Sunday, June 2, 2013

ගණ දෙවියන් ගැන මගේ මතකය




සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට කියලා අතීතයේ හිටපු පඬිවරු කියලා තියෙන්නේ කට කහනවටද නැත්නම් වෙන කොහෙවත් කහනවටද කියලා වයලීනෝගේ වයලීන් මොලේට අයිඩියා එකක් ආවා . සමහර වෙලාවට සකස්කඩ කියවපු අයට වඩා අපේ කටවල් ගින්දර වගේ උනාට සකස්කඩ කොල්ටි ඇති කියලා හිතලා ඔන්න වයලීනෝ සකස්කඩක් හොයාගෙන ආවා ගෙදරට .

මොකටද ගෙනාවේ පින්වතුනී.............
ආ...න්න හරී..
කියවන්න කියවන්න.

සාදුකාරයක් දීලා අහගෙන ඉන්න ඕන දැන් ඔන්න . දේශනාව අතරේ නැගිටලා යනවා එහෙම නෙවේ . ගියොත් දන්නවනේ වයලීනොගේ හැටි . ටියුන් කරනවා එකා එකා වෙනම ස්කේල් වලට.

ඉතින් වයලීනෝ වයලීන් එක ටුයින් කරගෙන සකස්කඩ කියවන්න ගත්තා .

අප තථාගතයන් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත් කරණීය සර්වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂ වැ උදයව්‍යයභංග නව මහා විදර්ශනා...........

කියලා පලවෙනි පේලිය කියවනකොටම අයියෝ මුදල් , මටනම් මේක කියවන්න බෑ බෑ බෑ කියලා එළු තියරියෙන් වැඩේ අතැරලා දැම්මා . ඊට පස්සේ හිතෙන් කියවලා පොඩ්ඩක් තේරුම් ගන්න ට්‍රයි කළා .එකනම් පොඩ්ඩක් ගොඩ . යන්තම් වචනයක් දෙකක් තේරුම් ගත්තා .
සකස්කඩ කියන්නේ ඡේද වෙන් කරලා නැති, එක දිගට කියාගෙන යන්න තියෙන හෑල්ලක් . ට්‍රයි කරලා ට්‍රයි කරලා කොහොමහරි කියවගත්තොත් සිංහල ඉංගිරීසි දෙමල ඕන එකක ප්‍රනවුන්සින් ගොඩම තමා . ඔක්කොම තියෙන්නේ දිව උලුක්කුවෙන වචන . කොපිපොත් පිටු තුනහමාරක් විතර එක දිගට මේ හෑල්ල ලියවිලා තියෙනවා .ගොඩක්ම ඒකේ අන්තර්ගතවෙලා තියෙන්නේ බුදුගුණ ගැන තමයි .

මම හොයාගත්ත සකස්කඩ තියෙන පොත පරණ රචනාවන් කීපයක්ම අන්තර්ගත්වෙලා තියෙන පැකේජ් එකක් . ඒ පොතේ

සිංහල හෝඩිය
නම්පොත හෙවත් විහාර අස්නය
මගුල් ලකුණ
අශීති අනුව්‍යඥ්ජන
වදන් කවි පොත
ගණදෙවි හෑල්ල
බුද්ධ ගද්‍යය හා සකස්කඩ
නාමාෂ්ට ශතකය හා නවරත්නය
ව්‍යාසකාරය
කියන පුරාන රචනා කිරීම් නවයක් තිබුනා .

සකස්කඩ අවුල් නිසා සෙට් උනේ ගණදෙවි හෑල්ල කියවන්න . මේ තියෙන්නේ ගණදෙවි හෑල්ලේ මුල් කවි ටිකක්....

ආයුබෝ වන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාගන දල නෙතා
ඉසුරු එබිසෝ වෙතා

ගැබ කුමරු හට ගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා

එදොල සන්සිදුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කලුවෙතා
කිරි බරින් සිටගතා

නවසදෙව් රුවිනිතා
දස එකඩ මස වෙතා
විලිරදය පහරිතා
ගුරුදිනේ බිහිවෙතා

රෙවතිය මෙ නකතා
කඳ කුමරු නම් ලතා
ඔවුන් පුත් ගනපතා
ඔහුට තෙද බල ඇතා

තෙද නුවන විකුමැතා
රකුසනට බලවතා
නරයනට සිරි දෙතා
සුරිඳුනට අගපතා

එ සිවුසැට සිල්පයට
වැඩිශිල්ප දසට රට
නිපුන කරවන ලෙසට
මෙවැනිගණ දෙවිඳු හට

ඔන්න ඔහම තමයි මේ කියන්න යන කතාවට මූලාරම්භය එන්නේ . ගණ දෙවියෝ කිව්වම අපිට මතක් වෙන්නේ ඇත් මූණ සහ චන්ඩිබන්ඩිය .



ගණ දෙවියන්ට විවිද නම් 108ක් භාවිතා වෙනවා . ගනේශ, ගණපති,පුල්ලෙයාර්,ඒකදන්ශ්ට්‍රා,විනයාගර් වගේ නම් සෙට් එකක්ම තියෙනවා .
ගණ දෙවියන්, ශිව සහ පාර්වති දේවියගේ පුතෙක් . දන්නවනේ අනිත් එක්කෙනා කතරගම දෙවියෝ. ගණ දෙවියන්ගේ සිරුර තරබාරුයි, මිටියි,එල්ලෙන චන්ඩි බන්ඩියක් තියෙන්නේ ,එක දලයක් කැඩිච්ච ඇත් මූණක් තමයි තියෙන්නේ .ඔෆීස් වෙහිකල් එක මීයා .

වම් අතේ කඹයක් දකුණු අතේ අංකුසයක් ( හෙන්දඩුවක් ) අනිත් වම් අතේ තමාගේ කැඩිච්ච දල කොටසත් අනිත් දකුණු අතේ කැවුමකුත් තියෙනවා . ඒ කියන්නේ ගණ දෙවියන්ට අත් හතරක් තියෙනවා කියලා. එත් සමහර අවස්ථාවලදී ගණ දෙවියන්ට අත් හයක් හෝ අටක් එකතු කරලා පිළිම නිර්මාණය කරලා තියෙනවා. එත් නිවැරදි රූපය අත් හතරක් තියෙන රූපය කියලා තමයි විස්තර කරලා තියෙන්නේ .

ගණ දෙවියන්ට විවිද අවතාර අටක් තියෙනවා කියලා මුගල්ද පුරාණය කියන රචනාවේ සඳහන්වෙනවා . වක්‍රතුන්ඩ,ශේෂ,විග්නරාජා,ධූමකේතු,මයුරෙශ්වර,ගජානන ......කියලා අටක් සඳහන් වෙනවා . මේ අතරින් පහකම වාහනය විදියට තියෙන්නේ මීයා. තව සිංහයා ,මොනරා වගේ සතුන් වාහනය විදියට නම් කරලා තියෙනවා .ඊට අමතරව ජයිනයන් විසින් ගණදෙවියන්ට මීයා ඇතා ඉබ්බා බැටළුවා හෝ මොනරා කියන සතුන් වාහන විදියට නම් කරලා තියෙනවා.

ගණ දෙවියෝ කැවුම් කන්න පස්ට පෙරේතයිලු. එක පෙන්නුම් කරන්නලු එක අතකට කැවුමක් තියාගෙන ඉන්නේ . පුදුමයි ඒකත් නොකා පරිස්සම් කරගෙන ඉන්නවා.


ඒ වගේම ඇත් පංතියට නායක වෙන්නෙත් ගණ දෙවියෝ . ඒ බව සංකේතවත් කරන්න තමයි කඹයක් සහ හෙණ්ඩුවක් අත්වලින් අරගෙන ඉන්නේ. ගණ දෙවියන්ගේ මව පාර්වතී දේවිය . පියා ශිව දෙවියෝ.
ගණ දෙවියන්ගේ උප්පත්තිය සහ ඇත් හිස ගැන යෙක යෙක කතා තියෙනවා.



ඔන්න දවසක් ශිව දෙවියෝ ඔෆීෂියල් වැඩකට තමාගේ දේව පිසාච යක්ෂ පිරිවරත් අරගෙන එතුමා වාසය කරන කයිලාසකූටයෙන් බැහැරට යනවා .ඉතින් උමා දේවිය විතරයි පැල්පතේ තනියම . එතුමියට නාන්න යන්න ඕන උනා . එත් ගෙදර කවුරුවත් නැති නිසා කවුරුහරි ආවොත් තමාට ඌයියා කරයි කියලා හිතලා තමාගේ සිරුර අතින් පිරිමැදලා අතට ආපු කුණු වලින් පුර්ෂයෙක් මවලා " මම නාලා එනකන් කිසිම කෙනෙක්ට ගෙට එන්න දෙන්න එපා " කියලා ප්‍රොමිස් කරගෙන දොරකඩ මුරට තියලා පාර්වතී තුමිය නාන්න ගියා .




ඔෆීෂියල් වැඩේ ඉවරවෙලා ඔන්න ශිව දෙවියෝ එනවා ගෙදරට . ඒත් මේ දොරකඩ ඉන්න පුර්ෂයා ශිව දෙවියන්ට ඇතුල්වෙන්න දෙන්නේ නෑ .ශිව දෙවියෝ මෘදු වචන ,සීතල වචන ,හොට් වචන , අන්තිමට රළු වචනත් කියලා බලනවා ගෙට ඇතුල් වෙන්න . එත් ෆුල් ඔබ්ජෙක්ෂන් .
අවසානයේ ශිව දෙවියෝ

වන්... ටූ.... ත්‍රී......... ශුලයෙන් මේ මුරකරුවාගේ හිස වෙන් වෙන්න පහර දීලා ගෙට ඇතුල් වෙනවා. ඔන්න දැන් පවුල් ප්‍රශ්න . පාර්වතී තුමිය කියනවා තමාගේ මෙහෙකරුවා ජීවත් කරලා දෙනකන් තමා ශිව එක්ක කතා කරන්නේ නෑ කියල .



අයියෝ මුදල් . කරේ මොකක්ද අන්තිමට මේ උනේ මොකක්ද .
ශිව දෙවියෝ ඉතින් තමාගේ යක්ෂ දේව පිසාච සේනාව රැස් කරලා ආඥාකරනවා උතුරට මුහුණලා නිදාගෙන ඉන්න සතෙක් දැක්කොත් ඒකාගේ හිස කපලා ගෙනත් මේ පුරෂයාගේ කඳට සවි කරන්න කියලා. කස්ටිය ඔහොම හොය හොයා යනකොට අර කිව්වා වගේ ඉන්න ඇතෙක් දැකලා උගේ හිස කපාගෙන ඇවිත් මේ පුරුෂයාගේ හිසට සවි කරනවා . ඔන්න ඔහොම ගණ දෙවියෝ බිහි උනා කියනවා . ඒත් තව වෙන කතාත් තියෙනවා.



                                                      මේ ඉන්නේ ශනි දෙවියන්

ගණ දෙවියෝ හින්චා කාලේදී සෙනසුරු එහෙමත් නැත්නම් ශනි දිහා බැලුවලු. එතකොට ගණ දෙවියන්ගේ හිස අතුරුදහන් උනාලු .ඔන්න පාර්වතී තුමියට කේන්ති ගිහින් ශනි විනාශ කරන්න හදනකොට මහා බ්‍රහ්මයා ඇවිත් කියනවා පාර්වතියට " දේවිය නවග්‍රහ මණ්ඩලයේ පැවැත්මට ශනිත් සිටිය යුතුමයී , ඒ නිසා ශනි විනාශ කරන්න එපා " කියල . පස්සේ මහා බ්‍රහ්මයා ශනිට කියනවා උතුරට හිසලා නිදාගෙන ඉන්න සතෙක්ගේ හිසක් ගෙනත් හයි කරන්න කියලා. ශනි දකිනවා කැලේක නිදාගෙන ඉන්න ඇතෙක්. ශනි තමාගේ පාරා වළල්ලෙන් ගහලා ඇතාගේ හිස වෙන් කරලා ගණ දෙවියන්ගේ කඳට සෙට් කරනවා. මොහොතකින් ගණ දෙවියන්ට පන එනවා . එත් පාර්වතී දේවියට ෆිට් නෑ . මොකද ඇත් මූණක් තියෙන නිසා. ඒ නිසා ඇයව සනසන්න මහා බ්‍රහ්මයා නියම කරනවා ගණ දෙවියන් පිදීම සියලුම දෙනා විසින් සදාකාලිකවම ප්‍රධාන වශයෙන් කරන්න ඕන කියලා .

මේ වගේම ගණ දෙවියන්ගේ ඇත් මූණ ලැබීම ගැන තව කතාවක් තියෙනවා.


                                                        මේ ඉන්නේ වල්ලි අම්මා

කතරගම දෙවියෝ වල්ලි අම්මාට ආදරය කරන කාලේ දැන් ඉන්න ආදරවන්තයෝ වගේ හදවත පලලා උණු ලේ දහරා විහිදුවලා හිතේ තියෙන ආදරේ පෙන්නන්න විදියක් නැතුව කල්පනා කර කර ඉන්නවා . ගණ දෙවියෝ හොඳ මොළ කාරයා නිසා කතරගම දෙවියෝ මේ කතාව කියනවා ගණ දෙවියන්ට . පොඩි ප්ලෑන් එකක් දෙන්න කියලා .

ඔන්න වල්ලි අම්මා කැලේ පලතුරු මල් එහෙම හොය හොයා ඉන්නකොට කතරගම දෙවියෝ ගණ දෙවියන්ව ඇතෙක් බවට පරිවර්තනය කරනවා . දැන් ඇතා එනවා වල්ලි අම්මට සද්දේ දාගෙන . වල්ලි අම්මා කෑගහනකොට කතරගම දෙවියෝ ඇවිත් ඇතාව එළවලා දානවා .කතරගම දෙවියන්ට වල්ලි අම්මගෙන් ලකුණු වැටෙනවා . එත් කතරගම දෙවියන්ට වඩා ගණ දෙවියෝ ලස්සනයි . ඒ නිසා වල්ලි අම්මා ගණ දෙවියන්ට කැමතිවෙයි කියලා හිතලා කතරගම දෙවියෝ ගණ දෙවියන්ට සාමාන්‍ය ස්වරූපය දෙන්නේ නැතුව ඉන්නවා . ගණ දෙවියෝ ටිකක් විහිලුවට බර කෙනෙක් නිසා අලුත් විදිය හොඳයි කියලා එහෙමම ඉන්නවා . ඔන්න ඔහොමයි ඇතාගේ ස්වරූපය ගණ දෙවියන්ට ආදේශ වෙන්නේ .

ගණ දෙවියන් කතරගම දෙවියන්ගේ වැඩිමල් සොහොයුරා . ඒ නිසාම කතරගම දේවාලය අසලම ගණ දෙවියන්ට කැප වෙච්ච දේවාලයකුත් හදලා තියෙනවා . කතරගම දේවාලයේ පෙරහැර ආරම්භ වෙන්න කරන චාරිත්‍රවලට මේ ගණ දෙවි කෝවිලත් සම්භන්ධ වෙනවා .



ගණ දෙවියන්ට ඒකදන්ශ්ට්‍රා කියලා කියනවා . එකට හේතුව එක දලයක් ගැලවී තිබීම . මේ දලය ගැලවෙන්නේ මෙන්නේ මෙහෙම.
ශිවගේ බෙස්ට් ස්ටුඩන්ට් තමයි විෂ්ණුගේ හයවෙනි අවතාරය වන පරශුරාමා . මෙයා දවසක් එනවා ශිව දෙවියන් මීට්වෙලා යන්න . එත් ඒවෙනකොට ශිව දෙවියෝ භාවනා කරනවා. ඉතින් ගණ දෙවියෝ පරශුරාමාව වළක්වනවා . ඊට පස්සේ දෙන්නටම මල පැනලා පොඩි යුද්දයක් කරනවා . ගණ දෙවියෝ පරශුරාමාව තමාගේ හොඩින් අරගෙන අඹරවලා සිහිනැති කරලා විසි කරනවා .

සිහිය ආවම පරශුරාමා කරන්නේ තමාගේ කෙටේරියෙන් ගණ දෙවියන්ට පහරදෙන එක. කැරකි කැරකි තමාවෙත එන කෙටේරිය වලක්වන්න ගණ දෙවියෝ කැමති උනේ නෑ මොකද කෙටේරිය කියන්නේ ශිවගේ ආයුධයක් නිසා. ගණ දෙවියෝ තමා වෙතට එන කෙටේරිය දිහා බලාගෙන වැඳගෙන ඉන්නවා. ඒ කෙටේරිය අන්තිමට ගණ දෙවියන්ගේ දලයක වැදිලා දලය කැඩෙනවා.

ඒක දන්ශ්ට්‍රා එහෙමත් නැත්නම් ඒකදන්ත කියලා කිව්වම මතක් උනේ . අපේ දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඇත්තු ඉන්නවා සමහරවිට අහලා ඇති තනි දලය තියෙන . මේ තනි දලය තියෙන ඇත්තු වාසනාවන්තයි කියලා තමයි අලි ඇත්තු ගැන කතා කරන අය කියන්නේ.


මේ දළදා මාලිගාවේ ඒකදන්තයා


මේ මෑතකදී වැඩිපුර කතාබහට ලක්වෙච්ච සිංදු ඇත් පැටියා . අර පින්නවල අලි අනාතාගාරෙන් අස්ගිරි විහාරෙට පූජකලා කියලා කතාවක්
ගියේ . මෙයාටනම් දල දෙකම තිබිලා තියෙනවා . ඒත් පොඩි කාලේ විසේ කරන්න ගිහින් එක දලයක් කඩාගෙන.




මෙන්න මෙහෙමයි ගණ දෙවියන්ගේ කතා ටික .ඉන්දියාවේ අදටත් වැඩිපුරම වන්දනා මාන කරන දෙවියා ගණ දෙවියෝ. වදන් කවි පොත ගණ දෙවි හෑල්ල වගේ පොත් කියෙව්වොත් තේරෙයි ඔයාලටත් ලංකාවේ ගණදෙවි වන්දනාව ගැන .ගණ දෙවියන්ට පූජාවන් පවත්වන හොඳම දවස කියන්නේ නිකිණිමාසයේ පුර පක්ෂයේ 4වෙනි දවස . මේකට කියන්නේ විනයාගර් චතුර්ථය කියලා .

ඉන්දියාවේ දෙවියන් වෙනුවෙන් ගායනා කෙරෙන ගයාත්‍රී මන්ත්‍ර කියල මන්ත්‍ර වර්ගයක් තියෙනවා . සූර්ය ගයත්‍රී, චන්ද්‍ර ගයත්‍රී වගේ තියෙනවා ගනේශ ගයත්‍රී කියලා මන්ත්‍රයකුත් .





ගණ දෙවියන් වෙනුවෙන් හැදිච්ච ගණපති සවුදම කියලා කවි වර්ගයක් ලංකාවේ තියෙනවා . වෙන දෙවිවරු වෙනුවෙනුත් සවුදම් ලියවිලා තියෙනවා .මට මතක විදියට මෙහෙම සවුදම් 64ක්ද කොහෙද තියෙනවා . ගණපති සවුදම එයින් එකක්. මේවා පොත්වලට හා මුඛ පරම්පරාවලට සීමාවෙලා පැවතගෙන ආවට අද කාලේ හැටියට මේවා එලියට එන්න නම් ටිකක් අදට ගැලපෙන විදියට හැදෙන්න එපාය.

එන්න එහෙම ජනගී කරලියට ගෙන්න මූලිකවෙලා කටයුතු කරපු කෙනෙක් තමයි ලයනල් රංවල මහතා .



එතුමා මේ ගණපති සවුදම නිර්මාණාත්මක විදියට ඉදිරිපත් කරලා තියෙනවා .....

අකුලාගෙන සොඬ කන් පොතු නෙරවා
මූසික වාහනයට නැගුනා
ගතලා අබරණ නුවණට අගපත්
ලම්බෝදර නාමය දරනා
සකලා සතහට නුවණ සදාදෙන
සුර ලොදව සැපතින් නිති වසනා
ගසලා සයවැනි වරට මෙ සව්දම
ගණපති වරමින් අද මෙතැනා

තත්ජිත් තොන්නම් – අකුලාගෙන සොඬ -ඳික්කුඳ
තරිකිට දිරිකිට – ගජතෙකු වැන්නේ
තොං තොකිනන කිට -පිං ඇති ගණදෙවි
ක්‍රතකිට දිනකිට – නුවණක් දෙන්නේ
තරිකිට දෝම්- දිරිකිට දෝම්-
තරිකිට දෝම්- දිරිකිට දෝම්-
තරිකිට දෝම්- දිරිකිට දෝම්-
ගණපති ජෙහෙජෙහෙ – ජික්කුඳ කුට රෙකුටම්-
නටමි මම ගණපති සුර සව්දම්....

දත කත තත් තත් ජිගු ජිගු තහකට ගොහොත කුඟුජි තක
තක තඟ තෙයියත් තෙයි තෙයි යත් තෙයි තෙයි
යත් තෙයි තෙයි....

මේ ගීතය ඇහෙනකොට තව සීන් එකක් මතක් වෙනවා .10/2 වසරේ අර උලවූ විභාගෙට යන්න කලින් වයලීනොගේ අම්මා වයලීනොව එක්ක යනවා ගණ දෙවි පූජාවක් තියන්න . එකේදී වයලීනොට ගණ දෙවියන්ගෙන් ඥාන කතාවක් හම්බෙලා උලවූ විභාගෙන් පාස්වෙලා පෙර කල පවකට සිංදුවා මහතා ඉන්න ඉස්කෝලෙටම යන්න ලැබෙනවා .

එතකොට ඉතින් අම්මා තාත්තා කතාවෙලා වයලීනෝ ඉස්කෝලේ එක්ක එන්න, එක්ක යන්න ස්කූල් වෑන් එකකට භාර දෙනවා.
ඔය කාලෙම මේ සිංදුවත් හරිම ජනප්‍රිය වෙලා තිබුනා...

මේ සිංදුව අනිවා අහන්න රැප් එකත් එක්කම

රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ

අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ

හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා

මේ ගීතය ගායන කරන්නේ විජේරත්න වරකාගොඩ මහත්මයා උනාට පස්සේ සංගීත් විජේසූරිය ගායනා කරලා ඒක කාගත්තනේ.



වයලීනොට 6 වසරේ සිංහල වලට තිබුනා ගණදෙවි හෑල්ල කියලා පාඩමක්. කවි ටිකක් තියෙන එකක් .නම ගණදෙවි හෑල්ල උනාට තිබ්බේ වදන් කවි පොතේ කවි. හරිම පජාතයි කවි පාඩම් කරන එක. එත් කොහොමහරි මුල ටික ගොඩ දාගත්තා. ඒ ටික සන් සන් ගාලා කියාගන්න පුළුවන් පන්තියේ වැඩි දෙනෙක්ට .
වයලීනො හවසට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට ස්කූල් වැන් එකේදි ඉන්න එවුන් එක්ක හිටගෙන සිංදු කිය කිය බෙරිහන් දෙනවා .වෑන් එකේ හිටපු සෙට් එකම උලව්ව පාස්වෙලා ඉස්කෝලෙට ආපු එවුන් (ඩ්‍රයිවර් අන්කල් හැර). වෙලාවට ඒ කාලේ වැන් එකේ වහල අපි හිටගත්තම අපේ ඔලුවේ ගෑවෙන්නේ නෑ . අපි සිංදු කියනකොට ඔන්න එකෙක් පටන්ගත්තා .

රඟහල දැන් ඇත අඩ අඳුරේ.... කියලා
තව එකෙක් පටන් ගත්තා
අප දෙදෙනා පෙම් පිලිසදරේ..... කියලා

දැන් සිංදුව නැගලා යනවා... ඔහොම යනකොට රැප් එක කියන්න විදියක් නෑ . ඒක පාඩම් නෑ .
දැන් කට්ටියම
අහඃ අහඃ රැප් එක රැප් එක
අහඃ අහඃ රැප් එක රැප් එක

කිය කියා එනවා .
සනිකවම ගණදෙවි නුවන පහලවෙච්ච එකෙක් සින්දුවේ රැප් එකේ තාලෙට

අහඃ අහඃ අහඃ අහඃ
අඹ දඹ ඇටඹද කරඹද පුදමී
ඔලු පලු ලාළුද ගිවුළුද පුදමී
අතිරස අග්ගල අත්සුණු පුදමී
ගණදෙවි නුවනක් දෙනු පා වදිමී

ගණදෙවි කෝවිල පිරිබඩලන්නේ
දත මැද පිරුවට ඇද පේවෙන්නේ
කල කී දේ මට සාදා දෙන්නේ
පින් ඇති ගණ දෙවි නුවනක් දෙන්නේ

ඊට පස්සේ ආයෙත්
හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
කියන තාලයට

ගණදෙවි කෝවිල පිරිබඩලන්නේ
දත මැද පිරුවට ඇඳ පේවෙන්නේ
කියන කවිය කිව්වා .
රැප් එකයි කවිටිකයි සිංදුවයි ඔහොම රිමික්ස් උනා .....

මම හිතන්නේ අපි ඒ ගණ දෙවියන්ට උපහාර දැක්වුවා කියලා . මේ කියලා තියෙන කිසි දෙයක් ගණ දෙවියන් හෑල්ලු කරන්න නෙවෙයි ලිව්වේ කියලා අවධාරණයෙන් කියන්න ඕන .

තව එකක් කියන්න අමතක උනා . කුන්ඩලීනි ශක්ති සහ චක්‍ර ගැන කතා කරනකොට ගණ දෙවියන්ට අයත් චක්‍රය වෙන්නේ මූලාධාර චක්‍රය . ඒ කියන්නේ කොඳු ඇට පෙලේ පහලම තියෙන මුල්ම චක්‍රය..



ම්ම්ම්ම්ම් බ්ලොග් කියවන ඔයාලා කරන පිං ගණ දෙවියන්ටත් අනුමෝදන් වෙලා .
අපි හැමෝටම තව තවත් පොස්ට් ලියන්න ගණ දෙවියන්ගෙන් ඥානකතා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

15 comments :

  1. g-) ..පළවෙනි වතාවට මේ පැත්තේ ආවේ... ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී :-da :-da :-da :-da
      දිගටම එන්න . :-da :-da :-da :-da

      Delete
  2. පළවෙනි වතාවට ආවේ.. සුන්දරයි.. ආයේ එමි!

    ReplyDelete
    Replies
    1. y-) y-) y-) y-) y-)
      බොහොම ස්තූතී ! g-) g-)

      Delete
  3. සිංදු ඇත් පැටියට නම් මම පලතුරු කන්න දීලත් තියනව. නෑ නෑ... මේකෙ ඉන්න වල් එකා නෙමෙයි රියල් එකා. රිදීවිහාරෙ හාමුදුරුවන්ටනෙ බලාගන්න දීල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් රිදී විහාරේ අස්ගිරි විහාරයටද අයිති ????? :-? :-? :-? :-?
      අනේ ඉතින් අපිට කොයින්ද උකුස්සන්ට වගේ අත් තටු :(( :(( :(( :((
      බොහොම ස්තූතී ආ g-) g-) g-) g-)

      Delete
    2. පල යකෝ යන්න ! වල් ? කව්ද වල් ? වල් උකුස්සා ! :P උඹ මට පලතුරු දෙනවනම් රස පරීක්ෂක කෙනෙක් ලවා චෙක් කරවලා කන්නේ මම :P :P :P

      Delete
  4. අගනාම ලිපියක් සිංදුවා. අර රගහල සිංදුව ලිව්වේ අද හල් හත්තේ බැනුම් අහන හඩ්සන් සමරසිංහ උන්නැහැ තමා.

    ReplyDelete
    Replies
    1. =D> =D> =D> =D> =D> =D> =D>
      ජීවත් වෙලා වැඩක් නෑ.................
      මෙයා මට සිංදුවා කිව්වා ! :(
      කමක් නෑ අනේ . දර්ම චක්කරේ වගේ ජීවත් වෙනවා ඔන්න ඔහේ .
      බොහොම ස්තූතී ආ ! g-) g-) g-) g-) g-)

      Delete
    2. හයියෝ මම නෙවෙයි ලිව්වේ.. :) මේක ලිව්වේ වයලීනෝ නැත්නම් දර්ශන ප්‍රභාත් :D

      Delete
  5. වයලෝ..... මරු ඈ? :) මං ආසයි කොමත් :) :) :)

    ReplyDelete
    Replies
    1. :-da :-da :-da :-da :-da :-da :-da
      :-da :-da :-da :-da :-da :-da :-da
      ආ ෆිට්ම තමා
      බොහොම ස්තූතී ආ g-)

      Delete
  6. Replies
    1. කොහෙද මං අපහාස කරලා තියෙන්නේ කියනවා බලන්න .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.