Thursday, May 23, 2013

මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු


මේ දවස්වල දහසක් වැඩ එපා වෙන්නම.වෙලාවේ හැටියට පොස්ට් එකක් දෙකක් ලියමු. එහෙනම් කතාව මෙසේය.

කළාකරුවෙකු, ගී පද රචකයෙකු, ගුවන් විදුලි වැඩසටහන් පිටපත් කියවන්නෙකු, පුවත්පතට ලිපි ලියන්නෙකු ආදී වශයෙන් විවිධ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම ප්‍රතිභාව විදහා දැක්වූ නිරහංකාර සොඳුරු මිනිසෙකුගේ නමක් කියන්න කිව්වොත් අපිට ක්ෂණිකව මතකයට එන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවානන්. එතුමා ගැන විස්තරයක් දීර්ඝ වශයෙන් මතුවට ලියන්න ඉතුරුකරගෙන මම යන්නම් අද මම කියන්න යන එතුමා අතින් බිහිවුණු ගීතවලට.



මේකේ කතා දෙකක් මම දැනට අහලා තියෙයි. කතා දෙකේම හරය ගත්තම ඉතිං එකම අදහස.
මේවා ඉතිං මොකක් ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.සමහරවිට දෙකම බොරුවෙන්නත් පුළුවන්.කොහොම හොයන්නද ඇත්තමද කියලා. මොකද මේ වගේ පෞද්ගලික දෙයක් කවදාවත් කවුරුවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන නිසා.යමුකෝ කතාවට.

කතා අංක එක :
ඉතිං ඔන්න ප්‍රේමකීර්ති මහත්තයා හොඳටම දන්න අඳුරන හිතවතෙක් එයාගේ පළමු කසාදයේ බිරිඳ එක්ක ජීවත්වන කාලේ. දෙන්න කසාද බැඳලා සැපසේ නිදහසේ ඉතිං ජීවත් වුනාලු. ඔහොම ඉන්න අතරේ ටික දවසකින් අර හිතවතාට තේරෙනවලු බිරිඳගේ වෙනසක්.
කලින් තිබුණු ආදරය, දයාව වෙනුවට ඇයට දැන් මොහුව නුරුස්සනා ගතියෙන් වගේලු හිටියේ. ගෑනු උදවියට විතරක් නෙවෙයිනේ ඔය ඉව තියෙනවා කියන්නේ පිරිමින්ටත් ඉව තියෙනවලුනේ. ඉතිං මේ ඔහුත් පොඩ්ඩක් විමසිල්ලෙන් හිටියලු.
දවසක් මේ හිතවතා පත්තර බලමින් ඉස්තෝප්පුවේ ඉන්නවලු. බිරිඳත් මිදුල අතුගාන්නට පටන්ගත්තලු. ටිකවෙලාවකින් හොරෙන් බිරිඳ දෙස විපරම් කරන ඔහුට පේනවලු ඇය ලැජ්ජාවෙන් හිනාවෙනවා, කෝල වෙනවා. බැලුවහම අල්ලපු ගෙදර මනුස්සයා එහා වත්තේ ඉඳන් ඔහුගේ බිරිඳට ඔහුට හොරෙන් ඉඟි කරනවලු.
ඒ සිද්ධිය පාදක කරගෙන ප්‍රේමකීර්තියන් මේ ගීතය ලිව්වලු.

කතා අංක දෙක:
මේකෙත් කලින් විදියමයි වෙනස තියෙන්නේ අහුවුණු අකාරය. මේකෙදි දවසක් අර හිතවතා වේලාසන වැඩ ඇරිලා (හෝ වැඩ තහනමකට ලක්ව) බිරිඳට කලින් දැනුම් දීමක් නැතුව ගෙදර එනවලු. එහෙම එන ගමන් දුම්වැටියක් අරගන්න නිවස අසලම තිබුණු කඩේට ගියාලු. අවශ්‍ය බඩුත් අරගෙන ගෙදරට යන්න හදනකොට මුදලාලි කිව්වලු
"මහත්තයා දැන්ම යන්න එපා ගෙදර ටිකක් පරක්කු කරලා යන්න" කියලා.
ඔහොම් කිව්වම ඉතිං කව්ද ගෙදර නොයා ඉන්නේ. ඔහුත් එහෙම යනකොට ඉක්මන් කරලා බිරිඳ එනවලු ගේ ඇතුලේ සිට, තනියම නෙවෙයි එහා ගෙදර මනුස්සයා එක්ක. ඒක අනුව පසුව මේ ගීතය බිහිවුනාලු.

මොකක්ද මේ ගීතය ?
සංගීතය නිර්මාණය කරලා මේ ගීතය ගයන්නේ වික්ටර් රත්නායකයන්.



 



සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
ඝනඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝනඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ


මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

 

තේරෙනවා නේද ගීතය. පලවෙනි අන්තරා කොටසින් අර කිව්ව අසල්වාසියා ගැන හී සර පහරක් ගැන කියනවා. මේ සිද්ධියෙන් පීඩා විඳින සැමියාට මේ රහස කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔහු කියනවා රහස අහසට අපි පවරමු. ඔහුගේ තියෙන උපේක්ෂා සහගත බව, පරිත්‍යාගය. අපි වෙන් වෙමු.මේ සිද්ධියෙන් පස්සේ ඔහු බිරිඳව අත්හරිනවා. පසුව ඔහු දෙවැනි විවාහයක් කරගන්නවා.

කෙසේ නමුත් ඊට කලින් ඒ කිව්වේ දික්කසාද වෙන්න කලින් මේ සිද්ධිය නිසා ඇතිවන ප්‍රශ්නයෙන් පස්සේ ඔහු මුලින්ම ගේ අතහැර යනවලු. සමහර අය කියනවා මුලින්ම ගෙදර ආවේ හොඳටම බීලලු. පස්සේ පස්සේ ගෙදර යන එක නතරකලාලු. එතකොට ඒ දෙන්නගේ දුව ? කිසි දෙයක් නොතේරෙන ඒ දරුවා අම්මගෙන් අහනවා කෝ තාත්තා කියලා. අම්ම මොකද කියන්නේ ?

ගීතය ගයන්නේ මාලිනී බුලත්සිංහලයන්.



සංගීතය ඔස්ටින් මුණසිංහයන්.



මේකයි ගීතය.

 




මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

වැලි පොල්කටුයි හැඳී රෑනයි පෙරලාලා
මිදුලේ වැටුනු කොළ සේරම අතුගාලා
ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එලිවන තුරා ඉමු මිදුලට වීලා


හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒදැයි බලමින් ඉඳීමු

 

මේ ගීතයේ සුපිරිම විචාරයක් මෙතන තියෙයි.කියවලා බලන්න.

සමහර කියනවා මේ දෙවෙනි ගීතය මේ මුල් සිද්ධියට අදාළ නෑ කියලා. වෙන්න පුළුවන්. ඒ වගේම මේක ඇත්තටම ප්‍රේමකීර්තියන්ගේ අත්දැකීමක් කියනවා. ඒකත් වෙන්න පුළුවන්. :D දන්නෝ දනිති. දැන්නම් නොදන්නොත් දනිති වගේ තමයි. (තාමත් ටියුබ් ලයිට් ඉන්නට පුළුවන් ;) ).
ඉතිං මෙතුමා ගැන මේ වගේ දුක්බර නැති ඒත් මීට වඩා රසබර සිද්ධීන් ගොඩක් එක්ක වෙනත් ලිපියකින් වෙනත් දවසක හමුවෙනකම් ගිහින් එන්නම්.

25 comments :

  1. කතාව සුපිරියි ! g-)
    සඳකැන් ගීතයේ මේ ප්ලේ වෙන්න දාලා තියෙන එක මුල්ම රේකොඩින් එක වගේ තමයි ඇහෙන්නේ .
    මම ඒ රේකොඩින් එක ඇහුවමයි :-pi :-pi :-pi :-pi
    නැත්නම් නෙට් එකේ මට හම්බුනේ ඔක්කොම නිව් වර්ෂන් එක :-?

    ReplyDelete
    Replies
    1. h-( මටනම් ගහපුඅ ගමන් ආවා මේක :) බොහෝම ස්තුතියි මලේ

      Delete
  2. ඉස්තරම්..අහම්බෙන් ගොඩ උනේ.. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි M. දැන් පාර දන්නවනේ :)

      Delete
  3. ලස්සන ගීත දෙකක් සහ විස්තරයක්......
    අද තමා මේ පැත්තට ගොඩ වුනේ මුලින්ම.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි :) ආයේ එන්න දැන් පාර දන්නවනේ :)

      Delete
  4. මගේ ප්‍රියතම පද රචකයා . ඔහු හිටියානම් තවත් මොනතරම් සුන්දර ගීත ලියාවිද . ඒ වගේම ඔහු ඉතාමත් සරළ , සුන්දර අදහස් වලින් පිරුනු කෙනෙක් කියා අසා තිබෙනවා . ගීතය රසවිඳිමින් :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි :) මතක් වෙනකොට දුකක් එක්ක කෝපයක් එනවා. සුන්දර අදහස් ගැන හිතාගන්න පුළුවන් ලියා තිබෙන ගීත ගණනේ විවිධත්වය ගත්තම. පැහැදිළිවම අපුර්වතම මිනිසෙක් !

      Delete
  5. ප්‍රේමකීර්ති ද අල්විස් ගැන තවත් කතා බොහොමයක් තිබෙනවා.ඒ සියල්ලම ලියනතුරු බලා සිටිමි. :)

    ReplyDelete
    Replies
    1. දෙන්නම්.. g-) බොහෝම ස්තුතියි මචං :)

      Delete
  6. සිංදු ඇති යාන්තම් :) :) :)

    ReplyDelete
    Replies
    1. :-SS ඔන්න බනින්න කලින් ආවා.බොහෝම ස්තුතියි බඩී :) :) :)

      Delete
  7. හරිම ආසාවෙන්.. කියෙව්වා

    ReplyDelete
    Replies
    1. :) බොහෝම ස්තුතියි :)

      Delete
  8. ඉතාමත් අගනා ලිපියක් සහෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි :)

      Delete
  9. මරු මරු මරු! මේක උන්නැහැගෙම අත්දැකීමක් වෙන්ඩත් පුළුවං!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි හරේ ! :) ඔව් ඔව් එහෙම වෙන්ඩත් පුළුවන් ;-)

      Delete
  10. මමත් ආස ගීත රචකයෙක් තමා ප්‍රේම්.. ඒ වගේම මම ආසම සුසංයෝගය තමා ප්‍රේම් + වික්ටර්....

    ප්‍රේම්ගේ ගොඩක් සිංදු වගේම මේ දෙකත් එයාගේම අත්දැකීම් වෙන්නැති හරේ කිවුවා වගේ....

    ප.ලි - මේ දාලා තියෙන වික්ටර් රත්නායකයන්ගේ පින්තූරේ ටිකක් හුරුයි වගේ.... ;-)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සෝරෝ ! :) අනිවාර්යෙන්ම. එහෙනම් හුරුවෙන්න ඕනිනේ වික්ටර් ගී එකතුවේ මම දැක්කා මේක :D

      Delete
  11. mamath danna widiyata meka premakeerthi ge athdekeemak.
    HELP. sinhalen comment type karanne kohomada.

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් ගහන්න වින්ඩොව්ස් නම් තියෙන්නේ මෙන්න මේකට ගිහින් කියලා තියෙන එක කරලා බලන්න
      http://www.thelastrow.lk/topic/266-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%B8%E0%B7%90%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF/

      Delete
    2. එහෙම නැත්නම් මෙතනට තමයි යන්න වෙන්නේ.
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  12. අනේ මන්දා.... අහම්බෙන් බොක්කටම වැදුනා. දැන් සති කීපයකට කලින් ඉදන් ඔරිජිනල් එකයි ඩෙල් ස්ටූඩියො එකෛ දෙකම අහල තමයි නිදාගන්නෙ .......

    ReplyDelete
  13. නියමයි ,,,,තව දන්න දේවල් ලියන්න ...

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.