අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

පොස්ටුවක් ලියන්න හදනකොටම ඔන්න ඉතිං කියවනවා තවත් කෙනෙක්ගේ පොස්ට් එකක්. ඒකේ තියෙන කරුණකින් මෙච්චරවෙලා වැඩ කළ කැසට් පීස් එක සම්පුර්ණයෙන් වෙනස්...

I wonder if you can

පොස්ටුවක් ලියන්න හදනකොටම ඔන්න ඉතිං කියවනවා තවත් කෙනෙක්ගේ පොස්ට් එකක්. ඒකේ තියෙන කරුණකින් මෙච්චරවෙලා වැඩ කළ කැසට් පීස් එක සම්පුර්ණයෙන් වෙනස් වෙනවා.බාගෙට ලියපු පොස්ට් එක draft එකේ තියලා ආයෙත් අර අලුතෙන් පෙරළි කරන සින්දුවට හිතයනවා. ඒකට පොස්ට් එකක් මේ විදියට ලියවෙනවා.

මේකට මුල් වෙන්නේ තෙලස්ට්‍රොවේ රොසා කොලුවා පල කරපු සිංහල කතෝලිකයෙක් කියන පොස්ටුව.
පොස්ටුවේ අන්තර්ගතය ගැන මම ආයෙත් කතා කරන්නේ නෑ.ඒ පොස්ටුව නිසා මතක්වුණු ගීතයට මම කෙලින්ම යන්නම්.



ජෝන් ලෙනන් (John Lennon) කියන්නේ ද බීට්ල්ස් The Beatles කියන රොක් බෑන්ඩ් එකේ හිටපු ගායකයෙක් සංගීතඥයෙක් වගේම ගීත රචකයෙක්. එකදාස් නවසිය හැට හැත්තෑ ගණන් වල මේ අය මාරම ප්‍රසිද්ධලු. මාරම කියන්නේ ඉතාමත් මාරම. මෙයාලගේ ප්‍රසිද්ධතාවයත් මුළු ලෝකේ පුරාවටම මාරම විදියට වේගයෙන් වැඩි වුනාලු.

ඒ වගේම මේ ලෙනන් කෙලින් කතා කරන පෙරළිකාර අදහස් තියෙන මනුස්සයෙක්ලු. ඒ වගේම එයාලගේ ප්‍රසිද්ධිය නිසා ඕනවට වඩා අසාමාන්‍යලෙස අභිමානයකින් හිටපු කෙනෙක්ලු. එංගලන්තයේ මෙයාලා රාජකීය සෙට් එකට තියලා තියෙනවා ෂෝ එකක්. කවුරුත් දන්නවානේ එංගලන්තේ ඔය කිව්ව පවුලට කවුරුවත් එහෙම මොකුත් කියන්නේ නෑනේ. මම කිව්වේ බනිනවා හින්ට් ගහනවා අඩුයි වගේනේ.නැත්තේමත් නෙවෙයි එත් අඩුයි. ඉතිං මේ ෂෝ එකේදී ලෙනන් මේ රාජ්‍ය මට්ටමේ ප්‍රභූවරු ඉස්සරහා ඔක්කටම කියනවා..
"අපේ මීලග ගීතයට අපිට හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. ලාභ ටිකට්(මුදල අඩු) ගත්ත අය හයියෙන් අත්පුඩි ගහන්න ඕනි. එතකොට අනිත් සම්භාව්‍ය කට්ටිය ඔබේ ආභරණ එකට ගටමින් ඔබේ සහයෝගය පල කරන්න"
මාරයි නේ.

කොහොම වුනත් ඔය සුද්දන්ගේ තියෙන ඩ්‍රග් සීන් ඉතිං මෙයාටත් තිබුනා කියලයි කියන්නේ.කොහොමවුනත් ලෙනන් කසාද බැඳලා හිටියේ ඉස්කෝලේ කාලේදී සෙට්වුනු සින්තියා ලෙනන් Cynthia Lennon වයි මුලින්ම.



ඒකෙන් එයාලට හම්බවුනු ළමයට ඒ කිව්වේ ජූලියන් ලෙනන්ට අවුරු පහක් වෙද්දී ලෙනන් මේ බිරිඳව අත් හරිනවා.
පස්සේ සාපේක්ෂතාවය ඉගනගන්න හිතිලද කොහෙද ලෙනන් ආයෙත් කසාද බඳීනවා යොකො ඔනෝ Yoko Ono . ඇයටත් මියුසික් පුළුවන් ජපන් කාන්තාවක්ලු. ලෙනන් ඇයව හඳුවලා තිබුනේ
"කවුරුවත් දන්නේ නැති ලෝකයේ ජනප්‍රියතම කලාකාරිය"(the most famous unknown artist in the world )
කියලලු.





මේ විවාහයෙන් පස්සේ ලෙනන් නම වෙනස් කරනවා "ජෝන් ඔනෝ ලෙනන්" කියලා.
පස්සේ මේ සැමියයි බිරිඳයි එකතුවෙලා කරනවා ඇල්බම් එකක් Double Fantasy කියලා.

ලෙනන්ගේ ගීත දේශපාලනය, දේවවාදය, වියට්නාම් යුද්ධය වගේ හැම දෙයක් ගැනම විවේචනය කරපු ඒවා වුනා. ඉතිං එහෙම කෙනෙක්ට ගොඩක් බලපෑම් කටුක අත්දැකීම අනිවාර්ය දෙයක් වෙනවනේ. ඉතිං මේ ලෙනන් කොච්චර ජනප්‍රියත්වය නිසා උමතුවෙන් හිටයද කියල කිව්වොත් මෙයා වරක් ප්‍රකාශයක් කරනවා Evening Standard වාර්තකාරියක් වු මොරින් ට්‍රීව්ට
"ක්‍රිස්තු ධර්මය පලායාවී,අමතක වී යාවි මන්ද අපි යේසුස් වනසේටත් වඩා ජනප්‍රියයි"
මේක ඇමරිකාව ඒ දවස්වල ගිනි තිබ්බා වගේ වුනාලු.පස්සේ මෙයාට මරණ තර්ජන පවා ආවලු.

කොහොම වුනත් ඔහොම කල් ගෙවිලා යනවා. ලෙනන්ට අවුරුදු 40ක් පමණ. අර මම කිව්ව Double Fantasy ඇල්බය නිකුත්වෙලා සති තුනක් විතර යනවා. රසිකයෝ ඇල්බම් උස්සන් ඇවිත් අත්සන් ගන්න. ඒ වෙලාවේ එක රසිකයෙක්ගේ ඇල්බම් එක අරං සයින් කරන ගමන් ලෙනන් අහනවා
" ඔයාට මගෙන් අවශ්‍ය මෙපමනද ? "

ඇත්තටම ඒ රසිකයා කියලා කියපු කෙනාට ඊට වැඩි යමක් ඕනිවෙලා තිබිලා. ලෙනන් ඔනෝ එක්ක එයාගේ නිවසට ඇතුළු වෙන්න එනකොට පිටි පස්සෙන් එන මේ රසිකයා වෙඩි පහරවල් හතරක් ලෙනන්ගේ සිරුරේ තැන්පත් කරනවා.

කොහොමවුනත් මම අද කියන්න යන ලෙනන්ගේ ගීතය අර පොස්ටුවේ තියෙන කරුනුවලටත් වඩා ගැලපෙන්නේ කොමෙන්ටුවල තියෙන අදහස් වලට. එකේ කොමෙන්ටුවක් තිබුනා මේ පොලව උඩ ඉන්නේ මිනිස්සු කියලා අය මිසක් ආගමක් ඉපදෙනකොට ගෙනාපු නැති බව. දැන් කොමෙන්ටු, පොස්ට් කියවපු නැති හැමෝම ඒවා කියවන්න තෙලස්ට්‍රොවට දුවන්න කලින් එහෙනම් සිංදුව අහලා ඉන්න.

සිතාගන්න ඉහලින් අහස මිස දෙව් ලොවක් නෑ කියලා
ඒ වගේම පහලින් අපායක් නෑ කියලා
ඔබ උත්සහ කලොත් ඒක ලේසි වේවි
සිතන්න හැමෝම ජීවත් වෙන්නේ අද වෙනුවෙන් කියලා


සිතාගන්න රටවල් ආගම් කියල දෙයක් නෑ කියලා
ඒක අමාරු දෙයක් නෙවෙයි
ඒ නිසා කාවවත් මරන්නවත් කාටවත් මැරෙන්නවත් ඕනි නෑ
සිතන්න හැමෝම සාමයෙන් ජීවත් වෙනවා කියලා

ඔබ කියයි මම සිහින දකින්නෙක් කියලා
ඒත් මම විතරක් නෙවෙයි එහෙම හීන දකින එකම එක්කෙනා
මම හිතනවා ඔයත් දවසක අපිට එකතු වේවි
ලෝකයම එකා වගේ හිඳීවි

සිතාගන්න දේපල, අයිතිය කියලා දෙයක් නෑ කියලා
ඔබට ඒක පුලුවන්නම් මම දැනගන්නට කැමැත්තෙන් සිටිනවා
තණ්හාව සාගින්න නැතිවේවි
හැමෝම සහෝදරත්වයෙන් එකාවගේ හිඳීවි
සිතන්න හැමෝම හැමදේම බෙදාහදාගෙන ජීවත් වෙනවා කියලා


Imagine there's no heaven
It's easy if you try
No hell below us
Above us only sky
Imagine all the people living for today

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion too
Imagine all the people living life in peace


You, you may say
I'm a dreamer, but I'm not the only one
I hope some day you'll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man
Imagine all the people sharing all the world


You, you may say
I'm a dreamer, but I'm not the only one
I hope some day you'll join us
And the world will live as one


තේරුම වැරදියිනම් නිවැරදි කරන්න.මම හිතන්නේ වැරදුනොත් ගොඩක් වෙලාවට I wonder if you can කියන තැන වෙන්න ඕනි.

11 comments:

  1. මෑන්ගෙ කාන්තා රසවින්දනයත් හොඳයි වගේ. මම අ.පේ. කියන දේවල් නම් මෙතන කියන්න එන්නෙ නෑ පුතේ. මේව කියවන ජනතාව ගැන හරි අවබෝධයක් නැතුව එහෙම කමෙන්ට් කරන්න ගියොත් උඹේ පෝස්ට් එකත් නරක් වෙන තරමෙ කමෙන්ට් එන්න පුලුවන්.
    මට සරලව කියන්න තියෙන්නෙ උඹ උඹේ රාජකාරිය හරියට කරනවා. සිංදු කියන්න බැරි නම් {මම දන්නෙ නෑ උඹට පුලුවන්ද බැරිද කියලා. හම්බුන දවසක බලමුකෝ} අනිත් මිනිස්සුන්ට ඒක කරන විදිය කියල දෙන එකෙන් කරන්නෙ ඊටත් වඩා යහපත් දෙයක්

    ReplyDelete
    Replies
    1. හඃ හඃ සිරාවටම ඒ වගේ තැනක් මටත් හම්බේ වෙලා නෑ මචං. ගෙදර වගේ සයිට් එක. මගේ පොස්ට් වල කියවපු ගාන වැඩි වුනාට හැමදාම වැටෙන එකම කොමෙන්ට් එක වැටෙන්නේ උඹෙන් :D ! බොහොම ස්තුතියි උකුස්සා !

      Delete
  2. මචන් ඩුප්ලිකේට් එකකුත් වටෙනව වගේ හැම පෝස්ට් එකකටම. මාර්ච් වල පෝස්ට් දෙකක් පෙන්නුවට එකයිනේ තියෙන්නේ. මටත් මේ පෝස්ට් එකේම Untitled එකක නොටිෆිකේශන් එකකුත් ආව

    ReplyDelete
    Replies
    1. Untitled එකක් එන්නේ මම දාන පොස්ට් වල summary එක නිසා මචං (නවතම මියැසි ගොනුව) . මුල්ම පිටුවේ තියෙන්නේ latestම පොස්ට් තුනේ highlight එකක් :) . ඒක පොස්ට් එකක් විදියට වැටෙන්නේ ඒකයි නොටිෆිකේෂන් එන්නේ.

      Delete
  3. මේකේ කියන දේත් ඇත්තක් තියනවා. එහෙම උනත් එක එක මිනිස්සු බලන්නේ විවිධ විදියට. ගොඩක් වෙලාවට ආගම් නිසා තමයි යුද්ධ ඇති උනේ. ආගමේ නාමෙන් කොච්චර නම් ඝාතන සිදුවෙනවද දැනටමත්. එහෙම හිතනකොට මේකෙන් කියවෙන දේ ඇත්ත කියල හිතෙනවා. ඒත්.....???

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ආගම නැත්නම් මම හිතන්නේ මිනිස්සු පිරිහිලා.
      උඹ කිව්වා වගේ දැන් අවුල තියෙන්නේ සමහර ආගම වලිනුත් මිනිස්සු පිරිහුණු එක.
      බොහොම ස්තුතියි :D

      Delete
    2. රටේ ප්‍රශ්නෙ ආගම් නෙවෙයි – මොංගල් ආගමිකයන්
      .
      * අන්ත්වාදී බෞද්ධව හැසිරෙන්නෙ ඌ සර්වඥ වෙලා වගේ – ඌ කියන දේවල් විතරයි මේ ලෝකෙ හරි. අනිත් ඔක්කොම වැරදියි
      * අන්තවාදී හම්බය හැසිරෙන්නෙ ඌ නබි වගේ – ලෝකෙම ඉස්ලාම් කරන එක ඌ භාර අරන්
      * අන්තවාදී දෙමල හැසිරෙන්නෙ ඌ ඊශ්වර අවතාරෙ වගේ – කාබාසිනිය කරනව විතරයි
      * අන්තවාදී කතෝලිකය හැසිරෙන්නෙ ඌ ජේසු තුමාටත් වැඩිය දන්නව වගේ – ගෙයින් ගෙට ගිහින් ලෝකෙම ස්වර්ගස්ත කරන්න හදනවා
      .
      යකෝ තමන් කැමති ආගමක් අදහගෙන පාඩුවෙ හිටපල්ලකෝ ශාස්තෘවරුන්ගෙ සේල්ස් රෙප්ල වෙන්න යන්නෙ නැතුව
      _____________________________________________________________________
      ඔන්න ඕකයි මම තැනක දැක්ක හොඳම පිලිතුර ඇපල්ගෙ කතාවට කියන්න තියන

      Delete
  4. "යකෝ තමන් කැමති ආගමක් අදහගෙන පාඩුවෙ හිටපල්ලකෝ ශාස්තෘවරුන්ගෙ සේල්ස් රෙප්ල වෙන්න යන්නෙ නැතුව" : උකුස්සාගේ කොමෙන්ටුවට එකග වෙමි :)

    ReplyDelete
    Replies
    1. ඔබට තුති බඩ්ස් !

      Delete
    2. අනේ අම්මේ..........
      මෙන්න මරාගන්නවෝ..........
      =D> =D> =D> =D> =D>

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.