අමාරු වගේ ඒවා.අනිත් එක තමයි මේවා නියමිත මාත්‍රාවෙන් දෙන්න ඕනෑ ඒ කියන්නේ හැන්දක් නම් හැන්දක්.අඩු උනොත් වශිය නොවේවි හැබැයි වැඩි උනොත් වඳ භාවය ඇති වෙන්න පුළුවන්.

    ඇත්තටම නීච කුල වශී වල තියන භයානක භාවය අඩුයි(රොමැන්ටික් වශී/ඇත්තටම ආදරේ කරනවා)...බොහෝවිට ඒවා අයින් කරන්නත් පුළුවන්.හැබැයි බහුතරයක් වශී වලින් ලැබෙන්නේ භයානක අතුරුපල.ඒවා කෙරුවම වෙන්නේ අදාළ කෙනා අනිත් කෙනාට අවනත වෙන එක විතරයි.කොහොම උනත් මම කැමතිම නැති දෙයක් මේ වශී කියන්නේ.හිතේ ඇතිවෙන හැබෑම කැමැත්ත වගේ නෙවෙයි නේ ඉතින්.... :)

    ReplyDelete
    Replies
    1. ගුරුකම් ගැන එක එක ඒවා තියෙනවා අයියා . අනේ මන්දා . ඕවා අහනකොට වෙලාවකට කොයිල් වෙනවා !
      බොහොම ස්තූතී අයියා ! g-) g-)

      Delete
  4. ඔය ෂඩක්ෂරී විද්‍යාව කියල තියන එක කිව්වහම හරිද?
    අපෝ අපේ ඉන්කෝලෙත් ඩයල් එකක් හිටිය ඔය වගේ වශී පස්සෙ පන්නපු.

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ අනේ . මගේ පස්සෙන් නම් ඔය ගොන් කෑලි ඇවිත් නෑ . හිහිහිහිහිහිහිහිහිහිහිහිහිහ්
      :-? :-? :-? :-? :-? :-?

      Delete
  5. වයලින් දැකල තියනවද ඔය ගජමදාරා ගස්? තියනවනම් කියන්නකො, අපි දෙන්න එකතු වෙලා අලි ගහන ගම්මාන වලට ගිහින් ගජමදාරා පැල විකුනමු

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ අනේ අනේ ....
      මමත් මේ හොයන්න ඉන්නේ .
      බලමු .
      හම්බුනොත් පටක රෝපණ ලයින් එකක් දාලා අපි සින්දුවටත් හොරෙන් බිසිනොස් එක එලටම කරමු ....
      g-) g-) g-)

      Delete
    2. අඩෝ සිරා අයිඩියා එක. මට හොරෙන් ? ඒවානම් වානා ! උඹලා කරපං මට 50% ක් දියන් :D

      Delete
    3. සීයට රුපියල් 50ක් දෙන එක මහා කජ්ජක්ය මම අහන්නේ ආ ....
      :-bd :-bd :-bd :-bd

      Delete
  6. macho math ouwa gan tiak dannawa...owage aththak thiyanawa...samaharu boruth karanawa..oya ගජමදාරා ගස් mama me rate danna hama thanama heuwa..eth hambaune na...samaniyen ape pus kola poth wal thiyan hatiyatanam oya gas walin ali mella karanawat wada wadi yamak karand puluwan.eth oya gas hoyand na.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් .
      වේදමහත්තයෙක් කරගෙනයන ඔසු උයනක් තියෙනවා . ඒකෙ ඇති . ඇති නෙවෙයි තියෙනවා .
      වැඩි හරියක් ඕක හිමාලේ තමා තියෙන්නේ .
      ඔව් ඊට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් .

      Delete
    2. අඃ බොහොම ස්තූතී ආ g-) g-)

      Delete
  7. ඔය එක දේවාල පුල්ලියෙකුටවත් ඔය කියන කිසිම දෙකින් මගේ පුකේ මයිල් ගහක්වත් හොල්ලන්න බැරි වුනා. මම සෑහෙන මන්තර කාරයෝ තොගයකට අබියෝග කරලා තියනවා. එකෙකුට බැරිවුනා මොකවත් කරන්න. මගේ කොන්දේසි සරලයි. දේවාල පුල්ලියා දෙන කිසිම තෙලක්, දියරයක්, ගුලියක්, බෙහෙතක්, කන්න බොන්න මම සුදානම් නැහැ. ඕනෙම සුරයක්, බලියක්, වෙනත් පැන්නුමක් උඩින් පනින්න මම සුදානම්. අතේ, බෙල්ලේ, ඉනේ, බඳින නූල්, රසායනික පරීක්ෂාවකින් පසුව පමණක් මගේ සිරුරේ බඳින්න දෙනවා. (විෂ පරීක්ෂණ)

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ
      හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ
      හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ
      හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ
      හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ

      Delete
    2. බොරු කාරයෝ එක්ක බෑ තමයි . ඇත්ත කතාව . බොහොම ස්තූතී ! g-)

      Delete
    3. නිකන් හඃ හඃ ගාලා පුස්සෙක් වෙන්න එපා. කරුණු දක්වනවා සංවාදයකට. බැරිකම වහගන්න හදන්න එපා.

      Delete
    4. // මගේ පුකේ මයිල් ගහක්වත් හොල්ලන්න // පුළුවන්ද කියන එකනම් ඉතිං දන්නේ නෑ. ඒකටනම් හුළඟක් තිබ්බම කරගන්න පුළුවන් වෙයි. කොහොමවුනත් මෙතනදී වයලිනෝ කියලා නෑ එයා ගුරුකම් කරන කතාවක් . එයා හොයාගත්ත කරුණු ගැන ලිපියක් දාලා තියෙන්නේ. ඔයා ලිපියේ හරය තේරුම් අරගෙනද මන්ද !

      ඒ වගේම මේවා ඔක්කම බොරුනම් ඒ තරම් කාලයක් පවතින්නේත් නෑ නේද?. මමත් තාම ඇහින් දැකලා නෑ ඒ නිසා මමත් විශ්වාස කරන්නේ නෑ. ඒත් මම ඒවාට නිග්‍රහ කරන්නේ නෑ. මොකද සාත්තරේ හරියට දන්න කියන අයත් ඉන්න පුළුවන්. ඔයාට තාම එහෙම කෙනෙක් ලැබිලා නැති වෙන්න පුළුවන්. කාලෝෆොන්සේකාටවත් තාම හොයාගන්න බැරි වුනානේ.
      අන්තිම පේලියේ පොස්ට් එකක තිබුනා කෙනෙක් කියලා ඔහොම තැනක් ගැන. එතන ලිපිනය එක්කම. ගිහින් බලලා අපිටත් කියන්න. මම පුළුවන් ඉක්මනට පොස්ට් එක හොයලා ලින්ක් එක දාන්න බලන්නම්.
      බොහෝම ස්තුතියි !

      Delete
    5. නිහතමානි වෙන්න ඉගෙන ගත්තනම් මේවායේ ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි මයිල් කෙසේ වෙතත් .

      Delete
    6. මට හිතාගන්න පුළුවන් ඔය කවුද කියලා . හා හා ඔහොම යන් .

      Delete
    7. http://www.facebook.com/photo.php?fbid=196639293826458&set=a.188801011276953.1073741828.187412418082479&type=1&theater

      Delete
    8. මට හිතාගන්න පුළුවන් කියලා කියනවානම් ඔයාටත් දේවාල පුල්ලි හපන්කමෙන් ටිකක් හරි ඇති. ඉතින් කෙලින්ම කියන්නකෝ මම කවුද කියලා. බුදු හාමුදුරුවෝ 'තිරස්චීන විද්‍යා' කියලා කිව්වේ මොනවාටද කියලා හොයලා බලන්න. එතකොට අර සිංදුවා වගේ අයට තියන මානසික භ්‍රාන්තිය නැති වෙනවා.

      Delete
  8. අනේ බං ඇනෝ.... කාටද වෙලා තියෙන්නෙ ඔව්වගෙ ඇත්ත නැත්ත බල බල ඉන්න.
    වයලින් උඹ පෝස්ට් දාපන් මචන්. බලන එවුන් ඒවා තමන්ගෙ ජීවිතේට සම්බන්ද කරගත්තට උඹ මොනව කරන්නද? :-f

    ReplyDelete
    Replies
    1. =)) එක තැනකින් වෙච්ච දේකින් හැමදේම මනින්න හොඳ නෑ මම හිතන්නේ . උකුස්සයියගේ කොමෙන්ටුව දැක්කම මට මතක් උනේ . කොන්ඩදෙණියේ හාමුදුරුවෝ ගැන කවුරුත් අහලා ඇතිනේ .

      වෙහෙරගල පන්සලේ ලොකු හාමුදුරුවෝ , කොන්ඩදෙනියේ හාමුදුරුවන්ට හැමදාම බැනලා තියෙනවා මුලකාලේ මන්තර පාඩම් කර කර ඉන්නේ මොකටද බන භාවනාවක් කරන්න කියලා . කොන්ඩදෙණියේ හාමුදුරුවෝ ඒත් තමන්ගේ වැඩේ අතාරලා නෑ .

      මේකයි අවුල . මන්තර ගැන ඉගෙන ගන්න ගියාම වෙන දේවල් ඉගෙන ගන්න තියෙන උවමනාව නැතිවෙනවා . ඒ නිසා තමයි ලොකු හාමුදුරුවෝ එදා එහෙම කියන්න ඈත්තේ . මන්තරවල පිහිට පතන්න ගියාමත් එහෙමම තමයි . ඒවම ඕන වෙනවා . සමහර විට අන්ධ වෙලා වගේ ඒවායේ පිහිට පතනවා .

      මන්තරවල තියෙන්නේ තනිකරම පිසික්ස් කෙමිස්ට්‍රි සංකල්ප . අනික ඒවා දැන් ඉන්න එවුන්ට පත්තියන් වෙන්නේ නෑ . මොකද ඔලුව ලොකුයි අනිත් ඒවට වඩා වැඩිය . ඔච්චර ඕන නෑ . ලොකු ලොකු පිරිත් සූත්‍රවල කොටස් වෙන් කරලා ඒවායින් කොඩිවින කරන්න දාන්න මිනිස්සු එක්ක මම කතා කරලා තියෙනවා . ඒ මිනිස්සු ඒවා හදන්න ඕන පාරම්පරික සංකල්ප හරියටම ඉගෙනගෙන තියෙනවා . එහෙම එයාලා ඉගෙනගෙන තියෙන්නේ කාගේවත් පුකේමයිල් හොලවන්න නෙවේ . අසාධාරණයක් උනොත් ඒවාට තමන්ට කරන්න පුළුවන් දේවල් කරලා ශේප් වෙන්න . එයාලා කැමති නෑ මෙහෙම ලෝකෙට පේන්න කෑගහලා ශාස්ත්‍රය හෑල්ලු කරන්න . එයාල ඉගෙනගෙන තියෙන්නේ එයාලගේ මහන්සියෙන් එයාලට ආසාවට එයාලගේ ගුරුවරුන්ගෙන් විශ්වාය මත පදනම් වෙලා .

      දෙහි ගොනියක් දුන්නොත් එක දෙහි ගෙඩියට එක මන්තරේ ගානේ කිය කිය දෙහි කපන්න පුළුවන් මනුස්සයෙක් මම දන්නවා . එච්චර දෙයක් ඒ මිනිස්සු ඔලුවේ තියාගෙන ඉන්නේ මයිල් හොලවන්න නෙවේ .

      කොන්ඩදෙනිය පන්සලේ දැන් ඉන්නවා අපි ඔය කියන සීලරතන හාමුදුරුවන්ගේ අයියාගේ පුතාගේ පුතා මහණවෙලා . ඒ හාමුදුරුවෝ මහන කරලා තියෙන්නේ කොන්ඩදෙනියේ හාමුදුරුවෝ . කාටහරි ඕනනම් ඔන්න ගිහින් කතාකරලා බලන්න . පන්සලේ තියෙන සමහර පුස්කොලපොත් පෙන්නයි . ඒවායේ තියෙන දේවල් කියයි . හැබැයි පුකේමයිල් හොලවගන්න නෙවේ දැනගන්න . සමහරවිට ඒවායින් මයිල් හොලවගන්න ආව කියලා දැනගත්තොත් හාමුදුරුවෝ ඒවා කියාදෙන එකක් නෑ .

      මෙතන මේ මෙයා මයිල් හොල්ලන්න කියලා කෑගැහුවේ මම දන්න දේවල්වල තරම මැනගන්න . මම දාන්න ඒවා ..........
      හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ හඃ

      ( මට රැවුල ඇවිල්ලා ගොඩක් කල් )

      උකුස්සයියා ටැංකියු හා ! එල එල
      මම ලියනවා . මොකෝ මේක මේ තමන්ගේ නම දාලා කමෙන්ට් කරන්න බැරි උන් ඉන්න රටක්ය . අපි අපි කවුද කියලා අපි දන්නවා නේද මෙයා . දාන්න මෙයා පහක් d-) d-) d-)

      Delete
    2. උකුස්සෝ මිනිස්සු මිත්‍යාව පස්සේ ගිහින් කාලය ශ්‍රමය ධනය වැය කරලා ඉච්ඡා භංගත්වයට පත්වීම වැලැක්වීම අපේ යුතුකමක්. බාරගන්න එකා බාරගනින් නොපිළිගන්නා එකා ඕනේ කුදයක් ගහගනින්. හැබැයි අපි කියන්නේ යතාර්ථවාදීන් ලෙස අවුරුදු ගණනාවක් අත්දුටු දේවල්.

      Delete
    3. වයලීනෝ, ඔයා වයලීනෝ, රවිකිඤ්ෙඤා්, මැන්ඩලීනෝ, ගිටාරෝ, බැන්ජෝ, එස්රාජෝ, තියා කවුරු වුනත්, අපිත් වී කරල් වගේ නැමිච්ච අය තමයි. ශ්‍රී සද්ධර්මය ආත්මය කරගෙන තිබෙන බැවින් අපි තිරශ්චීන විද්‍යාවට බය නැත. අපි සතර අගතිය හඳුනන නිසා තිරශ්චීන විද්‍යාවන් පිළිකෙව් කරමු. අප තුල අභව්‍ය දේ පිළිබඳව බයක් නැත. ඉතින් එවැනි අභව්‍ය දේ ඉදිරියේදී අපි වී කරල් මෙන් නැමෙන්නේ නැත.

      Delete
  9. ඇනෝට කිවයුතු දෙයක් ඇත. අපි බුදුදහමේ සමහර දේවල් පිලිගන්නේ විශ්වාසය මතය. බුදුහාමුදුරුවෝ විශ්වය ගැන සෙවීමට මහන්සි වෙන්න එපා කීවට පස්සෙත් රහතන් වහන්සේ නමක් අභාවකාශයට වැඩල බුදුහාමුදුරුවො විසින්ම බේරගත්ත කතාව ඇනෝ දන්නව ඇතිනේ. ඊට පස්සෙ බුදුහාමුදුරුවො මොකද්ද දේශනා කලේ කියලත් ඇනෝ දන්නව ඇතිනේ.
    අංගුලිමාර පිරිත කියන්නෙ බොහෝම වටිනා බලගතු පිරිතක්නේ. ඔය පිරිතෙන් වෙන දේ කාටවත් විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑනෙ. එහෙමයි කියල අපි ඒක අවිශ්වාස කරන්නෙ නෑනෙ. අනිත් එක ඕකෙන් පුලුවන්නම් මයිල් හොලවන්න කියල කියන්නෙත් නෑනෙ. ඒවගෙ සත්‍ය අසත්‍යතාව ඒගොල්ලො ගාවම තිබ්බවෙ. විස්වාශ කරන එකා විශ්වාස කරයි. හැමදාටම බොරුව රජ වෙලා තියෙන්නෙ නෑනෙ. මතකනෙ දොළුකන්දෙ පිරිත් වතුර, බෝගහේ බුදුහාමුදුරුවන්ගෙ සීන් එහෙම. ඉතින් ඇයි මේ ඇනෝ තමන් විස්වාශ නොකරන දේකට කලබල වෙලා

    ReplyDelete
    Replies
    1. මම මේ ලඟදි දැනගත්තේ . ඉන්දියාවේ තිබ්බ ලොකුම බෞද්ධ විශ්වවිද්‍යාලය තමයි නාලන්දා .
      ඒකෙ මේ තිරශ්චීන විද්‍යවන් උගන්වලා තියෙන වගට හියුං සාං හා ෆාහියන් කියන අයගේ දේශාටන සටහන්වල තියෙනවා .
      හාමුදුරුවන්ට උනත් අවශ්‍ය වෙලාවට මේවා භාවිතා නොකර බැරි උනාම ගන්න වෙනවා .
      සල්ලි භාවිතය අකැප උනාට දැන් භාවිතා නොකර බැරි නිසා ගන්නවා .
      බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ තිරශ්චීන විද්‍යවල් වල එල්බගෙන ඉඳලා සත්‍ය අවබෝධය පමා කරගන්න එපා කියලා .
      බුදු හාමුදුරුවෝ තමන් වහන්සේ අසනීප උනාම පිරිත් කියවා ගත්තේ අහවල් එහෙකටය එහෙනම්. ත්‍රිපිටකේ මතක් කරලා සනීප කරගන්න තිබ්බනේ .
      මෙතන තියෙන්නේ හොඳ වචන වල තියෙන කම්පන ශක්තිය අනුව අවශ්‍ය ඵලය ලැබෙන එක . ඒක විද්‍යාත්මකව ඔප්පු වෙනවට වඩා වෙනස් දෙයක් නේද ?

      Delete
  10. ලිපිය නම් උපරිමෙන්ම රස වින්දා.. මමත් මේ සබ්ජෙක්ට් එකට උනන්දු නිසා විශේෂයෙන්ම..

    ඒක නෙමෙයි දෙයක් අහන්න ඕනේ: අර අලගු ලැයිස්තුවේ තිබුණු එකක් ගැන.. ඒවයින් බොහොමයක් ඒ නම්වලින්ම මමත් අහල තියෙනවා.. ප්‍රශ්නේ තියෙන්නේ අර "ලංකෙෂ්ටනා අලගුව" ගැන.. ඕක මම අහල තියෙන්නේ "ලක්ෂේට නා / ලක්ෂයට නායක බන්ධනය" කියල.. මේ ඒක ද ? අඳුනගන්න පහසුවට ඔන්න මන්ත්‍රයම දැම්මා..

    "ඕං ඉරුන්දන් ඉරනාක්කට්ටු චන්ද්‍ර චන්ද්‍රං කට්ටු කෛරවීර චන්ද්‍රා කෛර කට්ටු විෂ්ණු පරන්ද දේවී කට්ටු පුඩි සෙයිලන්ද කට්ටු වෛරාසු කම්බිලි කට්ටු ජලකුඩ යෙරුං සර්ව ඉරන්ද කට්ටු උළිවන්ද සෙයියාක් කට්ටු සිවයිල් ජමිතුන්ද වෛරන්ද කට්ටු මූර්ධ සිළිල ඉලි කොණ්ඩා ජාවිලාඩි කට්ටු පාසි ලන්ද වානා නාද කට්ටු වක්‍රතුණ්ඩයුං සෙරියාක් කට්ටු හෙලා හොලා හෝලා කට්ටු ප්‍රලය ප්‍රලය පූට්ටු පූට්ටු නමඃ"

    ReplyDelete
    Replies
    1. නෑ ලන්කෙෂ්ට තමා . ලක්ෂේටනා සහ ලන්කෙෂ්ටනා කියන්නේ දෙකක් ......

      Delete
  11. :) :( :)) :(( =)) =D> :D :P :-O :-? :-SS :-f d( :-* b-( h-( g-) 5-p y-) c-) s-) d-) w-) :-h :X :-bb :-bd :-da :-gr :-pi :-vi :-as ;-) :-rap ;) :C v: :8

    ReplyDelete
  12. වශීකර්ම කරල විදින තරම් පහසු නැ විදවන්න ගියාම. වශියක් කරාම ඒකෙ කර්ම විපාක ලෙස පිරිමියෙක් ගැහැනියකුට කල පසු නැවත ආත්ම ගණනාවක් යනතෙක් පිරිමි ආත්මයක් නොලැබීම හා ගැහැනියක් පිරිමියකුට වශියක් කිරීමේදී නැවත එලෙසම ආත්ම ගණනක් යනතෙක් ගැහැණු අතම වලම ඉපදී විවිද දුක් කම් කටොළු වලට මුහුණ දෙන්න විදු වීම.

    මේවා අහන දකින අය සෑම විටකදී පවට බියවන්න පුරුදුවෙන්න. හැකි අයුරින්. හොද ඇදුරෙක් වශියක් කිරීමේදී බුලත් අතත් සමග ආරාධනාව පිළිගන්න කලින් වශිය කරගන්න ඕන කෙනාට මෙහි කාර්ම පල කියාදී ඔහු එය භාර ගන්න කැමතිනම් විතරයි වශිකර්මයට අත තබන්නේ.

    ඔබ සැමට ජය. අයියා නායක දෙවි පිහිටයි.

    ReplyDelete
  13. ඔය දිව්‍යවදනය කියන පොත හොයාගන්න නැද්ද

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.