Sunday, May 19, 2013

පියෙකු නොමැති ලොව





ලොවම නිහඬ වෙන වෙලාව එනකන් බලාගෙන ඉන්නේ හිතට වදින සහ වැදුණු ගීතයක් දෙකක් අහලා නිදාගන්න යන්න . ඊයේ අහම්බෙන් වගේ ඕපන් වෙච්ච ෆෝල්ඩර් එකක තිබුණු ගීතයක් අහලා මතකය ඇදිල ගියේ අවුරුදු හතක අටක් හෝ ඊටත් වඩා පරණ අතීතයකට .

මම ගමේ පාසලෙන් නගරයේ ප්‍රසිද්ද පාසලට ඇවිත් අවුරුද්දු දෙකක් විතර යනකොට අපේ පංතියට අලුතෙන් ළමුන් කීප දෙනෙක්ම එකතු උනා . එයාලා පාසලට එන්න ඉඩ කඩ හොයාගෙන තියෙන්නේ විද්‍යාලයීය ක්‍රීඩා පාසලට ළමුන් බඳවා ගන්න අවස්ථාවේ . ඒ නැතුව ඒ පාසලට ළමුන් ඇතුලත් කරන්න ලේසි උනේ නෑ

මෙහෙම ආව අයගෙන් එකෙක් ටිකක් ඇඟපත තියෙන සද්දන්ත එකෙක් . අනිත් කෙනා බොහොම අහිංසක චරිතයක් . තව ගැහැණු ළමුන් දෙදෙනෙකුත් අපේ පංතියට ඒ එක්කෙම ආවා . මගේ කතාව ගොඩ නැගෙන්නේ පූර්වෝක්ත අහිංසක චරිතය වටා .

පාසලට ආව අය එක්ක අපි ඉක්මනටම සුහද උනා . මොකද අපේ අලුත් අය පරණ අය කියලා වෙනසක් තිබ්බේ නෑ. එකම රොත්තට තමයි පිස්සු කෙලින්නේ . එතකොට මම අට වසරේ . මෙයාලත් ආවේ අට වසරට . මෙහෙම කාලයක් යනකොට තමයි මේ මම කියන සහෝදරයාගේ තාත්තා නෑ කියලා අපි දැනගත්තේ .
අපි ඒ ගැන මොකවත්ම ඒකා එක්ක කතාකලේ නෑ . ඒකව තනිකලෙත් නෑ . සෙට් එකට දාගෙන පිට්ටනියේ සෙල්ලම් කරත් , ඉන්ටවල් එකට බත් කෑවත් ඔක්කොටම එකතුකරගත්තා . අපේ පංතියේ ඒ කාලේ මොනිටර් කෙනෙක් හිටියට දවස ගානේ වෙනම මොනිටර් කෙනෙකුත් පත්උනා නාම ලේඛනයේ පිළිවෙලට . එදාට එයා පන්තියේ වැඩ ටික බලලා හැමදාම ඉන්න මොනිටර්ට උදව් වෙන්න ඕන . ඒවගේම උදේට විනාඩි පහක විතර ඉදිරිපත් කිරීමක් පන්තිය ඉස්සරහා කරන්න ඕන . මේ සහෝදරයා පංතිය ඉස්සරහා ඉදිරිපත් කලේ මේ ගීතය .





අපි හැමෝම දැහැනකට සම වැදිලා වගේ අහගෙන හිටියා . කියන්න වචන නෑ ආයේ සුපිරියටම මේ සහෝදරයා ගීතය ගායනා කළා . එදා තමයි අපි දැනගත්තේ මෙයාට ගීත ගායනා කරන්න පුළුවන් කියලා . මම ඉතින් මේ සහෝදරයා එක්ක කතා කලා ටිකක් කොහොමද මචං කියලා පටන් අරගෙන . ඔහු සංගීතය වෙනමම ඉගෙන ගන්නවා කියලා කිව්වා . ඔහොම ඔහොම කතාකරලා හොඳ යාළුකමක් ඇති උනා .

අපි සංගීත පීරියඩ් වලදී එකට වැඩ කළා . පාඩම් කරන වැඩ ගායනය ,වාදන භාණ්ඩ පුහුණුවීම් එහෙම එකට කළා . මෙහෙම කාලයක් ගත්වෙනකොට අපි දහය වසරට ආවා . ඒ 2005 අවුරුද්දේ .
ඒ අවුරුද්දේ අපේ පාසලේ කළා මංගල්‍යය සංවිධානය වෙමින් තිබුනා .ඒ වෙනුවෙන් විවෘත තරඟාවලියක් පැවැත්වුනා විද්‍යාලයීය දක්ෂතම ගායකයා , ගායිකාව සහ වාදකයා තෝරන්න .

තරඟය අවසානයේ අන්තිමට එකම වයසේ තුන් දෙනෙක් තමයි ප්‍රථම ස්ථාන අරගෙන තිබුනේ . ඒ අතරේ මේ මම කියන සහෝදරයා , තවත් සහෝදරියක් සහ මේ පොස්ට් එක කොටන පුද්ගලයා ඇතුලත්වෙලා තිබුණා .
අපි තුන්දෙනාට වෙන වෙනම ඉදිරිපත්කිරීම් තුනක් කලා මංගල්‍යයේ වෙන්වෙලා තිබුනා . මම තෝරාගත්තේ මේ ගීතය




අර සහෝදරයා තෝරාගත්තේ එයා වෙනුවෙන්ම නිර්මාණය වූ නව නිර්මාණ ගීතයක් . හොඳම ගායිකාව විදියට තේරුණු සහෝදරිය තෝරාගත්තේ ඉතාම සංවේදී ගීතයක් .

2005 පෙබරවාරි හතරවෙනිදා අපේ නගරයේ නිදහස් උත්සවය සඳහා ජාතික ගීය ගායනය හා වාදනය පැවරිලා තිබුනේ අපේ පාසලේ සංගීත අංශයට . ඒ රාජකාරිය ඉවරවෙලා කළා උළෙලට පුහුණුවෙන්න අපි තුන්දෙනා සහ වාදනය ගායනය කරන්න හිටපු හැමෝම අපේ සංගීත මිස්ලගේ ගෙදර ගියා . ඒ මිස්ගේ හස්බන්ඩා සර් සංගීත අධ්‍යාපන අංශයේ ඉහල නිලධාරියෙක් . එතුමාගේ අධීක්ෂණය යටතේ තමයි පුහුණුවීම උනේ . පුහුණුවීම හොඳට කෙරුනා මොකද ප්‍රධාන ආරාධිත අමුත්තා උනේ ජාතික අධ්‍යාපන ආයතනයේ සංගීත අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එඩ්වඩ් ජයකොඩි මහතා නිසාත් එතුමාගේ ගීත කීපයකටත් සංගීතය සපයන්න අපිට ලැබිලා තිබුණු නිසාත් 

එදා ඔන්න ඉස්සෙල්ලාම කට්ටිය මාව ඉස්සරහට දැම්මා . මම ඉතින් මගේ වාදනය (ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්) ඉදිරිපත් කලා . ඒක ශේප් . දැන් අර සහෝදරයාගේ ගීතය ගායනා කෙරුනා . ඒ ගීතයේ ලියවිලා තිබුනේ තාත්තා නැති ළමයෙක් ගැන . මේ සහෝදරයා ඒ ගීතය ඉතාම හැඟුම් බරව එයාගේ හැගීම් යටපත් කරගෙන ගායනා කළා .

ගායිකාවගේ ගීතය ඊට පස්සේ ගායනා කරන්න පටන් ගත්තා . ඒ ගීතයේ ආරම්භක වාදනය ( Introduction ) ආරම්භ කරන්න තිබුනේ මට . මුළු පරිසරයම නිහඬ උනා . වයලීන් එකේ අන්තිම මන්ද්‍ර ස්වරයටම යන්න මේ වාදනය නිර්මාණය වෙලා තිබුනා . ගීතය ගායනා වෙන අතරේ මමත් වයලීන් එක කරගහගෙන ඉන්නකොට තමයි දැක්කේ අර සහෝදරයාගේ ඇස්වල කඳුළු . ටික ටික ඇස්වල දිලිසීම වැඩිවෙනකොට ඒ සහෝදරයා බිම බලා ගන්නවා . ඒවා එහෙමම වෙත්දී අපි අනිත් ගීතත් පුහුණු උනා .

පුහුණුවීම ඉවර වෙනකොට රෑ 11 හෝ 12 විතර . එදා ඒ සර්ලගෙ ගෙදර අපි නැවතුනා . මමයි මේ සහෝදරයයි තව අපේ වයසේ වයලීන් ගහන්න මට සහයවෙන්න ඉන්න සහෝදරයෙකුයි තුන් දෙනාම එක ඇඳක හිටියේ . ටිකක් වෙලා යනකොට එක්කෙනෙක් කතාව පටන් ගත්තා . ඉස්කෝලේ අනංමනං .

ඔහොම ඔහොම යනකොට මේ ගායනා කරන සහෝදරයා එක පාරටම එයාගේ තාත්තා ගැන කියන්න ගත්තා . එයාගේ තාත්තා සබරගමුව මහ සමන් දේවාලයේ මොහොට්ටාල කෙනෙක් . මේ සහෝදරයා ඉස්කෝලෙ එකවසරට භාර දුන්නු දවසේ තමයි තාත්තා මෙලොවින් සමු අරන් තියෙන්නේ . දරුවෝ දෙන්නත් එක්ක තනිඋන අම්මා එයාල වෙනුවෙන් කරපු දේවල් ගොඩක් ඒ සහෝදරයා කිව්වා . අපි මොකුත් නොකියා අහගෙන හිටියා . එයාලට ආර්ථිකය අතින් එච්චරම අග හිඟකම් තිබුනේ නෑ . එත් තාත්තා නැති අඩුව කොහොම මකන්නද . ඒ සහෝදරයා දුකෙන් කතා කලේ, තමා හෙවනක් නැතුව අවුවේ මිරිකෙමින් ජීවිතය ඇදගෙන යන්න දඟලන පුංචි පැළයක් වගේ ජීවත් වෙනවා කියාගෙන .

පොඩිකාලේ එයාව ඉස්කෝලේ එක්ක ගියේ අම්මා . ඒ වගේම එයාගේ හැම දෙයක්ම කලෙත් අම්මා කියල අපිත් එක්ක කිව්වා . සංගීතය ඉගෙන ගන්න එයා අරගෙන තිබ්බ වයලීන් එක දවසක් බස් එකේදී කවුද හොරෙන් අරගෙන ගිහින් තිබුනා . ඒ වගේ දුක්මුසු කතා ගොඩක් අපිට අහන්න ලැබුනා . අපි කතාව වෙන පැත්තකට හරවන්න හැදුවත් මේ සහෝදරයා "අහපන්කෝ අහපන්කෝ" කියා කියා දිගටම කතා කළා .





කළා මංගල්‍යයේ දිනය උදා උනා . අපි තුන්දෙනාට සහතික සහ කුසලාන ලැබුණා . ඒවා දෙන්න එදා ප්‍රධාන අමුත්තා විදියට ඇවිත් හිටියේ අපි කවුරුත් හඳුනන එඩ්වඩ් ජයකොඩි මහතා සහ චරිතා ප්‍රියදර්ශනී මහත්මිය . ඒවා දීලා අවසානයේ අපේ ඉදිරිපත් කිරීම් තිබුනා .

මගේ සහ අර සහෝදරයාගේ ඉදිරිපත් කිරීම ඉවර උනාට පස්සේ ගායිකාව එයාගේ ගීතය ගායනා කරන්න මුල පිරුවා . වයලීනයේ හා බටනලාවේ දුක්මුසු මන්ද්‍ර හඬ කැටි කරගෙන ගීතය ගායනා වෙනකොට තාත්තා නැති දුක තනිය හිතේ රඳවාගෙන ඉන්න බැරුව මේ සහෝදරයා කඳුළු සලන්න ගත්තා . වාදනය කරන අතරේ අපි හැමෝම ඒ සහෝදරයාගේ කඳුල වෙනුවෙන් හදවතින්ම දුක්වෙමින් ඒ වාදනය සහ ගායනය ඉදිරිපත් කළා .
හරිම සංවේදී වස්ථාවක් උනා ඒක . 


දැන් ඒ සහෝදරයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබාගෙන තියෙනවා .

මේ ඔහු සහ අපි හැමෝම හැඟුම් බර ලෝකෙකට  අරගෙන ගිය අපේ විද්‍යාලයේ දක්ෂතම ගායිකාව තමන්ගේ දස්කම් පෙන්වන්න ගායනා කරපු දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ ගීතය .





පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව 
දූ දරුවන් හිනැහී ඇතිදෝ 
උන්ගේ සිත රැඳී තනිය මකන්නට 
මවුනට කවදා හැකි වේදෝ 

හිරුමඩලක් සේ කිරණ බෙදා දී 
නුගසේවනක් සේ සිසිල සදා දී 
ජීවිතයේ බර උරින් දරා 
පියවරුමයි ලොව මහසයුරක් වී 
පොලොව නිවාලන්නේ 

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා 
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදුවන මවුනට
ඒ විවරණ දෙන්නේ 

ගීතයේ පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී මහතා



තනුව හා සංගීත නිර්මාණය රෝහණ වීරසිංහ මහතා



ගායනය දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය


මේ ගීතය ඇහෙන වාරයක් ගානේ මට මේ සිද්දිය මතක් වෙනවා .
අපි නොහිතන වෙලාවක නොහිතන විදියට සමහර ගීත අපේ මතකය ඈතට අරගෙන යනවා .

18 comments :

  1. බොහොම සුන්දර පෝස්ටුවක් හිතට තදින්ම කාවැදුණා මේ ලිපිය. ස්තුතියි.

    ReplyDelete
  2. මං හිතුවේ මේක සින්දුගේ කියල මුලින්ම කියවද්දී.... ලස්සනයි :) හිතට වදින්න ලියල තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. සිංදු බිසී මේ දවස්වල ;)

      Delete
    2. හයියෝ ඉඳලා වැඩක් නෑ =D>
      කමක් නෑ ඉතින් . අපි දෙන්නගෙම කියලා හිතාගෙන කියවන්නකෝ :-f
      බොහොම ස්තූතී ! :-))

      Delete
  3. කතාවට :(( අර කෙට්ටු මල්ලිද බං ඔය ? කලුයි ටිකක්, හිනාවෙලා ඉන්නේ ? උඹට සංවේදී වුනු ඒ සිද්ධිය අපිටත් එතන බලාගෙන හිටියා වගේ දැනුනා. :-h . කවදත් වගේ සුපිරි ! g-) :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිනිහා සුනාමි ගීතයට එහෙම හිටියා . සියවසේ ඒවටත් හිටියා .
      මට විතරක් නෙවේ එදා ප්‍රක්ටිස් කරත්දී _ _ _ ගේ ලොක්කටත් අවුල් .
      බොහොම ස්තූතී ....!
      :) :) :) :) :) :)

      Delete
  4. දැනුනා.. රහයි.. දෙයක් අහිමි උනාම තමයි වටිනාකම තේරෙන්නේ.. ඕනම දෙයක් මෙන්ම පුදගලයෙක්...

    ReplyDelete
    Replies
    1. සිරාවටම g-)
      ඒ සහෝදරයා කිව්වේ "මට තාත්තා නැති අඩුව දැනෙන්නේ පොඩි කාලේ නෙවෙයී දැන්" කියලා .

      Delete
    2. බොහොම ස්තූතී මාතලන්........????
      මාමේ නෙහ් ? ඔව් ඔව් මාමා තමයි :)) :)) :))

      Delete
  5. Replies
    1. ආ.....ලෝ ෆෙරේ..න්ඩ්
      බොහොම ස්තූතී ආ........ :))

      Delete
  6. අපෙත් ඔය වගේ හිටිය අම්ම නැති කෙල්ලෙක්. අපි ට්‍රිප් යද්දි මාරම අමාරුවෙන් අම්මල ගැන කියන සිංදු ෆිල්ටර් කරෙගෙන අනිත් එව්ව කියන්නේ.
    ලස්සන පෝස්ට් එක. මමත් ඉස්සෙල්ල හිතුවෙ සිංදුවගෙ කියල

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හොඳයි . මේ මිනිහට තාම මතක නෑනේ......!
      =D> =D> =D> =D> =D>
      දර්ශන ප්‍රභාත් කියන්නේ වයලීනෝ වයලීනෝ වයලීනෝ
      සිංදුවා කියන්නේ සිංදුවා සිංදුවා සිංදුවා .
      හිහිහිහිහිහිහිහිහිහි
      බොහොම ස්තූතී අයියේ....!

      Delete
  7. සින්දුව කියපු ගැනු ළමය එක තොර ගනිද්දී දැනන් ඉඳල නැද්ද මේ ළමයාගේ තාත්ත නැහැ කියල?

    ReplyDelete
    Replies
    1. තාත්තා නෑ කියලනම් දන්නවා . එත් මේක මුළු ඉස්කෝලෙම ඉස්සරහා කරන කළා උළෙලක් නිසා තනි පුද්ගලයෙක් වෙනුවෙන් ගීත වරණය කරන්න බෑනේ . :-bb :-bb :-bb :-bb
      අර ගායිකාවට තේරිච්ච ගෑනු ළමයා කැමතිම ගීතය එක . එයා තරඟයෙන් දිනපු ගීතය . එක නිසා මෙතන එහෙම අවුලක් නම් තිබ්බේ නෑ . :-? :-? :-? :-? :-? :-?

      Delete
  8. දන්න කතා උනත් හිතපු නැති විදියට ආයේ මතක් කළා.වයලීනෝ ආයේ free වෙලා වගෙයි...:D s)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං . අපි පාඩම් කරන්නේ fb එකේනේ . :p :p :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.