Tuesday, June 25, 2013

සුදු නෙළුම කෝ ?



ගොඩක් ගීත රචකයන් පට්ට සංවේදී නිරමාණයක් එහෙම නැත්නම් ප්‍රසිද්ධ නිරමාණයක් කලොත් බොහෝ වෙලාවට ඒක තමන්ගේ අත්දැකීමක් ඇසුරෙන් නිර්මාණය වුවක්. ඇත්තටම තමන්ගේ අත්දැකීමක් තරම් මොකුත් හිතෙන මවාගන්න හරිම අමාරුයි කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතිං අහම්බෙන් වගේ එච්චර දක්ෂතාවය තියෙන අය නැතුවමත් නෙවෙයි. හරියට සුනිල් ආරියරත්න ශුරින් වගේ. බැඳලවත් නෑ ඒත් ලියපු සිංදු ඇහුවම කීයටවත් එහෙම හිතන්න අමාරුයි. කොහොමවුනත් අද කියන්න යන්නේ සුනිල් ආරියරත්නයන් ලියපු ගීයක් ගැන නම් නෙවෙයි. මේක වෙනමම කෙනෙක් ලියපු ගීතයක්. මම කිව්වනේ සංවේදී හිතට දැනෙන ගීතයක්නම් ඒක ගොඩක් දුරට අත්දැකීමක්, සත්‍ය සිදුවීමක් නිසා කියලා. ඇත්තටම මේ සින්දුවත් එහෙම සිදුවීමක්.

මේක වෙලා තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්ට.













ඒ දවස්වල විජේසිංහයන් රැකියාව කලේ මහියංගනය ප්‍රදේශයේලු. ඉතිං එහෙ පාසලක උගන්වන්න විජේසිංහයන් තරමක දුරක් ගෙවාගෙන බස් රියේ පාසලට හැමදාම උදේ එනවලු.ඉතිං එන්නේ ඔක්කම්පිටියේ දෙමටමල් විහාරයත් හැමදාම පහුකරගෙනලු. ඉතිං කතරගම එහෙම ගිහින් තියෙයිනම් කට්ටිය දන්නවා ඇතිනේ මල් විකුණන ගෑලු ළමයි එහෙම ඉන්නවා. ඒ වගේ මල් විකුනනවලු මේ පන්සලෙත් ළමයි. කතරගම වගේ ලොකු ගෑලු ළමයි නෙවෙයි මේකට අදාළ වෙන්නේ ඉස්කෝලේ යන ඒ වයසේ පොඩි දරුවෙක්ලු. ඉතිං විජේසිංහයන් එන කොට හැමදාම වගේ දකිනවලු මේ ළමයා වැවෙන් මල් කඩලා ඇවිත් පන්සලේ ළඟ ඉඳන් විකුණන එක. ඔහොම ටික දවසක් යනකොට එක දවසක වැව ගාව මිනිස්සු පිරිලලු. විපරම් කරලා බැලුවම අර පොඩි දරුවා වැවේ ගිලිලා මිය ගිහින්ලු.

ඉතිං ඔන්න ඔය සිද්ධිය පාදක කරගෙන විජේසිංහයන් ලියනවා ගීතයක්. මේකට සොරබොර වැව ආරෝපණය කරගෙන තියෙනවා. ඉතිං මේ පද රචනය අරගෙන විජේසිංහයන් අමරදේවයන්ගේ ගෙදරට යනකොට අමරදේවයන් අහමින් හිටියේ ආශා මාන්ඩ් කියන රාගය ආශ්‍රයෙන් පණ්ඩිත් ජස්රාජ් කියන ගායකයා ගයන සින්දුවක්ලු. ඒකෙ වැඩිපුරම මතුකරලා තියෙන්නේ කරුණා රසයලු. පුදුමය කියන්නේ මේකේ පද පෙලෙත් වගේම මේ ගීතයට ඕනි කියලා හිතෙන්නෙත් කරුණා රසයමලු. ඉතිං ඒ ආශ්‍රයෙන් අමරදේවයන් මේ ගීතය නිර්මාණය කලාලු.

ඉතිං අමරදේවයන්ගේ ප්‍රතිභාවෙන් පරිපුර්ණ වෙලා ගායනා කරන ඒ ගීතය තමයි "සුදු නෙළුම කෝ" . මේ ගීතය අසද්දී දැන් ඒ සිද්ධිය ඔබේ සිතෙහි මැවී පෙනෙනු වගේම එයින් සිතට සංවේදී හැඟීමක් දැනෙනු නොඅනුමානයි.






සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගණේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ


වැවට කළුවර යාවුණා
සංසාර දුක බෝවුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා


සිහින් සිරිපොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා


Sunday, June 23, 2013

නවතින්න තිස්ස ඇයි මේ දුවන් මුවාගෙ පස්සේ


 
මිහිඳු සමිඳු පොසොන් දාක
අපේ රටට වැඩම කළා
මිහින්තලා ගල උඩ හිඳ
තිස්ස කියා කතා කළා

තිස්ස නිරිඳු කලබල වී
මිහිඳු සමිඳු දෙස බැලුවා
සතුන් මරන්නට හොඳ නෑ
මිහිඳු සමිඳු බන දෙසුවා

      





42.gif








අනුබුදු මිහිඳු සමිඳු බැති සිතින් සිහිපත් කරන ඔබ සැමට , සිරි සුභ පොසොන් මංගල්‍යක් වේවා !

Thursday, June 20, 2013

එක්ව ගමන් කරන අතරවාරයේ



මමද ආදරයෙන්මි , ඔබද ආදරයෙන්ය
ඒ අතරවාරයේ කුමක් සිදුවුනිද
මමද ද්‍රෝහියෙක් නොවෙමි , ඔබද ද්‍රෝහියෙක් නොවේ
ඇයිද මේ සියළු දෝශාලප නැගී ආවේ
එක්ව ගමන් කරන අතරවාරයේ  අපේ මේ වෙන්වීම සිදු වුයේ කෙසේද
අපි කොහි සිට ආවාද කියා කවුරුන් දනීද

ලෝකයම ආයාචනා කරනවානම් මම කුමක් කරමිද
කවුරුන් හෝ මට මෙය පහදා දෙන්න
මාරුතය පහර දුන්විට මොහොතකින් සියල්ලම විනාශ විය
වීදුරුවලින් නිමැවූ අපේ බලාපොරොත්තු දැන් කොහිද

ඇතැමුන් ඇයි තමන්ගේ සිහින විසිකරන්නේ
හදවතට ලැබුණු මේ හැඟීම කෙසේද කාටහෝ කියන්නේ
එක්ව ගමන් කරන අතරවාරයේ මා ලද්දේ 
ගින්නක් නොමැති අලුදුහුවිලි පමණි
ආදරයේ ගිනිදැල් නිරුද්ධය

වේදනාවෙන් මාගේ හදවත ඇදවැටී ඇත
කඳුලින් මාගේ දෙනෙත පිරී ඇත
තනිකමට එළඹෙන කාලය පැමිණ ඇති හෙයින්
සියලුම මං මාවත් ඇවිරී ඇත

මාගේ සිතිවිල්ලනම් අප දෙදෙනාම අත දිගුකලේ වෙන් වීමටය
දැන් අපේ සියලුම ගමනාන්තයන් දෙදරා ගොස් ඇත
කියන්න මට
එක්ව ගමන් කරන අතරවාරයේ කොහිද අපගේ ගමන්රිය අතුරුදන් වූයේ
අපේ මාවත් කොහිද සැඟව ගියේ

මමද ආදරයෙන්මි , ඔබද ආදරයෙන්ය
ඒ අතරවාරයේ කුමක් සිදුවුනිද
මමද ද්‍රෝහියෙක් නොවෙමි , ඔබද ද්‍රෝහියෙක් නොවේ
කිමද මේ සියළු දෝශාලප නැගී ආවේ
එක්ව ගමන් කරන අතරවාරයේ  අපේ මේ වෙන්වීම සිදු වුයේ කෙසේද 
අපි කොහි සිට ආවාද කියා කවුරුන් දනීද
අපි කොහි සිට ආවාද කියා කවුරුන් දනීද








Monday, June 17, 2013

නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින ( සර්ප වෙදකම )




සොහොන් පෙනෙල්ලක් සුරතින් දරාගෙන 
යෙහෙන් දරද හිස්කළ උකුලෙන් රැගෙන 
කියන් යන ගමන් පෙර මග සිට අසන 
නොයන් වේදචාරි මෙලකුණු දුටෝතින 

මේ කවිය සර්ප වෙද දූත ලක්ෂණයේ එන කවියක් . තමන්ට ලෙඩා ගැන කියන්න ආපු දූතයා ගිනි පන්දමක් අතින් අරගෙන , දර ගොඩක් උකුලට තියාගෙන නැත්නම් හිස් කාලයක් උකුලේ තියාගෙන , තමන්ගේ ඉස්සරහින් ලෙඩා ගැන කියාගෙන යනවානම් ඒ ලෙඩා දැන් ගොඩ ගන්න බෑ කියලා තමයි මේ කවියෙන් කියන්නේ . මේක දූත ලක්ෂණ ශාස්ත්‍රයේ එක දිය දෝතක් විතරයි .

මේ පොස්ටුවට පාදක කරගත්තේ මම කලින් දවසක ටීවී එකේ බලපු ආයුර්වේද වැඩසටහනක්. මේ වැඩසටහනට එදා ආවේ තෙලිජ්ජවිල වෙද පරපුරට අයත් කොස්ගම වෙද මහතා යන නමින් ප්‍රසිද්ද වෙලා ඉන්න දයා කේ ගමගේ කියන වෙද මහත්මයා. එතුමාගේ දේශනය අහගෙන ඉඳලා මම දැනගත්ත මතක තියාගත්ත සහ ලියාගත්ත දේවල් ටිකක් තමයි මම මේ කියන්න යන්නේ.



දවසක් මහා සම්මත රජතුමා යුද්ධයකට යන්න ලෑස්තිවෙලා මැණික්පාන බිසවුන් වහන්සේගේ ආරක්ෂාවට ආරක්ෂක පිළිවෙත් යොදනවා. එහෙම යොදලා රජතුමා යුද්ධයට යනකොට මාරයා මැණික්පාන බිසවුන් වහන්සේට ලයින් දාලා පැනිහඳක් කන්න හිතාගෙන මාලිගාවට එනවා.එතකොට දැන් කාමරේට මාරයට යන්න විදියක් නෑනේ . ඉතින් මාරයා කරන්නේ කාමරේ යතුරු හිලෙන් රිංගන්න පුළුවන් විදියට විස පොලොන් පැටියෙකුගේ වේශයක් මවාගෙන යතුරු හිලෙන් රිංගනවා. එහෙම රිංගලා විෂ දුමක් තමාගේ මුකයෙන් විදලා මැණික්පාන බිසවුන් වහන්සේ සිහිමුර්ජා කරනවා. ඊට පස්සේ සීන් එක කොටු කොටු කොටු ගොඩාක්......



මෙන්න මෙහෙම තමා අතීතයේ විෂ ගැන සඳහන් වෙන්නේ. විෂ කියලා කියන්නේ යම්කිසි ප්‍රාණියෙකුගේ ප්‍රාණය නැති කරන්න සමත් දියරයක්, ඝන දෙයක්, හෝ වස්තුවක්.

විස ප්‍රධානව කොටස් කීපයකට බෙදන්න පුළුවන්. ස්ථාවර විස ,ජංගම විස ,දූසි විස, වගේ කොටස් වලට මෙහෙම විස බෙදනවා.

යම් සත්වයෙකුගේ හෝ යම්කිසි විසක් සිරුරේ යම් තැනකට ඇතුළු වෙලා එම ස්ථානයේ හානියක් කරනවානම් එම විස ස්ථාවර විසක් වෙනවා.

ජංගම විස කියන්නේ ශරීරයේ නහර, රුධිරය, ස්නායු, මාංශ, ඇට, ඇටමිදුළු, හරහා ගමන් කරන විසට.

මීට අමතරව මේ විසවර්ග දෙකම නිසා හැදෙනවා දූසි විස කියලා විසක්. ඒ විස හැදුනම විස බස්වන්න ටිකක් අමාරුයි. මියෝ කෑවම ඇගට ඇතුල්වෙන විස හරියට අයින් කලේ නැති උනාම කාලයක් ගියාම හැදෙන කබර හැදෙන්නේ මේ දූසි විෂ නිසා.

මිනිස්සු හදාගත්ත විස වර්ග කෘමිනාශක , පාසානම් වගේ ඒවාට කියන්නේ ඝර විස කියලා.
සර්ප විස වෙදකමේදී වැඩිපුරම කතා කරන්නේ මේ විස වර්ග වලින් ජංගම විස පිළිබඳව. ජංගම විස පිහිටන්නේ සර්පයින් , දළඹුවන් , සලබයින් , සමනලයින් වගේ සත්තුන්ට.



සර්පයෙක් කෑවම විස බස්වන්න හරිම පහසුයි කියලා තමා කියන්නේ. මේකට ආයුර්වේදයේ තියෙනවා චිකිත්සා ක්‍රම කියලා ක්‍රම 24ක්. මේ 24ත තියෙනවා මන්ත්‍රය , අරිෂ්ටය , උත්කර්ශනය , නිශ්පීර්ණය , චූෂණය , දාහය , පරිසේකය , අවගාහනය , රත්ත මෝක්ෂනය , වමනය , විරේකය , ධුම ප්‍රලේපය , ප්‍රතියේමර්ශනය , වගේ ටිකක්. අන්තිමම අමාරුම වැදගත් එක තමා මෘත සන්ජීවනය. ඒ කියන්නේ බෙහෙත් ඔරුවට දාන එක. මේ ක්‍රම වලින් විස බස්වන්න පුළුවන්.



සර්පයෙක් කෑවම ලෙඩාව බයවෙන එක නවත්තන්න ඕන. වටෙපිටේ අයත් ලෙඩාව බයකරන්න හොඳ නෑ. සමහර අය දෂ්ට ස්ථානය තදින් බඳිනවා . මෙහෙම දෂ්ට ස්ථානය බඳින එක ටිකක් අවදානම්. බඳිනවනම් බඳින්න ඕන උඩු බාහුව හෝ කලව අස්ථිය. මෙහෙම බැන්දත් ඉතින් ඒක ඉක්මනට ලෙහන්න ඕන. නැත්නම් අත පය වගේ ඊට අදාළ ස්ථාන වලට ලේ යන්නේ නැතුව ඒවාට හානි වෙන්න පුළුවන්. මීට වඩා හොඳ , කාපු ස්ථානය හෝ අවයවය හොලවන්නේ නැතුව තියාගෙන ඉක්මනටම වෙද මහත්තයා හෝ දොස්තර මහත්තයා ගාවට යන එක. පකරන්න තියෙන හොඳම දේ ජලයෙන් හෝදන එක. ජලයට පුළුවන් මේ විස තරමක් හෝ බිඳ හෙලන්න.

සර්පයා කෑවම ඉතින් ඒ කාපු සර්පයා කව්ද කියලා දැනගන්න දූත ලක්ෂනය කියලා එකක් තියෙනවා. මේකෙදී කරන්නේ වෙද මහතා ගාවට එන පුද්ගලයාගේ හැසිරීම අනුව සර්පයා තීරණය කිරීම. ඒ වගේම දූතයා ලවා විස බස්වන්නත් ක්‍රම සිංහල වෙදකමේ තියෙනවා. ඒ වගේ ක්‍රම තමයි දූතයට කන හරහා පහරක් ගැසීම , දූතයාට මැතිරීම , දූතයා ලවා ප්‍රතිකාරයට අවශ්‍ය දිෂ්ටි මන්ත්‍ර තෝරා ගැනීම , දූතයා ලවා බෙහෙත් ගෙන්වා ගැනීම.



සර්ප දෂ්ටයට හා විස නැගීම හා බැසීමට චන්ද්‍ර කලාව ගොඩක්ම බලපානවා. මෙම චන්ද්‍ර කලාවට අයත් තිථි අනුව විස අඩු වැඩි වෙනවා. මාසේ පෝය දවස , අටවක පෝය දවස , පසළොස්වක දවසෙන් පස්වෙනි දවස ඉතාම අසුබ තිථි ලෙස හැඳින්වෙනවා. ඉරිදා සෙනසුරාදා අඟහරුවාදා යන දවස් සර්ප දෂ්ටයට අසුභයි. ඒ වගේම ඉර මුදුන් වෙලාව ,ගොම්මන, මධ්‍යයම රාත්‍රිය, අලුයම විස නගින වෙලාවල් වෙනවා. ජෝතිශ්‍යයේ තියෙන නැකත් 27න් 20ක්ම සර්ප දෂ්ටයට අසුබයි. එනිසා සර්ප දෂ්ටය ලේසි දෙයක් කියලා හිතන්න බෑ.
පයේ මැද, බාහුව , පපුව . ලිංගික ප්‍රදේශ , නාභිය , නළල , මූණ , කට , කම්මුල , සර්ප දෂ්ටයට අසුභ තැන් වෙනවා.
මේ අනුව සර්ප වෙදකම් කරන වෙදෙක් වෙදකමට අමතරව ජෝතිෂ්‍ය , ගුප්ත ශාස්ත්‍රය , මන්ත්‍ර , ආදිය ගැන හොඳින් ඉගෙනගෙන ඉන්න ඕන.

දොරකඩ මිදුලේ තැනු ගසේයා
පිට පොට ගසමින් නැග මුදුනේයා
මිට මිට දෙමිටක් පත් සම සේයා
විගසින් කැඳ පිස දෙනු සතොසේයා....

මේ කවියෙන් කියන්නේ කරපිංචා කැඳ ගැන. කරපිංචා වලින් කරන්නේ වකුගඩුවල සිද්‍ර විසෙන් වියලීම වැලැක්වීම. ඒ නිසා විස ශරීර ගත උනාම කරපිංචා කැඳ හදලා දෙන්න අපේ ගැමියන් පුරුදුවෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම සෑම ගෙදරකම කරපිංචා ගහක් තිබිලා තියෙනවා. මේ වගේම නික ,ඉරමුසු ,සප්සඳ ,දිවුල් වගේ වියලි කාලයේ කොළ ඉදිලා වැටෙන්නේ නැති ගස්වල කොළ කොටලා කැඳ හදලා දීමෙන් සර්ප විස මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා.
සර්පයෙක් කෑවම ඒ ලෙඩාට වෙද මහතා වෙදකම් කරන්නේ යම්කිසි පිළිවෙලකට.

පළමුවම කරන්නේ ලෙඩාව නිදහස් නිස්කලංක තැනක පහසුවෙන් හිදුවන එක. පසුව ප්‍රධාන චිකිත්සා ක්‍රම වලින් එකක් වන මන්ත්‍රය මගින් රෝගියාගේ මනස සකස් කරන්න වගේම නොපෙනෙන බලවේග වලින් රෝගියා ආරක්ෂා කරනවා. ඒවගේම දෂ්ට ස්ථානය විස නාශක බෙහෙත්වලින් පිරිසිදු කරනවා. ඊට පස්සේ හදවත අක්මාව මොලය වගේ වැදගත් ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගන්න කල්ක ගුලි වගේ දේවල් බොන්න දෙනවා. එයිනුත් පස්සේ කරන්නේ ගරුඬ රාජ , තෛලය නාග රාජ තෛලය, වගේ තෙල් වර්ග ගාලා දෂ්ට මුකයට වෙදකම් කිරීම. ඉන් පස්සේ ඔලුවට තෙල් වර්ග දාලා ඔලුවට මොලයට ආපු විස අඩු කරවනවා. මෙහෙම තෙල් ගානකොට බුද්ධ මන්ත්‍ර කියලා තෙල්වල පන පිහිටුවනවා.


මෙහෙම කලත් ඇඟේ තවත් විස තියෙන්න පුළුවන්. එම විස සියල්ල අයින් කිරීමට කියන්නේ විස බානවා කියලා. මේකෙදී කරන්නේ පළමුවම බෙහෙත් ගසකට මන්තර කියලා වැඳලා කොළ අත්තක් කඩලා අරගෙන ලෙඩාගේ පාදයේ ඇඟිලි බිම වදින විදියට තියලා මේ කොළ ඇත්තෙන් මතුරමින් විස බෑම. මේකෙදී හිසේ ඉඳලා දෙපතුල දක්වා මැතිරීමක් කරනවා. මන්තරවල තියෙන ගණ හරියට පිහිටවලා මතුරනකොට ඒ මන්තරේ තියෙන සිද්දි බලය නිසා විස, හිසේ ඉඳලා දෙපතුලට ගලාගෙන යාම සිද්ද වෙනවා. පසුව විස අඩු උනා කියලා දැනගත්තම ඒ විස බාන්න මතුරපු කොළ අත්ත වතුර භාජනේකට දාලා තියලා රෝගියා ලවා ඒ කොළ අත්ත සහ ජල බඳුන ගලාගෙන යන ජල පහරකට දානවා. එකෙන් අදහස් කරන්නේ බැහැපු විස ආයෙත් නැගීම වැලැක්වීම.

රෝගියාගේ හිත හැදෙන්න වගේම කව්රු හරි විස බන්දලා තිබුනොත් රෝගියාට ආයෙත් විස නගින්න පුළුවන්. මේ විස අයින් කරන්න කියලා හිතාගෙන විස කපනවා කියලා දෙහි කැපීමක් වගේ දෙයක් කරනවා. මේ දෙහි කපලා දන්නේ නටන තෙල් තාච්චියකට. පස්සේ වෙදමහතා ක්ෂණිකව තෙල් තාච්චියට අත දානවා. එත් අත පිච්චෙන්නේ නෑ. පස්සේ රෝගියාටත් මේ තෙල් ස්වල්පයක් ගලවනවා. මන්තරවල බලයට රෝගියාටත් දැනෙනවා නටන තෙල් උනාට පිච්චෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ විස කැපීමේ ක්‍රියාව සාර්ථකයි. රෝගියාගේ හිතේ වෙදකම ගැනත් වෙද මහතා ගැනත් යම්කිසි විශ්වාසයක් ඇතිවෙනවා. මේක තමයි සිංහල විස වෙදකමේ හාස්කම.


චිකිත්සා ක්‍රම 24න් මම දාපු නම් වල අඩු පාඩුවක් තියෙනවනම් ඒවා නිවැරදි කරන්න.

මෙන්න මේ සින්දුවත් අහලා යන්න .
නයි දැපනය කියලා මන්ත්‍ර වලින් නයෙක් වසඟයට අරගෙන ඒ නයා ලවා රෝගියාගේ විස උරවලා නයාව ආයෙත් යවන ක්‍රමයක් ගැන ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වෙනවා . මේ ඇන්ටිත් දැපනය වෙන්නේ ඒ වගේ වෙන්න ඇති . හැබැයි මේ මන්ත්‍ර නෙවේ . නයි නලාව . නාගිනා කියන හින්දි ෆිල්ම් ඒකෙ තමයි මේක තියෙන්නේ .






ඔබ සැමට සමන් දෙවි පිහිට ලැබේවා....!

එවිට ඔබ ඇවිද ගියේ කොහිද මම සිටියේ කොහිද




ගමන් රිය මොහොතකට නැවතුනා
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද
අපේ මේ හදවත්වල ඇති මතකය
නැවතුනේ මොහොතකට පමණයි
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද

ඇත්තටම ඔබ සිනහ සලන මල් කකුලක්ද
ඔබ මහා මේඝයක් , සිහිනයක්ද
ඔබ ඉහලින්ම පිහිටන වලාකුලක්ද
ඔබ සුපිපුණ මල් කැකුලක්ද
මම
මේ අලුත් ලෝකය පුරා
ඔබ සෙවුයෙමිද 

ගමන් රිය මොහොතකට නැවතුනා
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද
මේ අපේ හදවත්වල ඇති මතකය
නැවතුනේ මොහොතකට පමණයි
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද

මේ මද පවනෙහි නැගීමද
ඔබ සියලු වර්ණයන්ගේ විහිදීමද
අපේ මාවතෙහි පහන්සිළුවක් තිබුණිද
අවකාශයේ අනුනාද වන ගීතය ඔබද
මම මගේ ගමනාන්තයක් සොයාගත්තාද
එය නිරායාසයෙන් මොහොතකට හසුවන මායාවක්ද

ගමන් රිය මොහොතකට නැවතුනා
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද
මේ අපේ හදවත්වල ඇති මතකය
නැවතුනේ මොහොතකට පමණයි
එවිට ඔබ ඇවිද ගියේ කොහිද
මම සිටියේ කොහිද






Friday, June 14, 2013

බුදුබව ලබනා පියවරු වෙසෙනා



ජේමිස් කියන්නේ ඉතාම අහිංසක මනුස්සයෙක් . ගිය ආත්මෙකදී කල පවක් නිසාද මන්දා පරම්පරාවෙන්ම එයාට ලැබුණු රස්සාව උනේ වැලිකඩ හිරගෙදර පෝරකේ අලුගෝසුවා විදියට වැඩ කරන එක. එයාට දුවෙක් සහ පුතෙක් හිටියා . ඒ දෙන්නා පොඩි කාලේ එයාලගේ අම්මා මැරුණා. ඉතින් මේ ළමයි දෙන්නා එක්ක ජේමිස් තමන්ගේ රස්සාවත් කරගෙන ජීවත් උනා. ජේමිස් අලුගෝසුවා උනාට ඉතාම දැහැමි කෙනෙක්. හැමදාම පන්සිල් ගන්න මනුස්සයෙක් .

පෝරකේ කව්රුහරි එල්ලලා මැරුවම එදාට ජේමිස් බුදුන් වන්දිනකොට තමන්ගේ ඇස්වලින් කඳුළු හලනවා .අඬන්න තරම් දුකක් තමන්ගේ හිතේ තිබුනත් ජේමිස් තමන්ගේ ළමයින්ට ඒ දුක නොපෙන්නා කඳුළු හලලා ඒ දුක නැති කරගන්නවා.



ජෙමිස්ගේ පුතාට ටැක්සියක් තිබුනා. එයා ඉතින් හැමදාම ටැක්සිය අරගෙන ටැක්සි පාක් එකේ ඉඳලා හයර් එකක් ගිහින් කීයක් හරි හොයා ගන්නවා. පුතා තමයි වැඩිමල්. නංගි ඉගෙනගත්තට නංගිට රස්සාවක් තිබ්බේ නෑ . යහමින් සල්ලි නොතිබුනත් මෙයාලා තමන්ගේ ඕනා එපාකම් සම්පූර්ණ කරගන්න තරම් මුදලක් උපයාගෙන හොඳින් ජීවත් උනා .

මෙහෙම ඉන්නකොට දවසක් ජෙමිස්ගේ දුවට රස්සාවකට ඇප්ලිකේෂන් එකක් දාපු එකකට ඉන්ටර්වීව් එනවා. දුව කැම්පස් ගිහින් නැතත් හොඳට ඉගෙනගෙන තියෙනවා.ඉතින් ඉන්ටර්වීව් බෝඩ් එකෙන් සුදුසුකම් දැකලා සතුටුවෙලා රස්සාව දෙන්නම වගේ කතා කරගෙන එනකොට එක නිලධාරියෙක් අහනවා අම්මා තාත්තා මක්කද කරන්නේ කියලා. දුව කියනවා අම්මා නැතිවෙලා තාත්තා...... කියලා ටිකක් සද්ද නැතුව ඉඳලා කියනවා තාත්තා වැලිකඩ අලුගෝසුවා කියලා. ඉන්ටර්වීව් බෝඩ් එකම හොල්මන්ද පොල්කොළ වෙලා දුවට කියනවා අපි ඔයාට ගෙදරට දන්වලා එවන්නම්, රස්සාව ගැන විශ්වාසයක් තියන්න එපා කියලා. ඔහොම ඉන්ටර්වීව් ගොඩකදීම දුවට මේ අත්දැකීම විඳින්න වෙනවා.

තාත්තාගේ රස්සාව නිසා තමාට ජීවිතයක් නැති උනත් මේ දුව පුතා දෙන්නම ඒ ගැන දුක් උනේ නෑ . එත් ඉතින් සමාජෙන් කොන් වෙනකොට දුව ගෙදර මුල්ලකට වෙලා ටිකක් අඬන්න ගත්තා . තාත්තට මේ ගැන දුක හිතිලා දුවට රස්සාවක් හොයා දෙන්න විදියක් හොයනකොට තමන් වැඩකරන හිරගෙදර ප්‍රධාන ජේලර් වරයා මතක් වෙනවා. ඉතින් ජේමිස් දවසක් ජේලර් ඉන්න ගෙදරට යනවා . ගමොකද ජේමිස් අද ගෙදර පැත්තේ කියලා ජේලර් වරයා අහනවා. අනේ මේ මහත්තයෝ අපේ මේ කෙලීට රස්සාවක් කරන්න ඕන කියනවා පුළුවන් නම් පුංචි මහත්තයාගෙ ඔපිස් එකේ මොකක් හරි රස්සාවක් හරිගස්සවලා දෙන්න .



ජේලර් වරයා තමාගේ පුතාට කියලා දුවට රස්සාවක් හදලා දෙනවා පුතාගේ ඔෆිස් එකේ . ජේලර් පුතත් කෝටබල්බුල්ලා ඇන්ඩ් කෝසවෙල්ලා . දවසක් මේ කෝසවෙල්ලා නිවාඩු දවසකත් මේ ජෙමිස්ගේ දුව ඔෆිස් ගෙන්නගන්නවා බයෝ ප්‍රැක්ටිකල් කරන්න හිතාගෙන .ඔෆිස් එකේ වෙන කව්රුවත් හිටියේ නෑ .

කෝසවෙල්ලා ප්‍රැක්ටිකල් එකට ලෑස්තිවෙනකොට ජෙමිස්ගේ දුව කියනවා ඒ සුන්දර මොහොත මෙතන සමරන්න බෑ මහත්තයා අපි වෙන කොහේ හරි යන් කියලා . ඔන්න දැන් දෙන්නා කාර් එකේ යනකොට කාර් එක ටිකක් ස්ලෝ කරනකොටම ජෙමිස්ගේ දුව කාර් එකෙන් පැනලා දුවනවා . කෝසවෙල්ලත් කාර් එක නවත්තලා ජෙමිස්ගේ දුවගේ පස්සෙන් දුවනවා. එත් කෙල්ල කොටු කරගන්න හම්බෙන්නේ නෑ .

කෙල්ල කෙලින්ම ගෙදර . ( අපරාදේ ප්‍රැක්ටිකල් එක )

දුව ආයෙත් ගියේ නෑ වැඩට . දවසක් ජේමිස් වැඩට ගියා , පුතත් ටැක්සිය අරන් කාර් පාක් එකට ගියා . දුව විතරයි ගෙදර හිටියේ. කව්ද මන්දා ගොබිලෙක් ඇවිත් කිව්වා දුවට, අයියාව ඇක්සිඩන්ට් වෙලා ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා. දුව ඉතින් බයවෙලා කෑ ගහනවා. එතකොට අර ගොබිලා කියනවා අපි යන් ඉස්පිරිතාලේ කියලා .

දන්නවනේ පින්වතුනී චීත්ත සෙට් උනාම කරන වැඩ . මේ ගෑනිත් අර ගොබිලා එක්ක ඉස්පිරිතාලේ යනවා . එත් ගොබිලා දුවව අරන් යන්නේ ඉස්පිරිතාලේ නෙවේ , ජෙලර්ගේ පුතා ඉන්න පාලු බංගලාවකට . දුවව ඇතුලට ඇදගෙන ගිහින් කාමරේකට දානවා.

දැන් තමා ඉතින් එලම ටික . ජෙලර්ගේ පුතා එනවා පොර වගේ . ඇවිත් බලෙන්ම දුවගේ ගවුම ඉරනවා ජරාස් බරාස් ගාලා .

ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් රණ හංස යුවල නිමල විල් ජලාසේ ...... මන නන්දනීය දසුනක් පෙන්නුවා . කෝසවේල්ලත් කමිසේ එහෙම ගලවලා ගේමට එන්ටර්වෙනකොටම කෙල්ලගේ අයියා සං සං ගාලා එනවා පොට් එක හොයාගෙන . මිනිහට ආරංචියක් ගිහින් නංගිව බයෝ ප්‍රැක්ටිකල් වලට අරන් ඇවිත් කියලා .
රණහංස යුවල නිමල විල් ජලාසෙන් එලියට ගන්න හදනකොටම අයියා එනවා කාමරේට
අඩෝ කෝසවෙල්ලා , හුරිකැත්තා , .............. තෝ මගේ නංගිව ගෙනාවේ මම ගැන දැනගෙන නෙවේද ඩො ...
මම අද තොගේ නරි කැලය කපලා සුද්ද කරනවා ඩො....
අත ඇරපන් මගේ නංගිව කියාගෙන.

කොසවෙල්ලත් කෙල්ලව අතැරලා එනවා අයියා එක්ක ගේමට....

ඩිශුන් ඩිශුන් කසු කුසුමසායි සෙයි සෙයි ඩිශුන් ඩිශුන් ...........

අහා අම්මෝ... ගහන්න එපෝ ....

කෝසවෙල්ලා.. තෝ මම මරනවා ඩො .... ඩිශුන් ඩිශුන් ......

දෙන්නම මෙහෙම ගහගන්නවා . පස්සේ කෙල්ලගේ අයියා ජෙලර්ගේ පුතාට තීන්දු ගමන් යන්නම නෙලනවා. කෝසවෙල්ලා සදා සොත්ති.

අයියා එනවා කෙල්ලත් අරන් ගෙදර . එනකොට තාත්තා ගෙදර ඇවිත්. අහෝ ජේදයකි ඉරකි තිතකි පොලිසියෙන් එනවා.
ජේමිස් කෝ අපිට පුතාව ගෙනත් දෙන්න ගෙනියන්න ....

මම මහත්තයෝ නීතිය දන්නා මනුස්සයා වෙච්චි . මෙන්න මගේ පුතා .පුතා උනත් මු කාලේ වරදක් මහත්තයෝ . මහත්තයලා මුට ගන්න පියවරක් ගන්න ...

අනේ අයියා යනවා රිමාන්ඩ් එකට. පොරට නඩු ......

ජේලර් වරයාත් නඩුව හොඳටම තද කරනවා. ලෝයර්ස්ලා ලවා බොරු සාක්කි හදවලා නඩුව සිරා කරනවා . නඩුවෙන් ජෙමිස්ගේ පුතාට මරණ දණ්ඩනය . ඩි ඩින් ඩින්ඩි ඩින්...............



මේ නඩු තීන්දුවට විරුද්ද වෙන්න ඇපිල් කරන්නත්වත් ජේමිස්ට හයියක් නෑ .....

ඔන්න මරණ දඬුවම දෙන දවසත් කිට්ටු වේගෙන එනවා. අවුලකට තියෙන්නේ තාත්තා අලුගෝසුවා. පුතාව එල්ලන්න තියෙන්නේ .

දවසක් ජේලර් වරයා අහනවා ජේමිස් දැන් දිනේ ලඟයි තමුන් තමුන්ගේ රස්සාව හරියට කරනවද ??????

එහෙමයි මහත්තයෝ...... මගේ තාත්තා පෝරකේ රස්සාව මට දෙන දවසේ කිව්වේ පුතේ මම පෝරකේට ආවත් උඹ මාව එල්ලන්න ඕන කියලා. මට ඒක මතකයි මහත්තයෝ. මම මගේ එකා කියලා බලන්නේ නෑ . මුව එල්ලනවා මහත්තයෝ .....

ජේමිස්ට මේ ටික කියත්දී කඳුළු ආවා .

පිය සෙනෙහස කවදාවත් නැති වෙන්නේ නෑ . එත් මොනවා කරන්නද . වරද කාගේද ????

දැන් ඉතින් මරණ දඬුවම දෙන දවස. හාමුදුරුවෝ වැඩලා බැන කිව්වා . කොල්ලාව නාවලා සුදු අන්දවලා බෙල්ට් වලින් ගැටගහලා ලෑස්ති කරේ සහායක අලුගෝසුවා .

පස්සේ කොල්ලා අමාරුවෙන් ඇවිත් තාත්තටත් වඳිනවා.
දැන් එල්ලන වෙලාව . ජේමිස් ඉන්නවා පෝරකේ හැන්ඩ්ල් එක ගාව.



සහායක අලුගෝසුවා කොල්ලට තොන්ඩුව දානවා .
ජේලර්වරයා ලේන්සුව පහල දානකොට ජේමිස්ට පපුවේ අමාරුව හැදෙනවා.
වෙලාව පහු වෙනවා .

කොල්ලා මරණෙන් නිදහස් වෙනවා . ඒත් එතකොට ජේමිස් දුක වාවගන්න බැරුව පපුවේ අමාරුව හැදිලා මිය පරලොව ගිහින්.
හරිම ශෝචනීයයි ........................... !

මම මේ කැරකිලා කැරකිලා අවේ ඉතින් සිංදුවක් ගැන කියන්න . ඔන්න මෙතන ඉඳන් කියවන්න අකමැතිනම් මගේ යාළුවො බැන බැන කියවන්නේ නැතුව ස්කිප් කරන්න.

උඩ කියලා තියෙන්නේ මම කාලෙකට කලින් බලපු සිංහල ෆිල්ම් එකක කථාවක්. සමහරවිට ඔයාලත් බලලා ඇති පූජා කියන ෆිල්ම් එක.නැසීගිය ජේෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහත්මයා තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ .

ගීතය රචනය දර්මසිරි ගමගේ මහතා .



සංගීතය සපයලා තියෙන්නේ අපේ කේමදාස මාස්ටර් .



මේ ගීතය ගායනා කරලා තියෙන්නේ අපේ මහා ගාන්ධර්ව අමරදේවයන්.




ජෙමිස්ගේ චරිතය රංග පෑවේ නැසීගිය ජෝ අබේවික්‍රම මහතා



පුතා අමරසිරි කලන්සූරිය මහතා



දුව ගීතා කාන්තිජයකොඩි මහත්මිය



ජේලර්ගේ පුතා කමල් අද්දර ආරච්චි මහතා .



ජේලර් චරිතේ කරපු කෙනා සොමි රත්නායක මහතා



සහායක අලුගෝසුවා දයා අල්විස් මහතා .



ෆිල්ම් එක බලලා ඉවරෙන්න මේ සිංදුව යනකොට කාගේත් ඇස් තෙත් වෙනවා.


දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මහ මෙර වැනි බර සිතින් උහුලනා
කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
දරු දුක උහුලා
තනිව වැළපෙනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
මව් නැතිදාටත් තුරුලේ රකිනා
සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
බුදු බව ලබනා
පියවරු වෙසෙනා
පූජා
පූජා වේවා

අමරදේව මහත්මයාගේ මේ ගීතය ගායනා කරපු කාලේ කටහඩත් මාරම ෆීල් වෙන කටහඬ .සංගීතයත් මාරම විදියට ෆීල් . මම හිතන්නේ මේකේ සංගීතය හදලා තියෙන්නේ වෙස්සන්තර ජාතකේ කවි කියන තාලෙට කිට්ටු වෙන්න . සංගීත භාණ්ඩ භාවිතා කරලා තියෙන්නෙත් මේ ගීතයෙන් කියවෙන පිය සෙනෙහස මනාව ඉස්මතුවෙන විදියට .

ඔන්න එහෙනම් ගීතෙත් අහලම යන්නකෝ.




සමහර වචන ඔන්න ෆිල්ම් එකේ තියෙන ඒවම නෙවෙයි හොඳේ ......!

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා............!

රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල්







මම ලියන කියන ගොඩක් ඒවා වලට ඉතින් මුල් වෙන්නේ මගේ ඉස්කෝලේ තමයි . මේකත් එහෙම කතාවක් . මම සාපෙළ ඉවරවෙලා මාස 6ක් විතර ගෙදර ඉඳලා උසස්පෙළට ඉස්කෝලෙට ගිය අලුතම අපිට සතියක වැඩකඩයක් තිබ්බා . ඒ කිව්වේ මේ වර්ක්ශොප් එකක් . දවසින් දවස එක එක මාතෘකා වලට තමයි මේක පැවැත්වුනේ . සමහර දවස්වලට උදේ ඉඳන් හවස් වෙනකන්ම ඈනුම් අරිනවා හිටු කියලා .

එත් සමහර දවස් වලට පට්ට තමයි . ලිංගාශ්‍රිත රෝග ගැන තිබුන දවසේ පට්ට . හඃ හඃ හඃ හඃ . හරියට එදා මුළු උසස්පෙළ ළමයි ඔක්කොම වැලක්  බැලුව වගේම තමයි . හඃ හඃ හඃ හඃ .

එක දවසක් අපිට මේ වැඩකඩය මෙහෙයවන්න ඉස්කෝලේම ටිකක් ලොකු කෙනෙක් තමයි ඉදිරිපත් උනේ . මම හිතුවේ නෑ මිනිහා එල ඩයල් එකක් කියලා . මොකද මිනිහා මහා නීති කාරයා . අපි සමහර වෙලාවට මිනිහාගේ ටයි ඒකෙ ඉඳන් ජොකා දක්වා ඔක්කොම ගැලවෙන්න සාප කර කර බනිනවා .

මිනිහා අපිට ඉදිරිපත් කලේ සාර්ථක අධ්‍යාපනයක් ලබාගන්න කරන්න ඕන දේවල් කියාදෙන දේශනයක් . පට්ටම සක්සස් උනා ඒ දේශනය . මොකද හැම එකෙක්ම ඒක හොඳට අහගෙන හිටියා  . නිකමට වගේ එදා මිනිහා කියපු කරුණු කාරණාටික මම කොළ කෑල්ලක සටහන් කරගත්තා . ඒක ටිකක් හොඳයි වගේ කියලා පෙනුන නිසා මම ගෙදර ඇවිත් ඒක අයෙත් කොළ කෑල්ලක ලියලා මේසරෙද්ද යටින් තියලා තිබුණා . ඕක ඉතින් හිටපු ගමන් මම කියවලා බලනවා . ආයෙත් තියනවා . කොහොම හරි මේසෙ රෙද්ද මාරු කලත් 2008 මගේ අතට ආපු මේ කොලය තාම මගේ මේසෙ අතගැටෙන මානයේ තියෙනවා .

මේකේ ලියලා තියෙන ටික මම සටහන් කරනවා ඔන්න .

ඔබට උගත් බුද්ධිමතෙකුවීමට උවමනා නම් ,

ස්ථීර අරමුණක් තිබිය යුතුය .
ආත්ම විශ්වාසය තිබිය යුතුය .
දුප්පත් වේවි ,ලෙඩවේවි , වයසට යාවි කියන බිය නැති කරගත යුතුය .
විවේචනය කරාවි කියන බය නැති  නැති කරගත යුතුය .
පවුලේ කෙනෙක් . හිතවතෙක් තමන්ට නැති වේවි කියන බය නැති කරගත යුතුය .
මරණයට පත්වේවි කියන බය නැති කරගත යුතුය .
දැනුමෙන් පිරිපුන් විය යුතුය .
ඉතිරි කිරීමේ පුරුද්දක් තිබිය යුතුය .
වැඩක් තනිව කිරීමේ හැකියාවක් තිබිය යුතුය .
නිතරම ප්‍රබෝධමත්  විය යුතුය .
පවරන ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩ කල යුතුය .
වැඩි කාලයක් ඉගෙනීමට යොමු කල යුතුයි .
ආරම්භ කල වැඩක් අවසන් කල යුතුයි .
විනය ආරක්ෂා කල යුතුයි .
මිතුරන් අත්හල යුතුයි .
කල යුතු දේ අමාරුවෙන් හෝ කල යුතුයි .
වෙලාවට වැඩ කල හැකි විය යුතුයි .
තමන්ගේ ගමනට භාධා කරන්නන් අත්හල යුතුයි .

ඔන්න ඕවා තමයි මේ කාරනා ටික . මේවා අකුරටම පිළිපදින්න පුළුවන් කමක් තිබුනේ නෑ . කොච්චර උනත් නෑයොන්ටත් වඩා යාළුවන්ට එදත් අදත් හෙටත් සැලකුවා සලකනවා . උන්ව අතාරින්න බෑ .  මොකද කතාවක් තියෙනවනේ ආදරේ හරියට කලිසම වගේ , යාළුවො හරියට ජොකා වගේ කියලා . කලිසම හැලුනත් ජොකා හැලෙන්නේ නෑ . ජොකත් හැලෙනවානම් ඉතින් වන වන ඉන්න තමා වෙන්නේ ..

අනික පවුලේ අය අතාරින්නත් බෑ . හැබැයි අකුරටම මෙහෙම කරපු යාළුවො ගොඩක් හිටියා . උන්ට යාළුවො නෑ , නෑයෝ නෑ . පොතේම තමයි හිටියේ . උන් යන්න ඕන උඩම තැනට ගියා . එත් ඒ ගියේ හිස් අතින් . අපිට සතුටුවෙන්න පුළුවන් අපි මෙහෙම හරි ගමනක් යන්නේ අපිත් එක්ක ඉන්න පිරිසක් එක්ක එකට අත්වැල් බැඳගෙන කියලා .




ඔය අතරේ තව තියෙනවා විවේචනය කරාවි කියන බය නැති  නැති කරගත යුතුය කියලා .
මෙන්න මේකත් මට හදාගන්න ටිකක් අමාරු උනා . ඒත් යන්තම් ඒක හදාගත්තා .
පාසල් ප්‍රේමයේ මුල කාලේ මට ටිකක් බය තිබුණා මේක ඉස්කෝලේ අයට ආරංචි උනොත් මට කෙලවෙනවා කියල .මොකද ඉස්කෝලේ සමහර ගුරුවරු පවා බලාගෙන හිටියේ ළමයෙක්ට වැරදිකාර හංවඩුව ගහන්න බලාගෙන .

එක දවසක් වහින දවසක මම ඉස්කූල් බස් එකෙන් බහිනකොටම එක මිස් කෙනෙක් මට කියනවා අනේ පුතේ පුතාගේ කුඩේන් මෙන්න මේ ළමයා පන්තියට ගිහින් දාන්න කියලා . ළමයා කියලා පෙන්නුවේ ගනු ළමයෙක්ව . හම්මෝ මම එවෙලේ කල්පනා කළා මේ මොකද්ද මේ වෙන්නේ ඔය විනාඩියට කතාවක් යනවා මෙන්න වයලීනෝ කෙල්ලෙක් එක්ක එක කුඩේ යටින් ආවා කියලා . මම මට බෑ මිස් කියලා ශේප් උනා .




දෙවිවරු වගේ ගුරුවරු අතරේ ගුරුහොරුත් හිටිය . මම මගේ වන්තිය එක්ක සමහර දවසට ක්ලාස් එකට යනවා බස් එකේ . ඔය එක දවසක එයා එක්ක මම බස් එකෙන් බහිනකොට ඉස්කෝලේ උගන්නනවට වඩා ඕපාදූප හොයන මිස් කෙනෙක් හිටියා . මම හිනාවෙලා වන්තිය එක්ක ක්ලාස් එකට ගියා . වන්තිය අපේ ඉස්කෝලේ නෙවෙයි ඉතින් හොඳේ .

එදා ඉරිදා දවසක් . පහුවදා මම ඔන්න ඉස්කෝලේ ගියා . යනකොට හිතුවා වගේම ඉස්කෝලේ බඩු පත්තු වෙලා . අපිට උගන්නන මිස් කෙනෙක් මාත් එක්ක හිනාවෙලා කිව්වා හා හා ළමයා දැන් තනියම ගමන් බිමන් නවත්තලා නේද කියලා . මම හිනාවේගෙනම පන්තියට ගියා . යනකොට අපේ එකෙක් කිව්වා "මචං අර ගෑණි ඇහුවනේ බන් උඹට නංගිලා ඉන්නවද කියලා . අඩෝ මාට්ටු උනාද" කියලා ඇහුවා .

මට යකා වැහුනා . එත් යකා පැත්තක තියලා සංගීත කාමරේ පැත්තේ යනකොට අර නාකි මිස් එතන . එයා මේ මගෙන් නඩු අහන්න ලෑස්තිය . මගෙන් ලව ගැන අනංමනං අහනකොට මම හිනා වෙවී කිව්වා "මිස් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ අපේ ගෙවල් දෙකෙන්ම ඕක ගැන දන්නවා අපි හොරෙන් නෙවේ ක්ලාස් යන්නේ" කියලා . යන්තම් කොහොමහරි ඒ කතාව ඉස්කෝලෙම පැතිරුනේ නෑ . මට බය තිබුනේ මාව පතුරු යනකම් විවේචනය වෙයි කියල . මොකද කෙල්ලෙක් එක්ක කොල්ලෙක් කතා කරනකොට අද කාලේ අය බලාගෙන ඉන්නේ විවේචනයෙන් උන්ට ළමයිත් හදලා දෙන්නනේ . වැඩිය නැතත් මට මඩ පොඩ්ඩක් වැදුනා . මම ඉතින් දන්නේ නෑ වගේ හිටියා .




ඔය විවේචනය තමයි මට ඉස්කෝලෙන් වැදුණු හොඳම විවේචනය . එත් මම කොහොමහරි මගේ මතේම හිටියා . අපේ අම්මලා දැනගෙන හිටපු නිසා මට බයක් තිබ්බේ නෑ . වැරද්දක් කරේ නැති නිසා අවුලක් තිබ්බෙත් නෑ . මොකද ඒ වන්තිය එක්ක මම වෙන වෙන ගමන් යන්නේ නෑ කියලා අපේ ගෙවල් දෙකෙන්ම දැනගෙන හිටියා . අපි දෙන්නා ඒ විශ්වාසයත් පලුදු කරේ නෑ  . සමහර වෙලාවට වන්තියගේ තාත්තා එනවා අපේ පස්සෙන් ඔත්තු බලන්න . එත් අපි වැරදි ගමනක් නොයන නිසා තාත්තා එන එකත් පස්සේ පස්සේ නැවතුනා . අපි ටවුන් ඒකෙ ක්ලාස් ඇරිලා එකට එනකොට අපේ අම්මටම මාට්ටු උනා . අම්මයි තාත්තයි මම ගැන දන්න නිසා මම ඉතින් වෙන අයගේ විවේචන වලට ඔලුව නැවුවේ නෑ .  හිහ් හිහ් හිහ් හිහ් .

විවේචනය කරන එක හරිම පරිස්සමෙන්  කරන්න ඕන දෙයක් . කෙනෙක්ව යහමගට ගන්න වගේම මේ විවේචන වලින් කෙනෙක්ව මානසිකව වට්ටන්න පුළුවන් . ඒ වගේම මරණයෙන් කෙලවරවෙන තරමේ ආරවුල් ඇතිවෙන්න පුළුවන් . සමහර අය ඉරිසියාවට එක එක්කෙනාව විවේචනය කරනවා . සමහර අය පුරුද්දට විවේචනය කරනවා . මේ වැරදි පුරුද්දෙන් එයාලට මිදෙන්න කවදාවත් බැරිවෙනවා . ඊට පස්සේ වෙන්නේ තමන්ට වැඩ කරන තැන උසස්වීම් නැතිවෙනවා , ආයතන ප්‍රධානීන්ගෙන් චෝදනා එල්ලවෙනවා , විවාහය දික්කසාදයකින් කෙලවර වෙනවා . ඔය ඔක්කොටම වඩා හපන් යාළුවො නැත්තටම නැති වෙනවා . ඒ නිසා විවේචනය කරනවා කියන එක හරිම පරිස්සමෙන් කරන්න ඕන .



ඒ වගේම තමයි විවේචන වලට මූණ දෙන එක , සමහර අය තවත් අය විවේචනය කරන්නේ තමන් තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම දාන්න පුද්ගලයා කියලා හිතාගෙන . ඒත් කවදාවත් මේ ලෝකේ සියල්ලම ඉගෙනගෙන ඉවර කරන්න කාටවත් බෑ . කලාතුරකින් පහළවෙන බුදු කෙනෙකුට හැර . ඒ වගේ මහා ඥානයක් තියෙන උතුම් පුද්ගලයෙකුගේ චරිතයටත් විවේචන ආපු එකේ ඉතින් තව මොනවද ? නේද ?.

මට අර අපේ ඉස්කෝලේ දේශනයේ ඒ දේශකයා කිව්ව තව දෙයක් මතක් වෙනවා . කවදාවත් තමන්ව පහත් කරලා අනිත් අය එක්ක කතා කරන්න එපා . මම වැරදිද ? මම චා නේද ? මම කලේ මහා බලු වැඩේ , වගේ කතා කරන්න එපා . ඒ වගේම තමයි තමන් කරන දේවල්වල වැරද්දක් කියනකොට සාවදානව අහන් ඉඳලා උත්තර දෙන්න ස්තූති කරන්න .එයා තවතවත් වනයක් වගේ විවේචනය කරනවානම් පොඩ්ඩක් කරුණු පහදන්න . පිළිගන්නේ නැත්නම් මෝඩයෙක් කියල අතාරලා දාන්න . ඒ වගේම නිහඬවම තමන්ගේ වැරැද්ද හදා ගන්න . තමන් කරන දේ හරිනම් එක දියුණු කරගන්න උපදෙස් දෙන අයාගෙන එකට උපදෙස් ගන්න . e උපදෙස් ගන්නකොට හොඳට කල්පනාවෙන් කරන්න ඕන . තමන්ට විශ්වාස අයගෙන් විතරක් උපදෙස් ගන්න .

මම මේ කියන්නේ ඉතින් හැම කෙනාම නෙවෙයි . තමන්ට හොඳ නරක තේරෙන වයසකනම් ඉන්නේ අම්මා තාත්තා කියන දේවල් අහගෙන හොඳින් ඉන්න . එතකොට ඔය කාගේ කාගේ විවේචන ආවත් කිසිම අවුලක් නෑ . මොකද පිහිට වෙන්න අම්මා තාත්තා ඉන්න නිසා . අම්මලා තාත්තලාගේ කොන්ඩේ පැහුනේ අකලට නෙවෙයිනම් අම්මලා තාත්තලා සමාජේ ගැන හොඳ දැනුමක් තියෙන අය වෙන්න ඕන . සමහර ගම්බද පොතපත  ඉගෙන නොගත් අම්මලා තාත්තලා  උනත් සමාජයේ ඉඳලා අපිට වඩා අත්දැකීම් වලින් පිරිපුන් වෙලා ඉන්න නිසා එයාල කියන දේවල් වරදින්න විදියක් නෑ  .  

ගුරුවරු උනත් ඉන්නවා ඉරිසියාකාර අය . ඒ අයගෙන් ඈත්වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න එක තමයි හොඳ . එයාලට වැඩිය නෝට් වෙන්න යන්න හොඳ නෑ . උගන්වන වෙලාවට ඉගෙන ගන්න . වෙන වැඩිපුර නෝට් වෙන්න යන්න එපා .

කතාවක් තියෙනවා උගත් තරුණයා වැඩිහිටයෙක් කියලා . ඒ කියන්නේ ජීවිතයේ වැඩිපුරම වටින්නේ තමන් සමාජයෙන් ඉගෙනගත් අත්දැකීම .

බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ අත්තානංඋපමන් කත්වා නහනේයියනගාතයේ කියලා . තමන්ට තමාව උපමාවක් කරගන්න කියලා .

නැපෝලියන් හිල් කියන පුද්ගලයා රචනා කරලා තියෙන law of success කියන පොතේ තියෙනවා Golden law කියලා නියමයක් .

 “ අනුන් ඔබට කරනු දකින්නට නොකැමැති දෙය ඔබ අනුන් හට නොකළ යුතුය “  ඕක තමයි ඒ නියමය .
මේ ටික කියාගෙන යනකොට මට හොඳ ගීතයක් මතක් උනා . සිරිල් ඒ සීලවිමල මහතා රචනා කරපු වික්ටර් රත්නායක මහතා ගායනා කරන .

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
මිනිසා කොහේද මේ

රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ  
මිනිස් ගුණේ සැමදා බැබලේ
එය රැකීම අප උරුමේ - වේ

කේළම් කීමෙන් ඕපදූපුයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වී
බොරුවෙන් රට පිරිහේවී

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙළන්නට වලක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ

අන්තිමටම කියන්න තියෙන්නේ තමන් කරන දේ හරි කියලා දන්නවනම් එක එකා කියන ඒවා කනට ගන්නෙපා කියලා .