Monday, May 27, 2013

සද්දන්තයෙකුගේ ආත්මීය කථනය


මිය ගියත් මට ආදරේ කරන අය වෙනුවෙන් මේ ලියන්නේ .

  animation

මම ඉපදුනේ ආණමඩුව කියන ගමේ . අවුරුද්දක් ගැන නම් කියන්න අමාරුයි ආයිබොවන් . මොකෝ වනන්තරේ අර ඉලක්කම් ලියලා තියෙන කැලන්ඩරේද මොකද්ද එකක් තියෙන එකක්යැ . මගේ අම්මා මාව මේ ලෝකෙට බිහිකරපු දවසේ මම දිහා ආදරෙන් බලාගෙන හිනා උනා මතකයි . මගේ තාත්තා මගේ ඔලුව අතගාලා මගේ මූණ සිපගත්තා මතකයි .

එදා අපේ කණ්ඩායමේ හිටපු නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝම මාව වට කරගෙන මාව එයාලගේ කණ්ඩායමට පිළිගත්තා . අපි කැලේ එහෙ මෙහෙ ඇවිද ඇවිද කොළ ජාති ගෙඩි ජාති හොය හොයා ඒවා කකා තවත් ඇවිද්දා . මමනම් ඉතින් ඒ කාලේ අම්මා කුක්කු තමයි බිව්වේ . මට කොළ ජාති එහෙම වැඩිය කන්න පිරියක් තිබ්බේ නෑ .

අම්මාගෙන් කිරි බොනකොට මම වැඩිය දහන්ගලේ දැම්මේ නෑ . මට හිතුනා මගේ ඉස්සරහා දත් දෙක ඇනිලා අම්මට රිදෙයි කියලා . කොහෙද ඉතින් දත් කොහොමද කියලා මට පෙන එකක්යැ . ටිකක් විසේ කලාට රංචුවේ ඉන්න නැන්දලා මාමලා මගේ ආරක්ෂාව ගැන සෙවිල්ලෙන් තමයි හිටියේ හැමවෙලේම . සමහර වෙලාවට මම විසේ කලාම මට කොළ අතුවලින් ගුටි සංග්‍රහා දෙනවා.

අපි ගොඩක් සන්තෝසෙන් අවුරුදු දෙක තුනක් කැලයේ ජීවත් උනා . ඒත් දවසක් කැලේට කකුල් දෙකේ මාමලා කට්ටියක් ආවා . අම්මා තාත්තා වගේම අනිත් අයත් කලබලේ එහෙ මෙහෙ දිව්වා . මමත් ඔලුව හැරෙන හැරෙන පැත්තට දිව්වා .මාව අතරමන් උනා . ඒ අතරේ මාව ඒ කකුල් දෙකේ මාමලාට අහු උනා. මාත් එක්ක තව ගොඩක් අය අහු උනා . ඒ අල්ලාගෙන අපිව ආණමඩුව වැවේ වැවු ඉස්මත්තේ ගැට ගහගෙන මාස දෙක තුනක්ම , තව අපේ කට්ටිය අල්ලගත්තා . පසේ කාලෙකදී තමයි මම දැන ගත්තේ ඒ 1946 කියලා . මාව අල්ලගත්තේ අප්පුහාමි මාමාගේ තාත්තා .

                                           මේ ඉන්නේ මගේ අයිතිකාර අප්පුහාමි මාමා 



මේ ඉන්නේ මාව බලාගන්න කිරිබණ්ඩාමාමා 




අප්පුහාමි මාමාගේ තාත්තා සල්ලි වලට මාව විකුනන්න හැදුවේ . එත් අප්පුහාමි මාමා මාව විකුනන්න දුන්නේ නෑ . මාව එක්කගෙන ආවා කෑගල්ලේ මොලගොඩ  එයාලගේ වලව්වට . එදා ඉඳන් මම හැදුනේ වැඩුනේ කෑගල්ලේ වලව්වේ . මට අම්මා තාත්තා වගේම අනිත් මගේ නැන්දලා මාමලා මතක් නොවුනමත් නෙවෙයි . එත් මට වැඩිය පාළුවක් දැනුනේ නෑ . වලව්වේ තව මගේ වරිගේ කට්ටියට ජීවත් උනා .

මාව බලාගන්න භාරගත්තේ කිරිබණ්ඩා කියලා මාමා කෙනෙක් . ඒ මාමා මට ආදරෙන් සැලකුවා . ඒ මාමගේ හෙණ්ඩුවෙන් වෙලාවකට මට පොඩි තට්ටුවක් දැම්මට මම ඒ මාමා එක්ක තරහා උනේ නෑ . මොකද එහෙම තට්ටු දැම්මේ මමත් අකීකරු වැඩ කරපු නිසා කියලා මම දන්නවා . පොඩිම කාලේ මට ඒ කාලෙට ගැලපෙන කෑම ලැබුනා . පස්සේ ලොකු ලොකු කෑම වලට මම පුරුදු උනා . කිරිබණ්ඩා මාමා අලියා මෙහෙ දහඃ අරෙහෙ දහඃ කිය කියා කියන ඒවා මම ඉගෙන ගත්තා .කිරිබණ්ඩා මාමාට මම අක්කීකරු උනත් අප්පුහාමි මාමාට මම හරිම ලෙන්ගතුකමින් තමයි හිටියේ .


                  මේ මම දළදා මාලිගාවේ දළදා කරඬුව වැඩමවන වෙලාවේ ගත්ත ෆොටෝ කෑල්ලක්

මම ඉස්සෙල්ලම දලදාමලිගාවේ විෂ්නුදේවාල පෙරහරට තමයි ගියේ. පස්සේ දළදා පෙරහරට වගේම මම අපේ රටේ වෙනත් පෙරහැර වලටත් සහභාගී උනා . එහෙම කාලයක් යනකොට දළදා මාලිගාවේ රාජා අයියා මියගියාට පස්සේ දළදා කරඬුව වැඩම කරන්නත් මට වාසනාව ලැබුනා . මම පස්සේ කාලෙදී අවුරුදු තිස්පහක් විතර දළදා පෙරහරට සම්භන්ධ උනා . එහෙම ටික කාලයක් යනකොට මගේ දල දෙක අමුතු වේගෙන එනවා කියලා මට දැනුනා .

නැදුන්ගමුවේ , නවම් , බෝතලේ වලව්වේ රාජා මල්ලිලාගේ වගේ මගේ දල දෙක ඉස්සරහට වක් වෙන්නේ නැතුව කෙලින්ම පහලට වැඩේන්න ගත්තා . මගේ ඔලුවට ඒක හරි බරක් උනා . වෙලාවකට කැමති කැමති විදියට ඔලුව හරවන්නත් බෑ මල කරදරේ. අන්තිමට මගේ දල දෙක බිම ගෑවෙන්න තිබ්බේ අඟල් හතරක පහක ප්‍රමාණයක් කියලා අප්පුහාමි මාමා දවසක් කාත් එක්කද කියනවා මට ඇහුනා .



දල දෙක මල කරදරයක් උනාට හැබැයි ඉතින් ඒකෙත් මාර ගතියක් තිබ්බා . දළදා පෙරහරට එහෙම ගියාම මම දල දෙක බිම ගෑවෙන නිසා ඔලුව ටිකක් උස්සගෙන තමයි යන්නේ . ඒ යනකොට ඉතින් ක්වීන්ස් හෝටලේ ඉන්න සුදු නෝනලා දිහා එහෙම බලන්න පුළුවන් . තව ඉතින් එහෙම ඔලුව පොඩ්ඩක් උස්සගෙන යනකොට මගේ පෙනුමත් ආඩම්බරකාර ගාම්භීර පෙනුමක් උනා .



මගේ දල දෙක නිසාම මාව බලන්න ලංකාවේ වගේම පිටරට අයත් එනවා . පිට රටින් එන අර සෙක්සිද මොකක්ද එකක් තියෙන සුදු නෝනලා දැක්කම හොඩෙන් පොඩි තට්ටුවක් දාන්නමයි හිත . එත් කිරිබණ්ඩා මාමා හෙණ්ඩුව කෙලින්කරගෙන මෙතන ලොකු ලොකු සද්ද දානවනේ . මට ඒවෙලාවට මාරයා ආවේස වෙනවා . ඇයි යකෝ අලි උනත් කැමතියි පොඩ්ඩක් සෙක්සි කෑල්ලක් දැක්කම පොඩි තට්ටුවක් දාන්න . හා නැද්ද ?

මට කේන්ති ගියාම මට සාත්තු කරන්න ඉන්න අයට ළඟ තියෙන ලීකෑලිවලින් කෙලලා අරිනවා අෆ්ෆා . ඇයි මුන්ට තේරෙන්නේ නෑනේ මෙලෝ දෙයක් . වෙලාවකට අනිත් අයට කෑම දෙනවා මට පෙනී පෙනී . මම මෙහෙ බඩගින්නේ වේලෙනවා . අප්පුහාමි මාමා කියන්නේ, මම තමයි එයාගේ වලව්වේ අලිගාලේ නායකයා කියලා .එහෙනම් ඉස්සෙල්ලම මට කන්න දෙන්න ඕන .

ඔහොම දවසක් මට කේන්ති ගිහින් මම කිතුල් ලීයක් විසික් කළා වලව්වේ වහල කඩාගෙන සිවිලිමත් කඩාගෙන ඇතුලට වැටෙන්න . ඊට පස්සේ ඒක මතක තියෙනකන් කට්ටිය මමගැන සෙවිල්ලෙන් හිටියේ . ඇයි මෙයාලා මට අම්මා තාත්තා එක්ක කැලයේ ඉන්න දුන්නෙත් නෑ . මෙතන එක්ක ආවනම් මට ඕන ඕන ඒවා වෙලාවට දෙන්න ඕන . මම ඉන්න අලි ගාලේ සාමාජිකජෝ දහ දොළොස්දෙනා තරම් හිටපු කාලයක් තිබුණා. එත් දැන් ඉන්නේ පස්දෙනයි . ගල්කුලමා මල්ලි , පොඩි ඇතා මල්ලි , මැණිකේ නංගි , රජා මල්ලි සහ මම තමයි ඒ පස්දෙනා .

                                                      මේ ඉන්නේ මැණිකේ නංගි



මේ ඉන්නේ පොඩි ඇතා මල්ලි 



මේ ඉන්නේ රාජා මල්ලි


මේ ඉන්නේ ගල්කුලමා මල්ලි 






මගේ දල දෙක ගොඩාක් දිග නිසා කිතුල් කොටයක්වත් හරියට පලා ගන්න බෑ අප්පා . අඩුම තරමේ පොල් අත්තක්වත් සැනසිල්ලේ කන්න විදියක් නැ  රෙද්ද . ඇයි බිමට නැවෙනකොටම මේ ඉලවු දෙක බිම ඇනෙනවනේ . මම ඉතින් වෙලාවකට කේන්තියෙන් ලොකු ලොකු සද්ද දානවා . එතකොට මාව බලාගන්න කිරිබණ්ඩා මාමා ගල්කුලමා මල්ලිට හරි රාජා මල්ලිට හරි කියලා මගේ කෑම ටික මගේ ලඟට කිට්ටු කරලා දෙනවා .



මට හොඳට නාන්න එහෙම ඕන . මාව වතුරට දැම්මම මට මාරම ෆන් . දවසක් දෙකක් ඒ ෆන් එක උපරිමෙන්ම ගත්ත නිසා මාව එදා ඉඳන් දම්වැල් දාලාම තමයි වතුරට දාන්නේ . ඇඩෙනවා අප්පා ඉතින් . වතුරට බැහැලා ආතල් එකේ ඉන්න නෑනේ . මට ඔය අප්පුහාමි මාමාගේ කාර් එකේ හෝන් එක හොඳට පුරුදුයි . මාමා කාර් එකේ යනකොට හෝන් සද්දෙන් මට අඳුරගන්න පුළුවන් ඒ කවුද කියලා . මට මද කිපුණ කාලෙට කිරිබණ්ඩා මාමාට මාව හීල කරන්න බෑ . ඒකට අප්පුහාමි මාමා එන්නම ඕන . අප්පුහාමි  මාමා තමයි මාව ඒ කාලෙට බලාගනේ . කන්න බොන්න දෙන්නේ එහෙම . මමනිසා අප්පුහාමි මාමා මාසෙට අර පාට පාට කොළ වලින් රුපියල් 45000ක් විතර වියදම් කරනවලු . වෙන්න ඇති ඉතින් . මොකද මම ලේසි පහසු කෑමකුත් නෙවෙයිනේ කන්නෙ .

මම සමහර දවසට රෑට කෑගහනවා බඩගිනි උනාම . ඒවෙලාවට අප්පුහාමි මාමා ඇවිත් කිරිබණ්ඩා මාමාට බැනලා මට කන්න එහෙම දෙනවා . ඒ නිසා මම දන්නවා අප්පුහාමි මාමා මට ගොඩක් ආදරෙයි කියල . මමත් කොච්චර විසේ කරගෙන හිටියත් අප්පුහාමි මාමාට කරදර කරේ නෑ . මම කැලේ හිටියනම් මගේ දල දෙකේ ප්‍රමානෙ දකින මිනිස්සු මාව මරලා දල දෙක කපලා අරගෙන ගිහින් . මාව බේරුනේ වලව්වට ආව නිසා . අම්මා තාත්තා දෙන්නගෙන් වෙන් වෙන්න උනත් මට තියෙන පොඩි හරි සැනසීම ඒක තමයි . අනික අප්පුහාමි මාමා මගෙන් වැඩ ගත්තේ නෑ , කේක් ගෙඩිය වගේ මම එහෙම මෙහෙ වැනි වැනී . කකා බිබී ආතල් එකේ හිටියා .

තව කතාවක් අමතක උනා . මම පෙරහරේ යනකොට මට ටොපි කන්න ඕන . කිරිබණ්ඩා මාමා ටොපි 100ක් විතර අරගෙන ඉන්නේ . මම කිරිබණ්ඩා මාමාගේ මූණ දිහා බැලුවම එයා මගේ කටට ටොපියක් දානවා . ඊට පස්සේ මම ඒක කකා යනවා . කොහේ පෙරහරකට ගියත් මට ටොපි ඕනම තමයි .

මම අඩි එකොලහාමාරක් උසයි .මගේ දල දෙක එලියට අඩි හතහමාරක් විතර . නහය අයිනේ උඩට තියෙන ටිකත් එක්ක බැලුවම අඩි නවයක් විතර දලයක්  දිගයි . මාරයි නෙහ් ? .

මට අවුරුදු 70ක් 75ක් විතර වෙනකොට හයිය කෑම ජාති කන්න බැරිඋනා . මම වයස නිසා මගේ දත් දිරලා තිබුනේ . දොස්තර මාමලා මාව බලන්න ඇවිත් අප්පුහාමි මාමාට කිව්වා මට හයිය අඩු කෑම දෙන්න කියලා . හයිය අඩු කිව්වේ ආයිබොවන් මම කලින් කෑවේ යකඩ කොන්කිරිට් නෙවේ . කිතුල් කොටන් පොල් බඩ එහෙම නැතුව කොළ ජාති දෙන්න කියලා කිව්වේ  . ඉතින් ඊට පස්සේ මම කෑවේ කොළ ජාති තමයි . හොඳ හොඳ කෑම කකා ඉඳල කොළ ජාති කන්න ගත්තම මගේ ඇඟ කෙට්ටු උනා . මට එරමුදු කොළ පෝටා වැල් වගේම දොස්තර මාමලා කියපු විටමින් ජාතිත් අප්පුහාමි මාමාගේ පවුලේ උදවිය සල්ලි වියදම් කර කර ගෙනත් දුන්නා .

මම එහෙම ඉන්න කාලේ සමහරවිට අප්පුහාමි මාමට තේරෙන ඇති මම දැන් මේ ලෝකෙන් යන්න ලංවෙලා කියලා . මට සිහිකල්පනාව තියෙන ටිකක් ඇඟ කෙලින් කරන ඉන්න පුළුවන් කාලේ අප්පුහාමි මාමා වලව්වට හාමුදුරුවරු 20ක් විතර වඩම්මලා මට පිරිත් කිව්වා .


                     

එදා හාමුදුරුවෝ බන කියත්දී තමයි මම දැනගත්තේ මගේ කුලය බුදුබව ප්‍රාර්ථනා කරන බෝසතුන්ගේ කුලයක් කියලා. මම පිරිත් නූල හොඩෙන් අල්ලාගෙන හිටියා පිරිත් කියලා ඉවරවෙනකන් . පස්සේ හාමුදුරුවන්ට පූජා කරන්න තියෙන අටපිරිකරට මම හොඩය තියලා ඒ පින් අනුමෝදන් කරගත්තා . එදා මාව බලන්න ටීවී එකේ මාමලාත් ඇවිල්ලා හිටියා .

මට ඊට පස්සේ දළදා පෙරහරට යන්න උනෙත් නෑ . ටික ටික මාව දුර්වල උනා . මම ටයර් කීපයක් උඩ ඔලුව තියාගෙන දවස් ගානක් හිටියා . මට අප්පුහාමි මාමලා කෑම එහෙම අඩුවක් නැතුව ගෙනත් දුන්නා . එත් මට කන්න පිරියක් තිබ්බේ නෑ . ජීවිතේ ඉවර වෙනකොට මොන කෑමද ? . මරණ මන්චකේදී මට මොහොතකට අම්මා මතක් උනා . දැන් අම්මා ජීවතුන් අතර නැතුව ඇති . තාත්තාත් නැතුව ඇති . මටත් මේ ඇවිත්  තියෙන්නේ එයාලා ඉන්න දිහාවට යන්න අවස්ථාව . එත් අප්පුහාමි මාමලාගේ ගෙදර අයයි මාව බලාගත්ත කිරිබණ්ඩා මාමා සහ අනිත් මාමලාත් එක්කම ගල්කුලමා, රාජා, මැණිකේ ,  හැමෝම මම දිහා බලාගෙන ඉන්නේ මට ආදරෙන් මාව තව දවසක් හරි ජීවත් කරවා ගන්න .


එත් නික්මයන්න කාලය උදා උනා . අවුරුදු ගානක් ඇවිදපු දැකපු මගේ කකුල්වලට තැලුණු මේ ගෙදර , අප්පුහාමි මාමලා ,මාව බලාගත්ත කිරිබණ්ඩා මාමා හැමෝම දාලා යන්න කාලය ආවා . මම 2011 ජූලි 30 වෙනිදා තීරණය කළා තවත් දුක් විඳ විඳ මේ අයට කරදර කරනවාට වඩා හොඳයි මේ ලෝකෙන් නික්මෙන එක කියලා .



අප්පුහාමි මාමා දිහාත් කිරිබණ්ඩා මාමා දිහාත් බලලා මගේ ඇස්වලින් කඳුළු ආවා . මට කවදාවත් මෙහෙම සලකන කෙනෙක් ආයේ ලැබෙන එකක් නෑ . මම ඇස් පියාගත්තා  . ටික ටික මට දැනුනා මගේ ශරීරයෙන් එලියට මාව ඇදිලා යනවා වගේ . මට හරිම සැහැල්ලුවක් දැනුනා . මට මගේ සිරුර , මගේ සිරුර වටේ රැස්වෙලා ඉන්න අය දකින්න ලැබුනා .මම මැරුණා කියලා එදා ලංකාවේ ප්‍රධාන පුවත් වලට කිව්වා .



මගේ ආත්මය සිරුරෙන් වෙන්වෙලා . අප්පුහාමි මාමගේ ඇස්වල කඳුළු . අප්පුහාමි මාමලා මගේ දේහයට අවසන් කටයුතු කරලා පාන්සකූල දීලා මගේ දේහයේ හම වෙන්කරලා අරගෙන මස් ටික වලදම්මා .
දලදාමාලිගාවේ  රාජා අයියා වගේ මගේ දේහයත් පුළුන් පුරෝලා හදන්න අප්පුහාමි මාමලාගේ ගෙදර අය තීරණය කරලා .

මගේ දේහය දැන් පුළුන් පුරෝලා වලව්වේ තැම්පත් කරලා තියෙනවා . කාටත් බලාගන්න පුළුවන් .

මගේ ආත්මය තාමත් සැරිසරමින් ඉන්නවා . සමහරවිට මගේ ආත්මය දැන් ම් පොස්ට් එක කියවන ඔයා ගාව වෙන්න පුළුවන් .මම වෙලාවකට වලව්වට ගිහින් අප්පුහාමි මාමාත් කිරිබණ්ඩා මාමාත් බලලා එනවා . මගේ අලි යාලුවන්ව බලන්න පින්නවල , උඩවලවේ , නැදුන්ගමුවේ පැත්තේ යනවා . මම ජීවත් වෙලා හිටපු කාලේ මැරුණු බෝතලේ වලව්වේ රාජා මල්ලි දළදා මාලිගාවේ රාජා අයියා එහෙම මට මේ ලෝකෙදි හම්බවෙන්න පුළුවන් උනා . එයාල එක්ක කතා කරන්න පුළුවන් උනා . එයාලා එයාලගේ ලෝකයට මාව ආදරෙන් පිළිගත්තා . ඉස්සර ගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ හිටියා කියලා අපේ අම්මා මට කියන කඩොල් ඇතා සීයා එහමත් මට හම්බෙන්න පුළුවන් උනා .

මම තව කාලයක් ඉපදෙන්නේ නැතුවම මෙහෙමම ඉන්නවා . අලි ඇතුන් පරිස්සම් කරන්න මගේ ආත්මයෙන් කරන්න පුළුවන් හැමදෙයක්ම මම කරනවා .

දැන් ඉතින් දන්නවා ඇතිනේ මම කවුද කියලා . මම කෑගල්ලේ මොලගොඩ ගමේ ජීවත් උන ආසියාවේ දිගම දල දෙකේ හිමිකරු වගේම අලි ඇතුන්ට ආදරේ කරන අයගේ හිත් තුලට සදා නොමියන මතකයක්  එක්කල                

                                           මිල්ලන්ගොඩ වලව්වේ  මිල්ලන්ගොඩ රාජා . 


නපුරු පාට උනාට මම නපුරු නෑ හොඳේ .


මේ මගේ මරණෙට පාන්සකූලේ දෙන වෙලාවේ 



මමගැන දන්න නොදන්න හැමෝම කමෙන්ට් කරලා යන්නකෝ . 

එහෙනම් හැමෝටම සමන් දෙවිඳුගේ පිහිටයි !

14 comments :

  1. කොහෙද අලියාගේ හොඳ හිතට ලියපු එකාගේ වල් හිතත් එකතුවෙලා :P :)) සෙක්සි කෑලි හහ් ! w-)
    අති විශිෂ්ටයි මල්ලි ! කරුණු කාරනා උඹ කියවන්න ආස හිතෙන විදියට පස්ට ඉට්ටයිල් එකකින් ලියලා ! සුපිරි ! :-h

    ReplyDelete
    Replies
    1. 1.59 ට ලියල තියෙන්නෙ . කොමෙන්ට් එක 1. 58 . c-)

      Delete
    2. නෑ බං මලයා ලේබල් සෙට් කරලා නැති නිසා මම අප්ඩේට් කළා :-as

      Delete
    3. :-da :-da :-da ඊක තමා . අලියාගේ වල් හිත මට බෝවෙලා .
      හඃ හඃ හඃ . කතාවේ පොඩ්ඩක් කියන්න අමතක උනා . මේ අලියාගේ අයිතිකාර පවුල එක්ක පොත් දැරිවිලා කනෙක්ෂන් තිබුනා . මට ඉතින් පොත් දැරිවි විස්තර කියලා තියෙනවා . :-da :-da :-da :-da
      හිහිහිහිහිහිහිහ් සෙක්සි කෑලි තමයි . අලිත් ආසයිනේ y-) y-)
      බොහොම ස්තූතී අයියා !!! g-) g-) g-) g-) g-)

      Delete
    4. අහා ඇපල් අයියා . එහම තමා .
      මේ මේ සිංදුවාට දිවැස් තියෙනවා =)) =)) =)) =)) =)) =)) =)) =)) =)) =))

      Delete
  2. අපූරුම කතාවක් අපූරුම ශෛලියකින් ලියල තියෙන්නේ.. පටන් ගන්නකොටම හිතුනේ සයිමන් නවගත්තේගම මහත්තයා ගැන කියන්න යනවදෝ කියන කුකුසක්..ඒත් ටිකක් දුර එනකොට තේරුණා මේ කාගැනද යන වග.. අපුරු ලියැවිල්ලකි.

    ReplyDelete
    Replies
    1. :)
      බොහොම ස්තූතී .... g-) g-) g-)
      මේ පොඩ්ඩක් කියන්නකෝ ඇයි සයිමන් නවගත්තේගම මහත්තයා ගැන හිතුනේ කියලා . එතුමා ගැන මම වැඩිය දන්නෙත් නෑ . කියන්න හොඳේ !
      බොහොම ස්තූතී :C :C

      Delete
  3. Replies
    1. එල එල .. අද හැපියටත් එක්ක බෝතල් දෙක තුනක්ම ගහමු :-da :-da :-da :-da :-da :-da
      බොහොම ස්තූතී අයියා g-)

      Delete
  4. අන්තිම ටික කියවද්දී ඇහැට කදුළුත් ආව :( වයලෝ, ඉස්තරම් - as usual කියල තමයි කියන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. :(( :(( :(( :(( :(( :(( :(( :(( :((
      සිරාවටම මටත් හෙන දුකෙන් තමා ඕක ලිව්වේ . මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නේ මේ අලි බබා
      බොහොම ස්තූතී අක්කන්ඩී !!! g-)

      Delete
  5. පෝස්ට් එක නම් නියමයි මචෝ.... නරකද උඹත් අලියෙක් හැදුවනම්... :-O

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ හඃ
      බලමු බලමු :-bb
      තාම බල්ලෙක්වත් ඇති කරන්න යටිතල පහසුකම් නැත .... ;-)
      බොහොම ස්තූතී මෙයා g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.